Pages

Tuesday, March 22, 2016

18680 යි, 45 යි, 1 යි.....

 
      ඔන්න කැමත් මේ රෙද්ද අස්සෙ ඔළුව දාලා අවුරුද්දකුත් ගෙවුනා එහෙනම්.. කියන්න නම් ගොඩක් දේවල් තිබුනත් මේ දවස් වල නැට්ට ගිනිගත්තු මොකාද එකා වගේ නිවනක් නැතුව එහෙට මෙහෙට දුවන නිසා මේ අකුරු ටික හරි යන්තම් කොටාගන්න ලැබුනු එකත් ලොකු දෙයක් කියලා හිතනවා...

       මේ පාර නම් අර කලින් සැරේ වගේ නම් ගම් එක්ක කියන්න වෙලාව මදි නිසා හැමදාම මාත් එක්ක මේ වෙනකම් හිටපු හැමෝටම ගොඩක් ස්තුතියී කියලා විතරක් කියන්නම්... ගොඩක්ම....

       ඔන්න අවුරුද්දක් ගෙවෙද්දි යන්තම් පෝස්ට් 45 ක් කොටාගෙන, හිට් කවුන්ටරෙත් 18680 කුත් කරකවාගෙන (ඕකෙන් තුනෙන් පංගුවක් මංම රිංගපුවා) හිටියත් මේ දවස් ටිකෙ නිකමටවත් මේක අස්සෙ ඔළුව දාලා බලන්නවත් බැරිවුනා. ඒකට නම් මට සමාව දියල්ලා... ආපහු ලබන සතියෙ ඉඳන් පුරුදු ට්‍රැක් එකට වැටෙන්න ඕනෙ කියලා හිතාගෙන ඉන්නවා.. බලමුකෝ..

        එහෙනම් ආයෙත් සැරයක් මේ ගමන එන්න මට හයියක් වුනු හැමෝටම ගොඩක් ස්තුතියී.....
 
 
Blogger Templates