Pages

Friday, March 20, 2015

වෘත්තීය සදාචාරය යනු....




මෙම පෝස්ටුව ලිවීම ඇරඹුණේ මේ දින වල මුහුණු පොතේ කතාබහට ලක්ව ඇති ඡායාරූපයක් හා එයට පලකර ඇති කොමෙන්ටු දුටු විට. වෘත්තීයමය ලෙස නොවූවද විනෝදාංශයක් වශයෙන් වසර අටක පමණ කාලයක් ඡායාරූප ශිල්පයේ නිරත වන අතරම මංගල ඡායාරූපකරණයේද යෙදෙන්නෙකු ලෙස මේ පිළිඹඳව යමක් පැවසීම යුතුකමක් ලෙස සිතමි.

ඡායාරූපය උපුටා ගත්තේ මුහුණු පොතෙනි.

ඉහත දැක්වෙන ඡායාරූපය දකින විට හා එයට පලකර ඇති කොමෙන්ටු කියවන විට ඔබට දහසක් දේ සිතෙනු ඇත. එම ඡායාරූපයෙන් මා තුල පැන නගින සිතුවිලි තුනක් ඇත.


1.   1.   බුදුන් වහන්සේ දේශනා කර ඇති අන්දමට තවකෙකුට කරදරයක්, හානියක් නොවන ලෙස සාධාරණ රැකියාවක නිරත වී තම දූ දරුවන් පෝෂණය කිරීම හෑල්ලුවට ලක් කිරීම මෙම ඡයාරූපයේ අරමුණ නම් එය හෙලාදැකිය යුතුය.



2.   2.   මෙහි සඳහන්ව ඇති ලෙස මෙම පුද්ගලයා රු.8000 ක් අය කිරීම ගැන මා තුල අදහසක් ඇත.

වර්තමාන සමාජය තුල භාණ්ඩ හා සේවා අලෙවි කිරීමේදී එම භාණ්ඩ නිශ්පාදකයා හෝ සේවා සපයන්නා වෙළඳ ලෝකය තුල තම ස්ථාවරය ගොඩනගා ඇති මට්ටම අනුව එකම භාණ්ඩය හෝ සේවාවේ මිල විවිධ වේ.
උදා:
පෙට්ටි කඩයේ ප්ලේන්ටිය රු.15 කි. නමුත් එම ප්ලෙන්ටියම තරු පන්තියේ හෝටලයක රු.150 ක් පමණ විය හැක. (ගුණාත්මක භාවයේ වෙනසක් ඇති බව නොරහසකි)

එකම ගමනාන්තයට සාමාන්‍ය බස් රථයක ගාස්තුව මෙන් එක හමාරක මුදලක් අර්ධ සුඛෝපභෝගී බස් රථ වලදී හා දෙගුණයක මුදලක් සුඛෝපභෝගී බස් රථ වලදීත් ගෙවීමට සිදුවේ.

අප මිලදී ගන්නා ඕනෑම භාණ්ඩයක හා සේවාවකම මිල මෙලෙස වෙනස් වේ. (මිල වැඩි වීම අනුව ගුණාත්මක භාවයද වැඩි වන බව සැවොම දන්නා කරුණකි)

එලෙසම මංගල ඡායාරූපකරණය තුලද මෙය සිදුවේ. එක් එක් ඡායාරූප ශිල්පීන් තමන් ක්ෂේත්‍රය තුල රඳවා ඇති නම හා තත්වය මත අය කරනු ලබන මිල වෙනස්ය.

උදාහරණයක් ලෙස එකම ප්‍රමාණයේ Wedding Story Book එකක් සඳහා වටිනාකම මෙම ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් (ජගත් දි සිල්වා, Studio 3000, Sakya Studio, ප්‍රසන්න විතානගේ, දයාන් විතාරණ වැන්නවුන්…) අයකරන රු.150000 සිට ඉහලට වැඩිවන මුදලත් අප වැන්නවුන් අයකරන රු.55000 ත් අතර විවිධ අගයන් ගනී. (මෙහි මිල වැඩි වීම අනුව ගුණාත්මක භාවයද වැඩි වන බව අවිවාදයෙන් පිලිගත යුතුය). මේ අතරේ එම ඇල්බමය රු.30000 ක් වැනි මුදලකට කරදෙන අයද ඇතත් ගුණාත්මක බව සහතික විය නොහැක (වැයකල යුතු නිශ්පාදන වියදම් සැලකීමේදී).

අගනගරයෙහි වෙසෙන ධනවත් පිරිස තම සමාජ තත්වය උදෙසා වැඩි මිලටත්, මධ්‍යම පාන්තිකයින් අඩු මිලකටත් සේවා ලබාගැනීමට සැලකිලිමත් වන බැවින් මෙලෙස අඩු මිලක් අය කිරිම පහත්කොට නොසැලකිය යුතුය.

නමුත් විශේෂයෙන් සඳහන් කල යුතු වන්නේ මෙලෙස අඩු මිලට ගුණාත්මක බවින් අඩු නිර්මාණ (වැයකල යුතු නිශ්පාදන වියදම් නිසාවෙන්) ලබා දී ක්ෂේත්‍රයේ නම කැත කරන්නවුන්ද ඇති බවයි. (අඩු මිලට වෙළඳපොලට ආ Chinese Phone වැනිය).


3.     3.  මා දැක්වීමට කැමති විශේෂම කරුණ වන්නේ මෙයයි

මෙම ඡායාරූපයේ සිටින පුද්ගලයා තම බඩ වියත රැක ගැනීමට උපකාර වන කැමරාවට ගරු කිරීමට නොදන්නා ගුණමකුවෙකු සේ පෙනෙන බවයි.

ඕනෑම රැකියාවක නිරත වන්නෙකු තමාට සහය වන උපකරණ වලට ගරු කරන බව අපි හොඳාකාරවම දන්නෙමු. ගොවි මහත්වරු තම ගොවි උපකරණ, ගවයින්ට තම දරුවන්ට මෙන් සැලකීම අප දැක ඇත. හමුදා සෙබලා තම තුවක්කුවට බිරිඳට මෙන් සැලකීමක් දක්වයි. ත්‍රීවීල් රියදුරු මහත්වරු තම රථයට පණ මෙන් ආදරය කරනු අප ඕනෑතරම් දැක ඇත. මේවා සරල උදාහරණ පමණි. අනෙකුත් ඕනෑම වෘත්තිකයෙකුම එසේමය. මන්ද තම බඩ වියත රැක ගැනීමට උපකාර වන දෑට ගරු නොකරන්නෙකුට සාර්ථකත්වය කරා යාමට නොහැකි බව අපි දනිමු.

මෙම පුද්ගලයා දුප්පතෙකු විය හැකි බවත් එම නිසා ප්ලාස්ටික් කවරයක කැමරාව ගෙනියන බව කවරෙකු හෝ පවසා තිබුනත් එය මට නම් පිලිගත නොහැක. මන්ද අප හොදින්ම දන්නා පරිදි වර්තමාන වෙළඳපොල තුල කුඩා සංචාරක බෑගයක් (Traveling Bag) රු.800 පමණ මුදලකට ලබා ගත හැක. එය වසර කිහිපයක් භාවිතා කල හැක. එමගින් කැමරාවට ඇතිවන ආරක්ශාව කොතරම්දැයි අමුතුවෙන් පහදා දිය යුතු නොවේ යැයි සිතමි.

එමෙන්ම මෙලෙස කැමරාව වැනි සංවේදී උපකරණයක් අනාරක්ශිතව මහමග රැගෙන යමේදී එය දකින අයවලුන් තුල අප්‍රසන්න හැගිමක් ඇතිවන බව මම අත්දැකීමෙන් දනිමි. එමගින් හානිවන්නේ මෙම පුද්ගලයාට නොව ඡායාරූප ශිල්පියා යන වෘත්තිකයාටය.

මෙම ඡායාරූපය දුටු විට මා තුල ඇති වූයේ කේන්තිය මුසු වූ කණගාටුවකි. මන්ද මා භාවිතා කරන්නා වූ කැමරා උපකරණ ආරක්ශා කිරීමට, දකිනවුන් තුල ප්‍රසන්න හැඟීමක් ඇතිවන පරිදි හැසිරීමට මා ගන්නා වූ උත්සාහයේ තරම මා දන්නා නිසාය. එමගින් මා උපයාගත් දෑ අතර අන් අයගේ ගෞරවය නොමදවම ලැබුවෙමි.

ඇත්තෙන්ම මෙවැනි සුලු නොසලකාහැරීම් තුලින් තම වෘත්තීය ගරුත්වය හානි කරගන්නා බව නම් සඳහන් කල යුතුව ඇත. මෙවැනි හැසිරීම් තුලින් සිදුවන්නේ අනෙකුත් වෘත්තිකයන් අමතන්නාක් මෙන් (දොස්තර මහත්තයා, ගුරුතුමා, සංගීත ශිල්පියා, ……. මෙන්) මෙම ඡායාරූප ක්ෂේත්‍රයේ නිරත වෙන්නන් හට කැමරා මහත්මයා හෝ ඡායාරූප ශිල්පියා ලෙස අමතන්නේ නැතිව නිකන්මකැමරා කාරයාවීමයි…..

ඕනෑම අයෙකු සමාජය තුල හැසිරීමෙදී තමන් නිරත වන රැකියාවේ වෘත්තීය ගරුත්වය රැකගත යුතුය. එමගින් එම ක්ෂේත්‍රයේ නිරත වන්නන් සියල්ලටම අන් අයගේ ගරුත්වය හිමිවනු ඇත…….

58 comments:

  1. \\\\ මෙවැනි හැසිරීම් තුලින් සිදුවන්නේ අනෙකුත් වෘත්තිකයන් අමතන්නාක් මෙන් (දොස්තර මහත්තයා, ගුරුතුමා, සංගීත ශිල්පියා, ……. මෙන්) මෙම ඡායාරූප ක්ෂේත්‍රයේ නිරත වෙන්නන් හට කැමරා මහත්මයා හෝ ඡායාරූප ශිල්පියා ලෙස අමතන්නේ නැතිව නිකන්ම “කැමරා කාරයා” වීමයි…..///
    ඔබ කියන්නට තැත්දැරූ දෙය මෙතනින්ම පැහැදිලිව කියවේ...
    ලියවිල්ල ඉස්තරම්...දිගටම ලියන්න..
    ඔබට ජය...

    ReplyDelete
    Replies
    1. මගේ බ්ලොගට ලැබුණු මුල්ම කොමෙන්ටුව.... අමතක නොවෙවි ජීවිතය පුරාවටම... මගේ ස්තුතිය....

      Delete
    2. මම ඒක කියවල තිබුනා. රසවත් ලිපියක්.... මම මේ ලිපියෙන් කියන්නෙත් කැමරා කාරයා කියන වචනෙ ගැන නෙවෙයි. අද සමාජය තුල "නිකන්ම කැමරා කාරයා" වීම ගැනයි.

      Delete
  2. ඔබේ තර්කය පිලිගන්නවා සහෝදරයා, වෘත්තීය ගරුත්වයක් තිබිය යුතුයි සෑම වෘත්තියකටම. ඔය පෙන්නලා තියෙන්නෙ වීඩියෝ කැමරාවක් නේද? 8000 කතාව ඔය පුද්ගලයා සමච්චලයට ලක් කරන්න කියපු එකක් වෙන්න බැරිද? තේනුවර ලොකු සෑර්ගෙ බලු කතාවෙන් මමත්වය සහ පොරත්වය ඉස්මතු උනා කියලයි මං නං දකින්නෙ. අනික දුප්පත් ශිපියෙක් නං ඔය වගේ නොසැලකිල්ලෙන් උපාංග කොහොමට වත් පාවිච්චි කරන්නෙ නෑ. ඕක රංගනයක් විදියටයි මම නං දකින්නේ. ලොකු සෑර්ගෙ මුවහමට තඩිබෑමක් වෙන්න පුළුවන්.
    සුභපැතුම්. දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. මමත් ඉස්සල්ලම දැක්කෙ ඕක. 8000ට හෝ ඊට අඩුවෙන් කලත් එ ගැන සමච්චල් කරන්න හොඳ නැහැ. මොකද අද සමාජය තුල ලොකු මුදලක් වියදම් කරන්න බැරි මිනිස්සු ඕනෙ තරම් ඉන්නවා. අපිත් කැමති මොනා හෝ දෙයක් අඩු මිලට ගන්න. මම දෙවෙනි කරුනෙන් කිව්වෙ ඒකයි. මේ පුද්ගලයා අඩුවට කරනව කියලා සමච්චල් කරනවා නම් ඒක සදාචාරය නොවෙයි. ඒ අඩු මිලට සේවය සැපයීම අගය කරන්න ඕනෙ.
      මම කියන්නෙ මේ උපකරණ ආරක්ශා කරන්න ඕනෙ කියලයි.
      ගොඩ වැදුනට තුති...

      Delete
  3. හරිහැටි කරුණු නොදැන, මේ වගේ පින්තූරයක් දිහා බලලා අදහස් ප්‍රකාශ කරන්න අකමැතියි මම. ඔය දෙපැත්තෙම තර්ක මම කියෙව්වා. දෙපැත්තටම පක්ෂව සහ විපක්ෂව සිතුවිලි මගේ හිතේ ඇතිවුනා. ඒ නිසා නිහඬතාවය රකින්න තීරණය කලා.

    ReplyDelete
    Replies
    1. ඔබතුමාගෙ අදහසට මාත් එකගයි. මෙවැනි ඡායාරූපයක් නිර්මාණය කරන්නත් පුලුවන්. මම මේ ලිපිය ලිව්වෙ මෙලෙස හැසිරෙන පුද්ගලයින් ඕනෑ තරම් දැකල තියෙන නිසා. මට ඇති වූ ගැටලුව අඩු මිලට සේවා සැපයිම නෙවෙයි. ඒක මම අගය කරනවා. මේ උපකරණ වලට යම් කෙනෙකු මෙලෙස සලකන විදිහ තුලින් දකින අය තුල ඇතිවන සිතුවිලි නිසා නිකන්ම කැමරා කාරයින් ලෙස සමාජ ගත් වීමයි. මේ කරුණ ඔබතුමා අනුමත කරාවි කියල සිතනවා. දොස්තර මහතෙකුට කොට කලිසමක් ඇඳල වාට්ටුවට එන්න බෑ වගෙ තමයි මේකත්.
      ඔබතුමාට තුති.....

      Delete
  4. බ්ලොගර් ෆලෝවර් එක දාල , ඔයත් බ්ලොගර් ෆෝපයිල් එක උඩට එන්න , එතකොට කියවන අයට ඔයාව ෆලෝ කරන්නත් , අළුත් පෝස්ට් දැම්ම ගමන් දකින්නත් , කමෙන්ට් එකක් පස්සේ ඇවිත් බ්ලොග් එකට එන්නත් පහසුයි

    ReplyDelete
    Replies
    1. ගොඩ වැදුනට බොහොම ස්තුති ඔබට.... ඉඩිරියටත් මෙවැනි උපදෙස් බලාපොරොත්තු වෙනවා....

      Delete
  5. මේ පින්තුරේ අස්සේ හැංගිලා තියෙන ඇත්තම කතාව මොකද්ද කියන්න අපි දන්නේ නෑනේ..මේ ගැන ගොඩක් තැන් වල කතා කරපු දේවල් දැක්කා.. ඔබ ලියලා තියෙන දේවල් වලත් සාධාරණත්වයක් තියෙනවා.. ඒත් අපි හිතන විදිහ වෙනස් වෙන්න බැරි නැහැ..

    ReplyDelete
    Replies
    1. ඒ විවිධ කතා දැකපු නිසයි මමත් මෙක සටහන් කලේ. එලෙස පුද්ගලයෙකු ජීවත් වීමට දරන උත්සහය හෝ අඩු මිලට සේවා සැපයිම සමච්චලයට ලක් නොකල යුතු බව මා පැවසුවේ එමනිසයි. නමුත් මෙලෙස මෙවැනි උපකරණ වලට දක්වන නොසැලකිම තුලින් අප විසින් අපටම කරගන්නා හානිය ගැනයි මා තුල ඇතිවන ගැටලුව. රැකියාවේ නිරත වන වේලවට ඒ රැකියාවේ ගරුත්වය රැක ගත යුතු වන්නේ එම අවස්තාවේදී සමාජය දකින්නේ එම පුද්ගලයා නොව එම වෘත්තීය තුල නිරත වන සමස්ත වෘත්තිකයින් සියල්ලමය.
      ගොඩ වැදුනට බොහොම ස්තුති ඔබට....

      Delete
  6. Replies
    1. thank you very much..... Hope you will help to me...

      Delete
  7. මේ වගේම පින්තූරයක් ආවා ක්‍රිකට් ලෝක කුසලානය ආවරනය කරපු කැමරාකරුවකු ගැනත්.තමුන්ගෙ උපකරණ අජීවී උනත් ඒකට ගරු කරන්න ඕනෙ.ආදරය කරන්න ඕනෙ.ඒ කතාව හරි.
    දිගටම ලියන්න ශ්‍රීනාත්... කැමතියි කියවන්න..

    ReplyDelete
    Replies
    1. මම ඒ පින්තූරයත් දැක්කා. අපිට උදව් වන කුමන හෝ දෙයකට ගරු කරන්න ඕනෙ කියන දේ හොඳ මහත්මා ගුණයක් ලෙසයි මා දකින්නේ. බොහොම ස්තුතී ඔබට....

      Delete
  8. ඔන්න ඔබ මගේ අඩවියට ඇවිත් පෙන්නුව පාර දිගේ ආවා.

    හොඳ විශ්ලේෂනාත්මක විග්‍රහයක්.

    අන්තිමට තියනවා 'කැමරා කාරයා' කියන එකට අප්‍රසාදය පලකරලා. ගණන් ගන්න එපා අනේ. නඩුකාරයා, ආමිකාරයා, පොලිස්කාරයා, පාන්කාරයා, මාළුකාරයා, තව කොච්චර ඉන්නවද? නඩුව කරවන්නා නඩුකාරයා, පොලීසිය කරවන්නා පොලිස් කාරයා, කැමරා ශිල්පය කරවන්නා (නියැලෙන්නා) කැමරා කාරයා. එතන අපහාසයක් ඇතිවෙන්නේ අපි එය ගණන්ගන්නා ආකාරය අනුවයි.

    මේ කැමරා කාරයා කරන්නේ අමනොඥ ක්‍රියාවක්. ඔබ කියනවා වගේම මේ වගේ වැඩකට යනකොට මේ උපකරණ, කරේ දාන බෑග් එකක ගෙනියන්න බැරි, එක්කෝ නොසැළකිල්ල. නැත්නම් අසංවිධානාත්මක බව. හැබැයි මේ පින්තූරය ගත්තේ ඔහු යම්කිසි හදිසි අවශ්‍යතාවයක් (පොද වැස්සකින් බේරගන්න වැනි) සඳහා මෙහෙම කලානම් තරමක් සාධාරණයි.

    මංගල ඡායාරූප ශිල්පීන් පමණක් නෙවෙයි, බොහෝ වෘත්තීයවේදීන් තම කීර්තිනාමය අනුව තමා ගාස්තු අයකරන්නේ. නීතීඥවරු, පෞද්ගලික වෛද්‍යවරු, නිවාස සැලසුම් අඳින අය, මිනින්දෝරුවන්, ඔය කවුරුත් එකයි. අපි දැනගන්න ඕනේ අපේ අවශ්‍යතාව සතුටුදායකව ඉටුකරගන්න පුළුවන් කෙනෙක් හොයාගන්න.

    ReplyDelete
    Replies
    1. ඔබතුමා වැනි ඩැනුමැති මහත්මයෙකු මෙම ලිපිය අගය කිරීම ඇත්තෙන්ම මට මහත් ගෞරවයක්. ස්තුතී ඔබට. ඇත්ත මෙම පින්තූරය මවාපෑමක් උවද විය හැක. නමුත් මෙලෙස හැසිරෙන්නන් ඕනෑ තරම් සිටින බැවින් එමගින් සමස්ත කැමරා කරුවන් ගැන සමාජය තුල යහපත් සිතුවිලි ඇති නොවීම පුදුමයක් නොවේ.

      Delete
  9. මේ ගැන කියන්න හිතුණ දේවල් ඔක්කම කස්ටිය කොමෙන්ටු වලට ඔබල නෙව කියන්න කියල දෙයක් ඉතුරු වෙලා නෑ...
    ඒත් මං දන්න විදියට නියම විදියට වෘත්තිය ගරුත්වය ආරස්සා කරන් වැඩ කරන්නෙ සීමිත පිරිසයි...
    මොකද එහෙම අයට වැඩි පිළිගැනීමක් රටේ නැති හන්ද
    කැමතිම අර වගේ කසඩ ගොබ්බ හරක්ට

    ReplyDelete
    Replies
    1. අද ඇතිවෙලා තියෙන සමාජ තත්වය තමයි... රටේ පිලිගත් සෑම වෘත්තියක්ම මේ රැල්ලට අසු වෙල ඉවරයි කියලා හිතෙනවා. ගොඩ වැදුනට බොහොම ස්තුති ඔබට....

      Delete
  10. ඕවා ඒ තරම් දේවල් නෙමෙයි.. රටක් දියුණු වෙන කොට, හැම වෘතියකුටම එක සමාන ආදායමක් ලැබෙන විට, විශමතාවන අඩු වෙන කොට ඕවා ඉබේම නවතිනවා. එතකන් ඒ දේවල් නැති වෙන්නේ නෑ.. අනික ඔයා කියන විදියට අද ඉන්න උන් එකෙක්වත් ගනන් ගන්නේ නෑ.. ඔය මහත්තයා කෑලී දැන් නෑ.. ඩොකා, ජජා, පිනා, ගුරා කියලා තමයි ඕන එකෙක් අමතන්නේ...

    ReplyDelete
    Replies
    1. ඔබතුමගේ පැමිණීම මහත් වූ ගෞරවයක්... මම බ්ලොග් කියවන්න පටන් ගත්තේ ඔබතුමාගේ බ්ලොග් එකෙන්. ඔබතුම කියන දේ සම්පූර්ණ ඇත්ත. අද කාලේ සෑම වෘත්තියකම තත්වය ඕක තමයි. ගොඩක්ම රැකියාවේ නිරත වන්නන්ගේ වැරදි තමයි.

      Delete
  11. ලිපිය කියවන්න වෙන වෙලාවක එන්නම් සුබපතනවා දිගටම ලියන්න

    ReplyDelete
    Replies
    1. ගොඩ වැදුනට බොහොම ස්තුති ඔබට....

      Delete
  12. ඕං මාත් ආවා. දිගටම ඇවිත් කියවන්නං... ෆලොවර් ගැජට් එක තිබ්බනං ෆලෝ කරන්න ලේසියි. දිගටම අවුරුදු ගාණක් ලියන්න පුළුවන් වේවා...!!!

    ReplyDelete
    Replies
    1. ගොඩ වැදුනට බොහොම ස්තුති ඔබට....

      Delete
  13. යශන්ත ( වැරදිනම් නිවැරදි කරන්න ),

    ඔබ ඉන්ද්‍රනාථයන් මතු කල කරුනම, වඩා සංයමයෙන් සහ වැදගත් ලෙස මතු කරනව. එකම පින්තූරය තැන් දෙකක වෙනස් අදහස් දෙකක් මවනව, හේතුව ඒ සමග එන මාතෘකාව/ පසු කතාව.

    වචනවල බලය මෙයයි. ඔබ මල්ල සහ වෘත්තියෙ ගරුත්වය ගැන මිස මිළ ගැන කතා නොකරන නිසා, මම ඔබ හා එකඟයි.

    අළුතෙන් බ්ලොග් ලියන්නට කෙනෙක් එකතු උනාට සතුටුයි! දිගටම ලියන්න. ටික කලක් යන තුරු ලින්ක් එක කමෙන්ට් යටින් දැම්මට, එය දිගට කරන්න එපා, වෘත්තිය හෑල්ලු වෙනව :)

    මෙතනින් ගිහින් live link දමන කරන ක්‍රමය දැනගන්න.

    ReplyDelete
    Replies
    1. මේ පිතූරය ඉන්ද්‍රනාථයන් පලකර ඇති ආකාරය ගැන මමත් සතුටු වෙන්නෙ නෑ. එවැනි අයෙකු මෙලෙස අඩු මිලට සේවා සැපයිම හෙලා නොදැකිය යුතුයි. ලංකාවෙ බහුතරයක් දුප්පත් අය ඉන්නෙ. ඒ නිසා මෙවැනි සේවා සපයන්නන් සිටිය යුතුයි. එය අගය කල යුතු දෙයක්...

      මට උවමනා වන්නේ යමෙකු තම ගෞරවය රැකගෙන රැකියාව කරන්න ඕනෙ කොහොමද කියලා.

      බොහොම ස්තුතී ඔබට... ඉදිරියටත් මෙවැනි අඩුපාඩු පෙන්වා දෙන්න.. ( වෘත්තිය ගෞරවය රැකීමට :D )

      ( යශන්ත නම් නෙවෙයි යෂ්‍යන්ත )

      Delete
  14. එකඟ නොවන තැන් බොහොමයි. එකක් විතරක්,

    / නමුත් විශේෂයෙන් සඳහන් කල යුතු වන්නේ මෙලෙස අඩු මිලට ගුණාත්මක බවින් අඩු නිර්මාණ(වැයකල යුතු නිශ්පාදන වියදම් නිසාවෙන්) ලබා දී ක්ෂේත්‍රයේ නම කැත කරන්නවුන්ද ඇති බවයි. (අඩු මිලට වෙළඳපොලට ආ Chinese Phone වැනිය).//

    මිල අනුව කොලිටිය වෙනස් තමයි කොහොමත්. දැං ඔබේ සහ දයාන්ගෙ ගනං දෙකක් බව මේකෙ දාල තියනවනෙ, දයාන් ඔබ සම්බන්ධයෙන් ඔය කතාවම කිව්වොත්?

    එක එක්කෙනා තමන්ගෙ බඩු භාන්ඩ වලට දක්වන ආදරය විවිධයි. ඒ මත වෘත්තීය ගෞරවය මනින්න බෑ.

    වෘත්තීය ගෞරවය කියන්නෙ වෘත්තීය තුලින් හදාගන්න දෙයක්. බඩු ගෙනියන්නෙ කොහොමද වගේ කාරනා වලට වැඩිය වැදගත් වෙන්නෙ ගන්න මුදලට කොපමන වටිනා සේවයක් දෙනවද කියන එක අනුව

    ReplyDelete
    Replies
    1. ඔබ මතු කරන අදහස නිවැරදී.

      ඇත්තෙන්ම දයාන් වැන්නෙක් නිර්මාණය කරන ඇල්බමයත් මාගේ ඇල්බමයත් අතර විශාල වෙනසක් තිබෙනවා. එය පලපුරුද්ද මත ඇතිවන්නක්. මම ගන්නා ඡායාරූපයට වඩා පියවර ගණනාවක් ඉදිරියෙනුයි ඔහු ගන්නා ඡායාරූපයක ගුණාත්මක බව පවතින්නේ. එවැන්නන් ප්‍රවීණයින් ලෙස මෙම ක්ෂේත්‍රය තුල සලකන්නේ එම හේතුවෙනි. ඔහු පැවසුවොත් මගේ ඇල්බමය ඔහුගේ එකට වඩා ගුණාත්මක බවින් අඩුයි කියා සැබවින්ම මා එය පිලිගන්නවා. මා විතරක් නොවෙයි එය සසඳා බලන අයෙකුට පවා එය දැනේවි.

      යම් කිසි වෘත්තීයකදී උපකරණ වලට නොසැලකීම එතරම් දෙයක් නොවේ නම්, වෘත්තීන් සඳහා යොදා ගන්නා නිල ඇඳුම් පිලිඹඳව මෙතරම් සැලකිලිමත් වන්නේ ඇයි? එයත් යම් උපකරණයක් නේද?

      නිලය තුලින් එය දරන්නා බැබලෙන්නේ නැහැ. නමුත් එය දරන්නා තුලින් නිලය බැබලෙනවා. වෘත්තීයද එසේමය........

      ගොඩ වැදුනට බොහොම ස්තුති ඔබට....

      Delete
  15. ඔබ කියන කතාවේ කොටස් වලට එකඟවිය හැකි සහ නොහැකි යන දෙකම මිශ්‍රයි.

    1. කතාවේ පැහැදිලි බවක් නැත. මම මේ සේයාරුව මීට කලින් මුහුණුපොත තුල දැක නැත. එබැවින් මට ඒ ගැන වැටහීමක් නැත. එබැවින් කියවන්නා ගැන උපකල්පණය කර ලිපිය ලිවීම ම මට ඇතැම් කරුනු ගැන නොවටහීමට හේතුවක් බව හැඟී යයි. ජායාරුපය ක්ලික් කල ද ඒ හා සබැඳියක් නැතිවීම මත ඔබ කියන්නේ කුමක්ද යන්න මට සිතාගැනීමට සිදුවේ.

    2. මේ මංගල ජායාරුපකරණයේ යෙදෙන අයෙකු ලෙස මම සිතන්නෙම්. ඒ අනුව කරුණු උපකල්පණය කරගෙන ඇත.

    කතාව කුමක්ද නොදැන කමෙන්ට් කල නොහැක. නමුත්, මේ පුද්ගලයා කවරෙක්ද, ඒ ඔහුගේ ස්වභාවය ද නොඑසේ නම් අකරතැබ්බක් වී කැමරාව මල්ලකට බහා ගෙනයනවා ද යන්න දන්නේ ඔහු ම පමණි. ඔබට හෝ මට (ඔහුව හොඳින් නොදැන) මේ ගැන කීමට නොහැක. එසේ නම් වෘත්තීය ගරුත්වය සහ බඩ වියත රැකගන්නා උපාංගයට ගරුකිරීම ගැන කතා කර පලක් නැත.

    මිල ගණන් ගැන. ඕනෑම ප්‍රවීණයෙක් ආධුනික සමයේ වෙළඳපලට පිවිසෙන විට ඉහල මිලක් අය කරනු දකින්න නොහැක. එයට ඔබ එකඟ වේ ය සිතමි. ඒ මන්ද යත්, මුලික වෙළඳපලට පිවිසීමේ දී කෙතරම් දක්ෂයෙකු වූවද තැනක් සාදාගන්නා තුරු කිසිවෙකු වැඩක් භාර නොදෙන බැවිනි. එතැනදී දක්ෂකම සහ කොලිටිය නොඑසේ නම් ගුණාත්මක බව ගැන ගැටළුවක් නැත. (නැත්තේම නැත. මේ කියන්නේ අද කැමරා ආම්පන්න ගන්න බොහෝ දෙනා සිතන්නේ දැන් හරි ය මටත් මංගල අවමංගල ජායාරුපකරණයට පිවිසිය හැකිය යන්න සිතන බැවිනි.) බොහොමයක් නවක දක්ෂයන් කරන්නේ ගුණාත්මක බව සහ දක්ෂබව රැකගෙන තමන්ගේ මහන්සිය වත් නොබලා බොහෝවිට වෙළඳපලට තරඟයක් දීමට තමන්ගේ නිර්මාණ අඩු ලන්සුවකින් මාකට් කිරීමය. මේ මුල් කාලයේ වෙළඳපල සාදා ගන්නා තුරු පමණි. වෙළඳපල සෑදුනු විට, ක්‍රමක්‍රමයෙන් ඔවුන් මිල ස්ථාවරව ඉහල දමනු දකින්නට ලැබේ.

    තත්වය සහ තරාතිරම රැකගන්නේ තමා ම ය, තම රැකියාව දහසක් දෙනා කලද පුද්ගල පෞරුශය සහ හැසිරීම මත අමතන්නා අමතන විදිය වෙනස් වේ. ඔබ ම සිතන්න, මිනිසුන් කෙසේ ඇමතීමට ලක් කල ද, ඇතැම් පුද්ගලයන් දැක ඒ සුපුරුදු ඇමතීම කල නොහැකි අය කී දෙනෙක් ඔබට හමුවී ඇති ද කියා. සිතන්න ඔවුන් සතු වෙනස කුමක් ද කියා.

    ReplyDelete
    Replies
    1. මුහුණුපොතට මෙය එක් කල ඇත්තේ මෙම ක්ෂේත්‍රය තුල ප්‍රවීණයෙක් ලෙස සලකනු ලබන ඉන්ද්‍රනාථයන් විසින්. නමුත් ඔහු එය පලකර ඇති අන්දම ගැන මම සතුටු වෙන්නේ නැහැ. ඔහු මෙම පුද්ගලයගේ අය කිරීම හෑල්ලුවට ලක් කරලා.

      මම මේ ලිපිය තුලින් කිසි විටකත් අය කරනු ලබන මිල අවතක්සේරු කරලා නැහැ.
      \\\ අගනගරයෙහි වෙසෙන ධනවත් පිරිස තම සමාජ තත්වය උදෙසා වැඩි මිලටත්, මධ්‍යම පාන්තිකයින් අඩු මිලකටත් සේවා ලබාගැනීමට සැලකිලිමත් වන බැවින් මෙලෙස අඩු මිලක් අය කිරිම පහත්කොට නොසැලකිය යුතුය.///

      මම කතාකරන්නේ මෙවැනි නොසැලකිලිමත් හැසිරීම් තුලින් සිදුවන අවැඩ ගැනයි.
      (කැමරා ගෙනයන බෑග් මිල අධිකයි. එවැන්නක් මිලදී ගැනීම අපහසුයි මුලදිම. මටත් තිබුනා එහෙම කාලයක්. නමුත් මම කලේ කැමරාව තුවායක ඔතලා කරේ ගෙනියන බෑග් එකක රැගෙන යාමයි. එවැන්නක් කරන්න බැරි නම් එය සැබවින්ම ඔහුගේ උවමනාවක් නැතිකම විය හැකිය.)

      -- කැමරාවක මිල රු.100000 ට වඩා ඉහලය. ඒක කැඩුනොත්, අලුත් එකක් ගන්න මුදල් නැත්නම් කොහොමද ජීවත් වෙන්නේ? --

      "කැමරාව කොතරම් බලසම්පන්න නවීන උවත් එය අතැති ඕනෑම අයෙකුට පොටෝ ඇල්ලිය හැකිය. නමුත් ඡායාරූපයක් ගැනීම ඊට වඩා දුර ගිය දෙයක් වේ.. ඔබගේ අදහස මමද අනුමත කරමි."

      ගොඩ වැදුනට බොහොම ස්තුති ඔබට....

      Delete
    2. යකෝ එක් සැන්ඩරය මැරිල නැ , ..හැබැයි සෙන්න නං මැරිලද කොහෙද

      Delete
  16. වෘත්තීය ගරුත්වය කියන එක තමං කරන වැඩේ කොලටි එකත් එක්ක හදාගන්න දෙයක් මිසක් උපකරන වලට සලකන ආකාරයෙන් ඒක මනින්න හදන එක අසාධාරණයි. කොහොම උනත් ඔබ ‍සාධාරණව කතාව බැලන්ස් කරන්න උත්සාහ දරල තියෙනව.

    බ්ල‍ොග් ලෝකෙට ගොඩ බැස්ස එකට සතුටුයි. බ්ලොගර් ෆලෝවර් ගැජට් එක දාගත්තනං ෆ‍ලෝ කරල දිගටම මේ පැත්තෙ එන්න පහසුයි.

    Layout, Add a Gadget, More Gadget, Followers

    ReplyDelete
    Replies
    1. ඒ උනත් අපි හම්බකරන් කන දේට සැලකිය යුතුයි නේද? දිනපතා සෝදා පිරිසිදුව පිලිවෙලට තියාගෙන ඉන්න ත්‍රී වීල් එකක අයිතිකරු දකිද්දි ඔබට ඔහු ගැන සිතෙන්නෙ කුමක්ද? ඒ සිතුවිල්ල ඕනෑම අයෙකුට පොදු විය හැකි නොවේද?

      කැමරාවක මිල රු.100000 ට වඩා ඉහලය. ඒක කැඩුනොත්, අලුත් එකක් ගන්න මුදල් නැත්නම් කොහොමද ජීවත් වෙන්නේ?
      කැමරා ගෙනයන බෑග් මිල අධිකයි. එවැන්නක් මිලදී ගැනීම අපහසුයි මුලදිම. මටත් තිබුනා එහෙම කාලයක්. නමුත් මම කලේ කැමරාව තුවායක ඔතලා කරේ ගෙනියන බෑග් එකක රැගෙන යාමයි

      ගොඩ වැදුනට බොහොම ස්තුති ඔබට.... ඉදිරියටත් ඔබේ සහය පතමි. මගේ අඩු පාඩු පෙන්වා දෙන්න.

      Delete
  17. මමත් ඒ ඡායාරූපය දැක්කා. නමුත් අපි තවත් කෙනෙක් අපි වගේ වෙන්න ඕනේ කියලා හිතන එක වැරදියි. කෙනකේ ඉන්න මානසික තත්ත්ව අනුව මේ දේවල් වෙනස් වෙනවා. මම පොඩි උදාහරණයක් දෙන්න. කලින් දවසේ ලොකු වැස්සකට අහු වෙලාඅ බෑග් එක හොඳටම තෙමුණා. ගඳයි. ඔහු ළඟ වෙන බෑග් එකක් නෑ. එතකොට මෙහෙම හරි තමන්ගේ සේවාදායකයා ලඟට යන එක වරදියිද ? හැබැයි මේකේ අනිත් පැත්තත් එහෙමයි. මේ වගේ කෙනෙකුට හෙළුවෙන් පාරේ දුවන එකත් සුළු දෙයක්. කලින් කිව්වා වගේ ඉන්න මානසික තත්වය තමයි බලපාන්නේ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත... අකරතැබ්බයක් වෙන්න පුලුවන්. එහෙම අවස්තාවක මෙය සාදාරණයි.

      ඒත් අපි සැවොම ( මාද ඇතුලුව ) සර්ව සම්පූර්ණ නැති විට අපි දිහා බලන අයත් සම්පූර්ණ නැති වීම මෙහි ගැටලුව. මිනිසුන් සෑම විටම වැඩිපුරම දකින්නේ අඩු පාඩු නම් අප හැකි සෑම විටම අපේ දුර්වලකම් අවම වන ලෙස හැසිරීමෙන් අපට අවැඩක් සිදු වෙන්නේ නැහැ නේද?

      ගොඩ වැදුනට බොහොම ස්තුති ඔබට.... ඉදිරියටත් ඔබේ සහය පතමි.

      Delete
  18. ඉන්දික මේ ගැන කියා තිබුණා. එතන ලියූ දෙයක් මෙතනත් ලියන්නම්.
    //අර පින්තූරෙ ගැන නම් කියන්නෙ තියෙන්නෙ, තමන් දන්න මිනිස්සුන්ට ජොබ් එකක් දෙන්නෙ නැති එවුන් ඒ මිනිස්සුන්ගෙ අඩුපාඩු, වැරදි හොයන්නෙ ෂර්ලොක් හෝම්ස් වගේ. ඒවා පතුරවන්නේ සන්ඩේ ටයිම්ස් වගේ.//
    දිගටම ලියන්න. ජය!

    ReplyDelete
    Replies
    1. ඇත්ත... මම මුලින්ම සඳහන් කලා මේ පින්තූරය හරහා මේ පුද්ගලයාට සමච්චල් කරනවා නම් ඒක වැරදී කියලා. මිනිහෙක් ජීවත් වෙන්න දරන අරගලයවත්, අඩු මිලට සේවා සැපයීමවත් සමච්චල් නොකල යුතු කරුනක්...

      ගොඩ වැදුනට බොහොම ස්තුති ඔබට....

      Delete
  19. ලෝකය විෂමයි, හැමෝම එක වගේ නෑ. මං නං පොතක් බිම දාන්නේ වත් නෑ. ඒ වගේ වුණාම, සමහරු පොත්වලට සලකන හැටි දකින කොට දුක හිතෙනවා.

    මේ ෆොටෝ එක සම්බන්ධයෙන් වුනේ, වැඩි විස්තර නොදා නිකං වචන දෙකතුනක් දැමීමයි. එනිසා ඉන්ද්‍රනාථ තේනුවර ගැන අපට ඇති වුනේ අප්‍රසාදයක්.

    ReplyDelete
    Replies
    1. මේ මනුස්සයාගෙ රැකියාවයි සේවයයි ඒ වචන වලින් හෑල්ලුවට ලක් කරලා තිබුණා. ඇත්තටම ඉන්ද්‍රනාථ වගේ මේ ක්ෂේත්‍රය ඇතුලෙ ඉදිරියෙන් ඉන්න කෙනෙක් එහෙම කතා කරන එක සාදාරණ නැහැ.

      ඒ වගේම මේ මනුස්සයා මේ උපකරණ ටික පිලිවෙලට අරන් ගියා නම් මේ වගේ දේවල් කාගෙන්වත් අහන්න වෙන්නෙත් නෑ...

      හැමෝම එක වගේ නෑ කියන දේ නම් සම්පූර්ණ ඇත්ත. ඒත් මම දකින දෙයක් නම් ඕනෑම වෘතියක් අතුලෙ ඉන්න හැමෝම දිහා මේ සමාජය බලන්නෙ එකම විදිහට කියන දේ. උදාහරණයක් විදිහට හමුදා නිලධාරියෙක්, පොලිස් නිලධාරියෙක්, දොස්තර කෙනෙක් හරි අඩුම තරමෙ ස්වාමීන් වහන්සේ නමක් වැරැද්දක් කලොත් ඒ ක්ෂේත්‍රය ඇතුලෙ ඉන්න හැමෝටම ඒ හංවඩුව වදිනව නේද?
      (එක කූඹියෙක් කෑවොත් මුලු ගුලම විනාශ කරල දානවා වගේ)

      ගොඩ වැදුනට බොහොම ස්තුති ඔබට....

      Delete
  20. හොඳට වටේම කවර් වෙන්න ෆොටෝ ටික අල්ලල තියෙනව ඈ.. මේ ගැන ඉ.තේ. ගේ බුකි පිටුවෙයි සැහැල්ලුවේ ඉන්දිකය බ්ලොග් ලෝකෙ ඇවිලපු ගින්නෙයි සටහන් උනු ඔක්කොම කරුණු වගේ කියවල තිබ්බ.. හැබැයි මධ්‍යස්ථව කතා කරන අදාල වෘත්තියේම යෙදෙන එකෙක් විදියට ඔබේ පෝස්ටුව වෙනස්ම මානයක් ගේනව.. කියන්න තියෙන ගොඩක් දේවල් උඩින් කියල තියෙන නිසා ඔබේ හැකියාව ගැන විතරක් කියන්නම්.. අපූරු ලියවිල්ලක්.. කලාත්මක ඇහැක් වගේම ඔබට නිර්මාණශීලි පෑනකුත් හිමියි.. දිගටම ලියන්න.. ඡායාරූප ක්ෂේත්‍රයේ මෙන්ම බ්ලොග් අවකාශයේත් දිගු දුර මෙහෙයුමකට සුභාසිරි.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතී.... අඩු පාඩු පෙන්නල දීලා සහය වෙන්න කියල ඉල්ලනවා...

      Delete
  21. ෆොටෝ ගැන කැමරා ගැන පෝස්ට් දාපු දවසට වදයක් වෙන්න මෙතනට එන්නම්. දිගටම ලියන්න ශක්තිය වගේම කාලය ලැබේවා !!!!!

    ReplyDelete
    Replies
    1. එහෙනම් ෆොටෝ ගැන නොලියා ඉන්නම්කෝ... :D ස්තුතී ඔබට...

      Delete
  22. ප්‍රවීන ඡායාරූප ශිල්පීන් සියල්ලෝ ම පාහේ තමන් අත්විඳින අභාග්‍යය ගැන වචනයකුදු නොදොඩා සිටින අවදියක, ඔබගේ ඉදිරිපත්වීමට බොහොම ස්තූතියි.
    එක ම ඡායාරූපය දෙන්නෙක් දෙපළක පළ කළා ම, (එකම අරමුණකින්..!) එකම කෙනා දෙපැත්තෙ දෙවිදිහකට අදහස් ලියන ආකාරය ගැන මාර මොකක්ද එකක් දැනුනා.

    ReplyDelete
    Replies
    1. ඔබ තුමාගේ පැමිණීමට බෙහෙවින්ම ස්තුතී... මේ ක්ෂේත්‍රයේ සමහරු හැසිරෙන විදිහ දැක්කාම ඇත්තටම කලකිරෙනවා. තමන්ට ලැබෙන්න තියෙන සමහර දේවල් විශේෂයෙන්ම ගෞරවය නැති කරගන්නෙ තමන්මයි. මේ කැමරාව රැගෙන යන විදිහ දැක්කාම ඇති වෙච්ච කණගාටුව නිසයි උපකරණ වලට සලකන්න ඕනෙ හැටි ලියුවේ. ඒත් එක් දෙයක් පවසන්න තිබෙනවා. ඔබතුමා රු.8000 ගැන කියලා තිබුනු ආකාරය නම් මම අනුමත කරන්නෙ නැහැ.
      ඉදිරියටත් ගොඩ වදින්න ආරාධනා කරනවා.. ස්තුතී ඔබට.

      Delete
  23. ඔබේ කතාවට එකග වෙන්න පුළුවන් මිත්‍රයා....මං හිතන්නෙ කැමරාකරණය කියන්නෙ පිලිගත් වෘත්තීයක්.පින්තූරයේ පෙනෙන විදියට තමන්ගෙ මේ වෘත්තීයට කිසිම විදියෙ ගරු සරුවක් නැති විත්තිය පේනවා..අපේ ගමේ කැලේ ලී ඉරන්ඩ අරන් යන චේන් ෂෝ එකත් ඒ මිනිස්සු හරි පිළිවෙලකට අරගෙන යනවා...

    ReplyDelete
    Replies
    1. හරි හම්බ කරගන්න උද්ව් වන දේට ගරු කරන්නෙ නැති කෙනෙකුට දියුණුවක් අත් වෙන්නෙ නෑ කියන දේ අපි පොඩි කාලෙ ඉදන් අහල තියෙනවා. මෙහෙම හිටියොත් මේ මනුස්සයා හැමදාම මෙතනම ඉන්නත් පුලුවන්.
      ගොඩ වැදුනට බොහොම ස්තුතියි ඔබට....

      Delete
  24. මොනවහරි ලියහං කෝ ඉතින්

    ReplyDelete
    Replies
    1. මේ දවස් වල එකක් ලියාගෙන යනවා... ඉක්මනට දාන්නම්...

      Delete
    2. උඹ ගුගල් ෆෝපයිල් එක අත ඇරල බ්ලොගර් එක උඩට වරෙන් මචං

      Delete
  25. මම කැමරාකරනය ගැන මෙලෝ අල බෝලයක් නොදනිමි....නමුත් හම්බකරන් කන උපකරනයට ගරු කරන්න ඕනේ...
    මොකද තමන් කරන දේට තමන් ආදරේ නැත්තම් අනිත් එකෙක්වත් කොහොමත් ගනන් ගන්නේ නෑ නේ......
    ගරුත්වය ආදරයක් නැති තැන ඒක නිකම්ම නිකන් එදා වේල හොයන ක්‍රමයක් මිස තව දුරටත් වුර්තියක් වෙන්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. අපි පොඩි කාලේ ලියන පොතටත් වඳිනවා. ඒත් ලොකු වෙද්දි ඒ පුරුදු නැති වෙන එකයි හොඳ නැත්තෙ. එදා වේල හම්බකරන් කෑම ගැන විතරක් හිතන නිසයි ඉදිරියට යෑමක් නැත්තේ.
      ගොඩ වැදුනට බොහොම ස්තුතියි ඔබට....

      Delete
  26. ලස්සනට ලියල තියෙනවා . දිගටම ලියන්න . මේ කතාව ගැන නම් කියන්න දෙයක් නෑ ...මට නම් මේ ෆොටෝ එක දැක්කම මේ මනුස්සය ගැන ආවේ දුකක් .. ඒ මනුස්සය මෙහෙම ඉන්න හේතුව නොදැන වෙන තර්ක දාන එක වැඩක් නෑ කියලයි මට හිතුනේ.

    අනිත් ලිපිත් හෙමිහිට බලන්නම් ..

    ReplyDelete
    Replies
    1. ගොඩ වැදුනට ස්තුතියි... මනුස්සයෙක් ජීවත් වෙන්න ගන්න උත්සාහය අගය කරන්න ඕනෙ...

      Delete
  27. මිනිහෙක්ට තමන්ගෙ කැමරාව තමන්ට ඕන විදියකට ගෙනියන්න අයිතියක් තියෙනවා. උපකරණ වලට වැන්දෙ ගල් යුගයෙ මිනිස්සු අනික පොටො එක ලස්සන වෙන්නෙ කැමරාව දාගෙන යන බෑග් එකෙන් නෙවෙයි ඒක ගන්න මිනිහගෙ දක්ෂතාවය අනුව.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. හැකියාව නැත්නම් මොන තරම් හොඳ කැමරාවක් තිබුනත් හොඳ ෆොටෝ එකක් ගන්න බෑ. ඒත් මම පොඩි දෙයක් කියන්න කැමතියි. මගෙ හිතවත්ම යහලුවෙක් වෙන ඡායාරූප ශිල්පියෙක් මේ ලඟදි රු.525000 ට කැමරාවක් ගත්තා. ඒකට ඕනෙ මුදල හොයා ගත්තේ ඔහුගේ නිවස බැංකුවට උගස් කරලා. ඉතින් ඔහු ඒ කැමරාව පරිස්සම් නොකර කඩා ගත්තොත් ඔහුගේ අනාගතේට මොකද වෙන්නෙ...?

      Delete

 
 
Blogger Templates