Pages

Wednesday, August 26, 2015

චී... පුතා...


ආයෙ නම් රා කතා නෑ ඔන්න. ගිය පාර පෝස්ට් එකෙන් රා ගුඩ්ඩො ටිකට රා එපා වෙලාම ගිය හින්දා කනක් ඇහිලා ඉන්න පුළුවන් වෙයි. කලින් මං ලියපු හොරණෑවෙ මිරිස් ගාපු කතාවෙදි අපෙ සින්දු ඇනෝ දාපු කමෙන්ට් එකක් දැකලා මතක් වෙච්චි කතාවක් කොටලා දාන්න හිතුනා.

Sunday, August 23, 2015

මක්කද අයියා මේ කඳ....?



අල්ලපු ගමේ තැබෑරුම ගැන කලින් පෝස්ට් එකෙන් කිවුවට පස්සෙ රා ගුඩ්ඩෝ ගොඩක් හොයාගන්න පුළුවන් වෙච්චි එක නම් ලොකු දෙයක්. කොහොම හරි අපෙ සින්දුවාට වෙච්චි පොරොන්දුව ඉස්ට කොරන්නත් එක්ක අපෙ ගමේ රා පොළක සිද්ද උනු සිද්දියක් කියන්නම්කෝ. මේකට ගැලපෙන පින්තූරයක් එවුවෙත් සින්දුම තමයි.

Wednesday, August 19, 2015

රා බොමු...

හොරණෑව ගැන කියපු කලින් පෝස්ට් එකේදි අර කියපු හේවිසි ගහන තුන්දෙනාගෙන් තම්මැට්ටම ගහන මාමගෙ රා තැබෑරුම ගැන කියනව කියපු නිසා මේ පාර ඒ ගැන කියන්නම්කො.

Wednesday, August 12, 2015

හොරණෑව Vs සියඹලා


හුළුඅතු කතා සැට් එකත් කලින් පෝස්ට් එකෙන් ඉවරයි. කියන්න නම් තව කතා ගොඩක් තියෙනවා. ඒත් පටන් ගන්නෙ කොහෙන්ද කියලා හිත හිතා ඉද්දි පොඩි කතාවක් මතක් උනා. මේකත් මට කිවුවෙ අපෙ බාප්පම තමයි. මහා ලොකු කතාවක් නම් නෙවෙයි. ඒත් ඒකත් එක්ක තව පොඩි පොඩි කතා දෙක තුනක් එකටම කියලා දාන්න පුළුවන් නිසා හොඳයි.

Sunday, August 9, 2015

හොර දෙයියයි හුළුඅත්තයි...............





((( ටිං ටොං ටිං... කැ.එ.ලෝ. ඔබ වෙත ගෙන එන හුළුඅතු කතා කැසට් පට අංක තුන... ගරු දේශකයාණෝ අලවතුරේ මම..... ටිං ටොං ටිං... )))


Tuesday, August 4, 2015

උපාසක අම්මලාගේ හුළුඅතු භීතිය....




කලින් පෝස්ට් එකේදි හුළුඅත්තකට රතිඤ්ඤයක් බැඳලා දීලා වෙච්ච සංගදිය කිවුවට පස්සෙ ඉතුරු ටිකත් කියන්නම් කිවුවනෙ. මේක නම් අපෙ තියෙන අසමජ්ජාති කමට කරපු පඩත්තල වැඩක්. ඉස්සර පෝය දවසට හරි, සල්පිලක් හරි, පින්කමක් හරි තියෙන දවසට හරි පන්සලට ගමේ අය එනකොට හුළුඅතු බැඳගෙන තමයි එන්නෙ. හැමෝම ලඟ ටෝච් නෑනෙ. ඉතින් කට්ටිය මේ හුළුඅතු බණමඩුවෙන් එලියෙ බිත්තියකට හෙත්තු කරලා තියලා ඇතුලට ගිහින් බණ අහනවා. අපි සෙට් එක ඉතින් ඔය වෙලාවට කරන්නෙ පොඩ්ඩ ඇත්නම් කේන්ති එන උපාසක අම්මලා ටික නෝට් කරගෙන මේ අය ඇරගෙන එන හුළුඅතු තියන තැන් බලාගන්න එක. ඊට පස්සෙ ඔන්න ඔපරේශන් එක පටන් ගන්නවා.

Sunday, August 2, 2015

හුළුඅත්තේ මල්වෙඩිල්ල…….





කලින් පෝස්ට් එකේදි මහසෝනෙක් ගැන කියද්දි හුළුඅත්තට රතිඤ්ඤා බැඳපු කතාවක් කියන්න පටන් ගත්තු නිසා මේ පාර ඒ ගැන කියන්න හිතුවා. ඉස්සර ගමේ හැමෝම ලඟ විදුලි පන්දමක් (තේරෙන සිංහලෙන් කිවුවොත් ටෝච් එකක් හෙවත් බැටරියක්) නැති නිසා හැමෝම වගේ රෑට ගමන් බිමන් යද්දි පාවිච්චි කලේ හුළුඅතු තමයි. දැනට අවුරුදු 15 ක විතර ඉඳන් හුළුඅතු පාවිච්චිය නැති උනත් ඊට කලින් අපෙ ගම් වල රෑට හුළුඅතු අරන් ගමන් බිමන් යනවා නිතරම දකින්න ලැබුණා.

 
 
Blogger Templates