Pages

Thursday, December 10, 2015

හැමෝටම ස්තුතියී.....

    කාලෙකට පස්සෙ ආපහු එන්න වෙලාවක් ලැබුණු එකේ ආයෙත් මේ පැත්තෙ පැල පදියම් වෙන්න හිතුනා. නිදහසට කාරණා කියන්න හොඳ නෑ කියලා කියන නිසා පරක්කුවට හේතු කාරණා නොකියම ඉන්නම්... දැන් ඉතින් කියපියව් රටේම තියෙන කුණු කතා ටික...

Monday, November 16, 2015

චන්ඩි ඉන්නවද ඩෝ.....?




ඔන්න ආයෙත් කැමා ගේමට එන්ටැර් වෙන්නයි යන්නේ... කෝ මේ මං නැති ටිකේ සෙල්ලං දාපු චන්ඩි ටික... අඩෝව්... මං බ්ලැක් ලිස්ට් එක අරන් ආවෙ... කෝ එක එකා වරෙව්....



1. මෙන්ඩා


2. මධාවියා


3. උපාසක බළලා


4. පුස්ලෝඩමා


5. ඩබොලා


6. මල් වන්දිරයා


7. අහස් කූරා


8. ලබු ඇටයා

9. 8M Raft

10. ගල් කුරුමිණියා

11. දෙයන්නා 



මං නැති ටිකේ තොපි ටික මට කියපුවාට වහ ටිකක් කාලා මුහුදට උඩින් තියෙන අත්තක බෙල්ලෙ වැල දාගන්න ගමන් ඔළුවට වෙඩි තියාගන්නයි වෙලා තියෙන්නෙ මට...

Sunday, October 25, 2015

අවුරුදු දාහතරක්....

ගිය සතිය පුරාවටම බ්ලොග් එක තියෙනවද බලන්නවත්, අනික් බ්ලොග් වලට ගොඩ වෙන්නවත් බැරි උන නිසා කමෙන්ට් වලට උත්තර දෙන්නවත්, කමෙන්ට් කරන්නවත් විදිහක් නැති උනා. මුලින්ම ඒ ගැන සමාව ඉල්ලුවා ඕං. රාජකාරි මට්ටමෙන් වැඩ වැඩි උනු නිසා වෙන දෙකට ඔළුව යොදවන්න බැරි තරමටම හිර වෙලා හිටියෙ. මොන දේ කලත් රස්සාව බේරාගන්න ඕනෙ නිසා කොහොම හරි ඒ ටික ඉවර කරලා යන්තම් ඔන්න ඒකෙන් නිදහස් උනා. මට මොකද උනේ කියලා හොයපු උන්ට ස්තුතියී.

කාලයක් තිස්සෙ පරණ කතා ගොඩක් කිවුවනෙ. අද කියන්න යන්නෙ ඒ පරණ කතා වලට මූලිකයා වෙච්චි කෙනා ගැන කතාවක්. මගෙ ජීවිතේ අමතකම නොවෙන දවස් මොනාද කියලා ඇහුවොත් මට කියන්න තියෙන්නෙ එක දවසක් ගැන විතරයි. මොකද මම නම් ගම් වගේම දවස් මතක තියාගැනීමේ දුර්වලතාවයක් තියෙන එකක්.

ඒ මීට අවුරුදු 14 කට කලින් අද වගේ ඔක්තෝබර් 26 වෙනිදාවක්. එදා තමයි මගෙ ජීවිතේ හිටපු ලොකුම වීරයා මාව දාලා ගියෙ. මං ලඟ හිටපු හොඳම යාළුවා. ඒ වගේම ඕනෙම දේකදි මගෙ ලඟින් හිටපු කෙනා. ඒ වෙන කවුරුවත් නෙවෙයි මගෙ අප්පච්චි. හදිසි හෘද්‍යාබාධයක් හැදිලා අප්පච්චි අපිව දාලා ගිහින් අදට අවුරුදු 14 ක් වෙනවා.

අප්පච්චි ගැන කියන්න නම් ගොඩක් දේවල් තියෙනවා. ඒත් මං කොහොම වචන ගලපාගන්නද කියලා හිතාගන්න බැරුව ගොඩක් වෙලා ඉඳන් කල්පනා කර කර ඉඳලයි මේ ටික හරි ලියාගත්තෙ. තවත් මං මොනාද ලියන්නෙ... අනේ මන්දා...

Saturday, October 17, 2015

මං ගහපු ඒවා....

      කැමරාවකුත් බෙල්ලෙ එල්ලගෙන ඉන්න ෆොටෝ එකක් ඉස්සරහට දාගෙන, ෆොටෝ ගහන ඒවගෙ කන කටු ගැන කිය කිය හිටියට කෝ මේකා ගහපු එක ෆොටෝ එකක්වත් දැක්කලා නෑනෙ කිය කිය හිතපු අයට ඔන්න අද දානවා මං ගත්තු ෆොටෝ ටිකක්. 

Thursday, October 15, 2015

පුළුවන්නම් විතරක්.....


දැනට මාසෙකට විතර උඩදි දවසක මගෙ ලඟම හිතවතෙකුගෙන් ලැබුනු අහකදාන්න බැරි ඉල්ලීමක් උඩ ගිය ගමනකදි අත්විඳින්න උනු දෙයක් ගැන කියන්න වගේම ඒ ගමනෙදි දකින්න ලැබෙන දේවල් වෙනුවෙන් මට තනියම දෙයක් කරන්න බැරි වෙයි කියලා හිතෙන නිසා ඔයගොල්ලන්ගෙන් ඉල්ලීමක් කරන්නයි මේ පෝස්ට් එක ලියන්නෙ.

Monday, October 12, 2015

10000 ලු..........


මේ දවස් ටිකේම වැඩ ගොඩකට හිරවෙලා හිටපු එකෙන් පෝස්ට් එකක් දාන්නම් කියලා හිතන් හිටපු එක අකමැත්තෙන් උනත් කල්දාන්න උනා. යන්තම් හම්බුනු ටික වෙලාවෙදි හරි මේ ටික කොටාගත්තෙ නැත්නම් ඒකත් හිතට අඩුවක් නිසා කොහොම හරි මේ පෝසට් එක අද දාන්න පුළුවන් උනු එක නම් ලොකු දෙයක්.

Tuesday, October 6, 2015

දැන් ඇති නේද ගැහුවා..? (පොටෝකාරයාගෙ පරක්කුවනේ 3)



වෙඩින් එකක වැඩකටයුතු පරක්කු වෙන්නෙ ඡායාරූප ශිල්පියා නිසා කියලා කියන කතාව සාධාරණද කියන දේ ගැන ලියවෙන තුන් වෙනි පෝස්ට් එකත් ඔන්න අමාරුවෙන් ලියාගත්තා. කලින් පෝස්ට් දෙක කියවලා නැත්නම් ඔන්න ලින්ක් දෙකත් දැම්මා.

Wednesday, September 30, 2015

අන්දරෙයි කදුරු ගහයි....




ගිය පාර පෝස්ට් එක හදිස්සියෙන් කොටන්න ගිහින් වරද්දා ගත්තු නිසා ඔන්න මේ පාර හිමින් සැරේ පෝස්ට් එක පිලිවෙලට දාන්න හිතුනා. එක දිගටම ප්‍රබුද්ධ තාලෙන් පෝස්ට් දාන්න හිතෙන්නෙ නැති නිසා මේ පාර පොඩි රස කතාවක් ලියන්න හිතුනා. රස කතාවක් කිවුවට අපෙ අප්පච්චි තමයි මේක මට කිවුවෙ. කලින් පෝස්ට් වලදි අප්පච්චි කරපු කියපුවා කියලා තියෙන නිසා අප්පච්චිගෙ කට ගැන කට්ටියටම හිතා ගන්න පුළුවන් ඇති.

Sunday, September 27, 2015

කාගෙ පරක්කුවද...? (පොටෝකාරයාගෙ පරක්කුවනේ 2)




කලින් පෝස්ට් එකෙන් කිවුවෙ වෙඩින් එක දවසෙ මනමාලිවයි ගෲප් එකයි අන්දවලා උදේ ෆොටෝ ටික ගන්න ලොකේශන් එකට එන්න පරක්කු වෙන එක ගැනනෙ. අද එතන ඉඳන් පටන් ගන්න යුද්ධෙ ගැන කියන්නම්. කැමරාමන් කෙනෙක් ඉක්මනට වයසට යනවා නම් ඒකට ලොකුම හේතුව තමයි ඔය උදේ පැය දෙක තුනේදි විඳින්න වෙන වද වලට කේන්ති ගන්න එක.

Wednesday, September 23, 2015

පොටෝකාරයාගෙ පරක්කුවනේ........


සේරම කුණු බේරෙ වැවට කියලා කතාවට කියනවා වගේ වෙඩිමකදි වැඩි හරියක් බැනුම් අහන්න වෙන්නෙ කැමරාමන්ට කියන එක කවුරුත් දන්න දෙයක් නිසා ඇයි ඒ විදිහට බැනුම් අහන්න වෙන්නෙ කියන එක ගැන ලියන්න හිතුනා. මේ වගේ දේවල් ලියන්න හේතුව මොකක්ද කියලා කලින් පෝස්ට් එකේදි මං කිවුවනෙ. ඒ වගේම මේ දේවල් ගැන කවුරුවත් කතා කරන්න ඉදිරිපත් වෙන්නෙත් නැති නිසා මමවත් මේ ගැන කියන්නම් කියලා හිතුවෙ ටික දෙනෙක් හරි ඇත්ත තේරුම් ගනීවි කියන අදහසින්.

මේ ගැන සම්පූර්ණ විස්තරයක් එක පෝස්ට් එකකින් කියන්න බැරි වෙයි. ඒ නිසා අද පෝස්ට් එකෙන් කියන්නම් වෙඩින් එක දවසෙ උදේ ෆොටෝ ගැනිල්ලෙදි අහන්න වෙන "පොටෝකාරයා හින්දා තමයි අපිට පරක්කු වෙන්නෙ" කියන කතාව ගැන.

අද කාලෙ හැමෝම වගේ ඉල්ලන්නෙ "ස්ටෝරි බුක්" එකක් හදලා දෙන්න කියලා. මේ ගැන දන්න උදවිය දන්නවා ස්ටෝරි බුක් එකකට සාමාන්‍ය ඇල්බම් එකකට වඩා ෆොටෝ ප්‍රමාණයක් අවශ්‍ය වෙන බව. ඒ කියන්නෙ ෆොටෝ තුන් හාරසීයක් ගහන්න ඕනෙ කියන නෙවෙයි. විවිධ කෝණ වලින් ගත්තු විවිධ වර්ගයේ ෆොටෝ වැඩි ප්‍රමාණයක් තිබුණෙ නැති උනොත් ස්ටෝරි බුක් එකක ලස්සන අඩු වෙනවා.

හරියට තනි ශොට් විදිහට ගත්තොත් උපරිමයෙන් එක එක විදිහේ අවුට්ඩෝර් ෆොටෝ 20ක් තියෙනවා නම් ඉහල මට්ටමේ ස්ටෝරි බුක් එකක් හදන්න පුළුවන්. ඒත් ඔය ෆොටෝ 20 තෝරා ගන්න ෆොටෝ 100ක් විතර ගන්න වෙන එක තමයි ලොකුම අවුල. එහෙම වෙන එක හැමෝම දකින්නෙ කැමරාමන්ගෙ දුර්වලතාවයක් විදිහට. ඒකත් එක හේතුවක් වෙන්න පුළුවන්. එහෙම නෑ කියන්න නැත්තෙ හරියට කැමරාව අල්ලන්නවත් දන්නෙ නැති අය මේ ෆීල්ඩ් එකේ ඕනෙ තරම් ඉන්න නිසා. ඒත් ප්‍රවීණ ඡායාරූප ශිල්පියෙකුටත් එහෙම ෆොටෝ ගොඩක් ගන්න වෙනවා කියන්නෙ නම් එතන වෙන මොකක් හරි දෙයක් තියෙනවා කියන එක. (ඒ ගැන කියන්නම් ඉදිරියේදි)

අපි බලමු උදේ 10.30 ට පෝරුවේ නැකත් පටන්න ගන්න වෙඩින් එකක වැඩ සටහන ගැන.

සාමාන්‍යයෙන් අපි උදේ ෆොටෝ ගන්න පැය 3ක වගේ කාලයක් වෙන් කර ගන්නවා ඇති වෙන අපහසුතා මග ඇර ගන්න ඕනෙ නිසා. මොකද ගොඩක් වෙලාවට එන්නෙ කැමරාව ඉස්සරහා හිට ගන්නෙ කොහොමද කියන එකවත් නොදන්න අය. ඒක වැරැද්දක් නෙවෙයි. මොකද ඔය වගේ දේවල් හැමෝම ඉගෙන ගන්න ඒවා නෙවෙයිනෙ. ඒ වගේම කලින් ඇවිල්ලා පොඩි හරි පුහුණුවක් ගන්නෙත් නෑ. ඒ නිසා කපල් එක කැමරාවට හුරුවෙන්න ටික වෙලාවක් යන නිසා අපි ඒ වගේ කාලයක් ඉල්ලනවා.

පෝරුවෙ වැඩ තියෙන්නෙ 10.00 ට නම් අපි කපල් එකට කියන්නෙ 6.00 වෙද්දි අන්දවාගෙන ඉවර වෙලා 6.30 වෙද්දි ලොකේශන් එකට එන්න කියලා.එතකොට අපිට 6.30 ඉඳන් 9.00 වෙනකම් පැය 2.30 ක කාලයක් තියෙනවා.

  • එහෙම කියලා තියෙද්දිත් මනමාලිව අන්දවලා ඉවර වෙලා ලොකේශන් එකට එනකොට 7.00 පහු වෙනවා.(මෙච්චර කාලෙකට වෙලාවට කලින් කපල් එක ආවෙ තුන් පාරයි)
  • සමහර වෙඩින් වල පාන්දර 2.00 ඉඳන් අන්දවන්න පටන් අරගෙනත් ඉවර වෙන්නෙ 7.00 පහු වෙලා.
  • සමහර වෙලාවට අන්දවන කෙනා වෙන මනමාලියකුයි ගෲප් එකයි අන්දවලා එහෙම මෙහෙට ඇවිත් තියෙන්නෙ 5.30ට. පෝරුවෙ වැඩ 10 ට නිසා වෙලාව ඇතිලු අන්දවන්න. (9.30 වෙද්දි අන්දවලා ඉවර කරන්න පුළුවන්ලු)
  • සමහර වෙලාවට මනමාලි අන්දවලා ඉවර වෙන්නෙ 8.00 ත් පහුවෙලා.
  • මනමාලිට තැල්ල තියන්න 6.30ට විතර නැකතක් තියෙනවා කියලා සැලෝන් එකේ ඉඳන් බාගෙට අන්දවාගෙන ගෙදර ගිහින් ආයෙම ඇවිත් ඉතුරු ටික අන්දවන වෙඩිනුත් තියෙනවා.
  • එක්ක එන්න වෙලාවට වාහනයක් නැතුව පරක්කුයි කියනවා.
  • තව සමහරු ලොකේශන් එකට ඇවිල්ලත් සාරිය හදනවා. මේකප් දානවා.
  • මනමාලිට සැලෝන් එකෙන් එලියට බහින්න නැකත තියෙන්නෙ 7.00 ට කියනවා.
  • තව සමහරු මනමාලි අන්දවන ගමන් ගෙදර අයත් අන්දවනවා. ඒකෙ පරක්කුවත් අර වගේම තමයි.
ඔය දේවල් බහුතරයක් වෙඩින් වලදි මම අත්දැකපුවා.(තව කතන්දර ගොඩයි). මනමාලයා නම් වෙලාවටත් කලින්ම ඇඳගෙන ලොකේශන් එකට ආවත් මනමාලි එනකොට ගොඩක් වෙලාවට 7.00 පහු වෙනවා. සමහර වෙලාවට 8.00ත් පහු වෙලා. ඒ පරක්කු වෙන එකෙන් අපි ඉල්ලපු කාලය තමයි අඩු වෙනෙ. එහෙම උනාම අපිට ඒ කාලය අල්ලන්න උපරිම ගේමක් දෙන්න වෙන නිසා 9.00 වෙද්දි ලොකේශන් එකෙන් කපල් එක නිදහස් කරන්න බැරි වෙනවා. අඩුම තරමෙ 9.30 වෙනකම්වත් තියාගන්න වෙනවා.

එහෙම උනාම ඇවිත් ඉන්න උන් බනින්නෙ "පොටෝකාරයා තමයි පරක්කු කලේ" කියලා. ඒ උනත් ඒ පරක්කුවට මූලික උනේ කවුද කියලාවත් ගානක් නෑ. කපල් එකත් ඇත්ත දැන් දැනම ගෙදර උන් එක්ක බනින්නෙ කැමරාමන්ට. අර අන්දවන කෙනා මනමාලිව 9.00ට එවුවත් කිසිම ගැටලුවක් නෑ.

ඔය කිවුවෙ ලොකේශන් එකට එන එක ගැන විතරයි. එතන ඉඳන් තමයි යුද්ධෙ පටන් ගන්නෙ. මේ පෝස්ට් එකත් ඕනවට වඩා දිගයි වගේ නිසා ඊලඟ පෝස්ට් සෙට් එකෙන් ඒ ගැන කියන්නම්. එතකම්, "පොටෝකාරයා තමයි පරක්කු කලේ......"

Sunday, September 20, 2015

ඇත්තටම මං ෆොටෝ ගන්න එකෙක්ද..?





කැමරාවක් එල්ලගෙන ඒකටම හරියන නමක් දාගෙන බ්ලොග් එකක් ලියන නිසා සමහරු හිතන්න ඇති මං ෆොටෝ ගැහිල්ල ගැන ලියන්න හදනවා කියලා. තව සමහරු හිතනවා ඇති මූ වෘත්තීය ඡායාරූප ශිල්පියෙක් වෙන්න ඇති ඒ නිසා කන කටු ගැනයි, බැනුම් අහන ඒවා ගැනයි ලියන්නෙ කියලා. ඔන්න ඔය තියෙන වැරදි වැටහීම නැති කරන්න ඕනෙ නිසා තමයි මේක ලියන්න හිතුවෙ.

Tuesday, September 15, 2015

පොටෝකාරයා වටින්නෙම නැද්ද..?



මංගල උත්සවයක් දවසෙ වැඩිපුරම බැනුම් අහන්නෙ කවුද කියලා හොයලා බැලුවොත් හොයාගන්න ලැබෙන්නෙ ඒ උත්සවයෙ ඡායාරූප ගන්නා ඡායාරූප ශිල්පියා බව. හොඳට හොයලා බැලුවොත් නම් තේරෙන්නෙ නිකරුනේ අහක යන කුණුගොඩවල් වලට බැනුම් අහන්න වෙලා තියෙනවා කියන එක. ඒත් ඒ දේ ගැන කවුරුවත් අවධානය යොමු කරනවා කියලා නම් හිතන්නෙ නෑ. ඔය අතරේ තමන්ගෙ වැරදි වලට බැනුම් අහන ඡායාරූප ශිල්පියොත් නැතුවම නෙවෙයි. 

Wednesday, September 9, 2015

සර්පයා බෑග් එකේ....


මාමලා දෙන්නගෙ කතාව කිවුවට පස්සෙ දුෂ්ඨ මෙන්ඩා මාව නැති කරලා දැම්ම නිසා ආයෙ නම් ඔය වගේ කතා කියන්නෙ නෑ කියලා හිතාගෙන හිටියත් තියෙන පඩත්තල කමට එකක් කොටලා දාන්නම හිතුනා. දිගටම පරණ කතා කිය කිය හිටපු නිසා කැමරාව උස්සගෙන යනකොට අත්දැකපු දේවල් ටිකක් ලියන්නම් කියලා කොට කොට හිටියේ. ඒත් තියෙන කම්මැලිකමටද කොහෙද ඒක ඉවර කරගන්න බැරි උනා. (වැඩ නිසා බිසී උනා කියන එකත් කම්මැලිකමට කියන තව වචනයක් නිසා ඔන්න ඇත්තම කියලා දැම්මා.) ඒ නිසා අපෙ බාප්පා කියපු පොඩි කතාවක් කොටලා දානවා ඔන්න.

Sunday, September 6, 2015

අනේ මල්ලි ඔහොම හොඳ නෑ නේද...?

සොහොන් පිට්ටනියට වෙලා ඇටකටු කාපු හැටි ගැන කලින් පෝස්ට් එකේදි කිවුවනේ. ඔන්න ඉතින් ඒ කතාව කියද්දි මතක් උන තව කතාවක් කියලා දාන්න හිතුනා. හැබැයි ඉතින් මේක කියවලා ඉවර වෙලා අර වවුල් ගොට්ට ගැන කිවුවාම වගේ උඹලා මගෙ පලු අරීද දන්නෑ.

Wednesday, September 2, 2015

ඇට කටු කෑ භූතයා...



අපෙ ගමට එන ප්‍රධාන පාර අයිනෙ පහලට වෙන්න තමයි සොහොන් පිට්ටනිය තියෙන්නෙ. සොහොන් පිට්ටනිය අයිනෙන්ම ඉවුර උඩට වෙන්න තියෙන පාරෙ යන එන අයට මුළු සොහොන් පිට්ටනියම හොඳට පේනවා. මේ කියන කතාව මීට අවුරුදු ගානකට කලින් මම ඉපදෙන්නත් ඉස්සර සිද්ද වෙච්චි දෙයක්. ඒ කාලෙ සොහොන් පිට්ටනිය කිට්ටුව ගෙවල් එකක්වත් නැති මහ පාලු පැත්තක්. ඒ හරියෙ ඉඳන් දෙපැත්තටම මීටර් දෙතුන් සීයක් යනකම් ගෙවල් තිබිලා නෑ. දැන් නම් සොහොන් පිට්ටනියට අල්ලපු වැටෙත් ගෙවල් තිය්නවා.

Wednesday, August 26, 2015

චී... පුතා...


ආයෙ නම් රා කතා නෑ ඔන්න. ගිය පාර පෝස්ට් එකෙන් රා ගුඩ්ඩො ටිකට රා එපා වෙලාම ගිය හින්දා කනක් ඇහිලා ඉන්න පුළුවන් වෙයි. කලින් මං ලියපු හොරණෑවෙ මිරිස් ගාපු කතාවෙදි අපෙ සින්දු ඇනෝ දාපු කමෙන්ට් එකක් දැකලා මතක් වෙච්චි කතාවක් කොටලා දාන්න හිතුනා.

Sunday, August 23, 2015

මක්කද අයියා මේ කඳ....?



අල්ලපු ගමේ තැබෑරුම ගැන කලින් පෝස්ට් එකෙන් කිවුවට පස්සෙ රා ගුඩ්ඩෝ ගොඩක් හොයාගන්න පුළුවන් වෙච්චි එක නම් ලොකු දෙයක්. කොහොම හරි අපෙ සින්දුවාට වෙච්චි පොරොන්දුව ඉස්ට කොරන්නත් එක්ක අපෙ ගමේ රා පොළක සිද්ද උනු සිද්දියක් කියන්නම්කෝ. මේකට ගැලපෙන පින්තූරයක් එවුවෙත් සින්දුම තමයි.

Wednesday, August 19, 2015

රා බොමු...

හොරණෑව ගැන කියපු කලින් පෝස්ට් එකේදි අර කියපු හේවිසි ගහන තුන්දෙනාගෙන් තම්මැට්ටම ගහන මාමගෙ රා තැබෑරුම ගැන කියනව කියපු නිසා මේ පාර ඒ ගැන කියන්නම්කො.

Wednesday, August 12, 2015

හොරණෑව Vs සියඹලා


හුළුඅතු කතා සැට් එකත් කලින් පෝස්ට් එකෙන් ඉවරයි. කියන්න නම් තව කතා ගොඩක් තියෙනවා. ඒත් පටන් ගන්නෙ කොහෙන්ද කියලා හිත හිතා ඉද්දි පොඩි කතාවක් මතක් උනා. මේකත් මට කිවුවෙ අපෙ බාප්පම තමයි. මහා ලොකු කතාවක් නම් නෙවෙයි. ඒත් ඒකත් එක්ක තව පොඩි පොඩි කතා දෙක තුනක් එකටම කියලා දාන්න පුළුවන් නිසා හොඳයි.

 
 
Blogger Templates