Pages

Wednesday, January 13, 2016

තොතාපිය තොතාපිය... ආදලේටනේ....


     කාලෙකින් පරණ රස කතාවක් කියන්නත් බැරි උනු එකේ අදවත් එකක් කියලා දාන්න හිතුනා. මේ කතාව නම් අපෙ කාටවත් සිද්ද වෙච්චි දෙයක් නෙවෙයි. මේ කතාවෙ කතා නායකයා ඉන්නෙ අල්ලපු ගමේ. මුලින්ම කියන්න ඕනෙ මං මේ කතාව කියන්නෙ ඒ පුද්ගලයට කිසිම විදිහෙ අපහාසයක් කරන්න නෙවෙයි මේ කියන සිද්දියෙ තියෙන වචන සෙට් එක නිසා විතරයි කියන එක.

     එහෙම දෙයක් කියන්න සිද්ද උනේ මේ කියන කෙනාට පොඩි කාලෙ ඉඳන් කතා කිරීමේ අපහසුවක් තියෙනවා. ඒ වගේම මෙයා ටිකක් ඉගෙනුම අතින් දුර්වලයි. ඒ කියන්නෙ මන්දබුද්ධික තත්වයක් නම් නෙවෙයි. යම් පමණකින් බුද්ධි මට්ටම ටිකක් දුර්වලයි. එහෙම උනත් හරි උත්සහවන්ත කෙනෙක්. දැන් වයස 31 ක් විතර ඇති. දෑතේ වීර්යයෙන් රැකියාවක් කරගෙන හොඳ පවුල් ජීවිතයක් ගෙවනවා. මං මේ ලඟදි දැක්කා දැන් පොඩි දරුවෙකුත් ඉන්නවා. ඉතින් ඒ වගේ කෙනෙක් අපහාසයට ලක් කරන්න හොඳ නෑ. ඒ නිසා මේ කියන දේ ඒ විදිහට ගන්න එපා.


     ඔන්න මේ කියන කෙනා කොල්ලා කාලෙ, ඒ කියන්නෙ වයස 13 විතර කාලෙදි වෙච්චි අබග්ගයක් තමයි කියන්න යන්නෙ. ඒ කාලෙදි මූ වැඩි හරියක් ඉන්නෙ පොඩි උන් සෙට් එකක් එක්ක. සාමාන්‍යයෙන් මේ වගේ අය වැඩිපුර ගැවසෙන්නෙ තමන්ට වඩා පොඩි උන් එක්කනෙ. ඉතින් මේ සෙට් එක දවසක් කතා වෙනවලු ගිරව් අල්ලන්න යන්න.

    ඔය කිට්ටුව ටිකක් කැලේට වෙන්න වගේ තිබුණු පරණ ගහක ගිරව් ඉන්න බෙණයක් තිබිලා තියෙනවා. මුන් ටික කතා වෙලා තියෙන්නෙ ඔය ගහට නැගලා ඒ බෙණේ ඉන්න ගිරා පැටව් ටික අල්ලාගමු කියල.

     ඔන්න ඉතින් කට්ටිය ගහ ලඟටත් ගියා කියමුකෝ. දැන් ගහට නගින්නෙ කවුද කියලා කතා වෙවී ඉද්දි අන්තිමට වැඩේ සෙට් උනේ දඬු දික් වෙලා තියෙන අපෙ කතා නායකයට. මූටත් ඉතින් ඇන ඇන කියන්න ඕනෙ නෑ ඉබ්බා දියට දාද්දි ඇන්නෑවෙ කිවුවා වගේ එක පාරින්ම කැමති වෙලා ගහට බඩගෑවලු. ඔය කියන ගස් බෙණේ ඒ තරම් උසකින් නෙවෙයි තිබිලා තියෙන්නෙ.

     දැන් මූ ගහට නැගලා අත්තක් උඩ හිටගෙන අනිත් අතින් තව අත්තක එල්ලිලා ගස් බෙණේට අත දැම්මලු. මූ බෙණේ ඇතුලට අත දැම්ම ගමන් බෙණේ හිටපු පැටව් මූට කොටන්න අරන්. මූ ගහේ ඉඳන් සද්දෙට කියනවලු "තොතාපිය තොතාපිය ආදලේටනෙ තොතන්නේ... කොත්තල තෙතුවත් මං අතාලින්නෙම නෑ..." කිය කිය. දැන් ඉතින් ගහ යට ඉන්න උන් බලන් ඉන්නවලු කටවල් ඇරගෙන අදනම් ගිරා පැටව් ඉන්නවා උන් තමයි මේ කොටන්නෙ අද පැටව් අරන් යන්න පුළුවන් කියලා.

     කොහොම හරි පැටව් කොටන අතරෙ මූ එකෙක් අල්ලගෙන. ඉතින් ගහ යට ඉන්න උන්ටත් කියලා එකෙක් අහුඋනා කියලා එලියට ගත්තලු. ඔන්න මූ බෙණේ ඇතුලෙන් අත ගත්තා විතරයි..... "අප්පත්තියේ නයි දණ්ඩියා.... මං ඉවලෝ...." කියාගෙන ගහ පල්ලෙ ඇදගෙන වැටුනලු.

     බිමට වැටුණු මුගෙ ඇඟ උඩට කහ පාට ගැරඬි තඩියෙක් වැටිලා. කොහොම හරි ගහ පල්ලෙ හිටපු උනුත් කැලෑ කඩාගෙන දුවලා තියෙනවා. අන්තිමට බලද්දි ගස් බෙණේ ඇතුලෙ ගිරව් ඉඳලා නෑ. උන් කන්න ගියපු ගැරඬි තඩියෙක් ඉඳලා තියෙන්නෙ. ඌ තමයි මුගෙ අතට කොටලා තියෙන්නෙ.

     මුගෙ අතට ඌ කොටනකොට මූ ඒක කියපු විදිහ තමයි ලස්සනම දේ. තාමත් අපෙ ගම් වල උන් ඕක මතක් කරනවා රස කතා කියන වෙලාවට.

67 comments:

  1. Replies
    1. පව් තමයි අප්පා... ඒත් හිතින් මොනා කරන්නද ඒක අහනකොට හිනා යනවනේ....

      Delete
    2. අපොයි කැමා ලැජ්ජයි කුජීතයි ලියන්න දෙයක් නැතිනම් පැත්තකට වෙලා ඉන්න පරණ පුරුදු ලස්සනට බ්ලොග් කරපු අයගේ දේපල සොරකම් කරන්නේ නැතිව

      ප්‍රසන්නයා, විචාරක තුමා සහ ඩ්‍රැකී මේ සෙට් එක ඇවිල්ලා වටේට සිටගෙන තමාගේ පිට අනෙකා ලවා කසාගන්න සෙට් එකක් . කොමන්ට් කරන අකාරයෙන් වටේ කසන විත්තිය ඕන කෙනෙකුට පැහැදිලියි

      හරීම කැතයි කොමන්ට් ගන්න මේ වගේ වැඩ කරන කොට ලන්ඩන් අජියා මේක දැක්කොත් අලුත් සම්මානයක් හදලා නෙලුම් යායේ සම්මානේදී ඔයාට දෙනවා තරඟෙට ඉදිරිපත් වෙන්න වෙන කවුරුත් නැති නිසා
      ඔව්වට තමයි කැමෝ කියන්නේ අනුන්ට කැපූ වලේ තමුන් වැටෙනව කියල..
      හු ..හු ඌ !!!!!!!

      Delete
  2. මෙම කතාවේ කතා නායකයා වෙන කිසිවෙක් නොව රා කියා කැම රා දෙන එකෙක් ලෙස සැලකුව මනා ය.

    ReplyDelete
  3. ෂා මරු කතාව, අපේ ගමෙත් හිටියා හිටියා ඔය වගේ ඩයල් එකක්.ඌටනම් යම්තාක් දුරට ඉගනගන්න නම් පුලුවන් මිනිහා කතා කරන්නෙත් ඔය විදියටම තමයි.දැන්නම් ටිකක් විතර හරිගිහිල්ලා.
    මිනිහට ගමේ කොල්ලො සෙට් එක කියන්නේ ලොලා කියලා ඒ වෙලාවට මූට තද වෙනවා එකසිය ගානට..
    මමනම් කැමති නෑ මේ වගේ නම් කියලා ඒ වගේ අයට කතා කරනවට. උන් හිතාමතා කරන් දෙයක් නෙමෙයිනේ..උන් ඒ වෙලාවට ගොඩක් අසරණ වෙනවා.අපිත් ඒවගේ තත්වයකටම පත් වෙන්න ඕන ඒක තේරුම් ගන්න.

    ReplyDelete
    Replies
    1. ඒ විදිහට ශාරීරික අපහසුකම් වලට විහිළු කරන එක නම් හොඳ නෑ මහේශ්.. ඒ අයට ඒකෙන් ඇතිවෙන වේදනාව නිසාම වෙන්න ඇති ඒ තරම් කේන්ති එන්නෙ.

      Delete
  4. කැමෝ, ඉතිං ඒකද උඹ මෙච්චර දවස් නෑවිත් උන්නෙ? දැං කැඩිච්ච අතපය එහෙම යන්තං බිම ගහගන්න පුළුවංද?

    මනොව නං කිව්වෙ උඹ දැනමුතු වෙලා හෙවත් මල්වර වෙලා හෙවත් ගෙට වෙලාය කියල. සුරංගයත් ලියල තිබ්බ එහෙම කේස් එකක් ගැන...

    ReplyDelete
    Replies
    1. ගෙට වෙලා නෙමෙයි බං , කැමයි මනෝගෙයි දෙහි මංගල්ලෙ තිබ්බලු

      Delete
    2. කැම මල්වර වුනාට පස්සේ දැන් ලමිස්සි වගේ.බොරුනම් අටමාගෙන් අහලා බලපල්ලා

      Delete
    3. ඩ්‍රැකී,
      මට ගස් නගින්න බෑ යකෝ...
      මල් වන්දිරයද කිවුවේ...? උඹ ඌ කියන ඒවත් අහනවද... අන්න ඌ ගෙට වෙලා කාමරේ දොරත් වහගෙනලු...

      කම්මලේ,
      තෝ වරෙන්කො මේ පැත්තේ....

      මල් වන්දිරයා,
      අටමගෙන්ද අහන්නෙ... එහෙනම් කියයි ලස්සනට...

      Delete
    4. කැමාව කහ ගැරඬියෙක් කාපු පාර තමා මල්වර වෙලා තියෙන්නෙ.

      Delete
  5. උඹ දැන් හොඳට කථා කරනවා නේ....?

    ReplyDelete
    Replies
    1. අලේ මල්ලල්ලෑ..... මුං මාවම මරාගෙන කන්න හදවා..

      Delete
  6. මදි, මදි, මදි. හොඳට ම මදි. කෝ අර සීයගෙයි ආච්චිගෙයි කතාවක්වත් දාහං.

    ReplyDelete
    Replies
    1. අම්මේ... උඹ යහතින් ඉන්නවා නේද බං... ආයෙ උන් දෙන්නගෙ කතා නෑ බං... උඹෙ එකේ මොනා හරි ලියහං හොඳ හිතින් කසුනෝ....

      Delete
  7. බලහං කැමා , ඇත්තටම ඌ නයෙක් උනානම් උඹ ඉවරනෙ.

    ReplyDelete
    Replies
    1. ඌ නයෙක් උනා නම් උඹට ගෙනත් දෙනවා අර රා බීලා වැව පල්ලෙ පෙරලිලා ඉන්නකොට...

      Delete
  8. අප්පත්තියේ මලු කතාව

    ReplyDelete
  9. අනේ මන්තා හිලා වෙල්ලත් බෑ......... බඩත් ඔදටම තිදෙනවා හිලා වෙලාම..........

    ReplyDelete
    Replies
    1. කල්ලල් ලෑ.. බොල්ලල් ලෑ...?

      Delete
  10. ඌ කාලයක් ගිහිල්ලා ලොකුවෙලා කාරිය හැන්දෑවක සොට් එකක් දාගෙන ගෙදර යනවලු සින්දුවකුත් ගහගෙන. ‘ඥාමෙ නොජිරඥා කුඥු කය ජිරඥා‘ කියාගෙන. කළුවරේ රබර් කට්ටිය පහුකරගෙන එන කොට පොර දකිනවා වංගුවෙ කෙළවර කවුද පොරක් සුදු රෙද්දක් පොරව ගෙන ගුලි වෙල ඉන්නවා. මූ ඩිංගක් බය වුණත් ඒක නොපෙන්න සද්දෙ කාරිය ටිකක් වැඩි කරල අහනවා ‘කවුජ ඔචඥ?‘ ම්හු සද්දයක් නෑ. පොර ඊටත් සද්දෙං ආයෙ අහනවා ‘කවුජ හුඥ්ඥො ඔඡඥ?‘ සුදු ඇදගත්තු එකා සද්ද නැතුව ගුලි වෙලා ඉන්නවා. අරූ ගත්තා සරම කරට. ‘අම්මප ගහඥව පයං ජැඥ ගඥිං‘ ප්‍රතිචාරයක් නෑ. අරූ ළගට ගිහිං දීල ඇද්ද පයිං එකක්. එතකොටම එතන උඩහ ගෙදර එවුංට ඇහුණ ‘බුජු අම්මෝ‘ කියල කෑගහන සද්දයක්. කට්ටිය දුවං එද්දි පාරෙ අයිනෙ හැතැම්ම කණුවකට පයිං ගහල කකුල කඩාගත්තු කැමා කුණුහබ්බ කිය කිය වැටිල ඉන්නවලු.
    හුදෙක් හාස්‍ය රසය වෙනුවෙන් පමණයි. කිසිවෙකුගේ ශාරීරික දුර්වලතාවයක් හාස්‍යයට ලක්කිරීමේ චේතනාවක් නැත.

    ReplyDelete
    Replies
    1. මොකටද බං ඌ සරම කරට ගත්තෙ. අර ඉදිකට්ට පෙන්නුවයි කියල ඇති වැඩක් තියෙනවද?

      Delete
    2. ඕකා ඔහොමමයි.එදා කැමා කඩවතදි සවීප් ටිකට් විකුණන ගෑණු කෙනෙක්ගේ හැට්ටේ අස්සට අතදාලා තව පොඩ්ඩෙන් අම්බානක කනවා.මූට බෙනයක් පෙන්නා බෑ අතදානවා.

      Delete
    3. දිලෝ,
      ඔය විදිහටම කතා කරන මනුස්සයෙක් අපෙ ගමේ ඉන්නවා. පොරගෙ උඩු තල්ලෙ අවුලක් නිසා ඔය කේස් එක. ඌත් අර "හුඥ්ඥ ළිඥේ" කියපු එකෙක්...

      ප්‍රසා,
      කාගෙද දිලාගෙද...?

      මල් වන්දිරයෝ,
      මන් එනකොට උඹනෙ බං අත දාගෙන ගන්න බැරුව ඔට්ටු වෙවී හිටියේ... ගෑණි බැන බැන හිටියෙ වෙන ඒවා තියෙද්දි අත දැම්මා කියලා...

      Delete
    4. පයං ජැඥ ගඥිං කියන්නෙ මොකක්ද දිලෝ?

      Delete
    5. ඉයන්,
      අනිවා ඕකට නම් ආයෙ කියන්න දෙයක් නෑ...

      මධාවියෝ,
      බොට ඒක තේරුනේම නෑ...? බබා... "ගහනවා පයින් දැන ගනින්" කියලා වෙන්ටෑ තියෙන්නේ...

      Delete
  11. ආයෙ දවසක් පොරම ළිදට කෝටුවක් දාගෙන මොකක්ද හොයනවලු. ඒක දැකපු එකෙක් අහනවා මොකක්ද බං හොයන්නෙ කියලා? ‘ගෑඥිගෙ හුඥ්ඥ වැහ්ලා යකෝ ළිඥේ‘
    අහපු එකාට හොල්මන්ද පොල්කොළ. ‘ඒක කොහොමද යකෝ ලිදේ වැටුණ‍ේ‘
    ‘හබං ගාඥ්ඥි යකෝ වැහ්ල තියෙඥ්ඥ‍ේ‘
    බැලින්නං උගෙ ගෑනිගෙ මුද්ද ලිදේ වැටිලා...

    ReplyDelete
    Replies
    1. //‘ගෑඥිගෙ හුඥ්ඥ වැහ්ලා යකෝ ළිඥේ‘//
      අපුච්චියේ..... බැරියෝ..... හෙහ් හෙහ්.. හපෝයි

      Delete
    2. ඒක වැටුනනං ඉතිං ළිඳට දාන්නෙ අරූගෙ අහවල් එක දික්ක කරලනෙ.

      Delete
    3. ඕක ඔය වෙනාකාටවත් වෙච්ච එකක් නෙවෙයි.ඩිලාට තමයි ඕක වුනේ

      Delete
    4. පඥ යඥ්ඥ...මයේ හුඥ්ඥ තාම ඇඟිඥ්ඥ තියඥවා

      Delete
    5. දිලෝ,
      ඇති අරූ ලිඳෙ පැන්නෙ නැතුව අර ගෑනිගෙ හුඥ්ඥ ඇති කියලා...

      ලබ්බෝ,
      උඹ ඕක අහලම නැද්ද කලින්..? මට නම් පුදුමයි...

      ප්‍රසා,
      අන්න උඹ තමයි දවසටවත් මිනිහා...

      මනෝ,
      අම්මපා ඇත්ත...

      දිලෝ,
      අඩෝ... ඕවා නම් මෙතන පෙන්නන්න එන්න එපෝ...

      Delete
    6. මම දන්නා කෙනෙක් ඉන්නවා ඔහොම කතා කරන ගරාජ් බාස් කෙනෙක්.. වාහනේ හදන්න ගිහින් මගේ ඩ්‍රයිවර් ගොයිය බාස්ගේ මූන උඩ වාහනේ කෑල්ලක් අතෑරල කුණුහරුප විමානයයි.. ඥා ස්වරයෙන් කුණුහරුප කියා කියා මගේ ඩ්‍රයිවරය පස්සේ එලවද්දී තමයි මරේ මරු.. මට ඒ වචන මේකේ ලියන්න තේරෙන්නෙ නෑ ..

      Delete
    7. දිලා...++++++++++++++++++++++++++++++++++++

      Delete
    8. අම්බලං,
      “හුඥෙ හම්මඥ හුඥඤ්ඤ හුඥ්ඥිඥෙ හුඥා හඥෙ හූඥඥ හුඤ්ඤඤ හඤහැඤියෙ හුඤ්ඤො“ කියන්න ඇති.

      Delete
    9. අම්බලමෝ,
      මට මැවිලා පේනවා බං අරූ යතුරකුත් උස්සගෙන බැණ බැණ එලවන හැටි.අපෙ ගමේ ඉන්න පොරත් ඔහොම තමයි. ඌ කියන්නෙ කුණුහරපද හොඳ වචනද කියලා හොයන්න බෑ..

      මධාවියෝ,
      ආයෙ මොනා කියන්නද...

      Delete
  12. හී හී..... කැමා අයියට දෙ ගෙදර යන්න උනාලුනේ ඒකනේ මේ... එන්න කල් ගෙහුන් තීන්නේ.......

    ReplyDelete
  13. ඔය මනුස්සයා ප්‍රයිවෙට් බස් එකක කොන්දොතර වැඩේ කළා විනාඩි ගානකට. උදේම බස් එක ලෝඩ් වුන ගමන් මිනිහා, ඤයෙක් ඤයෙක්, කිව්වා. බස් එකේ හිටිය සෙනග මර ලතෝනි දීගෙන එලියට පැන්නා. බලනකොට මේ යකා කියලා තියෙන්නේ, රයිට් රයිට් කියලා.

    ReplyDelete
    Replies
    1. ඉස්සර මතකද දන්නෑ කටුපිටිය පැත්තෙන් කන්දට දුවපු 909 කොට බස් එකේ හිටියා කොන්දෙක් ටෙලිෆෝන් එකක් රින්ග් වෙනවා වගේ විසිල් කරන...? පොර බස් එක නවත්තන්න, ආයෙ අද්දන්න සිග්නල් එක් දෙන්නෙ ඒ විසිල් එකෙන්. ඌ සුපිරියටම ඒක ගහනවා...

      Delete
  14. ඒක තමයි එදා කැමාගේ අත තුවාල වෙලා තිබුනේ.අහුවුන පලියට අරවට මේවට අත දාන්න එපා යකෝ.අන්දරේට වගේ දිවත් නැති වෙයි.

    ReplyDelete
    Replies
    1. අර දෙබරු විද්දා වගේ වෙයිද බං...?

      Delete
  15. හප්පචියෝ බොගෙ කොන්ද කැඩුනෙයි . හැක් හැක් ...

    ReplyDelete
    Replies
    1. මං පනිනවා බං උඩ තට්ටුවෙන් බිමට...

      Delete
  16. ඔව්වට තමයි කැමෝ කියන්නේ අනුන්ට කැපූ වලේ තමුන් වැටෙනව කියල.. බලහන් දැන් තොප්පිය වැටිලා තියෙන්නේ උඹට නේද.. ඇඹිලිපිටි ගිහින් පොලිසියේ OIC ට කියහන්

    අප්පත්තියේ වැඩක් නෑ සල් චීවත් වෙලා .. මාව උට තත්තුවකට අලං ගිහිං තල්ලුවක් දාන්න සල්...හැක් ..

    ReplyDelete
    Replies
    1. පව් බං ඒ අසරණ OIC මහත්තයා... මංම ගිහින් පනිනවා බොල... නොදකින් තොපි...

      Delete
  17. අඩේ එහෙනම් ඒක තමයි පහුගිය ටිකේ මේකා පේන්න හිටියේ නැත්තේ. හෙහ් හෙහ්.

    ReplyDelete
  18. අතට නෙමේ ගැරඬියා කොටන්න තිබ්බෙ.....ඕන්නැති බෙනවල දානවට වල් කැමාට.

    ReplyDelete
    Replies
    1. එහෙනම් කොටන්නෙ ගැරඬියා නෙවෙයිනෙ බං... කෙලින්ම බඹරු විදිනවනේ... ඊට පස්සෙ පැණි දැක්කත් බය වෙනවනේ...

      Delete
  19. මං කිවුවෙ බොරුද? බලහං දැං හැමෝම කියන්නෙ මේක බොට උනාය කියලනෙ. හැක්..

    ReplyDelete
    Replies
    1. උඹටත් ඉතින් මට මොනා හරි වෙනවා නම් ඊට එහා දෙයක් නෑ නේද...?

      Delete
  20. කැමා ආයේ කතාවක් ලියද්දි නම් ගම් සඳහන් කරන්න ඕන නැහැ ලිව ගමන් කට්ටිය දන්නව කැමා ට තමා සිද්ධිය වෙලා තියෙන්නේ කියල :P

    ReplyDelete
  21. මේ කතාව දැක්කම මට දුක හිතෙන්නේ ප්‍රසන්නයා, විචාරක තුමා සහ ඩ්‍රැකී ගැන. මොකද මේ තුන් දෙනා මගේ බ්ලොග් එකේ දාපු බොහෝ පොස්ට් බලලා තියෙනවා. කම්මලත් යම් මට්ටමකට. මුන් එකෙකුටවත් මතක් වුණේ නෑනේ කියන්න, අපි ඔය කතාව කළින් කොහේ හරි කියෙව්වා වගේ මතකයි කියලා
    මෙන්න මේ පොස්ට් එක බලන්න

    ReplyDelete
    Replies
    1. යකෝ... මං ඔය වගක් දන්නෙ නෑනෙ... අම්මප ඔය පොර ඇත්තටම ඉන්නවා මෙහෙ.. කතාව හොරකම් නම් කලේ නෑ සුදීක අයියේ... ඔහොම දන්නවා නම් ලියන්නෙ නේ මේක...

      Delete
    2. ඇත්තෙන්ම මේ පරණ පෝස්ට් එක මතකයේ තිබුනේ නැත. එහෙම කියන්නේ ඇඟ බේරාගැනීමට නොවේ. දැන් කවුරු මොනවා හිතුවත් වෙච්චි දේ වෙලා හමාරය.

      Delete
    3. අපෝ නෑ මලේ කිසිම අහිතකින් දාපු කමෙන්ට් එකක් නෙවෙයි. මේ කතා අපි අහපුවා. ඒ නිසා කිසි එකකට අයිතියක් නෑ.

      Delete
  22. අපොයි කැමා ලැජ්ජයි කුජීතයි ලියන්න දෙයක් නැතිනම් පැත්තකට වෙලා ඉන්න පරණ පුරුදු ලස්සනට බ්ලොග් කරපු අයගේ දේපල සොරකම් කරන්නේ නැතිව

    ප්‍රසන්නයා, විචාරක තුමා සහ ඩ්‍රැකී මේ සෙට් එක ඇවිල්ලා වටේට සිටගෙන තමාගේ පිට අනෙකා ලවා කසාගන්න සෙට් එකක් . කොමන්ට් කරන අකාරයෙන් වටේ කසන විත්තිය ඕන කෙනෙකුට පැහැදිලියි

    හරීම කැතයි කොමන්ට් ගන්න මේ වගේ වැඩ කරන කොට ලන්ඩන් අජියා මේක දැක්කොත් අලුත් සම්මානයක් හදලා නෙලුම් යායේ සම්මානේදී ඔයාට දෙනවා තරඟෙට ඉදිරිපත් වෙන්න වෙන කවුරුත් නැති නිසා
    ඔව්වට තමයි කැමෝ කියන්නේ අනුන්ට කැපූ වලේ තමුන් වැටෙනව කියල..
    හු ..හු ඌ !!!!!!!

    ReplyDelete
  23. අපොයි කැමා ලැජ්ජයි කුජීතයි ලියන්න දෙයක් නැතිනම් පැත්තකට වෙලා ඉන්න පරණ පුරුදු ලස්සනට බ්ලොග් කරපු අයගේ දේපල සොරකම් කරන්නේ නැතිව

    ප්‍රසන්නයා, විචාරක තුමා සහ ඩ්‍රැකී මේ සෙට් එක ඇවිල්ලා වටේට සිටගෙන තමාගේ පිට අනෙකා ලවා කසාගන්න සෙට් එකක් . කොමන්ට් කරන අකාරයෙන් වටේ කසන විත්තිය ඕන කෙනෙකුට පැහැදිලියි

    හරීම කැතයි කොමන්ට් ගන්න මේ වගේ වැඩ කරන කොට ලන්ඩන් අජියා මේක දැක්කොත් අලුත් සම්මානයක් හදලා නෙලුම් යායේ සම්මානේදී ඔයාට දෙනවා තරඟෙට ඉදිරිපත් වෙන්න වෙන කවුරුත් නැති නිසා
    ඔව්වට තමයි කැමෝ කියන්නේ අනුන්ට කැපූ වලේ තමුන් වැටෙනව කියල..
    හු ..හු ඌ !!!!!!!

    ReplyDelete
  24. කතා තුනයි කොමෙන්ට් ඔක්කොමයි කියෙව්වා.. සුදිකට හිත නරක කර ගන්න තරම් දෙයක්වත් උඹට ඔය හැටි වොරි වෙන්න දෙයක් වත් නෑ. ගස් ලබ්බා කියුවා වගේ එකම කතාවේ එක එක වර්ශන් තියෙනවා පොද්ද පොද්ද වෙනස්. ඕවා ඔහොම තමයි බන් :)

    ReplyDelete
  25. අපේ ගම්වල පරණ අය සමහර කතා කියනවා එයාලට උනා වගේ.. අපි ඒවා යාළුවන්ට ගිහින් කියපුවාම උනුත් කියනවා උන්ගෙ පැත්තෙත් එහෙම කතාවක් තියෙනවා කියලා මේකත් ඒවගේ දෙයක් වෙන්න ඇති.
    ජයවේ කැමා!

    ReplyDelete

 
 
Blogger Templates