Pages

Wednesday, September 2, 2015

ඇට කටු කෑ භූතයා...



අපෙ ගමට එන ප්‍රධාන පාර අයිනෙ පහලට වෙන්න තමයි සොහොන් පිට්ටනිය තියෙන්නෙ. සොහොන් පිට්ටනිය අයිනෙන්ම ඉවුර උඩට වෙන්න තියෙන පාරෙ යන එන අයට මුළු සොහොන් පිට්ටනියම හොඳට පේනවා. මේ කියන කතාව මීට අවුරුදු ගානකට කලින් මම ඉපදෙන්නත් ඉස්සර සිද්ද වෙච්චි දෙයක්. ඒ කාලෙ සොහොන් පිට්ටනිය කිට්ටුව ගෙවල් එකක්වත් නැති මහ පාලු පැත්තක්. ඒ හරියෙ ඉඳන් දෙපැත්තටම මීටර් දෙතුන් සීයක් යනකම් ගෙවල් තිබිලා නෑ. දැන් නම් සොහොන් පිට්ටනියට අල්ලපු වැටෙත් ගෙවල් තිය්නවා.



දවසක් රෑ හත හමාරට විතර කඩමණ්ඩියෙ අපෙ බාප්පා එහෙම ඉන්නකොට දෙන්නෙක් වැට් වැටී දුවගෙන එනවලු. මුන් දෙන්නා කඩමණ්ඩියට ඇවිත් බිම වැටිලා ගැහි ගැහි ඉන්නවලු කතා කරගන්නවත් පණක් නැතුව. එතන හිටපු කට්ටිය මුන් දෙන්නට වතුර බොන්න දීලා ටිකක් වෙලා හති අරිනකම් ඉදලා හිමින් විස්තරේ ඇහුවලු. කොහොම හරි මුන් දෙන්නා මොකකට හරි බය වෙලා ආපු බව කට්ටියටම තේරිලා තියෙනවා මුන්ගෙ මූණු දකිනකොටම.


ඔන්න මුන්ගෙ බය ගතිය ටික ඇරිලා ගියාම වෙවුල වෙවුල කියනවලු,


"අපි දෙන්නා කනත්ත ලඟින් බයිසිකලේ පැදගෙන ආවෙ. ඒ වෙලාවෙ කනත්තෙ ඇවිලි ඇවිලි තිබුණු දර සෑය ලඟ යකෙක් වාඩි වෙලා ඉදගෙන සෑයෙ පිච්චෙන ඇට කටු කෑලි උඩ දම දම කනවා දැක්කා. ඒකට බය වෙච්චි පාර අපි දෙන්නා සයිකලෙත් පෙරලගෙන වැටිලා මේ බයටම දුවගෙන ආවෙ" කියලා.


මුන් දෙන්නා කියන්නෙ බොරුවකුත් නෙවෙයි කියලා කට්ටියටම තේරිලා දෙන්නා බය වෙලා හිටපු විදිහෙන්. ඒත් ඉතින් එහෙම දෙයක් වෙන්න විදිහකුත් නෑනෙ කියලා කට්ටියම කතා වෙලා. කොහොම හරි බාප්පායි අනික් සෙට් එකයි මේ ගැන ගිහිල්ලම බලමු කියලා එතන හිටපු උනුයි අර බය වෙච්චි උන් දෙන්නයි ඇදගෙන සොහොන් පිට්ටනියට ගිහින්.


එදාම හවස ගමේ තිබුණු මළගෙදරක අවසන් කටයුතු කරලා තියෙනවා. ඒ දර සෑය ලඟ තමයි අර යකා ඉන්නෙ, උගෙ ඇගේ ඇඳුමක්වත් නෑ. එ නම් යකෙක්ම තමයි කිය කිය අරුන් දෙන්නා මග දිගට කියව කියව යනවලු.


ඔන්න කට්ටියම සොහොන් පිට්ටනිය ලඟට ඇවිත් සද්ද නැතුවම පාර අයිනට ඇවිත් බලනකොට මෙන්න බොලේ ඇත්තටම තාමත් ඇවිලෙන සෑය ලඟ ඇඟේ නූල් පොටක්වත් නැති එකෙක් බිම ඉඳගෙන ඉන්නවලු. මූ සැරින් සැරේ ලී කෝට්ටක් අරගෙන සෑයෙ තියෙන අඟුරු අස්සෙන් සුදු පාටට පොඩි පොඩි කෑලි ඇදලා අරගෙන උඩ දම දම කනවලු.


දැන් නම් චන්ඩි වගේ බලන්න ගියපු උන්ගෙ කකුල් මැන්ඩලින් ගහන්න පටන් අරන් උගුර කට වේලීගෙන එන්න අරගෙන එකා දෙන්නා ටික ටික පස්සට වෙනවලු. ඔය අස්සෙ ගම පුරාම හොල්මන් නටපු අපිට වඩා යක්කු කොහෙද කියලා අපෙ බාප්පයි, පොරගෙ අනික් බජාර් එකයි ඕකට බය වෙන්නෙ නැතුව සොහොන් පිට්ටනියට බැහෙලා සෑය ලඟට ගිහින් බලලා මේ මොකාද ඉන්නෙ කියලා. ලඟට ගිහින් හයියෙන් අහුවලු "තෝ මොකාද බොල මෙතන කොරන්නෙ?" කියලා.


එක පාරටම අර ඉඳගෙන හිටපු එකා උඩ පැනලා නැගිටලා බාප්පලා ඉන්න පැත්තට හැරුනලු. අනේ බලනකොට මේ අල්ලපු ගමේ මනුස්සයෙක් ඉදලා තියෙන්නෙ. අපෙ ගමේ බේකරියෙ කුලියට වැඩ කරන මනුස්සයලු. මූ දැක්කට පස්සෙ තමයි ඔන්න කට්ටියගෙ ඇඟවල් වලට ලේ උනලා තියෙන්නෙ.


මේ මනුස්සයා බේකරියෙ වැඩ ඉවර වෙලා ආපහු බයිසිකලේ පැදගෙන යනකොට වැස්සට අහු වෙලා හොඳටම තෙමිලා. ඉතින් වැස්සෙන් බේරෙන්න සොහොන් පිට්ටනියෙ තියෙන ගෙට වෙලා ඉඳලා වැස්ස පෑවුවට පස්සෙ තෙමිච්ච ඇඳුම වේලෙන්න කියලා අර ඇවිලෙන සෑය ලඟ කණුවක එල්ලලා එතනම ඉඳගෙන සීතල අඩු වෙන්න ගිනි තැපලා. ඔහොම ඉන්න ගමන් සොහොන් පිට්ටනිය අයිනෙ තියෙන කොස් ගස් යට වැටිලා තිබුණු කොස් ඇට අහුලගෙන ඇවිත් අර සෑයෙ අඟුරු අස්සට දාලා පුච්චගෙන කකා ඉඳලා තියෙන්නෙ.


ඕක දැකලා තමයි අරුන් දෙන්නා හොයන්නෙ බලන්නෙ නැතුව සයිකලෙත් එතන දාලා මීටර් පන්සීයක් විතර ගමටම දුවගෙන ගියේ.

*** පාරෙ ඉඳන් ගත්තු ගමේ සොහොන් පිට්ටනියක ෆොටෝ එකක් උඩ තියෙන්නෙ...

65 comments:

  1. එහෙමම දෙයක් අපේ තාත්තා දැකලා තියෙනවා. ඒ පිස්සු මනුස්සයෙක්. සොහොනෙන් බඩ ඉරිඟු පුච්ච පුච්ච කකා ඉඳලා.

    ඇත්තෙන්ම ඔය බේකරියෙ පොර මාර නිර්භීත පොරක්නෙ බං. උඹ කරයිද ඔහොම?

    ReplyDelete
    Replies
    1. මහ රෑ ඕනෙ වෙලාවක ඕනෙ තූත්තුකුඩියක යන්න නම් කිසිම බයක් නෑ. තාමත් මළ ගෙවල් වල ගිහිල්ලත් ඔතනින් රෑ එකට දෙකට විතර තනියම ඇවිල්ලා තියෙනවා. ඒත් ඔය වගේ වැඩක් නම් කරන්නෙ නෑ මං නම්. වැස්සට තෙමි තෙමී ගෙදර එනවා මිසක්.

      Delete
    2. බඩ ඉඟුරු? මඤ්ඤෝක්කා නෙමේද?

      Delete
    3. කිරි බඩඉරිඟු පුච්චලා මරු. මොකෝ බොට මඤ්ඤෝක්කා මතක් උනේ...?

      Delete
    4. මං අහලා තියෙන්නෙ පිස්සෙක් මඤ්ඤොක්කා කාපු සීන් එකක්.

      Delete
    5. තව මොනවා කෑවා කියලා ආරංචි වෙයිද දන්නෑ.....

      Delete
  2. අපේ ප්‍රාන්තෙත් ඔය වගේ වැඩක් වෙලා තියෙනවා . උඹත් කොට්ටාව පන්නිපිටිය බල ප්‍රදේශයේ ද ඉන්නේ ? :D

    ReplyDelete
    Replies
    1. ඔය වගේ උන් හැම පැත්තෙම ඉන්නවා නේද... ඔය වගේ දේකට මූණ දුන්නු එකෙකුට කොහොම දැනෙනවා ඇද්ද...
      අපි ඉතින් කුරුණෑගලනෙ... :D

      Delete
    2. කුරුණෑගල කිව්වට ඉතිං කුරුණෑගල ඩොටේ

      Delete
    3. පල පල ඩෝ යන්න... කුරුණෑගල ටවුන් එක පේන දුර ඉන්නෙ. ගමේ ඉඳන් කෙලින් බැලුවාම කිලෝමීටර් 4ක් විතර තියෙන්නෙ. (හැබැයි ඉතින් පාර කිලෝමීටර් 13ක් තියෙන එක වෙනම කතාවක්)

      Delete
    4. කිලෝ මීටර් 4 කියන්නෙ බයිනො එකෙන් බැලුවම. 13 තියෙන්නෙ අහස් දුර. අර ගල් උඩිං පැන පැන යන දොල පාරවල්වලින් එගොඩ වෙලා යන ෂෝට් කට් එකෙන් ඕංනං කිලෝ මීටර් 60-70 ක් ඇති වැඩිම වුණොත්.

      Delete
    5. උඹ මට හොරෙන් මේ පැත්තෙ ආවද බං....?

      Delete
    6. ෂෝට් කට් තමයි ඒ වුනාට ටිකක් දුරයි..

      Delete
    7. අ ඩ් ඩො ව්.............කැමරාවයි මමයි දෙන්නම කුරුනෑගල බජාර් එකේ හරිය?

      Delete
    8. කඳු ගැට නැග නැග
      පල්ලම් බැස බැස..
      එනකොට කෝච්චිය ගිහින්...
      කැමාගෙ කන්ද දිස්ත්‍රික්ක(හෝ පළාත්) තුනකට අයිතියි නේ..?
      හෙහ් හෙහ් හෙ...

      Delete
    9. මෙන්ඩා,
      රබර් හැතැම්ම... බං රබර් හැතැම්ම....

      විචා,
      කෝමෙයි කුරුණෑගල කිවුවාම කට්ටිය හැංගෙන හැටි...

      චන්ඩි ඉන්නවද ඩෝ..ව්.... (නිකමට වගේ දැනගන්න අහන්නෙ හොඳේ.....)

      ලබ්බෝ,
      ඔව් බං. වෙලාවකට ස්ටේශන් එක ලඟින් බහිනකොට දෙයියනේ කියලා කෝච්චිය යනවා පාළම යටින්... ඉතින් ඉඳපංකො අනික් එක එනකම්...

      එක පැත්තක් කුරුණෑගලට. අනික් පැත්තෙන් මාවතගමට. එක පැත්තකින් සබරගමුවටත් මායිම් වෙනවා.

      Delete
  3. වැස්සට තෙමුනා කියලා මක් වෙනවද?
    ගස්ලබ්බ මේ දැනුත් තෙතබරියං වෙන්න තෙමුනා සයිට් එකට වැහැලා.(හරි හරි.. ඩෙනිම ගඳ ගහනවා තමයි.හවසටම හෝදනවා..)
    යකෝ අල්ලපු ගමේ එකෙක්ට තව මීටර් සීයක් දෙසීයක් ගිහින් ගෙදරකට ගොඩවෙන්න බැරිද? අනික දර සෑයෙන් කොස් ඇට පුච්චන්න? ඕකට මොලේ අමාරුවක්..
    හෙහ් හෙහ් හේ...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඒකනෙ දර සෑයෙන් කොස්ඇට පුච්චන එක මහ අපරාදයක්. අඩුම ගානෙ ඒකෙන් ඌරෙක්වත් රෝස් කරන්න තිබ්බනෙ.

      Delete
    2. ඇයි බං අයියෙ එකෙක් රෝස් වෙනවනෙ මැද.. දර දාල තියෙන්නෙ එකෙකුට ඇති වෙන්න..වටේට පොඩි පොඩි ඒවා අවුලක් නෑ ඉතිං ගානිශ් එකට වගේ.

      Delete
    3. ලබ්බෝ,
      ඕකෙ හඩු ගඳ මෙහෙට ව්දිනවා බොල. සයිට් එකේ උන් කොහොම ඉන්නවාද මන්දා...
      ඒ යකාට කම්මැලි හිතෙන්න ඇති ඒ ටික පදින්න. කොහොමත් වැඩිය හයිය හත්තිය තියෙන මනුස්සයෙක් නෙවෙයි පොර.

      ප්‍රසා,
      ඌරෙක් අහු උනා නම් ඌවත් පුච්චයි ඒ වෙලාවෙ නම්.

      ලබ්බා,
      ගානිශ් එකට දාපු කොස් ඇට වල රස කොහොම තියෙන්න ඇද්ද දන්නෑ...

      ඩ්‍රැකී,
      මොකෝ කියන්න ආපු එක කියාගන්න විදිහක් නැති උනාද...?

      Delete
    4. උඔට බුදු ෂුවර්ද පොර ලග ගල් බෝතලයක් තිබුනේ නෑ කියලා..

      Delete
    5. ඩ්‍රැකී,
      හෑ.. ආයෙත් වැට ගහලා....

      මෙන්ඩා,
      ඒ කාලේ සීල් බෝතල් හොයාගන්න අමාරු කාලෙ නිසා තියෙන්න නැතුව ඇති. කිතුල් තමයි...

      Delete
    6. ලබ්බගෙ සයිට් එකට කොමෙන්ට්ස් දාන්න ගිය වෙලේ මටත් දැනුනා නිකං පුස් ගඳක් වගේ.

      Delete
    7. ඒ කියන්නෙ තාම මූ ඩෙනිම සෝදලා නෑ....

      Delete
    8. ඇඟේ රස්නෙට හවස් වෙනකොට වේලිලා බොල.. තව දවසක් ඇන්ද.ඒත් එදා මඩේ එරුනා දණිය ලඟටම.. ඉතින් දුක සේ ශේදුවා..

      Delete
    9. දැන් නම් ඩෙනිමෙ බර අඩු වෙලා ඇති නේද...?
      උඹත් කුරුණෑගල නේද ලබ්බෝ...?

      Delete
  4. අම්මප බොලාගෙ ගමේ විතරක් නෙමෙයි අහල ගං හතකම ඉන්නෙ මහ අවිටියල් ඩයල් වගේ.
    උෟට තෙමි තෙමී ගෙදර යන්න බෑ ඒත් කොස්ඇට අහුලන්න පුලුවං.

    අර ඉස්සෙල්ලම බයවෙලා දුවපු උං දෙන්නගෙන් අරූ ගුටි කෑවෙ නැති එක මදැයි.

    ReplyDelete
    Replies
    1. You have a point there ප්‍රසන්න මලයා.

      ඇයි එකෙක් බඳින්න ඉන්න කෙල්ලගෙ ගෙදර ගියාම හොඳටම වහින්න අරන්.

      කෙල්ලගෙ තාත්තා කිව්වලු අද මෙහෙ ඉඳපං පුතා වැස්සේ යන්නේ නැතුව කියලා.

      පොර බොහොම කැමත්තෙන් හා කියලා.

      කෙල්ල තේ එකක් හදාගෙන එනකොට මූ නෑලු.

      පස්සෙ කට්ටියම මූව හොයනකොට මෙන්න මූ වැස්සේම ගෙට ගොඩ උනාලු තෙත බරියං වෙලා.

      "මම නිදාගන්න සරමක් ගේන්න ගෙදර ගියා," මූ කිව්වලු.

      Delete
    2. හයියෝ සරම. කෙල්ලට ඒ සරමෙන්ම බෙල්ලෙ වැල දාගන්න හිතෙන්න ඇති.

      Delete
    3. ප්‍රසා,
      වැරදිලාවත් ඉපදෙන්න හොඳ නැති ගමක් නේද....? :D
      අහිංසක මනුස්සයෙක් හින්දා අරුන් දෙන්න ඉවසගෙන ඉන්න ඇති.

      ඩූඩ්,
      ඉබ්බා දියේ දානකොට ඇන්නෑවෙ කිවුවලු නේද...?

      ප්‍රසා,
      පිස්සු කතා කරනවද...? කෙල්ලට නෙවෙයි මාමන්ඩිට එහෙම හිතෙන්න ඇති.

      Delete
    4. ඉතිං ඩුඩ් අයියාගේ මාමන්ඩි බැන්නද?

      Delete
    5. අන්න අහන්න ඕනෙ ප්‍රශ්නේ... මට අමතක උනානෙ ඕක...

      Delete
    6. ඔය වගේ ගොං වැඩ කරන්නෙ කැමා තමා. ඇයි යකෝ මොන සරොංද පොඩි සර්වියට් කෑල්ලක් මදෑ.

      Delete
    7. ඇයි බං චීත්තේ...?

      Delete
  5. එක ගමක වෙන සිද්ධියක් ඊට පස්සෙ අලංකාරෝක්ති එකතු වෙලා ජනප්‍රවාදයක් බවට පත් වෙනවා. මේකත් එක උදාහරණයක්. මං ඔය කතාව ඔයිට වඩා පොඩ්ඩක් වෙනස් විදිහට අහල තිබුණා...

    ReplyDelete
    Replies
    1. එක වගේ සිද්දි හැම තැනම වෙලා තියෙනවා නේද? මේ මනුස්සයා තාම ජීවත් වෙනවා. තව සිද්දියක් තියෙනවා ඊලඟ එකෙන් කියන්නම්කෝ...

      Delete
  6. කැමා අයියේ සූම් කරල බලද්දි අර කොනේම තියෙන සොහොන් කොතේ කැමරා කටකුත් පේනවනේ......... හැබෑටම ඒ කවුදැැැැ

    ReplyDelete
    Replies
    1. හෑ... යකෝ මං දැක්කෙත් නෑනෙ... අනේ බුදු මල්ලියේ බය කොරන්න එපා....

      ඔය සොහොන් කොත් හදලා තියෙන්නෙ හමුදාවෙ කොල්ලො ටිකකගෙ. ඒ එකක් අපෙ මාමගෙ පුතාගෙ. මට හිටපු එකම අයියගෙ.

      Delete
  7. ඔය කතාවම ඇල් ඩී මැන්දිස් මහතාගෙ පොතකත් තිබ්බා මතකයි.

    ReplyDelete
    Replies
    1. මාත් ඒක නම් කියවලා තියෙනවා. මේ කතාව නම් ඇත්තටම වෙච්චි දෙයක් හැලපෙ අයියේ. මොකද මේ මනුස්සයා තාම ජීවත් වෙනවා. දැන්නම් 75ත් පැනලා. එදා බය වෙච්චි උන් දෙන්නත් තාම ගමේ ඉන්නවා.

      Delete
  8. සුපර් කතාව ශ්‍රීනාත් සහෝ...... හොද වැඩේ විස්තර බලන්නැතුව දිව්වාට.... ජයවේවා

    ReplyDelete
    Replies
    1. ඔය වෙලාවට ඕවා මතක් වෙන්නෙ නැති එකනෙ අවුල. ආයෙ ඉතින් ඔළුව හැරුනු අතේ දුවනවා මිසක්....

      Delete
  9. අඩෝ උඹලගේ ගම මහා හොල්මන් ගමක්නෙ. පැත්ත පළාතේ එන්න හොඳ නෑ. හපොයි. අර මධුවා වක්ක පලයන් උඹේ ගමට

    ReplyDelete
    Replies
    1. හෑ... මධාවියා එක්ක යන්න... අපූරුවට තියෙන ගම විනාස වෙන වැඩක්නෙ බං ඒක...

      රා ටිකක් හොයලා තියෙන්නම් එනවා නේද ගම පැත්තේ...?

      Delete
    2. අනිවා දවසක කියන්නම්කෝ....

      Delete
    3. අපෝ මංනං එයි ඕකගෙ ගමේ ජරා රා බොන්න. අර මොනවද මංදා ජාතියක් අවලම්බනය වෙනවාලු.

      Delete
    4. රා කියලද කිව්වෙ..???
      (අත්දෙක පස්සට බැඳගෙන සරමේ කොනකුත් අල්ලගෙන උනන්දුවෙන් වටපිට බලමින්.)

      Delete
    5. මධු,
      වරෙන්කෝ රා ඉල්ලගෙන.... ඒ රා බොන්න නම් බුරුසුවක් වගේ උඩු රැවුලක් තියෙන්න ඕනෙ.

      ලබ්බෝ,
      වරෙන්... වරෙන්...

      Delete
  10. මෙක මම පුංචි කාලේ අපේ මුල් ගමෙ සිද්ධ උන දෙයක්.කතාව කෙටියෙන් මෙහෙමයි.හොදම යාලුවො දෙන්නෙක් හිටියා ජයසූරියයි රත්නයි කියලා.රත්න හමුදාවෙ.ෙජයේ ගමෙම එලවලු කොටුවක් කරගෙන හිටියා.ජයේ දවසක් වස බීලා එලවලු කොටුවෙම මැරිලා හිටියා.රත්නෙත් මල ගෙදර ආවා.හොදම යාලුවා නැති වුන එක ගැන ලොකු හිතේ අමාරැවකින් හිටයේ.ඔහොම තුන්මාසේ දානෙත් ලංවුනා.රත්නේ නිවාඩුවක් දාලා බන දවසේ රෑ ගෙදර එනවා පහුවෙනිදා දනෙට.කොහොමින් හරි එනකොට මහ රෑ 12 ත් පහු වෙලා.ගමට එන්න කලින් පාලු කැලයක් මැද්දෙන් පඩිපෙලක් දිගේ එන්න ඔන.ඔය අතර මැද තමයි ජයේගේ එලවලු කොටුව තිබුනේ.ඔන්න රත්නේ ජයෙගේ එලවලු කොටුව කිටිටුවට ආවා.එක වරම ජයේව මතක් වුනා.දුකයි බයයි දෙකම එක වරම දැනුනා.ඇග ටිකක් හිරි වැටිලා ගියා.හැරිලා බැලුවා එලවලු කොටුව දිහා.මෙන්න එලවලු කොටුවෙ එහා කොනේ ඉදලා මෙහා පැත්තට මැරැන ජයේ එනවා අතේ මිනි ඔලුවකුත් එල්ලගෙන.හූ කියාගෙන එතනම සිහි නැතිව වැටුනා....ඇත්තටම මොකද වුනේ ?..ජයේ නැති ටිකේ ජයෙගේ තාත්තා එලවලු කොටුවට ගියා හැමදාම.එදා බන ඉවර වුනාට පස්සේ දානෙට උයන්න අලුත් එලවලු ටිකක් ගෙන්න ජයෙගේ තාත්තා කොටුවට ගියා.පුවක් කොලවලින් හදපු ගොටුවක් අරගෙන ගියා එලවලු ටිකක් දාගෙන එන්න.එලවලු ටිකකුත් කඩාගෙන එල්ලගෙන එනකොට තමයි රත්නේ ජයෙගේ තාත්තව දකින්නේ.මිනි එලුවක් එල්ලගෙන එනවා වගේ පෙනුනේ අර එල්ලගෙන ආව ගොටුව.අද බන හෙට දානේ ජයෙගේ තාත්තා කීයටවත් මෙතන ඉදිවි කියලා රත්නෙට නිකමටවත් හිතුනේ නැ.ලා හද එලියට පෙන්නේ ජයේම තමයි.රත්නේ හොල්මනක් කියලා බයවුනේ ජයේගේ තාත්තට.

    ReplyDelete
    Replies
    1. ඔය වගේ වෙලාවට අපි පොඩි කාලේ ඉඳන් අහලා තියෙන හොල්මන් කතා වල සිද්දි මතක් වෙන නිසා ඒ වගේ දේවල් මැවිලා පේන නිසයි ඕක වෙන්නෙ. ආයෙ ඉතින් ඒ වගේ වෙලාවට ඇත්ත මොකක්ද කියලා හොයලා බලන්නවත් සිහියක් නැතුව දුවන එක තමයි කරන්නෙ. හිත හයිය ඇත්ත තේරුම් ගන්න එකෙක් නම් පොඩ්ඩක් නතර වෙලා හොයලා බලනවා ඒ ගැන. ඔහොම වෙන්න මනස හැඩ ගැහෙන හැටි ගැන පෝස්ට් එකක් ඉදිරියේදි කියවන්න ලැබෙයි කියලා හිතනවා.

      Delete
  11. පිස්සන්ට යක්කු පෙරේතයොත් බය ඇති.. මෙන්න අපිට වෙච්ච සිද්දියක්.

    http://ambalangodakatha.blogspot.com/2015/08/blog-post_22.html

    ReplyDelete
    Replies
    1. උන් දැක්කාම නම් යකෙක්වත් ලඟට එන්නෙ නැතුව ඇති තමා. සාදරෙන් පිලිගන්නවා අම්බලන්ගොඩව.

      Delete
  12. උඔයි යාලුවයි බයිසිකලෙත් දාලා රෙදි නැතුව දිව්වයි කියලා ආරංචි

    ReplyDelete
    Replies
    1. කවුද යකෝ ඕක උඹෙ කනේ තියපු එකා... මේ ටිකට ඒකත් ආරංචි වෙලානෙ...

      Delete
  13. ආ...................... මං කොමෙන්ටුවක් දාලා නෑනෙ. අර ගෙවල් මාරු කේස් එක නිසා ඔක්කොම අවුල් බං. කොස් ඇටයක්වත් පුච්චගන්න වෙලාවක් නෑ. ඒකටවත් ඉඩදෙනවයැ මේ යක්කු.

    ReplyDelete
    Replies
    1. මොනාද බං මේ ලෝකයා කියන කතා...? උඹව ගෙයින් දොට්ට දැම්මා කියන්නේ.....

      Delete
    2. ලෝකයා? අර මලු විකුනපු පොරද?

      Delete
  14. සොහොන් පිට්ටනි සහ හොල්මන් කියලා සීරිස් එකක් පටන්ගත්තොත් නාකද?

    ReplyDelete
    Replies
    1. අම්මපා... තියෙන තරමක් තියෙන්නෙ හොල්මන් නටපු කතාමනෙ.

      Delete
  15. යක්කු හොල්මන් පෙරේතයෝ හොඳයි බන් මේ මිනිස්සුන්ට වඩා. නැද්ද ?

    ReplyDelete
    Replies
    1. එකෙන්ම. මිනිස්සුන්ගෙ වැඩ දන්නවා නම් උන් ලඟටවත් එන එකක් නෑ. මැරිච්ච උන්ට නෙවෙයි බය වෙන්න ඕනෙ පණ තියෙන උන්ට.

      Delete

 
 
Blogger Templates