Pages

Tuesday, October 6, 2015

දැන් ඇති නේද ගැහුවා..? (පොටෝකාරයාගෙ පරක්කුවනේ 3)



වෙඩින් එකක වැඩකටයුතු පරක්කු වෙන්නෙ ඡායාරූප ශිල්පියා නිසා කියලා කියන කතාව සාධාරණද කියන දේ ගැන ලියවෙන තුන් වෙනි පෝස්ට් එකත් ඔන්න අමාරුවෙන් ලියාගත්තා. කලින් පෝස්ට් දෙක කියවලා නැත්නම් ඔන්න ලින්ක් දෙකත් දැම්මා.



ඔට්ටුවෙලා ඔට්ටුවෙලා පොඩි උන් ටික මේච්චල් කරගෙන ගෲප් ෆොටෝ ටිකක් අරගත්තයි කියමුකො. දැන් තමයි ඊලඟ සෙල්ලම පටන් ගන්නෙ. පොඩි උන් ටික මේච්චල් කරන එක තව ලේසියි කියලා හිතෙන්නෙ ඉන්න ලොකු උන් ටික මේච්චල් කරන්න තියෙන අමාරුව නිසයි.

මතක තියාගන්න මේ කියාගෙන යන වෙඩින් එකේ පෝරුවේ වැඩ පටන් ගන්නෙ 10.30 ට. හොටෙල් එකට කලින් යන්න ඕනෙ නිසා අන්තිම 9.45 වෙද්දිවත් මනමාලිව ලොකේශන් එකෙන් පිටත් කරලා මනමාලයා 10.00 වෙද්දිවත් පිටත් වෙන්න ඕනෙ. පොඩි උන් ටිකත් එක්ක ගෲප් ෆොටෝ ටික ගහලා ඉවර වෙද්දි දැනටම වෙලාව 9.00 යි. තවම කපල් ශොට් අරගෙනත් නෑ. තෑන්ක්ස් කාර්ඩ් එක හදන්න යවලත් නෑ. දැනටම ලැබ් එකේ වැඩ පටන් අරන් කට්ටිය පෝලිමේ ඇති අඩුම කාර්ඩ් 10ක් වත් හදන්න. නිකමට හිතාගන්න පුළුවන්ද මේ වෙද්දි කැමරාමන්ගෙ හිතේ පත්තුවෙන ගින්දර ගැන...?

මෙතන ඉදන් කපල් ශොට් ටික ගද්දි අපි අත්දැකපු දේවල් ටික කියන්නම්. මේ දේවල් හැම වෙඩින් එකකම අඩු වැඩි විදිහට සිද්ද වෙනවා කියන දේ ඒ වෙලාවක අවධානයෙන් මේ දිහා බලාගෙන හිටපු කෙනෙක් හරි කැමරාමන් කෙනෙක් හරි හොඳට දන්නවා.


  • මෙතනදි විනාඩි දහයෙන් දහයට කපල් එකට කෝල් එන එක තමයි ලොකුම අවුල.
  • ශොට් එකක් ගන්න දෙන්නව ඇරේන්ජ් කරලා තියද්දිම ඔන්න මනමාලිට කෝල් එකක් එනවා නැටුම් කණ්ඩායම ආවෙ නෑ කියලා. ඊට පස්සෙ මනමාලි පුෂ්ප විකසිත කරගෙන කාට හරි කෑ ගහනවා. අනේ අර ශොට් එක...
  • ආයෙත් ඇරේන්ජ් එකක් ගත්තු ගමන් තව කෝල් එකක් එනවා පෝරුවෙ වැඩ කරන කෙනා පරක්කුයි කියලා. කලින් දේම තමා ආයෙත්...
  • ඊලඟට කෝල් එකක් එනවා කේක් එක හරියට නෑ කියලා...
  • ආයෙ එනවා මල් ටික හරියට හදලා නෑ කියලා...
  • වෙඩින් කේක් ගෙනාවද අහනවා...
  • ඊලඟට මනමාලයාට විනාඩි පහෙන් පහට කෝල් එනවා මගට ඇවිත් ඉන්න උන්ගෙන් "තාම එන්නෙ නැද්ද? හොටෙල් එකට යන්න පරක්කු වෙනවා. කොහෙද ඉන්නෙ? ඔච්චර ෆොටෝ ගන්නෙ මොනාද?" ආදී වශයෙන්...
  • ඔය අස්සෙ කවුරු හරි එකෙක් ඇවිත් අපිට ෆොටෝ ගන්න කියලා දෙනවා. "මේ විදිහට ශොට් එක ලස්සනයි නේද? මෙහෙම ගත්තනම් කොහොමද? වැව පේන්න ගත්තාමනෙ ලස්සන. බුදු පිළිමෙ අහුවෙන්න ගන්නෙ නැද්ද? බොකේ එක උඩ දාලා ගන්න එකක්. ගෲප් එකම උඩ පනින එක තමයි අලුත්ම ට්‍රෙන්ඩ් එක" කියලා කියනකොට අපෙ ඔළුවෙ තියෙන ශොට්ස් සේරම අවුල්....
  • තව මනමාලි අන්දපු එවුන් ආයෙත් බුරුසු දික් කරන් එනවා. සාරිය ආයෙ අන්දනවා....
  • තව සමහර උන් හොටෙල් එකට යන්නෙ නැතුව ලොකේශන් එකට ඇවිත් කපල් එක එක්ක ඕපා දූප කියවනවා...
  • තව සමහරු සෙල්ෆි ගන්න එනවා...


ඔය අස්සෙ කපල් එක හරියට ඇරේන්ජ් කරන්නත් පුදුම යුද්ධයක් කරන්න වෙනවා. සමහර කපල් නම් ලස්සනට ඉන්න කියන විදිහට ඉන්න දන්නවා උනත් බොහොමයක් කපල් කිසිම විදිහකින් හදන්නම බෑ.(කටුවයි මිටියයි ඕනෙ උන්ව හදන්න)


  • පොඩ්ඩක් හැඩ කරලා හිටවලා කැමරාව අතට ගද්දිම ආයෙත් කෙලින් වෙලා.
  • දෙන්නට කිට්ටු වෙලා ඉන්න කිවුවාම අදම දැක්ක දෙන්නෙක් වගෙ ලැජ්ජවෙන් ඇඹරෙනවා
  • මූණු දෙක ලං කරන්න කිවුවාම ඇහුනෙ නෑ වගෙ ඉන්නවා.
  • පොඩ්ඩක් හරි හිනාවෙලා ඉන්න කිවුවාම කොහොමවත් හිනා වෙන්නෙ නෑ. ඒත් ෆොටො එක ගත්තට පස්සෙ අපුරුවට හිනා වෙලා ඉන්නවා.
  • සමරු එක විදිහකට ඉන්නෙම නෑ. (සැරයක් මනමාලියෙක් හිටියා එක තප්පරයක් එක විදිහකට ඉන්නෙම නැති. බොකේ එක හොලවනවා. කකුල් හොලවනවා. ඔළුව වනනවා. අත් දෙක හොලවනවා. එක්කො ඇස් දෙක හරි එහා මෙහා කරනවා. පුදුම වදයක් දුන්නෙ. බැරිම තැන මනමාලයා පැත්තකට කරලා කිවුවා මේක කරන්න බෑ කියලා. ඊට පස්සෙ බැනුම් අහගෙන ටිකක් හිටියා පිලිවෙලට)
  • එක ශොට් එකක් ගත්තු තැනක ඉඳලා ටිකක් එහාට යන්න හදනකොට මනමාලි ඇවිත් ඉන්න උන් එක කයිය ගහනවා අතෙන්ට එන්නෙ නැතුව.


ඔය වගෙ දේවල් ගොඩයි...

දැන් ඉතින් ඔන්න 9.30 පහු වෙන්න ගත්තා විතරයි ආයෙම දෙන්නට කෝල් එනවා "දැන් එන්නෙ නැද්ද? මොනාද තවත් ගහන ෆොටො? ඕක ගැහුවාම සේරම හරි. පරක්කු වෙනවා නේද? ඉක්මනට එන්න" කියලා විනාඩියෙන් විනාඩියට. ඇවිත් ඉන්න උනුත් මැද්දට පැනලා අපිට කෑ ගහනවා "දැන් ඇති නේද ඔය ෆොටො ගැහුවා. හොටෙල් එකට යනත් ඕනෙ. තවත් ගහන්න මොනාද තියෙන්නෙ? ඔච්චර ගන්න ඕනෙද?" කිය කිය. ඔය ටික ඉවර වෙද්දි 9.45 යි.

දැන් ඉතින් වෙන මොනවා කරන්නද. හිත හදාගෙන ගත්තු ෆොටෝ ටිකෙන් සෑහීමකට පත් වෙන්න වෙනවා මිසක්. ඔය අස්සෙම අපෙ කොල්ලෙක්ව ලැබ් එකට එලවනවා තෑන්ක්ස් කාර්ඩ් ටික හදන්න. දැන් ඉතින් හොඳටම දන්නවා අර කලින් කියපු ලැබ් එකේ පරක්කුවට මුහුණ දෙන්න වෙන බව. ඒත් ඉතින් වෙන මොනා කරන්නද...

ඊලඟට ඉතින් හොටෙල් එකෙ යුද්දේ... ඒකත් කියන්න ඕනෙ නම් කියලා දාන්නම් ඔන්න ඔහේ... 

ඊට කලින් කියනවද දැන් ඇත්තටම වෙඩින් එකක වැඩ පරක්කු කරනවා කියලා ඡායාරුප ශිල්පියාට බනින එක සාධාරණද කියලා...?

156 comments:

  1. මොකට කියනවද ඉතින් අපේ මනාල ජෝඩු ගැන....අනේ වාසනාවන්....

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත මචෝ... වැඩක් නෑ කතා කරලා...

      Delete
  2. වෙඩින් එකට කලින් කපල් එකට සවිස්තරාත්මක අවබෝධයක් ලබාදුන්නොත් මොකද?
    ජයවේ යශා!

    ReplyDelete
    Replies
    1. ඔය දේවල් සේරම කලින්ම කියලා දැනුවත් කරනවා. ඒත් ඉතින් වෙඩින් එක දවසෙ කපල් එකට ඒ සේරම අමතකයි. කට්ටිය එක්ක එන්න එපා කියලම කී සැරයක් කියනවද. වැඩක් නෑ.

      Delete
    2. ඒක හරියන්නේ නෑ බං වර්න එතකොට කැමා මනමාලිට වෙනම සවිස්තරාත්මක අවබෝධයක් දෙන්න හදයි..

      Delete
    3. ඇයි බැරි... ඉඩ දෙනවා නම් ඒකත් කොරන්න බැරි කමක් නෑ... මෙන්ඩෝ.. අපි පටන් ගමුද වැඩේ...?

      Delete
    4. හා හා කැමා උඹට උන් කියපු වැඩේ විතරක් කරහං. නිකං වැඩි වැඩ කරන්න ගිහින් නිකං තලානොගෙන. අපිටනම් බෑ ඉස්පිරිතාලෙ එන්න. මෙන්ඩවනම් සඳු අක්ක හරි බේරගනීවි උඹට මොකක් වෙයිද?

      Delete
    5. අඩේ එතකොට උඹලා එන්නෙ නෑ මාව බලන්න..? මං හිතුවෙ උඹලා මිදි, ඇපල් එහෙම අරන් එයි කියලා.
      මාව ඉතින් බේරාගන්න වෙන්නෙ මනමාලිටම තමයි.

      Delete
    6. මේ මොනව කතා කරනවද කැමා, මිදි ඇපල් අරගෙන කට්ටියට එන්න කියහං. අපි ඇවිත් කාලා යන්නම්.

      මම කැම්පස් ඉන්න කාලේ ඔපරේශන් එකකට හොස්පිටල් හිටියා. එතකොට අපේ උං ඇවිත් කබඩ් එක ඇරලා තිබුනු ඒවා කාලා උඹ මේවා තියාගෙන ඉන්නෙ පුස්කනකල්ද කියලා මටත් බැනලා යන්න ගියා.
      ඒ වගේ වැඩක් තමයි උඹටත් වෙන්නෙ.

      Delete
    7. මිදි ඇපල් මොකටද බං ඔක්කොම අමතක වෙන්න ගල් බෝතලයක් ගෙනල්ල අමුවෙන්ම නෙලමු කට්ටියත් එක්ක.

      Delete
    8. කසුනා,
      ඒක නම් කොරයි තමා උඹලා සැට් එක. මට හම්බෙන ඒවා තොපි එන්න කලින් කඩේට විකුනනවා.

      ප්‍රසා,
      ලෙඩේ එකෙන්ම හොඳයි එතකොට. කරටි කැඩෙන්න ගහමු.

      Delete
    9. කැමා ගුටිකන්න කිසිම බයක් නෑ , ඕක ගුටි කෑවොත් රාගම ඉස්පිරිතාලෙට වෙලා සැපට හුරතල් වෙවී තුන් වේලම හොදට කකා ඉදියි.

      Delete
    10. මෙන්ඩගේ කතාව
      ..//ඒක හරියන්නේ නෑ බං වර්න එතකොට කැමා මනමාලිට වෙනම සවිස්තරාත්මක අවබෝධයක් දෙන්න හදයි//..

      ඒක ඇත් මෙන්ඩා,කැමා වෙනම ඇල්බම් එකක් හදයි වැඩි හිටියන්ට පමනයි කියලා

      මට මැවිලා පේනව කැමා ගුටි කන විදිය...
      උඹ රාගමද නවතින්නේ.එහෙ නැවතුනා කියන්නේ උපරිම සතිදෙකයි....හිටහං මම උඹටත් කවි කොලයක් හදන්නම්....

      Delete
    11. කම්මලේ,
      අහුවෙයන්කො උඹ..... ඒක නෙවෙයි එතකොට උඹ එනවා නේද මාව බලන්න...?

      මනෝ,
      අඩේ දැන්මම හදහං. උඹ ගානෙ ප්‍රින්ට් කරලා දෙනවා නේද..?

      මං හිතාන ඉන්නෙ ජපානෙ වගේ මෙහෙත් ඒ ඇල්බම් එක හදන්න පටන් ගන්න.

      Delete
    12. බලහං මේ කවිය හොදයිද කියලා කවි කොලයකට
      මගුල් ගෙදර ඛේදවාචකය කියලා නම දාමු

      සකල සිරින් සිරි සිරි ලංකාවේ කැමා නමින් කොලුවකු උන්නේ
      වෙඩිමක් ලැබිලා පොටෝ ගහන්නට තකහනියේ දුවගෙන යන්නේ
      සෑහෙන සෙනගක් හරි කලබලයක් ජෝඩුව පොරැව උඩ ඉන්නේ
      මනාලිගේ රැව දැකලා කැමාට උන්හිටි තැන් අමතක වන්නේ

      වල්කම මතුවි වනචර සිතිවිලි දොරෝගලාගෙන පිටවෙන්නේ
      මනාලිගේ දෙස තොලකටලෙවමින් අපේ කොලුවා බලමින් උන්නේ
      මනාලි විතරක් පොටෝ ගහනවා වෙන කවුරැවත්ම නැ වාගේනේ
      තනියම ගහන්න එනවද නංගි මනාලිගෙන් දැන් විමසන්නේ


      Delete
    13. අනේ නෑ අපේ කැමා හරි හොඳ එකා මෙන්ඩෝ...
      ජයවේ මෙන්ඩා!

      Delete
    14. කැමා හොද එකා හරි පිං පාටයි වර්ණේ මල්ලියා පවසන්නේ
      කැමා කරන අලකලංචි වැඩ ගැන වර්ණේ මල්ලියා නැ දන්නේ
      කැමා මල්ලියා බොනවා බීමක් උගුඩුවාට නැ පරදින්නේ
      ගෙදර එන්නේ නැ කවදාවත් මූ කානු පල්ලෙමයි නිදියන්නේ

      Delete
    15. වර්ණ,
      මුන්ට ඕක තේරෙන්නෙ නෑ. කොහෙද මුන්ට මොළේ තියෙන එකක්යැ.

      මනෝ,
      කාපිය මාව.....

      Delete
    16. අප්පට හුඩු බොල වර්ණේ මල්ලියට බටර් පාරකුත් ගාලානේ
      බලාපං යකෝ මගේ මොළේ ඔය එලියට පේන්න තියනවනේ
      බඩගිනි හැදුනත් සිංහයා වගේයි මමනම් නැ තණකොල කන්නේ
      හාල්මැස්සෝ කැවට වැඩක් නැ මම කොහොමද බං උඹ කන්නේ

      Delete
    17. මනෝ
      උඔගේ නිර්මානත්මක හැකියාව එල ද බ්‍රා
      වර්න
      ඔකා ගල් ආදා

      Delete
    18. මනෝ,
      මෙන්ඩා කියණවා වගේ උඹ එල පොරක්නෙ. ඔවා අපිටත් දැනගන්න ලියහං බං...

      මෙන්ඩා,
      කවුද යකෝ ආඳාට අපහාස කරන්නේ...?

      Delete
    19. අපේ මචංලා සේරම ගැන කවි ටිකක් හදලා මගේ බිලොග් එකේ පෝස්ට් එකක් දානව දවසක

      Delete
    20. අන්න සුපිරි වැඩක් මචෝ... අර මධු දැම්මා වගේ දාහං...

      Delete
  3. දැන් ඔය ගැහුවා මදෑ. ඉතින් ඔය කැමරාවත් අරගෙන මෙතනින් තොලොන්චි වෙලා පල.

    කියල වැඩක් නෑ කැමා. අර වර්නකුලකය කිව්වා වගේ කලින් දවසක් දාගෙන ෆොටෝ එකට ඉන්න විදිහ ගැන පොඩි ප්‍රැක්ටිස් එකක් කරවපං. එතකොටවත් හරියයිද බලන්න. ඔය වටේ ඉන්න උන්ට ටිකක් තදට හිටහං. උඹ සද්ද නැතුව ඉන්නව ඇති. එකසැරයක් ටිකක් හයියෙන් සද්දෙ දැම්මනම් ඉවරයි ආයෙ ඇඟිලි ගහන්න එන්නෙ නෑ ඔන්න.

    ReplyDelete
    Replies
    1. මොන ප්‍රැක්ටිස්ද බං. සමහර ඒවගෙ මනමලි දකිනෙත් වෙඩිම දවසෙ උදේ. බඳින්න කලින් දෙන්නා එක්ක එකට යන්න හොඳ නෑලු. දෙන්න ඕනෙ උපදෙස් සේරම අහගෙන ගියත් එදාට උන්ට ඒවා අමතකයි. කලින් දවසක ෆොටෝ ටිකක් ගන්න එන්න කිවුවට වෙලවක් නෑ කියලා ඉන්නවා.
      සද්දෙ දාන්න පුළුවන් උනත් ඒක කරන්න බෑ කසුනො. වෙඩිම දවසෙ කොහොමද උන්ට බනින්නෙ. පුළුවන් තරම් හොඳින් දැනෙන විදිහට කියනවා මිසක්.

      Delete
    2. මොන ප්‍රැක්ටිස්ද බං. සමහර ඒවගෙ මනමලි දකිනෙත් වෙඩිම දවසෙ උදේ//

      ඔන්න අල්ලපන් කසුනෝ අල්ලපිය ඔන්න පැන්න බලලා ඔන්න පැන්න කැමාගේ මල්ලේන් එලියට..

      කසුනා උඔ හදන්නෙ මුට දත් නැතුව බත් කන තැනට හදලා දෙන්න

      Delete
    3. අල්ලපිය අල්ලපිය... ඔන්න මෙන්ඩගෙ කකුල් දෙක අස්සෙන් රිංගුවා...

      ඇයි බං සමහර ගෙවල් වලින් මනමාලිට එලියට බහින්න දෙන්නෙ නෑ වෙඩින් එකට කලින් දෙන්නා එකට යන්න හොඳ නෑ කියලා. ඉතින් ඇල්බම් එක කතා කරන්න එන උන් කියනවා මනමාලි ෆොටෝ වලට නියමෙට ඉන්නවා කියලා. අපිත් ඉතින් සෑහෙන්න බලාපොරොත්තු තියාගෙන යනවා. ගියාට පස්සෙ මනමාලි දැක්කට පස්සෙ හදවත කඩා වැටෙනවා.

      කසුනා මත් එක්ක තරහයි වගේ... ඉඳපංකෝ...

      Delete
    4. මොකද කැමා මෙන්ඩගෙ කකුල්දෙක අස්සෙ රිංගුවේ? මෙන්ඩෙ ගහපං.

      කැමා,
      උඹ හිතුව නේද මනමාලි හොඳ නිලියක් කියලා. උඹලටකියලා ෆොටෝ ගහගන්නවට වඩා උන්ට වෙන වැඩ ඇතිනෙ බං. ඔය මගුල දමලගහල අර නලියයිය වගේ තැන තැන ගිහින් හොඳ සන්චාරක සටහනක් දෙකක්වත් බ්ලොග් එකට දාහං. ඒක වඩා හොඳයි. කාගෙන්වත් බැනුම් අහන්න ඕනෙත් නෑනෙ.

      Delete
    5. මං නෙවෙයි බං බළලා.....

      ඇත්ත මචෝ... ඒකනෙ මං ඉඳලා හිටලා හිතවත් එකෙකුගෙ වෙඩිමක් කරනවා ඇරෙන්න රස්සාවට ඕක කොරන්නෙ නැත්තේ...

      Delete
    6. උඹ ඔය අරැගේ මූගේ කකුල් අස්සේ රිංගන්නේ නැතිව රිංගපන් මනමාලිගේ කකුල් අස්සේ.එහෙනේ යකො පොටෝ ගහන්න දේවල් තියෙන්නේ.මම කීවේ ගොලු මුහුද එහෙම පොටෝ ගහගන්න පුලුවන්.

      Delete
    7. ගොළු මුහුදෙ රැලි නැද්ද බං...?

      Delete
    8. ආගාධනම් තියනවා කියලා කියනවා.

      Delete
    9. එහෙනම් පීනන්න බෑ බං... ඕකෙ ගිලුනොත් එහෙම...

      Delete
    10. දිවෙන් ලුණු රහ බලපන්

      Delete
    11. පාසි බැදිලා තියෙන්නත් ඉඩ තියනවා.එතකොටනම් දිව ටැපලෙයි ටිකක්.අනික සෑහෙන කොරල්පර..

      Delete
    12. මෙන්ඩා,
      සැමන් ටින් රහ එනවා කිවුවෙ කවුද බං...?

      මනෝ,
      එහෙනම් බෑ බං. අන්තිමට දිවත් නැති ව්එන වැඩක්...

      Delete
  4. මොනතරම් මහන්සි වෙලා පොටෝ ටික පුලුවන් තරම් හොදටම ගහලා දුන්නත් අන්තිමට හොදක් අහන්න ලැබෙන්නෙ නම් කලාතුරකින් වෙන්න ඇති.ගාන කීවම මූන ඇදකරගෙන ඒක ඒක ඒවා කියන්නේ නැද්ද උඹට.
    අලි බත්කන්න අපි මැරෙන්න කියලා රිලවෙක් කීවේ නිකමටද ඉතින්.

    මචං කැමරා හොම්බා දැන් සතියක් විතර නෑනේද ?

    ReplyDelete
    Replies
    1. ඇයි එච්චර ගණනි කියලා තමයි අහන්නෙ. මොනා කරන්නද ඉතින්.
      හොඳක් නම් අහන්න වෙන්නෙම නෑ ගොඩක් තැන් වල.
      හොම්බා නෑ තමයි. අපි එක්ක තරහා වෙලාවත්ද...

      Delete
    2. ඌ පෝස්ට් එකක් ලියලත් නෑ බං

      Delete
    3. මොකක් හරි අවුලක්ද දන්නෑ.

      Delete
    4. අනිත් එකා තෙලිදියා.ටික දවසක් එකදිගට හිටියා.පෝස්ට් එකකුත් නැ.කොමන්ටුත්නැ.වැඩේ කියන්නේ මේ සේරම අපිටම හරිගියානේ.

      Delete
    5. කවුද දන්නෙ වෙරි වෙලා ගහ පල්ලෙ දෙරි ගැහුවද කියලා...

      Delete
  5. දන්බලුවම් යකෝ බඳින එකත් පනයන වැඩක් කියලා හිතුවට , ෆොටෝ ගහන එකනේ පනයන වැඩේ , ඊටත් වඩා පනයන වැඩේ වීඩියෝ කරන එක වෙන්න ඇති , මොකෝ රන්ගපාන්න් දන්නවා කියලයි

    ReplyDelete
    Replies
    1. වීඩියො කරන එකත් කට්ට තමයි ඉවාන්. ඉන්න ගෲප් එක ලැජ්ජාවෙ ඇඹරෙනකොට මොන වීඩියෝද. ෆොටෝ ගන්න එක නිදහසේ කරන්න දෙනවා නම් අවුලක් නෑ. ඔච්චර වෙලා යන්නෙත් නෑ. ඒත් මොන තරම් කියලත් ඒ වෙලාවෙ කිසිම නිදහසක් දෙන්නෙ නැති එකනෙ වැඩේ.

      Delete
    2. මට ගෙනත් දෙන වීඩියෝ මම එඩිට් කරලා දෙනවා අමතර වැඩක් විදියට.එපා වෙනව වෙලාවකට.සෑහෙන ගොඩක් කපලා අයින් කරන්න වෙනවා සමහර අයගේ මෙලෝරහක් නැති වැඩ හින්දා.ජොයින්ට් කරලා පිලිවෙලකට හදන්න ගියාම එපාම වෙනවා සමහර ඒවා.කැමරාමන් මොනතරම් හොදට වැඩේ කලත් වෙඩින් එකට එන අය එක්ක වැඩ කරන්න ගියාම එපා වෙනවා.ඒ අය හිතන්නේ හැම මගුලක්ම වීඩියෝ කරලා ගන්න ඕන කියලා.අනික ඒවා ඉල්ලනවනේ.අන්තිමට ඒවා හදන්න ගියාම හරි ආමාරැයි.

      Delete
    3. ඔය අනුන්ගෙ වීඩියෝ එඩිට් කරන එක නම් සෑහෙන්න වදයක්. මාත් ඉඳලා හිටලා වීඩියෝ කරනවා බැරිම දේකදි නම්. මං ඒ සබ්ජෙක්ට් එකට ආසම නෑ බං. මහ වදයක් වෙලාවකට.

      Delete
    4. නෑ ඉවානයෝ..................

      වීඩියෝ කරන අස්සේ ෆොටෝ ගහද්දි... ඒ කියන කියන විදිහට ඉද ඉද කසාද බදින ඒකත් කරා කියමුකෝ..... ඒත් ඊටත් වඩා අමාරුම වැඩේ තමා පවුල් කන ඒක බං......

      Delete
    5. ඉවානයා කොහෙද ඕවා දන්නෙ කුරුටු. ඌට තේරෙයි ඉස්සරහට...

      Delete
  6. ඔබේ නිරීක්ෂණ වලින් පැහැදිලිවම පෙනෙන්නේ පොදු දුර්වලතාවක් වන කාර්ය සංවිධානයේ ඇති අසංවිධානාත්මක බවයි. සමහරවිට ඔක්කොම කරන්න ඉන්නේ, මනමාලයා හෝ මනමාලිය වෙන්න පුලුවන්, බොහොම කලාතුරකින්.

    නමුත්, ඒ ඒ කාර්යය සඳහා, කල්තබා, ඒ ඒ පුද්ගලයන්ට වගකීම් පවරා තිබේනම්, මෙහෙම වෙන්නේ නැහැ. උදාහරණයක් වශයෙන්, නැටුම් කණ්ඩායම තවම ආවේ නැහැ කියලා, මේ වෙලාවේ මනමාලිට කියලා වැඩක් වෙන්නේ නැහැ. ඒ වගකීම දරන්නට නම් කළ පුද්ගලයා, බෙල්ල කඩාගෙන හරි නැටුම් කණ්ඩායම ගෙන්න ඕනේ.

    (නැත්නම් තමන් සහ මිතුරන් පිරිසක් නැටුම් ඇඳුම් ඇඳගෙන නටන්න ඕනේ)

    සමහරවිට මනමාලි අතේ විතරයි තියෙන්නේ, නැටුම් කණ්ඩායමේ සහ මංගල්‍යයට සේවා සපයන සියලු පුද්ගලයන්/ආයතන වල දුරකථන අංක. මේවාට තමයි ගොන්පාට් කියන්නේ.

    මම, අපේ දුවගේ මංගල්‍යයේදී, හමුදාවේ පිළිවෙලට අදාළ වැඩ විස්තරයක් හදලා, ගෙදරදීම මුද්‍රිත පිටපත් හදලා, මගේ මිත්‍රයන්ට, දුවගේ මිතුරු මිතුරියන්ට ලබාදුන්නා, මාසයකට කලින්.

    1. කාර්යය
    2. කාර්ය විස්තරය. සහ සහායක පිරිස.
    3.දිනය සහ ස්ථානය.
    4 අන්තිම ප්‍රමාදවී කාර්යය ඉටුවියයුතු වෙලාව.
    5. ගැටලුවකදී ගතයුතු විකල්ප ක්‍රියාමාර්ග.
    6. සම්බන්ධිකරණ දුරකථන අංක.

    පටන්ගම්මුද මංගල්‍ය සංවිධාන උපදේශක සේවයක්?

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔහොම දෙනවනම් කරන්න බැරියැ ලස්සනට. නිසි අවබෝධයක් තියෙන කෙනෙක් වැඩ ටික පිළිවෙලට සංවිධානය කරලා දෙනවා නම් කපල් එකට කිසිම ගැටළුවක් වෙන්නෙ නෑ. ඒත් සමහරු ඒ දේ කරන්නෙ නෑ. මනමාලයම වැඩේ කරන්න ගිහින් අනාගන්නවා.

      හුඟ දෙනෙක් ඒ වගේ ආයතන වලින් සේවා ලබාගන්නෙ ඔය පහසුව නිසා. ගොඩක් ස්ටුඩියෝ කරන අයම ඔය දේ කරනවා.

      ඇත්තටම පටන් ගමුද විචාරක මහත්තයො...?

      Delete
    2. කදිම යෝජනවාක් හොඳ ව්‍යාපාරයක් කරගන්න ඇහැකි විචාරක.

      Delete
    3. ඕක කාලයක් තිස්සෙ හිතේ තියෙන දෙයක් නලියයියෙ. ඒත් මුදල් අඩුපාඩුවක් නිසා කල් යනවා.

      Delete
    4. //පටන්ගම්මුද මංගල්‍ය සංවිධාන උපදේශක සේවයක්?//
      ඒ එක්කම අවමංගල්‍ය අධ්‍යක්ෂක සේවයකුත් පටංගම්මු.

      Delete
    5. අල්ලපු කඩේ ඒක තමයි දාන්න වෙන්නෙ... එක දෙනවා ප්‍රසාට...

      Delete
    6. ප්‍රසාට දියං කඩේ කොංක්‍රීට් කරන්ඩ...

      Delete
    7. අපේ කොන්කිරිට් බලවේගෙ නොවැ... මික්ෂැර් එක කොහොමද දන්නෑ...

      Delete
    8. ඒව වෙඩි වගේ වැඩ.

      Delete
  7. දැන් ඇති යකෝ මේ ලිපි පෙල
    නැත්නම් අපිට බදින්නත් බය හිතෙනවා..

    (මේ ලිපි ටික නිසා උඔ කැමරාමන්ලා ගැන තිබුන ආකල්පය සම්පුර්නයෙන්ම වෙනස් කරා..එල ද බ්‍රා මචං)

    ReplyDelete
    Replies
    1. අනෙ ආයෙ බඳිමු බං... මට දියං ඇල්බම් එක...

      තෑන්ක්ස් මෙන්ඩයියෙ. මටත් ඕනෙ උනෙ ඒ දේ කරන්න. ඒ කියන්නෙ උත්සහය සාර්ථකයි.

      Delete
    2. කැමා, උඹට පිස්සුද? මෙන්ඩයිය ආයේ බඳින්නෙ ගස් තමයි.

      මෙන්ඩයියෙ,
      උඹටත් හිතෙන දේවල් ඈ?

      Delete
    3. උඹ තාම දන්නෙ නෑ මෙන්ඩයියට හිතෙන දේවල්...

      Delete
    4. මෙන්ඩගෙ කමෙන්ට් එක සදූ දැක්කොත් මෙන්ඩට ඇද යටින් ලිප් බොක්කට ට්‍රාන්සර් එකක් ෂුවර්

      Delete
    5. ලිප් බොක්කත් ශුවර් නෑ... කෙලින්ම බලු කූඩුව තමයි...

      Delete
    6. යකෝ ඇදයට හිටියත් සදුවා මට දනගහලා කතා කරන්නෙ..

      Delete
    7. "ඉක්මනට ඇඳ යටින් එලියට ඇවිත් ගෙදර වැඩ කරපං මිනිහෝ..." කියලද..?

      Delete
    8. මෙන්ඩ කියනවලු එතකොට, “උඹ දැනගං. මාත් පිරිමියෙක්. පුළුවන්නං ගනිං ඇඳ යටිං. මං එන්නෙම නෑ...!!!“

      Delete
    9. එතකොට සදු දනගහලා ඇඳ යටට එබිලා බලනකොට මෙන්ඩා ඇඳයට ඉන්නවලු වෙව්ල වෙව්ල,...ආ හරි හරි අද ගහන්නේ නැ එනවා දැන් එලියට...

      Delete
    10. ඩ්‍රැකී,
      එතකොට සඳූ අක්කා කොස්සෙන් දමලා අනිනවලු මෙන්ඩඩට එලියට වරෙන් කියලා...

      මනෝ,
      පව් බං අහිංසකයා...

      මෙන්ඩෝ... මේවට උත්තර දියං යකෝ...

      Delete
  8. මචං විහිළුවක් කරන්නද
    උඹ ඔය පොයින්ට් කරල ලියෙල තියෙනව නේද අන්න ඒවැයින් 80% ක් විතර වෙච්ච පොටෝ සූට් එකක් මගෙ ඇස්පනාපිට දිගෑරුණා කියකො.. අරුං දෙන්න පොටෝ ගන්නව බලං ඉදල මට තිත්ත වුණා.. අම්මප ඒ වෙලාවෙ ගලක් බිත්තයක් මොකක් හරි තිබ්බ නං ඔළුව ගහගෙන ගහගෙන යනව..
    අම්මප..
    අර නැටුං කණ්ඩායං කේස් එක ගැනයි පෝරුවෙ වැඩ කරන එකා ගැනයි කේක් එක ගැනයි කියල විතරයි වෙන්නැ කෝල් ආවෙ නැත්තෙ මොකද ඒ වැඩ ඒ පවුලෙම කෙනෙක් කරල ති්බ්බ
    මං ගියෙ අර කැමරමන් ල දෙන්නට යටිතල පහසුකං සපයන්න. උං ගෙ වාහනේ ට්‍රබල් එකක් ය කියල ඒක ඉල්ලලම තිබ්බ
    ඇත්තටම ඒක නෙවී කාරනේ. ඒක ටිකක් ලෝ කොස්ට් වෙඩිමක් උං දෙන්නට සැහෙන්න පාඩුයි වැඩිය ඕන නැ මනමාලය තමයි තැන්ක් යූ කාඩ් වලට සල්ලි දුන්නෙ අනික දෙන්නම 35 පැනපු කපල් එකක්
    මට පිස්සු හැදුන බං
    ආයෙ නං ඔය කටු කන්නැ ඕ යේස්

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නෙ උදාහරණ ගෙඩි පිටින්ම. කලාතුරකින් වෙඩිමක තමයි කිසිම කරදරයක් නැතුව වැඩ කරන්න ලැබෙන්නෙ.
      තමන්ගෙ අතේ තියෙන මුදලට වැඩ කරන්නෙ නැතුව අඩු වියදමක් කරලා වැඩි වැඩ කරන්න යන නිසා ගොඩ දෙනෙක් අනාගන්නවා මහේශ්.
      අපෙනුත් හුඟ දෙනෙක් බලාපොරොත්තු වෙන්නෙ පොඩි මුදලක් දීලා අර ටිවී වල පෙන්නනවා වගේ වැඩක් කරන්න. ඒ උනත් ඒ ගැන පැහැදිලි කලත් පිළිගන්නෙ නෑ.

      Delete
    2. කතාවක් අහල නැද්ද බං ගැහැණුන්ට දෙයක් තේරුං කරනවට වඩා නුවර වරායක් හදල නැවක් ගේන එක ලේසියි කියල

      Delete
    3. සහතික ඇත්ත. කියලා දීලා තේරුම් නොගත්තයි කියමුකො. වැඩේ වැරදුනාට පස්සෙවත් පිලිගන්නෙ නෑනෙ වරද්දා ගත්තා කියලා.

      Delete
  9. හොදම වැඩේ කැමා අයියට........ මනමාලියෝ ඔහොම වද දෙන්නමයි තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. දුවපිය යන්න මෙතනින්... :D

      මං පව් නැද්ද මලේ...?

      Delete
  10. කපල් එකේ ගෙවල් වල කවුරුවත් දැනුං තේරුං තියෙන උං නැත්තං අඩුම ගානෙ විස්වාසවන්ත යාළුවො ටිකකටවත් (ඔය මෙන්ඩ, මදාවිය වගේ) ඔය මගුලෙ සැරසිලි වැඩ, නැටුං වැඩ, නැටුං තෙල් වැඩ එහෙම පවරල තියන්න ඕන. එතක‍ොට අන්තිම මොහොතෙ කපල් එකට බෙල්ල කඩාගෙන ඒව ගැන හොයන්න ඕන කමක් වෙන්නෙ නෑ. අපේ එකේනං උනේ එහෙම තමයි.

    //පොඩ්ඩක් හැඩ කරලා හිටවලා කැමරාව අතට ගද්දිම ආයෙත් කෙලින් වෙලා// යකෝ ඒ වෙලාවට කෙලින් වෙන්නැතුව තියේනං ඌට ලෙඩක්. මිනිහ බලාන ඉන්නෙ කොයි වෙලේද හනිමූන් යන්නෙ කියලනෙ. :D

    ReplyDelete
    Replies
    1. ආ.. ඒක නෙමෙයි උඹ ඒ කෙලින් වෙච්ච ඇද කරන්න ගිහිල්ල ඒ මනුස්සයගෙ පවුල් ජීවිතේ අවුල් කරන්න එපා හැක්...

      Delete
    2. එහෙම කරනවා නම් හොඳයි ප්‍රසන්න. ඒකෙන් කාටවත් වදයක් වෙන්නෙ නෑ. ඒත් සමහර උන් පන්ඩිතකමට තමන්ම ඒවත් කරගන්න යනවනෙ. එක්කො අනික් උන් වැඩිපුර වියදම් කරයි කියන බයටම වෙන්නත් ඇති.

      ඔය "කෙලින් වෙලා" කියන වචනෙ දාද්දිම මට හිතුනා ඔය කතාව අහගන්න පුළුවන් වෙයි කියලා. ඔය වෙලාවට ඒ තරම් හදිස්සි‍යෙන් ඉන්නෙ කියලා කිවුවෙ අත්දැකීමෙන් වෙන්ටෑ...

      Delete
    3. පිස්සුද බොල, අර නිළමෙ කිට් එක ගැහුවට පස්සෙ මොන කෙලිං වීමක්ද.

      Delete
    4. මතක් කොරන්න එපා අටමගල. කරුමයක් ඒක නම්. වතුර උගුරක් බඩට යවන්නත් පුදුම ගේමක් දෙන්න ඕනෙ.

      Delete
  11. යස්සනාතෝ, ලියවිලි තුනම බැලුවට පස්සේ හිතුනේ අපේ එවුන්ට මීට වඩා සරලව ලස්සනට වෙඩිමක් ගන්නබැරි ඇයි කියලා
    නිකමට හිතිච්චි ඒවා පෝරුවට නැකත් වෙලාවක් ඕනිමද,මනාලිය අන්දවන්න පැය පහකට අඩුවෙන් බැරිද,(යකෝ උදේ දෙකට නැගිට්ටම හවස් වෙනකොට ඉබේ දොයි),දෙන්නා චූන් එකේ ඉන්න ඕනි දවසේ මොන ෆෝන්ද
    බෝ කියල තීන ටෙලිලෙන්ස් වැඩේ නං මාර වටිනවා.කාටවත් කරදරයක් නෑ.ළඟදිත් අර studio 3000 අය ගහපු සෙට් එකක් දැක්කා මරු.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම පුළුවන් සිරි. අඩු වියදමකි ගොඩක් ලස්සනට වගේම පිළිවෙලට වෙඩින් එකක් ගන්න ක්‍රම තියෙනවා. සමහර වියදම් නම් අඩු කරන්න අමාරුයි. එත් ගොඩක් වියදම් අඩු කරන්න පුළුවන් විදි තියෙනවා. එහෙම කලා කියලා ලස්සන අඩු වෙන්නෙ නෑ.
      ඒ වගේම තමයි වියදම් අඩු කරනවා කියලා කුණුකමට කරන්න ගියොත් නම් තියෙන ටිකත් නැති වෙන එක තමයි වෙන්නෙ. අරපිරිමැස්ම වෙනයි කුණුකම වෙනයි.
      ඔය වැඩේ අමාරුයි කියලා පෙන්නන්නනෙ පැය ගානක් අන්දවන්නෙ. වැඩේ නියමෙට කරන කෙනා ඔය තරම් වෙලා ගන්නෙ නෑ කියන එක අපි හොඳටම දන්නවා. එක සැරයක් කොළඹ තිබුණු වෙඩිමක ඇන්දුවෙ සුපිරිම මට්ටමේ තැනකින්. වෙලාවට ආවා. පැය දෙකක්වත් ගියෙ නෑ ඉල්ලුවටත් වඩා කලින් ඇන්දෙවුවා. හවස් වෙනකම් එක්කෙනෙක්ව තියලා ගියා අඩු පාඩුවක් උනොත් කියලා.
      අපිත් දැනගන්න ඕනෙ මචෝ වෙඩිමෙ අයට කරදරයක් නොවෙන්න. ඒකට ගැලපෙන උපකරණ ඕනෙ තරම් තියෙනවා. ඒ නැතත් කල්පනාවෙන් ඉන්නවා නම් කරන්න පුළුවන්.

      Delete
  12. //පොඩ්ඩක් හැඩ කරලා හිටවලා කැමරාව අතට ගද්දිම ආයෙත් කෙලින් වෙලා//
    මනමාලයට නෙමේ ප්‍රසා ඕක කැමරාමන්ට තියන ලෙඩක්.

    ReplyDelete
    Replies
    1. නෙහෙම වෙන්නෙ නැද්ද බොල අර දෙවෙනි මනමාලියන්ට ගන්න ඉටිකිරිස් කෙලි පැටික්කියන්ට අන්දවලා තියෙන ඒවා දැක්කාම...

      Delete
    2. හැක්..හැක්... ඒකනං ඇත්ත තමයි කම්මලේ. මුගෙ මේ ෆොටෝ ගැහිල්ල පරක්කු වෙන්න හේතුවත් ඔය කෙලිං වෙච්ච බස්සගන්න යන වෙලාව වෙන්න ඇති.

      Delete
    3. ප්‍රසෝ.... උබට මම.....
      බස්සගන්න වෙන්නෙ නෑ බං. හොටෙල් එකට ගියාම තිබ්බට වැඩීනෙ තියෙන විච්චූර්ණ දැක්කාම...

      Delete
    4. කෙලින් උනාම හරියටම මැදටම ෆෝකස් කරගන්න ලේසි නේද බං.මම මේ කිව්වෙ පොටෝ ගහනකොට ලේසි කියලයි.

      Delete
    5. ඔව්... ඔව්... ගහනකොට ලේසී තමා එහෙම උනාම... මං කිවුවෙ ෆොටො ගහනකොට ඈ...

      Delete
  13. කපල් එකට කලින්ම දැනුම් දීල හිටියනම් ෆෝන් එක යාළුවෙකුට දෙන්න, සංවිදාන කටයුතු වෙනත් අයට පවරන්න , සම්බන්දීකරන කටයුතු එක්කෙනෙකුට පවරන්න වගේ ඔය තත්වය අඩුවෙන්න පුළුවන්.
    නැත්නම් වෙඩිමෙ සම්පූර්ණ කටයුතු ඉවෙන්ට් මැනේජ්මන්ට් කරන එකෙකුට දෙන්න කියල දැනුවත් කරන්න.

    ReplyDelete
    Replies
    1. තේරුමක් තියෙන අය කරන්නෙ ඔය විදිහට තමයි කමලේ. ඒත් ගොඩක් උන් හැමදේම තමන්ම කරන්න ගිහින් වැඩෙ අනා ගන්නවා. ගොඩක්ම පණ්ඩිතකමයි කුණු කමයි.

      කෝ බං ඩබොල..? එක නැතුව දැන් පාළුයි වගේ...

      Delete
    2. ෆෝන් එක දෙන්න කියහං බං ළමයෙකුට.

      ඩබොල් වදින්න ටිකක් හවස් වෙන්න ඕන.

      Delete
    3. හවසට තමයි කම්මලේගෙ ලෙඩේ ඇවිස්සෙන්නෙ.... මොකක් හරි හොරයක් තියෙනවා...

      Delete
    4. චාමර මට මල පනිනව චාමර බලහං මුන් මට කියන කතා.

      Delete
    5. දැන් ඔය චාමරට පුළුවන් කිවුවද බොලාගෙ දෙක වදින එක හදලා දෙන්න...?

      Delete
    6. මචං කම්මලේ මුන් දෙන්නටම ඇනු දෙක ගානේ

      Delete
    7. නෑ එකක් ඇන්නම ඇති. දෙකක් වදිනවනෙ.

      Delete
    8. මනෝ,
      යකෝ එතකොට හතර හතර වදිනවා බොල...

      ප්‍රසා,
      අන්න කතාව. ඕක තෙරෙන්නෙ නෑ අර මල් වන්දිරයට...

      Delete
  14. :) කියන්න කියන්න හොටෙල් එකෙ යුද්දේ ගැනත් කියන්න..

    බඳින්න ඉන්න ඈයෝන්ට බොහොම වැදගත් වෙයි මේ විස්තර ටික.

    ReplyDelete
    Replies
    1. ඉල්ලීම තියෙන නිසා කියන්න වෙයි වගේ...
      තුශානි මොකෝ මේ ටික උවමනාවෙන් කියවන්නේ...?

      Delete
    2. එහෙනං අපිටත් තුශානිගෙ වෙඩිමෙං කුකුල් මස් කෑල්ලක් කාගන්න පුළුවං වෙයි නේ... හෙහ් හෙහ්...

      Delete
    3. ඇයි බං බෝතල්...?

      Delete
    4. ගෑල්ලමයෙක් මෙතනට ගොඩ බැස්සොත් මගුල් කන්නමයි හදන්නේ...

      Delete
    5. මේ මේ උඹ මෙතන ඇවිත් ගාණක් කඩා ගන්න තියෙන චෑන්ස් එක නැති කොරන්න එපා... මං මේ ඇල්බම් එක කතා කොරන්න හැදුවෙ..

      Delete
    6. හි..හි... තව කල් තියෙනවෝ....

      Delete
    7. එතකොට ගණන් කතාකරමුකෝ... ඩිස්කවුන්ට් එකක් එහෙම දාලා දෙන්නම්....

      Delete
    8. තුශානි මගේ එකවුන්ට් එකට සල්ලි දාන්න මම කැමාට කියලා වැඩේ කරවන්නම්

      Delete
    9. මෙන්ඩා මැනේජ්ර් කමට එන්නද මේ හදන්නේ...?

      Delete
    10. උඹලා තුශානි නගාට එහෙම කොලොප්පන් කරනවා නෙවෙයි ඔන්න.නගා ඕවා ගනන් ගන්න එපා නගා.හැදියාවක් නැති උන්

      Delete
    11. මනෝ, කියහං විහිළු කොළාට කමක් නෑ - කොළාප්පං කරන්න එපා කියලා...

      Delete
    12. මනෝ,
      ඔව් බං. මේකෙ ඉන්නෙම මහ නසරානියො. අර මල් වන්දිරයා වගේ උන් තමයි නගාට විහිලු කරන්නෙ...

      ඩ්‍රැකී,
      ඔය මල් වන්දිරයා කිවුවට අහන එකෙක් නෙවෙයි...

      Delete
    13. කැමා මලයෝ මොකද බං මදාවියා පේන්නවත් නැත්තේ ඊයේ අද දවස් දෙකේම.

      කවුද බං අර මල් වන්දිරයා කියන්නේ.මම හිතන්නේ උඹලා ඔය කියන්නේ අර හොද හැදියාවක් ගුණවත්කමක් සීලාචාර කමක් තියෙන කොල්ලා ගැන නේද ?

      Delete
    14. ඔව්.. ඔව්... ඒ ගුණ යහපත් එකා තමා වෙන උන් නැත්නම්....

      Delete
  15. /ඊට කලින් කියනවද දැන් ඇත්තටම වෙඩින් එකක වැඩ පරක්කු කරනවා කියලා ඡායාරුප ශිල්පියාට බනින එක සාධාරණද කියලා...?/
    අසාධාරණයි බං. ඔක්කොම එකතු වෙලා වට කරගෙන නෙලනව මිසක් බැණල වැඩක් ඇත්ද?

    ReplyDelete
    Replies
    1. ආයිත් අහලා ඩ්‍රැකී මුන්ට ගහලා මදි බෝ වගේ රීරිම බොන්ට ඕනි

      Delete
    2. නෙද්දකින් විතරක් මුගෙ කට.... ශික්...
      පව් නැද්ද ඩ්‍රැකියෝ එහෙම ගහන්න...

      Delete
    3. ආ.. උඹත් ආවද සිරියෝ...?

      Delete
    4. දාපං ඩ්‍රැකියෝ පහක්

      Delete
    5. පහ බැරිනම් ඔක්කොම දාගනින්...

      Delete
    6. ඔක්කොම දාන්න බැ.දෙකක් එලියේ ඉතිරි වෙනව

      Delete
    7. තව සූට්ටක් ඈඑත් කොරහං. එතකොට හරි. මල් වන්දිරයා.....

      Delete
    8. කැමරා කටාට අම්බානක නෙලුවට පස්සෙ පවු කියල හිතෙනවනං කැමරාව පොළොවෙ ගහනව වගේ දේකුත් කරන්න පුළුවං තව... (මර්වින් සිල්වට ජයවේවා!)

      මන්දිරාට ඈත් කරන්නෙයි කියන්නෙ මොකෝ කකුල් දෙකත් ඇතුළට දාන්නෙයි?

      Delete
    9. ඩ්‍රැකි

      රිංගගෙන පොඩි රෙස්ටි එකක් ගන්න පුලුවන් නිවාඩු නිකේතනයක් වගේ සුව පහසු පොට් එකක්නේ බං ඔය කියන ස්ථානය.ගං වතුර කාලේට,වාන්දාන කාලේට නම් ටිකක් කරදරයි තමයි.

      Delete
    10. ඩ්‍රැකියෝ,
      අහුවෙයන්කො උඹ... අඩේ මාව උස්සලා පොලේ ගැහුවත් කැමරාව නම් ගහන්න එපා...

      මන්දිරයා එච්චරටම ශුවර් නැති එකා බං... කියන්න බෑනෙ ඕකා බැස්සොත් ඇතුලට..

      මනෝ,
      ඒ කියන්නෙ උඹ රිංගලා තියෙනවා ඕක අස්සෙ...

      Delete
    11. රිංගනවා නෙවෙයි බං පස්සේ තමයි දන්නේ ඇතුලේ ඉදලා තියෙන්නේ කියලා.

      Delete
    12. උඹ යහතින් ඉන්නවද බං...?

      Delete
  16. ෆොටෝ ගහන එකේ අමාරුව මට ඇත්තටම තේරුනේ මේ ඊයේ පෙරේදා. මගේ යාලුවෙක්ගෙ pre-shoot එකක් තිබ්බ මම තමයි එකේ රියදුරු / ආවතේවකරු / සහයක / baggage boy ටික කලේ.

    මට එදා තේරිච්ච දෙයක් තමයි , ෆොටෝ ශිල්පියාට ඕනේ විදියට මිනිස්සුන්ව හසුරවගන්න එක කොච්චර අමාරුද කියලා. ෆොටෝ එකක් කියන්නෙත් කළා නිර්මාණයක් . අපි මොනවා හරි ලියද්දි අපිට ඕනේ විදියට අපිට වචන භාවිත කරන්න පුළුවන්. නමුත් ෆොටෝ එකක් ගහද්දි , ශිලිපියාගේ හිතේ තියෙන විදියටම මිනිස්සු ඒකට පෙනී හිටියේ නැති වුනාම මල පනින එක සාධාරණයි.

    උන් මල පැන්න බවක් නොපෙන්නුවට , උන්ගේ මූනේ තියෙන frustration එක හොඳට පේනවා.

    අමාරු ජොබ් එකක් කරනවට උඹට මගේ ප්‍රණාමය !

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් ගබා.. සුන්දර දෙයක් විදිහට පිටින් පෙනුනට ඒ සුන්දරත්වය ඇතුලෙ නෑ. මිනිස්සු එක්ක වැඩ කරන එක හරි අමාරුයි. මොන තරම් කේන්තියක් ආවත් ඒක යටපත් කරගෙන ඉන්න පුරුදු වෙන්න වෙනවා. ඒ වගේම ඒ අවහිරතා මැද්දෙ තමන් ගන්න ෆොටෝ එකත් කලාත්මක වෙන්නත් ඕනෙ. ඉතින් හිත නිදහස් නැත්නම් ඒ දෙත් හරි අමාරුයි.
      වෙඩින් එකකදි කපල් එක විතරක් නෙවෙයි අනික් අයත් කැමරාමන්ට සහයෝගයක් දෙන්න ඕනෙ. අපි වැඩි වෙලාවක් ඉල්ලන්නෙ නෑ. උදේ පැය තුනකුයි, පෝරුවෙන් පස්සෙ පැය බාගයයි විතරයි අපිට අනිවාර්යයෙන් ඕනෙ. අනික් ඒවා ඉවෙන්ට් එක අතරෙ ගන්න ඒවනෙ. ඒ ටික වෙලාවවත් දෙන්නෙ නැතුව වැඩේ උපරිම ඉල්ලද්දි..?

      Delete
  17. //පොඩ්ඩක් හැඩ කරලා හිටවලා කැමරාව අතට ගද්දිම ආයෙත් කෙලින් වෙලා.//
    කාටද බං මනමාලයටද?ඔය උදේ පාන්දර...

    ReplyDelete
    Replies
    1. කියන්න බෑ තියෙන හදිස්සියට...... :D
      අනික ඉතින් අර දෙවෙනි මනමාලියන්ට ඉන්න කෙලි පැටික්කියන්ට අන්දවලා තියෙන ඒවට....

      Delete
  18. දැං ඔය මගුල් ගෙවල්වල ෆෝටෝ ගන්න එක ඔච්චරට කේස් නම් කැමරා කටෝ, උන්ට හැඳිගෑවිලා යන්ඩ කියලා උඹ පටං ගනිං මළගෙවල් ෆෝටෝ ගන්ඩ. ආයෙ ඔය ප්‍රශ්ණ මොකුත් නෑ.

    ReplyDelete
    Replies
    1. ඒකත් කරන එක ලේසි වෙන්නෙ නෑ ඩූඩ්. දැන් මළගෙවල් වල සෙල්ෆි ගන්න පටන් ඇරන්නෙ මිනීයත් එක්ක....

      Delete
  19. ඔය කැමරාව දීපන් ළමයකුට

    ReplyDelete
    Replies
    1. ළමයෙකුට නෙවෙයි චාමරට....

      Delete
  20. උඔ කොළඔ ගිහින් ආවා කියලා ගමේ එවුන්ට පාටියක් දුන්න සිද්ධියේ චෙෆාගේ බ්ලොග් එකේ අන්න මම දැම්මා උඔ බිල්ඩිමක තට්ටු ගනන් කරපු සින් එක

    ReplyDelete
    Replies
    1. අන්න මං එකටම දැම්මා උඹ වර්ල්ඩ් සෙන්ටර් එකට දණ ගහලා වැන්ද හැටි.

      Delete
  21. ඔන්න අද 10000 පැන්නා... අද තමයි ඔන්න කවුන්ටර් එක බ්ලොග් එකට දැම්මේ... ස්තුතියී හැමෝටම.. ඊලඟ පෝස්ට් එකෙන් වෙනමම කියන්නම් ඒ ගැන...

    ReplyDelete
    Replies
    1. අපේ කැමා මලයට අපෙන් සුභ පැතුම්

      මේ අවුරැද්ද අවසන් වෙන්න කලින් අපි මේක 50000 කරමු මචං.

      Delete
    2. 10000 ක් ජයවේවා.......

      Delete
    3. බෝතලයක් ගහමු
      බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
    4. අපි සොට් එකක් දාන අතරේ කැමා වේදිකවක් උඩ නටවමු අර නයිට් කල්බි වල කරනවා වගේ.පොඩි ආතල් එකක් තියෙන්න එපැය බං
      කැමෝ නැටුමට හරියන ඇදුමක් අරගෙන වරෙන් අද හවස ගෙදර එනකොට.ටිකක් විනිවිද පෙනෙන ඇදුමක් තමයි හොද.

      Delete
    5. ප්‍රසා,
      ස්තුති‍යි ප්‍රසා...

      මනෝ,
      අම්මපා.. උඹලා නිසා තමා මේ.. ස්තුතී බං..

      බණ්ඩා,
      ස්තුතියී මචෝ...

      මෙන්ඩා,
      රා බෝතලයක් ගහමු බං... උඹලා තමයි මේකෙ හයිය..

      මනෝ,
      අර මෙන්ඩගෙන් තොං එකක් ඉල්ලගං...

      Delete
  22. ගණන් ගන්න එපා බොස්, ඕව මොනවද?
    දැන් නිකම් උපකල්පනය කරන්න, 8M Raft ආයිත් බඳිනවා, ෆොටෝ ගන්න කියල ඔයාට කියනවා.!!!
    ඒවගේ අත් දැකීමක් නෑනෙ.
    වුනා නම් කැමරා එක (සහ හොම්බ ) නෑනෙ

    ReplyDelete
    Replies
    1. අටමගෙ මගුලෙ ෆොටෝ ගන්න ගියොත් මූට ' කැමරාවෙන් එහා ලෝකෙ ' තමයි ඉන්න වෙන්නෙ.

      Delete
    2. එහනම් එදයින් පස්සේ කැමා ස්ටුඩියෝ එකක් තියන පලාතකින්වත් යන්නෙ නෑ..

      Delete
    3. ප්‍රා,
      අම්මපා එහෙනම් මගෙ හත්මුතු පරම්පරාවම නිවන් දකිනවා මූ දෙන පිං වලට... අටමා ආපහු බඳිනවා කියලා ආරංචි උනු ගමන් මං රටෙනුත් යනවා.. හොම්බ නෙවෙයි මංවත් ඉතුරු වෙන්නෙ නෑ. එදා දැක්කනෙ නිට්ටෑවට බැනපු හැටි...?

      කම්මලේ,
      එහා ලෝකෙවත් ඉන්න දෙයිද බං..? අනේ අම්මේ මට මැවිලා පේනවා "ඔහොම නෙවෙයි #ත්තෝ මෙහෙම ගහපන්..." කියන හැටි...

      මෙන්ඩා,
      ස්ටුඩියෝ නෙවෙයි බං ෆොටෝ කියන වචනෙ ඇහුනත් කලන්තෙ දායි.

      Delete
    4. අඩෝ එදා අටම මට බැන්නද ..??
      තොපි කලින් කියන්න එපැයි ...ඉඳපං අල්ල ගන්න්ඩ ....

      Delete
    5. එදා අටමා කාටද බැන්නෙ නැත්තෙ කියහං... මොනා උනත් හිත හොඳ එකා...

      Delete
  23. අද කාලේ වෙඩින් වල ගොඩක් වෙලාවට ඔක්කොම කටයුතු කරගන්නේ මනාල ජෝඩුවමයි. ඒකත් එක හේතුවක් ඔය ප්‍රශ්න වලට. උන් දෙන්නා බඳින එක අමතක කරලා නැටුම් කණ්ඩායමයි, බෙර කාරයොයි, වෙඩින් කේකුයි ඔවා බල බල ඉන්නවා. වෙඩින් එකේ ඔර්ගනසින් කටයුතු හොඳ යාලුවෙකුට හරි ටිකක් තේරෙන සහෝදරයෙකුට හරි අන්තිම දවසේවත් දුන්නනම් උන්ට නිදහසේ පොටෝ එක ගහලා පැණි හඳ කොරන්න යන්න පුලුවන් . නැද්ද ?

    ReplyDelete
    Replies
    1. ඇත්ත බණ්ඩො. ඔය දේවල් හරියට කරගන්න පුළුවන් විදි තියෙද්දි තමයි වැඩි වැඩ දාන්න ගිහින් තමයි අනාගන්නෙ. ඕක සමහරවිට පණ්ඩිතකම හරි කුණුකම හරි වෙන කෙනෙක් හරියට නොකරයි කියන සිතුවිල්ල වෙන්නත් පුළුවන්. මේ ටික කියවලා හරි කවුරු හරි හැදෙනවා නම් ඇති.

      Delete
  24. උඹ ඔය ඉවසන ඉවසිල්ල මට නං ඉවසන්ඩ බෑ බං ...

    ReplyDelete
    Replies
    1. අමාරුවෙන් උනත් ඉවසන්න වෙනවනෙ බං. කොහොමද ඒ වගේ දවසක උදේම උන් දෙන්නට බනින්න හිත හදාගන්නෙ කියහංකො. ඉතින් හිතෙන් බැන බැන හිනා වෙනවා බොරුවට හරි.

      Delete
  25. මේ ලබ්බ මට අප්ඩේට් වෙන්නේ නෑ බං.. ඕන හුයන්නක්ද මන්දා.. බලාපිය.. උඹේ දෙවෙනි පොස්ට් එකේ ඉඳන් මං කොමෙන්ට් කරන්න ගත්තේ.. බ්ලොග් රෝල්ට අප්ඩේට් උනේ නෑ කියන්නේ බඩුම තමයි.. :/
    දැන් කියවපියකෝ පොස්ට් 29ක්.. හැක්..

    ReplyDelete
    Replies
    1. කියවහං ඔක්කොම නිවාඩුවක් හරි දාලා...

      Delete
  26. මාස 7 කින් හිට්ස් 10000 ක් කියන්නෙ ලොකු දෙයක් මචෝ. අපි පටංගත්තේ උඹට මාස 6 කට විතර කලින්. ඒ කාලෙ ඕක ඔයිට වඩා ගේමක්. අපේ බ්ලොග් පුරෝගාමීන්ට ඕක ඒ කාලෙ මහා මෙරක්. මිනිස්සු බ්ලොග් කියවන්න පටං ඇරං. ඒක ඉතාම හොඳ ප්‍රවණතාවක්.

    එකින් එකට කමෙන්ටු දාන්න බැරි වුණත් උඹේ මේ ඇචිව්මන්ට් එකට යමක් නොදැම්මොත් උඹ හිතයි මං කුහකයෙක් කියලා. ඇත්තටම දැන් මාසෙක විතර ඉඳන් ඔලුව උස්සන්න ලැබුනෙ නෑ. මම ඒ අතරෙත් පුළුවන් විදිහට මේ අවකාශෙට ආවා. තව සතියක් විතර යයි මට ආපහු හිටපු තත්වෙට එන්න. එතකං දැනෙන දෙයක් දානවා හෙට$අනිද්දාම.

    උඹ පට්ට ඇඩික්ට් වෙලා ඉන්නෙ මේ බ්ලොග් කෙරුවාවට මම වාගෙම. ඒ නිසා උඹට යන්න පුළුවන් දුරත් එක්ක මේක නිකං කූඹියෙක් වගේ දැනේවි උඹට කවදා හරි. විශේෂයෙන් තව මේ අවකාශය පුළුල් වෙනකොට උඹට 50000 කියන්නෙ කජු කනවා වගේ. දිගටම ලියපං පුළුවං හැටියට. දැනෙන දෙයක් ලියපං. උඹට මේ වැඩේට තියෙන ආශාව හොඳටම ඇති එතනට යන්න.

    හැම දාම හැම විටම උඹේ පෝස්ට් එකක්, කොමෙන්ටුවක් දකින්න කැමතියි.

    මේක වගේම උඹේ ජීවිතේ හැමදේම සාර්ථක වේවා!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියී මධූ. උඹෙ කමෙන්ට් එකක් නැත්නම් මේක පාළුයි වගේ දැනෙනවා. හැමදාම මේකට එන උන් එකෙක් හරි අඩු උනොත් ඒක තදටම දැනෙන්නෙ උඹලගෙ තියෙන ලෙන්ගතුකම හින්දා. ඒ දේ නිසා තමයි මාව මේ තරම් දුර එක්ක ආවෙ.

      Delete

 
 
Blogger Templates