Pages

Thursday, July 16, 2015

පිකටින්.....




මේ දවස් ටිකේ කමෙන්ට් වලට රිප්ලයි කරන්නවත්, බ්ලොග් පෝස්ට් කියවන්නවත් අඩුම තරමෙ මගෙ බ්ලොග් එකට ඔළුව දාලා බලන්නවත් බැරි උනා. මං නිතරම ඇවිත් යන බ්ලොග් වලට ආවෙ නෑ කියල තරහා වෙලා නම් ඔන්න සමාව ඉල්ලුවා...

අපෙ ගමට එන පාර හදලා දෙන්න කියලා ගමේ කට්ටිය එකතු වෙලා පිකටින් එකක් සංවිධානය කලා. ඉතින් ඒ වැඩ වලට අපි එහා මෙහා දුවපු නිසා මේ පැත්තෙ එන්න වෙලාවක් ලැබුනේ නෑ. පහුගිය බදාදා (15 වෙනිදා) පිලීකඩ හංදියෙන් නුවර පාර හරස් කරලා තමයි පිකටින් එක කරේ. ඔන්න ටීවී එකේ ප්‍රවෘත්ති වලට පෙන්නුවා අපි කරපු පිකටින් එක සහ අන්තිමට එතෙන්ට ආපු වයඹ පළාත් මහ ඇමති දයාසිරි ජයසේකරට ඇවිත් හිටපු අය හූ කියනවා.

පිලීකඩ හංදි‍යේ ඉඳන් කටුපිටිය හංදිය දක්වා දිවෙන මේ මාර්ගයෙන් ඉඳුල්ගොඩකන්ද, වල්පලකන්ද, හඳුරුක්කන්ද වත්ත, මොරතැන්න, මොරතැන්න වත්ත, ගෝනාගල, ගෝනාගල්දෙණිය, මුවන්කන්ද, කටුපිටිය හංදිය, ඉඳුල්ගොඩ, වේරවැල්ල, කොස්ගොල්ල කියන ගම්මාන වල ඉන්න හැමෝම ප්‍රයෝජනයට ගන්නවා.

දැනට අවුරුදු විස්සකින් මේ පාර අළුත්වැඩියා කරලා නෑ. හදිස්සියකට ලෙඩෙක් අරන් යන්න බෑ. අලි නාවන්න පුළුවන් වලවල් පාර මැද්දෙ. හැම එකාම හදලා දෙන්නම් කියලා පොරොන්දු දුන්නා විතරයි. ඉතින් බැරිම තැන තමයි මේ ගම් වල ඉන්න හැමෝම එකතු වෙලා පාරට බැස්සෙ.

ඉතින් මේ වැඩ වලට හිර උන නිසා මේ පැත්තෙ එන්න බැරි උනා. මේකත් මේ හදිස්සියේ කොටන්නෙ. පිකටින් එකේ විස්තර වෙනම කියන්නම්කො. තරහා අවසර ඔන්න...

23 comments:

  1. අලි නාවන්න් පුළුවන් වලවල් වල ,ඔය ඡන්දේ ඉල්ලන්න එන අලි දෙතුන්දෙන්ක් නාවපම්

    ReplyDelete
    Replies
    1. මේ පාර නම් නාගෙනම යන්න වෙයි වගේ මොකා ආවත්. වැඩක් නෑ ඕකුන්ට කියලා.

      Delete
  2. අලි නාවන්න පුලුවං වලවල් තියෙනවනං අපරාදෙනෙ ඔය පාර හදන්නෙ. නරකද පාර මැද ස්විමං ෆූල් එකක් හදාගත්තනං.

    ReplyDelete
    Replies
    1. :D බස් එකේ යනකොට මුහුදු ලෙඩේ හැදෙනවා නැලවිලාම.

      Delete
  3. පාර හදලා ඉවර වුනාම පාටියක් දාමු
    බ්‍රෑන්ඩ් එක ගල්

    ReplyDelete
    Replies
    1. අනිවා දාන්න වෙනවා. තව පොඩ්ඩෙන් එදා වැඩේ දුරදිග ගියා නම් පාටි ලැබෙනවා නොමිලෙම.

      Delete
  4. උඹ ඔච්චර පොටෝකාරයා වෙච්චි එකේ පාරෙ කැඩිච්චයි, වලවල් හෑරිච්චයි, ආයි වලවල්වල කිමිදිලා අන්ඩර්වෝටර් පින්තූරුයි අරං පත්තරෙයි, බුකියෙයි, බොගෙයි, අජිත් අයියගෙ මෙව්ව එකෙයි, ගොසිප් වලයි, යූ ටියබ් එකෙයි දැම්මනං......................මෙළහට ඕක හැදිලනෙ බාන්ස්.

    ReplyDelete
    Replies
    1. ඔය වැඩේ අද ඉයේ ඉඳන් නෙවෙයි කරේ. පත්තරේ, ටීවී වල දැම්මා. ලියුම් දුන්නා. ඒ මදිවට ඇවිත් මුල් ගලුත් තිබ්බා.

      Delete
  5. අහ්... සමාජ සත්කාරක වැඩකට දායක වෙලානේ... හොඳයි හොඳයි..

    ReplyDelete
    Replies
    1. ඒවත් කෙරෙන්න එපැයි.....

      Delete
  6. අපි නං අපේ මහ ඇමැත්තා එද්දි පාරෙ කෙහෙල් ගස් හිටෙව්ව. කෝම හරි හංදියෙ ඉදන් ගස පණහක හැටක විතර හිටවනන ඇති.
    පාරෙ යන්න බෑ කියල තේරුණාද ලැජ්ජ හිතුණද දන්නෑ. මාසයක යන්න කලිං පාරෙ වැඩ පටං ගත්ත. ඒ පාර තමයි කෝංගස්සංදිය වේරගොඩ බෙලිගල හරහා යට්ටෝගොඩ (ගලිගමුව) හංදියට වැටෙන්නෙ
    හිහි

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ බං. අපෙ ඉන්නවනෙ උන්ට දෙන්න ලෑස්ති උන සෙට් එකකුත්.
      අඩේ උඹ ඒ පාරෙද? අපි ගිය අවුරුද්දෙ වෙඩින්ග් එකක් කලා බෙලිගල කිට්ටුව.

      Delete
  7. පිකටින්..? දැං ඒවා සාමාන්‍යකරණය කොරලා තියෙන්නෙ.මතකෙයි ඉස්සර වි.වි ශිෂ්‍යයො එලි බැස්සා කිව්වම කස්ටිය බලනවා මොකද කියල වත්..ඒත් දැං?
    කොහොම හරි පාර හදන්න සෙට් වෙයං බන්. ඔව්ව ලොකු පිං අතේ වැඩ.හොඳ හිත මුල් කොරගත්තොත් කොල්ල ගොඩ.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියී ලබ්බෝ... ඔන්න ඊයෙ ඉඳන් පාර තාවකාලිකව අලුත්වැඩියා කරන්න පටන් අරන්. ඉතුරු ටිකත් කොහොම හරි කරගන්න ඕනෙ.

      Delete
  8. උඹලගේ පිකටින් එකට ජයවේවා.

    ReplyDelete
    Replies
    1. ස්තුති‍යි ඩූඩ්..... දැන්මම ඔන්න පිකටින් එකේ ප්‍රතිපල ලැබෙන්න පටන් අරන්.

      Delete
  9. අපරාදේ බං ඔය වලවල් වහලා පාර හදන්නේ.. පෞරාණික වටිනාකමක් තියන වලවල් වෙන්ට ඇති බං තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත බං... :D සමහර වලවල් අවුරුදු විස්සකටත් වැඩිය පරණයි...

      Delete
    2. හායි ශ්‍රීනා මෙයා
      මන් බලාගෙන උන්නේ ඔයාට මොකද උනේ කියලා.... ෂෝයි මෙයා ඔයා වයඹේ නියම ගම්XXX පොරක්නේ කෝච්චීයෙන් පොටෝ අල්ලන්න කොළඹ ආපු හැටි මත්ක් වුනා
      අනේ ඔහොම බැනේ මෙයා..... චන්ඩි වගේ ගේමට ම යන්නකෝ අර ලබ්බවත් එක්කර ගන්නකො මෙයා, එයා හරි සුවීට් මෙයා ඇට නැතිව ඉන්නකොට

      Delete
    3. ආ මචන්..... කෝමෙයි...?

      Delete
  10. මම දාපු කමෙන්ට් එක කෝ කියල බලහං.

    ReplyDelete
  11. මම දාපු කමෙන්ට් එක කෝ කියල බලහං.

    ReplyDelete
    Replies
    1. ස්පෑම් වලත් නෑ මචෝ... අනික් පෝස්ට් එකේ එක නම් තියෙනවා...

      Delete

 
 
Blogger Templates