Pages

Sunday, September 27, 2015

කාගෙ පරක්කුවද...? (පොටෝකාරයාගෙ පරක්කුවනේ 2)




කලින් පෝස්ට් එකෙන් කිවුවෙ වෙඩින් එක දවසෙ මනමාලිවයි ගෲප් එකයි අන්දවලා උදේ ෆොටෝ ටික ගන්න ලොකේශන් එකට එන්න පරක්කු වෙන එක ගැනනෙ. අද එතන ඉඳන් පටන් ගන්න යුද්ධෙ ගැන කියන්නම්. කැමරාමන් කෙනෙක් ඉක්මනට වයසට යනවා නම් ඒකට ලොකුම හේතුව තමයි ඔය උදේ පැය දෙක තුනේදි විඳින්න වෙන වද වලට කේන්ති ගන්න එක.



අපි බලමු ලොකේශන් එකට පරක්කු වෙලා ආපු කපල් එකක් එක්ක ඉතුරු වෙලාව නාස්ති වෙන හැටි ගැන.


සාමාන්‍යයෙන් අපි කපල් එකට කියනවා උදේ ෆොටෝ ගහන තැනට ගෙදර අයව එක්කගෙන එන්න එපා කියලා. මල් කුමාරයන්ට හරි කුමාරියන්ට හරි ඉන්න පොඩි උන්ගෙ කාට හරි ඇරුනාම වෙන කවුරුවත් එක්ක එන්න එපා කියන එක අවධාරණයෙන් කියන දෙයක්. ඒක හේතුවක් තියෙනවා. ඒ ගැන ඉස්සරහට කියන්නම්.


කපල් එකට උදේ 7 වෙද්දි එන්න කියනවා නම් අපි උදේ 6.30 වෙද්දිවත් ලොකේශන් එකට ගිහින් ඉන්න එක නම් අනිවාර්යයයි. මොකද බැරි වෙලාවත් කපල් එක කලින් ඇවිත් හිටියොත් දවසම බැනුම් අහන්න වෙනවට වඩා කලින්ම යන එක ඇඟට ගුණයි. ටිකක් දුර යන්න තිබුනොත් නම් උදේට තේ එකවත් නැතුව ලොකේශන් එකට යන වෙලාවල් තියෙනවා. එදාට නම් ඉතින් දවල් වෙනකම් වතුරවත් නෑ. තේ එකක් බොන්නත් ආයෙ වෙලාවක් ලැබෙන්නෙ නෑ කියන එක මේ ෆීල්ඩ් එකේ ඉන්න අය දන්නවා ඇති.


ඔන්න ඉතින් අපි ලොකේශන් එකට ගිහින් කෝල් දෙක තුනක් දුන්නාම යන්තම් මනමාලයයි, ගෲප් එකයි 7.00 විතර වෙද්දි එනවා. ඔතන ඉඳන් මනමාලයාගෙ ප්‍රධානම වැඩේ තමයි විනාඩි පහෙන් පහට මනමාලිට කෝල් කර කර එන්නෙ නැද්ද අහන එක. දැන් ටික ටික 7.30 පහු වේගෙන එනකොට අපෙත් පුෂ්ප විකසිත වේගෙන එන්න ගන්නවා උදේ ලැබ් එක අරින්න කලින් මෙමරි චිප් එකත් එක්ක කවුරු හරි තෑන්ක්ස් කාර්ඩ් හදන්න යවන්න බැරි වෙයි කියලා. නිකමට හරි 8.00 පහු වෙලා ලැබ් එකට ගියොත් විඳින්න වෙන කට්ට ගැන මං කලින් පෝස්ට් එකක කියලා තියෙනවා. ඔහොම ගිහින් 8.00 පහු වෙනකොට මනමාලයා මගුල පැත්තක තියලා මනමාලිට සුද්ද සිංහලෙන් දෙක තුනක් කියන වෙලාවලුත් නැතුවාම නෙවෙයි.


කොහොමින් කොහොමින් හරි බැනුමුත් අහගෙන යන්තම් 8.00 විතර වෙද්දි ඔන්න මනමාලියි, ගෲප් එකයි ලොකේශන් එකට ඇවිත් වාහනෙන් බහිනවා විතරයි, අපි අච්චර කට කැඩෙනකම් එක්ක එන්න එපා කියපු මනමාලයාගෙ නෑදෑයෝ ටික මනමාලිව වටකරගෙන හැඩ බලනවා. ඒ අස්සෙ උදේ ඉඳන් පැය ගානක් මනමාලිව අන්දවපු උන් එතනත් බුරුසු වලින් පිහ පිහ මනමාලිගෙ අඩු පාඩු හදන්න ගන්නවා.


හොඳම වැඩේ කියන්නෙ ඒත් මනමාලිට ගාණක් නෑ පරක්කු වෙනවා කියන එක. කොහොම හරි ඔතනින් කට්ටිය ගලවා ගන්න තව පැය බාගයක් විතර යනවා. ඇයි ඉතින් මනමාලි එන්න හදනකොට ආයෙ කවුරු හරි කතා කරනවා. එතනින් ගැලවිලා එනකොට ත එකෙක් කතා කරනවා. අනේ ඉති අපි මොනා කරන්නද හිතෙන් බැන බැන ඉන්නවා මිසක්.


යන්තම් කපල් එකයි ගෲප් එකයි එකතු කරන් ෆොටෝ ගන්න පටන් ගන්නකොට 8.30යි. ගෲප් එකට මල්කුමාරියොයි කුමාරයොයි පොඩි උන් ඉන්න නිසා මුලින්ම ගෲප් ෆොටෝ ටික අරන් ඉන්න තමයි අපි උත්සහා කරන්නෙ. අපි වෙඩින් එකට කලින්ම කියනවා ගොඩක්ම පොඩි අය ගන්න එපා ටිකක් තේරෙන වයසක ඉන්න පොඩි උන් ටිකක් ගන්න කියලා. එහෙම කියලා තියෙද්දිත් මුන් කරන්නෙ අල්ලපු ගෙවල් වල ඉන්න මොන්ටිසෝරි යන්නෙත් නැති පොඩි උනුත් මොකක් හරි ගවුම් කෑල්ලක්(ඒවට ගවුම් කිවුවොත් ගවුම් වලට?) පටලගෙන එක්ක එන එක. ඒ වගේ පොඩි එකෙක් පිලිවෙලට තියන්න බෑ කියන එක යන්තම් හරි මොළයක් තියෙන කෙනෙක් නම් දන්නවා. 


ගොඩක් වෙලාවට ඒ පොඩි උන් කැමරාව දිහා බලන්න කිවුවට ඒකවත් දන්නෙ නෑ. ක්ෂණිකව වෙනස් වෙනවා. එක විදිහකට ඉන්නෙම නෑ. ගොඩක් වෙලාවට අම්මලා ඉන්න දිහාට යන්න හදනවා. එක්කො අඬනවා. ඉස්සරහට හැරෙවුවාම වෙන වෙන දිහාවල් වලට හැරෙනවා වගේ දේවල් ගොඩයි. ඉතින් ඔහොම පොඩි උන් දෙන්නෙක්(වෙලාවකට හතරක්) ඉන්න ගෲප් එකක උන් දෙන්නම කෙලින් කැමරාව දිහා බලාගෙන, ඇස් පියවෙලා නැති, ටිකක් හරි හිනා වෙලා ඉන්න ෆොටෝ එකක් ගන්න මොන තරම් දුකක් විඳින්න ඕනෙද කියලා අමුතුවෙන් කියන්න ඕනෙ වෙන්නෙ නැති වෙයි. 


ඒ එක්කම පොඩි උන් දෙන්නා විතරක් නෙවෙයි ගෲප් එකේ ඉන්න ලොකු උන්ගෙත් ඇස් පියවිලාද බලන්න ඕනෙ. වෙලාවකට දෙවෙනියෝ ටිකත් හරියට ඉන්නෙ නෑ. උන් කපල් එකට වඩා ලැජ්ජයි. ඉතින් මොන තරම් ප්‍රවීණ කැමරා ශිල්පියෙක් උනත් අමාරුවෙ වැටෙන තැන තමයි ඔය. එක ශොට් එකක් තෝරා ගන්න ශොට්ස් ගොඩක් ගන්න නම් වෙනවා. ඒ ටික ගන්න අඩුම තරමෙ තව පැය බාගයක්වත් යනවා. එතකොට වෙලාව 9.00යි. තාම ඔන්න කපල් එකේ එකම ශොට් එකක්වත් අරන් නෑ.


දැන් නම් පෝස්ට් එක දිග වැඩි වේගෙන යන්නේ. ඒ නිසා ඉතුරු යුද්ධේ අනික් පෝස්ට් එකෙන් කියනකම් "පොටෝකාරයාගෙ පරක්කුවනේ" කියලා හිතහදාගෙන ඉන්න වෙයි….

116 comments:

  1. අපොයි ඔය ගෑනු මනුස්සයො ලක ලෑස්ති වෙන්න ගියාම යන වෙලාව නොදන්න එක කැමරාකාරයගෙ වරදක් තමයි. :D

    අදනං ටිකක් දිග මදි වගේ.

    ReplyDelete
    Replies
    1. කඩදාසිය ලිපේ දාල ලිවුව එකක්ද මන්ද. අර ලිංක් දෙක හරියට වැටිලත් නෑ.

      Delete
    2. මුට අස්ස කුලප්පුවද කොහෙදෝ ප්‍රසා අයියෙ

      Delete
    3. ප්‍රසා,
      ඒ ගැන කතා කරලා වැඩක් නෑ. පැය ගානක් අඳිවි ගමනක් යන්න ඕනෙ උනාම.
      ට්‍රේන් එකේ එන ගමන් හදිස්සියෙන් පෝස්ට් එක කෙටුවෙ. ආයෙ බැලුවෙ නෑ. ඔන්න හැදුවා.

      ලබ්බෝ,
      කුලප්පුව...? බොට කියන්නෙ නෑ මං...

      Delete
    4. සුවර් එකටම හෙට උදේ පාන්දරම ඇති මෙව්වා එකක් මෙව්වා කරන්න.

      Delete
    5. ෂුවර් එකටම වෙඩිමක පොටෝ අල්ලන ගමන් ලියලද මන්දා.......

      Delete
    6. මධාවි,
      කුලප්පුව බං කුලප්පුව....

      බණ්ඩා,
      එහෙම ලිවුවා නම් ඔහොමත් ලියන වෙන්නෙ නෑ... හයියෝ....

      Delete
    7. මදන කුලප්පුව තියෙන්නෙ බොටනේ... :D

      Delete
    8. ඇයි ඒ කාලේ තිබුනේ මදන මෝදක කියලා ජාතියකුත්.හලි පැනි සසයිලු.කාපු කොල්ලෝ කීවෙ ඔන්න

      Delete
    9. අලේ... ඇත්තටම පැණි සසයිද මතෝ...?

      Delete
    10. එහෙනමි.කීවට මොකද මලේ.මහ රෑ එලිවෙනකමි නෑවා පැනි සස වැඩි වෙලා.TV එක දාලා වහලේ දිහා බලගෙන හිටියේ.එදත් හරි ආයේ පැත්තවත් බැලුවෙ නැ.

      Delete
    11. ඒ උනාට අර කහ පාට පැකට් එකේ ආපු ආයුර්වේදෙන් හදපු එකනම් එච්චර සැර නෑලු. කඩවල හදන ඒවා සැර වැඩි වෙන්න එක එක ඒවා දාන නිසාලු ඔය අවුල.

      Delete
  2. දිග වැඩි නෑ මචන්... යන්තං තුන්වෙනි ගියර් එකට ගත්තා විතරයි.හතර දාන්නත් කලින් ඉවරයි.. ඇයි බං මනමාලිත් එක්ක උදෙන්ම සෙල්ෆි ගන්න පොරකන සෙට්? ෆෝන් එකෙන් ගන්න ෆොටෝස් අරන් ඉවර වෙලානෙ බොලාට ගන්න එවන්නෙ.. කොහොමෙයි ආතල් එක?? ඒ අස්සෙ 'අයියෙ, හොඳ ෆොටෝ දෙක තුනක් බ්ලූටූත් කරන්නකො එෆ්.බී දාන්න' කියන උන් එහෙම? හෙහ් හෙහ්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අපිනම් මගුල් ගෙවල් වලදි කපල් එක ඉන්න පලාතෙවත් ඉන්නෙ නෑ , බෝතල් එක්ක සෙල්ෆි ගැහුවොත් මිසක්.

      Delete
    2. හැක් හැක්...
      සහතික ඇත්ත කතාව කම්මලේ. බෝතල් තියෙනවනං ජෝඩුව නැති උනත් මක්ක වෙනවද.

      Delete
    3. ලබ්බෝ,
      උදේ මග එන ගමන් පෝස්ට් කලේ. ඔය සෙල්ෆි ගැහිල්ල නම් පුදුම කරුමයක්. උන්ට ඒක මතක් වෙන්නෙත් ඔය වෙලාවටනෙ. තම සුද්දො සෙට් එකකට අහු උනොත් එහෙම ඉඳලා ඉවරයි.

      කම්මලේ,
      අන්තිමට කපල් එක දැකලත් නැද්ද...?

      ප්‍රසා,
      ආයෙ මොකටද ජෝඩුව...? උන් දෙන්නව බයිට් එකට ගන්නයැ.

      Delete
    4. කම්මලේ, ඇයි අපි? අර අන්තිමට දෙන කාඩ් එකත් නැත්තං ජෝඩුව කලුද සුදුද දන්නෙත් නෑ. (කෝකටත් කියලා කලු සුදු එකකුත් දානවා සමහර කැමාලා)

      Delete
    5. ඔය කලු සුදු එක දැක්කාම සමහරු අහනවා "දැනුත් කලු සුදු ෆොටෝ ගහන කැමරා තියෙනවද?" කියලා....

      Delete
    6. හරි පොරවල් කියලා හිතාඉන්න කට්ටිය.

      Delete
    7. ඇයි බං ෆොටෝ ගන්න උගන්නන උන්...?

      Delete
  3. කොල්ලෝ, ඔය විදියට ලින්ක් දාන්න පුලුවන් කමෙන්ට් බොක්ස් එකේ විතරයි මම හිතන්නේ. ඕක හයිලයිට් කරලා ලින්ක් කියන අහවල් එක ඔබලා මතුවෙන බොක්ස් එකේ ලින්ක් එක අලවලා okay කරහං.

    ReplyDelete
    Replies
    1. එහෙම නැතිනං උඹ HTML එකේ අලවන්න ඕනෙ කෝඩ්ස් එක්කම compose එකේ අලවලා.

      Delete
    2. උදේ ට්‍රේන් එකේ එන ගමන් හදිස්සියෙ පෝස්ට් කලේ ඩූඩ්. ආපහු බලන්නවත් බැරි උනා. බලපු ගමන් ඔන්න හැදුවා.

      Delete
  4. කැමාල කොච්චර කට්ට කාගෙන හිටියත් පට්ට මීටරෙන් ඉන්නෙ. අපි සෙට් එක පෝරුවේ වෙලාවට යන්න පරක්කු වෙලා ටයි කෝට් පිටින් බාධක දුවන ෆොටෝවක් අරං තිබ්බ මාර ලස්සනට.
    කැමා , ගෲප් ෆොටෝ එකක් ගැනීමේ බැරෑරුම් කම තේරුනේ මේ පෝස්ට් එකෙන් තමයි. සිරාවට ඇස් වැහෙන එක, පොඩි එවුන් එහා මෙහා වෙන එක ,

    ReplyDelete
    Replies
    1. ඔය වෙඩ්න් වලදි පැත්තකට වෙලා ටෙලියකුත් අටවගෙන මීටරෙන් හිටියොත් සුපිරි ශොට් ටිකක් ගන්න පුළුවන්. ඒ වගේ ඒවා හරි වටිනවා. ගොඩක්ම පොඩි උන් ඉද්දි හරි අමාරුයි හරියට ශොට් එකක් ගන්න. උන් එක විදිහකට ඉන්නෙම නෑනෙ.

      Delete
  5. උඹ මේ පෝස්ට් එක දැම්මෙ, පුපුරපු හුළු අත්තක් අරං ආච්චියෙක් උඹේ පස්සෙ පන්නන ගමං ද බං?

    ReplyDelete
    Replies
    1. ඒ වගේ තමයි ඩ්‍රැකියෝ... හදිස්සියට කොරොස් කටෙත් අත දාන්න බෑ වාගෙ මේකටත් උනේ.

      Delete
    2. කොරොස් කටේ තියා හුළු අත්තෙ දාන්නත් බෑ.

      Delete
    3. ඒකත් බැරිද බං...? අනේ මන්දා....

      Delete
    4. උඹනෙ එක්ස්පර්ට්.

      Delete
    5. හයියෙන් කියන්න එපා බං. වටේ පිටේ ඉන්න උන්ට ඇහෙයි.

      Delete
  6. යක්ස ලින්ක් දැමිල්ලක්නේ. ඔහොම නෙවෙයි, ඔය html code එක text document එකක සේව් කරගන්න. ඊට පස්සේ " " ලකුණු දෙක මැද්දට, අදාළ පෝස්ට් එකේ url එකයි, > < දෙක මැද්දට එතනට ලියන වචන ටිකයි ටයිප් කරලා, ඒ ඔක්කොම code එක මෙතනට copy, paste කරන්න.

    මගුල දවසේ උදේම මනමාලයා මනමාලිට දුරකථනයෙන් සමන්වන මගුලක් හරියයිද ඉතිං. වෙලාවට වැඩකිරීම තමන්ගේ මගුල් ගෙදරදිවත් කරන්න බැරි කෙනෙක් සාමාන්‍ය ජීවිතයේදී, තමන්ගේ රැකියාවේදී මොනවා කරයිද.

    පොඩි එවුන්ගේ අවධානය ගන්න නම් සද්දයක් ඕනේ. ඒකට ක්‍රම කීපයක් තියනවා. මිරිකුවාම කෑගහන පොඩි සෙල්ලම් සත්තු තියනවා. අන්න ඒකක් පාවිච්චි කිරීම එක ක්‍රමයක්. තමන්ගේ කැමරා සහායකයකුට පොඩි වෙස්මූනක් දාල විනාඩියකට දෙකකට ජෝකරයකු කරලා ළමයින්ගේ අවධානය දිනාගැනීම. තව ක්‍රමයක්.

    දෙවැනි මනමාලයෝ දෙවැනි මනමාලිලාට කෙල හලමින් ඉන්න නිසා අවධානය අඩුයි. උන්ගේ අවධානය ගන්න නම් අර පොඩි එවුන්ට නොතේරෙන එහෙත් දෙවැනි මනමාලිලා බඩවෙන තරමේ කියමන් කීපයක් කියන්න වෙනවා.

    අද්දුටුවයි සත්තයි.

    ReplyDelete
    Replies
    1. //මිරිකුවාම කෑගහන පොඩි සෙල්ලම් සත්තු තියනවා.//
      ඒ කෑ ගහන ඒව පොඩි උංට අහගෙන ඉන්න සුදුසුද විචා.

      Delete
    2. විචාරක,
      ඔන්න ලින්ක් දෙක හැදුවා. මට උදේ හදිස්සියට ඕක ගානක් ගියෙ නෑ. ට්‍රේන් එකේ එන ටිකට ටයිප් කරලා දැම්මෙ. ඒකයි අවුල් ගියෙ. ආයෙ බැලුවෙත් නෑනෙ. මේවා හොඳ පාඩම්.

      පොඩි උන් ටික නම් කොහොම හරි තියාගන්න පුළුවන් කියමුකො. උන්ගෙ අම්මලානෙ බේරන්න බැරි. උන් කැමරාව පිටිපස්සට වෙලා සෙල්ලම් දානකොට අරුන් ඉන්නෙ නෑ එක විදිහකට.

      දෙවෙනියො ටිකට නම් කනට කරලා හොඳවයින් දෙකක් කිවුවාම ගානට ඉන්න නිසා හොඳයි. උන් කෙල හලන්න යන නිසා තමා ඕක වෙන්නෙ.

      ප්‍රසා,
      එහෙමත් ඒවා තියෙනවද අප්පා...?

      Delete
    3. @ ප්‍රසන්න
      අද කාලේ එහෙම කෑගහන එවුන් ඉන්නවානම් මාර ඩිමාන්ඩ්. කරුමෙට මේ සෙල්ලම් සත්තු බීක් බීක් ගානවා විතරයි.

      Delete
    4. එහෙම එවුවත් හදයි මේ යන විදිහට නම්... සෙල්ලම් පූසෙක්වත්....

      Delete
  7. අම්මපා මේක කියෙව්වා ම හිතෙනවා හොද වෙලාවට වෙඩින් පොටෝ ගහන ජොබක් හොයා නොගත්තේ කියලා.........

    ReplyDelete
    Replies
    1. ඒකනෙ මාත් මේ වෙන ජොබක් කරන ගමන් ඉන්න බැරුව මෙරෙන්න හිතුනාම ෆොටෝ ගහන්නෙ.... ඕක කරන එකා තමයි කට්ට දන්නෙ කුරුටු. පිට ඉඳන් බලකොට පේන්නෙ නම් හරි ලේසි වැඩක් කියලා.

      Delete
    2. මමනම් හිතන්නේ මුගේ බොරු... ඕක ඔච්චර අමාරු නැතිව ඇති.... අපි ෆීල්ඩ් එකට බහීවි කියලා බයේද කොහෙද

      Delete
    3. හ්ම්.... හ්ම්.... නැත්නම් බොල මටනෙ බඩේ පාර වදින්නේ....

      Delete
  8. උඹේ කුලප්පුවට පිට ෆොටෝ ගහන්න බෑ යකෝ, අපිනේ සල්ලි දෙන්නේ උඹ අපි කියන විදිහට ෆොටෝ ගහපන් , නැත්තං ගහනවා මේ දිග හොම්බ පොලේ .අනික කොෆොම හරි වෙලාවට තැන්කිව් කාඩ් ටක තිබ්බේ නැත්තං උල තියනවා දැනගන්

    ReplyDelete
    Replies
    1. හා...හා කලබොල නොවී හිටහං, උඹට ෆොටෝ ගන්න ඒව ගැන හිතන්න කලින් අඩුපාඩු කීයක් තියනවද හදාගන්න.

      Delete
    2. ඉවාන්,
      අනේ වඳින්නම් වෙන එකෙකුට දියන් ෆොටෝ ටික ගන්න. මට නම් බෑ උඹෙන් ගුටි කන්න. ඇයි යකෝ මෙහෙමත් බැනුම් අහන්න පුළුවන්ද.

      කම්මලේ,
      අඩු පාඩු හදාගන කිවුවෙ බටනලාවෙ හිල් වහගන්න එහෙම වෙන්ටෑ...

      Delete
    3. යශ්, ඉවානයාගේ අර්ශස් අමාරුවට මේ දවස්වල ඉඟුරු සුදුලූනු අඹරලා අමුඩයක් ගහලා තියෙන්නේ. ඔව්වා ගණන් ගන්න එපා.

      Delete
    4. ඉවාන් ඔය කියන්නේ මනමාලි කියපුවානෙ.
      උඹේ කුලප්පුවට ඕක කොරන්න බෑ යකෝ, මමනේ බොක්ස් එක දෙන්නේ උඹ මම කියන විදිහට .... ගහපන් , නැත්තං ගහනවා මේ දිග .... පොලේ .අනික කොෆොම හරි වෙලාවට රෙද්දෙ පැල්ලම තිබ්බේ නැත්තං උල තියනවා දැනගන්

      Delete
    5. විචාරක,
      ඕකට නිකම්ම අමුඩෙ ගහලා විතරක් මදි. හොඳ කටු තියෙන කොහිල අලේකුත් බස්සලා තමයි අමුඩෙ ගහන්න වෙනෙ.

      මධාවි,
      මොනා නැතත් ඕක නම් වෙන්න ඇති...

      Delete
    6. ඉවානයමයි කිව්වෙ.

      Delete
    7. ඉවානයෝ... මේවට උත්තර දීපන් යකෝ....

      Delete
    8. නෙද්දකින් වලත්ත හැත්ත, මං වගේ අහිංසකකුට කියන අලුගුත්තේරු කතා , අඩෝ කම්මලයා මොනවද බෝල අඩුපාඩු...
      මධුවා දන්නා ඉට්ට .
      විචා මාමේ අයි මාමේ ඔයා මට මෙහෙම කියන්නේ ඉහි ඉහි

      Delete
    9. ///මොනවද බෝල අඩුපාඩු... ///
      බෝල අඩුයිද බං..? හයියෝ සල්ලි....

      Delete
    10. ..//උල තියනවා දැනගන්//..

      ගැස්සි ගැස්සි බහින්න උල මොටිට කරලා තියමු ඉවානයෝ,

      Delete
    11. ඇයි උගෙ උල් වෙලාද තියෙන්නෙ බං... අනේ දෙයියනේ...

      Delete
  9. මගේ වෙඩිමටත් කැමා අයියට දෙනවා ෆොටෝ ගහන්න. හැබැයි ඕං සිරිසඟබෝ නාටකේ හෙම පෙන්නන්න බැ හොදද

    ReplyDelete
    Replies
    1. ඒවා කියන්න බෑ... ආයෙ එකෙන්ම සිරිසඟබෝ නාටකේ පරාදයි....
      මාත් එක්ක තරක් එහෙම තියෙනවද මටම ෆොටෝ ගහන්න දෙන්නේ...?

      Delete
  10. ඔන්න අපි ආවා.අදත් නඩෙ ටිකක් අඩුයි වගේ නේද බං.කැමරා හොමිබා ඇත්තෙම නැ දවස් ගානක්.

    වෙඩින් ඇල්බමි එකක් අරගෙන බැලුවම ඒක ලස්සනට හදලා තියනවා.ඒ වෙනුවෙන් කැමරාශිල්පියා ඔය තරමට මහන්සි වෙනවා ඇති කියලා නිකමටවත් හිතෙන්නේ නැ.උඹෙ පෝස්ටි එකෙන් තමයි ඒ විස්තර දැනගත්තේ.

    ReplyDelete
    Replies
    1. මේ දවස් වල බ්ලොග් ලෝකෙ වාරකන් කාලෙ වගේ. කිසි කික් එකක් නෑ...

      ඇල්බම් එකක් හදන්න සෑහෙන මහන්සියක් වෙන්න වෙනවා මනෝ. ඒක ගොඩක් අයට පේන්නෙ නෑ. කැමරාවෙන් ෆොටෝ එකක් ගන්න එක මහලොකු දෙයක්ද කියලා මූණටම අහන මිනිස්සුත් ඉන්නවා. එහෙම අය මුණගැහිලත් තියෙනවා. මේ ෆීල්ඩ් එකේ ඉන්න අය මේ ගැන කතා කරන්නෙත් නෑ.

      Delete
    2. මෙණ්ඩා නෑ නෙ බං

      Delete
    3. මෙණ්ඩා මොකක් හරි අවුලක ඉන්නෙ. නැත්නම් ඔහොම ඉන්න එකෙක් නම් නෙවෙයි. මධුවත් මේ දවස් වල වැඩිය සද්ද නෑ. කසුට්ටට වෙච්චි දෙයක් නෑ. දිලා, මාතා ඔක්කොම සයිලන්ස්. අනේ මන්දා මොනා වෙන්න යනවද කියලා.

      Delete
    4. මදුවගේ බිලොග් එකෙත් පිරිස අඩුයි.යකෝ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්වත්ද ?

      Delete
    5. ඇයි ඇයි... මොකෝ කස්ටිය වටවෙලා? මොකුත් ප්‍රශ්නයක්ද?
      හවුස් රිලෝකේෂන් එකට පස්සෙ ඔෆිස් රිලෝකේෂන් එකක් බොලව්. ඒකයි පොඩ්ඩක් පමා වුණේ. මම මේ දාගෙන දාගෙන පහලට යනගමන්. නැද්ද කොත්තමල්ලි ටිකක් එහෙම?
      හැබෑටම මෙන්ඩ කෝ? අර කාරියාල සගයව මරල හිරෙද් දන්නෑ.

      Delete
    6. මනෝ,
      විමලෙටවත් කියලා බලමුද...?

      මධාවි,
      ඇත්තට මෙන්ඩා ඌට ගේම දුන්නද දන්නෑ. ඒ පාර උඹව ගෙදරින් දොට්ට දැම්මා වගේ රස්සාවෙනුත් දොට්ට දැම්මද..?

      Delete
    7. ඔය තොට වෙන වැඩ හැමෝටම වෙන්නෑ ඩෝ.
      ඔෆීසියට ප්‍රොමෝෂන් එකක් මචෝ.

      Delete
    8. අර දිව උලුක්වෙන වචනෙ කිවුවා ඕං.... එහෙනම් පාටියක් ඕනෙ ඈ.... තව ඉහලට යන්න ලැබේවා....
      මනෝට මොනාද වෙලා තියෙන්නෙ බං. එක එක වෙලාවට මූණ මාරු වෙනවා...

      Delete
    9. පොඩි ටැස්ටින් පාරක් දාලා බැලුවා.ආය පරන එකටම ගියා.

      Delete
    10. මොනා උනත් අන්තිමට පරණ එකම තමා ඕනෙ වෙන්නෙ බං...

      Delete
    11. මදුවෝ පාටිය මතකයිනෙ. මේ කැමරා හොටාගෙ පාටියනම් එලට ගියානෙ.

      කැමා,
      කැමරා හොටා කියන්න කිව්වෙ ඉවානයා. මම නෙවෙයිහොඳේ මචෝ.

      Delete
    12. ඔය ලව් පූසා තම එක එක වෙලාවට නම් මාරු කරලා කියන්නෙ. අහුවෙයන්කො උඹත්....

      Delete
    13. චැහැ..මෙතන දාන්න ඔනේ කමෙන්ට් එක පහල දාලා කමක් නෑ කැමා උත්තර දිලා..

      Delete
  11. හිහික්. මාත් ඔය වෙන සීන එක නං දැකල තියෙනව. වෙලාවකට හිතෙනව කැමරමන් ල පව් කියල
    දැං නං ඒම හිතෙන්නම නෑ.. හැක්... මූ හින්දමද කොහෙද..
    ඒ පොඩි එව්වො මක්ක දන්නවටද බං. වැඩිහිටියන්ට ඉස්සල්ල මොට්ටසෝරිය තියෙන්නෙ කොහෙද පෙන්නන් ඕන

    ReplyDelete
    Replies
    1. පොඩි උන්ට මොකක් හරි ගවුම් කෑල්ලක් පටලලා ඔතෙන්ට තල්ලු කරන්නෙ අම්මලාගෙ ශෝ එක පෙන්නන්න මිසක් වෙන දේකට නෙවෙයි. ඒකෙන් ඒ පොඩි උන් වගේම අනික් අය විඳින වදේ ගැන හිතන්නෙ නෑ. අන්තිමට පොඩි එකා හරියට තියලා නෑ කියලත් බනිනවා.

      කැමරාමන්ලා පව්. මං පව් නෑ... අනේ මුන් වගේ යාළුවො නම්... :D

      Delete
  12. උන්ට දොස් කියල වැඩක් නෑ කැමෝ. මේක උඹෙම පරක්කුව තමයි. ආයෙ කියන්න දෙයක් නෑ මේක උඹෙම පරක්කුව.

    ReplyDelete
    Replies
    1. කසුනා උඹ මොකද මෙචිචර දවසක් පරක්කු වුනේ.

      Delete
    2. කසුන්,
      ඔව් බං. මං මේවා කියන්න පරක්කු උනා...
      (අහුවෙයන්කො උඹ)

      මනෝ,
      ඕකා කොහෙ හරි තූත්තුකුඩියක රිංගන්න ඇති.

      Delete
    3. මනෝ,
      ඔලුව උස්සන්න බැරි වෙන තරමට වැඩ බං. ඒකයි බ්ලොග් පැත්තේ එන්න බැරි වුනේ.

      කැමා,
      ඔව් මම මේ දැන් ගිහින් ආවෙ.
      (තූතුකුඩිය, අනේ මොකටද මගෙ කට.)

      Delete
    4. මං කිවුවෙ උඹ එහෙ යන්න ඇති කියලා. මොකටෙයි බං එහෙ ගියෙ...?

      Delete
    5. අර උඹ හුලුඅතු පත්තු කරපු ආච්චිල ගොඩක් එහෙ ඉන්නවනෙ උන්දැලව බලලා එන්න ගියා.

      Delete
    6. කසුනා,
      වැඩ වැඩි වුණාම මගෙත් ඉතිං ඔළුව ඉස්සෙන්නනං පොඩ්ඩක් පරක්කුයි තමා බං. උඹටත් එහෙමද?

      Delete
    7. කසුන්,
      අම්මෝ... උන්දලා ටිකට කිවුවෙ නෑ නේද මාව අඳුනනවා කියලා? කිවුවා නම් උඹ ඉවරයි.

      මධාවි,
      ඔහොම තමයි බං වයසට යනකොට. ඉස්සර සෙල්ලන් දාන්න බෑ.....

      Delete
    8. ඊට ව්‍යතිරේඛයක් වශයෙන් උඹ ඉඳියි සෙල්ලං දදා හැමදාම.

      Delete
    9. හැට පැන්නත් වඳුරා කවද්ද බං බිමින් ගියේ... උඹත් ඒ වගේ තමා...

      Delete
    10. නාකි විසේ ගෙටත් උසේ කියන්නේ නිකමටද ඉතින්.

      Delete
    11. ආයෙත් අහලා.... ළමයි ඉස්කෝලෙ යනකම්ලු බලාගෙන ඉන්නෙ. ඒත් ඉතින් දැන් නම් ඒ සෙල්ලම් හරියන්නෙ නෑ. ලොකු කෙලී දැන් ගෙදරනෙ...

      Delete
    12. මෙන්න කසුනා හිමිහිට ලෙස්සන්න හදන්නෙ.... ඔහෙ හිටු..

      Delete
    13. මාරැ වෙන්න නේද හදන්නේ.දෙන්නමි අද රමිපිට පොරි හැලෙන්න.

      Delete
    14. බොල හාල් මැස්සෝ අහකට පල තා ලවා සමාදාන කරගැනිමට වඩා මේ සටනින් මිය යැම යෙහෙකි

      Delete
    15. තොපි ටික ගහගත්තට කමක් නෑ. මරාගන්න නම් එපා. මට බෑ පොලීසි ගානෙ රස්තියාදු වෙන්න.

      Delete
  13. ඔහොම කරන්න බෑ කැමෝ. දමලගහල වරෙන් එතකොට කියන දේ අහල ඉඳියි. කොහෙද උඹලත් ඔය කෙල්ලෙක් දිහා බලාගෙන බනින්න ලෝබකමට ඇති.

    ReplyDelete
    Replies
    1. බැරිම උනොත් නම් කෙලින්ම කියනවා අපිට මෙහෙම කරන්න බෑ එක්කො ඔයාලම ෆොටෝ ටික ගන්නවද නැත්නම් අපිට කරන්න දෙනවද කියලා. එතකොට නම් ඔන්න කුටු කුටු ගගා පැත්තකට වෙලා ඉන්නවා වද කාරයො ටික.
      කොහොමද බං ඒ වගේ සුදු මූණක් දිහා බලාගෙන බනින්නේ....?

      Delete
    2. නෙද්දකිං විතරක්. ඒක කියපු හැටි. චැහ් මම තොට මගෙ වෙඩිම දෙන්න හිටියේ. හිටුකො මගෙ බල්ලගෙ වෙඩිමවත් නෙවෙයි තොට දෙන්නෙ.

      Delete
    3. හෑ... එහෙම කොරන්න එපා ඉතින්.. අපි යාළුවොනෙ... නේද බං...?
      (වරෙන්කො පොටෝ ගහන්න. ඔළුව නැතුව ගහනවා)

      Delete
    4. අනේ බල්ලගෙ එක දියං මූට. අඩු ගානෙ බැඳලවත් ගහන්න ඇහැකි.

      Delete
    5. උඹත් ආවද ඒ පාර...?

      Delete
    6. මම ආයේ බදින දවසක මගේ වෙඩින් එකේ පොටෝ ගහන්න දෙනවා කැමාට

      Delete
    7. මාත් දෙනවා (ලබන ආත්මෙ). එතකොට මූ නාකියි. හිටුකො පලිය ගන්න.

      Delete
    8. ඕඩර් එක දෙන්න එන්න කලින් කියහල්ලා ගම රට දාලා ගිහින් හැංගෙන්න....

      Delete
    9. මගේ වෙඩිමත් දෙනවා...අනේ මචං සදුගෙන් අවසර අරන් දියන්කෝ 18 කෑල්ලක් බදින්න ආසයි.

      Delete
    10. අඩේ... ඕකට නම් කවුරුත් ආසා ඇති තමා...

      Delete
  14. උඹ මේ පොස්ට් එක ලිවුව වගේ හදිස්සියෙන් නම් පොටෝ ගහන්න යන්න එපා බං..

    ReplyDelete
    Replies
    1. ඒක නම් කොහොම හරි ඉවසිමෙන් කරන්න තමයි ට්‍රයි එක දෙන්නෙ. ඒත් ඉතින් ඒ වෙලාවට ඒ ඉන්න උන් එක්ක නම් ඒ ඉවසීමත් නැති වෙන එකනෙ වෙන්නෙ. පැය දෙක තුනක වැඩේ පැය බාගෙන් කරගන්න ඕනෙ උනාම කොහොමද.

      Delete
  15. දැනට අවුරුදු 2 කට කලින් විතර මාතෙ ලියපු මෙන්න මේ පෝස්ට් එක තමා අද මගේ කොමෙන්ටුව කැමෝ.

    ReplyDelete
    Replies
    1. මාතෙගෙ කතාවක් නම් ආයෙ ඉතින් කියන්න දෙයක් නෑනෙ. මාත් ඕක කියෙවුවා. පට්ට.

      Delete
  16. පොස්ට් එක දිග වැඩියි නෑ.. එක හුස්මෙට කියවගෙන ගියා.. ඉතුරු ටිකත් ඉක්මනට ලියන්න.

    ReplyDelete
    Replies
    1. ලියනවා ලියනවා කන කටු සේරම ලියනවා.....

      Delete
  17. මේ ලිපිය වෙනස්ම විදිහකට කැමරාමන් කෙනෙක් දිහා බලන්න හිතන්න පොලබනවා..
    ඇත්ත මචං සමහරැ කැමරාමන් කෙනෙක් දිහා බලන්නෙ තරහා කාරයෙක් දිහා බලනවා වගේ.

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මෙන්ඩයියේ..... ඕක තරහමත් නෙවෙයි මං දැකලා තියෙන විදිහට ගොඩක් උන්ගෙ ඉරිසියාව. කරන්න ආසා උනත් කරගන්න බැරි කමට ඉරිසියාවෙ පැලෙනවා. නැතුව ඉතින් මොන තරහක්ද.
      අර පරණ වලි ඇදපු මෙන්ඩා ආපහු එන්නෙ නැද්ද? ඌ නැතුව මෙලෝ රහක් නෑ.

      Delete
    2. මාව වටින තැනට මම පන හරි දෙනවා බං..
      මට වලංගු නැත්නම් මගේ අතපය වුනත් කපලා දානවා..
      ඩයලොග් එකේ ලොකු පඩියකත් දාලා ගමන්ට් වලට ආවේ හිතේ සතුට වෙනුවෙන්..මේ ආයතනයට මම ලෙකු බරක් දුන්නා බං නෙකා නොබි දිවා රෑ නැතුව මට මගේ පවුලේ යුතුකම් වගකිම් අතඇරැනා..
      අනිත් එවුන් පිගන් හොදන්නෙත් නෑ වගකිමක් ගන්නෙත් නෑ පුකේ ගූ වුනු වෙලා බයේ ගැහෙනවා..මම ඒ පිගන් ටික හෝදන වගකිම ගත්තාම බිදුන පිගාන ගැන විතරක් කතා කරනවා...පාර අයිනේ තියාගෙන තැබිලි කපනවා මගේ රස්සාවේ ආත්මාබිමානය පාවලා දෙන්නෙ නෑ..
      මම වැරදිද?
      මෙන්න මේකට උත්තරයක් හොයා ගන්න මම මේ දවස් වල ගේම ඉල්ලනවා..බං

      Delete
    3. අපි හොඳට වැඩ කරනකම්, අපෙන් කාටවත් ගේමක් නැත්නම් බොහොමයක් තැන් වල ඉන්න ලොක්කොයි කියන උන් (කලාතුරකින් හොඳ මිනිස්සු ඉන්නවා) කරන්නෙ අපෙ කිරිපල්ල අතගාලා බොරුවට රවටගෙන ඉන්න එක. කියන්නෙ නම් උඹ නැතුව මුකුත් කරන්න බෑ. උඹ තමයි අපෙ සම්පත. උඹ මේක දාලා යන්න එපා අපි ඉන්නවා ඕනෙ දේකට කිය කිය. ඒත් අන්තිමට මොකක් හරි උනු දවසට එකෙක්වත් නෑ. උන්ට වටින්නෙ උන්ගෙ සීට් එක විතරයි. ඒකට කෙලවෙන දේවල් උන් කරන්නෙ නෑ. උන්ගෙ අතින් වෙන දේවලුත් යට ඉන්න උන්ට දාලා කර අරිනවා.
      උඹලා හොඳ වැඩී මෙන්ඩයියෙ. ඒකයි ඕකෙ තියෙන වැරැද්ද. එහෙම උනාම ගෝනි නැතුවම කරේ නගින්න එනවා. අහලා ඇතිනෙ කතාවක් තියෙනවා නයා සිල් අරගෙන හිටියට කමක් නෑ උවමනා වෙලාවට පෙනේ පිප්පුවෙ නැත්නම් දර මිටි ගැට ගහන්න ලනුවට ගන්නවා කියලා. ඕනවට වඩා හොඳ උනාට ඒක හැමෝටම දෙන්න එපා. ඒක සමහර උන්ට විහිලුවක් වෙනවා.
      මොනා උනත් තමන්ගෙම කියලා දෙයක් කරන එක තමයි හොඳ. කාටවත් ඔළුව නවන්නෙ නැතුව ඉන්න පුළුවන් එකම තැන.

      Delete
    4. මෙන්ඩා
      උඹ සෑහෙන ලොකු ප්‍රශ්නෙකින් දැවෙනවා කියන එක අපිට තෙරෙනව මචං.අනික උඹ ඉන්නේ හිත් වෙදනාවෙන්.හිතත් අවුල් වෙලා.
      Yashyantha කියන කතාව ඇත්ත මචං,මටත් ඔය අත්දැකීම තියනවා.මම එකෙන් ගොඩක් පාඩමි ඉගන ගත්තා.මුලින් අනුන්ගේ වැඩකොටසත් කරන්න උදවි කලා.අන්තිමෙට නැති ලෙඩත් එනවා.කොතන ගියත් කැපිල්ලට එකෙක්නමි ඉන්නවමයි.අපේ හිතහොදකම උන් හිතන්නේ නිවට කමක් කියලා.මම දැන් පුරැදු වෙලා ඉන්නේ මගේ වගකීම හරියටම කරන්න.ඉන් එහා දේවල් ගැන කරදර වේනනේ නැ.ඒත් ඉතින් ආමාරැයි.

      Delete
    5. මනෝ උඔ නිකන් බලාගෙන හිටියා වගේ කියලා..
      කැමා මේ සති අන්තෙ වෙනකොට හරි යයි..

      Delete
    6. මනෝ,
      තමනෙ වැඩේ විතරක් කරලා පාඩුවෙ ඉන්න ඕනෙ බං. ඒත් කරුමෙ කියන්නෙ අපිට එහෙම බැරි එක. අපෙ මොකක්ද එක උණු වෙනවා වැඩි බං.

      මෙන්ඩා,
      ආයෙම වරෙන්. උබ කාට වටින්නෙ නැතත් අපිට වටිනවා.

      Delete
  18. කැමා ඔන්න අලුත් පෝස්ටි එකක් දැමිමා.

    කවුද හොරැ ?

    ReplyDelete
    Replies
    1. බැලුවා බැලුවා.. ඔන්න බොට බැනලත් ආවා...

      Delete
  19. කැමරාවෙන් එහා පැත්තෙත් ලෝකයක් තියෙනවා එහෙනම්...
    මේ කියල තියෙන්නෙ..
    වෙඩින්වලදි ගොඩක් පොටෝ ගහන කෙනාට බැණුම් එනවා. ඒත් ඉතින් ඒ සුන්දර මතකයන් ටික එකතු කරල දෙන්නෙත් ඒ මිනිහම තමා
    ජයවේවා යශ්!

    ReplyDelete
    Replies
    1. ඔය දේ දකින අය අඩුයි වර්ණ. ඇල්බම් එක බලලා ඒක ලස්සනයි කියනවා ඇරෙන්න ඒක හදන්න කන කට්ට දිහා බලන්නෙ නෑ. කැමරාමන්ට තියෙන්නෙ කැමරාව අල්ලලා ෆොටෝ එකක් අරන් පොටෝශොප් වලින් හදන්න විතරයි ඕකත් වැඩක්ද කියලා කියන අය ගොඩක් ඉන්නවා.

      Delete

 
 
Blogger Templates