ගිය පාර දාපු අමිතගෙ විකට විට එකේ ඉතුරු පිටු ටික දාන්නම් කියලා හිතාගෙන තමයි හිටියෙ. ගෙදර එන ගමන් බස් එකේදි කල්පනා කර කර ආවෙත් ඒ ගැන තමයි. ඒත් අප්පා දෙනකොට දෙයියෝ ඇන ඇන දෙනවා කියන්නැහැ බස් එකෙන් බහිද්දිම දෙයියෝ බලාගෙන හිටපු හින්දා අමිතව අමතක වෙලාම ගියා කියමුකෝ...
දැන් බලනවා ඇති මේකා මේ කියන හරුපෙ මොකක්ද කියලා. දෙයියනේ කියලා බස් එක කඩේ ලඟ (ඔතෙන්ට කඩේ ලඟ කිවුවට දැන් නම් කඩවල් අටක් තියෙනවා. ඉස්සර ඉඳන් කියන නම තමා ඔය. බස් එකේ අවසාන නැවතුම) නතර කරාට පස්සෙ බිමටත් බැස්සා කියමුකෝ. බැහැලා කඩේ පැත්තට හැරෙද්දිම මෙන්න අපෙ බාප්පා ඉඳගෙන ඉන්නවා ඉස්සරහා පුටුවකට වෙලා. මාව දැක්කා විතරයි ඔළුවෙන් අඬ ගැහුවෙ නැතෑ. මං දැනගත්තා මුන්දෑ මේ අඬගහන්නේ මොකක් හරි නසරානි වැඩකට කියලා.
මාත් ලඟට කිට්ටු කරලා ඇහුවා ඇයි මොකක්ද කේස් එක කියලා. අනේ ඉතින් මොන දෙයියන්ට කියන්නද මෙවුවා. බාප්පා කට කොනකින් හිනා වෙලා කිවුවනෙ "අන්න උඹට රා බෝතල් දෙකක් ගෙනාවා වරෙන් යන්න" කියලා. දැන් ඉතින් රා ගුඩ්ඩෝ ටික කෙල ගිල ගිල බැනපියව්.
මටත් ඉතින් ඉහේ මොකක්ද පිපුණා වගේ දැනුනු නිසා කඩේට ගොඩ වෙච්චි කාරණාවත් අමතක කරලා බාප්පත් එක්ක ගෙදර එන්න ආවා. ඔය එන ගමන්ම තොරණේ විස්තරෙත් අහගත්තා. හවස් වරුවෙ රා බොන්න හිතිලා මොරතැන්නෙ යන්න කලින් මං ඉන්නවද බලන්න අපෙ දිහා ඇවිත්. මං එන්නෙ හවස කියලා අම්මා කිවුවට පස්ස මෙගා බෝතලේකුත් ඉල්ලගෙන ගිහින්. බාප්පා එහෙදිම රා බෝතලයක් බීලා මටත් බෝතල් දෙකක් අරගෙන තව බෝතලේකුත් ගෙනත්. ගහෙන් බානකම් ඉඳලා එතනින්ම තමයි අරගෙන තියෙන්නෙ.
ඕක ගේනකොට අපෙ දිහා කට්ටියක් හිටියා කියලා ගෙදර අරන් ගිහින්. ඊට පස්සෙ මං එන වෙලාවට කඩේ පැත්තෙත් ගිහින් මං එනකම් ඉඳලා තියෙන්නෙ. අපි දෙන්නා ගෙදරට ඇවිත් කයියක් දාගෙන ඉඳලා තේ දෙකකුත් බීලා එහෙම බාප්පල ගෙවල් පැත්තෙ ගිහින් බෝතලේ අරගෙන ආවා. බාප්පල ගෙදර අපෙ දිහාට පේන දුර.
දැන් ඉතින් ඔය ගෙනාපුවා වීදුරුවකට දාගෙන එහෙම මේ පෝස්ට් එක කොටන්න ගත්තා... කම්මලයෝ කෙල ගිලින්න එපා.. මගෙ බඩ රිදෙයි යකෝ... ඒ අස්සෙ කෙබරයයි, මල් වන්දිරයයි දෙන්නත් කෙල ගිලිනවා වගේ...
දැන් ඉතින් රා ගැනම කියනවද වෙන මොනා හරි කියනවද කියලා කල්පනා කර කර ඉන්න අතරේ ඇරියගෙ වැඩක්වත් කියන්න හිතුනා.
අවුරුදු හතකට විතර උඩදි අපෙ ගමේ මාමා කෙනෙක්ගෙ මළ ගෙදර නයිටක් ගහපු වෙලවක වෙච්චි සංගදියක් කියන්නම්කො. මේක ඇරියගෙ එක පුංචි වැඩක් විතරයි උගෙ අනිත් වැඩ එක්ක බැලුවාම මේක නිකන් හරියට අලියට ගිය පඩයක් වගේ. ඔය මළ ගෙදර මැරුණු මනුස්සයා අර කලින් අයියගෙ වැඩ කියපු පෝස්ට් එකේදි පදිරියට අර මොකක්ද පෙන්නපු කෙල්ලගෙ සීයා. ඉතින් ඔය මළ ගෙදර ඔය කියන කෙල්ලත් ඇවිත් හිටියා. ඒ වෙද්දි ඒ කෙල්ල නිකන් කාගෙත් සුන්දරී වගේ තමයි.
මේ තියෙන්නෙ ඔය ගෙදර තියෙන හැටි ගැන දල සටහනක්. රෝස පාට කොටුවෙන් ඒ ගෙදර ප්‍රධාන කොටස වගේම අළු පාට කොටුවෙන් ඒ ගෙදරම පිටිපස්සෙ තියෙන අළුතෙන් හදපු ටකරං තහඩු වහපු කොටස පෙන්නලා තියෙන්නෙ. පැත්තෙන් තියෙන කොටුව මරණාධාර සමිතියෙ ටකරං හට් එක. ගුරු පාටට තියෙන්නෙ ගේ පිටිපස්සෙන් තියෙන අඩි පාරක්. ඔය අඩි පාර තියෙන්නෙ පොඩි ඉස්කෝලෙ ඉඩමෙ අඩි පහලොවක් විතර උස ගල් බැම්ම උඩ. ඔය කළු පාට ටයර් බාගෙ තමයි ගමට එන ප්‍රධාන පාරෙ තියෙන සුප්‍රසිද්ද වංගුව.
ඔය වංගුව කියද්දි මතක් වුනේ එක පාරක් මංජු අයියා කන පාත් වෙන්න ගහපු වෙලාවක ලොරියත් අරන් රෑ එද්දි වංගුවට කලින් නින්ද ගිහින්. වංගුවට මීටර් දෙසීයකට විතර කලින් පොඩි කඳු ගැටයක් තියෙන නිසා වංගුව තියෙන්නෙ හොඳ පල්ලමක් එක්ක. ඉතින් මේ යකා ඔය කන්ද උඩදිම නින්ද ගිහින්. වංගුවට එනකම් පාර කෙලින් නිසා ගේ දිහාටම හොඳ වේගෙකින් ඇවිත් වංගුවත් කෙලින් කරාගෙනම ගෙදර බිත්තියකුත් කඩාගෙන ගිහින් ඉස්සරහා කාමරේ නතර වෙලා තියෙන්නෙ.
වෙලාවට ගෙදර අය කුස්සියෙ ඉඳලා තියෙන්නෙ. මූට ඇහැරිලා තියෙන්නෙ ලොරිය බිත්තියෙ වැදුනට පස්සෙ. මූ ලොරියෙන් බැහැලා එලියට ඇවිත් සුද්ද සිංහලෙන්ම බනිනවලු "මොන $%$*&%£$&£%%$ යකෝ මේ පාර මැද්දෙ ගේ හැදුවෙ" කියලා. ඊට පස්සෙ ලොරිය ලොක් කරලා පාර දිගේ එනකම් අර ගෙදර පාරෙ මැද්දෙ හදපු එකාට බැන බැන ගෙදර ඇවිත් නිදාගෙන.
කෝ මේ ඇරියා ඒ පාර කොහෙද ගියේ.... ආ... හරි ගෙදර ප්ලෑන් එක පෙන්නුවනේ. එතකොට ඔය රතු පාට තිත තමයි අර කෙල්ල හිටපු තැන දල වශයෙන්. කළු පාට තිත් දෙක ඒකිගෙ දෙපැත්තෙ ලඟට වෙලා මුකුළු දදා හිටපු උන් දෙන්නා. ඔය වෙලාවෙ මළ ගෙදර කසු කුසුවක් තිබුණා ඔය එකෙක් එක්ක අර කෙල්ල ගේ පිටිපස්සෙ වැසිකිලිය ඇතුලෙ හිටියා කියලත්.
ඔය හිටපු එකෙක් එදා හවස ඇරියා එක්ක හිටපු කොල්ලෙක්ට සද්දයක් දාලා තිබුණා සිගරට් එකක් දුන්නෙ නෑ කියලා. මුන් ටික ඕක නිසා ඌට වැඩක් දෙන්න සෙට් වෙලා හිටියෙ. එදා හවස ඉඳන්ම කට්ටිය මළ ගෙදරින් කොහෙවත් යන්නෙ නැතුව ප්ලෑන් හද හද හිටියා ඌට මොනාද කරන්නෙ කියලා.
එදා තමයි මං කැරම් බෝඩ් එකේ කළු ඉත්තො 18 දෙනෙක්ම වලට දාපු දවස. මොකක් කිවුවා..? දහ අටක්..? ඔව් යකුනේ.. බෝඩ් එකටම ඉන්නෙ කළු ඉත්තො නවයයිද කොහෙද (හරියට දන්නෑ බොලව්). එදා මං කැරම් ගහන්න වාඩි උනේ ඩෙංගුවයි, කරුවයි, චමිලුයි එක්ක. මාත් එක්ක හිටියෙ පොඩි කාලෙ ඉඳන් මගෙ බොක්කෙ ෆිට් එක වෙච්චි චමිල්. අනිත් පැත්තට හිටියෙ ඩෙංගුවයි, කරුවයි. ඔය කරුවා කියන්නෙ කරුනාජීව අයියට. පොරත් ඇරියා වගේම සුපිරිම රියදුරෙක් තමයි.
අනේ ඉතින් පාන්දර එකට විතර නිදි මරගාතෙ කැරම් ගගහා ඉද්දි අපි දෙන්නා දාන දාන ඉත්තො ටික ඩෙංගුවා ආපහු අපිට හොරෙන් බෝඩ් එකේ තියලා. මාත් කොහොම හරි නිදිමතේම දාන දාන ඉත්තා ගණන් කලා. අන්තිමට මං නිකමට වගේ කිවුවා මං කළු ඉත්තෝ දහ අටක් දැම්මා කියලා. එතකොට තමයි චමිලා ඩෙංගුවාට සිංහලෙන් පිං දෙන්න ගත්තෙ වැඩේ මීටර් වෙලා.
ආයෙත් ඇරියා කොහෙද ගිහින්. කෝ මේකා... දැන් පාන්දර දෙකටත් කිට්ටුයි. ඔන්න ඉතින් ඔය වෙලාවෙ තමයි අර කෙල්ලයි අරුන් දෙන්නයි අර තහඩු වහලෙ කෙලවර හරියෙ පුටු තුනක් තියාගෙන මුකුළු කර කර ඉන්න ගත්තෙ. ඕක දැකපු ඇරියට මොකක් හරි අලුගුත්තේරු වැඩක් මතක් වෙලා යකඩ වැඩ පොලේ සජියත් එක්ක පාරට ගියා. අපි දෙන්නත් ගියා මුන් මොකක්ද කරන්නෙ බලන්න.
මුලින්ම ඇරියා උගෙ මොටෝ සයිකලේ තල්ලු කරන් අර වංගුවෙ කෙලවරෙන් ගිහින් තිබ්බා. ඌ ඒක තියලා එද්දි සජියා කොහෙන් හරි ඒ දවස් වල රු.5 ශොපින් බෑග් එකක් (ඒ කාලෙ රු.5 ශොපින් බෑග් එක කියන්නෙ අද කාලෙ තියෙන ලොකුම ශොපින් බෑග් සයිස් එකම තමයි) අරන් ආවා. මුන් දෙන්නා ඕක අරන් ගිහින් ඕකට මූත්‍රා කොරලා වැසිකිලියෙන් වතුරත් දාලා කට කපලා පුරවලා හොඳට කට ගැට ගහගෙන ආවෙ නැතෑ. ඔකට බලු බෙට්ටකුත් දියකරා කියලා කිවුවා. අපි දෙන්නට හිතාගන්න බෑ මූ මේකෙන් මොකක් කරන්න යනවද කියලා. මේකෙන් අර ගේම ඉල්ලපු එකා නාවන්න හදන්නෙ කියලා හිතුවත් ඒක කරන්නෙ කොහොමද කියලා හිතාගන්න බැරි උනා එක පාරටම.
හතලිස් පහේ කෑන් එකක විතර වතුර පිරිලා තියෙන බෑග් එක ගේ පිටිපස්සෙන් හංගපු ඇරියා අපිත් එක්කම ආයෙ කට්ටිය ඉන්න තැනට ඇවිත් කට්ටියටම ඇහෙන්න කිවුවා "සිගරට් ඕනෙ උන් සල්ලි දීපල්ලා මං කටුපිටියෙ යනවා සිගරට් ගේන්න" කියලා. ඊට පස්සෙ එක එකාගෙන සල්ලි එකතු කරගෙන මූ ගියා. අපිත් දැන් ආයෙ කැරම් බෝඩ් එක ලඟ ඉඳගෙන බලන් හිටියා මොකද වෙන්නෙ කියලා.
මෙන්න බොලේ එක පාරටම අර තහඩු වහලෙ උඩින් ආපු වතුර බෑග් එක අරුන් තුන් දෙනා ඉඳගෙන හිටපු තහඩුව කෙලින්ම වහලෙ උඩට වැටිලා පුපුරලා ගිහින් අර වතුරෙන් අරුන් තුන් දෙනාවම නෑවිලා ගියෙ නැද්ද ඉහේ ඉඳන් දෙපතුල් ගාවටම. ඔය ටික වෙන්න තප්පරයවත් යන්න නැතුව ඇති. තප්පර ගානකට මුළු මළ ගෙදරම තුශ්නිම්භූත වෙලා ගල් ගැහිලා ගිහින් හිටියෙ කොහොමද මේක වුනේ කියලා. යන්තම් සිහිය එලවා ගත්තු එකෙක් කුස්සිය පැත්තෙන් එලියට පැන්නත් ඕක කරපු එකෙක් හොයාගන්න බැරි වෙලා.
ඔකෙන්ම හිතාගන්න පුළුවන් වෙයි ඇරියා කියන්නෙ කොහොම එකෙක්ද කියලා. එක පලේකට ලොකු තහඩු පේලි දෙක ගානේ වහපු වහලෙකට උඩින් කට්ට කළුවරේම අර අඩි පාරෙ ඉඳන් හරියටම අරුන් ඉන්න තහඩු පේලියෙ යටම තහඩුව ඉලක්ක කරලා (ලොකු තහඩු පේලි තුනක් පහු වෙන්න) අර හතලිස් පහේ කෑන් එකක විතර වතුර පුරවපු ශොපින් එකක් විසි කරනවා කියන්නෙ ලේසි පාසු පුතයෙකුට කරන්න පුළුවන් වැඩක්ද කියන එක උඹලම තීරණය කරහල්ලා.
වෙච්චි දේ ගැන මළ ගෙදර හිටපු උන් හරියට FBI එකෙන් බැස්සා වගේ ඕක වෙච්චි හැටි ගැන කරුණු කාරණා ගලපද්දි අරුන් තුන් දෙනා ගඳ ඉවසගන්න බැරුවද කොහෙද නාන්න ගියා. අනේ ඉතින් පැය බාගෙකින් විතර ඇරියා එනවා සිගරටුත් අරගෙන සජියා එක්ක සයිකලෙන්. මුන් දෙන්නා මගට ගිහින් ඇවිත් තියෙන්නෙ කලින් ගෙනාපු සිගරට් පැකට් දෙකකුත් අරන්. ඇරියා ගැන යන්තම් හරි සැක කරපු උනුත් අන්තිමට මූ සිගරට් ගේන්න ගිහින් කියලා හිටපු නිසා ඒ සැකේ නැති කරගත්තා.

2006 දි චමිල්ලගෙ වෑන් එකේ කතරගම ගියපු වෙලේ වෑන් එක පදවපු කරුවයි, මගෙ බොක්කෙ ෆිට් එක චමිලයි. ඒ දවස් වල මගෙ පලවෙනි ෆෝන් එක නොකියා 6600 එකෙන් ගත්තු එකක්.

ඔය ඇරියගෙම තව හපන්කම් ටිකක් පස්සෙ කියන්නම්කෝ... යකෝ මේක කොටලා ඉවර වෙද්දි රා ටිකත් ඉවර වෙලා බොලව්.. ආයෙ ඉතින් බාප්පා මොරතැන්නෙ යනකම් ඉන්න ඕනෙ. මේක කොටන අස්සෙ අම්මා ගෙනත් දුන්නා ලබු සුරුට්ටු පිගානකුත්. කාලා තියෙන උන් නම් දන්නවා රස කොහොමද කියලා. හදන හැටි ඕනෙ නම් ඊලඟ එකෙන් කියන්නම්. ආ... තව දෙයක්.. බඩජාරින්ට බඩ පැලෙන්න මේ ටිකත්... අද රෑට කන්න තියෙන්නෙ කිතුල් පිටි තලප.. කිරි පැණි (පොල් කිරෙන් හදන) එක්ක... ඔය උඩ ෆොටෝ එකේ තියෙන්නෙ පිගානට දාගත්තු කිතුල් පිටි තලප කොටහක්...
මරු මාමායි බෑනයී නෙහ් (තිතක්) ලබු සුරුට්ටු කියන්නෙ මොනවද ඈ (ප්‍රශ්නාර්ථයක්)
ReplyDeleteමේ පැත්තේ එන්ට පාර පෙන්නුවේ කැරකොප්පුවේ සිංහයා අයුබෝවන්ට (තිතක්)
මාමයි බෑනයි නෙවේ , බාප්පයි පුතයි.
Deleteමාම මූට රා පොවන්නෙ නෑ, මල් කපන පිහියෙන් බෙල්ල කපන්නෙ.
කම්මලේ, කපන එක එකපාරින්ම කපහං. දෙපාරක් කරන්න එපා. හැක්..
Deleteරංගන සහෝ,
Deleteසාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට... ඕකා සිංහයා නෙවෙයි කැරකොප්පුවේ මුරකාරයා...
ලබු සුරුට්ටු හදන හැටි ඊලඟ පාර කියන්නම්කෝ...
කම්මලේ,
ඔව් බං.. මේ දවස් ටිකේම ගේ ඉස්සරහින් යනවා දිග පිහියකුත් අරන්..
ප්‍රසා,
කම්මලයා කැපුවොත් ඉතින් දෙපාරම තමයි.
අර කවුද කිවුවලුනෙ "ශිංහලයා හරි මුණියා, යැන්නෙ යෙකයි ශිල් දෙකයි" කියලා...
හම්මට එහෙමද ඈ මට කිවුවේ සිංහයෙක් කියලා අපි ඉතිං අලුත්නේ මෙවට දැනුවත් කරාට ස්තුතීය (තිතක්)
Deleteසියල්ලන්ගේම දැන ගැනීම පිනිස@
Deleteසිංහයෙකුට අපහාස කිරීම ඉන්දියාවේ දිවියෙක් පාසලට පැමින කල විජ්ජුම්බරයට වඩා බයානක විය හැක..
ඒ සිංහයෙක්නං නෙ. හැක්..
Deleteයකෝ මේ ඔරිජිනල් සිංහයෙක්.. එකෙක් නෙමේ දෙන්නෙක් එන්නවා.
Deleteබලාපන් ගාම්භීරත්වය..
ඔරිජිනල් සිංහයො මමනං දැකල තියෙන්නෙ ටිකක් උස දුඹුරු පාට බෝතල් වගේක ලේබලේ. කාලෙකට ඉස්සර දැල් ගහපු කඩවල ඉස්සරහ බෝඩ් එකෙත් හිටිය. හැක්..
Deleteරංගන,
Deleteකියනකොට නම් එහෙම තමයි... ඒත් වැඩ..
සිංහ,
කොහෙන්ද දන් නෑ...
ප්‍රසෝ,
අම්මපා... සිංහයෙක් නම් ඉතින් සලකලා බලන්න තිබුනා...
සිංහ,
මොනා උනත් ඉතින් ලොකුවට හිටියට පූසෙක්නෙ...
ප්‍රසෝ,
අන්න ඒකටනම් මල් තියලා වඳින්න හරි බැරියැ.. නැද්ද මං අහන්නෙ..?
ප්‍රසා@
Deleteදැකලා ඉතරෙයි තියෙන්නේ.. ගෙදර අරන් යන්නේ හිතුනේ නැතෙයි.
කැමා@
පූසා ගානින් හරි නැවත්තුව එක හොදයි. මගේ ගාන හරියට හිතාගන්න පුලුවන් උනේ බොලාට විතරයි.
තොට බඩගිහිල්ලම මැරිය වැඩිහිටියන්ට නොසැලකීම නිසා. හිටපිය මම ලඟදි දවසක අලුත් ඕ අයි සී මහත්තයත් එක්ක එනවා ඔය පැත්තේ.
ReplyDeleteලබ්බගෙන්ද ඉගෙනගත්තේ ලබූ සුරුට්ටු? එව්වා හදන විදිහ දාපන්කෝ අනේ හොඳ එකා වගේ.
අනිවා විචාරකව මතක් උනේ නෑ කියන්නෙ මූ තනිකරම රා ගුඩ්ඩ. අතීසාරෙම හැදිල මැරිල යන්ඩ ඕනෙ.
Deleteමලගේ දවසටවත් රා දෙයිද දන්නෑ.
Deleteහුටා........මේකා මළොත් රා බීලා හමාරයි.
Deleteදෙයියෝ රැක දෙන්න අපෙ රා මදින්නා........
රා තියා මේක දත්වත් මදිනවද දන්නෑ.
Deleteවිචා,
Deleteයකෝ ඕ අයි සී මාරු උනැයි? එන්න කලින් දැනුවත් කොරලා ඉන්න වෙයි බෝතල් දෙකක් වැඩිපුර ගේන්න...
වැඩිහිටියෝ අමතක වෙන්නෙ නෑ. ඒ උනත් ඉතින් අර යුද්ධ ටැංකියේ එන්න බෑ නොවැ මේ අහ.
සුරුට්ටු ඔතන හැටි ඊලඟ පෝස්ට් එකෙන්..
කම්මලේ,
කවුව්ද එතකොට අර වැව් බන්ට් එක පල්ලෙ පෙරලුනු උගුඩුවා..?
ප්‍රසා,
එදාට නම් ත්පොඉ එකෙක් වැද්ද ගන්න එපා කියනවා..
විචා,
අන්න යුතුකම් දන්න මිනිස්සු.
ප්‍රසා,
ආයෙ ඕකෙ මොනාද බං මදින්න තියෙන්නෙ..?
අපිට නොදි තනියම රා බොන පාප මිත්‍රයා
Deleteකවුද බං ඒ අස්මජ්ජාතියා...?
Deleteමම මේ කල්පනා කරේ උඹව අමුවෙන් කනවද උයල කනවද කියල බං.. අපිට නැති රෑ බීල අපිට නැති කුරක්කන් තලප කාල අපිට නැති ලැබූ සුරුට්ටුත් කාල උඹට බඩ නොගියොත් තමා පුදුමේ..
ReplyDeleteඇනේ මචන් වඳින්නම් ඔය ලැබූ සුරුට්ටු කියන එව්වයේ පින්තූරයක් දාහන්කො..
පොල්වත්තෙ මල්ලි උඹ මේවට කෙල හලන්න එපා මේ තනි බොරු. කැමාට රා බෝතල් දෙකක් තියා කොකා කෝල බඩියක් බොන්න බැරි පින්ක් පැන්තර් කෙනෙක්. මූ මේ අපිව අවුස්සන්න ගොතන කතානෙ.
Deleteඅනික් කෑම මුගෙ කැමී හැලප හදන්න ගිහින් වැරදිච්චි පාර මූට හොද්දක් එක්ක කවපු තලපෙ. අනිවා මේ ජරාව කාල නම් මූට බඩ යන එක ෂුවර්
අමුවෙන් කාහං. මොකද ඉවුවොත් එහෙම හං වෙන්න ඉඩ තියෙනව.
Deleteඅම්බලංගොඩේ,
Deleteකුරක්කන් තලප නෙවෙයි යකෝ.. කිතුල් පිටි තලප... උඹ එක පාරක් කෑවොත් කුරක්කන් තලප එපා වෙයි. ලංකාවට ආපු දවසක වරෙන් මේ පැත්තෙ හදවලා දෙන්නම් අම්මට කියලා.
මාව කන්න එපා.. ආයුධයක් තියෙනවා ඇඟ ඇතුලෙ..
කම්මලේ,
පල යන්න පෙරේතයා...
අන්න මේ කමෙන්ට් එක කියවලා උඹව අහු වෙනකම් ඉන්නවා..
ප්‍රසා,
අන්න එහෙම හොඳයි.. අන්තිම හං වෙලා අහක දායි.
අර මලබද්ද විපස්සේ ගහපු පොල්වලින් 100ක් විතර උඹට වැදිලා තොට බඩ ගිහින් ජීවනී පොවලා පොල්මුඩ්ඩක් ගහගන ආපහු කිතුල්ගහක් දැක්කත් උන ගැනෙන්න වැඩේ සෙට් වියන්.
ReplyDeleteඋඹ රා බොන්නෙත් කොකාකෝලා දාගනද?
ඔය පොටෝ කෑල්ලි දාලා තියන කෑම මොන රහද බං?
මෙලෝ රහක් නෑ.
Deleteකසුට්ටෝ,
Deleteඅනේ රත්තරනේ... මං පව් නෑ..?
ඒකෙ රස ගැන නම් ඉතින් කාලම බලන්න ඕනෙ බං.. ආයෙ කියලා වැඩක් නෑ...
ප්‍රසෝ,
උඹ කාලම නෑ..? උඹලෑ පැත්තෙනෙ බං කිතුල් තියෙන්නෙ.
ඒව කාල තියෙනව බං. ඒ උනාට නොදන්න එකාට කියවද රහයි කියල.
Deleteඒකත් ඇත්ත. එතකොට උන් කෙල ගිලිනවනේ...
Deleteඉතිං අරුන් තුන්දෙනා එකටද නාන්ඩ ගියේ ...????
ReplyDeleteඑහෙනං අනිවා ලිඳ ලඟ ත්‍රීසම් එකක් සෙට් වෙන්ඩ ඇති ....
සික් .. වල් හිත
Deleteඅම්මප තමයි. ඇරියට බැරිඋනානෙ ඒක බලාගන්න.
Deleteමුද්දෝ,
Deleteඅනේ අම්මපා උඹටත් මතක් උනු එක.. ඒකත් වෙන්න ඇති එතන.. එච්චරටම කියන්න බැරි එකී.
කම්මලේ,
අනේද කියන්නෙ.
ප්‍රසෝ,
කොහෙ බලන්නද.. සිගරට් ගේන්න කියලා හැංගිලා හිටියනෙ.
පැපුවා නිව් ගිනියාවේ උන් කන්නෙත් මේවගෙමයි
ReplyDeleteඅම්මපා කියහං...
Delete//ඔතෙන්ට කඩේ ලග කිව්වට දැන් කඩවල් 8ක් තියෙනවා//
ReplyDeleteදැන් දියුනුයි වගේ එහෙනම්...........
හැබැයි 8 න් හතක්ම වැහිල ලු.
Deleteසිංහ,
Deleteආයෙත් අහලා.. පුංචි ටවුම වගේ තමයි..
ප්‍රසා,
ඒකනෙ බං තාමත් "කඩේ ලඟ" කියන්නේ...
//පුංචි ටවුම වගේ//
Deleteඒක හින්දා වෙන්න ඇති අරුන් සෙට් එක නොගියේ...
කඩේ ලග//
පැත්තටම තියෙන්නේ එක කඩයයි වගේ බන් බොලාලගේ පැත්තේ එනකොට ලේසියෙන් හොයාගන්න පුලුවන් වෙයි වගේ..
ඒකනෙ බං පැහැදිලිවම කඩේ ලඟ කියන්නෙ....
Deleteලබු සුරුට්ටු කියන්නෙ ලබු කොලෙන් දාන සෙල්ලම නේහ්..
ReplyDeleteඅපේ මව්තුමී උයනව ලොවෙත් පස්ටයි බොලං..
කිතුල් පිටි අපිට නොදී කෑවට තොට $$$$$$$ ම පල
බූතය....
රා ගහෙං බාපු ගමං බොන්ට තියේ නං ආයෙ අහවල් එකද හෙහ්...
$$$$$$$ වගේ යනකොට පස්සපැත්තෙ හිරවෙන් නැද්ද?
Deleteමහේශ්,
Deleteඒ කෑම තමයි මචෝ... පස්ට කෑමක් තමයි..
වරෙන් ඉතින් වෙලාවක මේ පැත්තෙ...
සිරාම තමයි බං. පැණි රස නැතුව ගිහින් ගනට පැහිලා තිබ්බෙ. නියම බඩු ඒවා.
ප්‍රසා,
කොහොමද ඔහොම එකක් හිර උනොත්...?
6600 කිව්වාම මතක් මාර දුකයි බං.... මාත් ආසාවෙන් ඕවා මාර ෆෝන් කාලේ එකක් ගත්තා. ඒක කැළණිය පන්සලට ගිහින් අමතක වෙලා තියලා ඇවිල්ලානේ... දවස් ගානක් කල්පනා කර කර හිටියා... පස්සේ අතඇරලා දාලා පරණ විදිහට ම 1100 පාවිච්චියට ගත්තා. අදත් එක තමා මගේ දුරකථනය... හැක්
ReplyDeleteයකෝ අපේ සීයත් Sony ස්මාර්ට් ෆෝන් එකෙක් ඉන්ටර් නෙට් යන්නෙ, ඕනෙනම් අහපන් පත්තරයගෙන්, මේ ලගදි අපේ සීය උන්ගෙ සීයත් එක්ක වයිබර් වලින් චැට් එකක් දැම්මලු.
Deleteඑලොවට කතාකරන්න පුලුවං නෙට්වර්ක් එක මොකක්ද කියහංකො.
Deleteඅපේ සීයල තාම රෙෂ්පට් පිට ඉන්නව. මේ ලගදි මගෙ බයික් එක වීල් කරල ෂික් ...ගනින් බං හොනට් එකක් ආච්චිත් එක්ක ගමේ රවුමක් දාල එන්න කිවුව.
DeleteThis comment has been removed by the author.
Deleteකුරුටු,
Deleteඒ දවස් වල පට්ට ඩිමාන්ඩ් ෆෝන් එකක් බං. කරුමෙට එකෙක් ඕක ඉස්සුවනේ. මාත් ඊට පස්සෙ සෑහෙන කාලයක් 1100 එක පාවිච්චි කලා.
කම්මලේ,
පත්තරයගෙද..? එහෙනම් ආයෙ හෝදන්න දෙයක් නෑ...
ප්‍රසෝ,
අම්මපා... ඒක නම් වටිනවා දැනගෙන ඉන්න එක.
කම්මලේ,
සීයගෙ දත් ටික තියෙනවැයි...?
කම්මලේ,
ආයෙ එහෙම උඹෙ ඩබල් එක මකලා අහු වෙන්නෙ නෑ...
යකො පෝස්ට් එක දාන්න ඉස්සල්ලා කෝල් එකක් දීල කෙල ගිලින්න එපා කියපන් 'රා' කියද්දිම කෙල ගිලිල වැඩි ටික පෙරුන.
ReplyDeleteගිලිච්ච ඒව කොහෙන්ද බං පෙරුනෙ.
Deleteකම්මලේ,
Deleteනෙද්දකින් පෙරේතයා... නිවාඩු වෙලාවක වරෙන්..
ප්‍රසෝ,
රෙද්ද පල්ලෙ වෙන්ටෑ...
අනේ උඹේ කිතුල් රායි මල් සුරුට්ටුයි තලපෙයි එක්ක යකාට පලයං. මං මේ පෙප්සි එකක් බිබී පීට්සා එකක් කන ගමං. කට දැවිල්ලට බුරියානි එකකුත් ඕඩර් කළා.
ReplyDeleteඩෙසර්ට් එකට රෝස්ට් චිකන් එකකුත් ගනිං
Deleteකැමාට මම පිට්සා හට් එකෙන් පිට්ස එකක් අරන් දීල මූ එතනින් ලුණු මිරිස් ඉල්ලුවනෙ.
DeleteThis comment has been removed by the author.
Deleteඩ්රැකී,
Deleteචීයා පීට්සා...? ඕක්.....
ප්‍රසෝ,
අන්න ඒක නම් ටිකක් විතර වටිනවා වගේ..
කම්මලේ,
ඇයි බං පීට්සා එකක් ගන්නකොට දෙන්නෙ ගම්මිරිසුයි, කෑලි මිරිසුයි, ලුනු කුඩුයි තියෙන පැකට් ටිකක්. ඒකනෙ මං ඉල්ලුවෙ.
කම්මලේ,
උඹට මං ආයෙ කියනෙ නෑ... මකන්න එපා කියලා...
ප්‍රෙසා්,
Deleteරෝසට් චිකන් නිකං දත් අස්සෙ යනව විතරයි. රෝස්ට් කරපු වල් ඌරෙක්වත් තිබ්බනං ඕං.
කම්මො,
මූ එක සැරෙයක් ජයික් හිල්ටන් එකට ගිහිං ඕඩර් කළා බිත්තර කොත්තුවක් පාර්සල්...
වල් උරෙකුත් ලඟදිම සෙට් උනාම පොටෝ ගහලා දාන්නම් උඹලටත් කන්න...
Deleteඇයි ඉල්ලුව නම් දෙන්නෙ නැද්ද..? අනේ පල යන්න...
මං කිව්වෙ කකුල් හතරෙ වල් ඌරෙක් ගැන.
Deleteඋඹට මොකද්ද කිව්වෙ හිල්ටන් එකේ කැෂියර්?
මල්ලි කොත්තුනං නෑ තොත්තු තියෙනව ඒවත් ඉන්ටනැෂනොල් හින්ද ගාන පොඩ්ඩක් සැර වැඩියි කිවුවලු.
Deleteඩ්රැකී,
Deleteමාත් කිවුවෙ ඒකෙක් ගැන තමයි.. ඉඳහං හට්ටියට දාලම පොටෝ එකක් දාන්න..
ඌ ඇහුවනෙ බං කාඑඩ් එකෙන් ගෙවනවද කෑෂ් වලින් ගෙවනවද කියලා. මං කිවුවා සල්ලි සාක්කුවෙන් අරන් අතින් ගෙවන්නෙ කියලා...
ප්‍රසෝ,
ඉන්ටනැෂනොල් නම් තමයි. ඒත් මෙලෝ රහක් නෑ බං. මේ ලඟදි මවුන්ට් ලැවීනියා එකේ කොත්තුවක් කෑවා. පිඟාන පිරෙන්න කුකුල් පළුවකුත් තිබ්බා. ඒත් ලුණුත් නෑ මිරිසුත් නෑ. සුද්දන්ට නම් හොඳයි. ඒක කාපු වෙලාවෙ ගෝල් ෆේස් එකේ නානගෙ කඩේ කොත්තුවක් කෑවා නම් ඊට වඩා හොඳයි.
මම මෙච්චර කල් උඹේ බ්ලොග් එකට ඇවිත් නැහැනේ බං...
ReplyDeleteහෙන ගහපිය කිව්වලු, තොට බඩේ අමාරුවක් හැදෙන්න ඕනේ මේ වගේ කන බොන දේවල් ෆොටෝ ත් ගහල බ්ලොග් එකේ දානවට...
වෙලාවක බොලෑ ගෙදර එන්න ඕනේ රා සුට්ටක් බීලා කිතුල් තලප කන්න...
උඹේ පරණ පෝස්ට් කියවන්න කාලයක් දීපං...
අපරාදෙ අද ආවෙ.
Deleteකැලෑ කොලේ ගාටන එකා , සතා සීපාවට කැමති එකා, බොට කොහෙමෙයි මේ කෑලේ ඉන්න රිලවව මිස් උනේ
DeleteThis comment has been removed by the author.
Deleteලොකුස්,
Deleteඇති යන්තම් පාර හොයා ගත්තා..
අනේ ඉතින් මං පව් නැද්ද ඔහොම කියන්නෙ..?
නිවාඩු වෙලාවක වරෙන් මචෝ..
ප්‍රසෝ,
ඒකනෙ... තව පහු වෙලා එන්න තිබ්බෙ.
කම්මලේ,
ඒකනෙ බං. උඹවත් හොයා ගත්තු එකේ මාව මිස් වෙලානෙ...
කම්මලේ,
මූ ආයෙත් මකලා...
තොගෙ රා තෝම බීපිය. මගෙ බල්ලටවත් එපා තොගෙ රා. නරිය කන්න.
ReplyDeleteඋඹ ලබ්බගෙ ගෙදර ගියාද බං? වෙන කොහෙන්ද ලබු සුරුට්ටු ගන්නෙ.
ලබ්බගෙ සුරුට්ටුව..... එක්කො ඕන නෑ. හැක්..
Deleteකසුනෝ,
Deleteඅර නරියත් කිවුවලු මට බොන්න බැරි රා තිත්තයි කියලා...
උගෙ ගෙදර මොන ලබුද බං..?
ප්‍රසෝ,
උගෙ සුරුට්ටුව මේ දවස් වල... නෑ එක්කොත් ඕනෙ නෑ...
සිරාවටම උගේ සුරුට්ටුව තියන තැන ඔවමනා... නෑ.. එක්කෝ ඕනේ නෑ..
Deleteඒක තියෙන තැන අහන්න වෙන්නෙ.... නෑ එක්කො ඕනෙ නෑ...
Deleteනෑ.. නෑ... ඕනම නෑ... මම ඒක බලාගන්නං.. හෙහ්.. ආව මෙතන සුරුට්ටු..නෑ..ඕන නෑ
Deleteයකෝ අැරිය ඉන්නෙනං දෙකට ගනං කරන්න බැරි පොරක් වගේනෙ.
ReplyDeleteඅනේ උඹේ රා. බාප්ප උඹට නොදී තනියම බීපු එකේ කේන්තිය පිටකරගන්න නේද උඹ මේ පෝස්ට එක දැම්මෙ.
අර වෑන් එකේ ස්කයි කියල ගහල තියෙන්නෙ ඕක අහසිංද යන්නෙ.
උගෙ වැඩ කිවුවොත් ඉතින් උඹලා හිතයි මේ ඌමද කියලා...
Deleteපල යන්න.. බාප්පා තනියම බොන්නෙ නෑ... අපෙ බාප්පලා එහෙමයි හරිය..
කරුනාජීවයා ඕක අරන් ගියෙ අහසින් යනවා වගේ තමයි. හැම වෙලේම ජෙට් ගියර් එකේ එලවන්නෙ.
ඌටත් අහසින් යන්න පුලුවන්ද??? මම හිතුවේ අරූට විතරයි කියලා..
Deleteඌ යන විදිහ දැක්කාම මූ මොකෙක්ද කියලා හිතෙයි බොට..
Deleteඅැයි යකෝ මම මෙතෙන්ට ආවට පස්සෙ එකෙක්වත් තාම කොමෙන්ට් දාල නැත්තෙ.
ReplyDeleteවෙන කවුරුත් මොකටද උඹම ඒ වැඩේ කරද්දී.ඒ නිසා එන එන එකා කමෙන්ට් නොකර හැරිල යනවා.
Deleteඅන්න කතාව එන එවුන් හිතන්නේ.. මූ මේක බදු අරගෙන කියලා.. හිටාන් උබට ඉඩ දෙන්නේ නෑ යකෝ එව්වට.. නේද බන්..
Deleteවතුර කලවං කරන්නෙ නැති රා තියෙනවද කැමෝ.අර පිංතුර දාල තියෙන ජාති දැක්කෙත් අදමයි.අපි දවසක ඔය පැත්තෙ ආවොත් ඒවා කන්න ඇහැක් වෙයිද?
ReplyDeleteකලවං නැති රා තියෙනවා හැලපෙ අයියෙ. ඒවා වැඩිය නෑ. ඒත් හිතවත් කම් උඩ හොයා ගන්න පුළුවන්.
Deleteනිවාඩු වෙලාවක එන්න. ඕවා කන්න හදලා දෙන්නම්කෝ...
අපි නම් බොන්නේ ඔය ජරාව. එදා ලබ්බගේ වෙඩිම දවසේ උඹලා උගුඩුවෝ වගේ බොන කොට මමයි අටමයි විතරයි පැත්තකට වෙලා හිටියේ. අටමා අද මට කොල් එකක් දීලා කිව්වා ඌ සිගරට් බොන එකත් නවත්තනවා කියලා. ඔන්න ඔහොමයි අපි.
ReplyDeleteඒ කියන්නේ අටමයි උඹයි පැත්තකට වෙලා තනියමද බිව්වේ...
Deleteඅටමා සිගරැට් බොන එක නවත්තනවා කියන්නේ ඌ සිගරැට් වෙනුවට ඊට වඩා හොඳ ආදේශකයකට යන්න හිතාගෙන ඉන්නවද දන්නේ නැහැ "මල්" වගේ...
ඔව් අපේ පැත්තෙ ඌරොත් ගූ කන එක නවත්තල මේ දවස් වල කිරිබත් කනව. මොනව කරන්නද අබුද්දස්ස කාලේ....
Deleteඔන්න බලහං කැමෝ, ලබ්බ උඹේ අතිජාත මිත්තරය උනාට උබලට කසිය පොවල මනෝවටයි, අටමටයි විස්කි බෝතලයක් හොරෙන් සෙට් කරල දීල තියෙන්නෙ.
Deleteමල් වන්දිරයෝ,
Delete///අපි නම් බොන්නේ ඔය ජරාව./// උඹම කියන එකේ ජරාව බොන්නෙ උඹලමයි කියලා ආයෙ මං මොනවා කියන්න්ද... ජරාව නැති හින්දා වෙන්න ඇති පැත්තකට වෙලා හිටියෙ.
ලොකුස්,
බලහං ඉර අනිත් පැත්තෙන් පායනවද කියලා...?
කෙබරයෝ,
ඒකනෙ අටමා සිගරට් බොන එක නවත්තන්න යන්නේ...
ප්‍රසෝ,
විෂ්කි වලට වඩා කසියා හොඳයි බං.. ඩයි නෑ. කෙමිකල් නෑ. රසකාරක නෑ. ඉතින් හොඳ නැද්ද බං..?
මම පාටියක් දාලා මම තනියම බොනවා. දෙන්නෑ එකෙකුට
Deleteපස්සෙ උඹම සිංදුවක් කියල, උඹම නටහං. අපි පැත්ත පළාතෙ එන්නෑ.
Deleteඅඩේ... කශිප්පු ටිකක් බීල නෑ කියහංකො තාම
Deleteබීලා බලපන් පට්ටයි හැබැයි උබට ගෙදර යන්න වෙන්නේ නම් නෑ...
Delete//ඔය උඩ ෆොටෝ එකේ තියෙන්නෙ පිගානට දාගත්තු කිතුල් පිටි තලප කොටහක්...//
ReplyDeleteතොට බඩ යයි මෙහෙම ලියලා, කටේ කෙල නැ ගිලලා.
දැන් නම් බඩ නිකන් බුරු බුරු ගානවා වගේ... අනේ මන්දා කොහෙන් කෙලවර වෙයිද කියලා...
Deleteඅඩේ, රා පැත්තකින් දාමුකෝ. ලබු සුරුට්ටු නම් බං මගේ හිතේ අන්තිමට කාලා දැන් අවුරුදු 10ක් වත් වෙනවා ඇති. උඹලා මේවා ලිවුවම ඉතින් අපිට අපි ගැන දුක හිතෙනවා බං.
ReplyDeleteදැන් මෙහෙත් එහෙමයි බං. ලබු කොල නෑ ඉස්සර වගේ. කිතුල් පිටිත් නෑ. ඉස්සර නිතරම කෑවා. දැන් ආසාවකට කිතුල් පිටි ටිකක් නෑ හොයා ගන්න.
DeleteDHL කොරලා එවන්නෙයි?
බඩ සිදෙන පින්තූර පෙන්නනෙපා කැමා ... :( කිතුල්පිටි තලප රහයිද ? මම කාල නැහැනෙ ...කැමා රා බොනවා කිව නේද ?එතකොට තෙලෙජ්ජ ,මී රා කියන්නේ මොනවටද ... හය්යු ආසාවකටවත් රා බීල නැහැනෙ ... :/ :P
ReplyDeleteරසයිදත් අහනවා... අනේ අම්මේ එහෙමත් රසක්.. කාලම බලන්න ඕනෑ ඒවා නම්...
Deleteතෙලිජ්ජ කියන්නෙ පොල් හරි කිතුල් හරි මලෙන් වෑස්සෙන දියරය වලට. ඒක සීනී ද්‍රාවණයක් වගේ. පැණි රසයි. ඔය තෙලිජ්ජ පැහෙනකොට තමයි රා හැදෙන්නෙ. ඒක පැණි රස නෑ. මී රා කියන්නෙත් තෙලිජ්ජ වලට වෙන්න ඕනෙ.
ඔන්න වෙලාවක මේ පැත්තෙ ආවා නම් රා බොන්න තිබ්බා...
බොන කතා කියන්න එපා ඩෝ... මාස පහකින් බීල නෑ.. දැං වෙව්ලනවා.
ReplyDeleteජයවේවා..!!
අපිට රා ටිකක් බොන්න දෙන්නේ කවදද
ReplyDeleteලබුු සුරුට්ටු කියන්නෙ මක්කයි බං? ලබු සුරුට්ටු වෙන්නෙ වයසට ගියාම නේද?
ReplyDeleteIdulgodakanda patte seen ekak neda meka
ReplyDeleteIdulgodakanda patte seen ekak neda meka
ReplyDelete