Pages

Wednesday, January 20, 2016

පස්සට කරදරේ..........

       පරණ කතා පෝස්ට් කරලම දැන් ඒකට පුරුදු වෙලාද මන්දා දිගටම ඒවම ලියවෙනවා. අදත් කියන්න හදන්නෙ අවුරුදු ගාණකට කලින් වෙච්චි පරණ කතාවක් තමයි. මෙච්චර දවසක් කියපු කතා වලින් මුණගැහුනු නැති චරිත තුනක් මේ කතාවෙදි ඉන්නවා. වැඩේ කියන්නෙ උන් තුන් දෙනාම අපෙ නෑදෑයො වෙච්චි එක. මුලින්ම මුන් තුන්දෙනා ගැන කියලා ඉන්නම්කෝ.

       අප්ප කුඩප්පලාගෙ දරුවෝ වෙච්චි මුන් තුන්දෙනා ඉස්කෝලෙ යන කාලෙ ඉඳන්ම එකට හිටපු හොඳම යාළුවො තුන්දෙනෙක්. ඒ කාලෙ ඉඳන්ම මොන නසරානි වැඩේ කලත් සෙට් එක එකටමයි. දැන් නම් අවුරුදු තිස් පහක් විතර වයස ඇති මුන්ට. මුන් කෙරුවොත් මොකක් හරි නම ගිය වැඩක් කරලා ඒක කරේ මුන් නොවෙන ගානට ඉන්න පුළුවන් උනු සෙට් එකක් නිසා මුන් තුන් දෙනා කරන වැඩ ගැන කාටවත් හිතාගන්න බැරි උනා. හැබැයි කවදාවත් ගමේ කාටවත් කරදරයක්, පාඩුවක් වෙන අසමජ්ජාති වැඩ නම් කරලා නෑ. ගමේ අයට පුළුවන් විදිහට උදව් කලා මිසක්.


       මං මුන්ගෙ ඇත්ත නම් වෙනුවට ගමේ කියන නම් වලින්ම අඳුන්වලා දෙන්නම්. මොකද මුන් මේක කියවන්නෙ නැති නිසා අවුලක් නෑ. කියවන එකෙක් මුන්ට ගිහින් කිවුවත් කටකැඩිච්චි කතාවක් කියනවා ඇරෙන්න බනින්නෙ නැති නිසා බයකුත් නෑ.

       ඔතනින් එකෙක් තමයි ඩෙංගුවා කියන්නෙ. එක පාරක් ඩෙංගු හැදිලා යන්තම් ගොඩ ගිය නිසා මූට ඒ නම වැටිලා. ඉස්සර ඩෙංගු කියන්නෙ දැන් වගේ සුලබ ලෙඩක් නෙවෙයිනෙ. ඒ නම කොච්චර රෙජිස්ටර් වෙලාද කියනවා නම් මුගෙ ඇත්ත නමෙන් මූව මතක නෑ මුගෙ ගෙදර උන්ටවත්. මූ කාට හරි කෝල් එකක් අරන් කියන්නෙත් "මං මේ ඩෙංගුවා කතා කරන්නෙ" කියලා. හොඳට බෙර ගහන්න නටන්න පුළුවන් වෙච්චි මේකා සුපිරිම කුෂන් සීට් ගහන එකෙක්. නිට්ටඹුව පැත්තෙ කුෂන් සීට් ගහන කම්පනියක වැඩ.

       අනිකා තමයි මයිලා. ඌට මේ නම කොහොම වැටුනද දන්නෑ. ඒත් ස්කෝලෙ යන කාලෙ ඉඳන් කියපු එකක්ලු. මූ තමයි ඔය සෙට් එකේ මහ මොළ කාරයා. කාලයක් හමුදාවෙ ඉඳලා අයින් වෙලා දැන් සැලූන් එකක් කරනවා. මූත් ඉතින් කොන්ඩෙ කපන්න නම් අනික් වැඩ වගේම වැඩ්ඩෙක් තමයි. මූ නම් දැන් දරු මල්ලොත් එක්ක පාඩුවෙ ජීවත් වෙනවා.

       මේ තුන්දෙනාගෙන් සුපිරිම පොර තමයි අනිකා. ඌ තමයි පදිරියා කියන්නෙ. මේ නම වැටුනු හැටිත් දන්න එකෙක් නෑ. ඒත් මුගෙ ඇත්ත නමට වඩා ඕක කිවුවොත් තමයි ගමේ උන් දන්නෙ. ඔය සෙට් එකේ පොට ගෙවිච්ච කට තිබුණෙ මූට තමයි. කට ඇරියොත් කියන කතා වලට වටේ ඉන්න උන්ට ඉල ඇට උලුක්කු වෙලා බෙහෙත් ගන්න වෙනවා. ඒ තරම් නසරානි කටක් මූට තිබුණෙ. ගමේ හිටපු නියම වඩු කාර්මිකයෙක් තමයි මේ පොර. කාර්මික විද්‍යාලෙ ගිහින් ඉගෙන ගත්තු පදිරියා එක්ක කරට කර වැඩ කරන්න පුළුවන් උන් දෙන්නයි ගමේ හිටියෙ. විදුලි උපකරණ නැතුව සාම්ප්‍රදායික ආවුද වලින් වැඩ කරන්න පුළුවන් උන කිහිප දෙනාගෙන් එකෙක් තමයි මේ.

      දැනට අවුරුදු අටකට විතර උඩදි තදබල විදිහට අසනීප වෙච්චි ඔය කියන පදිරියා අපෙන් වෙන් වෙලා ගියා. එදා ඉඳන් මේ තුන් දෙනා එකට දකින්න උනේ නෑ ගමේ අයට.

අපෙන් වෙන් වෙලා ගියපු පදිරියා හෙවත් ප්‍රියන්ත අයියා 2007 දි වඩු මඩුවෙ වැඩ කරන වෙලාවක ගත්තු එකක්.

      මුන් තුන් දෙනා එකට ඉන්න කාලෙ කරපු නසරානි වැඩ ගොඩක් තියෙනවා. ඒවා සේරම නම් එක පෝස්ට් එකෙන් කියන්න වෙන්නෙ නෑ. ඒ හින්දා අද කියන්නම් මුන් කරපු පොඩි වැඩක් ගැන.

       ඒ කාලෙ අපෙ ගම හරියට නිකන් රාජ්‍ය ස්කාගාර සංස්ථාවෙ අනු ශාඛාවක් වගේ. ඒ තරමට කසිප්පු පෙරීමේ කටයුතු ජයටම උනා. හැම තැනම ඇලවල් ගලපු නිසා හතර පස් දෙනෙක්ම ඔය ජාවාරම ලොකුවටම කරගෙන ගියා. නියම ප්‍රමිතියට තිබුණු නිසා කුරුණෑගල නගරයට පවා ස්ප්‍රීට් අලෙවි කරපු කෙනෙක් හිටියා ඉස්සර. ඔය හේතුව නිසා ඉස්සර නිතරම පොලිස් නිලධාරීන් ගමට එන යන එක සාමාන්‍ය දෙයක් වෙලා තිබුණෙ.

      දවසක් අපෙ ඔය කියන තුන් දෙනත් හීනියට වගේ අඩියක් ගහලා කඩමණ්ඩියෙ සැලූන් එක ලඟට වෙලා ඉඳලා. ඔතන තමයි ගමේ උන් පත්තරේ කියවන්න, වල් පල් කියවන්න, බස් එකේ යන්න එහෙම එකතු වෙන්නෙ. ඉතින් එදා ඔය වගේ ඉද්දි පොලිස් ජිප් එකක් ඇවිත් ඔතනින් නතර කරලා.

       ජිප් එකේ හිටපු කෙනෙක් මුන්ට අඬගහලා එතෙන්ට එන්න කියලා. මුන් තුන් දෙනා ඕක ඇහුනෙ නෑ වගේ වල් පල් කියව කියව ඉඳලා. මොකද මුන් ඒ දවස් වල හෙන තරහයි පොලිසියත් එක්ක. ඇයි ඉතින් හවසට පොඩ්ඩක් දාගන්න තියෙන චාන්ස් එක නැති වෙනවනෙ කසිප්පු පොලට පොලිසියෙන් පැන්නාම. ඒ තරහටම මුන් ජීප් එක දැක්කෙ නෑ වගේ ඉඳලා.

       බැරිම තැන අර කතා කරපු කෙනාම ජීප් එකෙන් බැහැලා මුන් ලඟට ඇවිත් මුන්ට තග දාලා අහනවලු කසිප්පු පෙරන තැනක් ගැන එතෙන්ට යන විදිහ. අනේ ඉතින් මුන් තුන් දෙනත් මෝඩයෝ වගේ උත්තර දෙනවලු අර අහපු එකා බයිට් වෙන විදිහට. අරූ අහන අහන එකට එකෙක් කියනවලු එක පාරක්, අනිකා කියනවලු ඒ පාර නෙවෙයි මේ පාරෙන් යන්නෙ කියලා. ඔහොම කිය කිය අරූට එපා වෙනකම් කියවලා.

      කොහොම හරි මුන් මොකාටද එන්නෙ කියන එක තේරිච්චි පොලිසියෙ පොර කිවුවලු "හරි එහෙනම් උඹලා තුන් දෙනා ඇත්ත කියන්නෙ නෑනෙ. එහෙනම් බලාගමුකො පස්සට කරදර වෙයි..." කියලා.

      ඕක කියපු ගමන් අපෙ පදිරියා හයියෙන්ම කිවුවලු "අනේ මහත්තයෝ... පස්සට නම් ඉතින් වෙන මොන කරදයක්ද, ඔය හදිස්සියෙ කරුවලේ දොට්ට පිලට යන්න වාඩි වෙනකොට පෙත්තට කපපු උලක් පස්සෙ ඇනුනොත් තමයි...." කියලා......

105 comments:

  1. හරිම ලස්සන කතන්දරයක් මිට කලින් කවුරුත්ම මෙ කතන්දරේ ලියලා නැතිව ඇති නේද ??/දැන් කොමන්ට් කරන කට්ටියට හිටු කියලා කොමන්ට් කරන්න පුළුවන් 1:10 අනුපාතයට

    ReplyDelete
  2. දැංනං ඔය ගමේ 'පොරකට' ඉන්නෙ කැමා කියල එකෙක් විතරයිලු. සිරිසඟබෝ ටයිප් ෆොටෝ ගහන්න ඌ හෙන ප්‍රසිද්ධයි කියල තමයි ලෝකය කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. ලෝකයාද කිවුවෙ බොල...? ඕකා තමයි දවසකටවත් මිනිහා...

      Delete
    2. ප්‍රසිද්ධයි ලබ්බ! පොටෝ කෙරුවාව ඕන්නෑ පේනවනෙ බ්ලොග් කෙරුවාව. හරියට....................................................................................................................................................................................................................................................................මං වගේ.

      Delete
    3. මධාවියෝ,
      අවාරෙට පොල් වැටෙනවා වගේද බං...?

      ප්‍රසෝ,
      හික්....

      Delete
  3. කසිය පෙරන එකනං... ඒකත් උෘම කරනවලු. ඒකනේ හිටි හැටිය මාසයක් විතර අතුරුදං වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ගෝඩා බැරල් එක රත් කරන වෙලාවට ලඟ ඉන්න ඕනනෙ බං... දඟරෙ ඇලට දැම්මට පස්සෙ ඉතින් ඉවර වෙනකම් කොහෙවත් යන්න වෙන්නෙ නෑ..

      Delete
    2. කැමා ආයේ කඩවත පැත්තේ එනකොට භාගයක් අරන් වරෙන්...

      Delete
    3. දැන් පෙරන උන් නෑ බං. ගෙනත් විකුණන උන් නම් ඉන්නවා.

      Delete
    4. තොපි තුන්දෙනාම කාල කාල ඇරං සන්නපුලේ වලෙව්!

      Delete
    5. මධාවියෝ,
      එන ගමන් මගදි පොලෝසියෙන් ඇල්ලුවොත් මක්කෙයි කොරන්නෙ..?

      ප්‍රසෝ,
      කාලෙ ඒවා තුනක් බං... තුන් දෙනාටම කාල කාල ගේන්නලුනේ...

      Delete
    6. ආ...ඒකට වෙනම දෙකක් අරං වරෙව්.

      Delete
    7. ඒක මතක් උනේ නෑනෙ බං... දෙකට හතරක් දෙන්න බැරියැ.. ඒක නෙවෙයි.. උඹ අද වැඩට ගිහිනුත් නෑ.. මෙච්චර රෑ වෙනකම් ඇහැරගෙන මොකද කරන්නෙ...?

      Delete
    8. පෝන් බලනව. හැක්..

      Delete
  4. පස්සට මොන කරදරයක්ද? උගේ කතාව හරිනේ බොල.
    මරු කතාව ඕයි...

    ReplyDelete
    Replies
    1. පස්සට කරදර වෙයි කුදලගෙන ජිප් එකේ දාගෙන ගියා නම් එහෙම...
      ඕකා කියන්නෙම ඔහොම කට කැඩිච්චි කතා තමයි...

      Delete
  5. කොටදෙණියාවේ පොලිසියෙන් අවා නම් බලන්න තිබුණා වැඩේ.

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉතින් පස්සට වෙන කරදර බලන්න තිබුණා කොහොමද කියලා...

      Delete
    2. ඇයි ඇඹිලිපිටියෙ පොලිසියත් ආවනම් බලාගන්න තිබුනනෙ.

      Delete
    3. උඹ කොහෙද බං හිටියෙ...? එහෙන් ආව නම් කොහෙන් යන්න වෙයිද දන්නෑ...

      Delete
    4. ඔය කොටදෙනියාව, ඇඹිලිපිටිය දෙක හැර තවත් පොලෝසි තිබේද?

      Delete
    5. එසේය ... එසේය ... ඒ වැලිවේරිය පොලීසියයි.

      Delete
    6. මධාවි‍යො,
      ති‍යේ තියේ.... ඔය සුධීක කියලා තියෙන්නෙ...

      සුධීක,
      ඒ අනික... ඇයි සීදූව...?

      Delete
  6. ඉතින් උඹ ඕක කිව්වම පොලිසියෙන් කට වහගෙන ගියැයි?

    ReplyDelete
  7. පස්සට කරදර වෙන්ඩ තිබ්බ සපත්තු මාරු කරගෙන දාගත්ත මාෂල් හිටියනං එතන.

    ReplyDelete
    Replies
    1. ඌ ඉතින් ඇපල් එක්ක විට කාලා පස්සට රිවස් කරන එකානේ....

      Delete
  8. මේ දැම්ම යනව සුදික අයියගෙ බ්ලොග් එක පැත්තෙ...

    ReplyDelete
    Replies
    1. ඊට පස්සෙ මූව තට්ටු තුනකින් පහලට තල්ලු කරනවද?

      Delete
    2. ඩ්‍රැකීයෝ,
      ඔය උඩින්ම ඉන්නවා ගිහින් ආපු එකෙක්...

      ප්‍රසා,
      උඹ වරෙන් සාක්කි දෙන්න මං කැමැත්තෙන්ම පැන්නා කියලා...

      Delete
    3. තට්ටු තුනක් වැඩියි. මූ නං පේමන්ට් එකෙන් බිමට තල්ලු කළත් ඇති අණ්ඩක් දෙකක් කැඩෙන්ඩ...

      Delete
    4. අඩෝ.........ඉතුරුවෙච්ච අරක්කු නැදදෝ............

      Delete
    5. ඉතුරුව ඕන නෑ බං. අර වැඩේ හරි ගියොත් බෝතලයක් දෙන්න බැරියැ.

      Delete
    6. ඒ පොස්ට් එකේදී මම දාපු කමෙන්ට් එක අයිතිවාසිකම් නඩුවක් කියලා බොහෝ දෙනෙක් කමෙන්ට් කරලා තියෙනවා මම දැක්කා. ඒක බොහෝ දෙනෙක් තේරුම් ගත්තේ වැරදියට. එකම දේ ගැන දෙන්නෙක් ලිව්වට වැරද්දක් නෑ. නමුත් අර ජෝඩුවගේ මතකේ ගැන මට ඇති වෙච්ච හාස්‍ය තමයි මම එතැන ලිව්වේ.

      Delete
    7. මං පිළිගන්නව අපේ වැරැද්ද, සුදික...

      Delete
    8. ඩ්‍රැකී,
      ඒක නම් ඇත්ත බං... ගිය අවුරුද්දෙ පේමන්ට් එකේ වැටිලා තමයි අත කඩා ගත්තේ...

      මධාවියෝ,
      අම්මෝ... තියෙනවා... වැඩිපුරත් එක්ක තියාගෙන ඉන්නෙ... නැත්නම් බෑනේ බං මුං එක්ක බේරෙන්න...

      ප්‍රසෝ,
      උඹ බලන් ඉන්නෙම මං මැරෙනකම් නේද.. අම්මප උඹ නම්...

      සුධීක,
      ඇත්තටම මට නම් ඒක දැනුනෙ එහෙම නෙවෙයි. ඒ පෝස්ට් එක නිසා හිත රිදෙන්න ඇති කියන පසුතැවීමක් ඇති උනා. ඒකයි සමාව ඉල්ලල්ලා පෝස්ට් එකක් දැම්මෙත් ඒකෙ කමෙන්ට් වලට රිප්ලයි නොකලෙත්....

      Delete
    9. ඒක කිවුවෙ උඹට ‍නෙමෙයි බොල මදාවියට.

      Delete
    10. දැන් දවස් ගානක ඉඳන් උඹලා දෙන්නගෙ මොකක් හරි හුට්ටප්පරයක් තියෙනවා....

      Delete
  9. කැමෝ, උඹට මොකද්ද ගමේ කියන කාඩ්ඩෙක?

    ReplyDelete
    Replies
    1. ඊට අමතරව කසියන්තය කියලත් කියනව.

      Delete
    2. ඩ්‍රැකී,
      බොට මොකටද ඒක....?

      ප්‍රසා,
      පල යන්න අ__යා....

      Delete
    3. සිරිසගබෝ කියන්නෙ මූට අහුවෙච්ච උන්ට. ඕකා අජාසත්ත.

      Delete
    4. අජාසත්ත උනාට මූ කපන්නෙ ඇඟිලි නෙමෙයිලු. ඒ වගේ වෙන එකක් ලු.

      Delete
    5. මධාවියෝ,
      වරකො සිරිසඟබෝ කොරන්න උඹව වෙලාවක...

      ප්‍රසෝ,
      ඒ අජාසත්ත නෙවෙයි බොල අංගුලිමාල... අනේ අපොයි...

      Delete
    6. හරි හරි මොන අජාමාල උනත් උඹ කපන්නෙ ඒවලු.

      Delete
    7. බලහං මං වගේ අහිංසකයෙකුට කියන කතා...

      Delete
  10. සමහරුනම් ඔතනට කරදර කරනවට පට්ට මනාපයි බොලන්

    ReplyDelete
    Replies
    1. මැළයෝ... කෝ මූ....

      Delete
    2. මගේ මනාපේ ඕකට කැමති විරුද්ද පාක්ෂිකයින්ට ඕක කොරලා දාන්න තමයි

      Delete
    3. රජ කාලෙ වගේ උල තියන්නද...?

      Delete
  11. Replies
    1. පස්සට පස්සට... එලිවෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලම් කිවුවලුනේ...

      Delete
    2. හපොයි කමියෝ... වහ ටිකක් කාලා පැනහං මූදේ....

      Delete
  12. මේ වෙනකොට Praසන්ன කොමන්ට් 5 ඩ්‍රැකී කොමන්ට් 3 අහසෙන් එන්න(කසුන්) 2

    Yashyantha Srinath කොමන්ට් 10 ........මාර ලොල් අනෝ නියම බ්ලොග් කරුවෝ 3 කමින් සුවීට් ........

    ReplyDelete
    Replies
    1. දෙක නොවෙයි මේකත් එක්ක ඇනෝ 3යි ඔන්න

      Delete
    2. ඇනෝ, නරකද කමෙන්ට් ගණං කර කර ඉන්නැතුව, තමුනුත් කමෙන්ට් වැලට වැටෙන ටයිප් එකේ පෝස්ට් දාන්න ට්‍රයි කළානං, කමුංගෙ බ්ලොග් එකේ?

      Delete
    3. ඇනෝ, උඹ ඔන්නොහෙ බ්ලොගක් පටං ගං ඇනොනිමස් කියලා. උඹට අපි කමෙන්ට් කොරඤඤං හිටු කියලා........ඕ යේස්!

      Delete
    4. අන්න කොරනවනං වැඩේ.

      Delete
    5. ඒක ඇත්ත බං... එතකොට හිතටත් හොඳයි පැසව පැසව ඉන්නවට වඩා...

      Delete
  13. පස්සට වටිනාකමක් ලැබිලා තියෙන කාලෙක කියන කතාද මෙව්වා අප්පා...?
    හෙහ් හෙහ් හී..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. දැන් කාලෙ වෙච්චි සංගදියක් නෙවෙයිනෙ බොල... ඒ කාලෙ කිසි වටිනාකමක් නැතුව ඇති...

      Delete
  14. හෙහ් හෙහ්, හොද වෙලාවට මේක කාලෙකට කලින් සිද්ද වුන කතාවක් උනේ. දැන් වගේ ඔය අන්තිමේ දුන්න උත්තරේ දුන්නනම් සොරිම තමයි.

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉතින් අරුන් තුන් දෙනාට නොමිලේ ජිප් සවාරියක් එක්ක පොලිසියෙන් සැපයෙන කසිප්පු බෝතලේ ඇඟිලි සලකුනු යෙදීමෙන් පසු නොමිලේ සම්බාහන සතාරයෙන් අනතුරුව දින දාහතරක රජයේ බෝඩිමේ නවාතැන් දෙනු ලැබේ...

      Delete
  15. උඹ දැන් කසිප්පුත් පෙරනවද ?

    ReplyDelete
    Replies
    1. සයිඩ් බිසිනොස් එකක්වත් නොකර අද කාලෙ ජීවත් වෙන්න බෑ බං... සීනි මිටි බාගෙකට සල්ලි දියන් උඹට මහන්සිය ඇරලා ලාබෙන් කොටසක් දෙන්නම්..

      Delete
  16. පොලෝසිය පස්සට මුකුත් නොකලෙක තමයි පුදුමේ..

    ReplyDelete
    Replies
    1. අද කාලෙ වගේ නම් පස්සට සොරි තමයි. එදා උන්ට කසිප්පු පොලට යන්න හදිස්සිය නිසා අතෑරලා යන්න ඇති.

      Delete
  17. මේ දවස්වල මෙහෙටනම් බොහෝම ගිරීස්මයි.උඹ ඉන්නා පැත්තේත් ඒ වගේම ගිරීස්මයි කියලා හිතෙනවා.මගේ මල්ලියේ, වැඩිය අව්වට එහෙම යන්න එපා

    දැන් නම් අන්තිමටම කුජීත වෙලා.

    ReplyDelete
    Replies
    1. මොකක්ද අප්පා මේ කතාව...?

      Delete
  18. කවියක් මතක් වුණා ඔය වගේ දෙයක් ගැන. දැන් මතක නෑ.

    ReplyDelete
    Replies
    1. බොට ඉතින් කවියක් මතක් නොවුනොත්නෙ පුදුම... අනේ මන්දා මේ වයසට යනකොට ටිකක් තැන්පත් වෙලා ඉන්න බැරි හැටියක්...

      Delete
    2. දැන් ඉතිං කවද හරි කොහේ හරි තැන්පත් කොරයි බං. මමනං ලියන්න ඉන්නෙ වෛද්‍ය විද්‍යාලයට. මාව කපලාත් මුං යන අත තමා පුරස්නෙ. පොලවට පස් වෙනවා හොඳයි වගේ.

      Delete
    3. දැන් දැන් යන විදිහට ඒකට දෙන එකත් පවක් වගේ බං... පේනවනෙ මුං ගිනි කන තරම.

      Delete
  19. උලක ඇණුනානම් උගේ වාසගම වෙනස් කරන්න වෙනවා, උලපස්සගේ කියලා.

    ReplyDelete
    Replies
    1. උස්සගෙන ගිහිල්ලා උලක අන්නවයි අද කාලෙ වගේ එහෙම නම්...

      Delete
    2. "උලපනේ" කියල ගමක් නං තියෙනව...

      Delete
    3. ඩ්‍රැකී අහලා නැද්ද 'උලපෙනේ වලපෙනේ'

      Delete
    4. ඩ්‍රැකී,
      පනේ තියෙන ගොඩක් තැන් තියෙනවා නේද..?

      විචාරක,
      පෙනේ... පෙනේ... හම්මපා වයසෙ වැරැද්දද මන්දා...

      Delete
  20. අපොයි මල්ලි උඹට පස්සට කරදරයක් උනේ නෑනෙ.

    ReplyDelete
    Replies
    1. හපොයි... අන්තිමට ඒකත් මටම කිවුවා නේද...? ආයෙ නම් කතා කියන්නෙ නෑ නෑ නෑමයි...

      Delete
  21. පඳුරු එහෙම නැද්ද ගමේ. පොඩි පඳුරු තැලිල්ලක් දෙකක් දාපං මලේ. එතකොට තමයි ගති.

    ReplyDelete
    Replies
    1. ඒවා නම් ගමකට තියෙනවා... රසට ලියන්න බැරි එකනෙ අවුල...
      හැලපෙ ස්ටයිල් එකට ලියන්න හිරු වෙන්න සෑහෙන ගේමක් දුන්න නම් හරි..

      Delete
  22. මචං උබ කටුපිටියේද කොස්ගොල්ලේද පරපේද රබුක්කන්ද

    ReplyDelete
    Replies
    1. කන්දෙ මචෝ කන්දේ... ඉඳුල්ගොඩකන්දේ.... උඹත් මේ කිට්ටුවමද..?

      Delete
    2. මේක දැක්කම මරු කතාවක් මතක් වුණා. මගේ හොඳම යාලුවෙක් හිටියා සේනාරත්න කියලා මම රිවරිනා වැඩ කරපු කාලේ. පොරගෙන් කවුරුහරි ගම ඇහුවම කියන්නේ අපි උඩහා කියලා.
      නුවර ?
      නෑ කෑගල්ලේ
      කෑගල්ලේ ටවුමෙද ?
      නෑ රඹුක්කන
      රඹුක්කන කොයි හරියේද ?
      රඹුක්කන කිවුවට පරපේ
      ආහ් පරපේ කොයි හරියේද
      පරපේ කිවුවට කනුගොල්ලේ

      ඔන්න ඌ ගම කියන හැටි. පරපේ ලීලා අක්කා කිවුවම රටම දන්නා චරිතයක්. අපේ බැංකුවේ වැඩ කළේ. කලින් කියපු සේනාරත්නගේ නැන්දා.

      Delete
    3. පරපෙ කියන්නෙ රඹුක්කනින් ඇතුලට යන්න ඕනෙ. ඩොටේ තමයි ඉතින්. අනික කන්ද නිසා කොහොමත් උඩහා තමයි. ඔහොම තමයි හුඟක් උන් ගම ගැන කියන්නෙ.

      Delete
  23. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව ගො යන්නෙන් පටන් ගන්න නම කියන්න බැහැනේ එක නිසා මලගනේ කියමු

      Delete
    2. අම්මටසිරි... මේල් ඇඩ්‍රස් එක එවහන්.....

      Delete
  24. Praසන්ன 13 ,මධු මාධවී 9 යි ,ඩ්‍රැකී 7යි මෙන්න තාග්‍යවන්ත දිනුම් කරුවන් 3 ඔබේ තාග්‍ය නෙලුම්යායෙන් ඉල්ලා ගන්න
    මාරයි ඔයි ඒවගේම මට හරි ලැජ්ජයි ඔයි!!!!!!!

    90-36 [බ්ලොග් අයිති කරු ]=54 කින් 29 කොමන්ට් දමා ඇති ඉහත නම් ඇති අය නෙලුම්යාය සම්මාන දී අවසන් තරඟයට සුදුසුකම් ලබයි ජයවේවා ජයවේවා ජයවේවා

    ReplyDelete
    Replies
    1. අඩේ... මං දාන්නම් කියලා හිතන් හිටපු කමෙන්ට් එක උඹ දාලනෙ.. මං මේ කමෙන්ට් ටික ගණන් කරන්න කම්මැලි කමේ හිටියෙ. උඹ ගණන් කරලා දාපු එක ලොකු දෙයක් බං.

      Delete
    2. මං වැඩියෙන් දාල හින්ද මට එක හම්බවෙයි නෙහ්..

      Delete
    3. Praසන්ன කසන තරමට ලැබී ඇත එක. එහින්දා දාපන් හිටුවට යුකේ අජියා සම්මානේ දෙයි උඹේ අතටම

      Delete
    4. අඩේ, දෙමල නයන්නට දෙන්නං ඊ ළඟ පාර. එව්ව කොහෙද මා එක්ක හුහ්!

      Delete
  25. ගෝඩ හැලියට සෝඩ දාල වගේ.
    මේ බලල මේ බලද්දි ඉවරයි..

    අරකගෙ කට තමා කට.. හුකැස්
    හිහි

    ReplyDelete
    Replies
    1. පඳුරු තලාගෙන ලියන්න පුරුදු නෑ බං... උගෙ කටේ හැටි දන්නෑ උඹ. ඉතුරුවත් කියන්නම්කෝ... අඩේ මේ දැන් මයිලා ගියා හෝන් එකකුත් ගහගෙන...

      Delete

 
 
Blogger Templates