පදිරියාගෙ අලුගුත්තේරු වැඩක් ගැන කියන්න අරන් අන්තිමට රටේ නැති ඒවා කියලා කියන්න ආපු කතාව කියන්න බැරි උනානෙ. ඒ හින්දා අදවත් කතාව කියන්න ඕනෙ කියලා ගිය පාර පෝස්ට් එකෙන් නවත්තපු තැන ඉදන් පටන් ගන්න කියලා හිතුවා.
පදිරියයි අනික් උන් දෙන්නයි අක්කල ගෙදර ඉන්න වෙලාවක ඇරියා අඳුරන රාළහාමි කෙනෙක් ආපු තැනින් ආපහු පටන් ගන්නම්කො එහෙනම්. එදා ඇරියා ගෙදර ඉඳලා නෑ. ඉතින් ගෙදරට ආපු එකේ රාළහාමිත් තේ එකක් එහෙම බොන ගමන් මුන්ගෙ අක්කයි, මහත්තයයි එක්ක කයියක් දාගෙන ඉඳලා.
ඔය ඇරියගෙ මස්සිනත් ලේසි පාසු පුතයෙක් නෙවෙයි. නොම්මර එකේ ගණන් කාරයෙක් තමයි පොර. අපෙ ගමේ සාර්ථක බීඩි ව්‍යාපාරයක් එහෙමත් නැත්නම් බීඩි කොම්පැණියක් කරගෙන හිටපු සුනිල් අයියා ගිය අවුරුද්දෙ හදිස්සියෙ හැදුනු පපුවෙ අමාරුවකින් අපෙන් සමුගත්ත එකනම් ගමට වෙච්චි ලොකු පාඩුවක්. ගමේ තියෙන ඕනෙම වැඩකදි ඒ තැන් වල මූලික වෙලා තමන්ගෙ වැඩේ වගේ කරට අරන් කරන අනුන්ගෙ දුක දැකපු හොඳ මනුස්සයෙක්.
2007 දි සුනිල් අයියා බීඩි කොම්පැණිය ලඟදි
මිනිහා නොම්මර එකේ ගණන් කාරයෙක් කිවුවට චණ්ඩියෙක් නෙවෙයි. කාගෙවත් හිත රිදෙන්න වචනයක්වත් කියන්නෙත් නෑ. ඒ උනත් මිනිහා එක්ක ගණන් හදන්න නම් ලේසියෙන් කාටවත් බෑ. කොහෙදි හරි සුනිල් අයියා මුණගැහුනොත් සැප සනීප අහන්නත් කලින් ගණිත් ගැටළුවක් අහන එක තමයි මිනිහගෙ පුරුද්ද. අපි දෙන ඕනෙම ගැටළුවක් ක්ෂණිකව විසඳන්න පුළුවන් පොරට ඒ කාලෙ ඉස්සරහට යන්න තැනක් තිබුණා නම් ඉහල තැනක ඉන්න ඕනෙ කෙනෙක් කියන එක ගමේ අය තාමත් කියනවා.
ආයෙත් කතාවෙන් එලියෙ. ඉතින් දැන් මේ රාළහාමි බර කයියක් එහෙම දාගෙන ඉද්දි හිමින් සීරුවෙ පදිරියා ඔතෙන්ට කිට්ටු කරලා. මේ රාළහාමි දන්නෙ නෑ මූ ඇරියගෙ මල්ලි කියලා. ගෙදර උන් ඒ වෙලාවෙ කියලත් නෑ. මොකක් හරි හේතුවකට ඒ වෙලාවෙ රාළහාමිට පේන්න පදිරියා හැසිරිලා තියෙන්නෙ පොඩ්ඩක් මෙන්ටල් අවුල් එකෙක් විදිහට. මූ රාළහාමි ළඟට කිට්ටු කරලා පොර ඇරගෙන යන නෝට් පොත අතට අරගෙන. එතකොටම මයිලා හිමිහිට කියලා "ඕකට පොඩ්ඩක් පිස්සු ගතියක් තියෙනවා, අතට අහුවෙච්චි එකෙන් ගහනවා රාළහාමි පොඩ්ඩක් පරිස්සමින්" කියලා.
අනේ ඉතින් රාළහාමිත් යන්න කියලා මිදුලට බැහැලා අරූගෙන් නෝට් පොත ඉල්ලලා. මූ පිස්සු පාට් එකෙන් දෙන්න බෑ කියලා. රාළහාමි පොත ඉල්ලන්න ඉල්ලන්න අරූ බෑ කියනවලු. අනිත්මට මූ දෙන්නෙම නැති නිසා මුගෙ අතින් ගන්න හිතලා වෙන්න ඇති රාළහාමි මූ ළඟට එනකොටම මිදුලට පැනපු පදිරියා අතට අහුවෙන තරමෙ ලොකු ගලක් අරගෙන.
ඕකට බය වෙච්චි රාළහාමි ආයෙත් පස්සට ගිහින් කියනවලු "පොත දීපන් මට යන්න" කියලා. පදිරියා එක අතකින් ගල අරගෙන අනික් අතින් පොත දික් කරන් කියනවලු "ඇවිත් අරන් පල" කියලා. එහෙම කියන ගමන් පදිරියා ටික ටික ඉස්සරහට එනවලු. මූ ඉස්සරහට එන්න එන්න රාළහාමි පස්සෙන් පස්සට යනවලු.
ඔය විදිහට කඩුල්ලෙනුත් පැනලා පාරෙ උඩහට රාළහාමි පහුබහින ගමන් "ඕක තියලා පල" කියද්දි පදිරියා ඉස්සරහට එන ගමන් "ඇවිත් මේක ගනින්" කියනවලු. විනාඩි පහලොවක් විතර ඕක දිහා බලන් හිටපු ගෙදර උන්ටයි, අරූගෙ යාළුවො දෙන්නටයි හිනා වෙන්න විදිහක් නැතුව ඉවසගෙන ඉඳලා බැරිම තැන පිස්සෙක් එක්ක ඔට්ටු වෙලා පොත ගන්න විදිහට පදිරියාව අල්ලගෙන පොත උදුරලා අරගෙන රාළහාමිට දීලා.
මේ මනුස්සයා පොතත් අරන් යන්න හදනකොටම අරූ ගල් ගෙඩියත් අරන් ඉස්සරහට පැනලා "ඔළුව කුඩු කරන්න කලින් පොත දීපිය" කියාගෙන. අනේ අර රාළහාමි අත් දෙකෙන් ඔළුව වහගෙන කන්ද උඩහට දිවුවලු මේකා ඇත්තටම ගලෙන් ගහයි කියලා හිතලා. ඒ දවස් වල එහෙම මේ බ්ලොග් එක ලිවුවා නම් පදිරියාට නොමිලෙම ජීප් එකක යන්න තිබුණා සාක්කිත් එක්කම.
මේ මනුස්සයා පොතත් අරන් යන්න හදනකොටම අරූ ගල් ගෙඩියත් අරන් ඉස්සරහට පැනලා "ඔළුව කුඩු කරන්න කලින් පොත දීපිය" කියාගෙන. අනේ අර රාළහාමි අත් දෙකෙන් ඔළුව වහගෙන කන්ද උඩහට දිවුවලු මේකා ඇත්තටම ගලෙන් ගහයි කියලා හිතලා. ඒ දවස් වල එහෙම මේ බ්ලොග් එක ලිවුවා නම් පදිරියාට නොමිලෙම ජීප් එකක යන්න තිබුණා සාක්කිත් එක්කම.
ජීප් එක ගැන කියද්දි මතක් උනේ දවසක් අපෙ එක මාමා කෙනෙක් (අම්මගෙ තුන් වෙනි අයියා) ගමේ සෙට් එකක් එක්ක කොහෙ හරි ගිහින් හොඳටම බීලා ඒ වෙලාවෙ රෑට ගමට එන්න බස් එක නැති නිසා රඹුක්කන බස් එකක කටුපිටිය හංදියට ඇවිත්. ඔතෙනින් බැහැපු සෙට් එක පයින්ම ගමට එන්න ලෑස්ති හදනකොට පොඩ්ඩක් හිටපියව් කියපු මාමා හංදියෙ තිබුණු ෆෝන් බොක්ස් එකට ගිහින් කෝල් එකක් අරන්. දැන් කට්ටිය අහගෙන ඉන්නවලු කාටද කතා කරන්නෙ කියලා.
"හලෝ... මේ පොතුහැර පොලිසියෙන්ද..? මං මේ ඉඳුල්ගොඩකන්දෙ නිමල් කතා කරන්නෙ. අර කහපාට කැරකෙන ලයිට් එක තියෙන නිල් පාට ජීප් එක එවනවද මට ගමට යන්න. මේ කටුපිටිය හංදියෙ මං ඉන්නෙ" කියලා සද්දෙන්ම කියලා. ඕක ඇහුනා විතරයි හිටපු සෙට් එකේ වෙරිත් හිඳුනලු. මුන් ටික මාමවත් ඇදගෙන ඉක්මනට ගමට ඇවිත්. කොහොම හරි රෑ පොලිස් ජීප් එක ගමට ඇවිත් නිමල්ව හොයලා. ඒත් අපෙ ගමේ නිමල්ලා දහ පහලොස් දෙනෙක් ඉන්න නිසා වැඩේ අතෑරලා ගිහින්.
ඔය අස්සෙ ඇරියා ගැන කතාව ඇදුනු හින්දා අනිත් පෝස්ට් එකෙන්වත් ඌ ගැන තව ටිකක් කියන්න හිතුනත් බැරි වෙලාවත් ඌ දැන ගත්තොත් මාව බස් එකේ අඩකොටේට තියන්න ගන්න නිසා බයකුත් හිතේ තියෙනවා.
පීලිං හුකෑස්...
ReplyDeleteඋඹලැයි ගමේ උංට පොලිස් කාරයන්ව බිට්ටෙකට ගන් හිතෙන විදියෙ මොකක් හරි නුහුගුනයක් වත් තියේද බං.. හැක්...
පදිරිය පදිරි නිමලගෙ වැඩ පාරට හිහි
අම්මට උඩු කෝ අර අමුඩෙ.. හැක්..
Deleteමං එක යකෝ
හූ ... හූ...
අමුඩය නෙමෙයි යකෝ අනික.
Deleteඅපි පොඩ්ඩක් එහෙට මෙහෙට ගිය ටිකට මේකට රිංගුවට හැමදාම එහෙම සෙල්ලං දාන්න බෑ ගොයියො. හැක්..
මහේශ්,
Deleteඅපෙ ගමේ උන්ට කොහොමත් පොලෝසියෙ මහත්තුරු අරහං බං. ඒ දවස් වල ජාතික ව්‍යාපාර වලට සෑහෙන්න බාදා කලානෙ..
ඕකා අමුඩයා නෙවෙයි අනික...
ප්‍රසා,
අම්මපා කියහං...
හහ් හහ් හා...
Deleteඅමුඩෙයි අනිකයි මාරු වෙලාද
ඒත් අවුලක් නෑ නෙහ්..
අමුඩෙ ඕන වෙන්කෙ අනික වහන්න නෙව
හැක්
අමුඩෙන් ඒක වැහෙන්නෙ නෑ බං. වෙන එකක්නෙ වැහෙන්නෙ...
Deleteහැක්.. පොත නෙමෙයි අරූට තිබුණෙ රාළහාමිගෙ තොප්පිය ගලෝගන්න. හොද වෙලාවට පොර අතේ වෙපන් එකක් නොතිබුණෙ.
ReplyDeleteමාම කාරයට තිබුණෙ 119 ගහලම ඕක කියන්න.
කැමර කාටාලගේ ගමේ එවුන් හැමොටම ටිකක් පිස්සු නිසා පොලිසියේ අය උන්ගේ ගමට වෙපන් ගෙනියනේ නැහැ පොලු කැල්ලක් තමයි අරගෙන යන්නේ
Deleteප්‍රසා,
Deleteඒ දවස් වල හැමෝම අතේ වෙපන් නෑනෙ. අනික ඉතින් මූ පිස්සෙක් කියලනෙ හිතන්නෙ. එතනත් අවුලනෙ. ඔය සිතාසි දෙන්න එන අයට මොන වෙපන්ද.
ඒ ජීප් එක 119 ට එන ජීප් එක තමයි පොතුහැර පොලීසියෙ.
මෙන්ඩා,
පොලු කෑල්ල වන වන ඉන්නද...?
උඹ සිංහල දාගත්ත ද දෙයියො?
Deleteඉයන් දෙයියා උදවී කරා
Deleteසුනිල් අයිය බීඩි ඔතන එකට අමතරව මල් බිස්නස් එකක් එහෙම කළේ නෑ නේද?
ReplyDeleteනෑ නෑ පොර අහිංසකයා....
Deleteඅඩෝ අපි මැරිලා නැහැ
ReplyDeleteඅම්මෝ... මෙන්ඩ ඉන්නවෝ... ඉවරයි.. ආයෙ ඉතින් වසන්න වෙන්නෙ නෑ මේකෙ... මැරිලා නැත්නම් මැරියංකො...
Deleteඋබ නැතුව මේක පාලු වෙලා තිබුනෙ බං...
මෙන්ඩා,
Deleteඅර ඩ්‍රැකියට කියහං. ඌ උඹට උල තියයි.
උඹ හෙන දරුණු වොයිස් එකක් තියෙන බුවෙක්ය වැඩත් ඒ වගේ අැතිය කියල මේ ඊයෙ පෙරේද මෙහෙ ආපු එකෙක් කිවුව.
අඩෝ..................
Deleteමෙන්ඩාට යුනිකෝඩ් ලැබිලා...... ජයවේවා
මෙන්ඩා කියන්නේ කවුද මෙයා?
Deleteබුවා කියන්නේ කවුද මෙයා?
Deleteඑබුවා
Deleteඇවිත් මේවට උත්තර දියන් යකෝ... කෝ මේ මෙන්ඩා....
Deleteප්‍රසා මට කතා කළාද?
Deleteමම කිවුවෙ මෙන්ඩ ගැන.
Deleteපොඩ්ඩක් ඉවසලා හිටහලකෝ ආවා විටරනේ
Deleteයකෝ මෙන්ඩා තිරිහන් වෙලානේ දැන්
Deleteඅඩෝ මට 24 යි
Deleteමෙන්ඩ දැක්ක කල්... කොහෙද බන් වහං වෙලා උන්නේ..
Delete24 යි කිවුවෙ මෙන්ඩගෙ බ්‍රා සයිස් එකද...?
Deleteඅැරියා ගැනත් ඔහොමම කියලා දාහං....
ReplyDeleteඇරියා ගැන දන්නවා නම් ඔහොම කියන්නෙ නෑ...
Deleteමූටත් අරියි කියල බයේ තමයි ඔය. හැක්..
Deleteකියන්න බෑ ප්‍රසෝ... ඕකා සත පහකට සුවර් නෑ...
Deleteඇරියත් ඇරියා
Deleteඌ නම් ඇරියම තමයි බං...
Deleteඇරියා උබව අඩේට විතරක් ගත්තොත් ඇති. දැන් ගමේ ඉන්න එවුන්ට කියලා බලාපල්ලා පොලෝසිත් එක්ක ගේම ඉල්ලන්නෙයි කියලා...
ReplyDeleteඅඩේට විතරක් නෙවෙයි ඕකා මාව වීල් බ්‍රෂ් එකටත් ගන්නවා දන්නවා නම්..
Deleteඒ දවස් වල ගමේ තට්ටු දෙකේ ගෙවල් නෑනෙ බං. දැන් නම් අවුල් වැඩේ...
ඇරියගෙ කතාවත් කියහං. මම මේ බැලුවෙ අර හැලපෙ අයිය සඳුද ට සඳුද ට දාන පෝස්ට් එක අද නැ්තෙ මොකෝ කියල. උඹ උන්නැහැව ලොප් කරල පඳුරු ඉට්ටැයිල් එක පටන්ගත්තෙ නෑනෙ? එහෙම උනොත් තෝ මරනවා දැනගං. අපිට කැත නැතුව එක කතාවක් මාසයක් දෙයියනේ කියල කියවන්න දුන්නු හැලපයිය.
ReplyDeleteඅරූ මාව අඩකොටේට ගනීවි බං..
Deleteහැලපෙගෙ පඳුරු තැලිල්ල ගැන මොන කතාද කසුනෝ. ඒකනෙ පඳුරු තැලිල්ල. මේවා මොනවද.
ඒ කාලේ උඹලයේ පොලිසිය හරි හොඳයි වගේ.. :) අපේ පැති වලනම් හැබැයි පොලෝසිය ඒ කාලේ ඉඳලම අවුල්. ඔහොම එකක් කරනම් අරුව ඉතුරු කරන්නේ නෑ පිස්සෙක් නෙවෙයි පිස්සන් කොටුවක් උනත්..
ReplyDeleteඔය වැඩ වලට එන්නෙ කොස්තාපල්ලනෙ බං. පවර්ස් අඩුයිනෙ. පොරට බය හිතෙන්න ඇති අරූ ගලෙන් දීලා අරීවි කියලා. අනික එතන වැරැද්දකුත් තියෙනව. මොකද පොර කරන්න ආපු රාජකාරියට අදාල නෑනෙ වෙන තැනක ගිහින් තේ බොන ගමන් පොත නැති කරගන්න එක. පොර ලැජ්ජාවටම ගිහින් කියන්න නැතුව ඇති ඕක.
Deleteකොහොම හරි පදිරියගෙ වාසනාව තමයි.
බොලා මේ කියන්නේ හබැවටමෙයි, අපි ඇබිලිපිටියේ පොලිසියට කියන්ඩේයි ?
ReplyDeleteසිංහල බ්ලොග්ගල.
ඔව් ලලිත්. ඔකුන්ගෙ වැඩ ඔහොමම තමයි. ඇඹිලිපිටියට කිවුවොත් කොහෙන් කෙලවර වෙයිද දන් නෑ.
Deleteඇරියා පොලිස් රහලාමිටත් ඇරියා නේද ?
ReplyDeleteඇරියා නෙවෙයි පරිදියා නේද ඇරියේ
Deleteඇඳේ අනිත් පැත්තෙන්ද බැස්සෙ?
Deleteමනොව බැහැල තියෙන්නෙ බිත්තිය පැත්තනේ
Deleteබිත්තියෙ හිලක් ද?
Deleteඇඳ කඩාගෙන වැටුනා බොලව්
Deleteමෙට්ටේ හිලක්ලු
Deleteඅපෙ ගමෙ කොල්ලෙක් හිටියා මෙට්ටෙ හිලක් හදාගෙන මොකක්දෝ කරපු. ඕක අහු උනෙත් ඇරියට තමයි. ඌ ඒක ඉස්සර රස කර කර කියනවා.
Deleteකට නලියනවා...
Deleteඇයි යකෝ පොතුහැර පොලීසියෙන් ඔතනට එන්ඩ පැයක්වත් යයි ඒ කාලේ ඔය පාර තිබුණු විදිහට.
ReplyDeleteමේ දවස්වලනම් ටිකක් මරුමුස් OIC කෙනෙක් ඉන්නේ.
අපි 1988 - 89 කාලේ පොලීසි වලට කෝල් දීලා කියනවා, අපි ජේවීපී එකෙන්, තව ටිකකින් අපි එනවා, අපිට බොන්න 'T 56 ක්' හදල තියන්න කියලා. ඊට පස්සේ එකම ගිනි විජ්ජුම්බරයයි ඒ පොලීසිය ඇතුළේ.
ඒකනෙ නිමල් මාමා බය නැතුව කෝල් කරලා තියෙන්නෙ. ජීප් එක එනකොට මුන් ගෙවල් වලටත් ගිහින් හොඳට නිදිලු. අනේ අරුන් ගම පුරාම නිමල්ලා හොයලා.
Deleteඒ දවස් වලත් එහෙම පොරක් තමයි හිටියෙ OIC විදිහට. කුරුණෑගලින් කසියා අල්ලන්නෙ නැති නිසා පොර හිටපු ගමන් පැනලා අල්ලගෙන යනවා. ඕකට තරහයි මෙහෙ උන්.
අනේ අර පොලිසියෙ ඉන්න උන් බය කරනවා නේද මේ අසම්ජ්ජාති කොල්ලො ටික.
එක කතාවක් කියවන්න ඇවිත් කතා කිහිපයක්ම කියවන්න පුළුවන්.
ReplyDeleteඑක කතාවක් කියන්න විදිහක් ඇත්තෙම නෑ වෙන කතා ඇදිලා එනවා. හරියට නිකන් පංචතන්ත්‍රෙ වගේ.
Deleteඅඩෝ...! මේ පඳුරු තැලිල්ල නවත්තන්නෑ හරිය...?
ReplyDeleteදැන් නම් නවත්තන්න බැරි වෙයි වගේ ඩෝ....
Deleteහරි දැන් ටික ටික හරියාගෙන එනවා.ඔහොම යමු.
ReplyDeleteඒ වගේ නම් බෑ ඒ උනාට...
Deleteයකෝ පොලීසිය ඔහොම ජෝක්ස් එකට ගන්න එපා බං.
ReplyDeleteපිස්සුවක් තියෙයි... එහෙමත් ජෝක්ස් එකට ගන්නවද උන්නැහෙලා...
Deleteහදිස්සියකටවත් තොපේ ගමට එන්න නරකයි.විශේෂයෙන් තොපේ නෑදෑයෝ ඉන්න ඉසවුවට.
ReplyDeleteඋඹ නම් එන්නම එපා... අපෙ උන්ට කටුස්සො පේන්න බෑ..
Deleteපව් පොලෝසිය.. හිහ්.. :-D:-D:-D
ReplyDeleteඔව් අප්පා.. මේ අස්මජ්ජාති කොල්ලො නම්...
Deleteඇත්ත කියහ. උඹලෑ ගමේ නම් නුහුගුණාගම නේද?
ReplyDeleteඒ කිට්ටුවෙන් යනවා... අම්මප ඔහොම නමක් තමයි තියන්න තිබුනෙ.
Deleteඅඩෝ කැමා... උඹේ මූණෙත් පොඩි මොලේ කචල් ගතියක් පේන්නෙ ඒක තමා.. අද තමා හේතුව දැනගත්තෙ.. ඔව්ව පරම්පරාවෙන් එන්නෙ...හැක්.. අර ඉතුරු අතා ටිකත් ලියහං.. බලන් ඉන්නම්.. ඒක නෙවෙයි.. මුද්‍රස්පලම් කෑවෙ නැද්ද ලඟදි?
ReplyDeleteමූටයි කැමීටයි අටම මරු කතාවක් කිව්ව... එක්කො ඕන්නෑ...
Deleteකියහන් බන්
Deleteසජ්ජා,
Deleteආ... කුරුමිණියෝ.... උඹ හිතුවද මටත් නුහුගුණේ කියලා...? මං දැන් මුද්දරස්පලම් කන්නෙ නෑ යකෝ...
ඩ්රැකී,
අපි දෙන්නා යාළුවො නේද බං..?
මෙන්ඩා,
උඹට මොකටද ඒවා..?
සරා වෙනුවට "කැමා" යොදා ගායනා කොරන්නට ...හැක් හැක්
ReplyDeleteසරා ගොයියා හරි මිනිහා
සරා ගොයියා හරි මිනිහා - තුවක්කුවක් කරේ තියා
දවසක් දඩයමේ ගියා - සරා ගොයියා හරි මිනිහා
රාළහාමි කෙනෙක් එදා - සයිකලයක නැගී සදා
වෙල අයිනේ පාර දිගේ - පැට්‍රෝල් ගොස් එන අතරේ
සරා ගොයියා යනු දුටුවා
සරා විහිළුවකට හිතන් - තවක්කුවත් අතට අරන්
පැනලා එම වැටට උඩින් - දුවන්ට විය බොහොම තදින්
පස්සත් නොබලා විගසින්
රාළහාමි මේ දැකලා - සරාව ගැන සැක හිතලා
විගහට බැස දනිපනිලා - බයිසිකලය පසෙකටලා
පස්සෙන් එළවන්ට වුනා
නියර දිගේ කුඹුර දිගේ - වතුර වලේ මඩ වගුරේ
වැටට උඩින් කඩුලු උඩින් - වැටි වැටි දුවතිය දෙන්නා
අහළ පහළ හිටි කොලු රැල - මේ දෙන්නට හිනා උනා
වෙලේ හිටිය වහු පැටියා - රාළහාමිට බය වීලා
දුවන්ට සැරසුන හින්දා - රාළහාමි කඹේ හැපී
දඩෝරියන් බිම පෙරළී
මුහුණ පුරා මඩ නැවුනා - වෙස් මුහුණක් වාගෙ වුනා
සූට් එකෙන් දිය පෙර පෙර - නැගිටීගෙන කොර ඇන ඇන
ආයෙත් එළවන්ට වුනා
මේ බව දුටු කපටි සරා - හිනා වෙමින් නැවතීලා
හෙමින් හෙමින් හති ඇර ඇර - වෙල මැද්දේ ඉදගත්තා
රාළහාමි ද කිට්ටු වුනා
රාළහාමි පැනපු ගමන් - සරාගෙ අත අල්ලා ගෙන
කොහෙද යකෝ උඹ දිව්වේ - දුවලා බේරෙන්නද බොල
මගෙන් එහෙම බැරිවේවි
මොකද රාළහාමි ඇයි - වැරැද්ද මම කරපු මොකෝ
කොයිද යකෝ ලයිසන් එක - දීපන් එය බලන්ට මට
සෙල්ලමකට හිතුවද උඹ
සරා එවිට ඉණ අතගා - ලයිසම ඔහු අතට ගෙනා
මෙන්න රාළහාමි කියා - ලයිසම ඔහු අත තැබුවා
රාළහාමි මෝඩ වුනා
මොකටද එහෙනම් මිනිහෝ - තුවක්කුවක් ගෙන දිව්වේ
තමුසෙට ඇයි මගේ දිවුම - මොකටද පස්සෙන් ආවේ
පුදුම වැඩක් නේද මෙක
දුවන්නටත් අද ලයිසන් - ගන්නට ඕනද රාළහාමි
කියා ඇහුව කලට සරා - රාළහාමි ලජ්ජා වී
හිනා වෙලා යන්ට ගියා
සින්දුවෝ........
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමොකෑ බං..?
Deleteබොලෑ මාම නම් ජාති පොරක් බන්..
ReplyDeleteආයෙත් අහලා...
Deleteපොලොසියට දෙන්න ඕනෙ ඔහොම සම්බු තමයි.. එලියෙදි මචං කියාගෙන ඉන්න උන් පොලොසියට ගියාම අඳුනන්නෙ නෑ නෙ..
ReplyDeleteජයවේවා..!!