Pages

Thursday, April 2, 2015

වෙඩින් ෆොටෝ….?






 ඡායාරූපය ගූග්ල් වෙතින්

කාලයක් තිස්සේ කැමරාවත් උස්සන් ෆොටෝ අල්ලනකොට දැකපු අපේ කට්ටිය අතින් සිදුවන අතපසු වීමක් ගැන ලියන්න හිතුනා. නොදැනුවත් කමින් හරි දැන දැනම හරි සිද්දවෙන මේ දේ වරදක් විදිහට මම දැක්කට මේක හරි දෙයක් කියල සිතන අයත් ඉන්න පුලුවන්…..



අද කාලෙ තියෙන අලුත්ම ප්‍රවනතාවය තමයි පන්සල් භූමියක් තුල වෙඩින් ෆොටෝ ගන්න එක. මංගල යුවලගේ ඉල්ලීම මත හෝ පසුතලයක් සොයා ගැනීමේ පහසුව මත හෝ ඡායාරූප ශිල්පියාගේ අදහසක් මත පන්සල තෝරා ගැනීම සිදු විය හැක. මංගල යුවලක් පන්සලේ ඡායාරූප ගන්න එකේ වරදක් මම දකින්නෙ නෑ. නමුත් එය සිදු කරන ආකාරයේ වරදකුයි මම දකින්නේ. මංගල යුවල මල් පහන් පූජා කරලා බුදුන් වඳින අයුරු ස්වාමීන් වහන්සේගෙන් ආශිර්වාද ලබාගන්නා අයුරු ඡායාරූපයට නැගීම හෝ එම ඡායාරූප ඇල්බම් එකට ඇතුල් කිරීම මෙහි අරමුණ නම් එය ඇත්තෙන්ම අගය කල යුතුයි. නමුත් සිදු වන්නේ එය නොවෙයි. චෛත්‍යට හෝ බුද්ධ ප්‍රතිමාවට පිටුපා ඡායාරූප ගැනීම, එම පරිසරයට නොගැලපෙන විවිධ ඉරියව් වලින් ඡායාරූප ගැනීම (සමහර විට විනීතව හැසිරෙන්න සඳහන්ව ඇති දැන්වීම අසලම), පාවහන් නොගලවාම පන්සල තුල ගමන් කිරීම (බෝධි මලුව තුල පවා) වැනි පන්සල් භූමියකට නොගැලපෙන දෑ සිදු කිරීම මෙහිදී බොහෝ විට දකින්න පුලුවනි. සමහර පන්සල් වල ස්වාමීන් වහන්සේලාත් මෙවා නොදැක්කා සේ සිටීම නම් පුදුමයක්. පුද්ගලිකව මම කැමති නැහැ පන්සල් භූමියක මංගල ඡායාරූප ගන්න. යම් කිසි මංගල යුවලක් එවැනි ඉල්ලීමක් කලොත් මම ඉහත කරුණු පැහැදිලි කරලා දීලා වෙනත් පසුතලයක් තෝරාගැනීම සිදු කරනවා.


අද කාලේ බහුතරයක් මනාල මහත්වරු මංගල දවසට මුල් ඇඳුම තෝරා ගන්නවා දකින්න පුලුවන්. අතීත නිලමෙවරු භාවිතා කල මෙම ඇඳුමට තාමත් අපේ සිත් වල යම් ගෞරවක් තිබීම සාමාන්‍ය දෙයක්. මුල් ඇඳුම ඇඳගෙන ඉන්න මනාල මහත්මයෙකුගේ ඡායාරූප ගැනිමේදී වැඩිපුර සිනාසීමට හෝ නොදී ඡායාරූප ගැනීම සිදු කරන්නේ එම ඇඳුමේ තිබෙන ගෞරවාන්විත බවට හානි විය හැකි බැවිනි. නමුත් අද වන විට නූතන මංගල ඡායාරූප කලාව තුල තිබෙන සමහර ඉරියව් (කණ්ඩායම උඩ පැනීම, මල් කලඹ විසි කිරීම, ඇඟිලි වලින් ඉරියව් පෑම වැනි….) මෙම මුල් ඇඳුම හරහා ඉස්මතු කිරීමට උත්සහා ගැනීම දකින්න පුලුවන්. එවැනි දෑ තුලින් එම ඇඳුමේ තිබෙන ගාම්භීර පෙනුමට හානි වීමක් සිදු වේ. හැකි සෑම විටම අලුත් දෙයක් සිදුකල යුතු නමුත් එය යම් කිසි සීමාවක් තුල සිදුකල යුතු බවයි මගේ අදහස.


ඒ වගේම ආරක්ෂක සේවයේ නිරත වන මනාල මහත්වරු තම නිල ඇඳුම මංගල දිනයට යොදා ගන්නා විටත් ඉහත මුල් ඇඳුම ගැන සඳහන් කල අයුරින්ම අනවශ්‍ය නිරූපන ඉරියව් යොදා ගැනීම දකින්න පුලුවන්. නිල ඇඳුමට ගරු කිරීමක් වශයෙන් ඊට උචිත ඉරියව් තෝරා ගැනීම ඡායරූප ශිල්පියාගේ වගකීමක් වේ.


ඉහත සදහන් කලේ පුද්ගලිකව මා විසින් සිදු කිරීමට අකමැති කරුණු කිහිපයකි. 


මංගල යුවල හා ඡායාරූප ශිල්පියා මේ පිලිඹඳව නිවැරදි කතා බහක නිරත වන්නේ නම් මෙය සිදු වීම වලක්වා ගැනීමට පුලුවන්. නූතන මංගල ඡායාරූප කලාවට කැමති යුවලක් සිටින විට දී මේ පිලිඹඳව පහදා දීමට හැකි නම් දෙපාර්ශවය සතුටු වන ලෙස ගුණාත්මක බවින් පිරිපුන් කලාත්මක ඇල්බමයක් සකසා ගැනීමට ඡායාරූප ශිල්පියා දක්ෂ විය යුතුය.

        මෙවැනි දෑ සිදු කිරීම වරදක් ලෙස නොදකින පිරිසකුත් අද සමාජය තුල සිටින බැවින් මෙවැනි හැසිරීම් ඉදිරියටත් පවතිනු ඇත…….

24 comments:

  1. මොකක්ද බන් මේ වෙනස?
    මුල් ඇඳුම තවත් එක කොස්ටියුම් එකක් විතරයි බං දැං... හැමදේම විහිලුවක් වෙලා..

    ReplyDelete
    Replies
    1. ටිකක් වෙනස් වෙන්න හිතුනා..... තාම මේ හොද ටෙම්ප්ලේට් එකක් හොයනවා....
      මුල් ඇඳුම විතරක් නෙවෙයි හැම දේම විහිලුවක් වෙලා. නිකන් පිට ඔපේට විතරයි වැඩ කරන්නේ. අපිත් මේව කලා කියලා පෙන්නන්න... සල්ලි පස්සෙම දුවනකොට මනුස්සකම් අමතක වෙනවනෙ.

      Delete
  2. මනමාලි ගංගාරාමෙ බුදු පිළිමයක් ඉස්සරහ "ආයිබෝං" කියන පිංතූරේ දැකල දැකලම අජූවයි...

    ReplyDelete
    Replies
    1. ඒ ගැන නම් කතා කරල වැඩක් නෑ සජ්ජෝ.... ගංගාරාමෙත් එපා වෙනවා ඒක දැකලම... ඒ මනමාලි වැඳගෙන ඉන්නෙත් බුදු පිලිමෙට නෙවෛ නේද....?

      Delete
  3. පන්සල් වල ෆොටෝශූට් කරන එක ගැන මගෙත් ඒ තරම් මනාපයක් නෑ..

    ReplyDelete
    Replies
    1. දැන් සමහර පන්සල් වලින් යම් මුදලක් අය කරලා ෆොටෝශූට් වලට වෙන් කර ගන්න ඉඩ දීලා තියෙන්නෙ. ඉතින් මේවා වෙනස් වෙයිද.... දැන් හැම දේම මාර්කටිං වෙලා.....

      Delete
  4. ඔබ කියල තියෙන කාරණය හරි. යම් තැනක ෆොටෝ ගන්නවනං අදාල අය හැසිරිය යුත්තේ තැනට ගැලපෙන විදියටයි. මේක මනාල යුවලට වඩා මම හිතන්නෙ කැමරාමන්ගෙ වැරැද්දක්. මොකද කපල් එක කරන්නෙ කැමරාමන් කියන ඉරියව් වලට ඉන්න එක විතරයි.

    ReplyDelete
    Replies
    1. ඔබේ කතාව නම් හරි. කපල් එක ඉන්නේ කැමරාමන් කියන විදිහට. නමුත් සමහර කපල් ඉන්නවා එයාලට මේ මේ විදිහෙ ඉරියව් ඕනෙ කියන අය. දැන් ටීවී වල පෙන්නන වෙඩින් වල විදිහට ඉන්න ඕනෙ කියනවා. මේ දෙගොල්ලොම දැන ගන්න ඕනෙ හැම ඉරියව්වම හැමෝටම, හැම තැනටම හරියන්නේ නෑ කියලා....

      Delete
  5. බොහොම හොඳ කරුණු දැක්වීමක්. නටලා උඩ පැනලා පින්තූර ගන්න බොහෝ දෙනෙක් පෙන්වන්නේ පොටෝකාරයා (එවැනි අය ඡායාරූප ශිල්පීන් නෙවෙයි) කියන කියන පදයට රූකඩ නැටුම් පෙන්වීමයි.

    උදේ පාන්දර කුරුණෑගල වැව රවුමේ, අන්ගංගල විහාරේ, ඇතුගල මුදුනේ බුදුපිළිමය අසළ, මෙවැනි රූකඩ සංදර්ශන බලන්න පුළුවන්. මුල්ඇඳුමට අගෞරව කරන්න එපා කියා මීට පෙරත් පුවත්පත්වල පවා ලිපි පළවුනා. ඕනෑම ඇඳුමකට ගෞරවයක් තිබෙන්නේ ඕනේ. කියන්න කණගාටුයි බටහිරින් එන ඕනෙම වඳුරු වසංගතයක් ඉස් මුදුනින් පිළිගැනීමේ අපේ ජාතික දුර්වලකම තවමත් තියනවා.

    ReplyDelete
    Replies
    1. විචාරක මහත්තයෝ... අපිත් වැව රවුමෙ ඉන්නවා සමහර දවස් වලට කැමරාවත් උස්සගෙන.....

      නූතන මංගල ඡායාරූප කලාව සහ සම්ප්‍රදාය එකට පටලගෙන රූකඩ නැටුම් පෙන්නන්න පුරුදු කලෙත් අපෙ සමහර ඡායාරූප ශිල්පීන්ම තමයි... අපි අලුත් වෙන්න ඕනෙ... නමුත් ඒක කරන්න ඕනෙ පිලිවෙලක් තියෙනවා.....

      Delete
  6. අපේ බ්ලොග් දර්ශකයටත් බ්ලොග් එක දාන්න. අපට ලින්ක් එක එවන්න පහතින් අපේ සින්ඩියට පිවිසෙන්න.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට. ඔන්න මම ලින්ක් එක මේල් කලා...

      Delete
  7. මුන්ට පිස්සු බං.ඔය වැඩේ ඉස්සල්ලම කරපු එකා පට්ට ක්‍රියේටිවු පොරක් වෙන්න ඇති.ඒකගැන විවාදයක් නෑ.ඒත් දැන් ඒක කරන එවුන්නම් රැල්ලට ගහගනයන අළුතින් දෙයක් හිතන්න බැරි රොබෝලා ටිකක් විතරයි.හරියට අර එකෙක් හෝටලයක් දැම්මොත් එහා ගෙදර එකත් හෝටලයක් දානවා වගේ වැඩක්.

    ReplyDelete
    Replies
    1. අලුතින් හිතන උන් ටික දෙනයි ඉන්නේ. අනික් උන් ඔක්කොම කරන්නේ ගැලපෙනවද නැද්ද කියලා බලන්නෙ නැතුව කොපි කර කර යන එක. අන්තිමට ඇල්බම් දහයක් ගත්තොත් දහයම එක වගේ......

      Delete
    2. // අන්තිමට ඇල්බම් දහයක් ගත්තොත් දහයම එක වගේ.//
      ඇත්ත කතාව. කොහෙ හරි කපල් එකක් මොකක් හරි ඉරියව්වකට ඉඳල ෆොටෝ එකක් ගත්ත එකක් දැක්කොත් තව දහයක් පහළවක් ඒ විදිහෙම ඒවා ගන්නව. කිසිම විවිධත්වයක් නැහැ.

      Delete
    3. ෆොටෝ එකක් ගන්න ඕනෙ ඉරියව්ව තීරනය කරන්න වෙන්නෙ ඒ කපල් එකේ පෙනුම, පසුතලය, ඇඳුම වගේ දේවල් එක්ක. ඒත් කරන්නෙ ඒක නෙවෙයි. ඔක්කොටෝම එකම ඉරියව්වෙන් ෆොටෝ ගන්න එක.

      Delete
  8. පන්සල් වල ෆොටො ගන්න එක ගැන නම් මගෙත් පැහැදීමක් නෑ.

    පුංචි දෙයක් කියන්නද.. ජේද ටික justify කරලා දැම්ම නම් හොඳයි කියලා හිතුනා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි... මට ඒක කරන විදිහ කියලා දෙන්න පුලුවන්ද...?

      Delete
    2. මේක ඔයා දන්න දෙයක් යාළුවා... අර center, right, left විදිහට ජේදයක් ලියනකොට අපි කරන්නේ. ඒ වගේ ඡේදය select කරලා justify කරන්න

      Delete
  9. තීම් එක හොදයි , වානිජ මට්ටමේ සයිට් එකකට මසුරං , ඒ උනාට මේ තීම් එක මටනං අවුල් බං ,

    ReplyDelete
    Replies
    1. හිතට අල්ලන එකක් අහු උනේ නෑ. මේක මටත් ටිකක් අවුල්. මේ දවස් ටිකේ පෙන්න හිටිය නෑ නේද...?

      Delete
  10. ඔය මුල් ඇඳුම ඇඳගෙන ෂගී වගේ රැප් කරන්න හදන පොරවල්ගේ ෆොටෝත් මමනම් දැකලා තියෙනවා අනන්ත

    ReplyDelete
    Replies
    1. එක එක විදිහට ඇඟිලි නවාගෙන නේද? ඒවා දකිද්දි දුකයි. ඒ වගේ දේවල් හොදයි බටහිර ඇඳුමකට. එතනදි ඒ වගේ දේක ගැලපීමක් තියෙනවා. අපේ කම රැකගෙන අලුත් වෙනවා නම් හොඳයි...

      Delete
  11. ඔව් ඔයා හරි,, ඒත් දැන් කාලේ අය වැඩ කරන්නේ තමන්ට ඕනේ ඕනේ විදියට..

    ReplyDelete

 
 
Blogger Templates