මෙම පෝස්ටුව ලිවීම ඇරඹුණේ මේ දින වල මුහුණු
පොතේ කතාබහට ලක්ව ඇති ඡායාරූපයක් හා
එයට පලකර ඇති කොමෙන්ටු දුටු විටය. වෘත්තීයමය ලෙස නොවූවද විනෝදාංශයක් වශයෙන්
වසර අටක පමණ කාලයක් ඡායාරූප ශිල්පයේ නිරත වන අතරම මංගල ඡායාරූපකරණයේද යෙදෙන්නෙකු ලෙස
මේ පිළිඹඳව යමක් පැවසීම යුතුකමක් ලෙස සිතමි.
ඡායාරූපය උපුටා ගත්තේ මුහුණු පොතෙනි.
ඉහත දැක්වෙන
ඡායාරූපය දකින විට හා එයට පලකර ඇති කොමෙන්ටු කියවන විට ඔබට දහසක් දේ සිතෙනු ඇත. එම ඡායාරූපයෙන් මා තුල පැන නගින සිතුවිලි තුනක් ඇත.
1. 1.
බුදුන් වහන්සේ දේශනා කර ඇති අන්දමට තවකෙකුට කරදරයක්, හානියක් නොවන ලෙස සාධාරණ රැකියාවක නිරත වී තම දූ දරුවන් පෝෂණය කිරීම හෑල්ලුවට
ලක් කිරීම මෙම ඡයාරූපයේ අරමුණ නම් එය හෙලාදැකිය යුතුය.
2. 2.
මෙහි සඳහන්ව ඇති ලෙස මෙම පුද්ගලයා රු.8000 ක් අය කිරීම ගැන මා තුල අදහසක් ඇත.
වර්තමාන
සමාජය තුල භාණ්ඩ හා සේවා අලෙවි කිරීමේදී එම භාණ්ඩ නිශ්පාදකයා හෝ සේවා සපයන්නා වෙළඳ
ලෝකය තුල තම ස්ථාවරය ගොඩනගා ඇති මට්ටම අනුව එකම භාණ්ඩය හෝ සේවාවේ මිල විවිධ වේ.
උදා:
පෙට්ටි කඩයේ
ප්ලේන්ටිය රු.15 කි. නමුත්
එම ප්ලෙන්ටියම තරු පන්තියේ හෝටලයක රු.150 ක් පමණ විය හැක.
(ගුණාත්මක භාවයේ වෙනසක් ඇති බව නොරහසකි)
එකම ගමනාන්තයට
සාමාන්‍ය බස් රථයක ගාස්තුව මෙන් එක හමාරක මුදලක් අර්ධ සුඛෝපභෝගී බස් රථ වලදී හා දෙගුණයක
මුදලක් සුඛෝපභෝගී බස් රථ වලදීත් ගෙවීමට සිදුවේ.
අප මිලදී
ගන්නා ඕනෑම භාණ්ඩයක හා සේවාවකම මිල මෙලෙස වෙනස් වේ. (මිල වැඩි
වීම අනුව ගුණාත්මක භාවයද වැඩි වන බව සැවොම දන්නා කරුණකි)
එලෙසම මංගල
ඡායාරූපකරණය තුලද මෙය සිදුවේ. එක් එක් ඡායාරූප ශිල්පීන් තමන් ක්ෂේත්‍රය
තුල රඳවා ඇති නම හා තත්වය මත අය කරනු ලබන මිල වෙනස්ය.
උදාහරණයක්
ලෙස එකම ප්‍රමාණයේ Wedding Story Book එකක් සඳහා වටිනාකම
මෙම ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් (ජගත් දි සිල්වා,
Studio 3000, Sakya Studio, ප්‍රසන්න විතානගේ, දයාන් විතාරණ වැන්නවුන්…) අයකරන රු.150000
සිට ඉහලට වැඩිවන මුදලත් අප වැන්නවුන් අයකරන රු.55000 ත් අතර විවිධ අගයන් ගනී. (මෙහි මිල වැඩි වීම අනුව
ගුණාත්මක භාවයද වැඩි වන බව අවිවාදයෙන් පිලිගත යුතුය). මේ අතරේ
එම ඇල්බමය රු.30000 ක් වැනි මුදලකට කරදෙන අයද ඇතත් ගුණාත්මක
බව සහතික විය නොහැක (වැයකල යුතු නිශ්පාදන වියදම් සැලකීමේදී).
අගනගරයෙහි
වෙසෙන ධනවත් පිරිස තම සමාජ තත්වය උදෙසා වැඩි මිලටත්, මධ්‍යම පාන්තිකයින්
අඩු මිලකටත් සේවා ලබාගැනීමට සැලකිලිමත් වන බැවින් මෙලෙස අඩු මිලක් අය කිරිම පහත්කොට
නොසැලකිය යුතුය.
නමුත් විශේෂයෙන්
සඳහන් කල යුතු වන්නේ මෙලෙස අඩු මිලට ගුණාත්මක බවින් අඩු නිර්මාණ (වැයකල යුතු නිශ්පාදන වියදම් නිසාවෙන්) ලබා දී ක්ෂේත්‍රයේ
නම කැත කරන්නවුන්ද ඇති බවයි. (අඩු මිලට වෙළඳපොලට ආ Chinese
Phone වැනිය).
3. 3.
මා දැක්වීමට කැමති විශේෂම කරුණ වන්නේ මෙයයි…
මෙම ඡායාරූපයේ
සිටින පුද්ගලයා තම බඩ වියත රැක ගැනීමට උපකාර වන කැමරාවට ගරු කිරීමට නොදන්නා ගුණමකුවෙකු
සේ පෙනෙන බවයි.
ඕනෑම රැකියාවක
නිරත වන්නෙකු තමාට සහය වන උපකරණ වලට ගරු කරන බව අපි හොඳාකාරවම දන්නෙමු. ගොවි මහත්වරු තම ගොවි උපකරණ, ගවයින්ට තම දරුවන්ට
මෙන් සැලකීම අප දැක ඇත. හමුදා සෙබලා තම තුවක්කුවට බිරිඳට මෙන්
සැලකීමක් දක්වයි. ත්‍රීවීල් රියදුරු මහත්වරු තම රථයට පණ මෙන්
ආදරය කරනු අප ඕනෑතරම් දැක ඇත. මේවා සරල උදාහරණ පමණි.
අනෙකුත් ඕනෑම වෘත්තිකයෙකුම එසේමය. මන්ද තම
බඩ වියත රැක ගැනීමට උපකාර වන දෑට ගරු නොකරන්නෙකුට සාර්ථකත්වය කරා යාමට නොහැකි බව අපි
දනිමු.
මෙම පුද්ගලයා
දුප්පතෙකු විය හැකි බවත් එම නිසා ප්ලාස්ටික් කවරයක කැමරාව ගෙනියන බව කවරෙකු හෝ පවසා
තිබුනත් එය මට නම් පිලිගත නොහැක. මන්ද අප හොදින්ම දන්නා පරිදි වර්තමාන
වෙළඳපොල තුල කුඩා සංචාරක බෑගයක් (Traveling Bag) රු.800
පමණ මුදලකට ලබා ගත හැක. එය වසර කිහිපයක්
භාවිතා කල හැක. එමගින් කැමරාවට ඇතිවන ආරක්ශාව කොතරම්දැයි අමුතුවෙන්
පහදා දිය යුතු නොවේ යැයි සිතමි.
එමෙන්ම මෙලෙස
කැමරාව වැනි සංවේදී උපකරණයක් අනාරක්ශිතව මහමග රැගෙන යමේදී එය දකින අයවලුන් තුල අප්‍රසන්න
හැගිමක් ඇතිවන බව මම අත්දැකීමෙන් දනිමි. එමගින් හානිවන්නේ මෙම පුද්ගලයාට නොව ඡායාරූප
ශිල්පියා යන වෘත්තිකයාටය.
මෙම ඡායාරූපය
දුටු විට මා තුල ඇති වූයේ කේන්තිය මුසු වූ කණගාටුවකි. මන්ද මා භාවිතා කරන්නා වූ කැමරා උපකරණ ආරක්ශා කිරීමට, දකිනවුන් තුල ප්‍රසන්න හැඟීමක් ඇතිවන පරිදි හැසිරීමට මා ගන්නා වූ උත්සාහයේ
තරම මා දන්නා නිසාය. එමගින් මා උපයාගත් දෑ අතර අන් අයගේ ගෞරවය
නොමදවම ලැබුවෙමි.
ඇත්තෙන්ම
මෙවැනි සුලු නොසලකාහැරීම් තුලින් තම වෘත්තීය ගරුත්වය හානි කරගන්නා බව නම් සඳහන් කල
යුතුව ඇත. මෙවැනි හැසිරීම් තුලින් සිදුවන්නේ අනෙකුත් වෘත්තිකයන් අමතන්නාක්
මෙන් (දොස්තර මහත්තයා, ගුරුතුමා,
සංගීත ශිල්පියා, ……. මෙන්) මෙම ඡායාරූප ක්ෂේත්‍රයේ නිරත වෙන්නන් හට කැමරා මහත්මයා හෝ ඡායාරූප ශිල්පියා
ලෙස අමතන්නේ නැතිව නිකන්ම “කැමරා කාරයා” වීමයි…..
ඕනෑම අයෙකු
සමාජය තුල හැසිරීමෙදී තමන් නිරත වන රැකියාවේ වෘත්තීය ගරුත්වය රැකගත යුතුය. එමගින් එම ක්ෂේත්‍රයේ නිරත වන්නන් සියල්ලටම අන් අයගේ ගරුත්වය හිමිවනු ඇත…….
\\\\ මෙවැනි හැසිරීම් තුලින් සිදුවන්නේ අනෙකුත් වෘත්තිකයන් අමතන්නාක් මෙන් (දොස්තර මහත්තයා, ගුරුතුමා, සංගීත ශිල්පියා, ……. මෙන්) මෙම ඡායාරූප ක්ෂේත්‍රයේ නිරත වෙන්නන් හට කැමරා මහත්මයා හෝ ඡායාරූප ශිල්පියා ලෙස අමතන්නේ නැතිව නිකන්ම “කැමරා කාරයා” වීමයි…..///
ReplyDeleteඔබ කියන්නට තැත්දැරූ දෙය මෙතනින්ම පැහැදිලිව කියවේ...
ලියවිල්ල ඉස්තරම්...දිගටම ලියන්න..
ඔබට ජය...
මගේ බ්ලොගට ලැබුණු මුල්ම කොමෙන්ටුව.... අමතක නොවෙවි ජීවිතය පුරාවටම... මගේ ස්තුතිය....
Deleteමට එක පාරටම මතකෙට ආවේ මම ලියපු මෙන්න මේක
Deleteපාන් කාරයා, මාළු කාරයා හැර වෙනත් කාරයන් සිටීද
මම ඒක කියවල තිබුනා. රසවත් ලිපියක්.... මම මේ ලිපියෙන් කියන්නෙත් කැමරා කාරයා කියන වචනෙ ගැන නෙවෙයි. අද සමාජය තුල "නිකන්ම කැමරා කාරයා" වීම ගැනයි.
Deleteඔබේ තර්කය පිලිගන්නවා සහෝදරයා, වෘත්තීය ගරුත්වයක් තිබිය යුතුයි සෑම වෘත්තියකටම. ඔය පෙන්නලා තියෙන්නෙ වීඩියෝ කැමරාවක් නේද? 8000 කතාව ඔය පුද්ගලයා සමච්චලයට ලක් කරන්න කියපු එකක් වෙන්න බැරිද? තේනුවර ලොකු සෑර්ගෙ බලු කතාවෙන් මමත්වය සහ පොරත්වය ඉස්මතු උනා කියලයි මං නං දකින්නෙ. අනික දුප්පත් ශිපියෙක් නං ඔය වගේ නොසැලකිල්ලෙන් උපාංග කොහොමට වත් පාවිච්චි කරන්නෙ නෑ. ඕක රංගනයක් විදියටයි මම නං දකින්නේ. ලොකු සෑර්ගෙ මුවහමට තඩිබෑමක් වෙන්න පුළුවන්.
ReplyDeleteසුභපැතුම්. දිගටම ලියන්න.
මමත් ඉස්සල්ලම දැක්කෙ ඕක. 8000ට හෝ ඊට අඩුවෙන් කලත් එ ගැන සමච්චල් කරන්න හොඳ නැහැ. මොකද අද සමාජය තුල ලොකු මුදලක් වියදම් කරන්න බැරි මිනිස්සු ඕනෙ තරම් ඉන්නවා. අපිත් කැමති මොනා හෝ දෙයක් අඩු මිලට ගන්න. මම දෙවෙනි කරුනෙන් කිව්වෙ ඒකයි. මේ පුද්ගලයා අඩුවට කරනව කියලා සමච්චල් කරනවා නම් ඒක සදාචාරය නොවෙයි. ඒ අඩු මිලට සේවය සැපයීම අගය කරන්න ඕනෙ.
Deleteමම කියන්නෙ මේ උපකරණ ආරක්ශා කරන්න ඕනෙ කියලයි.
ගොඩ වැදුනට තුති...
හරිහැටි කරුණු නොදැන, මේ වගේ පින්තූරයක් දිහා බලලා අදහස් ප්‍රකාශ කරන්න අකමැතියි මම. ඔය දෙපැත්තෙම තර්ක මම කියෙව්වා. දෙපැත්තටම පක්ෂව සහ විපක්ෂව සිතුවිලි මගේ හිතේ ඇතිවුනා. ඒ නිසා නිහඬතාවය රකින්න තීරණය කලා.
ReplyDeleteඔබතුමාගෙ අදහසට මාත් එකගයි. මෙවැනි ඡායාරූපයක් නිර්මාණය කරන්නත් පුලුවන්. මම මේ ලිපිය ලිව්වෙ මෙලෙස හැසිරෙන පුද්ගලයින් ඕනෑ තරම් දැකල තියෙන නිසා. මට ඇති වූ ගැටලුව අඩු මිලට සේවා සැපයිම නෙවෙයි. ඒක මම අගය කරනවා. මේ උපකරණ වලට යම් කෙනෙකු මෙලෙස සලකන විදිහ තුලින් දකින අය තුල ඇතිවන සිතුවිලි නිසා නිකන්ම කැමරා කාරයින් ලෙස සමාජ ගත් වීමයි. මේ කරුණ ඔබතුමා අනුමත කරාවි කියල සිතනවා. දොස්තර මහතෙකුට කොට කලිසමක් ඇඳල වාට්ටුවට එන්න බෑ වගෙ තමයි මේකත්.
Deleteඔබතුමාට තුති.....
බ්ලොගර් ෆලෝවර් එක දාල , ඔයත් බ්ලොගර් ෆෝපයිල් එක උඩට එන්න , එතකොට කියවන අයට ඔයාව ෆලෝ කරන්නත් , අළුත් පෝස්ට් දැම්ම ගමන් දකින්නත් , කමෙන්ට් එකක් පස්සේ ඇවිත් බ්ලොග් එකට එන්නත් පහසුයි
ReplyDeleteගොඩ වැදුනට බොහොම ස්තුති ඔබට.... ඉඩිරියටත් මෙවැනි උපදෙස් බලාපොරොත්තු වෙනවා....
Deleteමේ පින්තුරේ අස්සේ හැංගිලා තියෙන ඇත්තම කතාව මොකද්ද කියන්න අපි දන්නේ නෑනේ..මේ ගැන ගොඩක් තැන් වල කතා කරපු දේවල් දැක්කා.. ඔබ ලියලා තියෙන දේවල් වලත් සාධාරණත්වයක් තියෙනවා.. ඒත් අපි හිතන විදිහ වෙනස් වෙන්න බැරි නැහැ..
ReplyDeleteඒ විවිධ කතා දැකපු නිසයි මමත් මෙක සටහන් කලේ. එලෙස පුද්ගලයෙකු ජීවත් වීමට දරන උත්සහය හෝ අඩු මිලට සේවා සැපයිම සමච්චලයට ලක් නොකල යුතු බව මා පැවසුවේ එමනිසයි. නමුත් මෙලෙස මෙවැනි උපකරණ වලට දක්වන නොසැලකිම තුලින් අප විසින් අපටම කරගන්නා හානිය ගැනයි මා තුල ඇතිවන ගැටලුව. රැකියාවේ නිරත වන වේලවට ඒ රැකියාවේ ගරුත්වය රැක ගත යුතු වන්නේ එම අවස්තාවේදී සමාජය දකින්නේ එම පුද්ගලයා නොව එම වෘත්තීය තුල නිරත වන සමස්ත වෘත්තිකයින් සියල්ලමය.
Deleteගොඩ වැදුනට බොහොම ස්තුති ඔබට....
cheers. keep it up
ReplyDeletethank you very much..... Hope you will help to me...
Deleteමේ වගේම පින්තූරයක් ආවා ක්‍රිකට් ලෝක කුසලානය ආවරනය කරපු කැමරාකරුවකු ගැනත්.තමුන්ගෙ උපකරණ අජීවී උනත් ඒකට ගරු කරන්න ඕනෙ.ආදරය කරන්න ඕනෙ.ඒ කතාව හරි.
ReplyDeleteදිගටම ලියන්න ශ්‍රීනාත්... කැමතියි කියවන්න..
මම ඒ පින්තූරයත් දැක්කා. අපිට උදව් වන කුමන හෝ දෙයකට ගරු කරන්න ඕනෙ කියන දේ හොඳ මහත්මා ගුණයක් ලෙසයි මා දකින්නේ. බොහොම ස්තුතී ඔබට....
Deleteඔන්න ඔබ මගේ අඩවියට ඇවිත් පෙන්නුව පාර දිගේ ආවා.
ReplyDeleteහොඳ විශ්ලේෂනාත්මක විග්‍රහයක්.
අන්තිමට තියනවා 'කැමරා කාරයා' කියන එකට අප්‍රසාදය පලකරලා. ගණන් ගන්න එපා අනේ. නඩුකාරයා, ආමිකාරයා, පොලිස්කාරයා, පාන්කාරයා, මාළුකාරයා, තව කොච්චර ඉන්නවද? නඩුව කරවන්නා නඩුකාරයා, පොලීසිය කරවන්නා පොලිස් කාරයා, කැමරා ශිල්පය කරවන්නා (නියැලෙන්නා) කැමරා කාරයා. එතන අපහාසයක් ඇතිවෙන්නේ අපි එය ගණන්ගන්නා ආකාරය අනුවයි.
මේ කැමරා කාරයා කරන්නේ අමනොඥ ක්‍රියාවක්. ඔබ කියනවා වගේම මේ වගේ වැඩකට යනකොට මේ උපකරණ, කරේ දාන බෑග් එකක ගෙනියන්න බැරි, එක්කෝ නොසැළකිල්ල. නැත්නම් අසංවිධානාත්මක බව. හැබැයි මේ පින්තූරය ගත්තේ ඔහු යම්කිසි හදිසි අවශ්‍යතාවයක් (පොද වැස්සකින් බේරගන්න වැනි) සඳහා මෙහෙම කලානම් තරමක් සාධාරණයි.
මංගල ඡායාරූප ශිල්පීන් පමණක් නෙවෙයි, බොහෝ වෘත්තීයවේදීන් තම කීර්තිනාමය අනුව තමා ගාස්තු අයකරන්නේ. නීතීඥවරු, පෞද්ගලික වෛද්‍යවරු, නිවාස සැලසුම් අඳින අය, මිනින්දෝරුවන්, ඔය කවුරුත් එකයි. අපි දැනගන්න ඕනේ අපේ අවශ්‍යතාව සතුටුදායකව ඉටුකරගන්න පුළුවන් කෙනෙක් හොයාගන්න.
ඔබතුමා වැනි ඩැනුමැති මහත්මයෙකු මෙම ලිපිය අගය කිරීම ඇත්තෙන්ම මට මහත් ගෞරවයක්. ස්තුතී ඔබට. ඇත්ත මෙම පින්තූරය මවාපෑමක් උවද විය හැක. නමුත් මෙලෙස හැසිරෙන්නන් ඕනෑ තරම් සිටින බැවින් එමගින් සමස්ත කැමරා කරුවන් ගැන සමාජය තුල යහපත් සිතුවිලි ඇති නොවීම පුදුමයක් නොවේ.
Deleteමේ ගැන කියන්න හිතුණ දේවල් ඔක්කම කස්ටිය කොමෙන්ටු වලට ඔබල නෙව කියන්න කියල දෙයක් ඉතුරු වෙලා නෑ...
ReplyDeleteඒත් මං දන්න විදියට නියම විදියට වෘත්තිය ගරුත්වය ආරස්සා කරන් වැඩ කරන්නෙ සීමිත පිරිසයි...
මොකද එහෙම අයට වැඩි පිළිගැනීමක් රටේ නැති හන්ද
කැමතිම අර වගේ කසඩ ගොබ්බ හරක්ට
අද ඇතිවෙලා තියෙන සමාජ තත්වය තමයි... රටේ පිලිගත් සෑම වෘත්තියක්ම මේ රැල්ලට අසු වෙල ඉවරයි කියලා හිතෙනවා. ගොඩ වැදුනට බොහොම ස්තුති ඔබට....
Deleteඕවා ඒ තරම් දේවල් නෙමෙයි.. රටක් දියුණු වෙන කොට, හැම වෘතියකුටම එක සමාන ආදායමක් ලැබෙන විට, විශමතාවන අඩු වෙන කොට ඕවා ඉබේම නවතිනවා. එතකන් ඒ දේවල් නැති වෙන්නේ නෑ.. අනික ඔයා කියන විදියට අද ඉන්න උන් එකෙක්වත් ගනන් ගන්නේ නෑ.. ඔය මහත්තයා කෑලී දැන් නෑ.. ඩොකා, ජජා, පිනා, ගුරා කියලා තමයි ඕන එකෙක් අමතන්නේ...
ReplyDeleteඔබතුමගේ පැමිණීම මහත් වූ ගෞරවයක්... මම බ්ලොග් කියවන්න පටන් ගත්තේ ඔබතුමාගේ බ්ලොග් එකෙන්. ඔබතුම කියන දේ සම්පූර්ණ ඇත්ත. අද කාලේ සෑම වෘත්තියකම තත්වය ඕක තමයි. ගොඩක්ම රැකියාවේ නිරත වන්නන්ගේ වැරදි තමයි.
Deleteලිපිය කියවන්න වෙන වෙලාවක එන්නම් සුබපතනවා දිගටම ලියන්න
ReplyDeleteගොඩ වැදුනට බොහොම ස්තුති ඔබට....
Deleteඕං මාත් ආවා. දිගටම ඇවිත් කියවන්නං... ෆලොවර් ගැජට් එක තිබ්බනං ෆලෝ කරන්න ලේසියි. දිගටම අවුරුදු ගාණක් ලියන්න පුළුවන් වේවා...!!!
ReplyDeleteගොඩ වැදුනට බොහොම ස්තුති ඔබට....
Deleteයශන්ත ( වැරදිනම් නිවැරදි කරන්න ),
ReplyDeleteඔබ ඉන්ද්‍රනාථයන් මතු කල කරුනම, වඩා සංයමයෙන් සහ වැදගත් ලෙස මතු කරනව. එකම පින්තූරය තැන් දෙකක වෙනස් අදහස් දෙකක් මවනව, හේතුව ඒ සමග එන මාතෘකාව/ පසු කතාව.
වචනවල බලය මෙයයි. ඔබ මල්ල සහ වෘත්තියෙ ගරුත්වය ගැන මිස මිළ ගැන කතා නොකරන නිසා, මම ඔබ හා එකඟයි.
අළුතෙන් බ්ලොග් ලියන්නට කෙනෙක් එකතු උනාට සතුටුයි! දිගටම ලියන්න. ටික කලක් යන තුරු ලින්ක් එක කමෙන්ට් යටින් දැම්මට, එය දිගට කරන්න එපා, වෘත්තිය හෑල්ලු වෙනව :)
මෙතනින් ගිහින් live link දමන කරන ක්‍රමය දැනගන්න.
මේ පිතූරය ඉන්ද්‍රනාථයන් පලකර ඇති ආකාරය ගැන මමත් සතුටු වෙන්නෙ නෑ. එවැනි අයෙකු මෙලෙස අඩු මිලට සේවා සැපයිම හෙලා නොදැකිය යුතුයි. ලංකාවෙ බහුතරයක් දුප්පත් අය ඉන්නෙ. ඒ නිසා මෙවැනි සේවා සපයන්නන් සිටිය යුතුයි. එය අගය කල යුතු දෙයක්...
Deleteමට උවමනා වන්නේ යමෙකු තම ගෞරවය රැකගෙන රැකියාව කරන්න ඕනෙ කොහොමද කියලා.
බොහොම ස්තුතී ඔබට... ඉදිරියටත් මෙවැනි අඩුපාඩු පෙන්වා දෙන්න.. ( වෘත්තිය ගෞරවය රැකීමට :D )
( යශන්ත නම් නෙවෙයි යෂ්‍යන්ත )
එකඟ නොවන තැන් බොහොමයි. එකක් විතරක්,
ReplyDelete/ නමුත් විශේෂයෙන් සඳහන් කල යුතු වන්නේ මෙලෙස අඩු මිලට ගුණාත්මක බවින් අඩු නිර්මාණ(වැයකල යුතු නිශ්පාදන වියදම් නිසාවෙන්) ලබා දී ක්ෂේත්‍රයේ නම කැත කරන්නවුන්ද ඇති බවයි. (අඩු මිලට වෙළඳපොලට ආ Chinese Phone වැනිය).//
මිල අනුව කොලිටිය වෙනස් තමයි කොහොමත්. දැං ඔබේ සහ දයාන්ගෙ ගනං දෙකක් බව මේකෙ දාල තියනවනෙ, දයාන් ඔබ සම්බන්ධයෙන් ඔය කතාවම කිව්වොත්?
එක එක්කෙනා තමන්ගෙ බඩු භාන්ඩ වලට දක්වන ආදරය විවිධයි. ඒ මත වෘත්තීය ගෞරවය මනින්න බෑ.
වෘත්තීය ගෞරවය කියන්නෙ වෘත්තීය තුලින් හදාගන්න දෙයක්. බඩු ගෙනියන්නෙ කොහොමද වගේ කාරනා වලට වැඩිය වැදගත් වෙන්නෙ ගන්න මුදලට කොපමන වටිනා සේවයක් දෙනවද කියන එක අනුව
ඔබ මතු කරන අදහස නිවැරදී.
Deleteඇත්තෙන්ම දයාන් වැන්නෙක් නිර්මාණය කරන ඇල්බමයත් මාගේ ඇල්බමයත් අතර විශාල වෙනසක් තිබෙනවා. එය පලපුරුද්ද මත ඇතිවන්නක්. මම ගන්නා ඡායාරූපයට වඩා පියවර ගණනාවක් ඉදිරියෙනුයි ඔහු ගන්නා ඡායාරූපයක ගුණාත්මක බව පවතින්නේ. එවැන්නන් ප්‍රවීණයින් ලෙස මෙම ක්ෂේත්‍රය තුල සලකන්නේ එම හේතුවෙනි. ඔහු පැවසුවොත් මගේ ඇල්බමය ඔහුගේ එකට වඩා ගුණාත්මක බවින් අඩුයි කියා සැබවින්ම මා එය පිලිගන්නවා. මා විතරක් නොවෙයි එය සසඳා බලන අයෙකුට පවා එය දැනේවි.
යම් කිසි වෘත්තීයකදී උපකරණ වලට නොසැලකීම එතරම් දෙයක් නොවේ නම්, වෘත්තීන් සඳහා යොදා ගන්නා නිල ඇඳුම් පිලිඹඳව මෙතරම් සැලකිලිමත් වන්නේ ඇයි? එයත් යම් උපකරණයක් නේද?
නිලය තුලින් එය දරන්නා බැබලෙන්නේ නැහැ. නමුත් එය දරන්නා තුලින් නිලය බැබලෙනවා. වෘත්තීයද එසේමය........
ගොඩ වැදුනට බොහොම ස්තුති ඔබට....
ඔබ කියන කතාවේ කොටස් වලට එකඟවිය හැකි සහ නොහැකි යන දෙකම මිශ්‍රයි.
ReplyDelete1. කතාවේ පැහැදිලි බවක් නැත. මම මේ සේයාරුව මීට කලින් මුහුණුපොත තුල දැක නැත. එබැවින් මට ඒ ගැන වැටහීමක් නැත. එබැවින් කියවන්නා ගැන උපකල්පණය කර ලිපිය ලිවීම ම මට ඇතැම් කරුනු ගැන නොවටහීමට හේතුවක් බව හැඟී යයි. ජායාරුපය ක්ලික් කල ද ඒ හා සබැඳියක් නැතිවීම මත ඔබ කියන්නේ කුමක්ද යන්න මට සිතාගැනීමට සිදුවේ.
2. මේ මංගල ජායාරුපකරණයේ යෙදෙන අයෙකු ලෙස මම සිතන්නෙම්. ඒ අනුව කරුණු උපකල්පණය කරගෙන ඇත.
කතාව කුමක්ද නොදැන කමෙන්ට් කල නොහැක. නමුත්, මේ පුද්ගලයා කවරෙක්ද, ඒ ඔහුගේ ස්වභාවය ද නොඑසේ නම් අකරතැබ්බක් වී කැමරාව මල්ලකට බහා ගෙනයනවා ද යන්න දන්නේ ඔහු ම පමණි. ඔබට හෝ මට (ඔහුව හොඳින් නොදැන) මේ ගැන කීමට නොහැක. එසේ නම් වෘත්තීය ගරුත්වය සහ බඩ වියත රැකගන්නා උපාංගයට ගරුකිරීම ගැන කතා කර පලක් නැත.
මිල ගණන් ගැන. ඕනෑම ප්‍රවීණයෙක් ආධුනික සමයේ වෙළඳපලට පිවිසෙන විට ඉහල මිලක් අය කරනු දකින්න නොහැක. එයට ඔබ එකඟ වේ ය සිතමි. ඒ මන්ද යත්, මුලික වෙළඳපලට පිවිසීමේ දී කෙතරම් දක්ෂයෙකු වූවද තැනක් සාදාගන්නා තුරු කිසිවෙකු වැඩක් භාර නොදෙන බැවිනි. එතැනදී දක්ෂකම සහ කොලිටිය නොඑසේ නම් ගුණාත්මක බව ගැන ගැටළුවක් නැත. (නැත්තේම නැත. මේ කියන්නේ අද කැමරා ආම්පන්න ගන්න බොහෝ දෙනා සිතන්නේ දැන් හරි ය මටත් මංගල අවමංගල ජායාරුපකරණයට පිවිසිය හැකිය යන්න සිතන බැවිනි.) බොහොමයක් නවක දක්ෂයන් කරන්නේ ගුණාත්මක බව සහ දක්ෂබව රැකගෙන තමන්ගේ මහන්සිය වත් නොබලා බොහෝවිට වෙළඳපලට තරඟයක් දීමට තමන්ගේ නිර්මාණ අඩු ලන්සුවකින් මාකට් කිරීමය. මේ මුල් කාලයේ වෙළඳපල සාදා ගන්නා තුරු පමණි. වෙළඳපල සෑදුනු විට, ක්‍රමක්‍රමයෙන් ඔවුන් මිල ස්ථාවරව ඉහල දමනු දකින්නට ලැබේ.
තත්වය සහ තරාතිරම රැකගන්නේ තමා ම ය, තම රැකියාව දහසක් දෙනා කලද පුද්ගල පෞරුශය සහ හැසිරීම මත අමතන්නා අමතන විදිය වෙනස් වේ. ඔබ ම සිතන්න, මිනිසුන් කෙසේ ඇමතීමට ලක් කල ද, ඇතැම් පුද්ගලයන් දැක ඒ සුපුරුදු ඇමතීම කල නොහැකි අය කී දෙනෙක් ඔබට හමුවී ඇති ද කියා. සිතන්න ඔවුන් සතු වෙනස කුමක් ද කියා.
මුහුණුපොතට මෙය එක් කල ඇත්තේ මෙම ක්ෂේත්‍රය තුල ප්‍රවීණයෙක් ලෙස සලකනු ලබන ඉන්ද්‍රනාථයන් විසින්. නමුත් ඔහු එය පලකර ඇති අන්දම ගැන මම සතුටු වෙන්නේ නැහැ. ඔහු මෙම පුද්ගලයගේ අය කිරීම හෑල්ලුවට ලක් කරලා.
Deleteමම මේ ලිපිය තුලින් කිසි විටකත් අය කරනු ලබන මිල අවතක්සේරු කරලා නැහැ.
\\\ අගනගරයෙහි වෙසෙන ධනවත් පිරිස තම සමාජ තත්වය උදෙසා වැඩි මිලටත්, මධ්‍යම පාන්තිකයින් අඩු මිලකටත් සේවා ලබාගැනීමට සැලකිලිමත් වන බැවින් මෙලෙස අඩු මිලක් අය කිරිම පහත්කොට නොසැලකිය යුතුය.///
මම කතාකරන්නේ මෙවැනි නොසැලකිලිමත් හැසිරීම් තුලින් සිදුවන අවැඩ ගැනයි.
(කැමරා ගෙනයන බෑග් මිල අධිකයි. එවැන්නක් මිලදී ගැනීම අපහසුයි මුලදිම. මටත් තිබුනා එහෙම කාලයක්. නමුත් මම කලේ කැමරාව තුවායක ඔතලා කරේ ගෙනියන බෑග් එකක රැගෙන යාමයි. එවැන්නක් කරන්න බැරි නම් එය සැබවින්ම ඔහුගේ උවමනාවක් නැතිකම විය හැකිය.)
-- කැමරාවක මිල රු.100000 ට වඩා ඉහලය. ඒක කැඩුනොත්, අලුත් එකක් ගන්න මුදල් නැත්නම් කොහොමද ජීවත් වෙන්නේ? --
"කැමරාව කොතරම් බලසම්පන්න නවීන උවත් එය අතැති ඕනෑම අයෙකුට පොටෝ ඇල්ලිය හැකිය. නමුත් ඡායාරූපයක් ගැනීම ඊට වඩා දුර ගිය දෙයක් වේ.. ඔබගේ අදහස මමද අනුමත කරමි."
ගොඩ වැදුනට බොහොම ස්තුති ඔබට....
යකෝ එක් සැන්ඩරය මැරිල නැ , ..හැබැයි සෙන්න නං මැරිලද කොහෙද
Deleteවෘත්තීය ගරුත්වය කියන එක තමං කරන වැඩේ කොලටි එකත් එක්ක හදාගන්න දෙයක් මිසක් උපකරන වලට සලකන ආකාරයෙන් ඒක මනින්න හදන එක අසාධාරණයි. කොහොම උනත් ඔබ සාධාරණව කතාව බැලන්ස් කරන්න උත්සාහ දරල තියෙනව.
ReplyDeleteබ්ලොග් ලෝකෙට ගොඩ බැස්ස එකට සතුටුයි. බ්ලොගර් ෆලෝවර් ගැජට් එක දාගත්තනං ෆලෝ කරල දිගටම මේ පැත්තෙ එන්න පහසුයි.
Layout, Add a Gadget, More Gadget, Followers
ඒ උනත් අපි හම්බකරන් කන දේට සැලකිය යුතුයි නේද? දිනපතා සෝදා පිරිසිදුව පිලිවෙලට තියාගෙන ඉන්න ත්‍රී වීල් එකක අයිතිකරු දකිද්දි ඔබට ඔහු ගැන සිතෙන්නෙ කුමක්ද? ඒ සිතුවිල්ල ඕනෑම අයෙකුට පොදු විය හැකි නොවේද?
Deleteකැමරාවක මිල රු.100000 ට වඩා ඉහලය. ඒක කැඩුනොත්, අලුත් එකක් ගන්න මුදල් නැත්නම් කොහොමද ජීවත් වෙන්නේ?
කැමරා ගෙනයන බෑග් මිල අධිකයි. එවැන්නක් මිලදී ගැනීම අපහසුයි මුලදිම. මටත් තිබුනා එහෙම කාලයක්. නමුත් මම කලේ කැමරාව තුවායක ඔතලා කරේ ගෙනියන බෑග් එකක රැගෙන යාමයි
ගොඩ වැදුනට බොහොම ස්තුති ඔබට.... ඉදිරියටත් ඔබේ සහය පතමි. මගේ අඩු පාඩු පෙන්වා දෙන්න.
මමත් ඒ ඡායාරූපය දැක්කා. නමුත් අපි තවත් කෙනෙක් අපි වගේ වෙන්න ඕනේ කියලා හිතන එක වැරදියි. කෙනකේ ඉන්න මානසික තත්ත්ව අනුව මේ දේවල් වෙනස් වෙනවා. මම පොඩි උදාහරණයක් දෙන්න. කලින් දවසේ ලොකු වැස්සකට අහු වෙලාඅ බෑග් එක හොඳටම තෙමුණා. ගඳයි. ඔහු ළඟ වෙන බෑග් එකක් නෑ. එතකොට මෙහෙම හරි තමන්ගේ සේවාදායකයා ලඟට යන එක වරදියිද ? හැබැයි මේකේ අනිත් පැත්තත් එහෙමයි. මේ වගේ කෙනෙකුට හෙළුවෙන් පාරේ දුවන එකත් සුළු දෙයක්. කලින් කිව්වා වගේ ඉන්න මානසික තත්වය තමයි බලපාන්නේ.
ReplyDeleteඇත්ත... අකරතැබ්බයක් වෙන්න පුලුවන්. එහෙම අවස්තාවක මෙය සාදාරණයි.
Deleteඒත් අපි සැවොම ( මාද ඇතුලුව ) සර්ව සම්පූර්ණ නැති විට අපි දිහා බලන අයත් සම්පූර්ණ නැති වීම මෙහි ගැටලුව. මිනිසුන් සෑම විටම වැඩිපුරම දකින්නේ අඩු පාඩු නම් අප හැකි සෑම විටම අපේ දුර්වලකම් අවම වන ලෙස හැසිරීමෙන් අපට අවැඩක් සිදු වෙන්නේ නැහැ නේද?
ගොඩ වැදුනට බොහොම ස්තුති ඔබට.... ඉදිරියටත් ඔබේ සහය පතමි.
ඉන්දික මේ ගැන කියා තිබුණා. එතන ලියූ දෙයක් මෙතනත් ලියන්නම්.
ReplyDelete//අර පින්තූරෙ ගැන නම් කියන්නෙ තියෙන්නෙ, තමන් දන්න මිනිස්සුන්ට ජොබ් එකක් දෙන්නෙ නැති එවුන් ඒ මිනිස්සුන්ගෙ අඩුපාඩු, වැරදි හොයන්නෙ ෂර්ලොක් හෝම්ස් වගේ. ඒවා පතුරවන්නේ සන්ඩේ ටයිම්ස් වගේ.//
දිගටම ලියන්න. ජය!
ඇත්ත... මම මුලින්ම සඳහන් කලා මේ පින්තූරය හරහා මේ පුද්ගලයාට සමච්චල් කරනවා නම් ඒක වැරදී කියලා. මිනිහෙක් ජීවත් වෙන්න දරන අරගලයවත්, අඩු මිලට සේවා සැපයීමවත් සමච්චල් නොකල යුතු කරුනක්...
Deleteගොඩ වැදුනට බොහොම ස්තුති ඔබට....
ලෝකය විෂමයි, හැමෝම එක වගේ නෑ. මං නං පොතක් බිම දාන්නේ වත් නෑ. ඒ වගේ වුණාම, සමහරු පොත්වලට සලකන හැටි දකින කොට දුක හිතෙනවා.
ReplyDeleteමේ ෆොටෝ එක සම්බන්ධයෙන් වුනේ, වැඩි විස්තර නොදා නිකං වචන දෙකතුනක් දැමීමයි. එනිසා ඉන්ද්‍රනාථ තේනුවර ගැන අපට ඇති වුනේ අප්‍රසාදයක්.
මේ මනුස්සයාගෙ රැකියාවයි සේවයයි ඒ වචන වලින් හෑල්ලුවට ලක් කරලා තිබුණා. ඇත්තටම ඉන්ද්‍රනාථ වගේ මේ ක්ෂේත්‍රය ඇතුලෙ ඉදිරියෙන් ඉන්න කෙනෙක් එහෙම කතා කරන එක සාදාරණ නැහැ.
Deleteඒ වගේම මේ මනුස්සයා මේ උපකරණ ටික පිලිවෙලට අරන් ගියා නම් මේ වගේ දේවල් කාගෙන්වත් අහන්න වෙන්නෙත් නෑ...
හැමෝම එක වගේ නෑ කියන දේ නම් සම්පූර්ණ ඇත්ත. ඒත් මම දකින දෙයක් නම් ඕනෑම වෘතියක් අතුලෙ ඉන්න හැමෝම දිහා මේ සමාජය බලන්නෙ එකම විදිහට කියන දේ. උදාහරණයක් විදිහට හමුදා නිලධාරියෙක්, පොලිස් නිලධාරියෙක්, දොස්තර කෙනෙක් හරි අඩුම තරමෙ ස්වාමීන් වහන්සේ නමක් වැරැද්දක් කලොත් ඒ ක්ෂේත්‍රය ඇතුලෙ ඉන්න හැමෝටම ඒ හංවඩුව වදිනව නේද?
(එක කූඹියෙක් කෑවොත් මුලු ගුලම විනාශ කරල දානවා වගේ)
ගොඩ වැදුනට බොහොම ස්තුති ඔබට....
හොඳට වටේම කවර් වෙන්න ෆොටෝ ටික අල්ලල තියෙනව ඈ.. මේ ගැන ඉ.තේ. ගේ බුකි පිටුවෙයි සැහැල්ලුවේ ඉන්දිකය බ්ලොග් ලෝකෙ ඇවිලපු ගින්නෙයි සටහන් උනු ඔක්කොම කරුණු වගේ කියවල තිබ්බ.. හැබැයි මධ්‍යස්ථව කතා කරන අදාල වෘත්තියේම යෙදෙන එකෙක් විදියට ඔබේ පෝස්ටුව වෙනස්ම මානයක් ගේනව.. කියන්න තියෙන ගොඩක් දේවල් උඩින් කියල තියෙන නිසා ඔබේ හැකියාව ගැන විතරක් කියන්නම්.. අපූරු ලියවිල්ලක්.. කලාත්මක ඇහැක් වගේම ඔබට නිර්මාණශීලි පෑනකුත් හිමියි.. දිගටම ලියන්න.. ඡායාරූප ක්ෂේත්‍රයේ මෙන්ම බ්ලොග් අවකාශයේත් දිගු දුර මෙහෙයුමකට සුභාසිරි.. ජය ශ්‍රී!
ReplyDeleteබොහොම ස්තුතී.... අඩු පාඩු පෙන්නල දීලා සහය වෙන්න කියල ඉල්ලනවා...
Deleteෆොටෝ ගැන කැමරා ගැන පෝස්ට් දාපු දවසට වදයක් වෙන්න මෙතනට එන්නම්. දිගටම ලියන්න ශක්තිය වගේම කාලය ලැබේවා !!!!!
ReplyDeleteඑහෙනම් ෆොටෝ ගැන නොලියා ඉන්නම්කෝ... :D ස්තුතී ඔබට...
Deleteප්‍රවීන ඡායාරූප ශිල්පීන් සියල්ලෝ ම පාහේ තමන් අත්විඳින අභාග්‍යය ගැන වචනයකුදු නොදොඩා සිටින අවදියක, ඔබගේ ඉදිරිපත්වීමට බොහොම ස්තූතියි.
ReplyDeleteඑක ම ඡායාරූපය දෙන්නෙක් දෙපළක පළ කළා ම, (එකම අරමුණකින්..!) එකම කෙනා දෙපැත්තෙ දෙවිදිහකට අදහස් ලියන ආකාරය ගැන මාර මොකක්ද එකක් දැනුනා.
ඔබ තුමාගේ පැමිණීමට බෙහෙවින්ම ස්තුතී... මේ ක්ෂේත්‍රයේ සමහරු හැසිරෙන විදිහ දැක්කාම ඇත්තටම කලකිරෙනවා. තමන්ට ලැබෙන්න තියෙන සමහර දේවල් විශේෂයෙන්ම ගෞරවය නැති කරගන්නෙ තමන්මයි. මේ කැමරාව රැගෙන යන විදිහ දැක්කාම ඇති වෙච්ච කණගාටුව නිසයි උපකරණ වලට සලකන්න ඕනෙ හැටි ලියුවේ. ඒත් එක් දෙයක් පවසන්න තිබෙනවා. ඔබතුමා රු.8000 ගැන කියලා තිබුනු ආකාරය නම් මම අනුමත කරන්නෙ නැහැ.
Deleteඉදිරියටත් ගොඩ වදින්න ආරාධනා කරනවා.. ස්තුතී ඔබට.
ඔබේ කතාවට එකග වෙන්න පුළුවන් මිත්‍රයා....මං හිතන්නෙ කැමරාකරණය කියන්නෙ පිලිගත් වෘත්තීයක්.පින්තූරයේ පෙනෙන විදියට තමන්ගෙ මේ වෘත්තීයට කිසිම විදියෙ ගරු සරුවක් නැති විත්තිය පේනවා..අපේ ගමේ කැලේ ලී ඉරන්ඩ අරන් යන චේන් ෂෝ එකත් ඒ මිනිස්සු හරි පිළිවෙලකට අරගෙන යනවා...
ReplyDeleteහරි හම්බ කරගන්න උද්ව් වන දේට ගරු කරන්නෙ නැති කෙනෙකුට දියුණුවක් අත් වෙන්නෙ නෑ කියන දේ අපි පොඩි කාලෙ ඉදන් අහල තියෙනවා. මෙහෙම හිටියොත් මේ මනුස්සයා හැමදාම මෙතනම ඉන්නත් පුලුවන්.
Deleteගොඩ වැදුනට බොහොම ස්තුතියි ඔබට....
මොනවහරි ලියහං කෝ ඉතින්
ReplyDeleteමේ දවස් වල එකක් ලියාගෙන යනවා... ඉක්මනට දාන්නම්...
Deleteඋඹ ගුගල් ෆෝපයිල් එක අත ඇරල බ්ලොගර් එක උඩට වරෙන් මචං
Deleteමම කැමරාකරනය ගැන මෙලෝ අල බෝලයක් නොදනිමි....නමුත් හම්බකරන් කන උපකරනයට ගරු කරන්න ඕනේ...
ReplyDeleteමොකද තමන් කරන දේට තමන් ආදරේ නැත්තම් අනිත් එකෙක්වත් කොහොමත් ගනන් ගන්නේ නෑ නේ......
ගරුත්වය ආදරයක් නැති තැන ඒක නිකම්ම නිකන් එදා වේල හොයන ක්‍රමයක් මිස තව දුරටත් වුර්තියක් වෙන්නේ නෑ...
අපි පොඩි කාලේ ලියන පොතටත් වඳිනවා. ඒත් ලොකු වෙද්දි ඒ පුරුදු නැති වෙන එකයි හොඳ නැත්තෙ. එදා වේල හම්බකරන් කෑම ගැන විතරක් හිතන නිසයි ඉදිරියට යෑමක් නැත්තේ.
Deleteගොඩ වැදුනට බොහොම ස්තුතියි ඔබට....
ලස්සනට ලියල තියෙනවා . දිගටම ලියන්න . මේ කතාව ගැන නම් කියන්න දෙයක් නෑ ...මට නම් මේ ෆොටෝ එක දැක්කම මේ මනුස්සය ගැන ආවේ දුකක් .. ඒ මනුස්සය මෙහෙම ඉන්න හේතුව නොදැන වෙන තර්ක දාන එක වැඩක් නෑ කියලයි මට හිතුනේ.
ReplyDeleteඅනිත් ලිපිත් හෙමිහිට බලන්නම් ..
ගොඩ වැදුනට ස්තුතියි... මනුස්සයෙක් ජීවත් වෙන්න ගන්න උත්සාහය අගය කරන්න ඕනෙ...
Deleteමිනිහෙක්ට තමන්ගෙ කැමරාව තමන්ට ඕන විදියකට ගෙනියන්න අයිතියක් තියෙනවා. උපකරණ වලට වැන්දෙ ගල් යුගයෙ මිනිස්සු අනික පොටො එක ලස්සන වෙන්නෙ කැමරාව දාගෙන යන බෑග් එකෙන් නෙවෙයි ඒක ගන්න මිනිහගෙ දක්ෂතාවය අනුව.
ReplyDeleteඇත්ත. හැකියාව නැත්නම් මොන තරම් හොඳ කැමරාවක් තිබුනත් හොඳ ෆොටෝ එකක් ගන්න බෑ. ඒත් මම පොඩි දෙයක් කියන්න කැමතියි. මගෙ හිතවත්ම යහලුවෙක් වෙන ඡායාරූප ශිල්පියෙක් මේ ලඟදි රු.525000 ට කැමරාවක් ගත්තා. ඒකට ඕනෙ මුදල හොයා ගත්තේ ඔහුගේ නිවස බැංකුවට උගස් කරලා. ඉතින් ඔහු ඒ කැමරාව පරිස්සම් නොකර කඩා ගත්තොත් ඔහුගේ අනාගතේට මොකද වෙන්නෙ...?
Delete