Pages

Sunday, January 31, 2016

මේක අරන් පල......

       පදිරියාගෙ අලුගුත්තේරු වැඩක් ගැන කියන්න අරන් අන්තිමට රටේ නැති ඒවා කියලා කියන්න ආපු කතාව කියන්න බැරි උනානෙ. ඒ හින්දා අදවත් කතාව කියන්න ඕනෙ කියලා ගිය පාර පෝස්ට් එකෙන් නවත්තපු තැන ඉදන් පටන් ගන්න කියලා හිතුවා.
 

Sunday, January 24, 2016

අයියගෙ වැඩ......

 
        පදිරියාගෙයි යාළුවො දෙන්නගෙයි විස්තරේ වගේම උන් තුන්දෙනා කරපු වැඩකුත් කලින් පෝස්ට් එකේදි කිවුවනේ. මේ පාරත් උන් තුන්දෙනා එකතු වෙලා කරපු අලුගුත්තේරු වැඩක් ගැන කියන්න හිතුවා. ඔය අස්සෙ ඊයෙ මහේශ් දාලා තිබුණු කමෙන්ට් එකට රිප්ලයි එකක් ටයිප් කරනකොට මයිලා කෑ ගගහා යනවා කඩේ පැත්තට ගිහින් එන්නම් කියලා. ඌට කියන්නත් හිතුනා මෙන්න මං උඹලාගෙ වැඩ ගැන රටටම කියනවා කියලා. ඒත් ඉතින් අම්මමෝ නැතුව උගෙ සුපිරිසිදු වචන සෙට් එකෙන් අහගන්න බැරි නිසා සද්ද නැතුව හිටියා.
 

Wednesday, January 20, 2016

පස්සට කරදරේ..........

       පරණ කතා පෝස්ට් කරලම දැන් ඒකට පුරුදු වෙලාද මන්දා දිගටම ඒවම ලියවෙනවා. අදත් කියන්න හදන්නෙ අවුරුදු ගාණකට කලින් වෙච්චි පරණ කතාවක් තමයි. මෙච්චර දවසක් කියපු කතා වලින් මුණගැහුනු නැති චරිත තුනක් මේ කතාවෙදි ඉන්නවා. වැඩේ කියන්නෙ උන් තුන් දෙනාම අපෙ නෑදෑයො වෙච්චි එක. මුලින්ම මුන් තුන්දෙනා ගැන කියලා ඉන්නම්කෝ.

Sunday, January 17, 2016

පෝස්ට් හොරෙක් වීම.....

         අද පෝස්ට් කරන්න හිතන් හිටපු එකත් පැත්තකට දාලා මේක කොටන්න හිතුනේ ගිය පාර පෝස්ට් එකට ඊයෙ දාලා තිබුණු කමෙන්ට් දෙකක් දැක්කට පස්සෙ. ඔන්න පහලින් තියෙනවා ඒ කමෙන්ට් දෙකේ ස්ක්‍රීන් ශොට් දෙකක්.

Wednesday, January 13, 2016

තොතාපිය තොතාපිය... ආදලේටනේ....


     කාලෙකින් පරණ රස කතාවක් කියන්නත් බැරි උනු එකේ අදවත් එකක් කියලා දාන්න හිතුනා. මේ කතාව නම් අපෙ කාටවත් සිද්ද වෙච්චි දෙයක් නෙවෙයි. මේ කතාවෙ කතා නායකයා ඉන්නෙ අල්ලපු ගමේ. මුලින්ම කියන්න ඕනෙ මං මේ කතාව කියන්නෙ ඒ පුද්ගලයට කිසිම විදිහෙ අපහාසයක් කරන්න නෙවෙයි මේ කියන සිද්දියෙ තියෙන වචන සෙට් එක නිසා විතරයි කියන එක.

Sunday, January 10, 2016

පෙරවදනකට අදහසක්......


     යන්තම් වෙලාවක් හොයාගෙන අලුත් අවුරුද්දෙ පලවෙනි පෝස්ට් එක ලියාගන්න ලැබුණු එකත් ලොකු දෙයක්. ටික කාලයක් නොලියා හිටියට පස්සෙ දැන් ලියන එකත් කම්මැලි වැඩක් වෙලා. කොහොම හරි හිතට ආපු දෙයක් ලියලා දාන්නයි හදන්නෙ.
 
 
Blogger Templates