Pages

Friday, March 27, 2015

ඕන කෙනෙකුට ෆොටෝ ගන්න පුලුවන්ද….?




මුලින්ම කියන්න ඕනෙ මගෙ පළවෙනි පෝස්ට් එක බලලා අඩු පාඩු පෙන්නලා දීලා මාව දිරිමත් කරපු හැමෝටම ගොඩාක් ස්තුතියී කියලා…...


දැන් ආපහු මාතෘකාවට…


ඡායාරූපය ගූග්ල් හරහා ගත්තෙමි.

ඕන කෙනෙකුට ෆොටෝ ගන්න පුලුවන්ද? එක එක්කෙනා ලඟ එක එක උත්තර ඇති. ඒත් මන් ලඟ තියෙන්නෙ එක උත්තරයයි. පුලුවන්.


ස්වයංක්‍රීය යෙදවුම (Auto Mode) සහිත කැමරාවක් තියෙනවා නම්, ඒකෙ ද්වාර ස්විචය (Shutter Release Button)  ඔබන්න දන්නවා නම් ඕනෙ කෙනෙකුට ෆොටෝ ගන්න පුලුවන්. අද වෙනකොට කැමරාව සහිත ජංගම දුරකතනයක් නැති කෙනෙක් නැති තරම්. ඉතින් දුරකතනයේ තියෙන කැමරාවෙන් හැමෝම ෆොටෝ ගන්නවා නම් ඕනෙම කෙනෙකුට ෆොටෝ ගහන්න බැරි නැහැ. පුලුවන්…..


නමුත්,

ෆොටෝ එකක් (ඡායාරූපයක්) ගැනීම සහ ඡායාරූපකරණය කියන්නෙ කාරණා දෙකක්… හැමෝම ෆොටෝ ගත්තට හැමෝටම ඡායාරූපකරණයේ යෙදෙන්න නම් බැහැ.

Friday, March 20, 2015

වෘත්තීය සදාචාරය යනු....




මෙම පෝස්ටුව ලිවීම ඇරඹුණේ මේ දින වල මුහුණු පොතේ කතාබහට ලක්ව ඇති ඡායාරූපයක් හා එයට පලකර ඇති කොමෙන්ටු දුටු විට. වෘත්තීයමය ලෙස නොවූවද විනෝදාංශයක් වශයෙන් වසර අටක පමණ කාලයක් ඡායාරූප ශිල්පයේ නිරත වන අතරම මංගල ඡායාරූපකරණයේද යෙදෙන්නෙකු ලෙස මේ පිළිඹඳව යමක් පැවසීම යුතුකමක් ලෙස සිතමි.

ඡායාරූපය උපුටා ගත්තේ මුහුණු පොතෙනි.

ඉහත දැක්වෙන ඡායාරූපය දකින විට හා එයට පලකර ඇති කොමෙන්ටු කියවන විට ඔබට දහසක් දේ සිතෙනු ඇත. එම ඡායාරූපයෙන් මා තුල පැන නගින සිතුවිලි තුනක් ඇත.


1.   1.   බුදුන් වහන්සේ දේශනා කර ඇති අන්දමට තවකෙකුට කරදරයක්, හානියක් නොවන ලෙස සාධාරණ රැකියාවක නිරත වී තම දූ දරුවන් පෝෂණය කිරීම හෑල්ලුවට ලක් කිරීම මෙම ඡයාරූපයේ අරමුණ නම් එය හෙලාදැකිය යුතුය.

බ්ලොග් ලොවට ගොඩ බැස්සෙමි.....



මාස ගණනාවක සිට බ්ලොග් ලෝකයේ අහුමුලු පීරා බැලුවත් මෙතෙක් බ්ලොගක් අටවා නොගත් බැවින් කවර හෝ බ්ලොගක කොමෙන්ටුවක් නොදා සිටියෙමි. නමුත් අද සිට බ්ලොගක් අටවා ගත් බැවින් මාද බ්ලොග් ලොවට සක්‍රීයව දායක වෙමි……..
 
 
Blogger Templates