Pages

Sunday, September 20, 2015

ඇත්තටම මං ෆොටෝ ගන්න එකෙක්ද..?





කැමරාවක් එල්ලගෙන ඒකටම හරියන නමක් දාගෙන බ්ලොග් එකක් ලියන නිසා සමහරු හිතන්න ඇති මං ෆොටෝ ගැහිල්ල ගැන ලියන්න හදනවා කියලා. තව සමහරු හිතනවා ඇති මූ වෘත්තීය ඡායාරූප ශිල්පියෙක් වෙන්න ඇති ඒ නිසා කන කටු ගැනයි, බැනුම් අහන ඒවා ගැනයි ලියන්නෙ කියලා. ඔන්න ඔය තියෙන වැරදි වැටහීම නැති කරන්න ඕනෙ නිසා තමයි මේක ලියන්න හිතුවෙ.


මුලින්ම කියන්න ඕනෙ මේ බ්ලොග් එක ලියන්න පටන් ගත්තෙ ෆොටෝ ගහන හැටි උගන්වන්න නම් නෙවෙයි. ඒ දේ නම් මට කොහෙත්ම කරන්න බෑ. මොකද ඒ වගේ දේකට මං සුදුසු නැති නිසා. කැමරාවක් අරගෙන ෆොටෝ ගහන්න පුළුවන් උනාට උගන්වන්න මට බෑ කියන එක මං හොඳටම දන්නවා. එහෙම වෙන්න හේතුව තමයි මං ඡායාරූපකරණය ගැන කිසිම පාඨමාලාවක් හදාරලා නැති එක. අඩුම තරමෙ මූලික පාඨමාලාවක්වත් හදාරලා නෑ. ඉතින් ඒ වගේ සුදුසු කමක් නැතුව කිසිම වෙලාවක ෆොටෝ ගැහිල්ල ගැන උගන්වන්න බෑ කියන එක මං දන්න නිසයි මේ බ්ලොග් එක පාඩම් මාලාවක් ගේන එකක් නොවෙන්නෙ.

දැන් අහන්න පුළුවන් ඇයි මෙච්චර පාඨමාලාවන් තියෙද්දි එකක්වත් හැදෑරුවෙ නැත්තෙ කියලා. ඒකට දෙන්න ඕනෙ උත්තරේ නම් "උවමනාවක් නැති කම" කියලා කියන්න ඕනෙ. මේ ෆීල්ඩ් එක වෘත්තියක් විදිහට කරන්න කිසිම වෙලාවක අදහසක්වත්, ඒකට නිදහසක්වත් නැති කම තමයි ඒකට හේතුව. අවංකවම කියනවා නම් මේක මගේ වෘත්තිය කරගන්න මං ඇත්තටම ආසයි. ඒත් ඒක නොකරන හේතුව අන්තිමට කියන්නම්. යම්කිසි ක්ෂේත්‍රයක නිරත වෙන්න පාඨමාලාවක් හදාරන්න අවශ්‍ය වෙන්නෙ නැති නිසා සහතිකයක් ගන්න උවමනාවක් ඇතිවුනේ නෑ.

එතකොට ෆොටෝ ගහන්න දැන ගත්තෙ කොහොමද කියලා අහන්නත් පුළුවන්නේ. ඇත්තටම ෆොටෝ ගහන්න කියලා ඉස්සල්ලම කැමරාවක් අල්ලනකොට මට වයස අවුරුදු 11ක් වගේ ඇති. අපෙ පුංචි අම්මා කෙනෙක් රට ඉඳන් එද්දි ගෙනාපු Yashica Auto Focus නෙගටිව් රීල් දාන කැමරාවෙන් තමයි මං ඒ කාලෙ ෆොටෝ ගැහුවෙ. උඩ ෆොටෝ එකේ තියෙන්නෙ ඒ කැමරා එකක් තමයි. තාමත් සමහරු ලඟ ක්‍රියාකාරී තත්වයෙන් තියෙන ඔය කැමරා ඇති. ඕකෙන් ෆොටෝ ගැහුවට කාගෙන්වත් අහලා දැනගෙනවත්, බලාන ඉඳලාවත් නෙවෙයි මං පුරුදු උනේ. අඩුම තරමෙ ශටර් බටන් එක මේක කියන්නවත් දන්නෙ නෑ. ඒත් මං ෆොටෝ එක ගහන්නෙ මෙහෙමයි කියන එක තනියම දැන ගත්තා. ඒ වගේම ඕකට රීල් දාන හැටිවත් මට කවුරුවත් කියලා දුන්නෙ නෑ. අප්පච්චි වැඩ ඇරිලා එන ගමන් රීල් එකක් ගෙනත් දීලා කිවුවා ඕක කැමරාවට දාන්නකො බලන්න කියලා. කැමරාවත් අරන් පැත්තකට වෙලා ඉඳගෙන කල්පනාකරලා යන්තම් රීල් එක දාගෙන පටන් ගත්තු ගමන තමයි මේ.

එතකොට SLR වලට පුරුදු උනේ කොහොමද. ඒක නම් සිද්ද උනේ මගෙ යාලුවෙක් නිසා. 2009 දි තමයි ඉස්සල්ලම SLR කැමරා එකක් අතට ගන්නෙ. එහම උනත් ඒ වෙනකොට අහුවෙන හැම එකම කියවන පුරුද්ද නිසා කැමරා ගැනයි, ඡායාරූප ක්ෂේත්‍රය ගැන තියෙන ලිපි එහෙම කියවලා ඒ ගැන සාමාන්‍යයෙන් දැනගෙන හිටියෙ. ඒ වෙද්දි මගෙ යාළුවට ස්ටුඩියෝ එකක් තිබුණා. මිනිහා ලඟ Nikon FM10 SLR දෙකක් තිබුණා. එතකොටත් DSLR කැමරා වෙළඳ පොලේ තිබුණත් ඒකක් ගන්න එක නම් හීනයක් තමයි මිලත් එක්ක. ඉතින් ඔය කාලෙදි මට නිවාඩු වෙලාවක යාළුවට වෙඩිමක් සෙට් වෙලා තිබුණොත් පොර මාවත් ඇදගෙන ඕකට යනවා. ඔය යන වෙලාවල් වලට මුලින් මුලින් කැමරාව දීලා පොඩි පොඩි ශොට් ගහන්න දුන්නා. ඊට පස්සෙ ටික ටික වෙඩින් එකෙන් බාගයක් කවර් කරන පටන් ගත්තා යාළුවත් එක්කම. ඔය රීල් දාන කැමරා එකෙන් පුරුදු උන එක දෙයක් තමයි ශොට් වේස්ට් කරන්නෙ නැතුව ගෲප් ෆොටෝ එකක් උනත් එක ශොට් එකෙන්ම ගන්න එක.

අවුරුදු 4ක් 5ක් විතර SLR එක පාවිච්චි කරද්දි DSLR වල මිල අඩු උනාට පස්සෙ යාළුවා ගත්තා Nikon D90 DSLR එකක්. ඕක තමයි මං ඉස්සරෝම අතට ගත්තු DSLR එක. හැබැයි ඉතින් හොඳම දේ තමයි පොර ඒක ගත්තට ඒකෙ තියෙන සමහර දේවල් පොරට කියලා දුන්නෙ මම. එහෙම උනේ ඒ වෙද්දි DSLR ගැන කරුණු හොයාගෙන කියවලා තිබුණු නිසා. ඔන්න ඔතන ඉඳන් තමයි මේ ගමන DSLR එක්ක එන්න පටන් ගත්තෙ.

දැන් නම් ඉතින් Nikon, Canon කියලා වෙනසක් නෑ දෙකම පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම 2008 ඉඳන්ම Video කැමරා පාවිච්චි කරන්නත් පුළුවන්. මේ දේවල් තනියම ඉගෙන ගත්තා වගේම Photoshop වගේ Photo Editing Software ගැනයි, Premiere, Pinnacle වගේ Video Editing Software ගැන ඉගෙනගත්තෙත් තනියම තමයි. කාගෙන් හරි කමක් නෑ දෙයක් අළුතෙන් ඉගෙන ගන්න තියෙනවා නම් අහලා දැනගෙන ඒ දේවල් එකතු කරගන්න නිසා තාමත් මං මේ ගැන ඉගෙන ගන්නවා.

ඉතින් ඔන්න ෆොටෝ ගහන හැටි ගැන කියන්න තරම මං වෘත්තීය ඡායාරූපශිල්පියෙක් නෙවෙයි කියන එකට හේතු කිවුවා. මං ලඟ තියෙන්නෙ මේ ගැන අත්දැකීම් ගොඩකුයි, වැරදි වැරදි ඉගෙන ගත්තු පලපුරුද්දයි විතරයි. ඒ වගෙම මං තාමත් නිවාඩු වෙලාවට යාළුවත් එක්ක පොරගෙ ගෝලයා විදිහට වෙඩින් වලට යනවා. මට ඉගෙන ගන්න දීපු අත අමතක කරන්න බැරි නිසා. අනික ඒකෙන් මං තාමත් ඉගෙන ගන්නවා.

දැන් හිතනවා ඇති ඇයි මං කලින් පෝස්ට් එකෙදි වගේ ඡායාරූප ශිල්පීන්ට වෙන අසාධාරණකම් ගැන ලියන්නෙ කියලා. ඕකට පොඩි උදාහරණයක් දෙන්නම්. කවුරුහරි කෙනෙක්ගෙන් ඇහුවොත් ඇයි රට ජාතිය වෙනුවෙන් ඉදිරිපත් වෙන්නෙ කියලා ඕකට දෙන උත්තරේ වෙන්නෙ අපි ඒ දේවල් වලට ආදරේ නිසා කියන එක. ඒ වගේම තමයි මමත් මේ ෆීල්ඩ් එකට ආදරෙයි. ඒ ආදරේ නිසා මෙක විනා වෙනවා දකින්න කැමති නෑ. ඒ නිසා මේ ෆීල්ඩ් එක මගෙ රස්සාව නොවුනත් මේක රැකගන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ඒ දේ කරනවා.

අන්තිම කාරණාව. ඇයි මං මේ දේ රස්සාව විදිහට කරන්න කැමති නැත්තෙ කියන එක. සාමාන්‍යයෙන් කතාවට කියන්න කලාකරුවන් කියන්නෙ හිතහොඳ මිනිස්සු කියලනෙ. මේ ෆීල්ඩ් එකේ ඉන්නෙත් කලාකරුවන් තමයි. ඒත් මං දැකලා තියෙන විදිහට ඉරිසියාවෙනුයි, කුහක කමෙනුයි පිරුණු මිනිස්සු වැඩියෙන්ම ඉන්නෙ මේ ෆීල්ඩ් එකේ කියන එක. හොඳ මිනිස්සු නැතුව නෙවෙයි. ඒ උනත් වැඩිපුරම ඉන්නෙ තවකෙනෙක් ඉස්සරහට එනවට කැමති නැති පිරිසක්. ඉතින් මේ කුණුගොඩට බහින්න අකමැති නිසයි මේක විනෝදාංශයක් විදිහට විතරක් කරන්නෙ.

අන්තිමට කියන්න තියෙන්නෙ මං ඉඳලා හිටලා වෙඩින් එකක ෆොටෝ ගන්න එකෙක් විතරයි කියන එක….

118 comments:

  1. අදත් මම එක. හැක්. හිටහං ගිහින් පෝස්ට් එක කියවලා එනකල්.

    ReplyDelete
    Replies
    1. කැමා,
      ඔය කෝස් කරලා ඉගෙනගත්ත ඒවට වඩා අපිම අමාරුවෙන් වැරදි වැරදී ඉගෙනගන්න දේවල් සෑහෙන්න වටිනවා. ඒවා අර කෝස් කරලා ගන්න දැනුමට වදා වැඩියි. උඹ ඔය කෝස් නොකරපු එක හොඳයි. එහෙම වුනානම් උඹට ඉතුරු වෙන්නෙ අර කොල කෑල්ල විතරයි. ඕකෙන් වැඩ කරන්න බෑනෙ. වැඩකරන්න නම් වැඩ පුලුවන් වෙන්න ඕනෙ. මම මේ අද්දැකීමෙන් කියන්නෙ. උදා මගෙ කොම්පියුටර් කෙරුවාව. මම මේ ගොඩක් දේ තනියෙන් හොයාගෙන පස්සේ ජොබ් එකට ඕන වෙන නිසා සහතිකේ ගන්න කෝස් කරපු නිසා.

      හරි ඔන්න පෝස්ටුවට කොමෙන්ට් කෙරුවා. ඊලඟට මඩ හරිය?

      Delete
    2. අද කාලෙ නම් ස්ටුඩියෝ එකක් කරනවා නම් ඔය කොල කෑල්ල තියෙන්නම ඕනෙ.
      මගෙත් කොම්පියුටර් කෙරුවාව ඔහොමම තමයි. ඉස්සල්ලාම කොම්පියුටරයක් අල්ලන්නෙ 1995 දි. මං තුන වසරෙදි. ඒ කාලෙ DOS විතරයි තිබුනෙ. එදා ඉදන් තනියම තමයි ඕකත් ඉගෙන ගත්තෙ.

      මඩ නෙවෙයි ගලියක් අරන් වර. ඊලඟට එයි අනික් උන් ටිකත්... :D

      Delete
  2. එළ.. මාත් උඹේ බෝට්ටුවෙම තමයි. මට හාපුරා කියලා හම්බවුණේ Canon Prima Zoom වර්ගයේ කැමරාවක්. ඒකත් එක්ක ඇග්ෆා ෆිල්ම් රෝල් 17ක් හම්බවුණා. 17ම ඉවර වෙනකම් කළේ පන්සල්වල පරණ චිත්‍ර ෆොටෝ ගහපු එක. සේරම ෆොටෝ ටිකයි, නෙගටිව්, කැමරාව ඇතුළු සකල සබ්බමනාවම 2004 සුනාමියට අහුවෙලා කෙළවිලා යනවා. ඊට පස්සෙ කැමරාවක් නැතුව මම සංක්‍ර‍ාන්ති සමයක් ගත කලා. අවුරුදු කීපෙකට පස්සෙ රැකියාවෙ යන්තම් ස්ථාවර වේ ගෙන එද්දි මගේ පළවෙනි ඩිජිටල් කැමරාව ගත්තා. ඉතාම ප්‍රාථමික එකක්. වර්ගය ම‍ය‍ිටෙක්. ඊට පස්සෙ මමවත් ආයෙ ඒ බ්‍රෑන්ඩ් එක දැක්කෙ නෑ.
    තවත් ටික කලකින් මම Nikon P60 ක් ගන්නවා. හම්මේ ඒකෙන් උපරිම වැඩ ගත්තා. උෟ මාත් එක්ක නොගිය කැලෑවක් නෑ. අන්තිමට අධික භාවිතය නිසාම උෟට කෙළවිලා ගියා.
    දැන් මා ගාව තියෙන්නෙ Canon SX10is වර්ගයේ බ්‍රිජ් කැමරාවක්. මේ කැමරා තුනෙන්ම ගත්තු ‍පින්තූර මගේ බ්ලොගේ තියනවා. අන්තිමට වගේ දාපු සිරිපාදෙ පින්තූර ටික අර මයිටෙක් කැමරාවෙන් ගත්තුවා.
    මමත් කොයිතරම් ආසාවෙන් හිටියත් ඡායාරූප ශිල්පය ඉගෙන ගන්න අවස්ථාවක් ලැබුණෙ නෑ. හේතුව උවමනාවක් නොතිබිම.
    මගෙත් වෘත්තිය හාත්පසින්ම වෙනස් එකක්. කැමරාව කියන්නෙ මගෙ අනියම් පෙම්වතී... හැක්

    ReplyDelete
    Replies
    1. යකෝ මේ කැමරා කටයි , හොම්බයි දෙන්නම බෙල්ලෙ එල්ලන් ඉන්නෙ අනියම් පෙම්වතියො දෙන්නෙක්නෙ.

      Delete
    2. දිලා,
      එහෙනම් උඹයි මායි එකම බෝට්ටුවෙ. මොනා කරන්නද බං. මොන තරම් ආසා උනත් රස්සවට කරන්න හිතෙන්නෙත් නෑ. කොරන රස්සාව නිසා වෙලාවකුත් නෑ.

      කම්මලේ,
      ආයෙත් අහලා. බෙල්ලෙ බැඳගෙනම කනවා... :D ඉරිසියයි නේ...?
      අන්න මන් බොලා කියපු කතාව කිවුවා. මතක් කරන්න කිවුවා උඹව. ආ.. තව කිවුවා පාටි වලට ගිහින් ගෙදර යන්නෙ කොහොමද අහන්න කියලා... ඕං මන් දන්නෙ නෑ...

      Delete
    3. කල් වම්මල - උඹත් බෙල්ලෙ එල්ලං බලහංකො ඒකෙ තියෙන සැප... හැක්

      Delete
    4. කම්මලේ ඒකනෙ මුං දෙන්නට කැමරකටා, කැමරහොම්බා කියල කියන්නෙ. හැබෑම කැමරා කාරයෙකුට අපි කැමරා හොම්බ කියනවද බං.

      Delete
    5. අම්මප මට ඔය කැමරා හොම්බා කියල නම දාපු වල් ඉවානයා කවදක හරි හම්බවෙයි නොවැ... එදාට බලාගන්ට බැරියැ...
      කසුනා උඹත් පරිස්සමෙන් හිටු හරිද...

      Delete
    6. කසුනා,
      ආන්න බොට විතරයි තේරුණේ... හොඳ ළමයා... දුප්ඃ කිවුවෙ මෙතනින්....

      දිලෝ,
      කවුද දන්නෙ කම්මලයා එල්ලගෙනද කියලා....
      මාත් මේ මෙන්ඩව අහුවෙනකම් ඉන්නෙ...

      Delete
    7. අම්මපා කම්මලයා කියන්නෙ හැබෑව. ඔයිට හොඳයි කැමරාව .... (බලධරයා විසින් කපාහරින ලදි) ....එතන තියෙන එක බෙල්ලෙ එල්ලගත්තනං.

      Delete
    8. එහෙනම් තිබුණා බලන්න...

      Delete
    9. //අන්න මන් බොලා කියපු කතාව කිවුවා. මතක් කරන්න කිවුවා උඹව. //
      මාත් මතක් කලා කියහං, උන්දැ හරි ලස්සන කෙලි පොඩ්ඩක්. උඹලගෙ වෙඩිමෙ ෆොටෝ ටික අපි ගහල දෙන්නම් , පස්සෙ කැමති විදිහට එඩිට් කරල හදාගනින්.

      Delete
    10. මචංලා කමිමලයගේ කොමන්ටු දෙක දෙක වැටෙන එක හරි ගිහිල්ලා වගේ.කම්මලේගේ ඔක්කොම දෙක දෙකද දන්නැ තියෙන්නේ.

      Delete
    11. කම්මලේ,
      ඔන්න කිවුවා... මට විතරලු ඕක පේන්නෙ නැත්තෙ කියලා බනිනවා දැන්.
      අම්මප එහෙනං දැන්ම ඉඳන් පුරුදු වෙයන් නැත්නම් සිරිසඟබෝ ස්ටුඩියෝ වගේ තියෙයි...

      මනෝ,
      ඕවා මේ වයසට යනකොට හැදෙන ලැඩ නොවැ...

      Delete
  3. මම නම් තවම ආධුනික ශිල්පියෙක්. ඔය Yashika නම දැක්කහම මතක් වුනා මමත් ඉස්සෙල්ලාම පාවිච්චි කරපු (මගේ නෙමෙයි නෑදැයෙකුගෙ) කැමරාව.ඒක Yashika Ekectro 35 මුල් කාලෙ මිඩ්ල් ඊස්ට් ගිය ගොඩක් අය අරන් ආවෙ ඒක මොකද හරි ලේසියි පාවිච්චි කරන්න.පස්සෙ කාලෙක සෙකන්ඩ් හෑන්ඩ් Canon QL 35 එකක් ගත්තා.පස්සෙ කාලෙක යාලුවෙක්ගෙ වෙඩින් එකක් ගත්තා ඒක ගත්ත කැමරාව මොකද්ද කිව්වහම හිනාවෙන්න එපා.යාලුවෙකුගෙන් ඉල්ල ගත්ත olumpus half frame කැමරාවකින්.මේවා ඩිජිටල් නෙමෙයි.35 මිමි ඒවා.පලවෙනි SLR එක Pentax MZ5, Nikon D 90තමයි තවම තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. මොකටද හිනා වෙන්නෙ කෙනෙකුගෙ උත්සාහයට. එහෙම හිතන්න එපා. ඔය Yashica එක නම් පුදුම කැමරාවක්. තාමත් ඕවා හොඳට වැඩ කරනවනෙ. දැන් තියෙන ඒවා එකටත් එක්ක. සුබ පතනවා තව ඉස්සරහට යන්න කියලා. D90 එක නම් පට්ටම ගහන්න පුළුවන්. මන් තාමත් ගරු කරන කරන කැමරා එකක්. මොකද මං පුරුදු උන එක. ඇත්තටම ස්තුතියී අත්දැකීම් කිවුවට.

      Delete
  4. මන් ආයේ බැන්දොත් ෆොටෝ ගහන්න දෙන්නේ උඹලා දෙන්නට. ආයේ දෙකක් නෑ.........

    ReplyDelete
    Replies
    1. එළකිරි... හනිමූං ප්‍රී ෂූට් එක ෆ්‍රී....

      Delete
    2. බණ්ඩෝ,
      ඔන්න ඔය ඕ.පු. කියලා බඳිමු තව සැරයක්.... ඩිස්කවුන්ට් පාරක් දාලා දෙන්නම් බොට...

      දිලෝ,
      අර ජපානෙ වගේ එකක් කොරමුද බං මෙහෙත්....?

      Delete
    3. මංනං ආයි බඳින්නෑ. බැන්දයිං බැන්දෙ නෑ මෙහෙම බැඳිල්ලක්. තොපි දෙන්නට හුලං.

      Delete
    4. උදේ ෆොටෝ ටික ගහලා ඉවර වෙද්දි හුඟක් කපල් කියන දෙයක් තමයි "ආයෙ නම් බඳින්නෙ නෑ, බැන්දත් ෆොටෝ නම් ගහන්නෙ නෑ" කියලා. ඇයි ඉතින් එසේ මෙසේ රැග් එකක්යැ දෙන්නෙ.

      අනේ බැඳහංකො බං....

      Delete
    5. චැහැ..උඔලා බදින්නෙ නැද්ද මදෑ වෙඩිං කෙක් කෑල්ලක් එක්ක ගල් අරක්කු ටිකක් බොන්න හිටියා

      Delete
  5. යෂිකා ඩිජිටල් කැමරා හොඳ නැද්ද, කැනන්, නිකොන් වලට වඩා? දන්නැති හිංදා ඇහුවෙ. මං හිතං හිටියෙ තාම යෂික තමයි හොඳම කියලා.

    උඹේ කතාව කියෙව්වහම මතක් උනේ 3ඉඩියට්ස් එකේ අර හාට් ඇටෑක් එකක් රඟපාලා ප්ලේන් එකෙන් බහින කොල්ලව. ඌත් කැමරාවට මාර ආදරෙයිනෙ. කැමරා කටාගෙ කමෙන්ට් එක දැකලා ඒ මතකෙ තවත් තීව්‍ර වුනා.

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යයෙන් ලෝකෙ DSLR වලට ප්‍රසිද්ධ Cannon, Nikon තමයි. අනික්වා නම් කොහොමද කියන්න දන්නෙ නෑ. මොකද වැඩිපුරම පාවිච්චි වෙන්නෙත් මාර්කට් වෙන්නෙත් ඔය දෙකනෙ. එහෙම වෙලා තියෙන්නෙ හැම වෙලේම අළුත් තාක්ෂණයක් එලියට දාන්නෙ ඔය දෙකෙන් නිසා. Sony එකේ තාක්ෂණය ඉහල උනත් DSLR එක ජනප්‍රිය නෑ. ඒ උනත් සමහරු පාවිච්චි කරනවා.

      කැමරාවට ආදරේ නැත්නම් මේක කරන්න අමාරුයි ඩ්‍රැකි‍යෝ.... මේ පෝස්ට් එක කියවන්න ඇතිනේ...

      Delete
    2. ඒක කියෙව්වා කැමා...

      ස්තූතියි අර විස්තරේට. මා ළඟ තියෙනවා සෝනි ඩබ්ලිව්55 පොඩි කැමරාවක්. ඒක ගත්ත කාලෙ නම් හෙන ඇඩ්වාන්ස්ඩ්.

      මං තව දැක්කා යුරෝ ට්‍රිප් කියන ෆිල්ම් එකේ දිගටම “ලයිකා එම් 7“ කියන කැමරාව මාකට් කරනවා. පට්ට ෆිල්ම් එක, බලල නැත්තං...

      Delete
    3. දැන් නම් ඉතින් කැමරාවක් අරන් ඊලඟ මාසෙ වෙද්දි ඊට වඩා ඇඩ්වාන්ස් එකක් ඇවිත්. ඒ තරම් ඉක්මනට තාක්ෂනේ දියුණු වෙනවා.
      මං බලල නෑ ඒක නම්. ඔය වගේ ෆිල්ම් බැලෙන්නෙම නෑ ඩ්‍රැකී. වෙලාවක බලන්නම්කො. ඔය මාර්කට් කිරිල්ල උඩ තමයි කැමරාව ජනප්‍රිය වෙන්නෙ.

      Delete
  6. ඉස්සෙල්ලම අත පත ගාපු කැමරාව කොඩැක් 110 එකක්. අර දෙපැත්තෙන් තද කොරනකොට කොට වෙන ජාතියෙ එකක්ද කොහෙද. ඒ කාලෙ හිතුන්නෑ බොලව් දැන් වගේ සෙල්ලං එයි කියලා කැමරා වල. මං මේ කියන්නෙ 1960 ගණන් වලනෙ.

    ReplyDelete
    Replies
    1. 1960....? හෑ..... යකෝ මන් හිතුවටත් වඩා පස්ටම පස්ට නාකියෙක් නොවැ...

      අවුරුදු දහයක් වගේ කාලයක් ඇතුලත ලොකු දියුණුවක් උනා කැමරා වල ඒකට ලොකුම හේතුව උනේ ලොකුම සමාගම් දෙක අතරේ තියෙන තරඟේ...

      Delete
    2. ඉහත කමෙන්ටුව අපේ තාත්තා විසින් දමන්නට සිටි එකක් බව කරුණාවෙන් සලකන්න.

      Delete
    3. //දෙපැත්තෙන් තද කොරනකොට කොට වෙන//
      ඔවු ඉතිං එතකොටනං මොනව හරි වෙනව ඇති තමයි. :D

      Delete
    4. මධාවියෝ,
      එහෙනම් බොලෑ තාත්තට ඒ තරම් වයසක් නැතුව ඇති... (ආවා මෙතන කොල්ලා වෙන්න)

      ප්‍රසා,
      ඒක තමයි ඔය කොල්ලා කියලා හිතාගෙන ඉන්නෙ...

      Delete
    5. විචාරකයි - මදාවියයි එකම කාසියෙ දෙපැත්ත... අර ප්‍රසන්නයයි - දේශකයයි වගේ.

      Delete
    6. දැන් ඔහොම කිව්වට උඹ මාව මුණ ගැහුණු දවසක “ආ...මල්ලී..ඔයාගෙ බ්ලොග් එක මොකක්ද?“ කියලා අැහුවෙ නැත්තං අර දවසක් මෙන්ඩා කසුනගෙ වෙන්න ඕනි කියපු එක කැමාට වෙන්න ඕනි!

      Delete
    7. ඩ්‍රැකී,
      ඔය තියෙන්නෙ... දන්නෝ දනිති...

      මධාවියෝ,
      අනේ එහෙනම් අමාරුවෙන් හරි හිත හදාගන්නවා. ආයෙ මොකටද නිකන් ලෙඩ දාගන්නෙ. ඒක නෙවෙයි මොකෝ මෙන්ඩයියා නැත්තේ...?

      Delete
    8. ...///ඒ කාලෙ හිතුන්නෑ බොලව් දැන් වගේ සෙල්ලං එයි කියලා///...

      උඹ ඒ කාලේ ඉදලම සෙල්ලමි දාපු එකානේ.ඇටෙන් පොත්තෙන් එලියට එනකොටම වැඩ පටන් ගත්තේ.ලමිස්සියකුට නාගන්න නැ ගස් උඩට වෙලා හොරෙන් බලනවා.ගෙදර තියන ගානක් අතපත ගාගෙන ගිහින් ඒකෙන් බීඩි උරනවා.මෙ ඇති නැත්තමි පැටිකිරය දිග ඇරෙනව.යකෝ වලකජ්ජා ගහන්න ඔන්න මෙන්න ඉන්න එකේ දැන්වත් හතර පෝයට සිල් අරගෙන පිනක් දහමක් කරගනිං

      Delete
    9. නිකමට බලහං මධාවියා වහ ටිකක් කාලා ගහේ මූදෙ පැනලද කියලා... යකෝ මූ ගම කාලා... මධාවියගෙ චරිත සහතිකේම දිග ඇරලා...

      Delete
    10. මනෝ තිත්තවැල්ල,
      උඹ දන්නවද බොහොම තාත්විකව වේගයෙන් ලියන්න පුළුවන් කතා මොනවද කියලා. ස්වයං චරිතාපදාන.

      Delete
    11. අඩෝ මදාවියා.............................කෝ නැනේ

      Delete
    12. ස්කූල් හොස්ටල් එකේදි නානව හොරෙන් බලන්න ගිහින් අපේ වුන්ට වුන පටිට සිද්ධියක් තියනවා.මට ෂූවර් වෙකිසි එකෙකුට එහෙම වෙලා නෑ කියලා.කියනවද නැද්ද.එක්කෝ ඔන නැ.

      Delete
    13. මදාවි 1960 ත් උඹ හිටියද ? යකෝ දැන් කල් පනින්න ඔන්න මෙන්න වයසනේ බං උඹට

      Delete
    14. ඔන්න ඔහෙ කියහං බං... නැත්නම් බ්ලොග් එකේ දාහං අපිටත් පොඩ්ඩක් බලන්න. ඇයි යකෝ ඔච්චර වටින කතා හංගගෙන ඉන්න හොඳද මං අහන්නෙ.....
      ඒකනේ මධාවියා පස්ට නාකියෙක් කියන්නේ...

      Delete
    15. ඉතාම කෙටියෙන් මෙන්න මෙහෙමයි සීන් එක.
      18+++++ අතිශයින්ම මෙ බිලොග් කටිට බලන්න එන්නන්ට පමනයි.
      මදුවො උඹ එහෙම බලනවා නෙවෙයි මෙක.

      ස්කූල් නිවාඩු මාසෙට හොස්ටල් දෙකෙම කොල්ලෝ කෙල්ලො ගෙවල්වලට යනවනේ.ගර්ලස් එකේ කෙල්ලො කවුරැවත්ම නැති වුනත් බෝයිස් හොස්ටල් එකේ නිතරම කොල්ලො එකෙක් දෙන්නෙක් ඉන්නවා.ගුරැවරැත් කවුරැ හරි ඉන්නවා.ගර්ල්ස් හෝස්ටල් එකට මීටර් 100 ක් විතර උඩ ලොකු වත්තක් තියනවා.ඔය වත්තේ අඹ ගස් තියනවා සෑහෙන ගානක්.එදා අපි කොල්ලෝ හය දෙනෙක් හොස්ටල් එකේ හිටියා.අපි අඹ කඩන්න අර වත්තට රිංගුවා.එකෙක් ගහට නැග්ගා.ටිකක් වට පිට බලපු මූ එකවරම පහලට ඇවිත් කීවා කෙල්ලෙක් අමු හෙලුවෙන් නානව බං කියලා.ඒක ඇහුනා විතරයි පස්දෙනෙක්ම අඹ ගහට නැග්ගා.ගස් නගින්න බැරි එකෙක් විතරක් බිමට වෙලා සෑහෙන ශෝකයෙන් හිටියා.යන්තමට අඹ අතු අතරින් වතුර ටැංකිය ලග කෙල්ලෙක් උපන් ඇදුමෙන් නානව පේනවා.අනිත් පැත්තට හැරිලා නාන්නේ කේශ කලාපයත් පිට මැද්දට වෙන්න වගේ තියනවා.ටිකක් මහතයි.අනිත් ඒවා විස්තර කරන්න ඔන නැනේ උඹලට හිතාගන්න පුලුවන්නේ.අපි ඉතින් මෙයා දැන් හැරෙයි අපි ඉන්න පැත්තට කියන ලොකු බලාපොරොත්තු ගොන්නක් තියාගෙන බැල්කනි ටිකටි අරගෙන සින් එක බලාගෙන ඉන්නවා.පශ්චාත් බාගේට විතරක් කටිට කන්න පුලුවනැ.ෆුල් බොඩියටමනේ ටිකටි ගත්තේ.

      දැන් අපිට හරි ප්‍රශ්නේ මෙ කවුද කියන එක.එක කෙල්ලෙක්වත් හොස්ටල් එකේ නැ.ඒ වෙනකොට හොස්ටල් එකට අලුත් පාලිකාවක් ඇවිත් හිටියේ.එචිචර වයස නැ.හරි ලස්සනයි.ගැටිස්සියක් කියන්නත් බැ ගැට නැමිගෙන එන කාලේ.එකීත් අලි ඔලුවෙන් හිටියේ ලෝකෙටම මම විතරයි ඉන්නේ වගේ.ඉන්න වෙලාවට අපි ඒ පැත්ත බලන්නේ නැ.දැන් අපිට ෂූවර් මෙ නාන්නෙ මෙයාම තමයි.ඒත් ප්‍රශ්නේ නාන කෙනාගේ කොන්ඩෙ කොටයි,මෙයාගේ ටිකක් දිගයි.උසෙත් පොඩි වෙනසක් තියනවා.හරියටම ඉන්න කෙනා පේන්නේ නැ අඹ අතුවලට වැහෙන හින්දා.

      කොහොම හරි වතුර බාල්දි කිහිපයක් නාගත්ත කතා නායිකාව දැන් සබන් ගානව.ඒත් අනිත් පැත්තට හැරිලා.දැන් අතපයත් රිදෙනවා අඹ ගහේ එල්ලීගෙන ඉදලා.බහින්න හිතෙන්නෙත් නැ.ඇයි අප්පේ බැහැලා කොහොමද මෙහම සීන් එකක් ආය කවදා බලන්නද.බිම ඉන්න එකාට මල පැනලා බලන්න නැති වුනාට.කොහොම හරි අපි විනාඩි 20 කට වඩා දැන් ගහ උඩ.දැන් කෙල්ල නාලා ඉවරයි.ඇදුමි අදින්න යන්නේ.ඇදුමි ටික ගන්න අපි දිහාවට හැරැනා.අපි කරකවලා අතඇරියා වගේ උනා බං.මෙචිචර වෙලා නාලා තියෙන්නේ කොල්ලෙක්.ඒ යකා කොන්ඩෙ වවලා.අපි බිම හිටපු එකාට ඇත්ත කීවෙ නැ.දැන් මෙක උඹලා දැනගත්තට බිම හිටපු එකා තවම දන්නේ නැ එදා නෑවෙ කොල්ලෙක් කියලා.

      (පාලිකාවගේ හස්බන්ඩා කියන අලුගුත්තේරැවා දිහා තමයි අපි පැය භාගයක් හොරෙන් බලාගෙන ඉදලා තියෙන්නේ.පොර අපේ එක්ක හොදටම සෙටි උනාට පස්සේ අපි කිවිවා විස්තරේම තෝ හින්දා අපි පැය භාගයක් ගහක් උඩ හිටියා කියලා.ඌ කියනවා කවුරැත් හිටියේ නැති හින්දා එහෙම නැවලු.ගෙදරදිත් එහෙමලු.)

      Delete
    16. අඳෝමැයි... දැන් මං කොහොමද උඹට හිනා වෙන්න ඕනෙ...? හපෝයි බෑ බං මෙච්චර හිනා වෙන්න. අර බිම හිටපු එකා දන්නවා නම් උඹලට පස්චාත් භාගයෙන් හිනා වෙන්නෙ.. ශික්... අපිටත් එක්ක ලැජ්ජයි... විලි ලැජ්ජයි... තූ විතරක්... අනේ අපිට පායන ඉර හඳම උඹලටත් පායනවනේ... බඩත් කොර වෙලා වගේ හිනා වෙලා...

      Delete
    17. අර පස්චාත් බාගේ විතරක් පෙනුන වෙලාවෙ කොල්ලෝ ෂා,නියමයි,එහෙම එකක් දැක්කමයි,හපන්න හිතෙනවා.බයර් එක කොහොම ඇතිද,මෙවා බලන්න පිං කරන්න ඔන.වගේ රස කර කර කියපු ඒවා....චික් මෙහෙමත් වුනානේ හත් වලාමෙ.අපි එකාට එකා මූන බැලුවෙත් නැ හරියට දවස් ගානක් යනකමි.ලජ්ජාවට නෙවෙයි හිනාවෙලා ගිහින් එකෙක් මැරෙයි කියලා.

      Delete
    18. මනෝ
      පහල හිටපු එකා සව් කොප්පයක් එකතු කර ගත්තා කියලා ආරංචි.

      Delete
    19. මනෝ,
      තූඃ... නොදකින්.. කියන ලස්සන විතරක්... ඕක පිට උන් දැන ගත්තානම් කොහොමද විලි ලැජ්ජාව...?

      මෙන්ඩා,
      ඇට නැති සව් වෙන්ටෑ...

      Delete
    20. මෙන්ඩා.කැමා
      සවි නැ මචංලා.වුන නොන්ඩියට රිසවි වැටිලා හිටියේ.අර මොනවදෝ කාපු රිලවි වගේ ගහෙන් බැස්සා.පහල හිටපු එකා ඌට ගස් නගින්න බැරි එක ගැනනමි සෑහෙන දුකකින් හිටියේ.පාලිකාවගේ හස්බා අනිත් පැත්ත හැරැනේ නැත්තමි අපි අදටත් හිතන්නේ නෑවෙ කෙල්ලෙක් කියලා.මදැයි කොලා

      Delete
    21. මං මේ කල්පනා කරේ අර බිම හිටපු එකා ඔය ගෙන දෙන ගත්තනම් කොහොමද කියලා...

      Delete
    22. ඇත්ත කියපං...උඹ නේද බිම හිටියේ? එදා ඇරියස් එකනෙ උඹ තාම මේ අල්ලන්නෙ මනෝ මන්දිර හදාගෙන.

      මේක උඹේ බ්ලොග් එකේ දැම්මනං හොඳම හිට් එකක් වෙන්න තිබ්බා. දැන් වැඩක් නෑ. මේ කැමරාකටාගෙ හුචක්කුවෙනෙ දැම්මෙ...හැක හැක

      Delete
    23. මනෝ, උඹ දැන් සතියකින් මුකුත් ලිව්වෙ නෑ. මං නරක ගෑණි කියන්න එපා.

      Delete
    24. මම තමයි බං ගහේ උඩම හිටියේ.ගස් නැගීමට අංක එක.බිමි හිටිය එකා මහතයි බං.ඒකයි පොරට නගින්න බැරි උනේ.පොර දැනගත්තනමි එහෙම අපිව කනවා මුල් ස්කූල් එකේම කියනවා.පාලිකාවගේ හස්බාත් රහස රැක්ක හින්දා හොදට ගියා.

      මධූ උඹ කියපු එක මට හිතුනා.ඒත් ඒකේ වෙනම පැත්තක් කතා කරන නිසා මෙක දැමිමම කැද අචිචාරැවක් වගේ වෙයිද කියලත් හිතුනා.බිලොග් එකක නිතරම පලවෙන ලිපිත් බලපානවනේ හිටි වෙන්න.උඹ ඔක කවියක් හදලා දාපං තව ටිකක් කල් ඇරලා.කැමාව දාමු ප්‍රධාන චරිතෙට.අහිංසක කොල්ලනේ බං.

      මදුවා.එන්න වෙලාව මදි වුනා බං.අදත් උදේ ගියාම හවස ආවෙ.මෙ ඉරිදා වෙනකම්ම එහෙමයි.මම උදේම මෙකට ඇවිත් තමයි යන්නෙත්.හොද ලිපියක් දාන්න ටිකක් වෙලාවත් ඔන බං.

      Delete
    25. මධාවියෝ,
      මං මූට කිවුවා පෝස්ට් එකක් විදිහට දාපං කියලා. සම්පූර්ණ කතාවක්ම තියෙනවනෙ. ඒත් මූ කියන කතාවත් එක අතකට ඇත්ත. ඒ උනත මේක දැම්මා කියලත් මහ ලොකු අවුලක් වෙන එකක් නෑ.

      මනෝ,
      උඹට දාන්න තිබ්බෙ උඹෙ එකේ තමයි. ඇයි යකෝ උඹෙ කතාවක්නෙ අහක යන්නෙ. මෙහෙම කමෙන්ට් එකක් විදිහට දැම්මාම ටික දෙනයි කියවන්නෙ. එක අතකින් උඹ කියන දේ හරි. ඒත් වැඩි අවුලක් වෙන්නෙත් නෑ බං.

      Delete
  7. මගේත් ප්‍රියතම විනෝදාංශයක් ඡායාරූප ශිල්පය. මගේ සිහිනයක් තමා ගෝ ප්‍රෝ කැමරාවක හිමි කරුවෙකු වීම. හේතුව සංචාරය කරමින් විවිධ ඉසව් කැමරාවට හසුකරගන්න කියාපු බඩුවක් ඒක.

    ReplyDelete
    Replies
    1. ඔය ඉන්නෙ තව එකෙක්. ඒ වැඩේටම හදපු එකක් නිසා ඒක තමයි හරියන්නෙ. දැනට Go Pro Hero4 එකක් 78000 කට විතර ගන්න පුළුවන්.

      Delete
    2. මේ දවස්වල ඒ වගේ මුදලක් යට කරන්න බැරිකමින් කල් අරින්නේ. භාවිත කළ එකක් එහෙම විකුණන්න තිබ්බොත් මට දන්වන්න. මේකට සමාන චින කැමරා තියනවලු එත් පාවිච්චිකරපු කෙනෙකුගෙන් අහලා බලනකං ඒ ගැන හිත යැව්වේ නෑ. ඒ කැමරාවක් නං 14000කට විතර ගන්න හැකියිලු.

      Delete
    3. බලමු එකක් හොයාගන්න බැරි වෙන එකක් නම් නෑ. චීන කැමරා එක ගැන නම් දන්නෙ නෑ නලියයියේ. ගන්න කලින් ටිකක් හොයලා බලන්න වෙයි. ගොඩක් වෙලාවට පිටින් එක වගේ උනාට සෙන්සර් එක එහෙම කොහොමද දන් නෑනෙ.

      Delete
  8. හෑ...............මම හිතුවේ උඹ වුරුත්තීයමය චා.........යාරූප ශිල්පියෙක් කියලා. කොයි ක්ෂේත්‍රයේද ඔය වගේ කුහක පරබල්ලෝ නැත්තේ. බලපන්කො බ්ලොග් ලෝකේ දිහා. මමත් සෑහෙන්න කැමරා කාලා තියනවා.

    මේ තියෙන්නේ මගේ කැමරා කෙළි

    ReplyDelete
    Replies
    1. වුරුත්තීමය වෙන්න තිබුනා නම් හොඳයි. ඒත් හිතෙන්නෙ නෑ අප්පා මුන් දකිද්දි. කොතන උනත් කුහකයෝ ඉන්න එක නම් ඇත්ත. උන් ඉස්සරහට යන්නෙත් නෑ යන එකාට යන්න දෙන්නෙත් නෑ.

      මම පෝස්ට් එක කියෙව්වා. හොඳ ඉතිහාසයක් තියෙනවා වගේ. අර දාලා තියෙන D3200 නම් ගන්න එපා විචාරක මහත්තයෝ. දැන් ඊට වඩා හොඳ මට්ටමේ ඒවා තියෙනවා. DSLR එකක් ගන්නවා නම් නෙට් එකෙන් විතරක් හොයලා මදි. පාවිච්චි කරන කිහිප දෙනෙකුගෙන්ම අහලා බලන්න වෙනවා.

      Delete
    2. නැතුව නැතුව විචා මාමෙ. ඔයා බ්ලොග් ලෝකෙ සැරිසරන නිසා ඒ ගැන දන්නව ඇති. කැමා කැමරකටා නිසා ඒ ගැන දන්නව. මදු මාමා අස්ව රේස් කාරයා නිසා ඒ ගැන දන්නව.

      ඔය හැම දේකම කුහකයො ඉන්නව කියන එකට තවත් උදාහරන මොකටද?

      Delete
    3. මාමා? ආයි කියපං බලන්න.
      මාමා දන්නෙ එක වෙළඹක් ගැන විතරයි බං. අනික් උන්ගෙ පිට උඩ නගින්න හදනකොට උන් දුවලා ඉවරයි.

      Delete
    4. කසුන්,
      ඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ. වැඩිය ඕනෙ නෑ බං නෑදෑයොත් කුහක වෙනකොට වෙන උන් ගැන කවර කතාද.

      මදූ මාමා.....? හෑ... මට නම් උඹ එන පොට ඇල්ලුවෙ නෑ...

      මධාවියෝ,
      දැන් වයසයිනේ... ගණන් ගණන එපා බං හිත හදාගනින්...

      අන්න කසුනා උඹට මාමා කියනවා... ඉක්මනට කෙල්ල ගෙට ගං... ඕකා සත පහකට ශුවර් නෑ...

      Delete
    5. කැමරකටෝ, කැමරා හොම්බෝ.
      උඹල දෙන්නවත් කියහල්ලකො මට ගන්න හොඳ කැමරාවක්. ඔය වෙඩින් ෆොටෝ ගහන්න නෙවෙයි නිකං ට්‍රිපකට වගේ.

      Delete
    6. කැමා,
      අනේද කියන්නෙ මචං. ඔය නෑදෑයෝ කියන ජාතිය ගැන කතා කරන්නෙපා. කුහකම ජාතිය උං.ඊලඟට ලඟපාත ගෙවල්වල උං. අනිත් එකා හැදෙනකොට ඇහේ කටු අනිනව වගේද කොහෙද.

      මදු,
      මාමේ මාමේ මාමේ මාමේ

      කැමා,
      වැරදිලා තියෙයි දුව දුන්නොත්.

      Delete
    7. ලොකු වැඩකට නෙවෙයි නම් Fixed Lens Camera එකක් ගනින්. අපි ඔය කට වචනෙට කියන්නෙ බට්ටා කැමරා කියලා. ඊටත් වඩා පුළුවන්නම් චාර්ජබල් බැටරියක් තියෙන Bridge Camera එකක් නම් හොඳටම හොඳයි. Sony, Canon, Fuji වගේ බ්‍රෑන්ඩ් වලින් තියෙනවා.
      අතේ මුදලක් තියෙනවා නම් කෙලින්ම Nikon D90 හරි Canon 70D වගේ එකකටම ට්‍රයි එකක් දෙන්න පුළුවන්නම් හොඳටම වටිනවා.

      ඔහොම ඉඳහංකෝ මාමා එනකම්....

      Delete
    8. මධුවෝ.... මෙන්න කැරපොත්තෙක්.තලනවාද? නැද්ද? මොකද?

      Delete
    9. ගස්,
      ඉටපිය! සතියට එකයි!

      Delete
    10. ලබ්බෝ,
      තලන්න ඕනෙ තමයි ඕකගෙ...... ඔන්න මං ෆුල් සප් එක දෙනවා....

      මධාවි,
      ඉක්මන් කොරහං...

      Delete
  9. ඔය කැමරා වැඩේ මගෙත් ප්‍රියතම වැඩක් , ඒ කිවුවෙ ෆොටෝ ගැහිල්ල. මාත් ඉතින් DSLR එකක් ගන්න කියල ආසාවෙන් හිටියෙ ඒත් ඔය සබ්ජෙක්ට් එක කරන මගෙ යාළුවෙක් කිවුවෙ " උඹේ අවශ්‍යතාවයට ෆෝන් කැමරා එක ඇති, හොද කැමරාවක් තියන ෆෝන් එකක් ගනින් '' කියල. ෆෝන් එකට හයි කරන්න පුළුවන් ටෙලස් කොපික් ලෙන්ස් එකකුයි, මැක්‍රෝ ලෙන්ස් එකකුයි තියනවද මචංල.

    ReplyDelete
    Replies
    1. උබට ඕනෙ ෆොටෝ ගන්න නේද..? අනේ කම්මලේ DSLR එකක්ම ගනින්. දන්න කෙනෙකුගෙ පාවිච්චි කරපු එකක් හරි කමක් නෑ. ෆෝන් එකේ කැමරාව කියන්නෙ වෙනම දෙයක්. ඒකෙ වයිඩ් ඈන්ගල් ෆොටෝස් වදින මෙගාපික්සල් ගාන වැඩි සෙන්සර් එකක් තියෙනවා විතයි. ඒත් කැමරාවක් වෙන්න ඊට වඩා දෙයක් ඕනෙ. පිස්සු නම් කෙලින්න එපා. ටිකක් වියදම් උනාට ඒක පාඩුවක් වෙන්නෙ නෑ අවුට් පුට් එකත් එක්ක. එහෙමත් නැතිනම් පොඩි බට්ට කැම් එකක් ගන්න. ෆෝන් නම්බර් එක මේල් කරහං.

      Delete
    2. මේල වැඩ නෑ . ඔන්න මගෙ මේල ඕකට නොම්බරේ එවපන්
      madawaj7@gmail.com

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. උදේ ඉඳන් යසට හිටියා... හවස් වෙද්දි ආයෙම ඩබොල් වෙලා......

      Delete
    5. බීල බං කන පැලෙන්නම බීල. බලහං ඔය කම්මලයගෙ නො එකට කෝල් කරල. උඹට හොඳ කුනුහරප අහගන්න පුලුවන් වෙයි.

      Delete
    6. නොම්බරේ යවහං. උඹට ඩබල් එකේ වදියි.

      Delete
    7. බය කොරන්න එපා යකුනේ.....

      Delete
    8. කෝ බොල මේල, බලපං FB එකත්.

      Delete
    9. එවුවා බොල එවුවා......

      Delete
  10. ''//සමහරු හිතනවා ඇති මූ වෘත්තීය ඡායාරූප ශිල්පියෙක් වෙන්න ඇති //..

    අපි කිහිප දෙනා විතරයි තවම දන්නේ උඹ බෝතල් පත්තර එකතු කරනවා කියලා.

    ReplyDelete
    Replies
    1. අපි කිහිප දෙනා විතරයි තවම දන්නේ උඹ බෝතල් පත්තර එකතු කරනවා කියලා.X 2
      හික්ස් ......

      Delete
    2. මොකෝ බං උඹල මූවම කන්නේ

      Delete
    3. //මොකෝ බං උඹල මූවම කන්නේ//
      බයිට් එකට උම්බලකඩ කනව මිසක් බල මාළු කන්නෙ නෑනෙ නලියො. :D

      Delete
    4. මනෝ,
      ඒකත් හොඳ ව්‍යාපාරයක් තමා බං. හොඳට හොයන්න පුළුවන්. අම්මප වෙලාවක හිතෙනව පටන් ගන්න. අර චූං පාං වගේ ලොරියක ස්පීකරයක් බැඳගෙන.
      "පරණ පෙට්ටි, පරණ මුට්ටි, පරණ බැට්ටි....."

      සින්දු,
      "බෝත්තාල්... පත්තිරේයි...... "

      නලියයියා,
      අනේ මන්දා මුන්ට මාවමනෙ පේන්නෙ.. අහිංසකයෙකුටවත් මුන් ඉන්න දෙන්නෙ නෑ...

      ප්‍රසා,
      ඇයි හුරුල්ලො, සාලයො, වැව් මාළු එහෙම හොඳ නෑ...?

      Delete
    5. නලියයියා කවදාවත් වල් ඌරු මස් කාලා නෑ වගේනෙ කතාව.

      කැමෝ උඹට පත්තර කෙසේ වෙතත් බෝතල් නං දෙන්නං.

      Delete
    6. එදා අටං අයියගෙ වල් ඌරු මස් නම් කෑවා වගේ මතකයි බැන බැන....

      ඒවා නම් ඇති තමා බාර් එකක්ම ගන්න පුළුවන් තරම්....

      Delete
  11. ඔය කෝස් කරල ඉගෙන ගන්න එකාට වඩා තනියම ඉගෙන ගන්න එකාට ගැටළුවක් ආවම ඒක නිරාකරණය කරගන්න වැඩි හැකියාවක් තියෙනව. මම කොම්පියුටර් ඉගෙන ගත්තෙත් තනියෙන්මයි. මාත් DOS වලින් තමයි පටන් ගත්තෙ.

    කැමරානං ඉතිං මාත් පාවිච්චි කරල තියෙනව ඉස්කෝලෙ යන කාලෙ ඉඳල. ඒ කාලෙ කොඩැක් 35 රීල් දාන එකක්. ඒක මේ මෑතක් වෙනකල්ම තිබුණ. දැන් පාවිච්චි කරන්නෙත් කැනන් සාමාන්‍ය ඩිජිටල් එකක්. ඔය SLR ඒව කීප පාරක් මට අතපත ගාන්න හම්බ වෙලා තිබුණත් ඒක මස් කරන්න අවස්ථාවක් ලැබුණෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ප්‍රසා. අත්දැකීම් තියෙන එකෙකුට ගැටළුවක් ආවාම ඌ ඒක විසඳගන්න විදිහ දන්නවා. ඒත් පොතේ දැනුම විතරක් තියෙන එකෙකුට ඒක කරන්න අමාරුයි.
      ඉස්සරහට සාමාන්‍ය කැමරා භාවිතය අඩු වෙන්නත් පුළුවන්. මොකද දැන් එන්න එන්නම අඩු මිලට DSLR ගන්න පුළුවන් වෙන නිසා ගොඩක් අය ඒකට යොමු වෙනවා.

      Delete
  12. ෆොටෝ ගන්න එක නම් මාත් ආසම වැඩක්.. ඒති ඉතින් කැමරා ගැන නම් ලොකු අවබෝධයක් නෑ. රස්සාව නොවුනත් මේක රැකගන්න පුළුවන් දෙයක් කරන්න හිතන එකම වටිනවා.

    ReplyDelete
    Replies
    1. දැන් කැමරා ගැන විස්තර හොයා ගන්න පගසුයි. ඒ නිසා කියවලා බලන්න. සඟරා, පොත් එහෙම තියෙනවා මේ ගැන ලියවුනු. ආදරේ කරන දේවල් රැක ගන්නත් ඕනනෙ.

      Delete
  13. ගත්තු ලස්සන ෆොටෝ දාලා පෝස්ට් එකක් කරනනකෝ කැමා අයියේ..... ඔන්න මම නම් කැමරා කටා කිව්වේ නෑ හොදේ

    ReplyDelete
    Replies
    1. දාන්න ලස්සන ඒවා තියෙන්න එපැයි... :D
      බුකියටවත් දාලා නෑ එකක්වත්. මං වැඩිය ඒකට කැමත්තක් නෑ. ඒත් වෙලාවක දාන්නම්කෝ...

      සුදු මල්ලි හොඳායි.... (දුවපිය යන්න මෙතනින්...)

      Delete
  14. මගෙ කැමරාව අපරාදෙ ශ්‍රීනාත්.පන්ගස් ටික සුද්ද කරල කැමරාවක් නැති කෙනෙකුට කීයකට හරි සාධාරණ ගාණකට විකුණලා දාන්න.මම වෙන එකක් මෙහෙන් ගන්නං.

    ReplyDelete
    Replies
    1. ඒකනම් සුද්ද කරවන්න පුළුවන් වෙයි හැලපෙ අයියේ. අපි බලමු කාට හරි දෙන්න.

      Delete
    2. හා.... ඔය කියන කැමරාව මොකක්ද බං. ඒක පට්ට බාන්ඩයක්නම් අපි ට්‍රයි කරමු.

      Delete
    3. ඔය ඉන්නෙ ගැනුම්කරුවො දැන්මම ඉදිරිපත් වෙලා. හා තියමු බලන්න ලංසුවක්....

      Delete
  15. උඹලට කියන්න, මගෙ මුල්ම කැමරාව FujiFilm එකක්. ඒ කාලේ ඡායාරූප ශිල්පෙ කියන්නේ සලාකා එකේ උන්ව හරි මිලර්ස් එකේ උන්ව හරි පෝසත් කරන එක තමා.

    ඇත්තෙන්ම කිව්වොත් මට යෂිකා කැමරාවක් ගන්න පුළුවන්කමක් තිබුනේ නෑ බං. මගෙ ලොකුම හීනේ වෙලා තිබ්බේ අර රෂියන් Zenith SLR එකක් ගන්න එක. ඒක හෙන බර යකඩ ගොඩක්. අලුත් එකක් ගන්න අමාරු නිසා මම මල්වත්ත පාරෙ තියෙන කැමරා කඩවල ඔය සෙකන්ඩ් හෑන්ඩ් Zenith බල බල හිටියේ. ඒත් මට ඒකත් අෆෝර්ඩ් කරන්න බැරි වුනා.

    හැබැයි කොල්ලනේ මම ඔය හුඟක් ගනං නමුත් ගන්න අමාරු බඩු වලට window shopping කරනවා. කාර්, බයික් හිටං. එකෙක් ඇහුවා මොකෝ යකෝ ඕවෑ ගනං බලලා ඇති වැඩේ කියලා. මම කිව්ව ඇයි *&% හදිස්සියේ ස්වීප් එකක්වත් ඇදුනොත් ආයෙ රස්තියාදු වෙවී ඉන්න. දෙයක් නෑ හොඳම බඩු හොඳම ප්‍රයිස් එකට තියෙන තැනට කඩ්-ඩාගෙන ගිහින් පට් පට් ගන්න පුලුවන්නේ කියලා.

    ReplyDelete
    Replies
    1. Zenith DSLR දැනටත් නිපදවනවා. ඒ උනත් ලංකාවෙ නම් ඉස්සර වගේ ජනප්‍රිය නෑ වගේ. ඒ කාලෙ ආනයනය සීමා සහිත් නිසා ඕවා ආවට දැන් තරඟකාරී සමාගම් එක්ක ඉස්සරහට එන්නවා අඩුයි.
      අරූට දීලා තියෙන උත්තරේ නම් නියමයි. තාමත් මල් වත්තෙ කඩ සෙට් එක තමයි කැමරා වලට ප්‍රසිද්ධ. ලංකාවෙ හතර කොනෙන්ම එනවනෙ. මරු නම් ටිකක් ඒ උනාට ඒවට තියෙන්නෙ. "බතික් සෙන්ටර්, හෙලදිව වීදුරු මාලිගය" ඒ උනාට විකුනන්නෙ කැමරා බඩු.

      Delete
  16. මේකේ උදේ ඉඳන් හිටියට මූ උඩම අහල තියෙන ප්‍රෂ්නෙට උත්තර දෙන්න බැරි වුනානෙව.
    ඇත්තටම මං ෆොටෝ ගන්න එකෙක්ද..?
    ඔව් උඹ ෆොටෝ ගන්න එකෙක් කියල තමයි අපි හිතන්නෙ. නැත්නම් කැමරාවෙන් අල හාරන්න බෑනෙ. හැක හැක හැක

    ReplyDelete
    Replies
    1. අන්න උඹ විතරයි මං අහපු ප්‍රශ්නෙ දැක්කෙ.. උඹ හොඳ එකා...
      ඇත්තටම අල හාරන්න බැයිද බං...? එහෙනම් ෆොටෝ ගහමු... :D

      Delete
  17. වෘතියෙන් කැමරා ශිල්පියෝ නොවුනට අපි කවුරුත් ෆොටොග්‍රැෆි වලට ආසයි නේ බං.. පෞද්ගලිකව යන එන තැනක් මතක සටහනක් විදිහට තියා ගන්න එක තමා මම නම් වැඩිය කරන්නේ.. හැබැයි තියෙන කැම් එකේ දේවල් යූටියුබ් බලලා හරි අනිවා ඉගෙන ගන්නවා..

    ReplyDelete
    Replies
    1. ඒ දේ තමයි වෙන්න ඕනෙ දිනේශ්. ඉස්සර වගේ නෙවෙයි දැන් ඉගෙන ගන්න පුළුවන් අවස්ථා වැඩී. නෙට් එකෙන් ගොඩක් දේවල් හොයාගන්න පුළුවන්. ඉතින් එහෙම තියෙද්දි ඇයි අපි අළුතෙන් දෙයක් ඉගෙන ගන්නෙ නැත්තෙ?

      Delete
  18. එහෙනං මම කැමරාවක් අරං ෆොටෝ ගහනවා, උමලා නොකරන එකෙක් මට බිස්නස් තියෙන්නේ නැතැයි

    ReplyDelete
    Replies
    1. මගෙ කැමරා එක දෙන්නද...? මටත් මේ එපා වෙලා ඉන්නෙ..
      සිරිසඟබෝ ස්ටුඩියෝ කියලා නම දාගෙන වැඩ පටන්ගනින්...

      Delete
  19. යකෝ පොටෝ ගන්න එකෙක් ද කියල අපෙං අහන්නෙ තෝ ඔය කැමරාවත් තියාගෙන බතල හිටෝනවැයි... අනේ බං.. අපරාදෙ මගෙ අකුරු ටිකත්
    හැක හැක...
    අපි නං තාම පොටෝ ගහන්නෙ පෝන් එකෙන්... වැඩේ කියන්නෙ මොක්දද කියල දන්නවද අපි පෝන් එකෙන් ගැවුවත් පොටෝ සමහරු ඉන්නවා හොද කැම් තියාගෙන වැඩක් නෑ හොද පොටෝවක් ගහගන්න බැ...
    හිහික්... උඹට කින්න බං මාත් ආසි හොද පොටෝවක් ගස්සගන්න ඒත් ඉතිං වෙඩිමකටම න්න ඕන ඒකෙ ඉන්න එකෙක්ගෙං ගහගන්න... අපේ උං චුස් ගාල බටං එක ඔබයි හරි කියයි මෙලෝ රහක් නැ...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. අනේ පලයන් බොරු කියන්නේ නැතිව ...අර ලොකු CR පොතක් වගේ එකකින් නේද උඹ පොටෝ ගන්නේ ...හැක්

      Delete
    2. මහේශ්,
      හොඳට ඇඳලා ස්ටුඩියෝවකට රිංගුවා නම් අහවරයි නොවැ. ආයෙ වෙඩිමකට ගිහින් කන සාක්කුවෙ දාගෙන හොඳ ෆොටෝ ගන්න පුළුවන් කියලද හිතන් ඉන්නෙ?

      සින්දු,
      ඔය CR පොත් වගේ ඒවා කනේ ගහගෙන කෝල් ගන්න උන් දැකලා ඇති නේද..? කොහොමද උජාරුව..? ඔළුවට වඩා ලොකුයි ටැබ් එක. වෙලාවකට පව් කියලා හිතෙනවා බං.

      Delete
    3. හිකිස් ඔය ඉන්නේ පොරවල් ....අව්වට කුඩයක් ඉහලාගෙන යනවා වාගේ පෙන්නේ ..හැක්

      Delete
    4. දුක හිතෙනවා බං. වැඩේට අවශ්‍ය දේ හරියට යොදා ගන්න දන්නෙ නැතිකමද, එහෙම නැත්නම් පොඩි ශෝ පාරක් දාන්න හිතනවද මන්දා... එක්කො ටැබ් එක හදපු එකාට පිස්සු. කෝල් ගන්න ඔළුවට වඩා ලොකු ෆෝන් එකක් හැදුවට.

      Delete
  20. උඔ ස්ටුඩියෝ එකක් දැම්මොත් නම දාපිය
    “සිරිසඝ බෝ“ කියලා

    ReplyDelete
    Replies
    1. අම්මෝ... දෙයියෝ දැක්කා වගේ... දැන් අවුල ලිහාගත්තද..?

      කැමරාමන් දෙකක් දාලා ඉන්න වෙලාවට නම් සිරිසඟබෝ තමයි.... ආයෙ ඔළුව නෑ ලොවෙත්...

      Delete
  21. අඩේ උඹයි මමයි එක වගේමයි නෙ බං .. වෙනසකට තියෙන්නෙ මම කෝස් එකක් කලා අවුරුදු 3ක...
    මමත් වෙන රස්සවක් කරන ගමන් ආසාවට පටන් ගත්තෙ .... පස්සෙ රස්සාවෙන් අස් උනාට පස්සෙ පොඩියට වැඩ අරන් කලා .....
    මම ඉස්සෙල්ලාම පොටෝ ගත්තෙ යශිකා FX7 එකකින් ... ඊට පස්සෙ FM10 එකකින්
    ඊට පස්සෙ ණය වෙලා ගත්තා 550D එකක් 2010දී .... ඒක කැඩුන බං මේ ලඟදී ගොඩදාන්ඩ බැරි විදිහටම ....
    දැං ඉන්නව නයා නැති අහිකුන්ටකය වගේ .....

    ReplyDelete
    Replies
    1. කෝස් එකක් කරන එක තමයි හොඳම දේ. ඒකෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබෙනවා. විශේෂයෙන්ම න්‍යායාත්මක දැනුම ලැබෙන්නෙ නම් ඒකෙන් තමයි.
      අළුත් එකකට ට්‍රයි එකක් දාලා බැලුවෙ නැද්ද?

      Delete
  22. අඩ්ඩඩා මං හිතුවේ අයියා වෘත්තීය කැමරාමන් කෙනෙක් කියලා නොවැ..ඇත්තටම රස්සාව මොකක්ද?

    ReplyDelete
    Replies
    1. ආයෙ පිස්සුවක් ඇතෑ... එහෙම වෙන්න පුළුවන්නම් මාත් කැමතී. ඒත් ඒකට වෙලාවක් හොයාගන්න බැරි එකනෙ ගැටලුව.

      Delete
  23. පොටෝ ඇල්ලිල්ලත් මරු.. මේ බොලාගෙ බුකියට මක්කද වෙලා තියෙන්නෙ?
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. බුකියට ගොඩ උනේ නෑ සෑහෙන කාලෙකින්. මට ඒක එච්චර දිරවන්නෙ නෑ.
      ඇල්ලිල්ල මරු තමයි අප්පා... ෆොටෝ ඈ....

      Delete
  24. "මේ ෆීල්ඩ් එකේ ඉන්නෙත් කලාකරුවන් තමයි. ඒත් මං දැකලා තියෙන විදිහට ඉරිසියාවෙනුයි, කුහක කමෙනුයි පිරුණු මිනිස්සු වැඩියෙන්ම ඉන්නෙ මේ ෆීල්ඩ් එකේ කියන එක. හොඳ මිනිස්සු නැතුව නෙවෙයි. ඒ උනත් වැඩිපුරම ඉන්නෙ තවකෙනෙක් ඉස්සරහට එනවට කැමති නැති පිරිසක්"

    මේ කතාව සම්පූර්ණ ඇත්ත.. ඔය රැකියාව කරන බහුතරයක් එවුන්ගේ කුහකකම ඇඟ පුරාම..

    ReplyDelete
    Replies
    1. ආයෙ ඉතින් මං ඕක හොඳටම දැකපු දෙයක්නෙ. මං හිතන්නෙ අනික් ෆීල්ඩ් වලට වැඩිය මේකෙ එහෙම උන් වැඩීද කොහෙද. කුහක කම් කරලා හරි අඩුම තරමෙ උන්වත් හැදෙනවා නම් කමක් නෑ. උනුත් එතනමයි.

      Delete

 
 
Blogger Templates