Pages

Tuesday, June 23, 2015

කැමරාවෙන් වෙඩි තියන්න......




ඡායාරූප ශිල්පියා ගැන කියවෙන ලස්සන වචන ටිකක් බුකියෙන් දැක්කට පස්සෙ ඒ ගැන පොඩ්ඩක් ලියලා දාන්න හිතුනා... ඒ වචන ටික සටහන් කලේ කවුද කියලා නම් තිබ්බෙ නෑ. ඒ ටික කියපු කෙනා කවුරු උනත් ඒ කියලා තියෙන කතාවෙන් නම් මග අරින්න බෑ...



Photographers are violence people.

First they frame you.

Then they shoot you.

After they hang you on the wall.

                                    -unknown-



ඡායාරූප ශිල්පීන් බොහොම දරුණු (ප්‍රචණ්ඩ) පිරිසක්.

මුලින්ම ඔවුන් ඔබව කොටු කර ගනීවි. (රාමුවට හසු කර ගැනීම)

ඉන්පසු ඔවුන් ඔබට වෙඩි තබාවි. (ඡායාරූපයට නැගීම)

පසුව ඔවුන් ඔබව බිත්තියේ එල්ලාවි.





තුවක්කුවක් අතින් ගත් දඩයක්කරුගේත් කැමරාවක් අතින් ගත් ඡායාරූප ශිල්පියෙකුගේත් අතර ඇත්තේ කෙස් ගහක වැනි පරතරයක් බවයි මගේ අදහස නම්. විනෝදය සඳහා හෝ ජීවත් වීම සඳහා ඔවුන් තම උපකරණ හොඳ හෝ නරක යන දෙවිදිහටම භාවිතා කරයි. ඉලක්කය සපුරා ගැනීම සඳහා දෙදෙනාම එකම අවශ්‍යතා සපුරා ගත යුතුය. උදාහරණයක් ලෙස ඉවසිලිවන්ත වීම, නිවැරදි පුහුණුව ආදී ගුණාංග දෙදෙනාටම පොදුය. තව සමාන කම් බොහොමයක් ඇත.



නමුත් පැන නගින හොඳම ගැටලුව වෙන්නෙ වඩාත් භයානක දඩයක්කරුද, ඡායාරූප ශිල්පියාද කියන එකයි.....


මගේ උත්තරේ නම් වඩාත්ම භයානක වෙන්නේ කැමරාවෙන් සන්නද්ධව ඉන්න ඡායාරූප ශිල්පියා තමයි.


ඒ මොකද කියනවා නම්,


"තුවක්කුවෙන් වෙඩි තියන එක් උණ්ඩයකින් වරකට මරා දැමිය හැක්කේ එක් මිනිසෙකු වුවත් කැමරාවෙන් ගන්නා එක් ඡායාරූපයකින් වරකට මිනිසුන් දහස් ගනනක් මරා දැමිය හැක"
****මේ කතාව මීට කලින් කවුරු හරි කියලා නැත්නම් ඔන්න මං තමයි මුලින්ම කිවුවෙ...****



**ඡායාරූප ගූග්ල් වෙතින්…

22 comments:

  1. කතාව ඇත්ත , ඒ නිසානේ දේශපාලකයෝ කාට නැතත් වාර්තා කාරයින්ට පණ බය

    ReplyDelete
    Replies
    1. ඒකෙත් හොඳක් තියෙනව නේද...? වචන වලින් කියන්න බැරි දේ එක ෆොටො එකකින් කියන්න පුලුවන්නෙ. එක ෆොටො එකක් ඇති රස්සාවෙන් ගෙදර යවන්න.

      Delete
  2. නියම අර්ථවත් කතා දෙකක් (මුල එකයි අග එකයි)

    ReplyDelete
    Replies
    1. මුල කතාව හිතට වැදුන නිසයි මේක ලියන්න හිතුනෙ. මොකා උනත් කියපු එකා නම් ලෙසටම දීලා තියෙනවා.

      Delete
  3. ඒ හන්ද වෙන්න ඇති වදුරන්ට දැලි පිහිය දෙන්ට එපා කියන්නෙ
    (තේරුණාද මංද)

    ReplyDelete
    Replies
    1. තේ රෙන්න තේ කන්න ඕනේ

      Delete
    2. අඩෝ මහේෂ්.... දැං කවුද මෙතන වඳුරා.......? :D (මට නෙවෙයි නෙද කිවුවේ..?)

      @ AnonymousJune 23, 2015 at 8:26 PM
      අනේ මචෝ plz මේකේ ඔහොම කතා කියන්න එපා. ඇනො කමෙන්ට් ඔන් කරලා තියෙන්නෙ ඕනෙ කෙනෙකුට පොස්ට් එක ගැන කියන්න. ඕනෙ දෙයක් කිවුවට කමක් නෑ. ඔය වගේ දේවල් කියන්න එපා.

      Delete
    3. මෙහෙමනං පුතේ බ්ලොග් ලියන්ඩ බැ

      Delete
  4. යුද්දෙට ගියත් මගේ අතේ පොඩි කැමරාවක් තිබුනා. සමහර උසස් නිලධාරීන් ඒක අත්අඩංගුවට ගත්ත අවස්ථා තිබුණා. නමුත් අද පලකරන්නට අමාරු පින්තූරත් ඇතුළුව, ගොඩක් පින්තූර ගත්තා. එක දවසක් උසස් නිලධාරියෙක් කිව්වා, මෙයා තුවක්කුවෙනුයි කැමරාවෙනුයි දෙකෙන්ම ෂූට් කරනවා කියලා.

    ReplyDelete
    Replies
    1. Shoot කියන වචනෙ ක්ෂේත්‍ර දෙකටම යොදාගෙන තියෙන එකෙන්ම පැහැදිලි වෙනවා දෙකේ තියෙන සමාන කම. උපකරණය විතරයි වෙනස් වෙන්නෙ. තුවක්කුව අත ඇරලා පස්සෙ කාලෙක කැමරාව අතට ගත්තු දඩයක්කාරයොත් ඉන්නවා. ඔබ තුමාත් මේ ක්ෂේත්‍රයට ආදරය කරන එක ගැන සතුටක් දැනෙනවා.

      Delete
  5. තුවක්කුයි කැමරායි දෙතම බයානකයි තමයි. ඒත් ඒක වගේ ම, ඒ බයානකකමේ ස්වරූපයයි, ප්‍රමාණයයි තීරණය වෙන්නෙත් ඒ දෙක මානන ඇස්වල හැටියට නේද ?
    http://syberheartblog.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඔව්.. සම්පූර්ණ ඇත්ත. ඒ දෙක දරාගෙන ඉන්න කෙනාගෙ ස්වරූපය උඩ ඒක තීරණය වෙනවා. තුවක්කුව නරකට වගේම හොඳටත් යොදා ගන්න පුළුවන්. කැමරාවත් එහෙමයි.

      Delete
  6. ඇත්ත තමයි... බැලුවහම තුවක්කුවකට වඩා භයානකයිනේ කැමරාව :O

    ReplyDelete
    Replies
    1. කැමරාවෙන් ප්‍රවේසම් වනු කියලා තමයි කියන්න වෙන්නේ. ඒකනෙ cctv තියෙන තැන් වල බෝඩ් ගහලා තියන්න කියලා නීතියක් තියෙන්නෙ.

      Delete
  7. හැක්.. මීට පස්සෙ කැමරාකාරයො ඉන්න තැංවල පරිස්සමෙං ඉන්නෝන. කොයි වෙලාවෙ පත්තුවෙයිද දන්නෑනෙ. (ප්ලෑෂ් එක)

    ReplyDelete
    Replies
    1. ඕක පත්තු උනේ නැත්නම් ෆොටො එක ගැහුව කියල පිලිගන්නෙම නෑ සමහ උන්. දැන් තියෙන ෆ්ලෑශ් හොඳයි. කොහොමද අර ඉස්සර තිබුණු පත්තු කලාම පිච්චිලා යන බල්බ් එක?

      Delete
  8. මගේ උත්තරේ නම් වඩාත්ම භයානක වෙන්නේ කැමරාවෙන් සන්නද්ධව ඉන්න ඡායාරූප ශිල්පියා තමයි.//
    උඔ දැක්කාම ඒක තෙරැනා...
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. අම්මපා....? එහෙනම් අදම ෆොටො එක වෙනස් කරන්න ඕනෙ... :D

      Delete
  9. කතාව හා කමෙන්ට් කියෙවුවට පස්සේ මතක්වුනේ අර අත්දෙක උස්සන් ඉන්න සිරියන් පොඩි එකීගේ පින්තූරේ....
    ඔය තුවක්කු අතේ තියාගන ඉන්න හැම මනුස්සයෙක්ගෙම අතට කැමරාවක් දෙන්න පුළුවන්නම් තුවක්කුව වෙනුවට.......

    ReplyDelete
    Replies
    1. එහෙම දෙන්න පුලුවන්නම් මේ දේවල් මීට වඩා ගොඩක් වෙනස් වෙන්න තිබුනා. ඒත් සමහර උන් අතේ තියයෙන කැමරාවට වඩා තුවක්කුව හොඳයි කියලා හිතෙනවා කරන වෙඩ වල හැටියට.

      Delete
  10. මටත් අලුත් කැමරාවක් තියනවා. ටිකක් බර ගණන් තියන කැමරාවක් අය්ය අරගෙන නෙ :D කොහෙද තාම පොඩි පොඩි ෆොටෝ ගහනවා විතරයි.ඉස්සර චිත්‍ර අන්දලා රසවින්ද දැන් ෆොටෝ අරන් ඒවා බලල රසවිඳිනව :)

    ReplyDelete
    Replies
    1. ගාන නම් සැරයි තමයි. ඒත් ඒ ගානට නම් ඉහටත් උඩින් වටිනවා කැම් එක. පොඩි පොඩි ෆොටෝ අරගෙන ඉක්මනටම ලොකු ලොකු ෆොටෝ ගන්න ඉක්මනටම.

      Delete

 
 
Blogger Templates