ගිය සතියේ අපෙ බාප්පගෙ
ලොකු කොල්ලගෙ එන්ගේජ්මන්ට් එකේදි කියවුනු පරණ රස කතාවක් ලියලා දාන්න හිතුනා. අපේ
හැට පැනපු (ඇට පැනපු නෙවෙයි) ඉලන්දාරි සෙට් එක (ලොකු තාත්තා, බාප්පලා, මාමලා සෙට් එක) ඉන්න
තැන කොහොමත් රස කතා ලෝකයක්. අනේ අම්මේ ඒ කාලේ උන් ටික එකතු වෙලා කරපු අලුග්ත්තේරු,
පජාති වැඩ ගැන රස කර
කර කියන ඒවා අහනකොට අපි මොක්කුද කියලා ඉරිසියත් හිතෙනවා. කොහොම හරි ඔය සෙට් එක
ඉන්න තැනට මාවත් ඇදලා ඇරගෙන ඒ සෙට් එකේම එකෙක් වගේ මගෙ වයසවත් නෑදෑකමවත් ගැටළුවක්
කරගන්නෙ නැතුව උන් ටික ඕනෙ කුණුහරපයක් මාත් එක්ක කියලා දානවා. ඉතින් එදා සෙට් එකම
එකතු වෙලා ඉන්නකොට ඔතනට අඩු වෙලා ඉන්න අපෙ අප්පච්චි ඒ කාලෙ කරපු වැඩ ගැන කට්ටියම
කතා වෙනකොට තේරුනේ ඒ වැඩ වලින් වැඩි හරියකට මූලිකයා වෙලා තියෙන්නෙ අප්පච්චි කියලා.
ඔය වෙලාවෙ අපෙ බාප්පා
(අප්පච්චිගෙම
මල්ලි) කියපු එක
කතාවක් තමයි කියන්න හදන්නේ. අපේ ඩ්‍රැකියාගෙ බාප්පා කියනවා වගේ ගජබින්නයක්නම්
නෙවෙයි ඔන්න. ඇත්තම සිද්දියක්. ඒ වගේම මේ සිද්දියට මූණ දුන්නු සීයා නැති උනෙත් මට
මතක ඇති කාලෙදි. අප්පච්චිගෙ බාප්පෙක් වෙන ඒ සීයා ඒ කාලෙ ගමේ ඉස්කෝලෙ ගුරුවරයෙක්.
මේ කියන සිද්දිය වෙලා තියෙන්නෙ අවුරුදු තිස් පහකට විතර කලින් අප්පච්චියි බාප්පයි
දෙන්න කොල්ලො කාලෙදි. ඒ කාලෙදි ගමේ පාරවල් වලට බල්බ් දාලා නැති හැම තැනම කරන්ට්
එකත් නැති ලාම්පු, හුළුඅතු
පාවිච්චි කරපු කාලේ. ගමේ හැම ඉඩමකම ගෙවල් හැදිලත් නැති කාලේ. මේ කියන සීයගෙ ගෙවල්
තියෙන තැනට යන්න ඕනෙ ගමේ පන්සල පහු කරලා. ඉතින් ඒ ගෙදරට යන පාරේ පන්සලේ ඉඳන් මීටර්
හාරසීයක් විතර වෙනකම් ගෙවල් තිබිලා නෑ. සොහොන් පිටියකුත් තිබුණා. පස්සෙ කාලෙක ඕක
පාවිච්චි කලේ නෑ වෙන තැනක ලොකු සොහොන් පිට්ටනිය තිබුනු නිසා.
අපේ ගම කඳු පළාතක්
නිසා ඔය පාරෙ තිබුණෙ ලොකු ගල් පඩි පෙලවල් මීට අවුරුදු විසි දෙකකට විතර කලින් ඩෝසර්
දාලා කපනකම්. අර කියපු මීටර් හාරසීයම පාර දෙපැත්තෙ තිබුණෙ වතු විතරයි. ඒවා කැලෑවට
ඇරුණු ලොකු ගස් හැදුනු වතු. මහ දවල්ටත් කලුවර ගතියක් තිබුණෙ. ඉතින් පාරෙ හොඳම හරිය
තමයි ඉවුර උඩ තිබුණු රූස්ස බෝ ගහ. මේ බෝ ගහ අවුරුදු සීයක් විතර පරණයි කියලා
කියනවා. අක්කර බාගෙක විතර අතු විහිදිලා තිබුණු දැවැන්ත ගහ නිසා අර පාර දවල්
දොලහටත් මහ අමුතු කළුවරකින් වැහිලා මූසල ගතියක් අරන් තිබුණෙ. මේ හේතුව හින්දා බෝ
ගහ ලඟ හොල්මන් අවතාර තියෙනවා කියලා කවුරුවත් හවස පහෙන් පස්සෙ තනියම ඔතනින් ගිහින්
නැහැ. එතනදි බය වෙච්ච අයත් ඕනෙ තරම් ඉඳලා තියෙනවා.
මූ මේ දේවල් ඇහින්
දැක්කා වගේ කියන්නෙ කොහොමද බලනවා ඇති. මේ කියන පාර තියෙන්නෙ අපෙ ගේ ඉස්සරහා. අපෙ
ඉඩම කෙලවරේ පාරෙන් අනිත් පැත්තේ ඉවුර උඩ තමයි බෝ ගහ තිබුණේ. ඒ බෝ ගහ මේ මෑත කාලෙදි
තමයි මැරුණෙ. මං පොඩි කාලෙ අර සොහොන් පිට්ටනියට මිනියක් ගෙනියවත් මතකයි. ගේ
ඉස්සරහා පාර කපනවත් මතකයි. ඔය කියන සිද්දිය වෙන කාලේ අපෙ ගෙදර හදලත් නෑ. ඊට සෑහෙන
කාලෙකට පස්සෙ තමයි අපෙ ගේ හදලා තියෙන්නෙ. එතකොට මං දනගානවලු. ඊටත් අවුරුදු දාහතරකට
විතර පස්සෙ තමයි අර සොහොන් පිටිය උඩම ගෙවල් දෙකක් හැදුනේ. දැන් නම් ඉතින් ඉඩම්
සංවර්ධනය වෙලා ඉස්සර තිබුණු පාළු පෙනුම පාරෙ නෑ. මේවා කියන්න ගිහින් කතාවත් අමතක
වෙනවා.
ඉතින් අයියයි මල්ලියි
දෙන්නා හැමදාම හවසට ඉඩම පැත්තෙ එනවලු පොල් අහුලන්නයි, වෙලිච්ච පොල් අතු, දර එහෙම ගෙනියන්න. ඔහොම දවසක් එනකොට අර සීයා
පන්සලට ඇවිත් ඉන්නවලු. ඉතින් දෙන්නට ඇහෙනවලු හාමුදුරුවොත් එක්ක සීයාගෙ ලොකු කම්
කියවනවා. පන්සලට ඉඩම දුන්නෙ උන්දැගෙ සීයලු, අපි තමයි ගමේ වැදගත්ම පවුල, අපෙ අය මෙහෙමයි අරකයි
මේකයි කිය කිය. ඉතින් මුන්දෑ කියන බේගල් අහගෙන ඉඳලා දෙන්න කතා උනාලු මුන්දෑ ආපහු
ගෙදර යනකොට වැඩක් දෙන්න. ඉතින් දෙන්නා පාරෙ පහලට ගිහින් බෝ ගහ හරියට වෙලා ඉන්නවලු
අරුන්දෑ එනකම්. රෑ හත හමාරට විතර ඔන්න මුන්දෑ එනවලු හුළුඅත්තකුත් වන වන පහලට. ඒ
ටෝච් එකක් හැමෝම ලඟ නැති කාලෙ නිසා වැඩි හරියක් හුළුඅතු තමයි රෑට. ඉස්සර පන්සලට බණ
අහන්න එනකොට උපාසක අම්මලා අරන් එන හුළුඅතු වලට රතිඤ්ඤා තියන එකනම් මරු වැඩේ. ඔන්න
කතාවෙන් පිට පැන්නා. ඒ දවස් වල අප්පච්චී දිගට කොණ්ඩෙ වවාගෙන ඉඳලා තියෙන්නෙ.
අප්පච්චිට තිබුණෙ හොඳට කැරලි ගැහුණු ලොකු කොණ්ඩයක්. ඒ වගේම හොඳ උස මහත ටිකක් කළු
සරීරෙකුත් තිබුණා. අපෙ අටමගෙ හොඳ යාළුවා නිට්ටෑවට තරම් නැති උනත් වැඩිපුර රෝම
තිබුණා. ඉතින් අරුන්දෑ එනවා දැක්කට පස්සෙ අප්පච්චි ඇඳගෙන හිටපු ඇඳුම් ගලවලා බාප්පට
දීලා වැට අයිනෙන් හැංගිලා ඉන්න කියලා අර දිග කොණ්ඩෙ මූණ ඉස්සරහට වැටෙන්න දාගෙන.
බලන එකෙකුට පේන්නෙ මූණ පිටිපස්සට හැරිච්ච යකෙක් වගේලු. මහසෝනගෙත් මූණ පිටිපස්සට
හැරිලයි තියෙන්නෙ කියනවානෙ. ඉතින් මේ විදිහට හිමින් හිමින් අරුන්දෑ ඉස්සරහට යනකොට
උන්දෑ අප්පච්චිව දැකලා හුළුඅතු එලියට. හුළුඅත්තෙ ගින්දර අඩු වැඩි වෙවී නටන නිසා
වටේ තියෙන දේවල් පේන්නෙත් හරි අමුතු විදිහටනේ. මුන්දෑ ටිකක් ලං වෙලා හුළුඅත්ත
දෙපාරක් විතර වනලා බැලුවලු. බාප්පා කියනවා අරුන්දෑ ඒ වයසෙ හැටියට කළුවරේ ගල් පඩි
දිගේ කොහොම ආපහු දිවුවද දන්නෑ කියලා. හයියෙන් කෑ ගහනවත් එක්කම හුළුඅත්ත බිම
වැටෙනවා විතරලු දැක්කෙ.
පහුවදා උන්දැට ඇප
නූලකුත් බැඳලා පන්සලේ ඉඳන් එක්ක ගිහින් මහසෝනට තොවිලෙකුත් නටලලු ගොඩ ගත්තෙ. කොහොම
හරි ඒ සිද්දියෙන් පස්සෙ දවල්ටත් තනියම කවුරුවත් බෝ ගහ යටින් ගිහින් නෑ. ඔය වගේ තව
කතා ගොඩක් කියවුනා එතනදි. ඒවත් ටික ටික කියන්නම්කො.....
කියමු කියමු ...... අනික් කතා ටිකත් කියමු බලන්න.....
ReplyDeleteඒ ටිකත් කියන්න ඕනෙ. ඒත් බාප්පා කියනවා වගේ ලස්සනට ලියන්න බැරි එකනෙ වැඩේ...
Deleteෙදාරෙකාඩ අස්නයි අාටානාටියයි කියලා ඉවර ෙවන ෙකාට මහ පිරිතට ඉඩ නැතිෙවලා!
ReplyDeleteකමකුත් නෑ... ෙවනසට ෙමන්න ඉඩ... අල්ලමු ඊළඟ පාරත්...
තියෙන අවුල ඕක තමයි බං. ඔය වගේ දේවල් මට වැඩ දාලා ලියන්න බෑ.
Deleteනියමයි කැමා... මැවෙන්න දීලා තියෙනවා..
ReplyDeleteජයවේවා..!!
තෑන්ක්ස් ලබ්බෝ....
Deleteමහසෝනා වගේ දැක්කේ ඩෝප් දාලා ආපු අපේ විචා මාමද දන්නේ නෑ :D
ReplyDeleteවිචා "මාමා" ද...? :D අනේ මන්දා මටත් වෙඩි කන්න වෙයිද දන් නෑ මුන් හින්දා... ඇත්තට මොකා වගේ පෙනෙයිද දන් නෑ විචා එහෙම අවා නම්...
Deleteඅර ඇටපල් කළුවර වෙලාවෙ අමු හෙළුවෙන් කොණ්ඩෙ කඩා දාන් හිටියම මොකාද යකූ බය නොවෙන්නෙ
ReplyDeleteපුදුමයි ඒ සීය බයටම පරලෝ සැපත් නොවුණ
හිහි ඊළග එක ත් ඉක්මණට දා
බෝ ගහ ලඟ හොල්මන් තියෙනවා කියලනෙ කියන්නෙ. ඇත්තටම නම් ඔතන හොල්මන් නෑ. අයියයි මල්ලියි දෙන්න තමයි හොල්මන් නටල තියෙන්නෙ. උන්දෑ හොඳටම බය වෙන්න ඇති ඔළුව අනිත්පැත්ත හැරුනු එකෙක් එනකොට...
Deleteහැක්... ඩ්‍රැකියගෙ බාප්ප ඒ කාලෙ ඔය පැත්තෙ කරක් ගහල තියෙනවද දන්නෑ.
ReplyDeleteඉතුරු කතා ටිකත් කියමුකො බලන්න.
අපෙ එකත් ඒ වගේම තමයි. කට ඇරියොත් ඉවරයි. ඊට හපන් අයියණ්ඩිගෙ කට... අප්පච්චි හිටියනම් වසන්ට වෙන්නෙ නෑ...
Deleteප්‍රසන්න,
Deleteබාප්ප වෙන්ඩ බෑ බං. අපි කතාවට කියන්නෙත් මේ අපේ වඳබාප්පා කියලා.
හපොයි..... :D
Deleteපව් බං අර මනුස්සයා..
ReplyDeleteඅපි වුනත් ඔහම දෙයක් දැක්කනම් අනිවා බය වෙනවා..
බය වෙන්නෙ නැද්ද බං හුළුඅතු එලියට ඔහොම දෙයක් දකිද්දි. හුළුඅත්තක් පත්තු කොරන් ගිය එකෙක් දන්නවා ඇති ඒ එලියට වටේ පිටේ තියෙන දේවල් උස් පාත් වෙනවා වගේ නට නට පේන හැටි...
Deleteපට්ට ආතල් එක බං. අනිත් කතා ටිකත් දාහං... :-)
ReplyDeleteඅපේ ගමත් අපි පොඩි කාලෙ ඔය වගේමයි. ඒ කාලෙ හිටියා සිරිපාල මාමා කියලා පොරක්. ඌත් ඔය වගේ පුරාජේරු කතා කියනවා. ගමේ ගෙවල් කීපයක විතරය් ඒ කාලෙ ටීවී එකක් තිබ්බෙ. ඉතිං අපි ටී වී බලන්න යන්නෙ ළඟ ගෙදරකට. එහෙට සිරිපාල මාමත් එනවා. දවසක් පොර ටෝච් අකත් ගහගහ පාර දිගේ එද්දි, පාර අයිනෙ කෙහෙල් වත්ත දිගේ කවුදෝ එකෙක් අත් දෙක උස්සගෙන දිව්වලු සිරිපාල මාමව පහු කරගෙන. පොර හොඳට බයවෙලා, ඇස් දෙක ලොකු කරගෙන ඇවිත් කිව්වා කතාව. පොරට නං හොඳටම විස්වාසයිලු ඒ මහසෝනමයි කියලා. සිරිපාල මාම ඇවිත් විනාඩි දහයකට විතර පස්සෙ ආවා අලුගුත්තේරු රංජියා. අපි ඉතිං රංජියට නම දැම්මා මහසෝනා කියලා.
රංජියම වෙන්න ඇති දුවන්න ඇත්තේ...
Deleteඅනිත් ටිකත් ලියන්න ඕනේ. ඒත් අරුන් සෙට් එක කියනවා වගේ ලස්සනට ලියන්න බැරි එකයි අවුල. උන් කොරපු පඩත්තල වැඩ ගැන කියන තැනක හිටියොත් ඉතින් අන්තිමට ඇස් වලින් කඳුළු එනකම් හිනා වෙන්න පුළුවන්...
ලස්සනට ලියන්න ඉගෙන ගන්න නම්, රවියගෙ කතා ෆලෝ කරහං.
DeleteWww. Ranrandil.blogspot.com
Thanx Drakie.... මේ දවස් ටිකේ එ ටික කියවන ගමන් ඉන්නෙ.. වාංපතුල් කතා සෙට් එකම...
Deleteයකෝ අර කිව්වත් වගේ සීය පරලෝක ප්‍රාප්ත වුණා නං තමයි වැඩේ. එහෙනං උන්ද ඇත්තටම හොල්මනක් වෙලා බොලෑ තාත්තගෙ බෙල්ල මිරිකනවා. බඩු සුවර්..
ReplyDeleteඅම්මපා උන්දෑ ඔන්දස්පොට් උනා නම් දවල්ටවත් බෝ ගහ යටින් යන්න වෙන්නෙ නෑ....
Deleteහුළු අතුවලට රතිඤ්ඤා ඔබන එක අපි කොලු ගැටව් කාලේ කරා. ඒ කාලේ ගමේ පන්සලේ ආසන දෙකේ බණක් කියනකොට, සල්පිලක් තියනකොට මිනිස්සු එනවා හුළු අතු අරගෙන.
ReplyDeleteඒ වගේම සිගරට් වල දුම්කල චුට්ටක් අයින් කරලා රිංගවලා ආපහු දුම්කල ටික වහලා දාන්න පුළුවන් පරිප්පු ඇටයක හැඩේ සහ ප්‍රමාණය තියන පුපුරන ද්‍රව්‍යයක් තිබුනා. හැබැයි සිගරට් එක අගට දාන්න ඕනේ. නැත්නම් අරක පුපුරලා සිගරට් එක බොන මිහගේ අහටත් වදින්න පුළුවන්.
මහසෝනාගේ කකුල් දෙක දිගේ නැගලා කුරුම්බා කැඩුව හැටි අහලා ඇති නේද?
හුළුඅත්තෙ බැඳපු රතිඤ්ඤා පුපුරනකොට තමයි මරු. මල් වෙඩිල්ල වගේ දඹු ටික හැමතැනම විසිවෙනවත් එක්කම හුළුඅත්ත නිවිලා යනකොට ආච්චි අම්මලාගෙ කටින් විසිවෙන වචන සැට් එක නම් සුපිරිම තමයි.
Deleteපොල් කඩපු කතාව නම් අහලා තියෙනවා... :D
හරි. සෙටිංස් ඔක්කොම හරි. දැන් පටං ගනින් කතා සීරීස් එක.
ReplyDeleteසීරීස් එකේ තියෙන සේරම කියන්න පුළුවන් වෙයිද කියන එකයි සැක. හැඩ වැඩ දාලා ලියන්නත් බෑනෙ. කොහොම හරි ලියලා දාන්නම්කො.....
Deleteහි..හි... එහෙනම් අලුත් කතා සීරීස් එකක්ම අහන්න පුළුවන්... නියමයි...
ReplyDeleteඅපේ උන්දලාගෙ කතා ටික කියන්නම්කො... හැබැයි ඉතින් මන් කියන විදිහට මෙලෝ රහක් නැති වෙයි...
Deleteඅඩෝව් .. උඹට කියන්න ...... නෑ එක්කො ඕනෙ නෑ .....
ReplyDeleteඅනේ කමක් නෑ බං ඔන්න ඔහේ කියහං.....
Delete