ගිය සතිය පුරාවටම බ්ලොග් එක තියෙනවද බලන්නවත්, අනික් බ්ලොග් වලට ගොඩ
වෙන්නවත් බැරි උන නිසා කමෙන්ට් වලට උත්තර දෙන්නවත්, කමෙන්ට් කරන්නවත් විදිහක් නැති උනා. මුලින්ම
ඒ ගැන සමාව ඉල්ලුවා ඕං. රාජකාරි මට්ටමෙන් වැඩ වැඩි උනු නිසා වෙන දෙකට ඔළුව යොදවන්න
බැරි තරමටම හිර වෙලා හිටියෙ. මොන දේ කලත් රස්සාව බේරාගන්න ඕනෙ නිසා කොහොම හරි ඒ
ටික ඉවර කරලා යන්තම් ඔන්න ඒකෙන් නිදහස් උනා. මට මොකද උනේ කියලා හොයපු උන්ට
ස්තුතියී.
කාලයක් තිස්සෙ පරණ කතා ගොඩක් කිවුවනෙ. අද කියන්න යන්නෙ ඒ
පරණ කතා වලට මූලිකයා වෙච්චි කෙනා ගැන කතාවක්. මගෙ ජීවිතේ අමතකම නොවෙන දවස් මොනාද
කියලා ඇහුවොත් මට කියන්න තියෙන්නෙ එක දවසක් ගැන විතරයි. මොකද මම නම් ගම් වගේම දවස්
මතක තියාගැනීමේ දුර්වලතාවයක් තියෙන එකක්.
ඒ මීට අවුරුදු 14 කට කලින් අද වගේ ඔක්තෝබර් 26 වෙනිදාවක්. එදා තමයි
මගෙ ජීවිතේ හිටපු ලොකුම වීරයා මාව දාලා ගියෙ. මං ලඟ හිටපු හොඳම යාළුවා. ඒ වගේම
ඕනෙම දේකදි මගෙ ලඟින් හිටපු කෙනා. ඒ වෙන කවුරුවත් නෙවෙයි මගෙ අප්පච්චි. හදිසි හෘද්‍යාබාධයක්
හැදිලා අප්පච්චි අපිව දාලා ගිහින් අදට අවුරුදු 14 ක් වෙනවා.
අප්පච්චි ගැන කියන්න නම් ගොඩක් දේවල් තියෙනවා. ඒත් මං
කොහොම වචන ගලපාගන්නද කියලා හිතාගන්න බැරුව ගොඩක් වෙලා ඉඳන් කල්පනා කර කර ඉඳලයි මේ
ටික හරි ලියාගත්තෙ. තවත් මං මොනාද ලියන්නෙ... අනේ මන්දා...