Pages

Sunday, October 25, 2015

අවුරුදු දාහතරක්....

ගිය සතිය පුරාවටම බ්ලොග් එක තියෙනවද බලන්නවත්, අනික් බ්ලොග් වලට ගොඩ වෙන්නවත් බැරි උන නිසා කමෙන්ට් වලට උත්තර දෙන්නවත්, කමෙන්ට් කරන්නවත් විදිහක් නැති උනා. මුලින්ම ඒ ගැන සමාව ඉල්ලුවා ඕං. රාජකාරි මට්ටමෙන් වැඩ වැඩි උනු නිසා වෙන දෙකට ඔළුව යොදවන්න බැරි තරමටම හිර වෙලා හිටියෙ. මොන දේ කලත් රස්සාව බේරාගන්න ඕනෙ නිසා කොහොම හරි ඒ ටික ඉවර කරලා යන්තම් ඔන්න ඒකෙන් නිදහස් උනා. මට මොකද උනේ කියලා හොයපු උන්ට ස්තුතියී.

කාලයක් තිස්සෙ පරණ කතා ගොඩක් කිවුවනෙ. අද කියන්න යන්නෙ ඒ පරණ කතා වලට මූලිකයා වෙච්චි කෙනා ගැන කතාවක්. මගෙ ජීවිතේ අමතකම නොවෙන දවස් මොනාද කියලා ඇහුවොත් මට කියන්න තියෙන්නෙ එක දවසක් ගැන විතරයි. මොකද මම නම් ගම් වගේම දවස් මතක තියාගැනීමේ දුර්වලතාවයක් තියෙන එකක්.

ඒ මීට අවුරුදු 14 කට කලින් අද වගේ ඔක්තෝබර් 26 වෙනිදාවක්. එදා තමයි මගෙ ජීවිතේ හිටපු ලොකුම වීරයා මාව දාලා ගියෙ. මං ලඟ හිටපු හොඳම යාළුවා. ඒ වගේම ඕනෙම දේකදි මගෙ ලඟින් හිටපු කෙනා. ඒ වෙන කවුරුවත් නෙවෙයි මගෙ අප්පච්චි. හදිසි හෘද්‍යාබාධයක් හැදිලා අප්පච්චි අපිව දාලා ගිහින් අදට අවුරුදු 14 ක් වෙනවා.

අප්පච්චි ගැන කියන්න නම් ගොඩක් දේවල් තියෙනවා. ඒත් මං කොහොම වචන ගලපාගන්නද කියලා හිතාගන්න බැරුව ගොඩක් වෙලා ඉඳන් කල්පනා කර කර ඉඳලයි මේ ටික හරි ලියාගත්තෙ. තවත් මං මොනාද ලියන්නෙ... අනේ මන්දා...

49 comments:

  1. අප්පච්චිලා අම්මලා නැති උනාම තමයි වටිනාකම ගොඩක්ම දැනෙන්නේ.....

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත බණ්ඩෝ... ඒ අඩුව පුරවන්න බෑ කොහොමවත්...

      Delete
  2. තාත්තා හොඳ තැනක් ඇති බං, .... මේ ගැන කියන්න දෙයක් නෑ

    ReplyDelete
    Replies
    1. තැත්ත ඉවාන්. අර කිවුව විදිහෙ වැඩ කලාට කවදාවත් මනුස්සෙයෙකුට කරදරයක් උනු කෙනෙක් නෙවී.

      Delete
  3. මිට වඩා මුකුත් ලියන්න එපා බං...
    එයා අද හිටියනම්...

    ReplyDelete
    Replies
    1. කැමාගේ තට්ටෙ පලලා මෙළහට!

      Delete
    2. මෙන්ඩා,
      අද හිටිය නම් උඹලට සෙට් වෙන්න තිබුණා.

      මධූ,
      අනිවා උඹලා එක්ක ඉන්නවට.

      ඩ්‍රැකී,
      දාපිය දාපිය. ආවා මෙතන..

      Delete
  4. පියාණන් හොඳ තැනක දිවිය ගතකරනු ඇති.

    ReplyDelete
  5. මට මොකුත් කියන්න තේරේන්නැ අයියේ..... දුක් වෙන්න එපා

    ReplyDelete
    Replies
    1. කැමා අයියේ අපේ කසුට්ටා පේන්න නැත්තේ මොකෝ අනේ. කරදරයක්ද දන්නෑ ඔය දන්න කෙනෙක් පොඩ්ඩක් හොයලා බලන්ටෝ

      Delete
    2. සොම්නස් මුදලාලි යහතින් ඉන්නව. පොඩ්ඩක් බිසී කිවුව.

      Delete
    3. සබරෙ,
      කියන්න ගියාම ගොළු වෙනවා.
      කසුට්ටා බත් පාර්සල් ගහනවලු.

      කම්මලේ,
      එදා නම් යහතින් හිටියා නේද..?

      Delete
  6. ඔය අත්දැකීම නොලැබේවා කියලා මමත් ඒක ලැබෙන්න කලින් කොච්චර ප්‍රාර්ථනා කලාද!

    ReplyDelete
  7. අපිට ජීවීතය ලබාදුන්න..
    තමන් වෙනුවෙන් ජීවත් නොවී,අපි වෙනුවෙන්ම ජීවත්වෙන..
    තමන්ගේ කුසගින්නටත් වඩා අපේ කුසගින්න හිතපු...
    තමන් කුසගින්නේ හිටියත් කිසිම දවසක අපිව කුසගින්නේ නොතියපු...
    කවුරු අපිව අතහැරලා දාලා ගියත්...
    හැමදවසකම,හැමදේකදීම අපිව අත්නොහැර අපි ලගින්ම හිටපු අපේ රත්තරං අම්මයි තාත්තයි අපිව අත්හැරලා යන දවසක් එනවමයි...
    ඒ අය අපිව දාලා ගියාට පස්සේ අපේ හිතේ ඉතිරි වෙන්නේ ඒ අය ගැන සිහිවටන විතරයි...

    ReplyDelete
    Replies
    1. මේ වෙලාවේ උඹට දැනෙන දේ මට හිතාගන්න පුලුවන්...
      අද උඹේ හිත අවුරුදු ගානක් ඈත අතිතයට,තාත්තා ජීවතුන් අතර හිටි දවස්වලට යනවා...
      උඹ ගොඩක් කැමතියි මේ මොහතටත් වඩා ඒ අතීතයේ ජීවත් වෙන්න..
      ඒත් අපි සත්‍යට,ධර්මතාවයට මුහුන දෙන්න වෙනවා මචං.....

      Delete
    2. අපිත් කවදාහරි ඔය ගමන යනවා බං.

      Delete
    3. මගේ ජීවිතේ මරණය ඔන්න මෙන්න වගේ තිබිලා මම බේරිලා තියනවා...
      කන්ටේනර් අනතුරකින් බේරුනා.ඒ ගැනනම් උඹට කිව්වා
      පරන ලොරි කට්ටක ඩ්‍රයිවින් පුරුදු වෙන්න ගිහින් ලොරිය බ්රේක් නැතිව පල්ලමකට ගිහින් බේරුනා...
      ලොකුම සිද්ධිය අවුරුදු 16 දි වගේ වතුරේ යටවෙලා බේරුනා.එදා ඒ වෙලාවේ මට අම්මයි තාත්තයි මැවි මැවි පේන්න ගත්තා..තව ටිකකින් මැරේවි කියලා දැනෙනකොට මොන වගේ දේවල්ද හිතෙන්නේ කියලා මට හිතාගන්න පුලුවන් ඒක නිසා..

      Delete
  8. අපිව ට්‍රැක් එකෙන් තිලනෙ මචෝ එයාල ගියේ , අනිවාර්‍යයෙන්ම හොද තැනක ඇති. මගෙ තාත්තත් එයාගෙ ගමන ගිහින් මේ මාසෙ 20 ට අවුරුදු 22 ක්.

    ReplyDelete
  9. උඹලගෙ තාත්තා හොඳ තැනක ඇති. අපි හැමෝම එහෙම කියන්නෙ වෙන මොකුත් නිසා නෙවෙයි. උඹ ලියන කතා වලින් තේරෙනව හොඳ මිනිසෙක් බව. ඒ කියන්නෙ මනුස්සකම් දන්න මිනිසෙක් බව. ලැබූ මිනිසත්බවය මිනිසෙකු ලෙස ගතකලානම් අනිවා හොඳ තැනක ඇති. උඹ නිතර යහපතේ යෙදීම එතුමාට කරන ගව්රවයක්.

    ReplyDelete
  10. මචං කැමෝ.. කියන්න දෙයක් හිතට එන්නෙම නෑ බං.. ඒ වගේ දෙයක් වුණාම මොන වගේද දැනෙන්නෙ කියල විග්‍රහ කරන්න කවුරුවත් ඕන නෑ.. සමෝසමේ හැම කෙනාම දවසක විඳින අඩන අවස්තාවක්.. තාත්ත හොද තැනකට වෙලා ඇත්. සමහර විට උඹ දිහ බලාගෙන...
    අර ඉංගිරිසි කතාවක් තියෙන්නෙ
    Heroes never die කියල
    ජයවේවා සහෝ

    ReplyDelete
  11. අප්පච්චි කෙනෙක්ගේ වටිනාකම තවත් තදින් දැනෙන්නේ තවත් වයසට යනකොට යශ්. මම අදත් සමහර වෙලාවල හංගගත්ත කඳුළු අස්සෙන් කියනවා අනේ තාත්තේ මට මේ ප්‍රශ්නයෙන් ගොඩ එන විදිහක් කියන්න කියලා. එහෙම තමයි පරිපූර්ණ තාත්තලා.

    ReplyDelete
  12. ඔහුට සසර ගමනේ ඉක්මනින්ම නිවන් සුව අත්වේවා.

    ReplyDelete
  13. මචං..............,
    ..........................
    ..........................
    ..........................
    ජයවේවා..!!

    ReplyDelete
  14. අපි ගොඩක්ම ආදරේ කරන අය වෙන් වෙන එක දුකක් මම නම් ඒ ගැන හිතන්නවත් බයයි.කැමා තාත්ත ගැන ලියපු පෝස්ටු කියවල හිනා උනාට.මේ කතාව දැන ගත්තෙ අද මොනවා උනත් මට දැනුන දේ නම් ඒ තවත් සොඳුරු මිනිසෙක් කියන එක..කැමා හිතින් ශක්තිමත් වෙන්න ළඟ නැති උනත් පාළුව දැනුනත් හිතේ තියාගන්න තාත්තගේ ආදරේ හැමදාමත් ඒ වගේ කොහේ හිටියත් එයාගේ පුතා දිහා ආදරයෙන් බලන් ඉන්නවා ඇති.

    ReplyDelete
  15. කොහේ හරි ඉඳං උඹ දිහා බලාගෙන ඇති.

    ReplyDelete
    Replies
    1. පිස්සුද මචං..ඒ මනුස්සයා ඉන්න තැනක සතුටින් ඉන්න දිපන්

      Delete
    2. කෙහේවත් නෙවෙයි බං.....
      ඒ අහිංසක තාත්තා දිව්‍ය ලෝකයට වෙලා මේ ඔරංඔටං දිහා බලාගෙන ඉන්නවා ඇති....

      Delete
    3. ආෆ්ටර් ලයිෆ් කියන්නෙ මගෙත් ප්‍රියතම විෂයක් මචංස්ලා. ඔරං ඔටං කතාව වෙනම කතාවක්.

      Delete
    4. මධුවා
      ආෆ්ටර් ලයිෆ් වීඩියෝ එකක නෙට් එකේ තියනවා.ඒක බැලුවද ?
      මමත් කැමති විෂයක් ඔය..

      ඔරංඔටං කතාව වෙනම එකක් කීවේ කැමා අයිති ඔරංඔටං වර්ගයට නෙවෙයිද .චිමිපන්සි වර්ගෙද ?

      Delete
    5. ලින්ක් එකක් දාපං ^&*#@% තේරවිලි නොකියා. උඹත් ඉතිං අනේ මන්දා, කවදා හැදෙයිද කියලා.:D

      Delete
    6. https://www.youtube.com/watch?v=z56u4wMxNlg

      https://www.youtube.com/watch?v=jRllgpLLzUQ

      ඇයි බොල යූ ටියබ් එකේ තියෙන්නේ ඕන තරම්....උස්සනවා බලාගනින් සුදු වෑන් එකකින් ඇවිත්.........

      Delete
  16. වෙන මුකුත්ම ලියන්න ඕනි නෑ අයියේ.......... සමහර වෙලාවට හිතේ තියෙන දේ කියන්න ලියන්න බෑ............ ඒ ඒදේ එච්චරටම බර හින්දා.......................

    ReplyDelete
  17. අපිට දැනෙන දේ සහ අකුරු කිරීම අතර ලොකු ගැප් ඒකක් තියෙනවා කියලා තේරෙනවා නේද කැමා.....

    ReplyDelete
  18. බොහෝ අය විඳින සහ විඳින්නට නියමිත අත්දැකීමක් ඔබ ලියා තිබෙන්නේ.ඔහුට නිවන් සුව පතමි.

    ReplyDelete
  19. මැරිලා දවස් දෙක තුනකින් තාත්තා අම්මව අමතක කරන රටේ අවුරුදු 14 ක් ගෙවිලත් තාත්තා වෙනුවෙන් මතක සටහනක් තියපු උඹ ආදර්ශයක්

    ReplyDelete
  20. ජීවිතයේ අපේ ලඟහි හිටිය කෙනෙක්ගේ වෙන්වීමක් අපිට දරා ගන්න අමාරුයි තමයි. ඒ තොරතුරු අකුරු කරන එක ඊටත් වඩා අමාරුයි.. ඒත් ඒක අපි හැම කෙනෙක්ටම අත්විඳින්න වෙල පොදු ධර්ම තාවක් කියලා හිත ශක්තිමත් කර ගන්න එක තමයි කරන්න තියෙන්නේ.

    ReplyDelete
  21. කැමා .. දන්නේ නැති උනත් දැක්කේ නැති උනත් තාත්තා තොට වඩා දහස් වාරයක් හොඳ මනුස්සයෙක් වෙන්න ඇති ( උඹත් හොඳ හදවතක් තියන එකෙක් නිසා).... ඒ මනුස්සයා හොඳ තැනක ඇති....

    ReplyDelete
  22. උඹ හොඳ එකා.. උඹේ තාත්තා හොඳ නිසා තමයි උඹත් එහෙම වෙන්න ඇත්තේ.. එක නිසා තාත්තා හොඳ තැනක ඇති බන්.. හිත හයිය කර ගනින්.. ජය!

    ReplyDelete
  23. මයෙ තාත්තත්, අන්තිම ගමන ගියෙ මගෙ අත්දෙකේ... ඒ වෙලාවෙ මං කල්පනා කළේ තාත්තා නැතුව අපි කොහොමද මේ ජීවන යාත්‍රාව ගෙනියන්නෙ කියලා. ඒ වුනාට එයා කරපු ගොඩක් දේවල් මං දැං ඉටු කරනවා. මගෙ ජයග්‍රහන බොහොමයක් දකින්න තාත්තට බැරි උනා. ඒ වුනාට එයා මයෙ ඉදිරිය දැකපු බව විතරක් කල්පනා කරලා හිත හදාගන්නවා.

    ReplyDelete
  24. උබ කෝ බං..?
    ඉන්න තැනකින් කමෙන්ටුවක් වත් දාපන්..

    ReplyDelete
    Replies
    1. ඇයි බං ඇඳ උඩ නැද්ද?

      Delete
  25. යකෝ.. උඹ එහා ලෝකෙට ගිහිං කැමරා කලා ඇති බං. දැං ඇවිල්ල මේක ලියහං.
    නැත්තං උඹ ආවම මේ මෙන්ඩ උඹව එහා ලෝකෙට යවයි.

    ReplyDelete
  26. උඹ කොහෙද කැමෝ...???

    ReplyDelete
  27. ඉන්න තැනකින් කමෙන්ටුවක් දාපිය..

    ReplyDelete
    Replies
    1. උඹල පොඩ්ඩක් හුස්ම ගන්න දීපල්ලකො මේකට.
      ටික දවසක් යනකම්වත් පරිස්සම් කරන්නඩ වෙනවනෙ, කාගෙවත් යැ ,කැමාගෙමනෙ. පර්ස්සමින් කැමෝ අගුණ කෑම වලින් පරිස්සම් කරපන්.

      Delete
  28. උඹේ ආදරණීය තාත්තට නිවන් සුව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා මචන්.. මෙලොව යම් ඉපදුන දෙයක් ඇතිද ඒ සියල්ල නැතිවෙනසුළුයි බන්.. කිසිම දෙයක් සදාකාලික නැති ලෝකෙක ජීවිතේ කියන්නේත් තවත් එක අස්ථාවර දෙයක් විතරයි බන්..

    ReplyDelete
  29. තෝ කොහෙ මකබෑවුනාද බොල? අර පිංසිබොල් නෝනට චෙස් උගන්නල ඉවර නැතැයි?

    ReplyDelete

 
 
Blogger Templates