Social Icons

Pages

Featured Posts

Tuesday, March 22, 2016

18680 යි, 45 යි, 1 යි.....

 
      ඔන්න කැමත් මේ රෙද්ද අස්සෙ ඔළුව දාලා අවුරුද්දකුත් ගෙවුනා එහෙනම්.. කියන්න නම් ගොඩක් දේවල් තිබුනත් මේ දවස් වල නැට්ට ගිනිගත්තු මොකාද එකා වගේ නිවනක් නැතුව එහෙට මෙහෙට දුවන නිසා මේ අකුරු ටික හරි යන්තම් කොටාගන්න ලැබුනු එකත් ලොකු දෙයක් කියලා හිතනවා...

       මේ පාර නම් අර කලින් සැරේ වගේ නම් ගම් එක්ක කියන්න වෙලාව මදි නිසා හැමදාම මාත් එක්ක මේ වෙනකම් හිටපු හැමෝටම ගොඩක් ස්තුතියී කියලා විතරක් කියන්නම්... ගොඩක්ම....

       ඔන්න අවුරුද්දක් ගෙවෙද්දි යන්තම් පෝස්ට් 45 ක් කොටාගෙන, හිට් කවුන්ටරෙත් 18680 කුත් කරකවාගෙන (ඕකෙන් තුනෙන් පංගුවක් මංම රිංගපුවා) හිටියත් මේ දවස් ටිකෙ නිකමටවත් මේක අස්සෙ ඔළුව දාලා බලන්නවත් බැරිවුනා. ඒකට නම් මට සමාව දියල්ලා... ආපහු ලබන සතියෙ ඉඳන් පුරුදු ට්‍රැක් එකට වැටෙන්න ඕනෙ කියලා හිතාගෙන ඉන්නවා.. බලමුකෝ..

        එහෙනම් ආයෙත් සැරයක් මේ ගමන එන්න මට හයියක් වුනු හැමෝටම ගොඩක් ස්තුතියී.....

Monday, February 15, 2016

ලබු සුරුට්ටු, කිතුල් පිටි තලප එක්ක කිතුල් රා.........

       ගිය පාර දාපු අමිතගෙ විකට විට එකේ ඉතුරු පිටු ටික දාන්නම් කියලා හිතාගෙන තමයි හිටියෙ. ගෙදර එන ගමන් බස් එකේදි කල්පනා කර කර ආවෙත් ඒ ගැන තමයි. ඒත් අප්පා දෙනකොට දෙයියෝ ඇන ඇන දෙනවා කියන්නැහැ බස් එකෙන් බහිද්දිම දෙයියෝ බලාගෙන හිටපු හින්දා අමිතව අමතක වෙලාම ගියා කියමුකෝ...

Wednesday, February 10, 2016

"අමිතගේ විකට විට".....

       කලින් පෝස්ට් එකේදි පිටකවරෙ ෆොටෝ එකක් දාපු අමිතගේ විකට විට පොතේ ඉතුරු ටිකත් දාන්න කියලා ආපු බලවත් ඉල්ලීම නිසා මේ පාර ඒකෙ පිටු වල ෆොටෝ ටිකක් දාන්න හිතුවා. හැබැයි ඉතින් බලවත් ඉල්ලීම කිවුවට ඕය ටික දාන්න කියලා කිවුවෙ හතර දෙනයි අප්පා. මොනා කරන්නද ඕක දැම්මෙ නැත්නම් වසන්න වෙන්නෙ නැති නිසා මේ පාර පෝස්ට් එකෙන් පොතේ පිටු වලින් බාගයක් දාලා අනිත් පෝස්ට් එකෙන් ඉතුරු ටික දාන්නම්. (වෙන දේකට නෙවෙයි එක පොතෙන් පෝස්ට් දෙකක් දාගෙන ශේප් වෙන්න පුළුවන්නෙ.)

Monday, February 8, 2016

මහ රැජිනගෙ කුඩේ........

       පෙරේදා ගෙදර ඉන්න ගමන් නිකමට වගේ අපෙ පරණ ලට්ට ලොට්ට වගේම ආවුද ටික එහම දාලා තියෙන ගබඩාව පැත්තෙ ඔළුව දාලා බැලුවා. අපෙ අළුත් ගේ හදද්දි කඩලා අයින් කරපු පරණ ගෙදරින් ඉතුරු කරපු කොටසක් තමයි ඔය ගබඩාව විදිහට පාවිච්චි කරන්නෙ. පරණ පොත් පත්තර විතරක් නෙවෙයි උවමනා වේවි කියලා හිතෙන හැම දෙයක්ම ඕක ඇතුලෙ තියෙනවා. ඒ විතරක් නෙවෙයි අප්පච්චි ලඟ තිබුණු ආවුද කටල සේරම තියෙන්නෙත් ඕකෙ. ඔතන නැත්තෙ බල මෙවලම් එහෙමත් නැත්නම් පවර් ටූල්ස් විතරයි.

Sunday, January 31, 2016

මේක අරන් පල......

       පදිරියාගෙ අලුගුත්තේරු වැඩක් ගැන කියන්න අරන් අන්තිමට රටේ නැති ඒවා කියලා කියන්න ආපු කතාව කියන්න බැරි උනානෙ. ඒ හින්දා අදවත් කතාව කියන්න ඕනෙ කියලා ගිය පාර පෝස්ට් එකෙන් නවත්තපු තැන ඉදන් පටන් ගන්න කියලා හිතුවා.
 
 
 
Blogger Templates