යන්තම් වෙලාවක් හොයාගෙන අලුත් අවුරුද්දෙ පලවෙනි පෝස්ට් එක ලියාගන්න ලැබුණු එකත් ලොකු දෙයක්. ටික කාලයක් නොලියා හිටියට පස්සෙ දැන් ලියන එකත් කම්මැලි වැඩක් වෙලා. කොහොම හරි හිතට ආපු දෙයක් ලියලා දාන්නයි හදන්නෙ.
ගිය සතියෙ කුරුණෑගල සරසවි පොත්හල පැත්තෙ ගොඩවෙලා පොතක් ගත්තට පස්සෙ ඒකෙ තිබුණු පෙරවදන කියවනකොට ඒකෙ සඳහන් කරලා තිබුණු එක කාරණාවක් ගැන මගේ අදහසත් කියන්න හිතුනා.
ගත්තු පොත තමයි H. Rider Haggard ගේ The Yellow God - An Idol of Africa කියන පොතේ සිංහල පරිවර්තනය වන එස්. චන්ද්‍රසිරි දසනායක ගේ අසිකි ගෝත්‍රිකයන්ගේ රන් පිලිමය කියන පොත. ඒකෙ පෙරවදනේ තුන් වෙනි ඡේදයේ මෙහෙම සඳහන් වෙනවා.
"මගේ පොත් කියවන කීප දෙනෙකු විසින් මගේ අවධානය පිණිස යොමු කරන ලද දෙයක් මගේ සියලුම පාඨකයින්ට දැන ගැනීම සඳහා මෙහි සඳහන් කළ යුතු බවක් මම සිතමි. රයිඩර් හැගාර්ඩ්, ඔහුගේ සෑම කතාවකම පාහේ සුදු මිනිහා ඉහලක තබා කළු මිහිහා පහළ තබන බවත්, සුදු මිනිසුන් සැරිසරන සෑම තැනකම කළු මිනිසුන් අතර පවා ඔවුන්ගේ වන්දනාවට පාතව සිටින්නා සුදු මිනිසෙකු හෝ ගැහැනියක බවත්, මා වෙත දන්වා සිටි කලින් සඳහන් කල පාඨකයෝ, ම තවදුරටත් එම කතුවරයා ගේ පොත් පරිවර්තනය කර ගෙන යන්නේ කතුවරයා ගේ ඉහත සඳහන් සඳහන් අදහස් මා පිළිගන්නා නිසාදැයි මගෙන් විමසා තිබිණි"
මේ කාරණාවට අදාල පිලිතුරු චන්ද්‍රසිරි දසනායකයන් විසින් අනෙක් ඡේදයෙන් සඳහන් කර තිබෙන අතර එහිදී ඉදිරිපත්ව නොමැති අදහසක් ගැන කෙටි සඳහනක් කරන්නයි මේක ලියන්න හිතුනේ.
රයිඩර් හැගාර්ඩ් ගේ බොහොමයක් කතා වල තියෙන්නෙ කලින් සඳහන් කරපු මූලික කාරණාව වටේ ගෙතුනු සිද්දියක් පිළිඹඳව ගොතපු කතන්දර. ඒ කතා වල සුදු ජාතිය උසස් විදිහට සලකලා සඳහන් කිරීම බහුලව දකින්න පුළුවන්. ඒ බව මුළු කතාව පුරාම ඉදිරිපත් වෙනවා යොදාගෙන තියෙන දෙබස් වලින් පවා. කළු ජාතිකයින් විසින් සුදු ජාතිකයින් ආමන්ත්‍රණය කරන වචන වලට බොහෝවිට "සුදු ස්වාමීන්" ලෙස යොදාගෙන තියෙන තැන් බොහොමයි. වැඩි හරියක් වන්දනාවට පාත්‍ර වෙන්නෙත් සුදු ජාතිකයින්. කළු ජාතිකයින් ඇමතීමේදි "වහලා, කළු බල්ලා" වගේ වචන වැඩිපුර භාවිතා වෙනවා. ඒ හැම දෙයක්ම ගත්තාම පේන්නෙ හැගාර්ඩ් විසින් කළු ජාතිකයින් පහත් ලෙස සලකා අධිරාජ්‍යවාදී වැඩවසම් අදහස් ඔළුවෙ තියාගෙන මේ කතා ලියලා තියෙන බවක්.
ඒ කතා වල එහෙම සඳහන් උනත් සෑම විටම මුළු කතාව පුරාම සුදු ජාතිකයින්ගේ බුද්ධිය පරද්දන තරමේ බුද්ධියක් කළු ජාතිකයින් තුල තිබෙන බව පැහැදිලිවම දකින්න පුළුවන්. සුදු ජාතිකයින් නවීන දැනුමෙන් සන්නද්ධ උනත් ඒ කතා පසුබිමේ සිටින කළු ජාතිකයින් සතුව ඉහල බුද්ධියක් තිබෙන බව සෑම විටම ඉස්මතු වෙනවා.
සෑම කතාවක්ම අවසානයේ එහි සිටින ප්‍රධාන සුදු චරිත දිවි ගලවා ගන්නේ පහත් ලෙස සැලකූ කළු ජාතිකයෙකු සතු වනගත, පාරම්පරික දැනුම හා ඔහු සතු ඉහල බුද්ධිමත් භාවය නිසා බව පැහැදිලිවම දකින්න පුළුවන්.
ඉතින් මම දකින විදිහට නම් හැගාර්ඩ් විසින් සියුම් ලෙස සැඟවුනු උපහාසයක් මතු කරමින් සුදු ජාතිකයින් තරමින්ම කළු ජාතිකයින්ද වටිනා බව ඉදිරිපත් කර ඇති බවයි...
චන්ද්‍රසිරි දසනායකයින් ගේ පෙරවදන අවසරයකින් තොරව උපුටා ගත්තට සමාව ඉල්ලන ගමන් පොත් කියවන සහෘද බ්ලොග්කරුවන්ගේ අදහසුත් ඉදිරිපත් වේ යැයි සිතමි...
1
ReplyDeleteඅපිනං ඉතිං පොත් පෙරළනව විතරයිනෙ.
Deleteමොනව උනත් ඔය ඉංග්‍රීසි කතාවල අන්තිමට වීරය වෙන්නෙ බලපුලුවං කාරය නෙමෙයි.
ආයෙ ගේම ඉල්ලන්න බලාපොරොත්තුවක් නැද්ද?
ආයෙ ඉල්ලන්න ගේමක් ඉතුරු වෙන්න එපැයි. උඹලා එලව එලව ගැහුවනේ....
Deleteඅා............... කැමා තාම ඉන්නවා නේද??????? අපි හිතුවා ක්‍රිකට් පාලක මණ්ඩලයටවත් ගියාද කියලා.....
ReplyDeleteආයෙ ඉතින් මේක දාලා කොහෙ යන්නෙයි කුරුට්ටෝ.....
Deleteතාම පොතේ පෙර වදන විතරයි වගේ කියවල තියෙන්නෙ. මේ පෝස්ට් එකක් අමුතු පොත් පෙරලිල්ලක් තමයි.
ReplyDeleteයකෝ පොතත් දෙපාරක් කියවලා ඉවරයි... මට වඩා උඹට තමා පුරුදු පොත් පෙරල්ලා....
Deleteමා කියවා ඇති තරමින් රයිඩර් හැගාඩ් එහෙමම සුදු ජාතිකයන් ඉහළ තත්වයේත් කළු අය පහත් තත්වයේත් ලෑ සලකන්නේ නෑ.කළු අයට ලැබිය යුතු නිසි තැන ලබාදී ඇති බව මම ඕනෑ තරම් දැක තිබෙනවා.
ReplyDeleteඔව් හැලපෙ අයියේ... ඒ පොත් වල උඩින් බලනකොට පේන්නෙ ඒ විදිහට උනත් හරියට කියවලා බැලුවාම ක්ළු ජාතියට හොඳ සැලකීමක් තියෙනවා...
Deleteරයිඩර් හැගාර්ඩ්ගේ කිං සොලමන්ස් මයින්ස් පොතේ නම් බොහෝවිට කළු ජාතිකයන් වීරයන් කොට දැක්වෙනවා. තම ස්වාමියා වෙනුවෙන් අලියා ඉදිරියට පනින කළු ජාතිකයාත් (මට නම මතක නැත) හොටැන්ටොට් ජාතික වෙන්තෝජලත් උදාහරණ වේ.
ReplyDeleteඒ අනුව යෂ්‍යන්තගේ අදහස නිවැරදියි. හැගාඩ් සියුම්ව අයිරනි හෙවත් සෝපාහාසය භාවිත කර තිබේ.
එකෙන්ම දිලෝ... ඒත් ඔය කාරණාව දසනායකයන්ට ලිපි ලියපු අය දැකලා නෑ වගේ.. ඕනෙම දේක අඩුවක් හොයන පිරිස වැඩීනේ...
Deleteදකින්නට ලැබීම ගැන සතුටුයි
ReplyDeleteස්තුතියී ඉයන්... ඒක නෙවෙයි මොකක්ද මේ ලබ්බාගේ බඩ කපපු සීන් එක..?
Deleteආ... පොත් නේද?
ReplyDeleteබොගෙ නොම්බරේ දාපිය මට.. හදිස්සියක්.
ජයවේවා..!!
හදිස්සියක් නං දුවපිය අටම හොයාගෙන. කැමයි මනොවයිත් ගිහිං දෙහි මංගල්ලෙයක් පවත්තලා ආව කියල ආරංචියි...
Deleteඅටමා අටමගේ කඩේ ඉස්සරහා නවත්තන කිරි ලොරියේ ඩ්‍රයිවරයගේ අණ්ඩක් කඩනවා කිය කිය හිටියේ.වැඩේ දීලද දන්නෑ.හෙට අනිද්දට ඒ පැත්තේ ගිහින් එන්නත් ඕන.
Deleteලබ්බෝ,
Deleteමේලක් දාපිය නොම්බරේ එවන්න.... පොත් කිවුවොත් ඉතින් උඹත් එතනනේ නේද...? උඹටත් වඩා පොත් වලට වහ වැටුනු කෙනෙක් ඉන්නවා නේද...?
ඩ්‍රැකී,
අටමා බලන්න යනවා කියන එක හරියට දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් බොල... හපොයි...
මනෝ,
මෙලහට කිරි කාරයගෙ හත්මුතු පරම්පරාවටම පිං දිදී ඇති....
මදැයි මුන දැක්කා.... මං හිතුවේ යන්ටම ගියා කියලා....
ReplyDeleteසබරේ
පිස්සුද මලේ... මේවා දාලා ගිහින් කොහොමෙයි....
Deleteමේක දාලා ආයෙ හැංගියං තව මාසෙයක් හමාරක් යනකං...
ReplyDeleteහැංගෙන්න තැනක් හොයලා දියන් දෙයියෝ....
Deleteවර අපේ ගෙදර. මං ගම රට අත්ඇරල යන්ඩ ඉන්නෙ...
Deleteමෙන්න රයිඩර්ගෙ තවත් වැඩක්
ReplyDeleteඋඹ මුලදි කියන එක හරියටම හරි! රයිඩර් විතරක් නෙමේ කොනන් ඩොයිල්ටත් ඔය උණ තදින්ම තිබ්බා. “ඔබ සුදු හම ඇති මිනිහෙක්. ඒ නිසා මම ඔබව විස්වාස කරනවා“ වගේ දෙබස් යොදාගන්නවා මට මතකයි. ඒ ප්‍රවණතාවය නිසාම සුදු මිනිස්සු අතරේ මේ පොත් ජනප්‍රිය වුණා කියලා මට හිතෙන්නෙ.
Deleteඅනික බං, අපේ පොඩ්ඩක් හම සුදු එවුන් අඩි ගානක් උඩින් යන්නෙ. උන් දන්නෙ නෑ, බටහිර එවුන්ට අපි හැමෝම කලු ජාතිකයො කියලා. එහෙම රටකට ගිහාම හම සුදු අපේ උන්ටයි අප්‍රිකාවෙ උන්ටයි ලැබෙන්නෙ එකම සැලකීම. මම කලු නිසා කියනවා නෙමේ. මිනිස්සුන්ගෙ බාහිර පෙනුම නිසා උස්/පහත් වශයෙන් සැලකීමේ පාදඩ ලක්ෂණයට ඇති අකමැත්ත.
මේ පොත් හොයාගන්න ඕනි. උඹ නැවත ආ එක ගැන සතුටුයි.
ඔය පොත් කියවලා දැන් අවුරුදු 10 කට වැඩී බං... කොහොම හරි හැගාර්ඩ්ගේ පොත් වල පරිවර්තන සේරම කියෙවුවා...
Deleteහම කළු වෙනකොට මොකක් හරි අඩු වෙනවද දන්නෑ... ඒ උනාට උන්ට මතක නෑ උන් දියුණු උනේ හම කලු උන්ව හූරගෙන කාලා කියලා... ඔය පොත් සෙට් එකම සරසවි එකේ තියෙනවා බං. මං ලගත් කීපයක් ඇරෙන්න අනිත් සේරම තියෙනවා.
ආ මල්ලි කොහොමෙයි ඉතින්.
ReplyDeleteඑස්. චන්ද්‍රසිරි දසනායකගේ පරිවර්ථනය බලන්න ඕන ඔය කියන කරුනු ගැන අදහසක් ගන්න.ඔය සුදු කලු භේදය ඉතා පැරනි දෙයක්.ඉන්දියාවේ මුල් වෛදික යුගයේ ආර්ය අනාර්ය බෙදීමටත් ඕක බලපෑවා.
ආ... උඹෙ කොම්පීතරේ හදාගත්තද... මෝනාද බං පොතක් පතක් කියවන්නෙ නැති ජීවිතේ...?
Deleteකැමා පොත කියවල ඉවරද දැන් ..ලස්සනයිද
ReplyDeleteහැගාර්ඩ්ගේ පොත් වලින් මට නම් සුපිරිම එක... බස් එකේ ගෙදර යන විනාඩි 40 ට පොත් කියවලා ඉවරයි හංසියෝ....
Deleteමේකව දැක්ක කල්.
ReplyDeleteඅදහස් කියන්න කිවුවට පොත කියවලා නැහැ බං. හොදයි වගේ හිතුන හන්දා ගන්න හිතාගෙන ඉන්න ලිස්ට් එකට මේකත් ලියා ගත්තා.
පොත් සෙට් එකක්ම තියෙනවා මචෝ... එන්න විදිහක් තිබුනේ නෑ බං.. ඒකයි පේන්න හිටියෙ නැත්තේ...
Deleteහප්පේ නයෙක් පොලගෙක් දැක්ක වගේ..
ReplyDeleteජ ය වේ වා !!!
හෑ.... යකෝ මූ නයාම කන්න එපැයි...
Deleteරයිඩර් හැගාර්ඩ් ට එරෙහිව කතාකිරීම සෑහෙන කාලයක පටන් තිබුනා.
ReplyDeletehttps://fictionnonfictioneng.wordpress.com/2012/08/21/instrinsic-racism-in-h-rider-haggards-king-solomons-mines-fictionnon-fiction/
නමුත් මමනම් දකින්නේ ඔහු සංසන්දනාත්මකවයි ලියන්නේ කියලයි.
යකෝ ටවුම දිහාවේ එන්ඩ හිතෙන්නේ නෑ පාර හැදිල්ල නිසා. වඳුරාගල දිහාවේ තියන බ්ලොක් එක එකම ජංජාලයක්. මම පෙරේදා ටවුමට ඇවිත් ඉස්පිරිතාලේ ලඟින් විල්බාව පාරෙන් තමා ආපහු කොළඹ පාරට ආවේ.
මන් නම් හැගාර්ඩ්ගෙ වරදක් දකින්නෙ නෑ. ඒ පොත් කියවන අය ඒ දිහා බලන විදිහෙයි වැරැද්ද. පොතක් කතාවක් කියවලා රස විඳලා ඉන්නවා මිසක් ලියන එකාගෙ අඩු පාඩු මොකටද බලන්නෙ.
Deleteකොළඹ පාර ගැන නම් මේ දවස් වල කතා කරලා වැඩක් නෑ. ලඟදි දවසක ට්‍රේන් එක බැරි වෙලා පොල්ගහවෙලට ඇවිත් බස් එකේ ආවා. ආයෙ නම් පාර හදලා ඉවර වෙනකම් යන්නෙ නෑ. විල්බාව පාරට දාන්නත් ඉස්පිරිතාලෙ ලඟ පාලම උඩින් එන්න එපැයි. එකනෙ එපා වෙන්නෙ.
පරිවර්තන පොත් කියවන්න නම් මම එච්චර කැමති නෑ..
ReplyDeleteමං මේ පැත්තට ආවේ මුල් වතාවටද කොහොද.)