Pages

Monday, June 8, 2015

ආදර කුක්කා....




කුක්කා කියපු ගමන් හිතන්න එපා පොශ් නොනලා ඔඩොක්කුවේ තියාන හුරතල් කරන පොලොස් ගැට වගේ සැපට ඉන්න හුරතල් බලු කුක්කෙක් ගැන කියන්න හදනවා කියලා. දැනටමත් එහෙම හිතලා බනින උන් ඉතිරි ටිකත් කියවලාම බැන්නට කමක් නෑ..


ඊයෙ හවස කෝච්චියෙ මුල්ලක් අල්ලගෙන සින්දුවකුත් අහ අහ පොඩි මනෝ පාරක් දාගෙන ඉන්නකොට මං ලඟින් වාඩි වෙලා හිටපු කොලුවා ටිකක් ලොකු ෆෝන් එකක් ඇදලා ගන්නවා දැක්කට පස්සෙ මට ඕක මොකක්ද කියලා බලන්නමයි හිත. මටත් ඉතින් ඔය ඉලෙක්ට්‍රොනික් ගැජට් එකක් දැක්කාම ඕක මොකක්ද කියලා බලනකම් නලියන ගතියක් ඒ කාලෙ ඉදන්ම තියෙන හින්දා හිමීහිට රබර් ඇහැ දාලා බැලුවා මොකක්ද මේ ෆෝන් එක කියලා. බැලින්නම් පොඩි බඩුවක් නෙවෙයි අයිෆෝන් සික්ස් ප්ලස් එකක්. ලේසි නෑ වැඩේ. දැන් බලනවා ඇති මොකක්ද මේ කුක්කගෙයි ෆෝන් එකෙයි තියෙන සම්බන්දෙ කියලා. 


ඔන්න දැන් තමයි ඔතෙන්ට කුක්කා එන්නේ..


මං අර ෆෝන් එක දිහා බලද්දි ඒකෙ තිරේ ප්‍රමාණයෙන් ලොකු නිසා මන් දැක්කා මේ කියන කොලුවා වයිබර් වලින් චැට් කරනවා. අනුන්ගෙ දේවල් බලන්න හොද නැති උනත් ඒ බලපු ටිකට මන් දැකපු එක වාක්‍යයක් නිසයි මේ පෝස්ට් එක ලියන්න හිතුනේ. අනේ ඉතින් ඒ දැකපු වාක්‍යයෙන් තමයි මන් දැන ගත්තෙ මූ චැට් කරන්නේ කෙල්ලත් එක්ක කියලා. අනේ ඒ සුන්දර වාක්‍ය තමයි "ඉක්මනට එනවද මගේ කුක්කෝ" කියලා එවලා තිබුණු එකක්.....


අනේ ඉතින් ඕක දැකපු ගමන් මට හිනා ගියා තමයි. දැන් ඉතින් උබලා ඕකට රටේ නැති කතන්දර කියයි. යකුනේ මන් හිනා උනේ ඒ කොලුවට නෙවෙයි. මේ කෙල්ලො කොල්ලො ලව් කරනකොට දෙන්නා දෙපැත්තට කියන නම් කන්දරාව මතක් වෙලා හිනා ගියේ. ආදරේ වැඩි කමට තමන්ගේ කොල්ලට එක නමකින් කතා කරලා මදි වෙලා නම් කීයක්නම් කියනවද මේ කෙල්ලෝ. වැඩි හරියක් කොල්ලො නම් ඉතින් වැඩිම උනොත් එකයි දෙකයි කියන්නෙ තමන්ගේ කෙල්ලට. ඕකෙන් ජනප්‍රියම එක තමයි "සුදු අම්මි". ඒකට කෙල්ලෝ... වැඩි හරියක් උන් කොල්ලට මැට්ටා කියන එකෙන් නම් බොහොම සුන්දරව කතා කරනවා පොඩ්ඩ ඇත්නම්.


ඔය මොන නම් ගොඩක් අහලා තිබුනත් "කුක්කෝ" කියනවා ඇහුවෙ පලවෙනි වතාවට. ඒ ෆෝන් එකෙන් ඒ මැසේජ් එක දැක්කාම හිතුනේ ඒ ගෑණු ළමයා කොයිතරම් ආදරෙන් ඒක ඒ කොලුවට කියනවා ඇද්ද කියලා ඒ මැසේජ් එක ආපු වෙලාවෙ ඒ කොලුවගේ මූණෙ තිබුණු හිනාව දැක්කාම.


අන්තිමට ඔහොම ගිහින් තව මොන මොන නම් වලින් කතා කරයිද දන්නෙ නෑ. අනේ මන්දා අර අලුතෙන්ම සම්මත වෙච්ච සභ්‍ය වචන කියලා ඔප්පු කරපුවාගෙනුත් කතා කලොත් තමයි නියමෙට තියෙන්නෙ...


ඕක කියාගෙන යද්දි මතක් උන ලව් කරද්දි වැඩිපුරම කියවෙන නම් ටිකත් කොටලම ඉවරයක් කරන්නම්කො..


"බබා, පැටියො, සුදූ, සුදු අම්මි, සුද්දි, චූටි, මැණික, රත්තරන්, මැට්ටා, බූරු පැටියා, සුදු මැණික, වස්තුව, අම්මි"


දැනට මතක් උනේ ඔච්චරයි..  තව තියෙනවා නම් පහලින් කොටන එකයි ඇත්තේ....

*ඡායාරුපය ගූග්ල් වෙතින්...

26 comments:

  1. ඇයි තාත්ති, හනී, බනී, ගල් ඉබ්බ, ගෙම්බා, ගෙම්බි, මැට්ටි, පූවා, චික පූ .... ඇට්සැට්රා

    ReplyDelete
    Replies
    1. අම්මට හුඩු... "ඇට්සැට්රා" කියලත් කියනවද?

      Delete
    2. අම්මෝ මධාවියාට අමතන නම් සෙට් එකම මෙතන දාලනේ...

      ඇත්තට ඇනො කිව්වා වගේ මූට "ඇට්සැට්‍ රා" කියලත් කියලනේ... ශුවර් එකටම තරහා ගිය වෙලාවට බැණපු නමක්ද කොහෙද.....

      Delete
  2. ශුවර් නේද ඔය කොල්ල අපේ වෙනී අයිය නෙමෙයි කියල. :D

    ReplyDelete
    Replies
    1. ඒ කියපු විදිහට නම් වෙනී අයියගෙ මොකක් හරි සම්බන්දයක් තියෙනවා වගේ මේ නමත් එක්ක.....

      Delete
  3. බැන්දාට පස්සේ..
    ඒයි, මේ, පුතාලාගේ තාත්තේ, ඔයි, මිනිහෝ,

    ReplyDelete
    Replies
    1. අනිවා.... ඔය ටික නම් ශුවර්...

      අත්දැකීමෙන්ද මන්දා ඒ ටික කිව්වේ.....

      Delete
  4. Replies
    1. ඇම්ඩා කිව්වලු පණ යන්නෙ ජනේලෙන් කියලා........

      Delete
  5. තව කල් යනකොට රිලා පැටියෝ, කැස් වටුවෝ, හුළං අස්සයෝ, බෝදිලිමෝ, වගේ ඒවත් එයි.

    අපේ උන්දැ මට කියන්නේ..........මේ අපේ උන්දැ........ මට කියන්නේ ..............මේ....................එක්කො ඕනෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔන්න ඉතින් කියන්නෙ නැතුව මග අරිනවා...

      Delete
  6. බැන්ඳට පස්සේ ඉතින් ඔය ඔක්කොම වෙනස් වෙනවනේ..

    ReplyDelete
    Replies
    1. අන්තිමට ඉතින් කඩදාසි කෑල්ලක ලියලා මේසෙ උඩින් තියලා යන එකනේ කරන්නේ.....

      Delete
  7. ඔය කුක්කො, පැටියො අනං මනං බඳින්න කලින් සහ බැන්ද ගමන් කිව්වට ටික කාලෙකට පස්සේ වෙනස් වෙනවලු.
    බැන්ද මුල් කාලේදී පැටියො කෑම කන්න එන්න කියල කිව්වට කාලයක් යද්දී කියනවලු "මේ කෑවානම්" කියල. ඔය වගේ ඉතිං සෑහෙන්න දේවල් කල් යද්දී වෙනස් වෙනවා.

    ReplyDelete
    Replies
    1. හැමදාම කන කඩේ කෑම රස නැති වෙන නිසාද දන්නෑ නේද.....?

      Delete
  8. ඕවා ඔහොම තමයි බං... උඹ ඕවට සැලෙන්න එපා.. උඹේ කෙල්ල උඹට කුක්කා කියන ඇත්තෙ ඇත්තටම ආදරේට වෙන්න ඇති.කවද්ද උඹ අළුත් ෆෝන් එක ගත්තේ?
    හෙහ් හෙහ් හේ...
    ජයවේවා..!

    ReplyDelete
    Replies
    1. මං හිතුවා ඕක අහගන්න වෙයි කියලා... යන්තම් කුක්කා කියන එක විතරයි අහගන්න බැරි උනේ බං... :D

      Delete
  9. "සුදු අම්මි" තමයි වැඩිපුරම තියෙන්නෙ. අපේ එකෙකුගෙ ෆෝන් එකක ඕක තිබිල ඌට සෑහෙන්න කාඩ් වැදුන.
    "යකෝ උඹ ........නෙ අම්මටද?"
    "වදාපු අම්මට අම්ම කියල කියන්න බෑ තොපිට.... ....දාගත්ත ගමන් සුදු අම්මි වෙනව"
    ඔය දෙකක් විතර

    ReplyDelete
    Replies
    1. අනේ අර අසරණයා විනාස කරන්න ඇති... මොනා උනත් ඌ කොර වෙන්න අහන්න ඕනෙ එක අහලා තියෙනවා.

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. අපේ එකෙක් ෆෝන් එකේ wife ගෙ නම්බර් එකට දාල තියෙන්නෙ Bunny මම දැකපු වෙලාවෙ ඇහුව "උඹ ආදරේට කතාකරන්නෙ Bunny කියලද ?"
    " පිස්සුද බං , කතාකලොත් මොකකට හරි බනින්න තමයි. ඒකයි බනී කියල දාල තියෙන්නෙ "

    ReplyDelete
    Replies
    1. wife දන්නවා නම් උට දාගන්න වෙන්නේ bunny කියලා නෙවෙයි.... මොනා උනත් ඌට තමයි ගෑනිට කියන්න ඕනෙ නියම නම මතක් වෙලා තියෙන්නෙ...

      Delete
  12. අනේ අනේ ඔයා මට හායි පෝනි කියන්නේ ආදරෙටනේ නේද ඇත්තටම ඔයා මට ලව් නේද

    අඩෝ ගස් ලබ්බෝ මගේ එකාට කුක්කා කියන්න ඔයා කවුද මෙයා? ඒන්න එපා ඕවට විතරක් මන් මාතට කියනවා චියා ...යු ආ පකින් පෙලෝ .....නෝටි බෝයි

    ReplyDelete
  13. අනේ ඉතින් මගේ බිරින්දෑ නම් නම කියලයි කතා කර කර හිටියේ. කොහෙද ලංකාවට ගිය වෙලේ අපේ එවුන් නම් ලියල දීල කියන්න - හිටපු ගමන් කියනව "මැගී සුසු රද්දාරන්" කියල. කොහේ යන මැගියෙක්ද කියල අහන කොට - අම්ම තමා කිව්වේ. ඔය අපේ කෙල්ලෝ ටික උගන්නල කියල.
    http://nelumyaya.com/?p=3176

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතීයි.... වෙලාවකට හිතෙනවා අපි ලඟ තියෙන වචන මදි කියලා හිතේ තියෙන එවා කියන්න... ඒ නිසා ස්තුතීයි කියලා විතරක් කියන්නම්...

      Delete

 
 
Blogger Templates