Pages

Thursday, October 15, 2015

පුළුවන්නම් විතරක්.....


දැනට මාසෙකට විතර උඩදි දවසක මගෙ ලඟම හිතවතෙකුගෙන් ලැබුනු අහකදාන්න බැරි ඉල්ලීමක් උඩ ගිය ගමනකදි අත්විඳින්න උනු දෙයක් ගැන කියන්න වගේම ඒ ගමනෙදි දකින්න ලැබෙන දේවල් වෙනුවෙන් මට තනියම දෙයක් කරන්න බැරි වෙයි කියලා හිතෙන නිසා ඔයගොල්ලන්ගෙන් ඉල්ලීමක් කරන්නයි මේ පෝස්ට් එක ලියන්නෙ.



කුරුණෑගල රිදීගම පාරෙ කවිසිගමුව ප්‍රදේශයේ තියෙන කවිසිගමුව ප්‍රාථමික විද්‍යාලයේ වැඩ කරන ගුරුවරයෙක් උනු මගේ හිතවතා මගෙන් ඉල්ලීමක් කලා ඉස්කෝලෙ ළමයින්ට චෙස් ක්‍රීඩාව කියලා දෙන්න. මට ඒ ඉල්ලීම කරපු විදිහට අහක බලන් ඉන්න විදිහක් නැති උනු නිසා නිදහස් වෙලාවක ඉස්කෝලෙට ගිහින් විදුහල්පති තුමිය එක්ක වගේම දෙමව්පියො එක්ක කතා කරද්දි දැනුනා ඒ හැමෝටම මේ දේ කරන්න ලොකු උවමනාවක් තියෙනවා කියන දේ. විෂය බාහිර ක්‍රියාකාරකම් විදිහට ඉස්කෝලෙ තියෙන්නෙ කරාටේ ක්‍රීඩාව විතරයි. ඊට අමතරව තමයි චෙස් ක්‍රීඩාව පටන් ගන්න යන්නෙ. ඒ අයගෙ තියෙන උනන්දුව නිසාම මටත් ඒ පොඩි ළමයි එක්ක මේ දේ කරන්න ඕනෙ කියලා ආපු හැඟීමත් එක්ක ගිය සතියෙ චෙස් ක්‍රීඩාව උගන්වන්න පටන් ගත්තා.


ළමයි ටික හරි ආසාවෙන් චෙස් බෝර්ඩ් ටිකත් උස්සගෙන එනවා දකිද්දි පුදුම සතුටක් හිතට එන්නෙ. ඒ වගේම ඒ ළමයින්ගෙ දෙමපියොත් පොතක් අරන් ඇවිත් කියලා දෙන ඒවා ලියාගෙන ඉගෙන ගන්නවා. ගෙදර ඉද්දි ළමයා එක්ක චෙස් අදින්න ඕනෙ කියලයි ඒ ගොල්ලො සම්පූර්ණ වෙලාවෙම පන්තියට වෙලා ඉඳගෙන චෙස් ක්‍රීඩාව ඉගෙන ගන්නෙ. ඒ තරම් උවමනාවක් කැපවීමක් ඒ දෙමව්පියො ලඟ තියෙනවා. විදුහල්පති තුමියත් අළුතෙන් බෝර්ඩ් එකක් අරගෙන මේ දවස් දෙකේම පතියට වෙලා ඉගෙන ගන්නවා. එතුමිය පුද්ගලිකව චෙස් පන්තියෙ වගකීම බාර අරගෙන.


මට කියන්න ඕනෙ උනේ මේ තරම් උවමනාවක් තියෙන පිරිසක් ඉන්න පාසලක් උනාට මේ පාසලේ තියෙන වත්කම් එහෙමත් නැත්නම් පහසුකම් ප්‍රමාණය ගොඩක් දුර්වලයි. කුරුණෑගල නගරයට ගොඩක් ලඟ උනත් ලොකු සම්පත් ප්‍රමාණයක් තියෙන පාසලක් නම් නෙවෙයි. පොඩි උදාහරණය කියන්නම් දැන් කාලෙ හැමතැනම දකින්න තියෙන ප්‍රමාණවත් තරමේ වයිට් බෝර්ඩ් එකක් පාසලට නැහැ. කාර්යාලය තුල පරිගණක යන්ත්‍රයක් තියෙනවා දැක්කෙ නෑ. මේ වගේ දැන් කාලෙ තියෙන බොහොමයක් පාසල් වල තියෙන ඉගෙනුම් ක්‍රියාවලියට අදාල පහසුකම් බොහොමයක් පාසලේ දකින්න නෑ.


ඒත් පාසලේ දක්ෂ ළමයි ඉන්නවා. විදුහල්පති තුමිය අද මාත් එක්ක කියපු දෙයක් තමයි හෙට දවසෙ ප්‍රදර්ශනයක් බලන්න යන්න බස් රථයට ගෙවීම් කරන්න එක ළමයෙකුගෙන් රු.50 ක් ඕනෙ කියලා ඉල්ලීමක් කලත් හැම පන්තියකම වගේ ළමයි පස් දෙනෙක්වත් ඒ මුදලවත් දෙන්න බැරුව ඉන්නවා කියලා. ඉස්කෝලෙ ඉන්න හැම ළමයම මුදල් අඩු පාඩු තියෙන අය නම් නෙවෙයි. ඒත් වැඩි දෙනෙක් එදිනෙදා කුලී වැඩ කරන දෙමව්පියන්ගෙ ළමයි.


ඉතින් ඒ අයට ගෙවල් වල වියදම් දරනකොට පාසල වෙනුවෙන් මුදලක් වෙන් කරන්න අමාරුයි කියන දේ විදුහල්පති තුමිය දන්න නිසාම වෙන්න ඇති පාසල දියුණු කරන්නයි අරකටයි මේකටයි කියලා දෙමව්පියන්ගෙන් මුදල් ඉල්ලන්නෙ නැත්තෙ කියන දේ නම් මට දැනුනා. ගොඩක් පාසල් වල භෞතික දියුණුවට දෙමව්පියන්ගෙන් මුදල් එකතු කරනවා කියන දේ අපි දන්නවා. ඒත් මං මෙතනදි නම් දැක්කෙ ඒකෙ අනිත් පැත්ත.


පාසලේ ක්‍රීඩා වගේම විෂය බාහිර ක්‍රියාකාරම් අඩු වෙන්නත් ඕක හෙතුවක්. ඒ හැමදේකටම ගෙවිමක් කරන්න පාසලට අමාරුයි. මටත් ගෙවීමක් කරනවා. ලබන ජනවාරි වල ඉඳන් ඒ මුදල ගෙවන්නෙත් පාසල් සංවර්ධන අරමුදලෙන් නිසා දෙමව්පියන්ගෙන් එකතු කරන්නෙ නෑ කියන දේ තමයි විදුහල්පති තුමිය කිවුවෙ. දැන් අහන්න පුළුවන් ඇයි මං නිකන් උගන්වන්නෙ නැත්තෙ කියලා නේද? මං කිසිම වෙලාවක මේ දේට මුදලක් ඉල්ලුවෙ නෑ. ඒත් මේ ගැන මූලික උනු අයගෙ දැඩි ඉල්ලීම මත ඒ දේ ගන්න වෙනවා. මං තීරණය කරන් ඉන්න දේ තමයි ඒ මුදලත් ඒ ළමයි වෙනුවෙන්ම යොදවනවා කියන දේ. මොකද මේක මං වෘත්තියකට කරන දෙයක් නොවෙන නිසා.


ඉතින් මං මේ පෝස්ට් එක මේ විදිහට ලියන්න හිතුවෙ මේ බ්ලොග් එකට නිතර යන එන මං දන්න කියන කැමති ඕනෙම කෙනෙකුගෙන් මේ පාසලේ ඉන්න පොඩි උන් වෙනුවෙන් කුමන හෝ විදිහකින් උදවුවක් ඉල්ලන්න... පුළුවන්නම් විතරක්....


පාසලේ විස්තර වගේම විදුහල්පති තුමිය හෝ විෂය බාහිර ක්‍රියාකාරකම් බාර ගුරුතුමා එක්ක සම්බන්ද වෙන්න උවමනා විස්තර අවශ්‍ය නම් මට පුද්ගලිකව මේල් එකක් එවන්න.

73 comments:

  1. මම එක වුනා. දැන් පෝස්ට් එක කියවන්නම්.

    ReplyDelete
    Replies
    1. කැමා, මේ වගේ වැඩවලට මගෙත් සපෝට් එක එකෙන්ම ලැබෙනවා. ඒක ෂුවර්. පුලුවන්නම් මට මේලක් දාහං.

      Delete
    2. මේලක් දාන්නම් කසුන්. ළමයිට ඉගෙන අවශ්‍ය ඕනෙම භෞතික සම්පත් ඕනෙම දෙයක් ඒ අයට උදවුවක් වේවි.

      Delete
  2. කට්ටිය එකතු පහදු වෙලා වැඩක් කරනවා නම් මාත් සැට් වෙන්නම්...
    ලොකු දෙයක් බැරි උනත් පුන්චි හෝ දෙයක් කරන්න හැකි වෙයි නේ......

    ReplyDelete
    Replies
    1. පුංචි දෙයක් උනත් ඒ ළමයින්ට ලොකු දෙයක් වෙයි. බලමු මොනා හරි දෙයක් කරන්න.

      Delete
  3. මචං මොන වගේ උපකාරයක්ද මේ දරුවන්ට අවශ්‍ය වෙන්නේ.මගේ ලග තිබුනා ශිෂයාධාර දෙන කුරුණැගල පැත්තේ සංවිධානයක නම්බර් වගයක්.මම ඒ ටික හොයන්නම්.සමහර විට එ හරහාත් අපිට යමක් කරගන්න පුලුවන් වෙයි.

    ReplyDelete
    Replies
    1. මං මේලක් දාන්නම් මනෝ. ළමයින්ට ගොඩක්ම උවමනා වෙන්නෙ බාහිර ක්‍රියකාරකම් වලට උදව් වගේම ඉගෙනුම් උපකරණ වගේ දේවල්.

      Delete
    2. surangab9@gmail.com මගේ මේල් එක මචං

      Delete
  4. මොනවගේ උපකාරද ඕනේ කියලා ලිස්ට් කොලානම් හරි. ඊට පස්සේ කට්ටිය එකතුවෙලා හරි තනි තනිව හරි වැඩේට බහින්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. මන් අද මේලක් දාන්නම් බණ්ඩෝ..... ගොඩක්ම අඩුපාඩුවක් විදිහට තියෙන්නෙ බාහිර ක්‍රියාකාරකම් වලට අවශ්‍ය පහසුකම් තමා.

      Delete
  5. කවිිගමුව නේහ්..? හූවකුත් නැති තරම් දුර. ඔය පාසල විතරක් නෙවේ අයියා ඒ අවට තියෙන ගොඩක් ප්‍රාථමික සහ කනිෂඨ ඉස්කෝලවල තත්වෙ ඕක තමයි............

    ReplyDelete
    Replies
    1. ඔව් මලේ... අපෙ ගමේ උනත් එහෙමයි. ගමේ ඉස්කෝලෙ වෙනුවෙන් නම් මුකුත් ඉල්ලන්න හිතෙන්නෙ නෑ ඉන්න එකෙකුටවත් උවමනාවක් නෑ දියුණු කරන්න. ඒත් මේ ඉස්කෝලෙ ඉන්න අය එහෙම නෙවෙයි කියන දේ ගියාට පස්සෙ තෙරුණා.

      Delete
  6. චෙස්...බෝඩ් එකේ ඉත්තෝ තියලා ඇගිල්ලෙන් ගහලා වලට දාන එකනේ...
    අපි නොදන්න චෙස්..

    ReplyDelete
    Replies
    1. උඹයි, මමයි, කැමයි දන්න චෙස්.

      Delete
    2. මෙන්ඩා,
      ඔව් බං අර ඇඟිල්ලෙන් ගහලා හිලට දාන එක තමා...

      කසුන්,
      බ්‍රා ගැන...?

      Delete
    3. බ්‍රා ගැන මෙන්ඩ අැරෙන්න අනික් හැම එකාම දන්නව.

      Delete
    4. හරි..හරි දන්නවා..අර දෙපැත්තට බෙදිලා ඇද වෙච්ච බෝලයකට රන්ඩු වෙන එකනේ..
      අපේ දෙමව්පියෝ කියලා දිලා තියෙන්නෙ කෙනෙකුගේ අතේ තියන දෙයක් එයා දෙනකන් උදුරන්න එපා කියලා..මහා නැහෑදිච්ච සෙල්ලමක්..

      Delete
    5. නැහැ බං කැමා කියන්නේ ඇඟිල්ලෙන් හිලට දාන සෙල්ලම.ඒකියන්නේ ජිල්බෝල ගැහිල්ල ගැන

      Delete
    6. ප්‍රසා,
      ඒක නම් සහතික ඇත්ත...

      මෙන්ඩා,
      හරියට නිකන් කඩේ ගන්න බෝල නෑ වගේ නේද බං...? බොරුවට එක බෝලෙකට පොරකනවා...

      මනෝ,
      බෝලෙ ඇඟිල්ලෙන්ද හිලට දාන්නේ...?

      Delete
  7. අඩෝ , වීරප්පන් මට මෙලක් දාහන්
    prageeth99236@gmail.com

    ReplyDelete
    Replies
    1. ඉවානයා
      උඔ කැමා එක්ක කතා කරලා..අපි හැමෝවම එකතු කරගෙන යමක් කරමුද?

      Delete
    2. කරමු කරමු මෙන්ඩො. අපි එකතු වුනොත් ලොකු දෙයක් කරන්න පුලුවන් වේවි.

      Delete
    3. අඩෝ .. මටනම් මේල් දාන්න එපා කෝල් එකක් දීල විස්තර කියපං , අපි ඔය 2.50 යාළුවො නෙමේ.

      Delete
    4. අපි මෙහෙම කරමුද මචං.
      මම පුහුගිය අවුරුදු කිහිපයක්ම මේ වගේ දරුවන්ට පොත් පාර්සල් බෙදලා දුන්නා.පිටු 200 පොත් විස්සක් අනිත් පාසල් උපකරණ ඒ පාර්සලයක ඇතුලත් කලා.මම දන්න හදුනන අයගෙන් මේ ගැන කියලා උදව් ගත්තේ.අවුරුද්ද මුලදිනම් බැංකු වලින් උදව් කරනවා.අපි මේ දැසැම්බර් නිවාඩුව දෙන්න දවස් කිහිපයකට කලින් මේ පාසලෙත් ඒ වගේ දෙයක් කලොත් කොහොමද.අපි ටිකක් මහන්සි වුනොත් මේ වැඩේ අනිවාර්යෙන්ම කරන්න පුලුවන්.තව මාස දෙකක් තියනවා.

      Delete
    5. ඉවාන්,
      වීරප්පන්...? ඉවරයි...
      අනිවා මං එවන්නම්...

      මෙන්ඩා,
      මං උඹට කෝල් එකක් දෙන්නම් මචෝ.

      කසුන්,
      ඔව් බං. ඒක ඇත්ත.

      කම්මලේ,
      අනිවා. හවස වෙලා දෙන්නම්.

      මනෝ,
      මේ මාස දෙක ඕනවටත් වැඩී. පුළුවන් නම් කට්ටියම එකතු වෙලා යමු ඉස්කෝලෙට.

      Delete
    6. මචංලා අපි මේක ගැන ඉක්මනින් කතා කරගනිමු.
      වැඩේ ඉක්මන් කරමු....

      Delete
  8. මචං..මම උඔට මේලක් දාන්නම් කොල් එකකුත් දාන්නම්..
    අපි සෙට් වෙලා මොනවා හරි කරමු..

    ReplyDelete
    Replies
    1. අනිවා මචෝ... මන් හවස් වෙලා ගන්නම් කෝල් එකක්.

      Delete
    2. අද එපෝ!!!!!
      ඇමරිකාවේ සුද්දියෝ බ්‍රා නැතුව පාරවල් දිගේ දුවනවා.

      Delete
    3. ලංකාවෙ පාරවල් වල දුවනවා කිවුවෙ නැද්ද...?

      Delete
    4. අපි ලංකාවට බ්‍රා දෙන්නෙ නැත

      Delete
  9. අවශ්‍ය දේවල් හරියටම බලල ලිස්ට් එකක් ගන්න, ඊට පස්සෙ උදවු කරමු.
    දුශ්කර පාසැල් වල විතරක් නෙමේ නගරබදව තියන පාසැල් වලත් රුපියල් 50 දෙන්න බැරි ළමයි ඉන්නව.

    ReplyDelete
    Replies
    1. කෝ අපේ ඩබල් ආදිපාද .....???????

      Delete
    2. හැමදාම නෑ , හැම තැනම නෑ.
      හෙක්... කොහොමද සිංදුවට ඒ ලෙඩේ හැදුනොත් , නිකම් නොන්ස්ටොප් කැසට් එක වගේ තියෙයි.

      Delete
    3. නාන්ස්ටොප්වලත් නාන්ස්ටොප්වලත් එකම එකම සින්දුව සින්දුව දෙපාර දෙපාර යනවනම් යනවනම්.

      Delete
    4. කම්මලේ,
      ඔව් කම්මලේ. මේ ඉස්කෝලෙ කුරුණෑගල ටවුන් එකේ ඉඳන් මහලොකු දුරක නෙවෙයි.

      සින්දු,
      හවසට හවසට එන්නෙ.... දවල්ට ලෙඩෙ නෑ...

      කම්මලේ,
      එහෙනම් ඉතින් කමෙන්ට් බලන්න ත්‍රීවීල් එකක් නෙවෙයි ජෙට් එකක්වත් හයර් කරන්න වෙනවා.

      කසුන්,
      එහෙනම් එහෙනම් දෙපාර දෙපාර නටන්න නටන්න පුළුවන් පුළුවන්..

      Delete
  10. මචෝ මේල්ලුවක් දාපන් ....අන්තිමට ඉතිරි වෙන්නේ මෙහෙම කරපු දෙයක් විතරයි ...


    ගඟට කපන ඉණි ගඟදිය රැගෙන යති
    සැපට වැඩුණු කය පොළොවට දිරා යති
    අපට නොවේ බඹුටත් මරු ළඟාවෙති
    පිනට දුන්නු දේ පමණක් ඉතුරු වෙති

    මලේ සුවඳ නැතිවෙයි පෙති හැලුණාම
    ගතේ රුසිරු නැතිවෙයි රැලි වැටුණාම
    ගඟේ මහිම නැතිවෙයි දිය සිඳුණාම
    දුන්දේ සුවඳ පවතී ලොව හැමදාම

    කෑමෙන් හොඳ කෑම සපයාගෙන කෑම
    බීමෙන් හොඳ බීම මවුගේ කිරි බීම
    දීමෙන් හොඳ දීම දුගියට දන් දීම
    යෑමෙන් හොඳ යෑම නිර්වාණෙට යෑම

    කන බොන කෑම තනියම වළඳන්න එපා
    අසරණ කෙනෙකු ආ විට එළවන්න එපා
    අනුවණ කමින් පව් සිදුකරගන්න එපා
    නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා

    ගී තනු - රෝහණ වීරසිංහ
    ගායනය - සුනිල් එදිරිසිංහ

    ReplyDelete
    Replies
    1. සින්දුව මේදවස්වල සුනිල් එදිරිසිංහගෙ ෆෝල්ඩර් එකක් ඕපන් කරගෙන ඉන්නෙ.

      Delete
    2. සින්දු,
      මං මේලක් එවන්නම් මචෝ...

      කසුන්,
      ඒක තමයි මේ එකදිගටම සුනිල් අයියා එන්නේ.

      Delete
  11. sumithyapa@gmail.com මොනවද කරන්නේ කියල මටත් කියපන්.. අපි ඉගෙන ගත්තෙත් ඔය වගේ අමාරුවෙන්.. පුළුවන් දෙයක් කරන්නම්..

    ReplyDelete
    Replies
    1. අනිවා කමියෝ... හවස් වෙලා මේලක් දාන්නම්...

      Delete
    2. කමියා
      මනෝගෙ උඩ යෝඡනවා හොදයි

      Delete
  12. කරන දෙයක් අපිටත් කියහං. මොකක්හරි උදව්වක් දෙන්න බැරියැයි.

    ReplyDelete
    Replies
    1. ප්‍රසාට නොකියා ඔහොමද.. අනිවා...

      Delete
  13. කැමා...................... අපිත් මේ දවස් වල පාසල් දරුවෝ කීප දෙනෙකුට ම උදව් කරමින් ඉන්නේ... අැත්තට ම මේවා අපේ යුතුකම් බං.... උදව් නැත්තං අපි අද මේ පැත්තෙවත් නැහැනේ..... අන්න ඒ නිසයි අපි ඒවා යුතුකම් විදිහට හිතලා කළ යුත්තේ..... උඹට පිං

    ReplyDelete
    Replies
    1. මට නෙවෙයි බං. මමයි උඹලට පිං දෙන්න ඕනෙ කියපු ගමන් මේ විදිහට උදව් කරන්න එනවට.

      Delete
  14. විස්තර ලියලා පොස්ටුවක් දාන්න. මාවත් ගන්න මේ වැඩේට... සල්ලි එවන්නම් බැංකු විස්තර ලියල එවන්න. මාසෙකට ගානක් එවන්නම්. මට පොඩි එවුන් දෙතුන් දෙනෙක්ට සල්ලි එවන්න පුළුවන් විදියක් කියන්න. ඔයාගේ මේල් එක කිව්වොත් එවන්නම් ලියුමක් වැඩි විස්තර වලට.

    ReplyDelete
    Replies
    1. yashyantha.srinath@gmail.com මේකට මේලක් දාන්න. මං විස්තර කියන්නම්.

      Delete
  15. කැමා අයියේ මේකටත් මේලක් දාන්න sihinakaviyak@yahoo.com
    කෝ කැමරා කට. ඒක නැතුව කොහොමද කැමා කියන්නේ...

    ReplyDelete
    Replies
    1. මං මේලක් දාන්නම් මලේ...

      කට තියන් ඉද්දි මුං එක එක වරත්තු කතා කියනවනේ...

      Delete
  16. පාසල් සංවර්ධන සමිතියේ ඉන්න අයටත් මොකුත් කරගන්න බැරිද? ඔය ඉස්කෝලේට එහා තියනවා නේද ලොකු ටයිල් ගබඩාවක්? අන්න ඒකට අදාළ කොම්පැනියෙන් අහලා බලන්න.

    මහ ඇමතිතුමා හම්බවෙන්න කියන්න විදුහල්පති සහ පාසල් සංවර්ධන සමිති නියෝජිතයන්ට.

    ReplyDelete
    Replies
    1. ස්කෝලෙ ඉන්නෙ සුළු ළමයි ප්‍රමාණයක් විචාරක මහත්තයෝ. නිකන් කාලයක් ගිහින් වැහිලා යන මට්ටමට සැලකුම් ලබනවා වගේ. සංවර්ධන සමිතියෙන් තමයි ගොඩක් දේවල් වල වියදම් දරන්නෙ. බාහිර කටයුතු වලට පවා.

      එතනම එහා පැත්තෙ තියෙනවා ලොකු ඉස්කෝලෙ. ඒක මහින්දෝදය විද්‍යාලයක් කරලා හොඳ මට්ටමෙන් තියෙනවා. එත් මේකට කුඩම්මගෙ සැලකිලි. දෙමපියන්ගෙන් මුදල් අරන් දියුණු කලා නම් ඕව පේන්නෙ නෑ. ඒත් එතන ඉන්න කොටසකට ඒ දේ කරන්න අමාරුයි. මොකද ඒකට එන්නෙ එතන ඉඳන් නගරෙට ළමයව යවා ගන්න අමාරු අයගෙ ළමයි.

      Delete
  17. මොනාද ඕනෑ කියපං.
    helapakade@gmail.com

    ReplyDelete
    Replies
    1. මේල් කරන්නම් හැලපෙ අයියේ...

      Delete
  18. උඹේ මොබයිල් නම්බර් එක එවපං.
    madhumadhavi135@gmail.com

    ReplyDelete
    Replies
    1. මේල් එකක් දාන්නම් මධුවෝ....

      Delete
  19. මම මේ දාන කමෙන්ට් එක උඹ වරදවා වටහා ගන්න එපා. ඒ වගේම මේක කියවන අයත් වරදවා වටහා ගන්න එපා.

    මම අත්දැකපු දෙයක් තමයි ඉස්කෝලෙ තියෙන සම්පත් සහ ළමයින්ගෙ උනන්දුව අතර ඔය අපි හිතන තරම් සම්බන්ධයක් නැති බව. හැම සම්පතක්ම තියෙන ඉගෙන ගන්න කිසිම ඕනෙකමක් නැති උන් ඕනෙ තරම් ඉන්නවා. මෙලෝ පහසු කමක් නැතුව ආසාවෙන් ඉගෙනගන්න දැනුම හොයාගෙන යන උන් ඕනෙ තරම් ඉන්නවා.

    නැවත වතාවක්. වරදවා වටහා ගන්න එපා. මේක නිරීක්ෂණයක් පමණයි.

    ReplyDelete
    Replies
    1. ඩූඩ් කියන කතාව සම්පූර්ණ ඇත්ත. ඉගෙන ගන්න එකා කොහොමත් ඉගෙන ගන්නවා. ආයෙ ඌ ඉන්නෙ පේමන්ට් එකේද, රජ ගෙදරද කියන එක අදාල නෑ. ගුරුවරයෙක් විදිහට ඩූඩට ඒ අත්දැකීම හොඳට තියෙනවා නේද?

      දැන් ලංකාවෙ වෙලා තියෙන්නෙ මේකනෙ. ඉස්සර අපි නම් හොයාඅගෙන හරි කියෙව්වා. කොහෙන් හරි ඉගෙන ගත්ත. ඒත් දැන් ලංකාවෙ ළමයින්ට ඒවා උවමනාවක් ඇති වෙන පරිසරයක් නෑ. ගුරුවරයා කියලා දුන්නෙ නැත්නම් ළමයි මුකුත් දන්නෙ නෑ. සාමාන්‍ය දැනීමක් කියලා දෙයක් අහලාවත් නෑ. ඔතනදි සමහර දේවල් උඩ ගුරුවරයගෙ ඉගැන්නුමත් අඩු වෙනවා.

      මේ ඉස්කෝලෙට අඩු ඒ වගේ දේවල් නෙවෙයි ඩූඩ්. බාහිර කටයුතු වලට දක්ෂ ළමයි ඉන්නවා. ඒ අයට ඒ දේවල් වලින් ඉස්සරහට යන්න විදිහක් නෑ. සමහර වෙලාවට තරඟෙකට යන්න ව්දිහක් නැති කමෙන් නොයා ඉන්න දරුවො ඉන්නවා. එක්කො ඒ දේවල් කියලා දෙන්න කෙනෙක් නෑ. නැත්නම් ඒ දේවල් ක්යලා දෙන්න අවශ්‍ය පහසුකම් නෑ.

      දිග කමෙන්ට් එකක් දැම්මට ඩූඩ් කියපු දේ වරදවා වටහා ගත්තෙ නෑ ඔන්න.

      Delete
    2. ඩුඩ් අයියන්ඩි කියන ඒක පිලිගන්න පුලුවන්..මම හිතන්නෙ මෙතනදි කට්ටියම මේ ගැන මේ තරම් උනන්දුවකින් ප්‍රතිචාර දක්වන්නේ මේක කැමාගේ ඉල්ලිමක් නිසා..අපි ඒ පාසලට දෙන යමකින් වටිනාකමක් ලැබෙන්නෙ කැමාට..ඌ අපේ එකා නිසා අපි පුලුවන් විදිහට යමක් කරමු.
      තමන් ඉන්න ගමට යමක් කරන්න හිතුන එකට මම ඌට රෙෂ්පට්..

      Delete
    3. ඇත්ත මෙන්ඩයියෙ. උඹලා මේ දේ කරන්නෙ මං හින්දා කියන දේ. ඒත් ඩූඩ් අයියා කියන දේ සම්පූර්ණ ඇත්ත. එහෙම උනත් මේ වගේ තැනක වෙන්නෙ මේ පාසල් ටික ටික වැහිලා යන්න වෙන විදිහට රජයෙන් ක්‍රියා කරන එක. අපෙ ගමෙ ඉස්කෝලෙටත් ඕක වෙන්න ගියෙ. පාසල නඩත්තු කරන එක අඩු කරලා ළමයි අඩු උනාට පස්සෙ ඉස්කෝලෙ ළමයි නෑ කියලා වහලා දාලා වඩු පාසලක් පටන් ගන්නවා. ඒ දේ වෙන්න දෙන්නෙ නැතුව යන්තම් ගමේ ඉස්කෝලෙ නම් බේරා ගත්තා. ඒත් මේවා? එහෙම ඉකෝලෙ වැහිලා ගියොත් වෙන්නෙ එදා වේල හම්බකරන මසුස්සයාගෙ දරුවන්ට යන්න තැනක් නැති වෙන එක.

      Delete
  20. උදව්වක් කරමු අපි එකතු වෙලා..

    ReplyDelete
  21. උදව්වක් කරමු අපි එකතු වෙලා..

    ReplyDelete
    Replies
    1. අනිවා. මොකෝ මේ ඩබොල්...? කම්මලයා හමුනාද ලඟදි..?

      Delete
  22. Replies
    1. ඔන්න මං මේලක් දැම්මා...

      Delete
  23. අදහස් ටිකක්. කැමා වගේ අපි සමහර අයට දරුවන්ට අවශ්‍ය ස්කිල් එකක් නොමිලේ කියා දීමට ඇති හැකියාව. උදා චෙෆාකි වැනි දැනීමක් ඇති අයට පෝශ්‍යදායී ආහාර වේලක් සකසා ගැනීමට උගැන්වීම. ඉංග්‍රීසි කථා කිරීමට උගැන්විය හැකි අයකු අපේ වියදමින් ලබා දීම. ඉන්ජො කෙනෙක් දෙන්නෙක් ඉඳහිට ගොස් ගණිතය වැනි දේවල් කියාදීම. අපි ලඟ ඇති වැඩිපුර පොත් ලබාදී පුස්තකාලය වැඩි දියුණු කිරීම, අපි අතර මුදල් ටිකක් එකතුකර පාසැල පින්තාරු කිරීම, එසේ මුදල් ටිකක් එකතුකර ගොඩනැඟිලි පිලිසකර කර දීම, පාසැල් වත්තේ සිටවීමට ගස් සපයා දීම,මුදල් අඩු ලමයින්ට ප්‍රයෝජනයට අධ්‍යාපන චාරිකා අරමුදලක් ආරම්භ කිරීම, ආර්ථික අතින් අඩු මට්ටමේ මව්පියන් අතරින් හැකියාවන් ඇති අයට රැකියා අවස්ථා සොයා දීම, ලමයින්ගේ සෞඛ්‍යමය අඩුපාඩු සොයා දන්නා වෛද්‍ය වරු හරහා ප්‍රතිකාර ලබා දීම.

    ReplyDelete
  24. කවිසිගමුව.. මේ ටිකේ ගෙදර ඉන්නෙ.මේලක් දාහංකො.
    gaslabba1@gmail.com
    ජයවේවා..!!

    ReplyDelete
  25. මට පුළුවං වෙයි, බැංකු ගිණුමකට පොඩි ගාණක් මාසයක් ගානෙ දාන්න. පොඩ්ඩක් කියහං...

    ReplyDelete

 
 
Blogger Templates