Pages

Friday, March 27, 2015

ඕන කෙනෙකුට ෆොටෝ ගන්න පුලුවන්ද….?




මුලින්ම කියන්න ඕනෙ මගෙ පළවෙනි පෝස්ට් එක බලලා අඩු පාඩු පෙන්නලා දීලා මාව දිරිමත් කරපු හැමෝටම ගොඩාක් ස්තුතියී කියලා…...


දැන් ආපහු මාතෘකාවට…


ඡායාරූපය ගූග්ල් හරහා ගත්තෙමි.

ඕන කෙනෙකුට ෆොටෝ ගන්න පුලුවන්ද? එක එක්කෙනා ලඟ එක එක උත්තර ඇති. ඒත් මන් ලඟ තියෙන්නෙ එක උත්තරයයි. පුලුවන්.


ස්වයංක්‍රීය යෙදවුම (Auto Mode) සහිත කැමරාවක් තියෙනවා නම්, ඒකෙ ද්වාර ස්විචය (Shutter Release Button)  ඔබන්න දන්නවා නම් ඕනෙ කෙනෙකුට ෆොටෝ ගන්න පුලුවන්. අද වෙනකොට කැමරාව සහිත ජංගම දුරකතනයක් නැති කෙනෙක් නැති තරම්. ඉතින් දුරකතනයේ තියෙන කැමරාවෙන් හැමෝම ෆොටෝ ගන්නවා නම් ඕනෙම කෙනෙකුට ෆොටෝ ගහන්න බැරි නැහැ. පුලුවන්…..


නමුත්,

ෆොටෝ එකක් (ඡායාරූපයක්) ගැනීම සහ ඡායාරූපකරණය කියන්නෙ කාරණා දෙකක්… හැමෝම ෆොටෝ ගත්තට හැමෝටම ඡායාරූපකරණයේ යෙදෙන්න නම් බැහැ.



ෆොටෝ ගහනවා කියන්නෙ ඇහැට පේන මොනයම් හෝ දෙයක් කැමරාවක සටහන් කර ගන්නවට. ඒත් ඡායාරූපකරණය කියන්නෙ කලාවක්. ඒකෙදි ඇහැට පේන දේ විතරක් නෙවෙයි මනසට පේන දේත් කැමරාවක සටහන් කර ගැනීම සිදු වෙනවා.


මිනිසුන් සිදු කරන ක්‍රියාවන් සියල්ල එක් අවස්තාවකදී කලාවන් බවට පත් වෙනවා. සාමාන්‍යයෙන් සිදු කරන ක්‍රියාවක් යොදාගෙන යමක් ප්‍රකාශ කරනවා නම්, ඒකෙන් තව කෙනෙකුට විඳින්න සිතන්න යමක් දෙනවා නම් ඒ දේ කලාවක් වෙනවා.


මොන යම් හෝ කලාවක් කරන්න නම් ඒක ඉගෙන ගන්න වෙනවා. ඒ කියන්නෙ පන්ති ගිහින් ඉගෙන ගන්න කියන දේ නෙවෙයි. පොත පත පරිශීලනය කරලා, දන්න කෙනෙකුගෙන් අහගෙන, පුලුවන් නම් නිවැරදි පාඨමාලාවක් හදාරල, කාලයක් තිස්සේ කැප වෙලා, වැරදි වැරදි ඉගෙනගෙන, අත්දැකීම හරහා තමයි ඉදිරියට යන්න ඕනෙ. ඔතනදි වඩාත්ම වැදගත් දේ තමයි අත්දැකීම් කියන්නෙ. යම් කිසි දෙයක් කරගෙන යනකොට ඒ දේ නිවැරදිව කරන්නෙ කොහොමද, තමන්ට ගැලපෙන රටාව, රිද්මය මොකක්ද කියන දේ දැන ගන්න වෙන්නේ අත්දැකීම් හරහා විතරයි. අත්දැකීම් වැඩි පුද්ගලකුට ප්‍රවීණයෙක් වෙන්නත් පුලුවන්. (ප්‍රවීණයෙක් වෙන්න නම් අත්දැකීම් විතරක් මදි)…….


ඉතින් ඕනෙ කෙනෙකුට ෆොටෝ ගන්න පුලුවන් උනාට ඕනෙ කෙනෙකුට ඡායාරූපකරණයේ යෙදෙන්න පුලුවන්ද……?




මෙම ලිපිය ඇරඹුමක් පමණි……

27 comments:

  1. ලියමු ලියමු, කොයි දේත් දැන ගත්තට අඩුවක් වෙන්නේ නැහැනේ..

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත. කොයි තරම් දේවල් දැන ගත්තත් ඇති වීමකුත් නෑනෙ.

      Delete
  2. ඉදිරියටත් බලමු මේ ලිපි වලින් දැනුමක් ගන්න
    හැම කෙනාටම පොටෝ ගහන්න පුලුවං ඒත් ඒ පොටෝ බලන කෙනෙක්ගෙ බොක්කටම දැනෙන්න පොටෝ ගහන අය ඉන්නෙ අඩුවෙන්
    එතකොට උත්තරේ තමා බෑ කියන එත

    ReplyDelete
    Replies
    1. මේ ලිපි වලින් දැනුමක් ලැබෙනවා නම් ඒක තමයි මගේ සතුටත්.......

      ඡායාරූප ගන්න පුලුවන් ඒත් ඡායාරූපකරණය කියන කලාව බෑ.......

      Delete
  3. කොච්චර දෙයක් ගැන පංති වලින්, පොතපතින් ඉගෙන ගත්තත් තමං වැඩේ කරන්න පටංගත්තට පස්සෙ ලැබෙන අත්දැකීම් තමයි හොඳම අධ්‍යාපනය.

    ReplyDelete
    Replies
    1. කැම්පස් එකෙන් එලියට එන ඉංජිනේරුවාට වඩා හොදට අට පාස් බාස් උන්නැහැ සිමෙන්ති බදාමෙ ගැන දන්නවා කියනවානේ.......

      Delete
  4. මටත් පුලුවං පොටෝ කන්ඩ

    ReplyDelete
    Replies
    1. කම්මලේ ළඟ නැති(?) කලිසම ඉරුනෙ නැති(?) පොටෝ එක වෙන්ටැ අටං අයියා කන්නෙ.. හෙහ් හෙ..

      Delete
    2. අපිත් ඉතින් ෆොටෝ ගන්නවා කියලා වැඩි හරියක් කරන්නෙ ෆොටෝ කන එකමනේ....

      ///කම්මලේ ළඟ නැති(?) කලිසම ඉරුනෙ නැති(?) පොටෝ එක/// මොකක්ද අටං අයියෙ මේ කතාව...?

      Delete
  5. මෙහෙම හොඳා. සරළව කෙටියෙන් ලියමු, අපේ මෝඩ පුරස්නවලටත් උත්තර දෙමු.

    ReplyDelete
    Replies
    1. ඕනෑවට වඩා දිග උනොත් එපා වෙයි කියලා හිතුන නිසයි කොට කලේ.. ස්තුතියි...

      පුරස්න නම් මෝඩ නෑ කියලා දන්නවා ඒත් මම දෙන උත්තර නම් මෝඩ වෙයිද දන් නෑ.....

      Delete
  6. පොටෝ වලින් කවි කියන එවුන්ට නම් මම හරිම මනාපය.. මෙලෝ දෙයක් නැත.. ඒත් හැම දේම ඇත...
    ලියහං බලන්න අපිටත් අහැකිද බලන්න...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. කවි නම් මට අරහං.... කවියක් වැරදිලාවත් ලියලා නෑ... බලමුකො මෙදා පාරවත් උත්සහ කරලා... සුද්දා කියලා තියෙනවාලුනෙ "Try and try one day you can DIE" කියලා...........

      Delete
    2. වචන කවි නෙමෙයි බොල... රූප කවි.. පොටෝවකින් කියන කවි කතා තියෙන්නෙ.. අන්න ඒවා..
      උඹේ පොටෝ බුකියෙ දාල තියෙනවාද?

      Delete
    3. බුකියට ෆොටෝ දාලා නෑ. රූප කවි ටිකක් දෙන්නම්කො ලඟදිම.....

      Delete
  7. මා ලබාගන්නා ඡායාරූප හැම එකක්ම පරිගණකයේදී නැවත සැකසුම් කරනවා. නමුත් මා ගන්නා ඡායාරූප වලින් අවසානයේදී මා සතුටට පත්වන ඡායාරූප ඉතිරිවන්නේ 15% පමණ.

    ReplyDelete
    Replies
    1. විචාරක මහත්මයා ඔය දේ සිදු වෙන්න මූලිකම හේතුව කැමරාව ඩිජිටල් තාක්ෂණයෙන් නිශ්පාදනය වීම. ඕනෙ තරම් ෆොටෝ ගහලා හොඳ නැති ඒවා මකලා දාන්න පුලුවන් නිසා තමයි ෆොටෝ ටිකක් තෝරා ගන්න ෆොටෝ ගොඩාක් ගන්නෙ. ඒත් ඉස්සර දල සේයා පට තිබුනු කාලේ ඔය සෙල්ලම හරියන්නෙ නෑ. වෙනම පෝස්ට් එකකින් ඔය ගැන දාන්නම්කො....

      Delete
    2. දක්ෂ කැමරා ශිල්පියෙක් උනත් ඔහුත් යම් කිසි ප්‍රමාණයක් තෝරා ගැනීමක් කරනවා නොවේද....හරියට සාහිත්‍යකරුවෙක් ලියන හැම නිර්මාණයක්ම සාර්තක එකක් නොවන්නා සේ...

      Delete
    3. අපි මතු කිරීමට වෙර දරන අදහස වඩාත් හොඳින් දැක්වෙන ඡායාරූපය තෝරාගැනීමට හැමවිටම උත්සහ කරනවා. කොයිතරම් හොඳින් තේරුවත් සමහර විට එම ඡායාරූපය සාර්ථක වෙන්නෙ නැති වෙන්න පුලුවන්.

      Delete
  8. මගෙත් හිතේ පොඩි ආසාවක් තිබ්බා මේ සබ්ජෙක්ට් එක ඉගෙනගන්න... මගෙ යාළුවෙක් පොඩියට ස්ටූඩියෝ එකක් කරන නිසා...ම්ම් සරලව පැහැදිලිව ලියමු අයියේ..ජය!!

    ReplyDelete
    Replies
    1. ඔන්න මං බ්ලොග් රෝලට දාගත්තා...

      Delete
    2. ස්තුතියි මහේශ්. ඇත්තටම ආසාවක් තියෙනවා නම් ඉගෙන ගන්න පුලුවන්. දෙන්න තියෙන හොදම උපදේශය නම් සාමාන්‍ය මට්ටමේ වෘත්තීය කැමරාවක් අරන් වැරදි වැරදි තනියම ඉගෙන ගන්න. ඒ අතර තුරේ හොඳින් දන්න කෙනෙකුගෙන් මූලික කරුනු, රහස් අහගන්න. හැකියාවක් තියෙනවා නම් හොඳ පාඨමාලාවකට යොමුවෙන්න.

      Delete
  9. අදයි මේ පැත්තට ගොඩවුනේ. ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න දෙයක්... දිගටම එන්නම්කෝ ඉගෙන ගන්න.

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා..... ඇත්තටම මේක විනෝදාංශයක් විදිහට හොඳ විෂයක්. ආසාවෙන් ඉගෙන ගන්න..

      Delete
  10. දිගටම දාමු.. නොදන්න මේ දේ ගැන ඉගෙනගන්න.. අටම කිව්වා වගේ මාත් පොටෝ කන්න දන්නවා...

    ReplyDelete
    Replies
    1. අටමයි සජ්ජයි දෙකම එකයි වගේ..........

      Delete
  11. මම කැමතිම දෙයක් තමයි ඡායාරූපකරණය. අදයි ආවේ. දිගටම ලියන්න. හුඟක් දේවල් දැන ගත්තා.

    ReplyDelete

 
 
Blogger Templates