((( ටිං ටොං ටිං...
කැ.එ.ලෝ. ඔබ වෙත ගෙන එන හුළුඅතු කතා කැසට් පට අංක තුන... ගරු දේශකයාණෝ අලවතුරේ
මම..... ටිං ටොං ටිං... )))
Sunday, August 9, 2015
Tuesday, August 4, 2015
උපාසක අම්මලාගේ හුළුඅතු භීතිය....
කලින් පෝස්ට් එකේදි
හුළුඅත්තකට රතිඤ්ඤයක් බැඳලා දීලා වෙච්ච සංගදිය කිවුවට පස්සෙ ඉතුරු ටිකත් කියන්නම්
කිවුවනෙ. මේක නම් අපෙ තියෙන අසමජ්ජාති කමට කරපු පඩත්තල වැඩක්. ඉස්සර පෝය
දවසට හරි, සල්පිලක් හරි,
පින්කමක් හරි තියෙන දවසට හරි පන්සලට ගමේ
අය එනකොට හුළුඅතු බැඳගෙන තමයි එන්නෙ. හැමෝම ලඟ ටෝච් නෑනෙ. ඉතින් කට්ටිය මේ හුළුඅතු
බණමඩුවෙන් එලියෙ බිත්තියකට හෙත්තු කරලා තියලා ඇතුලට ගිහින් බණ අහනවා. අපි සෙට් එක
ඉතින් ඔය වෙලාවට කරන්නෙ පොඩ්ඩ ඇත්නම් කේන්ති එන උපාසක අම්මලා ටික නෝට් කරගෙන මේ අය
ඇරගෙන එන හුළුඅතු තියන තැන් බලාගන්න එක. ඊට පස්සෙ ඔන්න ඔපරේශන් එක පටන් ගන්නවා.
Sunday, August 2, 2015
හුළුඅත්තේ මල්වෙඩිල්ල…….
කලින් පෝස්ට් එකේදි
මහසෝනෙක් ගැන කියද්දි හුළුඅත්තට රතිඤ්ඤා බැඳපු කතාවක් කියන්න පටන් ගත්තු නිසා මේ
පාර ඒ ගැන කියන්න හිතුවා. ඉස්සර ගමේ හැමෝම ලඟ විදුලි පන්දමක් (තේරෙන සිංහලෙන්
කිවුවොත් ටෝච් එකක් හෙවත් බැටරියක්) නැති නිසා හැමෝම වගේ රෑට ගමන් බිමන් යද්දි
පාවිච්චි කලේ හුළුඅතු තමයි. දැනට අවුරුදු 15 ක විතර ඉඳන් හුළුඅතු පාවිච්චිය නැති උනත්
ඊට කලින් අපෙ ගම් වල රෑට හුළුඅතු අරන් ගමන්
බිමන් යනවා නිතරම දකින්න ලැබුණා.
Tuesday, July 28, 2015
මහසෝනා.........
ගිය සතියේ අපෙ බාප්පගෙ
ලොකු කොල්ලගෙ එන්ගේජ්මන්ට් එකේදි කියවුනු පරණ රස කතාවක් ලියලා දාන්න හිතුනා. අපේ
හැට පැනපු (ඇට පැනපු නෙවෙයි) ඉලන්දාරි සෙට් එක (ලොකු තාත්තා, බාප්පලා, මාමලා සෙට් එක) ඉන්න
තැන කොහොමත් රස කතා ලෝකයක්. අනේ අම්මේ ඒ කාලේ උන් ටික එකතු වෙලා කරපු අලුග්ත්තේරු,
පජාති වැඩ ගැන රස කර
කර කියන ඒවා අහනකොට අපි මොක්කුද කියලා ඉරිසියත් හිතෙනවා. කොහොම හරි ඔය සෙට් එක
ඉන්න තැනට මාවත් ඇදලා ඇරගෙන ඒ සෙට් එකේම එකෙක් වගේ මගෙ වයසවත් නෑදෑකමවත් ගැටළුවක්
කරගන්නෙ නැතුව උන් ටික ඕනෙ කුණුහරපයක් මාත් එක්ක කියලා දානවා. ඉතින් එදා සෙට් එකම
එකතු වෙලා ඉන්නකොට ඔතනට අඩු වෙලා ඉන්න අපෙ අප්පච්චි ඒ කාලෙ කරපු වැඩ ගැන කට්ටියම
කතා වෙනකොට තේරුනේ ඒ වැඩ වලින් වැඩි හරියකට මූලිකයා වෙලා තියෙන්නෙ අප්පච්චි කියලා.
Monday, July 20, 2015
උත්සාහයේ ප්‍රතිපල ලැබීම......
කලින් පෝස්ට් එකේදි
අපි එකතු වෙලා කරපු උද්ඝෝෂණය ගැන හදිස්සියෙන් ලියපු නිසාත් ඒ ගැන වැඩි විස්තරයක්
කියපු නැති නිසා මේ පෝස්ට් එකෙන් ඒ ගැන කියන්නම්කො….
Subscribe to:
Posts (Atom)





