Pages

Tuesday, September 15, 2015

පොටෝකාරයා වටින්නෙම නැද්ද..?



මංගල උත්සවයක් දවසෙ වැඩිපුරම බැනුම් අහන්නෙ කවුද කියලා හොයලා බැලුවොත් හොයාගන්න ලැබෙන්නෙ ඒ උත්සවයෙ ඡායාරූප ගන්නා ඡායාරූප ශිල්පියා බව. හොඳට හොයලා බැලුවොත් නම් තේරෙන්නෙ නිකරුනේ අහක යන කුණුගොඩවල් වලට බැනුම් අහන්න වෙලා තියෙනවා කියන එක. ඒත් ඒ දේ ගැන කවුරුවත් අවධානය යොමු කරනවා කියලා නම් හිතන්නෙ නෑ. ඔය අතරේ තමන්ගෙ වැරදි වලට බැනුම් අහන ඡායාරූප ශිල්පියොත් නැතුවම නෙවෙයි. 



ඒ බැනුම් අහන්න වෙන කාරණා ගැන කතාකරන එක පස්සට දාලා දැනට බලමු ඡායාරූප ශිල්පියා කියන එකා කිසිම වටිනාකමක් නැති එකෙක්ද කියන දේ. මේ දේ ගැන කතාකරන්න අදහස් කලේ බහුතර දෙනෙක් ඡායාරූප ශිල්පය කියන දේ බොහොම පහසු, කිසිම මහන්සියක් නැති, කැමරාවෙන් ඉබේ ෆොටෝ වදින, කම්පියුටරේට දැම්මාම නිකන්ම ෆොටෝ හැදිලා එන දෙයක් කියලා අදහස් කරන නිසා මේ ක්ෂේත්‍රයේ ඉන්න අය කිසි වටිනාකමක් නැති දෙයක් කරන පිරිසක් විදිහට සලකන නිසයි. සමහර ඡායාරූප ශිල්පීන්ගේ හැසිරීම රටාවත් මේ දේට වගකියන්න ඕනෙ කියනදේත් අමතක කරන්න හොඳ නෑ. ඒ ගැන කලින් පෝස්ට් එකකත් සඳහන් කලා.


නිකමට වගේ බලමු ඡායාරූප ශිල්පියෙක් නිසා කෙතරම් රැකියා අවස්ථා බිහිවෙනවාද, ඒ හරහා රැකෙන පිරිස මොන වගේද කියලා.

මෙහිදී මංගල ඡායාරූප ශිල්පියා ගැන පමණක් සලකනු ලබන අතර අනෙකුත් ක්ෂේත්‍ර වල ඡායාරූප ශිල්පීන් අනුව මෙය වෙනස් විය හැක. 


•  ඡායාරූප ශිල්පියා


පහත සඳහන් වන සියළු රැකියා අවස්ථා බිහිවන්නේ ඉහත සඳහන් පුද්ගලයා නිසාය.


   1. පළමු සහයක

   2. දෙවන සහයක

   3. (සයහට සිටින පිරිස සීමාවක් නොමැත. සමහර ඡයාරූප ශිල්පීන්ගේ සහයක පිරිස දහයක් පමණ විය හැක)

   4. රියදුරු

   5. සහයක ඡායාරූප ශිල්පියා (කිහිපදෙනෙක් වුවද සිටිය හැක)

   6. වීඩියෝ ශිල්පියා (ස්වාධීන රැකියාවක් වුවද එක්ව වැඩ කරන අවස්ථාද ඇත)

   7. ග්‍රැෆික් ඩිසයිනර් වරයා (ඡායාරූපාගාරය අනුව දෙදෙනෙකු වුවද සිටිය හැක)


8. වර්ණ රසායනාගාර හිමිකරු

     9. ග්‍රැෆික් ඩිසයිනර් වරයා (වර්ණ රසායනාගාරය අනුව කිහිපදෙනෙකු සිටිය හැක)

     10. මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාකරු (එක යන්ත්‍රයකට එක් අයෙකු)

     11. මුද්‍රණ යන්ත්‍ර පළමු සහයක

     12. මුද්‍රණ යන්ත්‍ර දෙවන සහයක (එක යන්ත්‍රයකට දෙදෙනෙකු අවශ්‍ය වේ)

     13. ලැමිනේට් යන්ත්‍ර ක්‍රියාකරු.

     14. බුක් බයින්ඩර් වරයා (බොහෝවිට දෙදෙනෙකු)

     15. වර්ණ රසායනාගාර කළමනාකරු

     16. වර්ණ රසායනාගාර මුදල් අයකැමි (දෙදෙනෙකු විය හැක)

     17. වර්ණ රසායනාගාර සහයක (දෙදෙනෙකු විය හැක)


18. ඡායාරූප රාමු ප්‍රදර්ශනාගාර හිමිකරු

      19. ඡායාරූප රාමු සාදන කාර්මිකයා (කිහිපදෙනෙකු සිටිය හැක)

      20. ඡායාරූප රාමු ප්‍රදර්ශනාගාර අයකැමි

      21. ඡායාරූප රාමු ප්‍රදර්ශනාගාර සේවක (කිහිපදෙනෙකු සිටිය හැක)


වක්‍රව ලැබෙන රැකියා,


22. කැමරා නිශ්පාදන ආයතන හිමිකරුවන් ඇතුළු සේවක පිරිස. (සමහර විට දහස ඉක්මවිය හැක)

23. අමතර උපකරණ නිශ්පාදන ආයතන හිමිකරුවන් ඇතුළු සේවක පිරිස.

           ක්ෂණිකාලෝක ඇතුලු ආලෝක උපකරණ නිපදවන ආයතන

           කාච පද්ධති නිපදවන ආයතන

           අධාරක උපකරණ නිපදවන ආයතන

           ආරක්ෂක උපකරණ(ගමන් මළු වැනි) නිපදවන ආයතන

           මෙමරි මොඩියුල් නිපදවන ආයතන

24. මුද්‍රණ ක්ෂේත්‍රයට අදාල ආයතන හිමිකරුවන් ඇතුළු සේවක පිරිස

           මුද්‍රණ යන්ත්‍ර නිපදවන ආයතන

           මුද්‍රණ කඩදාසි වැනි දෑ නිපදවන ආයතන

25. ඡායාරූප රාමු ක්ෂේත්‍රයට අදාල ආයතන හිමිකරුවන් ඇතුළු සේවක පිරිස

           රාමු සඳහා අමුද්‍රව්‍ය නිපදවන ආයතන

           අවශ්‍ය යන්ත්‍ර නිපදවන ආයතන

           වීදුරු නිපදවන ආයතන

26. ඡායාරූප ක්ෂේත්‍රය ගැන පාඨමාලා ඉදිරිපත් කරණ ආයතන

           හිමිකරුවන්

           ගුරුවරු

           සේවක පිරිස්

           මුද්‍රණ කටයුතු කරන පිරිස්

27. ඡායාරූප ක්ෂේත්‍රය ගැන ග්‍රන්ථ නිකුත් කරන පිරිස.
28. ඡායාරූප ක්ෂේත්‍රයට අදාල සියළුම උපකරණ අලෙවි කරන ආයතන හා අලෙවි කරුවන්.


මෙවැනි වෘත්තීය අවස්ථා ගණනාවක් බිහිවීමට හා එම වෘත්තිකයින් හරහා යැපෙන පිරිස ආරක්ෂා වීමට මූලික වන ඡායාරූප ශිල්පියා වටින්නෙම නැද්ද....?

**මේකෙන් කියන්න අදහස් කලේ මට ගරුකරන්නවත් මගෙ වටිනාකම ගැන හිතන්නවත් කියන දේ නම් නෙවෙයි. මොකද ෆොටෝ ගහන එක මගෙ රස්සාව නම් නෙවෙයි මානසික නිදහසට කරන දෙයක් විතරයි. ඒත් මේ දේ ගැන කියන්න හිතුනෙ පොදුවෙ ඡායාරූප ශිල්පීන් අත්දකින ගැටළුවක් නිසයි.**

158 comments:

  1. ඔන්න මලේ පලමුවෙනි කොමන්ටි එක මගෙන්.කවුද මලේ කියන්නේ වටින්නේ නැ කියලා,මෙ නිසා ජීවත්වෙන පිරිසක පැත්තකින් තියමු දැනට.ඡායාරෑපයක් කලාත්මකව ගුණාත්මකව ගන්නවා කියන අපි හැමෝටම කරන්න පුලුවන් දෙයක් නෙවෙයි.මගේ ඥාති සහොදරයෙක් හිටියා සිරසේ වැඩ කරපු.ඔහු දවසක් මට ඔහු පුහුනු උනා කාලේ ගත්ත ඡායාරෑප ඇතුලත් කල ඇල්බමයක් පෙන්නුවා.මට තේරැණ දේ තමයි කැමරාව අතේ තියන නිසාම දකින දකිනදේවල් පොටෝ ගහන අපිට නිකමටවත් කොහොමටවත් හිතෙන්නේ නැති බොහෝ දේවල් ගැන කැමරා ශිල්පියෙක් අවධානය යොමු කරනවා කියන එක.අනික මචං අද කාලේ වගේ නෙවෙයි අපි පුංචි කාලේ කැමරා ශිල්පියෝ දුර්ලභයි.අපේ පුංචි අවධියේ මතක සටහන් අදටත් අපි ලග තියෙන්නේ ඔවුන් නිසා.උඹලගේ වටිනාකම දන්න නිසා තමයි පලමු වෙනි අදහසම විහිලුවකින් තොරවම දැමිමෙ.හැබැයි දවල් එන්නේ මඩ බාල්දියක් අරගෙන කැමෝ

    ReplyDelete
    Replies
    1. යකෝ..මු මට ඉස්සර ඇවිත්

      Delete
    2. මනෝ,
      මිනිස්සු හිතන්නෙ කැමරාවෙන්, කම්පියුටරෙන් හැමදේම වෙලා එනවා අපි ඒක ලඟ ඉන්නවා විතරයි කියලා.

      මේ කලින් දාපු පෝස්ට් එකේ මං කියලා තියෙනවා ෆොටෝ ගහන එක ගැන.

      ඩිජිටල් නැති කාලෙ ෆොටෝ ගන්න කට්ටිය අඩු උනේ තාක්ෂණයට වඩා හැකියාව ඕනෙ උනු නිසා. ඒත් දැන් හැකියාවට වඩා තාක්ෂණේ ඉස්සරහට එනවා.

      උඹලගෙන් මඩක් කෑවෙ නැත්නම් වැඩක් නෑ බං... වරෙන් වරෙන්...

      මෙන්ඩා,
      ගෙදර වැඩ ඉවර කරද්දි පරක්කු උනාද...?

      Delete
    3. මෙන්ඩා
      කොල්ලා සෑහෙන හිතේ අමාරැවකින් ඉන්න හින්දා උදේම අර අහිංසක පියකරැ මූන බලාගෙන යන්න ආවා බං.නැත්තමි එමිබාං කරාම වෙනස් වෙනවනේ.දැන් ඇවිත් බලනකොට තවම යහතින් ඉන්නවා.

      Delete
    4. මොන යහතින්ද බං... මෙන්ඩා නගර සභාවෙ ගලිය අරන් ඇවිත් මාව නාවන්නෙ මඩ ගහලා මදි කියලා... හපෝයි...
      //අහිංසක පියකරැ මූන// හිත සුට්ටක් හැදෙන්නවත්...

      Delete
    5. 29. නගර සභාවේ ගලිය ක්‍රියා කරවන්නා.

      Delete
    6. අන්න ඒක අමතක උනානේ... ඌ නම් ඊයෙ ඉඳන් වැඩ පටන් අරන්....

      Delete
  2. අනේ නෑ මචං උඔලාව අපිට වටිනවා..
    “කාපු බිපු වෙලාවට පුංචි විහිලුවක් කෙරැවට...
    කැමරමන්ලා වගේ අය ගනන් ගන්නෙ ඇයිද සුලු දෙය...“

    ReplyDelete
    Replies
    1. උඹලා ගැන මං දන්නවා බං. හැම එකාම උඹලා වගේ මිනිස්සුන්ගෙ අගේ දන්නෙ නෑ. මනුස්සයෙක් කරන දේක වටිනාකමක් දකින්නෙ නැති උන් ඕනෙ තරම් ඉන්නවනෙ. මං ගැන ලොකුකමට කියනවා නෙවෙයි, පාර අතුගාන මනුස්සයට පවා මං ගරු කරනවා බං. උදේකට මූණට හම්බඋනොත් හිනාවෙලා හරි යන්න අමතක කරන්නෙ නෑ.
      කැමරාමන් කෙනෙක් වෙඩින් එකකදි අහන බැනුම් ගැන ඉස්සරහට කියන්නම්කො.

      Delete
    2. මොකක් හරි අවුලක් වෙලා වගේ.
      “හොඳට අතුගාන්න“ වගේ දෙයක්ද?

      Delete
    3. අවුලක් නෙවෙයි බං. එලිපිට කතා කරන්නෙ නැතුව හංගගෙන ඉන්න දෙයක් ඔන්න ඔහෙ කියලා දැම්මා...
      මනුස්සකමක් තියෙන්නත් එපැයි...

      Delete
  3. වටිනවා.

    මගෙ යාළුවෙක් තමයි මගෙ වෙඩින් එකේ පොටෝ ගත්තෙ. පොර ඔය උඩිං කිව්ව දේවල්ට අමතරව වෙඩින් හෝල් එක කතා කරලා දීම, ඒකෙ මෙනු එක අපිට ඕනෙ විදිහට වෙනස් කර ගැනීම, සැලුන් එක සෙට් කර දීම, මගෙ ඩ්‍රෙස් එක හදා ගන්න ටේලර් සෙට් කර දීම, හනිමූන් හෝටලය සෙට් කර දීම ආදී වැඩ ටිකකුත් කරලා දුන්නා.

    හැබැයි ඌ ස්ටූඩියෝ පොටෝ, ගෘප් පොටෝ, ඇල්බම් එක ආදිය දුන්නෙ සෑහෙන වාර ගාණක් කෝල් දීලා, දීලා, රස්තියාදු වුනාට පස්සෙ, අවුරුද්දකටත් පස්සෙයි.

    ඔන්න ඕක තමා මං දකින විදිහට කොච්චර හොඳ කැමරමන් කෙනෙක් වුනත් තමන්ගෙ කීර්ති නාමය පළුදු කරගන්න තැන.

    අපේ ඩොක්ටර් මාමා කියනවා, කලට වේලාවට වැඩක් කරන්නෙ ලංකාවෙ බාබර් ලා විතරයි ලු. මොකද අපිට ඔළුව තියල යන්න බෑනෙ කොණ්ඩෙ කපල තියහං කියලා. එහෙම වුනානං ඌත් වැඩේ පරක්කු කරනවා.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ ඩ්‍රැකී මං මුල ඉඳන්ම කියන්නෙ මේකෙ ඉන්න උන්ම තමයි මේක නැති කරන්නෙ කියලා. තමන්ගෙ බඩවඩා ගන්න එක ගැන විතරක් නොහිතා මේ රස්සාව කරන තව උන් ඉන්නවා කියලා හිතනවා නම් මේක වෙන්නෙ නෑ.

      Delete
    2. ඒ කියන්නෙ ඩ්‍රැකියට වෙඩින් ඇල්බමි එක ලැබුනේ ඩ්‍රැකි පැටවු ලැබුනටත් පස්සේද ?

      Delete
    3. හුඟක් වෙලාවට වෙන්නෙ ඕක තමයි. ළමයත් වඩාගෙන එන්නෙ ඇල්බම් එක ගෙනියන්න.

      Delete
    4. ඩ්‍රැකි මෙතන නං පොඩි අවුලක් තියනවා. මොන කතන්දර කිව්වත් මනමාලයෝ කැමරමන්ගේ බිල නොගෙවීම පිළිබදව. නිසි වෙලාවට නිසි මුදල දුන්නොත් වෘත්තිය ඡායාරුප ශිල්පියෙක් කල් ගන්නේ නෑ. අතින් වියදම්කරලා ඇල්බමය දුන්නාම මචං පස්සේ සල්ලි දෙන්නං කියන අය තමා වැඩිම. අවම උගේ වියදම් මුදලවත් ගෙවලා තියනවනං මේවා ප්‍රමාද වෙන්නේ නෑ.

      Delete
    5. මම ඕක ගැන නොකියා හිටියෙ වෙනමම පෝස්ට් එකකින් කියන්න ඉන්න නිසා. දැන් නම් බොහොමයක් වෙලාවට වෙඩින් එකට කලින් මුළු මුදලම අය කරගන්නවා ඔය හේතුව නිසාම.
      සමහර වෙලාවට මූලික වියදමවත් ලැබෙන්නෙ නෑ අත්තිකාරම් මුදල් විදිහට. මුදල් දීමේ අවුල තමයි ගොඩක් වෙලාවට ඔතෙන්ට බලපාන්නෙ. වෙඩිමට කලින් තිබුනු හදිස්සිය නෑ වෙඩින් එකෙන් පස්සෙ බොහොමයක් කපල් වලට.

      Delete
    6. වැඩක් කරන්න කලින් සේරම සල්ලි දුන්නොත් වැඩේ කෙරෙන්නෑ. සම්පූර්ණ වැඩේ කරලා දුන්නොත් සේරම සල්ලි ලැබෙන්නෑ. ගොඩක් වෙලාවට වෙන දේ ඕකයි. කැමා, උඹ මේක ඇඟට ගන්න ඕනි නෑ.

      Delete
    7. ගෙදර ගියොත් අඹු නසී... මග හිටියොත් තෝ නසී.. කිවුවලු...
      කවුරුවත් කෙලින් කියන්න බය නිසා කියලා දැම්මා... පව්නෙ බං...

      Delete
  4. කමෙන්ට් එක මංගල උත්සව ගැන පමනයි...
    ෆොටෝ ගන්න එක මංගල උත්සවෙ ප්‍රධාන කාර්යය කියල හිතාගෙන කටයුතු කරන කොට වටිනවා. මොකද දැන් සමහර මගුල් උත්සව වල ඔක්කොම දෙවල් කරන්නෙ කැමරාමන්ට ඕනෑ විදියට.

    අවස්ථාව වාර්තා කරන එක වෙනුවට අවස්ථාවන් නිමාණය කරනවා අනි සියලු දේ අවහිර කරගෙන.

    මේක කැමරාමන්ව හයර් කරන මිනිස්සුන්ගෙත් කැමරමන්ගෙත් බුද්ධිමට්ටම අනුව තමයි වෙනස් වෙන්නෙ.

    කොහොම උනත් සමහර මගුල් උත්සවවල කැමරාමන් ජෝඩුව ගොනාට අන්දන ගමන් අමුත්තන්ට විනෝද සමය සපයනවා.

    ReplyDelete
    Replies
    1. //සමහර මගුල් උත්සවවල කැමරාමන් ජෝඩුව ගොනාට අන්දන ගමන් අමුත්තන්ට විනෝද සමය සපයනවා.//

      මේක වෙන්න බොහෝ දුරට බලපාන්නෙ වෘත්තීමය හැකියාවක් සහ පලපුරුද්දක් නැතුව වෘත්තීමය අය කරන දේ දැකල ඒක අනුකරණය කරන්න යාමෙන්.

      Delete
    2. ඇනෝ,
      මහතමයා ඉදිරිපත් කරපු අදහසට මම සම්පූර්ණයෙන්ම එකඟයි. "අවස්ථා ඡායාරූපකරණයේ" යෙදෙනවා වෙනුවට "අධ්‍යක්ෂක" කෙනෙක් වෙන්න යන එකයි වැරැද්ද. සුළු කාලයක් යොදාගෙන තමන්ට ඕනෙ ඡායාරූප ටික අරගෙන කපල් එක නිදහස් කරනවා නම් ඕක වෙන්නෙ නෑ. සමහර ශිල්පීන් ඉන්නවා හෝල් එකේ ඉන්නවාද කියලාවත් හොයන්න බැරි වෙන්න වැඩ කරන. අද තියෙන තාක්ෂණය එක්ක කිසිම විදිහකින් අවහිරයක් වෙන්නෙ නැති විදිහට ෆොටෝ ගන්න පුළුවන් උපකරණ තියෙනවා. විදුලි ආලෝක උපකරණ පවා කුඩාවට ඇවිත් තියෙනවා. ඒත් වෙලා තියෙන්නෙ බොරු ශෝ දාන්න ගිහින් වැඩේ අනාගන්න එක. ස්තුතියී අදහසක් දුන්නට.

      ප්‍රසා,
      ලොකුම වැරැද්ද ඕක තමයි. කරන්නන් වාලේ කිරීම. එක කූඹියෙක් කෑවාම ගුලම විනාශ කරනවා වගේ එක කෙනෙකුගේ වැරැද්දෙන් හැමෝම වැරදිකාරයෝ වෙනවා.

      Delete
  5. මං හිතන්නේ ඔය බැනිල්ල එන්නේ ගොඩාක්ම පිට මිනිස්සුන්ගෙන්.. බොහෝමයක් කැමරමන්ලා මගුලට ගොඩක් උදව් කරනවා.
    මොනව උනත් අන්තිමට ඉතුරුවෙන්නේ පොටෝ ඇල්බම් එක විතරයි..
    මේ දවස්වල අපේ කෙලිපැටියා ගෝරි දානවා අපේ ඇල්බම් එකේ එයා නෑ කියලා..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. //මේ දවස්වල අපේ කෙලිපැටියා ගෝරි දානවා අපේ ඇල්බම් එකේ එයා නෑ කියලා.//
      යකෝ ඒකට තමයි ඇඩෝබි කාරයො ෆොටෝෂොප් කියල එකක් හදල තියෙන්නෙ.

      Delete
    2. විදානේ,
      සමහර වෙලාවට ගමක තියෙන වෙඩිමකදි ඊලඟට මොනාද කරන්න තියෙන්නෙ කියලා අහන්නෙ කැමරාමන්ගෙන්. ඒ වැඩ පිලිවෙල ගැන අත්දැකීම් තියෙනවා කියලා දන්න නිසා.
      ඔය ප්‍රසා දීලා තියෙන්නෙ උත්තරේ...

      ප්‍රසා,
      ආයෙ ඉතින් ගමකට ෆොටෝ හදන්න බැරිද ඕක තියෙනකම්..

      Delete
    3. //මේ දවස්වල අපේ කෙලිපැටියා ගෝරි දානවා අපේ ඇල්බම් එකේ එයා නෑ කියලා.//

      තව තුන්මාසයක් වෙඩිම කල් දැම්මනං කෙලි පොඩ්ඩටත් ඉන්න තිබුනා නෙවැ … චැහ්

      Delete
    4. පත්තරේ,
      හෑ........... හිටලද කලින්ම...?

      මෙන්ඩා,
      ආයෙත් අහලා...

      Delete
    5. පත්තරෙයා කළේ එහෙමද?

      Delete
    6. අත්දැකීමෙන් කිවුවා වගේ...

      Delete
    7. ශිල්ප දන්න හින්දා හොඳා :D ඕ යේස් .

      Delete
    8. "සීදේවි" පත්තරේ..

      Delete
    9. පත්තරේ,
      ගුරුන්ටත් අකුරු වරදින වෙලාවල් තියෙනවලු කිවුවලු කවුදෝ...

      විදානේ,
      ඒක තමයි නරක් වෙලා තියෙන්නෙ පත්තරයා...

      Delete
    10. පොටෝ ඇල්බම් එකකට නමක් දානවානං කැමෝ, “මට කෙළවුණු දා“ කියලා දාපං.

      Delete
    11. අම්මපා... කොහොමද "සැමියෙකුගේ ශෝකාලාපය" කියලා දැම්මොත්...?

      Delete
  6. ඒක තමා කැමරාව අත අරින්නෙම නැතිව ඉන්නේ නේද

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා... ඔළුව අවුල් වෙලා ඉන්න වෙලාවට හොඳ බෙහෙතක් ඕක..

      Delete
  7. කැමරාවෙන් වෙඩි තියාගන්න හදනව කියල මෙන්ඩ හැම තැනම කිය කිය යන හින්දයි ඉක්මනට ආවෙ.
    කවුද කියන්නෙ වටින්නෑ කියල. ඔය ඩ්‍රැකිය කියල තියෙනව වගේ මගේ වෙඩිං එකේ ෆොටෝ ගැහුවෙත් මාත් එක්ක ගොඩක් හිතවත් උන කෙනෙක්. මිනිහ වෙඩින් එකට ඕන ගෲප් එක සෙට් කරල දීම, දෙවෙනි දවසෙ කාර් එක සැරසීම වගේ ෆොටෝ ගැහිල්ලට අමතරව ගොඩක් දේවල් හොයල බලල කරල දුන්න. හැබැයි අරූගෙ වගේ ඇල්බම් එක පරක්කු කළෙත් නෑ.

    ඇත්තටම මෙතන ප්‍රශ්න මතුවෙන්නෙ දෙමාපියො සහ වැඩිහිටියො අනවශ්‍ය විදියට සමහර දේවල් වලට මැදිහත් වෙන්න ගියාම. මමනං කියන්නෙ විශේෂයෙන්ම මංගල ජෝඩුව විසින් කැමරා කාරය සැටිස්පයි කරගත්, වගේම දැන හැඳුනුම් කමක් තියෙනවනං සහ වෙඩිමේ පාලනය අනවශ්‍ය විදියට වැඩිහිටියන් අතට නොයනවනං කිසිම අවුලක් මතුවෙන්නෙ නෑ කියලයි.

    හා... දැං ඕනනං වෙඩි තියාගනිං.

    ReplyDelete
    Replies
    1. //දෙමාපියො සහ වැඩිහිටියො අනවශ්‍ය විදියට සමහර දේවල් වලට මැදිහත් වෙන්න ගියාම// මේ ගැන නම් කතා කරලා වැඩක් නෑ. ඉස්සරහට කියන්නම්කෝ...
      හැම කෙනාම තමන්ගෙ රාජකාරිය තේරුම් ගන්නවා නම් අවුල් අඩු කරගන්න පුලුවන් වෙයි. ඒ වගේ ඉන්න හැමෝම සිද්ද වෙන කාර්යයට වැදගත් වෙනවා කියන එකත්.

      වෙඩි තියාගත්තත් නිදහස්ක් ලැබැයිද කියන එකයි සැක මුන් එක්ක.

      Delete
    2. පොඩි ප්‍රචාරයක් දුන්නෙ මචං

      Delete
    3. ඒ වුනාට බං ඉස්සරහට කැමරා ශිල්පයෙතුට වෙඩින් තියා මොන එකකවත් වැඩක්නමි ලැබෙන්නේ නැති වෙයි.දැන් හැම එකක්ම සෙල්ෆිනේ බං.ඉස්සරහට එන්නේ සෙල්ෆි.හනිමුන් සෙල්ෆි,ෆියුනරල් සෙල්ෆි,ඇක්සිඩන්ටි සෙල්ෆි,ටොයිලටි සෙල්ෆි වගේ ඒවා

      Delete
    4. මෙන්ඩා,
      තෑන්ක්ස් බං... උඹලා හින්දා තමයි මෙච්චර හරි ලියන්න පුළුවන් උනේ...

      මනෝ,
      අම්මපා ඕකත් වෙයි තමයි ඉස්සරහට. සෙල්ෆි ඇල්බම් කියලා ආවොත් ඉවරයි.

      Delete
    5. එතකොට සෙකිං පල්ෆි?

      Delete
    6. තේකත් එයි ඉස්සරහට. දැනටම ජපානෙ වෙනමම නියුඩ් ඇල්බම් එකක් හදනවා...

      Delete
  8. පාරේ අතුගාන මනුස්සයාගේ ඉඳල රටේ ඉහලම රැකියාව කරන මනුස්සයගේ රස්සාව එක හා වටිනවා.ෆොටෝ ගන්න එක උනත් එහෙමයි ඕනෑම කෙනෙකුට කියන්න පුළුවන් හොඳ කැමරාවක් තිබ්බනම් මටත් පින්තුර ගන්න පුළුවන්නේ කියල ඒ වුනාට එහෙම ගන්න පින්තූරයකයි හොඳ කැමරාකරුවකු ගන්න පින්තූරයකයි ලොකු වෙනසක් තියනවා ඒ පින්තූරවල ලොකු ගුණාත්මක බවක් තියනවා. හැම දාම පාරේ අතුගාන කුණු ගෙනියන මනුස්සය කෑ ගහල අහන්නේ නෑ මගේ ඒ රස්සාව වටින්නේ නැද්ද කියල . ඒ මනුස්සය නිහඬව තමන්ගෙ රස්සාව කරනව. දන්න මිනිස්සු දන්නවා ඒ මිනිස්සුන්ගෙන් කොච්චර සේවයක් වෙනවද කියල.හැම රස්සවක්ම මේ වගේ :)

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕක හැම කෙනාටම නොතේරෙන එකයි අවුල හංසි. මම තමයි අනික් හැමෝටම වැඩිය ලොක්කා කියලා හිතන එක නැති උන දවසට කවුරුත් අනික් කෙනාට ගරු කරන දවසක් ඒවි.

      ෆොටෝ ගැහිල්ලට පොඩි හරි සම්බන්දයක් තියෙන නිසා මේ ෆීල්ඩ් එකේ ස්ථිරව ඉන්න උන්ට වෙන අසාධාරණ කම් දැක්ක නිසයි මේ දේ ලියන්න හිතුනේ. මේක මගෙ රස්සාව නෙවෙයි හංසියෝ....

      Delete
    2. //මේක මගෙ රස්සාව නෙවෙයි හංසියෝ....//
      නංගි බබාල පරිස්සමට එක්කගෙන යන සිකියුරිටි වැඩේ තමයි ස්තිර රැකියාව.

      Delete
    3. කමිමලේ මම දැක්කනේ බං නගර සභාවෙ කුනු ලොරියෙ පිටිපස්සෙත් එල්ලිලා යනවා....හරි හරි දවල්ට ඒක..රාත්‍රියට උඹ කියපු එක..ඒක තමයි නිදි මරලා වැඩිකමට පහුගිය ටිකේ ටිකක් පරක්කු වුනේ

      Delete
    4. කම්මලේ,
      ඇත්ත බං. දැන් නම් ඇති වෙලා තියෙන්නෙ. මොන කෙහෙල්මලක්ද දන්නෑ. අන්න උඹව මතක් කොරන්න කිවුවා...

      මනෝ,
      උඹත් අරගෙන ආවද ගලි බවුසරේ අර මෙන්ඩා වගේ...?

      Delete
  9. හොද අදසක් ඔයා මතු කලේ. මගේ නම් වෙඩින් එකේ ස්ටෝරිබුක් එක මම මාසයක් ඇතුළත ගත්තා. ෆොටෝග්‍රැෆර් ළගම ඉද ගෙන මාත් උදව් කරමින් එඩිට් කරලා.
    වෙඩින් වලදී ෆොටෝග්‍රැෆර්ටත් කලින් පැනලා කැමරා ෆෝන් වලින් පෝරුව චාරිත්‍ර වගේ විශේෂ අවස්ථා 'කවර්' කරන අය ගැනත් ලියන්න. මම සිරිතක් හැටියට යාලුවෙක්ගෙ වෙඩින් එකකට යනව නං කැමරාව ගෙනියනවා. ඒත් කවදාවත් ෆොටෝග්‍රැෆර්ට බාධා වෙන විදියට ෆොටෝ ගන්න යන්නෙ නෑ. ෆ්ලෑෂ් ඔන් කරන්නෙත් එයාට බාධාවක් නැද්ද කියල අහලයි. මොකද අන්තිමට මගේ ෆොටෝ ඇල්බම් එකට යන්නෙ නෑනෙ.

    ReplyDelete
    Replies
    1. ඔය කැමරා ෆෝන් ෆොටෝග්‍රැපර් ලා ගැන ලියන්නම ඕනෙ. අම්මප උන් නම්....
      ඔය ෆ්ලෑශ් වදෙන් බේරෙන්නම වෙන්න ඕනෙ රේඩියෝ ස්ලේව් ආවෙ. ඇයි හතිලව්වෙ අපි ෆොටෝ එකක් ගන්න යද්දි අනික් උන්ගෙ ෆ්ලෑශ් වලට ප්‍රෝ ලයිට් ගිහින්. ඉතින් උන්ගෙ ෆොටොත් කලුයි, අපෙ ෆොටොත් කලුයි. උන්ට හොඳින් කිවුවාම හිතන්නෙ ලොකු කමට කියනවා කියලා. එතන ඉදන් රවන්නයි බනින්නයි ගන්නවා.

      Delete
    2. උං කිව්වට තේරුම් ගන්නෑ බං. උංගෙ ලබ්බෙං ගහන පොටෝ ඇල්බම් එකට යනව කියලයැ. වෙඩින් එකක ෆොටෝ ගන්න එකාට මුල් තැන දීලා උෟට බාධාවක් නොවෙන්න පොටෝවක් දෙකක් ගහ ගත්තට කමක් නෑ. වැඩේ කියන්නෙ පෝරුව සෙරමනි, බුලත් දීම ආදී හැම විශේෂ අවස්ථාවක් කවර් කරන්නම ෆෝන් ෆොටෝග්‍රැෆර්ස් ලගෙ තියෙන උනන්දුව...

      Delete
    3. ඕනෙ තරම් ගහගත්තට කමක් නෑ මැද්දට පනින්නෙ නැතුව. දහදුක් විඳගෙන පෝරුවෙ ෆොටෝ ටික ගන්නෙ. ඒ අස්සෙ මුන් මැද්දට පනිනකොට උන්ටම ගහගන්න කියලා යන්න හිතෙනවා බං. පොඩි උන් තමයි බේරන්න බැරි. ෆෝන් එකක් උස්සගෙන අස්සටම එනකොට.

      Delete
    4. මගේ නම් වෙඩින් එකේ ස්ටෝරිබුක් එක මම මාසයක් ඇතුළත ගත්තා.//
      ඇයි බං ඉතිං උඔ ශිල්පේ දන්න එකානේ

      Delete
    5. මොකක්ද බං ඔය ස්ටෝරි එක. පොඩි එවුවන්ට කියල දෙන්න පුලුවං එකක් ද? :D

      Delete
    6. පිස්සුද ප්‍රසා, කැමරා හොම්බගෙයි, කැමරා කටාගෙයි ස්ටෝරිය පොඩි එවුන්ට තියා අපිට අහන්නත් බෑ. අන්තිම ෂවුත්තුයි ...පල්

      Delete
    7. This comment has been removed by the author.

      Delete
    8. ..//මගේ නම් වෙඩින් එකේ ස්ටෝරිබුක් එක මම මාසයක් ඇතුළත ගත්තා//..
      හප්පේ මුගේ තියන හදිස්සිය.බැන්දට පස්සේ අනිත් ඒවටත් ඔහොමද දන්නැ.

      Delete
    9. මෙන්ඩා,
      වැඩකරුට බොරු බෑ කියනවනේ... ඇත්තද බං...?

      ප්‍රසා,
      අතරමැදි කොටස් අයින් කරලා තමයි කියලා දෙන්න වෙන්නේ... :D

      කම්මලේ,
      ඉඳපං ඔහොම උඩ පැන පැන සූටික්කා හම්බෙනකම්...

      මනෝ,
      බඳින්න කලින්ම ඕකා හදිස්සියෙන් හිටියෙ කියලා රට්ටු කියන්නෙ බං.

      පැය දෙකයි එන්න බැරි උනේ. මුන් මෙතන ජෝගි නටනවා. හිටපියව් තොපිට.. :D

      Delete
    10. ඇයි යකුනි ඔය කාලෙ නැති හදිසිය අ‍ායෙ කවදටද?

      Delete
    11. ඔය කියන්නෙ... ආයෙ හෝදන්න දෙයක් නෑ....

      Delete
    12. //ෆොටෝග්‍රැෆර් ළගම ඉද ගෙන මාත් උදව් කරමින්// සනත් ජයසූරියගෙන් අළුත හම්බවුණු බබා ගැන ඇහුවා වගේද?

      Delete
    13. මොකක්ද බං ඒ හරුපේ...?

      Delete
    14. සනත් කැප්ටන් කාලෙ සීන් එකක්. මැච් එකක් දින්නම කොමෙන්ටේටර් පොඩි ඉන්ටවීව් එකක් කරනවනෙ දිනපු කැප්ටන් එක්ක.

      Commentator: Then, Jayasuriya, we heard about the new comer to your family. How do you feel that?

      Sanath: Oh...yeah. It was our team effort. All the boys did their best and all of them played well. Malinga bawled well and Mathews hits are great. Specially the young players played well as never before.

      Delete
    15. විලි ලැජ්ජයිනෙ බං. හැමදාම එකම කටපාඩම් කරගෙන කිවුවද දන්නෑ..

      Delete
  10. පොටෝ කාරයො වටිනවා බං.… ඊට වඩා උඹව වටිනවා …මොකෑ අකුණු ගහන වෙලාවට එළියට දැම්ම හැකිනෙවැ අලවංගුව වෙනුවට :D ඕ යේස්…

    ReplyDelete
    Replies
    1. දොරට හරහට දාන්නත් පුලුවන්

      Delete
    2. පත්තරේ,
      ඇයි බං මට වඩා ඕකට මෙන්ඩා හොඳයිනේ......
      නොදකින් උඹෙ කට නම්...

      මෙන්ඩා,
      තව මොකේටවත් බැරියැ...?

      Delete
    3. මෙන්ඩ කියල තිබ්බ වගේ කබරය දාන්නත් ගන්නැහැකි

      Delete
    4. මුන් වගේ යාළුවො නම්....

      Delete
    5. @පත්තරේ //පොටෝ කාරයො// ‍අඩෝ කාරයා කියන්න එපා හරිද එතකොට මටත් උඹට 'ප.කා' කියන්න හිතෙනවා. (ඒ කියන්නෙ පත්තර කාරයා කියන එක ෂෝර්ට් ෆෝම් එකෙන්) හැක්...

      Delete
    6. හත්තිලව්වයි !!

      නෑ නෑ පොටෝ අල්ලන පස්වාන් දසකට බුදුවෙන්න උත්තමයා … ඕං මං වුර්තීය මොකද්දෑ එක රැක්කා හෝල්සේල් :D

      හා දැං මට මාධ්‍ය වේදියා කියපිය .හැක්

      Delete
    7. ඔය කිව්වට ඔකා පත්තර කඩයක් ලගින්වත් යන්නෙ නෑ

      Delete
    8. බෝතල් පත්තර විකුණන එවුන්ට මාධ්‍යවේදියො කියන්නෙ කොහොමද බොල.
      හැබැයි ඉතිං දැං ඉන්න සමහර මාධ්‍යවේදියන්ට වැඩිය බෝතල් පත්තර කාරයො පත්තර ගැන දන්නව.

      Delete
    9. දිලා,
      ඇරු දිලා ඇරු... හොඳ වැඩේ ඕකට...

      පත්තරේ,
      ආන්න එහෙම වරෙන් දැක්කනේ දිලාගෙ සැර...

      මෙන්ඩා,
      අකුරු වරද්දලා හදාගත්තු නමනෙ ඉතින්. මොනා කරන්නද...

      ප්‍රසා,
      ඒකනම් සහතික ඇත්ත. උන් ලියන්නෙ මොනාද කියලා උන්ම දන්නෙ නෑ. හැමෝම නෙවෙයි සමහරක් උන්..

      Delete
    10. බීලා ඉවරවෙලා මේසෙ පිහිදාන්නත් නියමයි රැවුලත් තියෙන එකේ.

      Delete
    11. උඹව ගන්නවා කිවුවා කට පිහදාන්න...

      Delete
  11. එදා ශීල්පීය නිපුනත්වයට මුල් තැන ලැබුණා. අද තාක්ෂණයට මුල් තැන ලැබිලා. මේ නිසාම ඡායාරූප ශිල්පය වෘත්තිකයන් අතින් අවශේෂයන් අතට පත්වුණා. පිරිස වැඩි වුණා. එකී තනතුරට තිබු ගෞවරව කෙළෙසුණා.
    එදා ආලෝකයත් එක්ක ශිල්පියා පැ හරඹ අද පරිගණකය මගින් වෙනත් අයෙකු කරනවා.
    දෙවැන්න මංගල උත්සවවලනං පරිපාලකයා වෙන්නේ කැමරමන්. ඒක මහා ඇණයක්. ඒ ගැන ඉහත කියැවී ඇති නිසා වැඩි දුර නොකියමි.
    තුන් වැන්න නම් බොහෝ විට මේ ජායාරුප ශිල්පියාගේ ගාස්තුව ගෙවන්න වෙන්නේ විවාහ මංගල උත්සවයක නම් මනාලයාටයි. (මනාලියත් හවුල් වෙනවා ඇති). ජීවිතේ පාසල් සමය නිම කොට රැකියාවක් ලබා යන්තම් කීයක් හෝ උපයාගන තමා විවාහයට පිවිසෙන්නේ. අනේ කියන්න දුකයි එදා මෙදා තුර හම්බකළ සේසතම පුදන්න වෙනවා මේ ඇල්බමයට.(මේ කියන්නේ නූතන මධ්‍යම පාන්තික තරුණයන් ගැන. ව්‍යාපාරික ධනවතුන් ගැන නෙමේ)
    ඒ වුණාට මේක වෘත්තියක්නේ ............
    අහල තියනවද තවත් කතාවක් ලියන් මානාලියන් කරන කියන එකට දැන් කියන්නේ මනාලියන් ගොනාට අන්දනු ලැබේ කියලා. මංගල උත්සවයක් කියන්නේම අද අන්දවන එකා හෝ එකි. මල් කරුවා, වාහන හයර් කරුවා කේටරින් කරුවා. පෝරු හුයන්නා, පෝරු තනන්නා අරුන් දෙන්නාව හුරං කන අංක එකේ අවස්ථාව. මෙහෙම ලිව්වාට තරහා අවසර ඇත්ත තත්තවය මේකයි.

    ReplyDelete
    Replies
    1. ඔය ලියන් මානාලියන් කරන එකනං මහ විකාරයක්. සමහර වෙලාවට මගුලෙ ඉන්නෙ මනමාලිමද කියල හොයාගන්න බැරි තරමට මේකප් තට්ටු උලනව. යකෝ මගුලට එන්නෙ ඒ ගෑණු මනුස්සය ජීවිතේට දැකල නැති මිනිස්සු නෙමෙයි නෙ.

      Delete
    2. නලියයියා,
      කියන්න දෙයක් ඉතිරි වී නොමැත. කියන්න ඕනෙ දේ ලෙසටම කියලා තියෙනවා. සම්පූර්ණ ඇත්ත නලියයියේ රිදෙන උන්ට රිදෙයි හරියට කරන උන් තවත් හරියට කරයි.

      ප්‍රසා,
      එක පාරක් අපෙ ගමේ යාළුවෙකුගෙ වෙඩින් එකක දවස් දෙකම ෆොටෝ ඇරන් උන් දෙන්නට රැග් දීලා වෙඩින් එකේ වැඩත් කරලා දෙවෙනි දවසෙ රෑ ගෙදර පාර්ටි එකට ගියාම අඳුරන්නෙ නැති කළු කෙල්ලෙක් ඇවිත් හොඳට කතා කලා. කවුද මේ කියලා බලද්දි පස්සෙ තමයි දැන ගත්තෙ මනමාලි කියලා. අන්දන උන් මේකිව සුදු කරලා තිබ්බ තරමට අන්තිමට අපිටම හොයන්න බැරි උනා කියහංකෝ.

      Delete
  12. මෙනවද බං මේ දාන පෝස්ට්? දාහංකො “ඒක එච්චර හරි නෑ නේද මල්ලි ?“ වගේ එව්වා...

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඩ්‍රැකී කියන්නේ..මේවා පෝස්ට්ද? පෝස්ට් නම් කුනු රහට තියෙන්න එපෑ?

      Delete
    2. ඩ්‍රැකී,
      එක පාර ඒවා ඔක්කොම කියලා දාන්න හොඳ නෑනෙ බං. මං කියලත් ටිකක් ප්‍රබුද්ධ වෙන්න එපැයි...

      මෙන්ඩා,
      කරෝල කෑල්ලක්වත් නැතුව බත් ටිකක් කන්න බෑ නේද..? කුණු රසයට ලොල් වූවෝ...

      Delete
  13. මම දාන පලමු කොමෙන්ටුව
    මම මේ සබ්ජෙක්ට් එක විනෝදාංශයක් හැටියට අධ්‍යනය කරනවා
    මට පෙනෙන දෙයක් තමා සමහරක් බෙල්ලේ කැමරාවක් එල්ලා ගත් පමනින් ඡායාරෑප ශිල්පියෙක් යයි හිතන බව







    ReplyDelete
    Replies
    1. කැමාගේ හිත රිදිලා ඉන්න වෙලාව් එහම කියන්න එපා අෆ්ෆා

      Delete
    2. JP,
      සාදරයෙන් පිලිගන්නවා...
      මගෙත් එක විනෝදාංශයක් තමා මේක.

      මටත් එක්කමද කිවුවෙ අප්පා...? අනේ ඔන්න මං නම් ඡායාරූප ශිල්පියෙක් නෙවෙයි. අඩුම තරමෙ කෝස් එකක්වත් කරලා නෑ. ඉඳලා හිටලා වෙඩිමක දෙකක ෆොටෝ ගැහුවට.

      සමහරක් එහෙම හිතන එක තමයි මේ ෆීල්ඩ් එකට වැරදුනු තැන.

      මෙන්ඩා,
      මැරෙනවා මං... අම්මප... උඹ එනවා නේද බලන්න...?

      Delete
    3. ගල් අරක්කු දෙනවා නම් එනවා

      Delete
    4. බයිට් එකට ඌරෙකුත් ඕන.

      Delete
    5. කැමා , මැරෙද්දි හිනාවෙලා හිටපං මටයි, මෙන්ඩටයි උඹේ මිනියත් එක්ක සෙල්ෆියක් ගන්න.

      Delete
    6. උඹලා තුන්දෙනාම එකට හිටියම මිනිය කෝකද කියලා හොයාගන්න බැරි වෙනවනේ බං

      Delete
    7. ..///මැරෙනවා මං... අම්මප//....
      කැමා ඒ කියන්නෙ බෙල්ලේ තියන කැමරාව වෙනුවට ආයේ අපිට උඹෙ බෙල්ලේ දකින්න වෙන්නේ ලනුවක්ද ? ටිකක් උස ගහකට නැගපං පැටියෝ.

      Delete
    8. මෙන්ඩා,
      තැබෑරුමෙ කලවන් රා....?

      ප්‍රසා,
      ඌරා නම් දෙන්න පුළුවන්. මරලා හමගහලා උයලා ගන්න වෙයි. ඌරෙක්වනෙ ඉල්ලුවේ... :D

      කම්මලේ,
      අනේ තොපි දෙන්නා මගෙ මිනීයටවත් ඉන්න දෙන්නෙ නැද්ද බොලව්...?

      මනෝ,
      අන්න දවසේ කතාව. ආයෙ එම්බාම් කරන්න දේකුත් ඕකුන් දෙන්නගෙ.

      ඔව් බං. මේ යන විදිහට වහ ටිකක් බීලා, බෙල්ලෙ වැල දාගෙන, ඔළුවට වෙඩි තියාගන්න වෙන්නෙ. මුන් එක්ක වසන්න බෑ.....

      Delete
    9. ඔබේ ලිපි කියවන නිසා ඔබ යම් හැදැරීමක් අභ්‍යාසයක් කරන්නේ යයි සිතමි ඉතින් මෙය අදාල නැත


      හැබැයි මා කිව් ජාතියේ අය නැතැයි ඔබට කිව හැකිද?

      Delete
    10. බහුතරයක් දෙනා ඉන්නවා. තාක්ෂණේ දියුණුවත් එක්ක උනු දෙයක් තමයි ඕක. කැමරාව හොඳ වෙනකොට ෆොටෝ එකේ ලස්සන වගේම කොලිටි එකත් වැඩි වෙනවා. අනික ඔටෝ පහසුකම වෙනදට වැඩිය දියුණුයි. ඒ වගේම මෘදුකාංග වල දියුණුව එක්ක ඕනෙ කෙනෙකුට ෆොටෝ ගහන්න පුළුවන් වෙලා. මම දැක්කා වතාවක් එක කැමරාමන් කෙනෙක් නිවැරදි විදිහට කැමරාව අල්ලන්නවත් දන්නෙ නැති. තව ඔටෝ පහසුකම දාලා ගන්න ස්ටුඩියෝ හිමිකරුවෙක්. ඔය බහුතරේකට නෙගටිව් දාන කැමරාවක් දුන්නොත්...?

      මම අවුරුදු 8ක විතර ඉඳන් මේ ෆීල්ඩ් එකේ යම්තරමකින් යෙදිලා ඉන්නවා. ඒ වගේම කියන්න ආඩම්බරයි ඉස්සරලම පුරුදු උනෙත්, අවුරුදු 4ක් විතරම පාවිච්චි කලෙත් Nikon FM10 නෙගටිව් රීල් දාන කැමරා එකක්. කෝස් එකක් කරන්න නම් හිතුනෙ නැත්තෙ වෘත්තීය මට්ටමෙන් කරන්න අදහසක් නැති නිසා. අත්දැකීමුයි, පලපුරුද්දයි තිබුනට මම මහලොකු දැනුමක් තියෙන "ඡායාරූප ශිල්පියෙක්" නම් නෙවෙයි. ඉඳලා හිටලා යාළුවෙකුගෙ වෙඩිමක ෆොටෝ ගහන එකෙක් විතරයි.

      Delete
  14. ""සොදුරු දසුන් ඇස තවරා ඇස සනසාගනිල්ලා""

    කැමරා කාරයෙක් එක්ක මටත් තියනවා ගනු දෙනුවක් .......... මම කිවේ කුරුණෑගල පැත්තේ ආවම බලා ගමු කියලා ....හැ ක් ක්

    ReplyDelete
    Replies
    1. මටත් තියනවා..උඔ පැත්තකට වෙයන් මම බලා ගන්නම්

      Delete
    2. සින්දු,
      මං නම් ඔන්න කුරුණෑගල පැත්තෙ එහෙම නෙවෙයි ඈ....

      මෙන්ඩා,
      කවුද බං ඕකා... කියහං එකතු වෙලා වැඩක් දෙමු..

      Delete
  15. කෝ අර අනිත් කැමරා හොම්බා

    ReplyDelete
    Replies
    1. ඔය උඩින් ඇවිල්ලා ඉන්නෙ බං.

      Delete
    2. අඩෝ මෙල් වන්ඩා... කවුද ‍ඩෝ කැමරා හොම්බා?

      Delete
    3. කවුද බං ඕකට කැමරා හොම්බා කියලා නම දැම්මේ. මොනා වුනත් ගැලපෙන නම.

      Delete
    4. උඹලාම ඇරගනිල්ලා.... ආයෙ මං මොකටද මැද්දට පැනලා කුණුකතා අහගන්නෙ...

      Delete
    5. දිලා
      අම්මෝ...මේ අයියගේ සැර..විහිලවක්වත් තේරෙන්නෙ නෑ සාන්ත අන්තෝනි උන්නාසේ වගේ.

      ඉවානයා
      කවුද අර මල්වධාවියා මිසක්.

      කැමා
      උඔ එක්ක ගේම පස්සෙ ඉල්ලන්නම්

      Delete
    6. අපි දෙන්නා ඉතින් හොඳ යාළුවොනෙ බං... නැද්ද මං අහන්නෙ...
      (හැංගිලා ඉඳලා ගලකින් හරි ගහන්න ඕනෙ)

      Delete
    7. කැමරා හොම්බා සහ කැමරා බෙල්ලා

      Delete
    8. බ්ලොග් ඔටුවා.....

      Delete
    9. @ඉවාන් - උඹ බබා. මෙන්ඩා මට ඔය කුප්ප නම දැම්මෙ අර වල් පූසා බං. අනේ අපේ මදාවි‍යා ඕවට පළි නැතෝ..

      Delete
    10. උඹට තමා මම කඹේ කොන දෙන්නෙ දිලෝ.

      Delete
  16. වෘත්තිකයෙක් හැටියට හැම වෘත්තියකම නියැලෙන ඕනෑම පුද්ගලයෙකුට අවේනික වූ වටිනාකමක් තියෙනවා. ඒක වෙන කෙනකුට අවතක්සේරු කරන්නවත් අධි තක්සේරු කරන්නවත් බෑ.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම ඉවාන් ඒක තමයි වෙන්න ඕනෙ. ඒ වගේම වෘත්තිකයාත් දැන ගන්න ඕනෙ ගෞරවේ රැකගන්න. නැත්නම් ඒකෙන් හානි වෙන්නෙ ඒ වෘත්තිකයන් හැමෝටම.

      Delete
  17. අන්න උඔට සෙදෝනාගේ පුස්ලෝඩංම ගන්න ඩ්‍රැකියා එන්න කිව්වා

    ReplyDelete
    Replies
    1. උඹට හුලං... මධාවියාගෙන් ඉල්ලගං බිබික්කමෙන් ටිකක්...

      Delete
  18. උඹට මේ හදිස්සියෙ මෙහෙම එකක් දාන්න හිතුනේ කවුරුහරි කිව්වද උඹලා වැදගත් නෑ කියලා?

    මගෙ තාත්තත් මුලදිම වෘතීය ඡායාරූප ශිල්පියෙක් වෙලා ඉඳලා තියෙනවා, කඩුවෙල ස්‍ටුඩියෝ එකකුත් කරපු.

    ReplyDelete
    Replies
    1. මට නම් ඕක ඒ හැටි ගානක් නෑ ඩූඩ් රස්සවකට ඕක කරන්නෙ නැති නිසා. ඒත් කාලයක් තිස්සෙ වැඩි හරියක් කැමරාව නැතුව පිට ඉඳන් ඕක දිහා බලාගෙන මිනිස්සුත් එක්ක කතා කරද්දි අහපු දැනුනු දේවල් නිසා ලියන්න හිතුනේ.

      කඩුවෙල?

      Delete
  19. ඹුලනැටුවගම සෙදෝනාගේ කඩේ නිෂ්පාදිත, පෝෂ්‍ය ගුණයෙන් අනූන පුස්ලෝඩං ...කාලා තියනවද?

    යන්ඩ..ඉක්මනට යන්න..“ඩ්‍රැකියාගේ අඩවියට“..
    ඉවර වුනා කියලා අපිට දොස් කියන්න එපා..
    දැනටමත් කැමර කටයි, දෙමල ණ යන්නයි බිබික්කමකට මරා ගන්නවා.

    ReplyDelete
    Replies
    1. ඒක හොඳයි. අර විචා අංකල් එතනට පනින්නන ඉස්සෙල්ල වැඩේ ඉවරකරන්න ඕන. විචා එන්නෙ බර අවි පාවිච්චි කරගෙනනෙ.

      Delete
    2. මෙන්ඩා,
      පල යන්න. බිබික්කම දෙන්නෙ අපිට නෙවෙයි. උඹ තමයි බිබික්කම කන්න නැතුව දුක වාවාගන්න බැරුව නටන්නෙ. :D

      ප්‍රසා,
      අම්මෝ... ඔන්න අපි නෑ...

      Delete
  20. කව්ද අනේ කිව්වේ වටින්නේ නෑ කියලා... සංසාරෙදි හිනා වෙන්නේ නැති උන්.. හිනාවෙන්නේ උඹලා ඉස්සරහා විතරයිනේ... ඒකම මදෑ....

    ReplyDelete
    Replies
    1. ඒ විතරක්යෑ මොන කෙරුම්කාරයෙක් උනත් අපි කියන විදිහට ඉන්නවනෙ... ආයෙ හෙලවෙන්න එපා කියපු ගමන් ඇහිපිල්ලමක් ගහන්නෙ නෑ...

      කාලයක් තිස්සෙ මිනිස්සු එක්ක කතාකරද්දි දැනුනු දේවල් තමයි මාතෙ.

      Delete
    2. අනික මාතෙ, කවදාවත් නොතිබුණු උපන් ලප?

      Delete
    3. ඒවත් පේනවද මධාවියෝ...?
      දස්කොන්ට වෙච්චි වැඩේ උනොත් තමා කෙලිය...

      Delete
  21. එන්ඩෛා්....ඇවිද්ද පයේ සුදික අයියා සොයි එලු පැටියෙකුයි ඌරැ පැටියෙකුයි ගෙනල්ලා... ගිහින් බලලා ඇවිත් කියන්න ඌරැ පැටියා “කැමරාවෙන් එහා ලෝකය“ ලියන කැමා වගේ නේද කියලා..හරියට කිව්වොත් “ඩ්‍රැකිගේ අඩවියෙන්“ කිඹුලනැටුවගම සෙදෝනාගේ කඩේ නිෂ්පාදිත, පෝෂ්‍ය ගුණයෙන් අනූන පුස්ලෝඩං එක බැගින් යථා කාලයේදී හිමි වනු ඇත.

    ReplyDelete
    Replies
    1. උඹට බිබික්කම නැතුව සෑහෙන්න දුකයි වගේ නේ...? පව් අප්පා මෙන්ඩා....

      මේ වැඩේ නම් සෑහෙන්න වටිනවා මෙන්ඩයියේ... මාත් මේක දැකපු ගමන් කතාව බලන්න ගියා....

      Delete
    2. චායාරූප ශිල්පීන් බොහොම වැදගත් කාර්යභාරයක් ඉටුකරන පිරිසක් උනාට බහුතරයක් ෆොටෝ කාරයින්ට (ගමේ වචනෙන් ) "ශිපියා " කියල හඳුන්වන්න බැරි තරම්. ටිකක් ලොකු මුදලක් වියදම් කරලා කැමරාවක් අරගෙන පින්තූර අරන් වෙඩින් එකක් දෙකක් කරලා ඇල්බම් දෙක තුනක් හැදුවාම එයා නිකම්ම චායාරූප ශිල්පියෙක් වෙලා. එත් මෙලෝ හත් ඉලව්වක් චායාරූපකරණය ගැන දන්නේ නැහැ.

      ඉස්සර චායාරූප ශිල්පීන් පින්තුර ගනිද්දී තිබ්බේ රීල් දාන කැමරා නිසා එයාල පින්තූරයක් ගනිද්දී හැම දෙයක් ගැනම හොඳට සැලකිලිමත් වෙලා ශිල්පය ගැන ප්‍රගුණ කරපු දැනුම සහ පළපුරුද්ද උපයෝගී කරගෙන ගන්න පින්තුරේ එක ෂොට් එකෙන් ගත්ත. වරදින සහ වැඩිපුර ගන්න හැම පින්තූරයක් සඳහාම එයාලට යම් මුදලක් වය උනා..එයාල ගතපු පින්තූර වලින් 90% කට වඩා ප්‍රමාණයක් භාවිතා කළහැකි මට්ටමේ චායාරූප උනා..කොටින්ම සම්පත් අවභාවිතයක් තිබුනෙම නැහැ.

      එත් වර්තමානයේ තියන තාක්ෂනය එක්ක SD කාර්ඩ් එකේ ප්‍රමාණයට ඕනා තරම් පින්තූර ගන්න පුළුවන් නිසා බහුතරයක් චායාරූප ශිල්පීන් කියාගන්න පුද්ගලයින්ගේ එලියට එන හොඳ යයි කියන්නට පුළුවන් චායාරූප වලින් බොහොමයක් අහඹු ලෙස හොඳ වෙච්ච පින්තූර.. තාක්ෂණයට පින්සිද්දවෙන්න වරදින සහ වැඩකට නැති පින්තූර වලට ආවස්ථික පිරිවැයක් නැති නිසා පින්තූර දෙතුන්දාහක් කිසිම ප්‍රශ්නයක් නැතුව ඔහේ ගහල දාන්න පුරුදු වෙලා. ඒ ගහන පින්තූර වලින් 10% ක් වත් භාවිතයට ගන්න පුළුවන් තත්වයේ එව්වා නෙවෙයි. පින්තූර දෙතුන්දාහක් අතරින් අහම්බෙන් හොඳට වැදිච්ච පින්තූර පනහක් හැටක් තෝරලා දවස් දෙක තුනක් ෆොටෝෂොප් එක්ක ඔට්ටු වෙලා තමුන්ගේ ගනුදෙනුකාරයාගේ අවශ්‍යතාවය ඉෂාටකරලා දුන්නට සත්‍ය වශයෙන්ම එතන ශිපීය හැකියාවක් තියෙනවද කියල සිතියයුතු නැද්ද? මගේ අදහස නව තාක්ෂණයත් එක්ක චායාරූපකරණය මොට්ට වෙලා කියලයි.. තාක්ෂනය පිහිටෙන් වැඩේ ගොඩදාගන්න පුළුවන් නිසා ශිල්පීය ඥානය ඔපදාන්න ,හැකියාව දියුනුකරගන චායාරූප කරණයේ යෙදෙන්න අලුත් පිරිස නැඹුරුවක් නැහැ වගේ නේද..

      සිද්දි දෙකක් මතක් වෙනවා මේකට අදාලව..

      ලංකාවේ ඉද්දි මම වීඩියෝ වැඩ ටිකක් කරා.. 2008 අවුරුද්දේ මම වෙඩින් වීඩියෝ එකක් කරා වෙඩින් එකක. එතන පින්තූර ගන්න ඇවිත් තිබ්බ චායාරූප ශිල්පියා කපල් එකේ ගතපු ෂොට් අනුව මම වීඩියෝ කරන ගමන් පිට ඉඳන් බලන් ඉඳල හිතුව මේ යෝදයා මේ ගහන ෂොට් වලින් කොහොම ඇල්බම් එකක් හදන්නද කියල. මම හිතුව වගේම අද වෙනකම් ඒ ඇල්බම් එක දීල නැහැ ඒ මනුස්සයින්ට. එදා කපල් එක එක අද වෙද්දී දරුවනුත් හදල දැන් ඒ දරුවා ඉස්කෝලේ යන්නත් ලඟයි මගේ හිතේ. ඒත් අදටත් ඇල්බම් එක නැහැලු .

      ඊයේ පෙරේද මෙහේ මේරියන්ස් සංගීත කණ්ඩායම ඇවිත් ප්‍රසංගයක් කරා. ප්‍රසංගය ආවරණය කරපු චායාරූප ශිල්පියා මට දැනුන විදිහට පිංතූර හාරපන්දාහක් ගත්ත. එකම සින්දුව කියද්දී පින්තූර පනහක් හැටක් ගත්තේ හරියට පින්තූරෙට සින්දුව රෙකොර්ඩ් වෙනවා වගේ. සති කිහිපයකට පස්සේ පින්තූර සීයක් විතර වෙබ් එකක දාල තිබ්බ.

      old school method එක නොහොත් පරණ ක්‍රමය හදාරන්නේ නැතුව ඩිජිටල්කරණය වෙච්ච චායාරූප තාක්ෂණයෙන් වැඩේ ගොඩදාගන්න උත්සහ කරන මේ පිරිස චායාරූප කලාව ගෙනියන්නේ වලපල්ලට නෙවෙයිද?

      හිත් රිදවාගන්න එපා. කව්රුවත් ඒම් කරලා ලිව්වා නෙවෙයි. මේ ලිව්වේ මට දැනෙන විදිහට චායාරූප ශිල්පියා අද මොටවෙමින් පවතින විදිහ ගැන.

      Delete
    3. සම්පූර්ණ ඇත්ත අම්බලන්ගොඩ. මේ කතාවට මම 100 % එකඟයි. වෙනම පෝස්ට් එකකින් ලියන්න ඉන්න කාරණාවක්. මං පුරුදු උනෙත් රීල් දාන කැමරා එකකින්. ඒ කාලෙ DSLR එකක් කියන්නෙ හීනයක්. වෙඩින් එකේ දවස් දෙකටම 36 රීල් 10යි. ෂොට් එකක් ගත්තොත් ගත්තම තමා. ආයෙ බැලිලි මැකිලි නෑ. ගෲප් ෆොටෝ එකක් උනත් එච්චරයි. ඉස්සර ඡායාරූප ශිල්පියාගෙ දක්ෂතාව. ඒකට දැන් තාක්ෂණයේ දක්ෂතාව. මං නම් තාමත් බයයි ෂොට් එකක් වේස්ට් කරන්න. ඒ අර පරණ පුරුද්ද.

      මං කලිනුත් කිවුවා වගේ මේ කලාව නැති කරන්නෙ ඇතුලෙ ඉන්න අයම තමා.

      Delete
  22. මම බොට කලිනුත් කිව්වා.. හැලප අයියටත් කිව්වද මංදා.. බොලා දකින විදිහට වෙඩිමක් කෙරෙන්න ඕනෙ ක්‍රමේ මක්කෙයි?පිලිවෙල වගේ එව්වා.. කැමරමන් ලගෙ අගේ හොඳටම පෙනෙන්නෙ ඇල්බම් ගන්නකොට.. පුදුම අගයක් නෙව..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. වෙඩිමක් කෙරෙන්න ඕනෙ කොරමෙ නම් කියන්න බෑ මචෝ... මොකො වෙඩිමකින් දිවි රැකගන්න උන් කීයක් ඉන්නවද. මං හිමිහිට කියන්නම් වෙඩිමක ෆොටෝ ගහන්න හොඳ විදිහ නම්.
      ඊට වඩා අගේ පෙන්නන තැන් ගැනත් කියන්නම්කෝ...

      Delete
  23. කැමා මධුවයි අහසෙන් එන්නයි දෙන්නා අද දවසටම නැනේ බං.හෙට උදේම එයි කබ පෙරාගෙන හුබහෙන් ඇදලගත්ත කබරයො දෙන්න වගේ.

    ReplyDelete
    Replies
    1. කසුනා නම් ඔන්න ඇවිත් ඉන්නවා පහලින්. ඉඳලා ඉඳලා උදේම ආවම තමයි උගෙත් සද්දේ. මදාවියාට මොකෑ දන්නෑ වෙලා තියෙන්නෙ. ජොකියා වයසයිනෙ බං.... :D මැන්ඩලින් ගහනවද කොහෙද..

      Delete
    2. මනෝ,
      තොපිට කොහෙද හුඹහකට දාන්නවත් කබරයි. ඔන්න හූනොනං ඇති. වරෙං කසුනො. මේක නිකං රෙස්ලිං වගේ. ප්‍රතිවාදියො පිල් බෙදිලා නෑ. ඔහේ කෙළගන්නවා.

      කැමා,
      රේස් එක දුවලා වින් කරලාත් ඉවරයි බං. දැන් මැන්ඩලින් ගහගෙන ඉන්න තමා තියෙන්නෙ ආතල් එකේ.

      Delete
    3. මදාවි
      මම උඹෙ එකේ හෙටම දාන්නමි වැඩි විස්තරේ.
      කැමාට මෙකේම දානවා.උගේ ගෙදරනේ මෙක.මුහුනට මුහුන එන්න එපාය නිර්භිත වුනාම.

      Delete
    4. මනො,
      මේ දවස් ටිකේම පාන්දරම ගිහින් නිදහස් වෙන්න ලැබෙන්නෙ රෑ වෙලා බං. ඉතින් මේ පැත්තෙ එන්න ලැබෙන්නෙ ගොඩක් රෑවෙලා. අද තමයි ටිකක් කලින් ආවෙ.

      හරි හරි රෙස්ලිං නම් රෙස්ලිං කරාටෙ නම් එහෙමයි. (දන්න එකෙක් හිටියොත් මම නැතෝ.) හැක්
      වරෙල්ලා එන එකෙක් ගනු කඩුව, එනු සටනට.

      Delete
    5. මධාවියෝ,
      දැන් ඉතින් ඉස්සර වගේ රේස් එක ඉවර උන ගමන් දෙවෙනි වටේ දුවගන්න අමාරුයි නේ...? ලෝක සුබාවෙ බං... ඔහොම තමයි...

      මනෝ,
      දැන් වයසයිනෙ මචෝ... ඒකයි ඔය...

      කසුනා,
      අඩෝ... මං නම් බයයි ඩෝ...

      Delete
  24. හප්පට සිරි යකෝ මං මේකට එනකොට මූ පෝස්ට් එක දාලා එකසියගානට කොමෙන්ට් කරලා.

    හරි හරි ඒකෙන් මේකෙන් වැඩක් නෑ. කැමා උඹ දැම්ම මැරෙන්න කාරි නැතුවා. මගේ වෙඩිමෙ ෆොටෝ ටිකත් ගහලා දීල ම මැරියං.

    “කාපු බිපු වෙලාවට පුංචි විහිලුවක් කෙරැවට...
    කැමරමන්ලා වගේ අය ගනන් ගන්නෙ ඇයිද සුලු දෙය...“
    (සොරකම් කිරීම මෙන්ඩාගෙනි.)

    ReplyDelete
    Replies
    1. කොහෙද බං ගිහින් හිටියෙ?

      නෑ නෑ ඊට කලින් මැරෙන එක හොඳා... :D
      (ඔළුව නැතුව හරි ගහමු මචෝ "සිරිසඟබෝ ස්ටුඩි‍යෝ" වගේ...)

      උඹ ඉවරයි මෙන්ඩා දැක්ක ගමන්. ඔන්න මං නෑ....

      Delete
    2. කැම,
      ඔය මෙන්ඩට මම බය වෙයි කියල හිතුවද යකෝ. මගෙ බල්ලවත් බය නෑ ඔය මෙන්ඩට. දන්නවනෙ?

      ගහමු ගහමු සිරිසඟබෝ වුනත් කමක් නෑ ඉස්ටුඩියෝ එකක්නෙ.

      Delete
    3. උගෙ බල්ලත් බය නෑලු බං.... (මෙන්ඩා නැති ටිකේ සද්දෙ දාගෙන ඉන්න ඕනෙ)

      Delete
  25. උඹ කියපු රැකියා ලැයිස්තුව සෑහෙන දුරට හරි කැමරා ශිල්පියා ක්‍රියාකරන සංකීර්ණ බව අනුව.
    මොනවා වුණත් මමත් කැමති නෑ බං උත්සවයක සියළු අංග කැමරාවට පමණක් මවා පෑම ගැන. ඒ ෆොටෝ පස්සෙ කාලෙක බලනකොට කැමරාවට පෙනී හිටපු ප්‍රධාන නළු නිළියන්ට තමන් කලේ අමු සෝබනයක් කියලා දැනෙන්නැද්ද?
    කැමරාකරුවෙක්ගේ හැකියාව, දක්ෂකම හා ප්‍රයෝජනවත් බව ගැන තර්ක නෑ.

    ReplyDelete
    Replies
    1. ගොඩක් දුරට ඒක වෙන්නෙ කපල් එකේ උවමනාව මත. සමහර කපල් වෙඩින් එක ගන්නෙම ඇල්බම් එක කරන්න. සේරම දේවල් ලෑස්ති කරන්නෙ ෆොටෝ වලට ඕනෙ විදිහට. ඒ වගේ කපල් එකක් මුල් තැන දෙන්නෙ උත්සවේ අනික් වැඩ වලට නෙවෙයි. ඒත් අන්තිමට ඇවිත් ඉන්න අය බනින්නෙ කැමරාමන්ට. කපල් එකත් ශේප් වෙනවා.

      උඹල වගේ උන්ට ඕක තේරුණාට අර ලිස්ට් එකේ ඉන්න ගොඩක් උන්ට ඕක තේරෙන්නෙ නෑ බං...

      Delete
  26. පැයෙන් පැය පුවත්.
    *******************************************

    කැමා හෙවත් යක්ෂ අනාථ මෙ දිනවල ඉතා කල කිරිමෙන් පසුවෙ.තව දුරටත් තමාට සිදුවන නවනිංගිරාවන් ඉවසිය නොහැකිත් බවත් ගම රට අතහැර වනවැදි යොගි වනචරයෙක් (යෝගාවචරයෙක් නොවන බව සලකන්න) ලෙස දිවි ගෙවිමට තමාට සිත් වි ඇති බව ඔහු විසින් අප වෙත දැනුමි දි ඇත.අලුත් පුවත් දිවා ආහාරයෙන් පසු

    ReplyDelete
    Replies
    1. අම්මපා කියහං......

      Delete
    2. අන්තර්ජාල දෝෂයක් නිසා දිවා පුවත් පල කල නොහැකි බව සලකන්න.හෙට දහවල් දිවා පුවත් ඉදිරිපත් කෙරෙනු ඇත.මුලින්ම සිරස්තල

      ගල්,පොල්,බියර්,තල් රා,පොල් රා.කිතුල් රා මිශ්‍රව පානයකර සියදිවි හානි කර ගැනීමට උත්සහ දැරැ කැමා නැමැත්තා රොහල්ගත කර ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

      Delete
    3. කවුද බං කැමා කියන්නෙ? අපි දන්න එකෙක්ද.....?

      Delete
    4. උදේම මදාවියාගේ පැත්තට ගිහින් ආවා.හවස එන්නම්කො මෙ පැත්තට.එතකං මෙකේ ඉන්න අනිත් අවලමුන්ගෙන් පරිස්සමි වෙලා හිටපං.උඹට අතවර කරයි.හරි වනචරයි ඔකුන්.මම විතරයි හොද හැදියාවක් තියෙන එකෙකුට ඉන්නේ.
      (මදාවියා.මෙන්ඩා.කැමරා හොමිබා,ඩ්‍රැකියා,කසුනා,ඉවානා,කමිමලයා ගැන එහෙම නෙවෙයි ඔන්න)

      Delete
    5. උඹ බබා... වරෙන් හරහට දාලා නලවන්න....

      Delete
  27. ඒ කැමා.. මට උඹේ ලෝකේ රෝල්ට ඔබා ගන්න බෑ මොකක් හරි අවුලක්. එකෙන් හැමදාම මිස් වෙනෝ.. දැන් වරුවක් නිවාඩු දාලවත් මේ ටික ඔක්කොම කියවන්න වෙනවා.. ඉස්සෙල්ල මේක කියෝලා ඉන්නොනේ.. සක්.

    ReplyDelete
    Replies
    1. මටත් ඔය මගුලම වෙලා. අළුතෙන් එකක්වත් රෝලට දාන්න බෑ. වෙලාවට අර මාතෙගෙයි, අටංගෙයි සින්ඩි දෙක තියෙනවා.
      මං ඒත් බැලුවා මොකෑ කමියා මේ පැත්තෙ නැත්තෙ කියලා..

      Delete
  28. පොටෝකාරයා කිව්වට ඒ නමේ අපහාසයක් නැහැ. ආමිකාරයා, පොලිස්කාරයා, මාලුකාරයා, නඩුකාරයා, ඔය ඔක්කොම එකයි. එයින් අදහස් කරන්නේ එම කාර්යය කරන්නා/කරවන්නා/නියැලී සිටින්නා කියන එකයි.

    පොටෝකාරයා අවශ්‍යයි. අත්‍යවශ්‍යයි. නමුත් ප්‍රශ්නේ පොටෝකාරයා සහ සේවය ලබාගන්නා පිරිස අතර නිසි අවබෝධය අඩුවීමයි. මේ නිසා පොටෝ කාරයට පුළුවන් මනාල යුවලට කල්තබා කියන්න තමන්ගේ වැඩිහිටියන්ව මේ ගැන දැනුවත් කරන්න කියලා.

    මම හොඳ උදාහරණයක් කියන්නද. යුද්දේ දවස්වල මැරුණු සොල්දාදුවකුගේ අවමගුල කරන්න ගිය අපිට ඒ සොල්දාදුවාගේ පවුලෙන් විරෝධයක් ආවා මළ සිරුරට නිල ඇඳුම් අන්දවන්න එපා, හමුදා තූර්ය වාදන එපා, ගෞරවාචාර වෙඩි තියන්න එපා, බියුගල් වාදනය කරන්න එපා, කියලා. බොහොම අමාරුවෙන් පයක් විතර කතා කරලා ඇත්ත තේරුම් කරලා දුන්නේ.

    ඇත්තටම මනාල යුවලගේ දෙපාර්ශ්වයම පූර්ව දැනුවත් කිරීමකට ලක්කිරීම හරිම වැදගත්.

    ReplyDelete
    Replies
    1. හැමෝම තමන්ට නියමිත රාජකාරිය මොකක්ද කියලා අවබෝධ කර ගන්නවා නම් ඕක වෙන්නෙ නෑ. ඒත් ඉතින් මං තමයි කෙරුමා, වැඩ්ඩා කියල පෙන්නන්න යනවනෙ. ඕක ගැනත් ලියන්නම්කො ඉස්සරහට.

      Delete
  29. මම සැරයක් වෙඩිමකට ගියා ඒකේ ඔක්කොම දේවල් උනේ කැමා ට ඕනේ විදිහට. නිකන් ෆිල්ම් එකක් ඩිරෙක්ට් කරනවා වගේ........ ඇක්ෂන් කියද්දී පටන් ගන්න ඕනේ කට් කියද්දී නවත්තන්න ඕනේ....... හරි ෂොට් එක ආවේ නෑ කියලා මටත් දෙපාරක්ම මනමාලිට හග් කරන්න සිද්ද උනා............

    ReplyDelete
    Replies
    1. ඕක ඇවිල්ලා විලිලැජ්ජා නැති කම බණ්ඩෝ... එක්කො ඌ ෆොටෝ ගහන්න දන්නෙ නෑ. නැත්නම් ඌ තමයි වැඩ්ඩා කියලා ශෝ එක දාන්න හදනවා. ඔහොම උන් හින්දා තමයි අනික් උනුත් බැනුම් අහන්නෙ.

      Delete
  30. මේකෙ මකුලු දැල් කඩන්න ආවෙ. හැක් හැක් හැක් උඹටත් මේ පැත්ත අමතක වෙලාම ගිහින් නොවැ.

    ReplyDelete
    Replies
    1. ඔන්න අදත් මගෙ ගානෙ කොමෙන්ටුවක්. හැක්

      Delete
    2. මට මේක අමතක උනත් උඹලට මේක අමතක වෙන්නෙ නෑ කියලා දන්නවා....

      Delete
  31. http://nelumyaya.com/?p=4284
    එහෙම හිතන්න එපා . අපේ වෙඩින් එකේ පොටෝ ගත්තේ හොඳ ඡායාරූප ශිල්පියෙක්. ඒ මනුස්සය ඒ මදිවට මගේ බිරිඳගේ සාරියත් මැද්ද හෝටලේදි. හරි නැහැ කියල.. ඒ තරම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියී අජිත් අයියා....

      හොඳ මිනිස්සු තාමත් ඉන්න නිසා තමයි මේ ෆීලඩ් එක මේ ව්දිහට ඉතුරු වෙලා තියෙන්නෙ. ඒත් ඒ හොඳ මිනිස්සුන්ගෙ අගේ තේරුම් ගන්න අයත් අඩුයි.

      Delete

 
 
Blogger Templates