Pages

Thursday, December 10, 2015

හැමෝටම ස්තුතියී.....

    කාලෙකට පස්සෙ ආපහු එන්න වෙලාවක් ලැබුණු එකේ ආයෙත් මේ පැත්තෙ පැල පදියම් වෙන්න හිතුනා. නිදහසට කාරණා කියන්න හොඳ නෑ කියලා කියන නිසා පරක්කුවට හේතු කාරණා නොකියම ඉන්නම්... දැන් ඉතින් කියපියව් රටේම තියෙන කුණු කතා ටික...

    ආපහු ට්‍රැක් එකට බහින්න කලින් සෙට් එකටම ස්තුති කරන්න හේතු කාරණාවක් ගැන කියන්න තියෙනවා. මං කලින් දවසක ඉල්ලීමක් කරලා දාපු පෝස්ට් එක මතක ඇති. ඉතින් ඒ පෝස්ට් එක කියවපු ගමන්ම ඒකට උදව් කරන්න ඉදිරිපත් උනු එකට කට්ටියටම ස්තුතියි.


    ඒ උදව් නිසා පෝස්ට් එක දාලා මාසයක් යන්න කලින් පාසලට අඩුපාඩු වෙලා තිබුණු උපකරණ කිහිපයක්ම ගන්න පුළුවන් කම ලැබුණා.

වයිට් බෝඩ් කිහිපයක්,
හොඳ තත්වයේ ප්‍රොජෙක්ටර් යන්ත්‍රයක්,
ප්‍රොජෙක්ටර් ස්ක්‍රීන් එකක්,
තූර්යවාදක කණ්ඩායමට උපකරණ කිහිපයක්
වගේම දෙමව්පියො දෙන්නම නැති ආච්චි අම්මා විසින් බලාගන්න දරුවෙකුට ලබන අවුරුද්දට පාසල් උපකරණ ගන්න මුදලකුත් වෙන් කරන්න හැකියාවක් ලැබුණා.

    ඉතින් මේ දේවල් කරන්න රුපියල් 65000 ක මුදලක් දුන්නු ඔයගොල්ලො හැමෝටම විදුහල්පති තුමිය, ගුරු මණ්ඩලය, දෙමව්පියන්, සිසු දරුවන් වගේම මගෙත් හෘදයාංගම ස්තුතිය...

110 comments:

  1. හා.... දැන් කලින් පෝස්ට් එකේ සද්දෙ දාපු චන්ඩි ටික පෝලිමේ වරෙව් බලන්න....

    ReplyDelete
    Replies
    1. වරෙං ඩෝ වරෙං. ඔන්න මං ඉස්සෙල්ලම ආවා.

      Delete
    2. උඹ එනකම් තමයි හිටියෙ... වරෙන් වරෙන්...

      Delete
    3. චණ්ඩි වරෙව් කියල, උඹ ආයෙම අතුරුදහං වෙයං... අනේ උඹල වගේ ගොක්කොළ නයි... :-)

      Delete
    4. ගියපාර කාපු පාර අදද කොහෙද හොස්පිටල් එකෙන් රිලීස් වෙලා තියෙන්නෙ. මේ ගමනනං අඩි හයක් යට තමයි නවතින්නෙ. හැක්...

      Delete
    5. අපි හැමදාම ආවා උඔ තමයි නැත්තෙ..ඒක නිසා උඔ දිගටම වර..

      Delete
    6. වලියට එද්දි ඔයා මාරු වෙනවනෙ මෙයා.

      Delete
    7. වලියට එද්දි ඔයා මාරු වෙනවනෙ මෙයා

      (මේ කම්මලයාට මග අැරුණු දෙවැනි කමෙන්ටුවයි.....)

      Delete
    8. ඩ්‍රැකී,
      එහෙම තමයි බං. අතින් පයින් බැරි නිසා සද්දයක් දාලා බැලුවා. වැඩේ හරියන්නෙ නෑ ඉතින් ටිකක් හැංගිලා හිටියා.

      ප්‍රසා,
      අම්මෝ... මේ පාර නම් සද්දෙ දාන්නෙ නෑ. ගිය පාර දැක්කනෙ ගේමට ආපු සෙට් එක...

      මෙන්ඩා,
      අනිවා මේ පාර ආයෙත් දිගටම එනවා. ගොඩක් ඒවා මග ඇරිලා මේ ටිකේ..

      කම්මලේ,
      මොකෝ බං මේ.. උඹත් ආච්චිගෙ හිලෙන් චූ දාන්න ගියාද ඔය මෙයා වෙලා...?

      කුරුටු,
      දැන් උගෙ ලෙඩේ හොඳ වෙලාද..?

      Delete
    9. මේ සැරෙත් උඹට කන්න වෙනව ශුවර්.

      Delete
    10. කසුන්,
      මෙදා සැරේ මූ කන්නෙ වේලිච්ච මිදි...

      Delete
  2. කොහේද අම්බරුවෝ මකබෑවේලා හිටියේ.

    ReplyDelete
    Replies
    1. (පුස්තකාල පොත් ටිකක් ගන්න මම කිහිප දෙනෙක් එක්කම කතා කලා.වැඩේට ටික දවසක් යාවී)

      Delete
    2. කොහෙද කියලා තමයි බං මාත් මේ කල්පනා කරන්නෙ....

      Delete
    3. උඹ මාස දෙකකින් විතර මගේ බිලොග පැත්තේ ඇවිත් නෑ.තොගේ බිජ්ජා කප්පාදු කරලා දාන්න කලින් ඒ පැත්තේ ඇවිත් පල.

      Delete
    4. මනෝ බොලාට අන්වීක්ෂෙකුත් අරං යන්න වෙයි ඒ වැඩේටනං

      Delete
    5. කපන්න ඉතුරැවෙලා නෑ..ආචචි මුලින්ම කපලා..තිබුනත් වැඩක් නෑනේ

      Delete
    6. මනෝ,
      එනවා... එනවා... කියන තැනකට වදින්නම් බිජ්ජට නම් අත තියන්න එපා...

      ප්‍රසා,
      හෑ... කෝ බලන්න...

      මෙන්ඩා,
      උඹ ඉන්නවනේ...

      Delete
    7. කැමා නැමති හොටබරියාගේ බිජ්ජ ආච්චි විසින් අකබක්ක කර ඇති බව කරුනාවෙන් සලකන්න.අන්වීක්ෂයකින් බැලිමට තරම්වත් ඉතිරිව නැති බව වාර්ථාවිය.




      Delete
    8. මනෝ,
      චීනක්කණනාඩියක් අරන් වර උඹෙ එක බලන්න...

      ප්‍රසා,
      චැඃ....

      Delete
  3. යකෝ බ්ලොග් පැත්තෙ ආවෙ නැති උනාට කමක්නෑ. ඔය අත බනුවටවත් උත්තර දීපිය.

    ReplyDelete
    Replies
    1. ඒ මගුලට හෙන ගැහිලා තිබුනෙ බං. යන්තම් හදා ගත්තා...

      Delete
  4. තොගෙ ජංගම අංකේ එවපිය...

    ReplyDelete
    Replies
    1. හිටු මං කෝල් එකක් දෙන්නම්...

      Delete
    2. සජ්ජෝ
      උඹ මොකද මුගේ ජංගියේ සයිස් එක ඉල්ලන්නේ.

      Delete
    3. ඌට ඇඳගෙන නාන්න...

      Delete
    4. පුකට දැල් දාපු ඡංගි මා ලග තියනවා

      Delete
    5. ඒ.. මළු අල්ලන්නෙයි බං?

      Delete
    6. මෙන්ඩා,
      පඩ අරින්නද...?

      සජ්ජා,
      ඔය ලබ්බා කියලා තියෙන්නෙ.

      ලබ්බෝ,
      ලූල්ලු අල්ලන්ට වෙන්ටෑ...

      Delete
    7. ඒක ඇඳගෙන ගඟක නෑවොත් පල්ලෙහායින් නාන ගෑනු බඩ වෙයි.

      Delete
    8. මෙන්ඩා දැල් වගේ ජංගි එකතු කරන්නේ මොකද ?
      මොනව හරි පරික්ෂණයක්වත් කොරනවද.

      Delete
    9. ප්‍රසා,
      කන්‍යාවියො එහෙම නානවලු නේද...? හපොයි.. ඊට පස්සෙ අර දොස්තර මහත්තයා අහපු එක තමයි අහන්න වෙන්නෙ...

      මනෝ,
      මෙන්ඩා සත පහකට ශුවර් නැති එකා...

      Delete
  5. ඒ වැඩේ ඉවරත් උනාද? හයියියෝ අපි දන්නෙත් නෑනේ.. :/

    ReplyDelete
    Replies
    1. වැඩිය කරදර කරන්න හොඳ නෑනෙ කමියෝ... ඒ හින්දා වැඩිය කිවුවෙ නෑ...

      Delete
  6. උබත් අතුරුදහන් වෙලා ඉදියද?

    ReplyDelete
    Replies
    1. ගිය පාර ගේම ඉල්ලලා හැංගුනා මුන්ගෙන් බේරෙන්න...

      Delete
  7. උඹව කොටදෙනියාවේ පොලිසින්වත් ඉස්සුවද බන්..

    ReplyDelete
    Replies
    1. අර පුස්ලෝඩමා ඔත්තුවක් දීලනෙ බං. මං ලැප් එකත් අරන් හැංගුනා... :D

      Delete
    2. අපි උන්නෙ වෙන ලැප්ටොප් එකක් වත් දාල අල්ලන්න. සෙකන්ඩ් හෑන්ඩ් ලැප්ටොප් ගිණි ගණංනෙ.

      Delete
    3. මං ලඟ එකක් තියෙනවා. අඩුවට දෙන්නද බං...?

      Delete
    4. එහෙනං ආයෙ මං මොකටද? උඹම ඒකත් අරං පලයං පොලෝසියට. ගිහිං බාර වෙයං...

      Delete
    5. ලැප් එකේ මුකුත් නෑනෙ බං.....

      Delete
    6. තියන එකකින් කොපි කරලා දාගනින්.. ඊටපස්සේ පලයන් කොටදෙනියාවේ පොලිසියට.

      Delete
    7. මොකද්ද බොල වැල නැති ලැප් එක? අර කාවිංගය කියන්නෙ, වැල නැත්තං ලැප් එකේ, ලැප් එකක් නෙවෙයි. ඔය ලැප්ටොප් එක දීපිය ළමයෙකුට...!

      Delete
    8. අම්බලංගොඩේ,
      උන් දාලා දෙයි නේද බං ගියාම? අර කසිප්පු පොලීසිය ගානෙ දාලා දෙනවා වගේ..

      ඩ්‍රැකී,
      මං කිවුවෙ බොල පරණ ලැප් එක ගැන...

      Delete
    9. එහෙනං දියං ළමයෙක්ට රෝසපාට බෑග්එහෙක දාලා...

      Delete
    10. සෝස පාටම වෙන්න ඕනෙද..?

      Delete
    11. අර කුරුට්ටොයි, මදාවියයි, විදානෙයි, ප්‍රසන්නයයි දුන්න වගේ...

      Delete
  8. හනේ බං. උඹේ සමාජ සත්කාරෙට මොකවත් කරගන්න බැරි උනා. මේ දවස් වල රෑ දවල් නෑ...

    ReplyDelete
    Replies
    1. කමක් නෑ මචෝ... මාත් මේ ටිකේ ගොඩක් හිර වෙලා හිටියෙ මේ පැත්තෙ එන්නවත් බැරි උනා..

      Delete
  9. වැඩක් නෑ උඔ එක්ක ගේමක් නෑ..
    රා හරි කසිප්පු හරි දිපිය..නැත්නම් අපි අරගෙන එන්නම්..තෝ පාර කියපිය

    ReplyDelete
    Replies
    1. ඕක හරියන්නෙ නෑ බං. අපි ශ්‍රංගයත් එක්ක එකතුවෙලා මූව බැරල් එකකට දාල වඩියක් ගහමු.

      Delete
    2. මුවයි, ඉයන්වයි, ඩ්‍රෑකියාවයි දාලා වඩියක් ගහමු
      කටුස්සෝ, හුනෝ, ගෙම්බෝ දාලා ගහන වඩි මරැ

      Delete
    3. //මූව බැරල් එකකට දාල වඩියක් ගහමු.//
      ෂැක්... වැල ගෙඩි දාල පෙරන ඒව ගදයි.

      Delete
    4. මෙන්ඩා,
      අන්න වැඩේ... ගූගල් මැප් එකෙන් ලින්ක් එකක් දාන්නම්..

      ප්‍රසා,
      ඒකට කප් ගහපු උන් අපෙ ගමේ ඕනෙ තරම් හිටියා. දැන් නම් නෑ.

      මෙන්ඩා,
      ඇයි බං ගැරඬි...?

      කම්මලේ,
      වැල...? උඹනෙ බං වැල ගෙඩිය වගේ ඉන්නෙ...

      Delete
    5. මෙන්ඩො,
      ඕකට කටුස්සො හූනො ගෙම්බො දානවනං, මාව දාල වැඩක් නෑනෙ. උඹම පැනහං ජබුක් ගාල...

      Delete
    6. වැඩක් නෑ බං... කටු ටික විතරයි...

      Delete
    7. කමක් නෑ බං. ඔව්වට කටුකම්බි එහෙමත් දානවනෙ. රා පැහෙන්න දාන්නෙ හරක් කටු...!

      Delete
    8. මෙන්ඩව දාලා කසිප්පු වුස වෙයිද දන් නෑ...

      Delete
    9. කසිප්පු බොන උං වුෂු ගහයි එහෙනං...

      Delete
  10. හැක්... හැක්... ඔය ඇවිල්ල ඉන්නෙ.
    දැං ආයෙ කවද්ද හොස්පිටල් ඇඩ්මිට් වෙන්න ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. මේ යන විදිහට නම් ලඟදිම යන්න වෙයි වගේ... මාමණ්ඩියට අහු උන ගමන් සොරි තමා... ආයෙ දකින්න නැති උනු ගමන් බඩුම තමා...

      Delete
  11. අර ආච්චි අම්ම බලා ගන්න ලමයට ඉතිරිකිරීමේ පොතක් ඇරල අපි දාමුද කීය කීය හරි. ගිණුමක් ඇරල නොම්මරේ සහ නම දැම්මනම් වැඩේ වෙයි. ගොඩ දාන්න ඕන එක පාරකට එකා ගානෙනෙ

    ReplyDelete
    Replies
    1. ඉයන්, මෙන්ඩා,
      ඔව් ඉයන් එහෙම පුළුවන් නම් ලොකු දෙයක්. මේ පාර 11 වසරෙට යන්න ඉන්න ළමයෙක්. සපත්තු, පොත් නෑ කියලා ඉස්කෝලෙ යන්න බෑ කියනව කියලා...

      Delete
    2. කැමා මම ළමයට ඕනකරන පිටු 200,160 පොත් ටික දෙන්නම්.මම කොහොමද උඹ මුනගැහෙන්නේ.30 වෙනකම් විවේකයක් නෑ.එතකොට පරක්කුයි නේද ?
      මම කලින් කුරුණෑගලට ආවොත් මට පොත්ටික තියලා යන්න තැනක් කියපං.

      Delete
    3. මං හෙට කෝල් එකක් දෙන්නම් මචෝ....

      Delete
  12. සමාජ් සත්කාර කරන එක ගොඩක් ලොකු පිනක්. උබට දිගටම සමාජසේවේ යෙදෙන්න හැකියාව ලැබෙන්න ඕනේ මචන්.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. උඔගේ පැත්තට ගිහින් ආවේ

      Delete
    2. මහේශ්,
      ස්තුතියී මචෝ.... මේකෙ ඉන්න උන්ගෙ උදව් නිසා තමයි...

      Delete
  13. සමාජ සත්කාරෙ ඉවරත් කලාද ? ඇයි යකෝ අපි සංවිධාන කරල කරමු කියල නේද කිවුවෙ. ආයෙ හරියට පටන් ගනින්.
    දුවෙක්ද , පුතෙක්ද බං හම්බුනේ ?

    ReplyDelete
    Replies
    1. පිය පදවියට සුභ පැතුම් !!!!!

      Delete
    2. ඒ ටික මෙතන වැරදිලා පේස්ට් උනේ, මෙන්ඩො මම මේක යාළුවෙක්ගෙ ගෙදර ඉන්න එළුවට කියන්ඩ කියල යාළුවෙකුට කියපු එකක්. කවුද දන්නෙ උඹයි වැඩ්ඩ කියල.
      දැන් පැටවු "බෑඈඈ"....කියල කෑගහන්නෙ නැතිව බ්‍රා.ආආ කියල කෑගහයි .

      Delete
    3. කම්මලේ,
      තාම ඉවරම නෑ බං. පටන් ගත්තා විතරයි. උඹලා නැතුව සම්පූර්ණ වෙන්නෙ නෑ.
      මොකක්ද බං මේ..? ලඟ පාත ගෙදරකවත් ළමයෙක් නෑ බොල...

      මෙන්ඩා,
      ආ... උඹත් ආවද...?

      කම්මලේ,
      මකපිය මේක මැරුම් නොකා.... :D

      Delete
    4. මකන්නෙ මොමටද ? උඹට කවුරු හරි නඩත්තු ඉල්ලල නඩුවක් දැම්මත් උඹ දිනනව. :D

      Delete
    5. මැකුවොත් හිරේ.

      Delete
    6. කම්මලේ,
      අම්මපා එහෙනම් මෙන්ඩා ගෙවයිනෙ...

      ප්‍රසා,
      මකලා හූරු උනොත්...?

      Delete
  14. උඹ දැන් කනවද? ඔතන් යනවද?

    ReplyDelete
    Replies
    1. අඩේ... ඔතලා දියන් හොඳේ... හොදි එකකුත් දෙනවද...?

      Delete
    2. දැං කන්න දීල ඉතුරු ටික ඔතාගෙන යන්න දීපං

      Delete
    3. රෑට කන්න එකකුත් ඔතලා දියන්,,,

      Delete
  15. Replies
    1. පිස්සුද බොල... ආයෙ නම් නැති වෙන්නෙ නෑ...

      Delete
  16. කැමා...............

    බොක්කෙන් කිව්වොත් උඹ සුපිරිම සුපිරි වැඩක් කරලා තියෙන්නේ....

    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තුතීයි කුරුටු.... අපෙ උන්ගෙ උදව් තමා...

      Delete
    2. කටිං කිවුවොත්...

      Delete
    3. කටක් ඇරලා කියන්න පුලුවන් දේවල්ද මූ කරලා තියෙන්නේ.

      (අපේ කැමා ඉතින් තමන්ගේ ගමට ඉස්කෝලෙට ආදරේ එකානේ)

      Delete
    4. ආයෙත් අහලා... ඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ...

      Delete
  17. හික් හික්, මම හිතුවා උඹ පහුගිය දවස්ටිකේ කටින පිංකම් පොටෝ කෙලින්න ගිහින් නිසා තමයි සද්දයක් නැත්තේ කියලා.

    ReplyDelete
    Replies
    1. අම්මපා ඒක නම් මේ පාරත් උනා. ගමේ පන්සලේ කටින පිංකම ඉවර වෙනකම් නිවනක් තිබුනෙ නෑ. ඊට පස්සෙ අපෙ බාප්පගෙ කොල්ලගෙ වෙඩිමට හිර උනා.

      Delete
  18. උඹේ වැඩේට සපෝට් කරන්න ඉද්දිමයි බං ලෙඩවුණේ. අළුත් වාරෙ පටං ගන්නවත් එක්කම නොවරදවාම දෙයක් කරන්නං.

    ReplyDelete
    Replies
    1. මධුවො උඹ ලෙඩ වුණා කියල ආරංචි වුණා මචං. අනේ බොලේ අපිව හිනස්සපු පිනම ඇති උඹට නිරෝගි සම්පත් ලැබෙන්න. අපේ ආයුසත් අරං අපිවත් හිනස්සං සනීපෙං ඉදහං රත්තරනේ..

      Delete
    2. මධුවෝ,
      මොනා කරන්නත් හොඳට සනීප වෙලා ඉඳහං... ඒච්චරයි වටින්නෙ. උඹලා හොඳින් ඉන්නවා නම් ඒ ඇති. ඊතුරුවා පස්සෙ බලමු.

      දිලා,
      ඇත්ත බං...

      Delete
  19. කැමා... වල්කම් බැක් මචං...

    ReplyDelete
    Replies
    1. මොකද බං මෙච්චර දවසක් නැතිව හිටියේ.

      Delete
    2. තෝ කොහෙ මකබෑවෙලා හිටියද බොල?

      Delete
    3. දිලෝ,
      වල් කම් කිවුවා.....

      මනෝ, ඩ්‍රැකී,
      ඕකා කොහෙ හරි තූත්තුකුඩියක යන්න ඇති...

      Delete
    4. අර ගොඩ්ප්‍රි අයියට වගේ මටත් මතක නෑ යකෝ... තොපි කවුද?

      Delete
    5. දිල්ෂාන්,
      ඇයි බොල මගෙං ලක්ස දහයක් ණයට ඉල්ලගත්තෙ උඹ. මාසෙං දෙනවයි කියල ගියා ගියාමයි. දැං කියහං මතක නෑ කියල.

      Delete
    6. මතක නෑ යකෝ...

      Delete
  20. මචෝ එලකිරි වැඩක් කරල තියෙන්නේ..
    සබරේ ඇනෝ සියලු විස්තර කිව්වා...

    ජ ය වේ වා !!!!

    ReplyDelete
  21. මගෙ අම්මේ සබරෙ දන්නෙත් බොහොම ටිකයි. මොනව නැතත් මදෑ කැමා අයියට ටීචර් එන්න දුන්නා

    ReplyDelete
  22. මගෙ අම්මේ සබරෙ දන්නෙත් බොහොම ටිකයි. මොනව නැතත් මදෑ කැමා අයියට ටීචර් එන්න දුන්නා

    ReplyDelete
  23. උඹල කවුරුහරි කැමාව හොයනවද?
    අපි ඌට අන්තිම අැණෙත් ගහල ඉවරයි.

    ReplyDelete
  24. ඉස්කෝල අස්සෙ රිංගද්දි මම හිතුව මූ ටීචර් කෙනෙක් එක්ක පැටලෙයි කියල.

    ReplyDelete
  25. This comment has been removed by the author.

    ReplyDelete

 
 
Blogger Templates