Pages

Wednesday, September 23, 2015

පොටෝකාරයාගෙ පරක්කුවනේ........


සේරම කුණු බේරෙ වැවට කියලා කතාවට කියනවා වගේ වෙඩිමකදි වැඩි හරියක් බැනුම් අහන්න වෙන්නෙ කැමරාමන්ට කියන එක කවුරුත් දන්න දෙයක් නිසා ඇයි ඒ විදිහට බැනුම් අහන්න වෙන්නෙ කියන එක ගැන ලියන්න හිතුනා. මේ වගේ දේවල් ලියන්න හේතුව මොකක්ද කියලා කලින් පෝස්ට් එකේදි මං කිවුවනෙ. ඒ වගේම මේ දේවල් ගැන කවුරුවත් කතා කරන්න ඉදිරිපත් වෙන්නෙත් නැති නිසා මමවත් මේ ගැන කියන්නම් කියලා හිතුවෙ ටික දෙනෙක් හරි ඇත්ත තේරුම් ගනීවි කියන අදහසින්.

මේ ගැන සම්පූර්ණ විස්තරයක් එක පෝස්ට් එකකින් කියන්න බැරි වෙයි. ඒ නිසා අද පෝස්ට් එකෙන් කියන්නම් වෙඩින් එක දවසෙ උදේ ෆොටෝ ගැනිල්ලෙදි අහන්න වෙන "පොටෝකාරයා හින්දා තමයි අපිට පරක්කු වෙන්නෙ" කියන කතාව ගැන.

අද කාලෙ හැමෝම වගේ ඉල්ලන්නෙ "ස්ටෝරි බුක්" එකක් හදලා දෙන්න කියලා. මේ ගැන දන්න උදවිය දන්නවා ස්ටෝරි බුක් එකකට සාමාන්‍ය ඇල්බම් එකකට වඩා ෆොටෝ ප්‍රමාණයක් අවශ්‍ය වෙන බව. ඒ කියන්නෙ ෆොටෝ තුන් හාරසීයක් ගහන්න ඕනෙ කියන නෙවෙයි. විවිධ කෝණ වලින් ගත්තු විවිධ වර්ගයේ ෆොටෝ වැඩි ප්‍රමාණයක් තිබුණෙ නැති උනොත් ස්ටෝරි බුක් එකක ලස්සන අඩු වෙනවා.

හරියට තනි ශොට් විදිහට ගත්තොත් උපරිමයෙන් එක එක විදිහේ අවුට්ඩෝර් ෆොටෝ 20ක් තියෙනවා නම් ඉහල මට්ටමේ ස්ටෝරි බුක් එකක් හදන්න පුළුවන්. ඒත් ඔය ෆොටෝ 20 තෝරා ගන්න ෆොටෝ 100ක් විතර ගන්න වෙන එක තමයි ලොකුම අවුල. එහෙම වෙන එක හැමෝම දකින්නෙ කැමරාමන්ගෙ දුර්වලතාවයක් විදිහට. ඒකත් එක හේතුවක් වෙන්න පුළුවන්. එහෙම නෑ කියන්න නැත්තෙ හරියට කැමරාව අල්ලන්නවත් දන්නෙ නැති අය මේ ෆීල්ඩ් එකේ ඕනෙ තරම් ඉන්න නිසා. ඒත් ප්‍රවීණ ඡායාරූප ශිල්පියෙකුටත් එහෙම ෆොටෝ ගොඩක් ගන්න වෙනවා කියන්නෙ නම් එතන වෙන මොකක් හරි දෙයක් තියෙනවා කියන එක. (ඒ ගැන කියන්නම් ඉදිරියේදි)

අපි බලමු උදේ 10.30 ට පෝරුවේ නැකත් පටන්න ගන්න වෙඩින් එකක වැඩ සටහන ගැන.

සාමාන්‍යයෙන් අපි උදේ ෆොටෝ ගන්න පැය 3ක වගේ කාලයක් වෙන් කර ගන්නවා ඇති වෙන අපහසුතා මග ඇර ගන්න ඕනෙ නිසා. මොකද ගොඩක් වෙලාවට එන්නෙ කැමරාව ඉස්සරහා හිට ගන්නෙ කොහොමද කියන එකවත් නොදන්න අය. ඒක වැරැද්දක් නෙවෙයි. මොකද ඔය වගේ දේවල් හැමෝම ඉගෙන ගන්න ඒවා නෙවෙයිනෙ. ඒ වගේම කලින් ඇවිල්ලා පොඩි හරි පුහුණුවක් ගන්නෙත් නෑ. ඒ නිසා කපල් එක කැමරාවට හුරුවෙන්න ටික වෙලාවක් යන නිසා අපි ඒ වගේ කාලයක් ඉල්ලනවා.

පෝරුවෙ වැඩ තියෙන්නෙ 10.00 ට නම් අපි කපල් එකට කියන්නෙ 6.00 වෙද්දි අන්දවාගෙන ඉවර වෙලා 6.30 වෙද්දි ලොකේශන් එකට එන්න කියලා.එතකොට අපිට 6.30 ඉඳන් 9.00 වෙනකම් පැය 2.30 ක කාලයක් තියෙනවා.

  • එහෙම කියලා තියෙද්දිත් මනමාලිව අන්දවලා ඉවර වෙලා ලොකේශන් එකට එනකොට 7.00 පහු වෙනවා.(මෙච්චර කාලෙකට වෙලාවට කලින් කපල් එක ආවෙ තුන් පාරයි)
  • සමහර වෙඩින් වල පාන්දර 2.00 ඉඳන් අන්දවන්න පටන් අරගෙනත් ඉවර වෙන්නෙ 7.00 පහු වෙලා.
  • සමහර වෙලාවට අන්දවන කෙනා වෙන මනමාලියකුයි ගෲප් එකයි අන්දවලා එහෙම මෙහෙට ඇවිත් තියෙන්නෙ 5.30ට. පෝරුවෙ වැඩ 10 ට නිසා වෙලාව ඇතිලු අන්දවන්න. (9.30 වෙද්දි අන්දවලා ඉවර කරන්න පුළුවන්ලු)
  • සමහර වෙලාවට මනමාලි අන්දවලා ඉවර වෙන්නෙ 8.00 ත් පහුවෙලා.
  • මනමාලිට තැල්ල තියන්න 6.30ට විතර නැකතක් තියෙනවා කියලා සැලෝන් එකේ ඉඳන් බාගෙට අන්දවාගෙන ගෙදර ගිහින් ආයෙම ඇවිත් ඉතුරු ටික අන්දවන වෙඩිනුත් තියෙනවා.
  • එක්ක එන්න වෙලාවට වාහනයක් නැතුව පරක්කුයි කියනවා.
  • තව සමහරු ලොකේශන් එකට ඇවිල්ලත් සාරිය හදනවා. මේකප් දානවා.
  • මනමාලිට සැලෝන් එකෙන් එලියට බහින්න නැකත තියෙන්නෙ 7.00 ට කියනවා.
  • තව සමහරු මනමාලි අන්දවන ගමන් ගෙදර අයත් අන්දවනවා. ඒකෙ පරක්කුවත් අර වගේම තමයි.
ඔය දේවල් බහුතරයක් වෙඩින් වලදි මම අත්දැකපුවා.(තව කතන්දර ගොඩයි). මනමාලයා නම් වෙලාවටත් කලින්ම ඇඳගෙන ලොකේශන් එකට ආවත් මනමාලි එනකොට ගොඩක් වෙලාවට 7.00 පහු වෙනවා. සමහර වෙලාවට 8.00ත් පහු වෙලා. ඒ පරක්කු වෙන එකෙන් අපි ඉල්ලපු කාලය තමයි අඩු වෙනෙ. එහෙම උනාම අපිට ඒ කාලය අල්ලන්න උපරිම ගේමක් දෙන්න වෙන නිසා 9.00 වෙද්දි ලොකේශන් එකෙන් කපල් එක නිදහස් කරන්න බැරි වෙනවා. අඩුම තරමෙ 9.30 වෙනකම්වත් තියාගන්න වෙනවා.

එහෙම උනාම ඇවිත් ඉන්න උන් බනින්නෙ "පොටෝකාරයා තමයි පරක්කු කලේ" කියලා. ඒ උනත් ඒ පරක්කුවට මූලික උනේ කවුද කියලාවත් ගානක් නෑ. කපල් එකත් ඇත්ත දැන් දැනම ගෙදර උන් එක්ක බනින්නෙ කැමරාමන්ට. අර අන්දවන කෙනා මනමාලිව 9.00ට එවුවත් කිසිම ගැටලුවක් නෑ.

ඔය කිවුවෙ ලොකේශන් එකට එන එක ගැන විතරයි. එතන ඉඳන් තමයි යුද්ධෙ පටන් ගන්නෙ. මේ පෝස්ට් එකත් ඕනවට වඩා දිගයි වගේ නිසා ඊලඟ පෝස්ට් සෙට් එකෙන් ඒ ගැන කියන්නම්. එතකම්, "පොටෝකාරයා තමයි පරක්කු කලේ......"

123 comments:

  1. මෙතනින් පෙන්නේ හැමදෙයක්ම ඉක්මනින්ම ව්‍යාපාරික මට්ටමට ඇවිත් කියලා, අද වෙකොට කපල් ව්කවත් වෙඩින් එක තමාගේ වැදගත් අවස්තාවක් හැටියට හිතන්නේ නෑ. හැම තහනම් බිඔස්නස්, එතකොට කට හරි බැනුම් හඳුනා වෙනවා තමා, උම්බටනම් බනින එකම තමා හොඳ , අනිවා උඹට බැනලත් මදි පුලුවන්නම් ගහන්න ඕන

    ReplyDelete
    Replies
    1. මොකෝ බං වචන ටැපලෙන්නෙ...? ඊයෙ රෑ ලඟ නවලා අනුමත උනාවත්ද..?
      දැන් කාලෙ ඇද නැති බලු බෙට්ටත් විකුනන්න හදන කාලෙ වෙච්චි ආයෙ ඕක ගෙන වෙන මොන කතාද.
      උබ ඉන්න වෙඩිමක පැත්ත පලාතෙවත් එන්නෙ නෑ. ගෙදර උන් ටික උසි ගන්නලා ගැහුවොත් එහෙම.

      Delete
    2. අප්පට ඕයි සඟිස්කුරුත නෙව ලියලා තියෙන්නේ .හැක

      Delete
    3. උඩම කොමෙන්ට් එක තව ටිකක් දික් උනානං මෙතන කැමාට හොඳ සුද්ද සිංහල වචන ටිකක් අහගන්න තිබුණ. :D

      Delete
    4. ඉවාන්,
      මොනාද තිබුනේ..? "දංකොටුව ස්පෙෂල්" ද....?

      Delete
    5. කීබෝඩ් එක බීලද කොහෙද බොලව් , හැක හැක මටම හිනා

      Delete
    6. ප්‍රසා,
      මූ මේ බබා වෙන්න හැදුවට ශුවර් එකටම ඊයෙ රෑ අනුමත වෙලා තියෙනවා කරටි කැඩෙන්නම...

      ඉවාන්,
      කී බෝර්ඩ් ව්ක ඉස්සරහා ඉන්න එකා නෙවෙයිද...?

      Delete
    7. බයිට් එක මික්ස් වුනාද මංද?

      Delete
    8. අපිට නොකිවුවට මොකක් හරි අවුලක් වෙලා තියෙනවා ප්‍රා....

      Delete
    9. ඔය ප්‍රා කියලා තියනවා වගේ අපි නොදන්න ඉවනයාගේ අනුමත විල්ල..

      Delete
    10. ඉවානයෝ... මේවට උත්තර දීපිය.....

      Delete
    11. ඉවාන් හරක් මස් බයිට් එකක් කාල , ඌට හරක්මස් කියන්නෙ අපි මිනීමස් කෑව වගේ.

      Delete
    12. ඉවානයා ඔය තන තන බඉබඉ ආවදින එකඑක් නඑමඒයඉ.

      Delete
    13. කම්මලේ,
      ඒ කියන්නෙ ඉවානයා........?

      මධාවියෝ,
      එහෙනම් ඒකයි මේ හොරේ....

      Delete
  2. කිසිම අඩුවක් නැතුව මං ඒ කාලේ ඔය කට්ට කාල තියනවා. මේ ඩිජිටල් යුගයේ නෙමේ රිල් යුගයෙදි. ඒත් හැකි තාත් අප උත්සාහ කළේ එයාලගේ න්‍යාය පත්‍රයට අනුවම කටයුතු කොට හොද ඇල්බමයක් දීමයි.

    ReplyDelete
    Replies
    1. //එයාලගේ න්‍යාය පත්‍රයට අනුවම කටයුතු කොට// මේ දේ තමා වෙන්න ඕනෙ නලියයියෙ. එහෙම නොවුනොත් වෙන්නෙ ලොකුම අවුලක්. අපි පැත්තකින් ඉඳගෙන ලැබෙන හැටියට වැඩ කරගෙන යනවා මිසක් ඒ දේවල් පාලනය කරන්න හොඳ නෑ.
      එහෙම ඉඳලත් අන්තිමට දෝශාරෝපණේ එන්නෙ එකම තැනට.

      Delete
  3. අම්මපා මේක මාර දුකක්..... බදින්නැතුව පැනලා යන්න තිබුණානම් හොදයි කියලා හිතෙන්නේ මේවා කරද්දි තමා...... ඒක දවසකට විදින දුකක් නේද???????

    ReplyDelete
    Replies
    1. ඔව් බං. ගෙවල් දෙකම දැනුවත් කොරන්න ඕනෙ සතියක් විතර පලු යන්න බනින්න කියලා. ඊට පස්සෙ පැනලා ගිහින් ශේප් එකේ ගෙවල් වලින් කැමති උනු විදිහට ආවා නම් ඉවරයි. ඊට පස්සෙ ඔය අහල පහල උන්ට බත් ටිකක් දුන්නනම් වැඩේ ගොඩ.

      Delete
    2. හෑ? මේ කුරුටු අසංකය ද?
      අසංකනම් හොඳ කට්ටක් කාලා තියෙන හැඩයි.

      Delete
    3. ආයෙ ඕක අහන්න දෙයක්ද කසුනෝ.... බඳින උන් ඔක්කොම කට්ට තමයි කන්නෙ...

      Delete
    4. අම්මප බං කිසි කරදරයක් නෑ...

      Delete
    5. අසංකයාද? තුෂාරද?
      ආය බදින්න? ගස් තමයි ආය උඔලව බදින්න වෙන්නෙ..

      Delete
    6. ඒක නම් දැන්මම කරලලු. නාස් ලණුව දාලා ගහේ බැඳලා හුඹස් වලට අයිනවා කියලා...

      Delete
    7. නෑ මචං.. මාව බඳින්න වෙන කෙනෙක් ඉන්නවා..
      හෙක් හෙක්..

      Delete
    8. ආ...අසංකයා.... බැන්දා නේද බැඳිල්ලක් එහෙනං.

      Delete
    9. ලබ්බෝ,
      ඇයි අයිතිකාරයා නෙවෙයිද උඹව ගහේ බඳින්නේ....?

      මධාවියෝ,
      ආයෙ අසංකයාව ගහෙන් ලෙහන්නෙම නෑලු බං......

      Delete
  4. මනමාලිට සැලෝන් එකෙන් එළියට බහින්නත් නැකත් තියනවා? එතකොට ................ත් නැකතක් ඇති. අන්තිමට නැකත් පති වෙනවා.

    පලවෙනි ළමයා හම්බවෙන්න ප්‍රමාද වෙන්නෙත් එහෙනම් කැමරාකාරයාගේ වැරැද්දෙන් තමා.

    අපුච්චේ......................අපේ පොඩි දෝණියන්දෑ ගෙඩි රුපියල් ලක්ෂයකුත් විසිදාහක් දුන්නනේ ඔය පොටෝ කෙළියට.

    ReplyDelete
    Replies
    1. ඉස්සරනම් ඕකටත් නැකතක් හැදුවලු රාජ යෝග වලට ළමයි ඉපදෙන්න. දැන් නැකත් හදන උන් කොහොම මොනා හදනවද දන්නෙ නෑ මනමාලයා හොටෙල් එක ඇතුලට යන්නත් නැකත් හදනවා. කොහෙන් ඉගෙනගත්තුවද මන්දා. මාත් ඔය සබ්ජෙක්ට් එක ඉගෙන ගත්තා ඒත් ඔහොම ඒවා නම් අහලා නෑ.

      හෑ ඒකත් මුන්ගෙ පරක්කුවද....? හපෝයි...

      නිකමට කතා කලානම් ඩිස්කවුන්ට් එකක් දාලා වැඩේ කරලා දෙනවනේ...

      Delete
  5. //සමහර වෙඩින් වල පාන්දර 2.00 ඉඳන් අන්දවන්න පටන් අරගෙනත් ඉවර වෙන්නෙ 7.00 පහු වෙලා.// හපොයි දෙයියනේ. වෙඩිම දවසෙ රෑට මනමාලයට වෙන වැඩක් කරන්න වෙලාවක් නැතිවෙයි මේකප් හෝදන එකයි කටු ගලෝන එකයි ඇරෙන්න.

    ඔය ඔක්කොම නැකත් කාරයන්ගෙ වැරදි තමයි. ඉස්සෙල්ල තිබුණෙ බොහොම බේසික් නැකත් ටිකක් විතරයි. ඒකට දැන් අර විචා කියල තියෙනව වගේ ..........න්නත් නැකත් හදනවනෙ.

    ReplyDelete
    Replies
    1. ඒ නැකතට .......කුවම , බොක්ස් බ්‍රේකින් සක්සස්ෆුල් ද ප්‍රසාඅයියේ ??? හැක හැක හක

      Delete
    2. ප්‍රසා,
      මනමාලයට වෙන වෙඩක් කරන්න වෙන්නෙම නෑ කොහොමත්. ඇයි ඉතින් මේකප් හෝදලා කටු ගලවලා ඉවර වෙනකොටම ආපහු මහ පාන්දර අන්දන උන් එනවනෙ දෙවෙනි දවසට අන්දවන්න.
      ඉස්සරනම් ඒකටත් හැදුවලු. දැන් ඉන්න නැකැත් හදන උන් පඩ ශෝ එක දන්න කරන වැඩනෙ.
      මනමාලයාට ගෙදරින් පිටත් වෙන්නයි,
      පෝරුවට නගින්නයි,
      තැලි පිලි අන්දන්නයි(අවශ්‍යම නෑ)
      පෝරුවෙන් බහින්නයි,
      කපල් එකට පිටත් වෙන්නයි විතරයි නැකත් හදන්නෙ හරි නම්.
      දැන් බත් කන්න අත හෝදන්නත් හදනවා.

      ඉවාන්,
      ඒ නැකතට රජ පැටියෙක් හදන්න පුළුවන්ලු.

      Delete
    3. @ ඉවාන්,
      ආයෙ මොනවද ඊට පස්සෙ මනමාලයට දවස ගානෙ අලුත් බොක්ස් කඩන්න චාන්සස් ලැබෙනවලු.

      Delete
    4. මනමාලයා අමාරුවේ වැටෙන්නේ හෝටලේට ගිහින් මනමාලිගේ ඇඳුමේ තියන කෑලි බෑලි ගලවලා ඒවා ආපහු බාරදෙන්න නවලා තියලා මනමාලිව නාවලා ගන්නකොට පහුවදාට එලිය වැටිලා.

      Delete
    5. ප්‍රසා,
      අම්මපා කියහං..... අඩේ මරු නැකත අප්පා... ඔන්න ඉවානයෝ බඳිනවා නම්.....

      විචාරක,
      ඒකත් හරි කියමුකෝ. හත්ඉලව්වෙ පහුවදා පන්දරම දෙවෙනි දවසට අන්දන උනුත් එනවනේ... එතකොට...?

      Delete
    6. ඇයි බං රැට ඔට්ටු වෙන්නත් එපෑයි?

      Delete
    7. ඒවට කොහෙද බං වෙලාවක් මේකප් එක හෝදන්න ගත්තාම.
      එක පාරක් අපෙ ගමේ එකෙකුගෙ හනිමූන් එක දවසෙ උගෙ යාළුවො ටික රූම් එකට ගිහින් අරූ එක්ක එලි වෙනකම් කාර්ඩ් ගහලා. උදේ අන්දන උන් ආවාමලු ආපහු ආවෙ. එතකම් මනමාලි පුටුවකට වෙලා නිඩාගෙන.

      Delete
    8. ටැංකියු මචං..උඔගේ හනිමුන් එක දවසට යාලුවෝ විදිහට අපෙන් කෙරෙන්න ඔනේ දේ ගැන කලින් දැනුවත් කරාට..
      එදාට උඔගේ කාමරේට වෙලා අපි කාඩ් ගහනවා බ්ලොග් පෝස්ට් ලියනවා කමෙන්ට් දානවා රිප්ලයි දානවා...

      Delete
    9. එදාට යන්න කැමති කට්ටිය දැන්ම නම් දෙන්න

      Delete
    10. ඔය කියන විදිහට පහුවදාට රතු පාට දේකට රෙදි නැන්දට පෙන්නන්න වෙන්නෙ සාරියයි, සෙරෙප්පු දෙකයි, මල් කළඹයි විතරයිනෙ බොලව්.

      Delete
    11. මදවියො, ඒව කලින්ම කැමා අරගෙන පරිස්සමට තියල තියනවළු රෙදි නැන්දට දෙන්න.

      Delete
    12. මෙන්ඩෝ,
      උඹට කියන්නම් කියලා හිටියේ. අනේ අම්මෝ දැන් නම් කියන්නෙ නෑ.

      මධාවියෝ,
      අවුලක් නෑ බං කුකුල් සායම් තියෙනවනේ... (කොළ පාට බෝතලේට මාරු උනොත් තමයි වැඩේ)

      කම්මලේ,
      යකෝ ඔය වගේ ඒවා මෙහෙම ප්‍රසිද්දියෙ කියනවද බොල..? ගෙදර උන් දැක්කොත්...

      Delete
  6. කැමා,
    ඇයි බං ෆොටෝ ඇල්බමයේ කපල් එක ඉන්න විදිහේ වරදටත් උඹල නේද බැනුම් අහන්නෙ?

    බොටනම් ගහන්නයි වටින්නෙ. ගහලත් මදිද මන්දා.

    ReplyDelete
    Replies
    1. ඔව් බං. ෆොටෝ ගැහුවා මදි කියලත් බැනුම් අහන්න ඕනෙ. ෆොටෝ ගැහුවා වැඩී කියලත් බනිනවා. මොන පාපකර්මයක්ද මන්දා....

      අයි බං මං පව් නැද්ද.....?

      Delete
    2. මැරි කරන්නේ උං මැරිලා යන්නේ අපි කියලා උඹට හිතිලා නැද්ද ඒ වගේ වෙලාවට

      Delete
    3. කසුනෝ උඹ මොකද රිප්ලයි කරනවා අඩු.උඹට විරැද්ධව නඩුවක් දානව බල බල ඉන්න.

      Delete
    4. මනෝ,
      අම්මප බං. උන් බාල් කන්නයි අපි මැරෙන්නයි මගුල....

      ඔන්න බලහං කසුනා ඇවිත් දාන සද්දෙ පි නැති වෙලාවට.

      Delete
    5. මනෝ,
      මේ දවස්වල වැඩිය එන්න වෙන්නෙ නෑ බං.වැඩ ගොඩක් ගොඩ වෙලා. ලොකු එඩිටින් වැඩකට හිරවෙලා. ඒ අස්සේ මේ පන්ති ටිකත් කරන්නෙපැයි බං.

      කැමා,
      හිටහල්ලකො මම මේ වැඩ ඉවර වෙලා එනකල්.

      Delete
    6. මටත් එහෙමයි බං.හෙටයි අනිද්දයි දවස් දෙක වැඩ වැඩි වෙනවා.විවෙකයක් ඇත්තෙම නැ.ලැබෙන චාන්ස් එකෙ තමයි බිලොග් එකට එන්නේ.

      Delete
    7. කසුන්,
      මොනා උනත් වැඩ ටික ඉවර කරලා ඉඳහං. ඒවා මේ සේරටම වැඩිය වටිනවා. මේකෙ ස්ථිර පදිංචිකාරයෝ නෑ කියන්නෙ දැනෙනවා වැඩී.

      මනෝ,
      ඒක නම් ඇත්ත බං. ඊයෙ දවල් දවසම එන්න බැරි උනා ඔපීසිය අස්සෙ හිර වෙලා...

      Delete
    8. ඔන්න දැන් තමයි ආව රෑ 10 ටත් ලගයි.මෙ ටිකේම හැමෝම එනවා ටිකක් අඩු වුනා වගේ නේද බං.

      Delete
    9. කොහොමත් සෙනසුරාදා ඉරිදා කට්ටිය එනවා අඩුයි. මේ සතියෙ නම් අනික් දවස් ටිකෙත් අඩුයි තම. වලියක්වත් අල්ලන්න බැරි උනා.

      Delete
    10. මෙ ටිකේම කවුරැත් නැනේ බං.බිලොග් පාලුවට ගිහින්

      Delete
    11. හෙට බලහංකො ඉන්න සෙනග.

      Delete
  7. හපොයි වෙඩින් කෙරුවාව තරම් වහක් නම්තව නැතුව ඇති...මමත් මේ ලගකදි දෙවනි මනමාලයාට ගියා.....අපොයි වේදනා සංසාරේ.....
    මනමාලි 2ට ගිහින් ඇදන් එලියට එද්දි 7 කියහන්කො....
    ඊට පස්සෙ පුටෝ මෑන් එක්ක දියටහට ගියා...ඒ ගිහිල්ලත් අදිනවා....පුටෝ අයියට මල පැන්නා...
    මනාලමහත්තයා අතට දීපූ ඇඩ්වාන්සෙ එකේ ගනට චැක් එකක් දුන්නා...කියන විදිහට වෙන්නේ නැත්තන් දාලා යනවා කිව්වා...මට තොපි එකෙක් උකු නෑ කූවා.....
    සැලුන් එකේ ගැනි කොහෙන් ගියා ද නෑ....
    මනාල ජෝඩුව හරී කීකරුව වැඩ ටික කොරා.....
    මම නම් හෙන කැමති පුටෝ අයියා ගත්ත ස්ටෙප් එකට...කිසිම කෙනෙක් ලග බාල්දු විය යුතු රැකියාවක් නෙමෙයි චායාරූප කරනය කියන්නේ...මම පුටෝ අයියගේ නම කියන්නේ නැත්තේ එයා ප්‍රසිද්ද පුද්ගලයෙක් නිසා......

    ReplyDelete
    Replies
    1. රැහෙම තමයි බං ඉන්න ඕනෙ. අපි කපල් එකටවත් ගෙදර අයටවත් වදයක් වෙන්න හොඳ නෑ වගේම අපිට වදයක් වෙනවා නම් කෙලින් කතා කරන්න පුළුවන් වෙන්න ඕනෙ. අන්තිමට ඔය අන්දන උන්ගෙ පරක්කුව නිසා ෆොටෝ ගැහුවා මදි කියලා බනින්නෙත් කැමරාමන්ට. ඕක නිසා තමයි ගොඩක් වෙලාවට කන්ට්‍රැක්ට් එකක් අත්සන් කරන්නෙ හරි වෙලාවට ඕනෙ කියලා.
      කවුරු උනත් නියම පොරක්.....

      Delete
    2. කොළබ ඉන්න ප්‍රසිද්ධ චායාරූප ශිල්පියෙක්...මම නම නොකීවේ ඒකයි...කොහොම නමුත්
      මොන වෘතියකට උනත් ඒකට අදාල ගරුත්වය හිමි වෙන්න ඕනේ....එහෙම නැත්නම් අපි ඒක ලබා ගන්න ඕනේ වෘතිකයත් විදිහට....

      Delete
    3. සම්පූර්ණ ඇත්ත. අපි ඒ විදිහට හැසිරුනේ නැත්නම් කවදාවත් ඒ ගරුත්වය ලැබෙන්නෙත් නෑ. කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න පුළුවන් නම් ඒක තමයි වටින්නෙ. සමහරු හිතන් ඉන්නෙ සල්ලි දෙන නිසා ඒ අයට ඕනෙ විදිහට වැඳ වැටෙන්න ඕනෙ කියලා.

      Delete
    4. පුටෝ අයියා එල ද බ්‍රා පොරක්

      Delete
    5. එකෙන්ම. ඔය වගේ මිනිස්සු ඉන්නකම් මේක බල්ලට යන්නෙ නෑ බං.... හැම එකාම ඔහොම ඉන්නවා නම්.

      Delete
  8. අනේ මං දන්නෑ බං. මට ආපහු අතීතෙට යන්න පුලුවන් ක්‍රමයක් අහුවෙලා ආයෙම කසාද බැඳිල්ල කියන තැනට ආවොත් අපි නං කොරන්නෙ හොරෙං පැනලා යන එක ඕ යෙස්.

    ReplyDelete
    Replies
    1. මටත් පැනලා යන්න තමයි හිතිලා තියෙන්නෙ ඩූඩ්. ඇයි යකෝ මෙච්චර මගුල් කොරන්න ඕනෙද. ඕකට මන් උඩිනුත් උතරයක් දුන්නා පැනලා යන්න ඕනෙ හොඳම විදිහ කියලා.
      (ගෙවල් දෙකම දැනුවත් කරනවා සතියක් විතර පලු යන්න බනින්න කියලා. ඊට පස්සෙ පැනලා ගිහින් ශේප් එකේ ගෙවල් වලින් කැමති උනු විදිහට ආවා. ඊට පස්සෙ ඔය අහල පහල උන්ට බත් ටිකක් දුන්නා)

      Delete
    2. //මටත් පැනලා යන්න තමයි හිතිලා තියෙන්නෙ ඩූඩ්. ඇයි යකෝ මෙච්චර මගුල් කොරන්න ඕනෙද. //
      කැමාට කොහොමත් පැනල යන්න තමයි සිද්ද වෙන්නෙ . මාමන්ඩි දෝණියන්දව දෙන්නෙ චරිතවත් කොල්ලෙකුට විතරයි කියලනෙ තියෙන්නෙ.

      Delete
    3. ඔව් බං. ඔළුව පොඩි කරන්නලු බලාගෙන ඉන්නෙ. උඹලා ඉන්නවා නේද බේරගන්න...?

      Delete
  9. අපේ වෙඩින් එකේනම් අන්දවන කෙනා වෙලාවට ඇන්දුවා, නිවාඩු පාඩුවේ පොටෝ ගත්තා, බලාගෙන යද්දි අඩුපාඩුවක් නෑ කියලා හිතෙනවා.

    හැබැයි එක්තරා සත්ව කොට්ඨාසයක් එකතුවෙලා ඒ වෙඩිමට උඩ පැන පැන බැන්නා අන්දන කෙනා ඉක්මනට අන්දලා කෘතිම කරලලු, පොටෝ මෑන් පැය තුනක්ම මොනවා කලාද මන්දා ලු. දන්නැද්ද ඉතින්.

    හෝම්කමින් එකේදි ගියා හෝම්කමින් එක තිබුණාය කියපු පලාතෙ "හොඳම සැලුන් එක" කියලා රෙකමන්ඩ් කරපු තැනට. අප්පේ දැනෙන සනීපෙ. ඒ ගෑනි මුලින්ම මූණෙ වලවල් කියකියා තැඹිලි පාට පාප්පයක් ගෑවා. ඒකෙ ගඳට ඔළුව කැක්කුමකුත් හැදුනා. පස්ස දික් කරන් තෙපරබබා පැය තුනක් ගෑව කියහන් අර පාප්පෙ හොඳේ. පොටෝ අයියලා එද්දි සාරිය අන්දන්න හිතලවත් නෑ. අන්තිමට ගෑණි අන්දල ඉවරවෙද්දි ඉතුරු උනේ පැයයි.

    ෆොටෝ අයිය යන්තම් පොටෝ දෙකතුනක් අල්ල ගත්ත කියමුකො.

    ගෙදර එද්දි අර තැඹිලිපාට එක දියවෙලා මේකප් එකත් එක්ක කඩාගෙන වැටෙනවා. ඒ මදිවට ඒ පලාතෙ හැටියට හැමෝම කරන්නෙ මනමාලි දිහා බලන්නෙවත් නැතුව මනමාලයගෙ මූණ අතගගා අනේ සීදේවි පාට කියන එක. ඒක ලොකු දෙයක් නැත්තං මේකප් එක හූරලම ගන්නව.

    දැන් ස්ටෝරි බුක් එක හදන්ඩ ගියාම හෝම්කමින් එකේ පිටු දෙකයි හදාගන්න පුලුවන්. පොටෝග්‍රැපාගෙ කිසි වරදක් නෑ. හැබැයි ඉතින් ස්ටෝරි බුක් එක ලබන සතියෙ ඒ පලාතට වැඩැම්මුවාම ඒ අසරණයට අම්බානක බැනුම් අහගන්න ලැබෙන එකනම් බුදු ෂුවර්.

    වාත වෙන ෆොටෝග්‍රැපාලත් ඉන්නව. නැත්තෙ නෑ. ඒත් අපේ වෙඩිමට අන්දපු සැලුන් අක්කයි, ෆොටෝග්‍රැපායි දැන් මාස ගානක් තිස්සෙ තවමත් කුණු බැනුම් අහන්න එකම හේතුව උන් දෙන්නා "මම පණ්ඩිතකමට තෝරාගත් වැරදි සිලෙක්ෂන්" වීම නිසයි.

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නෙ ටක්කෙටම කියලා. ඕක තමයි ඇත්ත බස්සී.

      //පොටෝ මෑන් පැය තුනක්ම මොනවා කලාද මන්දා ලු// සමහර වෙලාවට පැය තුනත් මදි වෙනවා ගෙදර උන් ෆොටෝ ගන්න උගන්නනකොට.

      //පස්ස දික් කරන් තෙපරබබා පැය තුනක් ගෑව කියහන් අර පාප්පෙ හොඳේ. පොටෝ අයියලා එද්දි සාරිය අන්දන්න හිතලවත් නෑ. අන්තිමට ගෑණි අන්දල ඉවරවෙද්දි ඉතුරු උනේ පැයයි.ෆොටෝ අයිය යන්තම් පොටෝ දෙකතුනක් අල්ල ගත්ත කියමුකො.// මේ ගැන නම් කතා කරලා වැඩක් නෑ. ඔය අන්දන උන් ෆොටෝ ගහන උන්ගෙ ආත්මගත වෛරක්කාරයෝ වගේ.

      //තැඹිලිපාට එක දියවෙලා මේකප් එකත් එක්ක කඩාගෙන වැටෙනවා// තව ෆොටෝ එක ගහලා බැලුවාම හොල්මන් වගේ පේන්නෙ. ඇයි ඔය අන්දන හුඟක් උන්ට ලයිට්නින්ග් ගැන දැනීමක් නෑ. උලන්න තියෙනවට උලනවා. හැබැයි නියමෙට අන්දන අයත් ඉන්නවා කියන එක නම් කියන්නම ඕනෙ.

      //පොටෝග්‍රැපාගෙ කිසි වරදක් නෑ. හැබැයි ඉතින් ස්ටෝරි බුක් එක ලබන සතියෙ ඒ පලාතට වැඩැම්මුවාම ඒ අසරණයට අම්බානක බැනුම් අහගන්න ලැබෙන එකනම් බුදු ෂුවර්.// අන්තිමට ෆොටෝ ගහලා මදි කියලා බැනුම් අහන්න වෙනවම තමයි. ඒත් ඒ බැරි උනේ වෙන කෙනෙක් හින්දා කියන එක අමතකයි.

      Delete
    2. bassiyek ge monawada andanna thiyene. thatu tika kapalaa mayil kota kalaama iwarayi.

      Delete
  10. තව එකක්. මම අපේ ෆොටෝග්‍රැපාට කලින්ම නැකැත් වෙලාවල් යැව්වා. සැලුන් අක්ක එක්ක කතා කරගෙන වෙලාවල් ෆිස්ක් කරගන්න අවස්ථාව දුන්න. හැබැයි ඒවා මගේ 'ඕනෑවට වැඩි විකාර' නිසා වෙඩිම දවසෙ විතරයි ක්‍රියාත්මක උනේ.

    මං හිතන්නෙ එහෙම වෙලාවල් හදාගන්න දෙන එකෙනුත්, ෆොටෝග්‍රැපාව සහ කපල් එක කෝඩිනේට් කරන්න අතරමැදි කසින් කොල්ලෙක් දෙන්නෙක් සම්බන්ධ කිරීමෙනුත් වැඩේ තව ටිකක් ස්මූත් වෙනවා.
    (සමහරුන්ට අනුව ඒවා මගේ 'වෙඩිම කෘතිම කරවීමේ' විදේශ කුමන්ත්‍රණ.) ;)

    ReplyDelete
    Replies
    1. //ෆොටෝග්‍රැපාට කලින්ම නැකැත් වෙලාවල් යැව්වා. සැලුන් අක්ක එක්ක කතා කරගෙන වෙලාවල් ෆිස්ක් කරගන්න අවස්ථාව දුන්න.// මෙන්න මේක නම් ගොඩක් වටිනවා. ඒ උනත් අන්දන කෙනාට කොච්චර කිවුවත් වෙලාවට දෙන්නෙ නැති එකනෙ අවුල. එයාට පරක්කු උනා කියලා ගැටළුවක් නැති එඅකයි හේතුව.

      Delete
    2. නෑ කැමා. එහෙම කතාකරගන්න අවස්ථාව දීමෙන් ඒ සැලුන් අක්කට ෆොටෝග්‍රැපා අර ඔයා කිව්ව ලයිටින් වලදි මේක් අප් දියවෙන්න පුලුවන් බව එහෙමත් කියලා තිබුනා. ඒ නිසා ඇත්තටම වෙඩිමෙත්, ප්‍රී ෂූට් එකෙත් ෆොටෝ ටික කිසි අවුලක් නැතුව කරගන්න පුලුවන් උනා.

      හෝම්කමින් එක මගේ නෙමෙයි වගේ අර 'පලාතේ ඉන්න හොඳම සැලුන් ගෑණි'ට දෙන්න වීමට ප්‍රධාන සුදුසුකමක් වෙලා තිබුනෙ 'එයා නුගසෙවණෙත් ඇන්දීම' වගේ මාට ගාම්භීර හේතු. ඉතින් එව්වට වචනයක් කියන්න බැරිකමට මම කටවහන් හිටිය වගේම පොටෝග්‍රැපා එක්ක කතා කරන්නත් ඒ 'අන්දන නැන්දා' අකමැති උනේ "උන් එක්ක මොනව කතාකරන්නද" කියලා.

      චී චී චී.... මට දුකයි බං ඒ පොටෝ ටික දැක්කම. මගෙ ඉස්සරහම පොටෝග්‍රැපා මාර කට්ටක් කෑවා ඒ චා උන එව්ව හදන්න. ඒත් සාරි ඇන්දිල්ලෙ වැරදි එහෙම හදන්න කියල ඌ ෆොටෝ එකට සාරි අන්දන්නයැ. ඒකනම් විනාසයක්.

      Delete
    3. තව කෙනෙක් කියන දෙයක් අහන්න අකැමැති කම තමයි. මං තමයි කෙරුමා කියලා හිතාගෙන උන්ගෙ වැඩ ඔහොමමනෙ. පුළුවන්නම් ඒ නැන්දට ෆොටෝ ටික පෙන්නලා ඔය අඩු පාඩු ටික ක්යන්නකො බලන්න එයා කැමරාමන්ට බනින්නෙ නැද්ද කියලා. ඕව හදලා ගන්න පුළුවන්. පොටෝශොප් තියෙන්නෙ ඒකටනෙ. ඇයි හරියට ගන්න දන්නෙ නැද්ද කියලා කතන්දර දාහක් කියයි. ඔය ඉන්න සමහර උන් හරියට තැල්ලවත් තියාගන්න දන්නෙ නෑ. ගොඩක් වෙලාවට ලොකේශන් එකට ආවම අපිට තමයි ඔය අඩුපාඩු හදන්න වෙන්නෙ.

      පොටෝශොප් වලින් හැමදේම කරන්න බෑ බස්සී. ඒක දන්නෙ ෆොටෝ හදන එකා විතරයි. හැමෝම හිතන්නෙ මොන අඩු පාඩු තිබ්බත් පස්සෙ හදන්න පුළුවන්නෙ කියලා. ඉතින් තමන්ගෙ අඩුව හදා ගන්නෙ නෑ. ෆොටෝ හදන එකා මැරෙන්න ඕනෙ ඊලඟට.

      එක පාරක් තෑන්ක්ස්කාඩ් එක බලලා මනමාලිගෙ තාත්තා අපිට බනිනවා මනමාලිගෙ කට ලොකුයිලු. ඒක කොම්පියුටරෙන් හදලා නෑ කියලා. මට කියන්න හිතුනු එක කියාගන්න විදිහක් නැතුව ඉවසන් හිටියා. ඇයි යකෝ කෙල්ලගෙ කට ලොකු වෙන්න ඒකි මගෙද.

      Delete
    4. බස්සිගේ කමෙන්ට් එක ඔපන් හාට් කතා කරපු කමෙන්ට් එකක්
      රෙස්පා..

      Delete
    5. සිරාවටම මෙන්ඩෝ... කියන්න ඕනෙ දේ කෙලින්ම කියලා තියෙනවා. හෙමතැනම වෙන්නෙ ඔය සිද්දියම තමා. ඒත් බස්සි වගේ කවුරුවත් ඔය විදිහට හිතන්නෙ නෑ. ඒකට හේතුව වෙන්නෙ ඇල්බම් එකේ ලස්සන දකින්නෙ වෙඩ්න් එකෙන් පාසෙනෙ. ඒ උනාට මේකප් එක ඒ වෙලාවෙම දකිනවනෙ.යන්තම් තෑන්ක්ස් කාර්ඩ් එකෙන් ටිකක් ගොඩ එන්න පුළුවන්.

      Delete
  11. අපි පිංතුර ගන්න කාලෙ වෙඩින් මේ තරමට වාණිජකරණය වෙලා සංකීර්ණ වෙලා තිබ්බෙ නැති නිසා ඒ තරම් කරදර තිබුනෙ නෑ.නමුත් ඉතිං පොටෝ ගද්දි ඉස්සරහින් ඇවිත් හිටගන්න අය කිසිම චාරෙකට නැතුව ඇඟේ හැප්පෙන බීගත්ත අය වාගේ උන් එක්ක නං කරදර තිබුනා.වැඩේ කියන්නෙ මඟුලෙන් පස්සෙ ඉතුරු වෙන්නෙ පිංතුර ටික පමණය කියල කවුරුවත් හිතන්නෙ නැති එකයි.
    අකුරු පොඩ්ඩක් ලොකු කලොත් නරකද?

    ReplyDelete
    Replies
    1. //මඟුලෙන් පස්සෙ ඉතුරු වෙන්නෙ පිංතුර ටික පමණය කියල කවුරුවත් හිතන්නෙ නැති එකයි.// මේ කතාවනම් සහතික ඇත්ත හැලපෙ අයියේ.
      අකුරු ලොකු කරලා දැන්මෙ නැත්තෙ පෝස්ට් එකේ දිග වැඩි නිසා අවුලක් වෙයි කියලා.

      Delete
    2. //මඟුලෙන් පස්සෙ ඉතුරු වෙන්නෙ පිංතුර ටික පමණය කියල කවුරුවත් හිතන්නෙ නැති එකයි.//
      ඇයි යකෝ ගෙනාපු ගෑණි ගෙදර ඉතුරුයි කියල අමතක උනාද ?
      මීට මිසිස් හැලප

      Delete
    3. ඇත්තට ඒකත් ඉන්නවා නේද...? හැලපෙ අයියගෙ අක්ක මේක දැක්කා නම් හැලපෙ අයියා කෑම ටිකට් එක කපාගන්නවා...

      Delete
  12. ගොඩක් වටින දෙයක් ඔයා මේ ලියාගෙන යන්නේ. අන්දන කෙනා තමයි ගොඩක් වෙලාවට වැඩිම කාලයක් අරන් අනිත් වැඩ ඔක්කොම අවුල් කරන්නේ. කැමරාමන් පව් කියලා හිතෙනවා උදේ 9.30 10 පහුවෙද්දී තියෙන ලයිට් එක ෆොටෝ ගහන්න එච්චර හරිත් නැහැ මං හිතන විදියට.. අපේ මිනිස්සුන්ට වෙඩින් එකේදී මොන මොන දේ වුනත් අමතකයි ඔක්කොම ෆොටෝ ටික ගද්දි බයින්නෙ කැමරාමන්ට.

    ReplyDelete
    Replies
    1. හැමෝම ඔහොම හිතනව නම් මොන තරම් හොඳයිද. ඒත් ඉතින් වැඩි හරියක් ඉන්නෙ බනින්න බලාගෙනනෙ.

      Delete
  13. අපේ කැමාලට තියෙන වැඩ කන්දරාව.කපල් එකට හනිමුන් දවසේවත් ඔචිචර වැඩ නැතිව ඇති.

    ...///හරියට කැමරාව අල්ලන්නවත් දන්නෙ නැති අය මේ ෆීල්ඩ් එකේ ඕනෙ තරම් ඉන්න නිසා//...

    උඹ එහෙම කිවිවෙ කැමරා හොමිබට නේද ?.එකට ඉදලා ඇයි බං ඔහොම කැපිල්ල දාන්නේ.පොරගේ වැඩ අවුල් කියන්න අපි දන්නවා.ඕ උනාට උඹට වටිනවද ඔවා මෙ වගේ තැනක කියන්න.

    ReplyDelete
    Replies
    1. මචං ඩ්‍රැකියා දවස් ගානකින් නැ.අවලං ගමනක්වත් ගිහිල්ලද.

      Delete
    2. උන් දෙන්නට හනිමුන් එක දවසෙ තියෙන්නෙ මේකප් එක හෝදන්නයි, කටු ටික ගලවන්නයි විතරනෙ බං...
      පව් බං ඒ අහිංසකයට ඔහොම කියනවද....? (උඹ තනියම ගුටි කාපන් මනෝ මට නම් බෑ..)

      ඩ්‍රැකියා පේන්න නෑ තමා. කොහෙ හරි මකබෑවිලා ඇති... එකෙක් හරි අඩු උනාම පොඩ්ඩක් අවුල් වගේ නේද. මෙන්ඩයි, මධාවියයි දෙන්නත් නෑ බං.

      Delete
    3. මදාවියා ඊයේ උදේ ඉදලම රිප්ලයි කරලත් නැ.ලොකු වැඩක් වගේ.ඩ්‍රැකියනම් අද ඒ පැත්තට ඇවිත් ගිහින් තියනවා.මෙ ටිකේම හැමෝටම වැඩ වැඩි වෙලා වගේ.මටත් එහෙම උනා.

      Delete
    4. මම මේ දවස් ටිකේ ගේමක් ඉල්ලනවා බං ඒකයි පරක්කු

      Delete
    5. මොකෝ මෙන්ඩා වැඩෙ දුරදිග ගියාවත්ද

      Delete
    6. //මම මේ දවස් ටිකේ ගේමක් ඉල්ලනවා බං ඒකයි පරක්කු//
      අයියෝ පවු මෙන්ඩ , මොනතරම් සෝකෙන් ඉන්නව ඇත්ද ?

      Delete
    7. මං මනමාලිගෙ මේකප් හොදනවා බං. අනේ එන්න බැරි වුණා ඊයෙ දවසම වගේ. හිටිල්ලකො අද රෑ වෙනකං...දෙන්න.

      Delete
    8. මනෝ,
      ඔව් බං. මුන් ටික නැතුවාම මේවා පාළුවට යනවා.

      මෙන්ඩා,
      බැරිම උනොත් දෙකක් දීලා ඇදහං. මං නම් එක පාරක් අස්වීමෙ ලිපිය අතට දීලා පුටුවෙන් දීලා ඇදලා ගෙදර අවා.

      කම්මලේ,
      ඒකනෙ බං හැමදාම හිනා වෙලා හිටපු එකා....

      මධාවියො,
      හොඳට හෝදහං... හැත්නම් අර මෙන්ඩට වගේ අමුතු අමුතු රස දැනෙයි...

      Delete
  14. කැමා අයියේ රා ඉවරද....... හා හා ලියාගෙන යමු

    ReplyDelete
    Replies
    1. රා පෙරන එක නතර කලා. ඇයි අප්පා මේ රා ගුඩ්ඩෝ එක්ක බේරෙන්න බෑනේ...

      Delete
    2. දෙනවා කිව්වනම් දිපිය

      Delete
    3. මානව අයිතිවාසිකමි උල්ලංගනය කරන්න එපා හරිය.රා නමි අපි.අපි නමි රා.

      Delete
    4. තෝ රා දෙනවද, අපි දෙවන්ඩද?

      Delete
    5. යකෝ මම මේ ලුණු කැට ටිකකුත් අතේ අරන් බීඩි මිටියකුත් ගත්තා රා බොන්න... දැං මේ මක්කෙයි දොඩන්නෙ??

      Delete
    6. උඹ අපිට රා නොදුන්නොත් උඹෙ කාමරේ වැලක් හංගලා අපි පොලිසියට ඔත්තුවක් දෙනවා උඹ මහා අපරාධකාරයෙක් කියලා,කුඩු කන්ටෙනර් එකක් ගෙන්වනවට වැඩිය භයානකයි පුතෝ වැලක් අහුවුනොත් එහෙම.සුනේ සුං

      Delete
    7. හුටා.......ෆෝමැට්ම කරනවා අදනං.

      Delete
    8. අම්මෝ..... මෙන්න රා ගුඩ්ඩෝ ටික සංධානයක් හදාගෙන මගෙන් ගේම ඉල්ලනවෝ... ඉඳපියෝ මං අර තැබෑරුමෙන් රා ගෙනත් දෙනවෝ.... මං කොරගත්තු මෝඩ කමක් මුන්ට රා ගැන කියලා... ටිකක් ඉඳපල්ලා වල් සතෙක් අහු වෙනකම්. මේ දවස් වල වල් සත්තු අහු වෙනවා අඩුයි.

      Delete
    9. මේ දවස්වල වල් සත්තු අහු වෙනවා අඩුයි කියන්නෙ ‍ෙකොහොමද යකෝ. ඔය ඉන්නෙ මනෝ, මෙන්ඩ, මදුව.

      රා දෙනව කිව්වනම් දීපිය. නැත්නම් දන්නවනෙ.

      Delete
    10. වර දවස් දෙකකින්,ඇටකටුත් එක්ක බයිටි එකට ගන්නමි.

      Delete
    11. කසුනා,
      ඕකුන් හිටියට වැඩක් නෑ. මෙලෝ රහක් නෑ. වරත්තු රහ විතරයි...
      දෙනවා දෙනවා හිටපිය හදිස්සි නැතුව.

      මනෝ,
      ඇයි කූ කේලි....?

      Delete
    12. අපි කසුනව ගමු හැදි මිටකට.

      Delete
    13. අන්න වැඩේ... කෝ ඕකා....

      Delete
  15. සමහර කැමරාමන් ල වැඩ කරනවා තේරෙන්නෙ නෑ.. ෆන් එකේ කතාවක් කිය කිය.. එතකොට නියම ෆොටෝස් ටිකක් වැදිලා.දැං නං මේකප්,කැමරා,ඩෙකෝ කට්ටිය නිකං නොනිල සංගමයක් වගේ වෙලා තමංට එන වැඩේට අනිකවත් සෙට් කරගන්නවා නේද? සමහර විට අන්නෝන්‍ය අවබෝධය නිසා වෙන්න ඇති.
    අකුරු නම් පොඩි වැඩියි මචෝ...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. වෙඩින් එක දවසෙ කපල් එක ලොකු ස්ට්‍රෙස් එකක ඉන්නෙ. ඒ වෙලාවට කැමරාමනුත් හෙන බැරෑරුම් තාලෙන් ඉන්න් ගියොත් ඒක තව වැඩී. දෙන්නා සැහැල්ලුවෙන් තියනකොට දෙන්නගෙ නිනාව උනත් ස්වභාවික විදිහට එනවා. ඒ නිසයි අපි උදේට පැය තුනක් ඉල්ලන්නෙ. ඉක්මනට ෆොටෝ ටික ගන්න බැරුව නෙවෙයි දෙන්නා ඉන්න ස්ට්‍රෙස් එක අඩු කරන්න ඕනෙ නිසා. ඒත් හැමෝම කියන්නෙ නම් "ෆොටෝ ටිකක් ගහන්න මොකටද ඔච්චර වෙලාවක්" කියලා.
      ඔය වෙඩින් ෆීල්ඩ් එකෙ ඉන්න අය අතරෙ සහයෝගයක් තියෙන්නම ඕනෙ. ඒකෙන් වැඩ හදා ගන්න පුළුවන්.
      අකුරු ලොකු කරපු නැති එක හැලප අයියත් කිවුවා. ටෙම්ප්ලේට් එකේ පළල වැඩි කරන්න බැරි නිසා පෝස්ට් එක දිග වැඩි වෙයි කියලයි කුඩාවට දැම්මෙ. ඊලඟ එකේ ඉඳන් ආයෙම අකුරු ලොකු කරන්නම්.

      Delete
  16. දැන් වෙඩිමක් ගන්නව කියන්නෙ කරුමයක් නෙ බං, එකෙක්ගෙ වෙඩිමක් කිවුව ඩ්‍රෙස් කෝඩ් එකත් එක්ක ඇදුම් මහන විදිහ කැටලොග් එකකුත් දුන්න.
    දැන් නැකත් දවසට ෆොටෝ ලොකේශන් වලින් යද්දි ප්‍රවේශමෙන් රියපදවන්න කියල බෝඩ් ගහන්න ඕනෙ , හිටිය ගමන් පාරෙ දුවනව.
    වෙලාව අරන් ඇදල, ෆොටෝ අරන්, ඊට පස්සෙ චාරිත්‍ර කරල , නිදහසේ පැණි හදේ ගිහිල්ල සරලව ජීවිතේට එකපාරක් කරන වැඩේ නිදහසේ කරගන්න ඕනෙ. නැකත් තුන හතරක් ඉල්ල ගන්න ඕනෙ.
    මම පෝරුවට නැග්ගෙ විනාඩි 11 ක් විතර පරක්කු වෙලා,

    ReplyDelete
    Replies
    1. කම්මලයාට වෙඩිං කාඩ් එකක ඩ්‍රෙස් කෝඩ් එක වයිට් ෂර්ට් බැලැක් ටයි කියලා තිබුනලු මු කලිසම නැතුව ඒ දෙක විතරක් ඇදගෙන ගිහින්

      Delete
    2. වෙඩිමට ගිහින් එනකොට කලිසම නෑ , යටට ඇන්ද බීච් ෂෝට විතරයි තිබ්බෙ.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. ...///මම පෝරුවට නැග්ගෙ විනාඩි 11 ක් විතර පරක්කු වෙලා///..

      ඇග කිලිපොලා ත්‍රාසජනක අත්දැකීමි සහිත අවස්ථාව හෙවත් හනිමුන් එකේදි විනාඩි 11 යේ ඇරියස් එකත් එක්කම අල්ලන්න එපාය.

      Delete
    5. කම්මලේ,
      ඒක නම් කරුමයක් බං. වෙඩිමට එන උන්ට වද දෙන එකට නම් මං ආසා නෑ. හිතහං ඔය වැඩේ හින්දා කරදර වෙන උන් කීයක් ඇතිද කියලා. මං වෙඩිමක් ගන්නවා නම් අනිවා කාර්ඩ් එකේ යටින් ගහනවා තෑගිවත්, සල්ලිවත් ගේන්න එපා ඇවිත් කාලා බීලා සතුටින් යන්න කියලා. ඇයි යකෝ හිතහං කුලී වැඩක් කරගෙන ඉන්න එකෙකුට වෙඩින් එකක් කිඋවාම ඌට කීයක් පාඩුයිද කියලා. උගෙ දවසෙ ගානත් නෑ තව බඩගින්නෙත් තියලා දෙතුන් දාහකුත් අතින් දෙන්න වෙනවා. මං පුළුවන්නම් එන එකාට තෑග්ගක් දෙනවා ආපු සංතෝසෙට.

      මෙන්ඩා.
      ඒකත් කෙරුවද දන් නෑ මේ පුතයා...

      කම්මලේ,
      වටිනම දේ පරිස්සං කොරන් ආවා නේද...?
      ආතරයත් ඇවිත් ඉන්නේ...

      මනෝ,
      මොනා කලත් ඕය වැඩේට විනාඩි යි යන්නෙ බං. කියවලා නැද්ද "විනාඩි එකොලහ" කියන පොත?

      Delete
  17. ඔව් ඔව් පොටෝ කාරයා තමයි පරක්කු කලේ
    ඒ වුණාට පොටෝ අඩු වුණාම කියන්නෙ අර පොටෝ අල්ලපු එකා ගහල නෑනෙ
    අඩේ මේකා නං මහ අපතයෙක් පොටෝ ටික අල්ලලත් නැ

    හුකැස් ය...

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්තං... කරුමෙ බං. මොකක් හරි පාප කරුමයක් කරලා තියෙනවා. හරියට නිකන් අර ගෑනු වැස්සට බනිනවා වගේ...

      Delete
  18. මචං...සීට් එක ඇල්ලුවා. රෑට එනවා. එක *ත්තෙක්වත් වාඩිවෙලා අහුවෙන්න එපා. (තරුව=ඉ යන්න)

    ReplyDelete
    Replies
    1. ඔන්න මං නම් වාඩි උනේ නෑ සීට් එක දිහා බලලා ආපහු ගියා...

      Delete
    2. ඇති යාන්තම් සීට් එක තියෙනවා. උඹේ පෝස්ට් එකක් කොහොමද බං උඩිං පල්ලෙන් බලලා කමෙන්ට් කරන්නෙ. ඒකයි රෑ වෙලා නිවී හැනහිල්ලෙ ආවෙ. (අනික ළමයි ඇහැරල ඉන්න වෙලාවට බලන්න පුළුවන්යැ මුන් දාන කමෙන්ට්ස්)

      උඹ දන්නවද ඕනි තැනක ස්ටාර් තමයි වැඩිපුර බැණුම් අහන්නෙ. පාරදි පොලීසිය. බස් එකේදි කොන්දා. ගෙදරක අම්මා. මේකත් එහෙමයි. තනි මිනිහෙකුට එහෙම පීඩනයක් ආවම දරාගන්නවා කියන්නෙත් සෙල්ලමක් නෙමේ.
      උඹේ මේ ලිපිය මට ඕනි වෙනවා තව අවුරුදු දහයකින් විතර. එතකං පරිස්සමට තියපං ඈ...

      Delete
    3. ඒ කියන්නෙ කියවන්න තරම් දෙයක් තියෙනවාද මචෝ...?
      කමෙන්ට් ගැන නම් කතා කරලා වැඩක් නෑ. හපොයි.....

      වෙඩින් එකක් ඉවර වෙනකම් ඉන්න වෙන්නෙ ලොකු ස්ට්‍රෙස් එකකින් බං. නිකමට හිතහං අවශ්‍යම ෆොටෝ එකක් ගන්න බැරි වෙලානම්. ඉතින් ඒ දේවල් මතක් කරලා කොහොම හරි අරගත්තෙ නැත්නම් ඉතින් ඇල්බම් එක හදන්න ගියාම තමයි ඇඬෙන්නෙ.

      ඒ කාලෙ වෙද්දි අහපන් විස්තර කියන්නම්.

      Delete
    4. '...///කමෙන්ට් ගැන නම් කතා කරලා වැඩක් නෑ. හපොයි //.....

      එහෙනමි එහෙනමි මම දොරේ අගුල දාලා කොමන්ටි බලන්නේ.දාන්නෙත් එහෙම තමයි.සෑහෙන ආරක්ෂාකාරි පියවර අනුගමනය කරන්න වෙනවා.

      Delete
    5. උඹ දැන් කම්මැලි වෙලා නේද...? ලියහං බං අලුත් පෝස්ට් එකක්.

      Delete
    6. වෙලාව මදි උනා බං.පොඩි කොමඩි එකක් දාන්නමි කමිමැලි කම යන්නත් එක්ක.

      Delete
  19. ඕකනෙ මම කැමරාකාරයෙක් උනත් ඔය මඟුල් පොටෝ ගහන්නැත්තෙ ......

    ReplyDelete
    Replies
    1. උඹ හරි බං. ඒත් ඉතින් මේ කරුමෙට කරගහන්න උනානෙ. දැන් ගැලවෙන්න බැරුව ඉන්නෙ. යන්තම් මේ මාස තුනේ ශේප් වෙලා හිටියා. ලබන මාසෙ දෙකකට අහු උනා. මොනා කරන්නද පූරුවෙ කරපු පව් ගෙවන්නත් ඕනනෙ.

      Delete
  20. හප්පේ මම නම් ආයෙත් බඳින්නේ නම් නෑ........... බැන්දත් පොටෝ අල්ලන්නේ නෑ......

    ReplyDelete
    Replies
    1. ෆොටෝ ටික ගහලා ඉවර උනාම හැම කපල් එකම ඕක කියනවා බං. ඇයි ඉතින් ලේසි පාසු රැග් එකක්යැ දෙන්නෙ.

      Delete

 
 
Blogger Templates