ලැපට වෙච්ච අකරතැබ්බයක් නිසා අකමැත්තෙන් උනත් හිත හදාගෙන
මාසයක් විතර බ්ලොගට ගොඩ වෙන්නෙ නැතුව හිටියෙ. යන්තම් වැඩේ ගොඩ දාගෙන ඔන්න ආපහු
රිංගුවා......
නිතර යන එන බ්ලොග් වලට ඔලුව දාලා කොමෙන්ට් දාන්න බැරි උන
එකට නම් සමාව දෙයි කියලා හිතනවා... තරහා අවසර ඕං....
උඩ තියෙන මාතෘකාව දැකලා අර පොඩි කාලෙ අහලා තියෙන ජැක්
කියන කොලුවා බෝංචි වැලක් දිගේ අහසට ගිය කතාව කියන්න හදනවා කියලා නම් හිතන්න එපා.
ඒ කතාව ගැන කියද්දි මතක් උනා ඉස්සර ජාතික රූපවාහිනියෙ ගියපු ටයි මාමා හඬ කවපු
"ජැක් සහ බෝංචි වැල" කතාව. ඒක බලපු අයට නම් මතක ඇති ඒ කතාව මොන තරම්
ආසාවෙන් බැලුවද කියලා. අනේ දැන් ඒ වගේ කතා යන්නෙ නැති එක ගැන නම් දුකයි. ඒ වගේම
ගිය අවුරුද්දෙ ආපු "Jack the Giant Slayer" කියන ෆිල්ම් එක. ඒකත් ආසාවෙන් බලන්න පුලුවන්
කතාවක්...
මම පඳුරු
තැලුවද මන්දා.... ඔන්න කියන්න ආපු කතාවට බහින්නම්කෝ...
මගෙ හිතවත්ම සහෝදර ඡායාරූප ශිල්පියෙක් ස්ටුඩියෝ එකක්
කරනවා නගරෙන් ටිකක් ඇතුලට වෙන්න. ප්‍රධාන පාරක් මැදි කරගෙන තිබුනත් තාමත් ගමේකම
රැඳිලා තියෙන මනුස්සකමින් පිරුණු මිනිස්සු ඉන්න ගමක. ඉතින් මේ ගමේ තියෙන මගුල්
ගෙවල් බොහොමයක් ටවුමෙ වගේ පොෂ් තාලෙට ගන්න ඒවා නෙවෙයි. වැඩි හරියක් තමන්ගෙ ගෙදරම
ඉඩ පාඩු තියෙන විදිහට පොඩිවට ගන්න ඒවා. ඒවගෙන් ලැබෙන ඇනවුමත් සාමාන්‍ය මිලට කරන
ඇල්බම් තමයි. ඉතින් මේ ගෙවල් වල ගන්න වෙඩිමට කෑම බීම හදන්නෙ එක්කො අහල පහල ගෑනු
උදවිය එකතු වෙලා හරි එහෙම නැත්නම් ඒ ලඟ තියෙන කේටරින්ග් සර්විස් එකකින් තමයි.
ඉතින් දවසක් ඔය වගේ වෙඩිමකට අපි දෙන්නම උදේම ගිහින්
මනමාලිගෙ ෆොටෝ අරගෙන කාරිය උන්දැගෙ කරුමක්කාරයා එ කියන්නෙ මනමාලයා එනකම් එලියට
වෙලා කයියකුත් දාගෙන හිටියා. වැඩි හරියක් කලේ ඉතින් මනමාලි අන්දපු එකීට පතුරු යන්න
බනින එක. ඇයි හතිලවුවෙ කලින් අපූරුවට හිටපු කෙල්ලගෙ මූණෙ ගාන්න තියෙන ඔක්කොම ගාලා
අඳුරගන්න බැරි කරලනෙ මේකී. ඔහොම ඉන්නකොට ගෙදර කෙනෙක් ඇවිත් බොහොම ඉමිහිරි වචන සෙට්
එකක් එලියට දැම්මෙ නැතෑ. ලඟට ලං වෙලා "කිරිබත් කෑල්ලක් කාලා තේ එකක් බීලම ඉමු
නේද..?" කියලා අපෙන්
ඇහුවාම ඉතින් අනේ උන්දෑ ගැන ඇති වෙච්ච ආදරයක්...
අපි දෙන්නත් එක්ක තේ මේසෙ ඇරල තිබුණු මඩුවට (ගමේ ගෙදරක
කෑම මඩුව සරසලා තියෙන විදිහ දැක්කම බඩ පිරෙනවා. ගමේ ඉන්න කලාකරුවො ටික ඕකට දන්න
සෙල්ලම් ඔක්කොම දානවනෙ) ගිහින් බලද්දි රටේම තියෙන කැවිලි සේරම එතන. ඒ ගැන කියන්න
වෙනම පෝස්ට් එකක් දාන්න වෙයි. කොහොම හරි ඕව සේරම දිහා බලාගෙන කිරිබත් කෑලි දෙකක්
බඩට බස්සලා ඒ උඩටම ලොකු කේක් කෑල්ලක් එක්ක අඩියක් විතර දිග ඇම්බුන් ගෙඩියකුත්
දාගත්තා බුරිය උල් වෙන්නම. අනේ ඉතින් ලෙල්ල පැත්තකින් තියන්න උනේ නෑ මෙන්න පොඩි
නංගිලා දෙන්නෙක් තේ අරගෙන ආපි. දැන් ඉතින් උබලා කියයි රටේ නැති ඒවා ඔකට...
ඔහොම තේ බිබී ඉන්න
අතරෙ වටපිට බලද්දි ඒහා පැත්තෙ මඩුවෙ තමයි මගුල් මේසෙට කෑම උයන්නෙ. අපි දෙන්නත් එතන
වෙන ජරමරේ දිහා බලන් හිටියෙ එතන අත්උදවුට ගෑනු දැරිවියො දෙතුන් දෙනෙක් හිටපු
හින්දා මිසක් කෑම උයන හැටි බලන්න නම් නෙවෙයි. ඔතන හිටපු අවුරුදු 60ක විතර පිරිමි
කෙනෙක් තමයි ඒ සේරම පාලනය කලේ. උන්දෑ ඉතින් ගෑනු ගොඩ මැද්දෙ වීරයා වගේ සද්දෙ දාගෙන
වැඩ. ඉතින් අපෙ මේ කෝකියා අර අනික් කේටරින්ග් වල ඉන්න කෝකියො වගේ සුදු පාට කෝට් එක
දාගෙන නම් හිටියෙ නෑ. උන්දෑ හිටියෙ කමිසෙකුත් නැතුව සරමක් විතරක් කැහැපට ගහගෙන.
එතන ලිප් වල තිබුණු රස්නෙ නිසා
වෙන්න ඇති. ඒ වගේම හොදටම දාඩිය දාලත් හිටියා. ඔන්න දැන් තමයි ඔතෙන්ට බෝංචි
එන්නේ....
හොදට සුද්ද කරලා නූල් ඇරලා කෑලි කඩපු බෝංචි බේසමක් අරගෙන
ඒකට තුනපහ කලවම් කරන්න තමයි දැන් අපෙ කෝකි උන්දැ හදන්නෙ. ඉතින් උන්දෑ බෝංචි බේසම
මේසෙ උඩින් තියලා ඕකට හොදට තුනපහ ටික දාලා කාරිය.... අර දාඩිය පිරිච්ච අත් දෙක
එබුවෙ නැතෑ වැලමිටි දෙක ලඟට එනකම්ම බෝංචි බේසම අස්සට.... හැන්දක්
වෙනුවට අත් දෙකෙන් තමයි තුනපහ කලවම් කලේ. හොඳ වෙලාවට අපි දෙන්නා තේ දෙක බීලා
හිටියෙ....
මොනා උනත් හොඳ පදමට ලුනු තියෙන්න ඇති බෝංචි හොද්දෙ. අනේ
ඉතින් එදත් එදයි මේ වෙනකම් තරු පහේ හෝටලේකින්වත් බෝංචි නම් කන්නෙ නෑ. තාමත් අපි
දෙන්නා සෙට් උන වෙලාවට ඕක මතක් කරලා හිනා වෙනවා.
මට නම් ඉතින්
දැන් මගුල් කෑම මේසෙ තියෙන බෝංචි වෑංජනේ තියෙන්නෙ මායා බෝංචිම තමයි. කොච්චර ආසා
උනත් කන්න බෑනෙ..........
* ඡායාරූපය ගූග්ල් වෙතින්...
* ඡායාරූපය ගූග්ල් වෙතින්...
මරු සීන් එක...උයන උන් ගොඩක් ඔහොමයි.කිසි පිළිවෙලක් නෑ...
ReplyDeleteහාල් බේසම ඇතුලට බැහැල හාල් හොදපු එකෙක් ගැනත් අහල තියෙනවා...
අපි දැක්කෙ ඔය ටික විතරයි.... තව මොන තරම් ඒවා ඇද්ද... අනේ ඉතින් ඕවා කන උන්ට දෙයියන්ගෙම පිහිටයි.....
Deleteඕකෙ ටිකක් සීරියස් වර්ෂන් එකක් මේ...
ReplyDeleteමිනිහෙකුට හෝටලේකදි රොටියක තිබිලා කෙස්/මවිල් ගහක් හම්බ වෙලා වේටර්ට අඬගහලා බැන්නලු. වේටර් එක්ක කුස්සියට එක්ක ගිහිං බැලුවම කුකා රොටී තලනවලු පිටිගුලිය කිහිල්ලෙ තියල තදකරල. වේටරය කියනවලු, “ඔය හොඳයි තව. උළුඳු වඩේ හදනකොටයි බලන්න තිබ්බෙ“ කියලා.
මාත් ඔය කතාව අහලා තියෙනවා. කොහොම තියෙයිද ඕක ඇත්තටම උනානම්....?
Deleteඕක තමයි ශ්‍රී ලාංකික අනන්‍යතාවය කියන්නෙ.
ReplyDeleteඔය තරු පහේ හෝටල් වල ඉන්න උනුත් ටීවී එකට එනකොට කෝට් ඇඳල තොප්පි දාල ආවට හෝටලේ කුස්සිය ඇතුලෙදි කොහොම ඉන්නවද කියල අපි දන්නවැයි. අර හකුරු කතාව වගේද දන්නෑනෙ වැඩේ.
ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ වගේ තමයි..... හැම හෝටලේකම කුස්සිය කන තැනට පේන්න හදන්න පුලුවන් නම් හරි.....
Deleteඉස්සර ගුවන්විදුලියේ ගිය 'විනෝද සමය' වැඩසටහන දන්නවා ඇති නේද? ඔය වැඩසටහනේ එක දවසක්, අමාරිස් අයියා (සැමුවෙල් රොඩ්රිගෝ) කියනවා, මිනිහා හෝටලේකට ගිහින්, පානුයි පරිප්පුයි ඕඩර් කලාලු. පාන් කන ගමන්, පරිප්පු හොද්දේ තිබුන උම්බලකඩ කෑල්ලක් හැපුවට හැපුවට හැපෙන්නේ නැතිලු. බලනකොට, ඒ මිනිහෙකුගේ කකුලේ මහපට ඇඟිල්ලේ නියපොත්තක්ළු.
ReplyDeleteඇත්තටම විචාරක මහත්තයො ඔහොම හදලා තියෙන ප්‍රබන්ද කතා වලින් කොයි තරම් අපුලක් දැනෙනවද.... ඉතින් අර වගේ දෙයක් ඇත්තටම දැක්කාම කොහොමද.....?
Deleteඕව ඕනවට වැඩිය හිතන්න එපා බං. කන්න බොන්න බැරි වෙනව.
ReplyDeleteදැකල තියනවද පාන් හදන්න පිටි අනන හැටි. මට ඇෛඟෛ් මාලු නටන්නෙ එහෙම හදන පාන් බනිස් අර අඬුවෙන් අල්ලල ශෝකේස් එකෙන් ගනිද්දි!
පාන් හදන්න මෝලිය අල්ලන හැටි ගැන නම් ගමකට කතන්දර තියෙනව නේද...? බිම වැටුනු බනිස් ගෙඩිය ගන්නත් අඬුවෙන් අල්ලලානෙ නේද...?
Deleteහරියට හරි රාජ් , මටත් දැන් එහෙම වෙලා තියෙන්නෙ
Deleteඅනේ මගේ පනේ ,
ReplyDeleteකොහෙයි මක බැ වුනේ
උඹේ චන්ඩි ලා ඇමති මලේ
කරුමයක් නේද පලදුනේ
එක අතකට පව් නේද බං ඌ...?
Deleteමම හිතුවා අර ඡැක් සහ මයා බෝංචි කියලා..
ReplyDeleteඑල ද බ්‍රා..
මටත් දැන්නම් මගුල් මේසෙ තියෙන බෝංචි වෑංජනේ පේන්නෙ ඒ විදිහට තමයී....
Delete