Pages

Monday, July 6, 2015

Thanks Card....



මංගල උත්සව මොහොතක ඡායාරූප ශිල්පියෙකුගෙ හද ගැස්ම වැඩි කරන භයානකම දේ තමයි ස්තුති පත්‍ර හෙවත් තේරෙන සිංහලෙන් කියනවා නම් තෑන්ක්ස් කාර්ඩ් ටික වෙලාවට කපල් එක අතට ගෙනත් දෙන එක. දවල් කෑම මේසෙ විවෘත කලාට පස්සෙ කපල් එකයි ඇවිත් ඉන්න උනුයි එකා දෙන්නා "කෝ කාර්ඩ් ටික තාම නැද්ද?" කියලා සැරින් සැරේ අහනකොට ලැබ් එකට යවපු ගෝලයාට කෝල් කර කර නාහෙන් අඬනවා ඇරෙන්න වෙන මොනා කරන්නද. බැරිවෙලාවත් මොකක් හරි හේතුවකට වෙඩිමට ඇවිත් ඉන්න පිරිසෙන් කොටසක් ගියාටත් පස්සෙ කාර්ඩ් ටික ගෙනාවොත් බැනුම් අහන්නත් සිද්ද වෙනවා වගේම මූණ දෙන්න බැරි තරම් ලැජ්ජාවට පත් වෙන්නත් වෙනවා.


ඒ වගේම කාර්ඩ් එකේ ඩිසයින් එක හොද නැතුව හෝ ලැබ් එකෙ ප්‍රින්ට් එකේ වර්ණ වල තත්වය හොඳ නැතුව හෝ තෝරාගත්තු ෆොටෝස් ටික ගැලපෙන්නෙ නැතුව කාර්ඩ් එකේ ලස්සන අඩු වෙලා තිබුනොත් එහෙම එතන ඉදන් කපල් එකේ මූණු හොඳ නැතුව යනවා. ඔය අස්සෙ ෆොටෝග්‍රැෆි දන්නව කියලා හිතාගෙන ඉන්න එකෙක් ඇවිත් හිටියොත් තමන් මේ ගැන හොඳට දන්නවා කියලා පෙන්නන්න කපල් එක ලඟට ගිහින් කාර්ඩ් එකේ අඩු පාඩු තියෙනවා කියලා පෙන්නන්න හදනවා.

දත් තිස්දෙක මැද්දෙ තියෙන දිව වගේ බාධක අටෝරාසියක් මැද්දෙන් වෙලාවට තෑන්ක්ස් කාර්ඩ් ටික ගෙනත් දෙන එක ලේසි පාසු වැඩක් නම් නෙවෙයි. ඡායාරූප ශිල්පීන්ට හෘද රෝග සෑදෙනවා වැඩී කියලා ඉදිරියේදි වෛද්‍ය පරීක්ෂණ වාර්තාවක් දුන්නොත් ඒකට මූලිකම හේතුව වෙන්නෙ මේ තෑන්ක්ස් කාර්ඩ් හැදිල්ල තමයි.

දැනට අවුරුදු හතකට විතර උඩදි නෙගටිව් වලින් ෆොටෝ ගහපු කාලෙ හැදුවෙ 3R (3.5"*5") කාර්ඩ් එකෙනුත් බාගයක ප්‍රමාණයේ කාර්ඩ් එකක්. ඊට පස්සෙ ටික ටික කාර්ඩ් එකේ දිග පළල වැඩි වෙලා දැන් ජනප්‍රියම කාර්ඩ් එක වෙලා තියෙන්නෙ 4"*8". සමහරු ඔයිටත් එහා ප්‍රමාණ වලින් ප්‍රින්ට් කරනවා. මගේ ප්‍රියතම සයිස් එක 5"*10". ඉතින් මේ මොන සයිස් එකෙන් ප්‍රින්ට් කලත් තෑන්ක්ස් කාර්ඩ් වල වාසි වගේම අවාසිත් තියෙනවා කියලා වෙලාවකට හිතෙනවා.

වාසි...
ඡායාරූප ශිල්පියාගේ හැකියාව ගැන වෙඩිමට ඇවිත් ඉන්න පිරිස තුල ඇගයීමක් ඇති වීම.(පුද්ගලිකව මම කැමතිම එක)
ඇල්බම් එක ප්‍රින්ට් කලාට පස්සෙ දකින්නෙ ටික දෙනෙක් වුවත් තෑන්ක්ස් කාර්ඩ් එක වැඩි පිරිසක් දැකීම තුලින් ඉදිරියේදී ඇනවුම් ලැබීමේ අවස්තාව.
වර්ණ රසායනාගාර වලට අමතර ආදායමක් ලැබීම.
සමහර විට අමතරව මුදලක් ලබාගැනීමට හැකිවීම.(වෘත්තීය තුල තබා ඇති නාමය අනුව එකම කාර්ඩ් එක රු.35 සිට රු.100 දක්වා මිල ගණන් වෙනස් වීම සිදුවේ.)

අවාසි...
ඒ වෙනුවෙන්ම අමතර වෙහෙසක් දැරීමට සිදු වීම.
කාර්ඩ් ටික ප්‍රින්ට් කර රැගෙන ඒමට අමතර පුද්ගලයෙකු යෙදවීමට සිදුවීම.
අතරමගදී මෙමරි චිප් එක නැතිවීමේ අවදානම.
කාර්ඩ් ටික අතට ලැබෙන තුරු තිබෙන මානසික ආතතිය.
අවසානයේ සුළු කරුණකින් බැනුම් ඇසීමට පවා ඇති හැකියාව.

ඉතින් අන්තිමට ඔය වගේ දේවල් නිසා මට නම් වෙලාවකට තෑන්ක්ස් කාර්ඩ් එපාම වෙලා යනවා. හැම වෙලේම හිතින් ඉල්ලන්නෙ කපල් එක තෑන්ක්ස් කාර්ඩ් එපා කියනවා නම් කියලා. අදට ඉතින් මේ ටික තමයි. කාර්ඩ් ප්‍රින්ට් කරද්දි මුහුණ දෙන්න වෙන අත්දැකීම් ගැන වෙනම පෝස්ට් එකකින් කියන්නම්කො.....

36 comments:

  1. අවදානමක් ගත්ත උනත් අර කියල තියෙනව වගේ වෙඩිමට එන හැම එකාම කාඩ් එක දකින හින්ද ඒකෙන් ඉදිරියෙදි ඇතිවෙන්න තියෙන වාසිය ගැන හිතන එක හොඳයි කියලයි මට හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත. තෑන්ක්ස් කාර්ඩ් එකේ මූලික අරමුණ ඕක. ෆෝටර්ග්‍රැෆර් ගැන ඇගයීමක් එක්ක ෆෝන් නම්බර් එක ඇවිත් ඉන්න අය හරහා ප්‍රචාරය කිරීම. පොඩි මාර්කටින් පාරක්....

      Delete
  2. ඒ වුණත් තෑන්ක්ස් කාඩ් වලට ගන්න ගාන නං අන්තිම අසාදාරණයි බං අපේ අක්කගෙ වෙඩිමට ගහපු කාඩ් එක ට 67 ක් ගත්ත අර සූටි කාඩ් එකට අහවල් ගණං
    යකෝ ඒකෙ ඇති ලස්සනකුත් නැ..
    මගෙ එකක් එහෙම වුණා නං පොටෝග්‍රැපර් කියන එකා ඉවරයි...
    (හැම කෙනාම නෙවී ඒත් ඒ වගේ කීප දෙනෙක් හංද පොදුවේ ඔක්කම බැණුං අහනව නේහ්)...

    ඔය කියන අත්දැකීම් අතර තියෙන රසමුසු ගුටි මුසු බැණුම් මුසු කතා එහෙමත් ලීව නං
    හිහි

    ReplyDelete
    Replies
    1. එක එක්කෙනා අය කරන ගණන් වල වෙනසක් තියෙනවා තමයි. ඇත්ත. වෙලාවකට ඒක අසාදාරණද කියල හිතෙනවා. ඒත් පෙට්ටි කඩෙන් තේ බොන මිනිස්සු අතරෙ තරු හෝටලේකින් තේ බොන මිනිස්සුත් ඉන්න නිසා ඒ වගේ මුදල් වියදම් කරන අයට වැඩි මිලට ඇල්බම් කරන අය ඉන්නවා. තෝරා ගැනීම කරන්න ඕනෙ අපි අතේ තියෙන මුදල අනුව. කාර්ඩ් එකක් ප්‍රින්ට් කරන්න යන මුදලට වඩා වැඩිපුර සුලු මුදලක් අය කරන්න නම් වෙනවා මොකද කාර්ඩ් එක ගේන්න ලැබ් එකට යන කෙනාට වැටුපක් දෙන්න, ගමන් වියදම් දෙන්න, ඩිසයින් කරනවාට දෙන්න අමතර මුදලක් වැය වෙනවා.

      Delete
    2. කාර්ඩ් වල මිල ගැන කියනවා නම් අද වෙනකොට 4" * 8" කාර්ඩ් එකක් රු.35 ඉඳන් රු.100 වෙනකම් මිල වෙනස් වෙනවා තමන් මේ ක්ෂේත්‍රය ඇතුලෙ තියලා තියෙන නම අනුව.

      ඇනුම් බැනුම් නම් ඕනෙ තරම්... ගුටි නම් තාම නෑ... ඒවා ගැනත් ලියන්නම්කො...

      Delete
  3. තව ටික කාලයක් යනකොට, ජෝඩුව අතට දෙන්න පුළුවන් ලස්සන MMS එකක්, ඔක්කොටම යවන්න කියලා.

    ReplyDelete
    Replies
    1. මංගල කලාව කියන්නෙ හැමදාම අළුත් වෙන දෙයක්නෙ. ඉස්සරහට තව මොන මොනවා එකතු වෙයිද දන් නෑ....

      Delete
  4. තව ටිකක් කල් යනකොටනං මොන මගුල් වෙයිද කියලයි බය.
    හැබැයි උඹලා ආඩම්බර වෙන්න ඕනි. මොකද, දැන් කාලේ මංගල්ලයක් කියන්නෙ තනිකර චිත්තරපටියක්. පිටපත, දෙබස්, තිර රචනය, අධ්‍යක්ෂණය, කැමරාකරණය සේරම උඹ අතේ. නිෂ්පාදනය සහ රඟපෑම පමණක් ජෝඩුව අතේ.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා බං. මටත් වෙලාවකට බය හිතෙනවා මේක කොහෙන් නතර වෙයිද කියලා. අහලා තියෙනවද ජපානෙ වෙනම ඇල්බම් එකක් හදනවා කපල් එකේ නිරුවත් ඡායාරූප තියෙන. අනේ අම්මෝ කොහොමද ඕවා ලංකාවටත් බෝ උනොත්...?

      Delete
    2. සහසංවේදනය හෙවත් ෙමාකක්ද ඒක.

      Delete
    3. එහෙනං ගස්ලබ්බත් හොම්බ දිග කැමරාවක් අරගෙන වැඩේට බහිනවා.. අයේ අහන්න දෙයක් නෑ ඔන්න...

      Delete
    4. එහෙනම් මුං හැම එකාම පොටෝ අල්ලන්න පටන් ගනී වගේ....

      Delete
  5. අද කාලේ වෙඩින් එකකට ගිහින් ආවොත් ගොඩ දෙනෙක් අහන්නේ කෝ Thank you card එක කියලා ඒ තරමටම ඒක දැන් අනිවාර්ය අංගයන් වෙලා...

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් කාර්ඩ් එකක් දෙන්නෙ නැති වෙඩින් එකක් නිකන් හරියට පරිප්පු නැති හෝටලයක් වගේ වෙලා..........

      Delete
  6. මම හිතාගෙන හිටියේ මේ ලෝකේ අමාරැව රස්සාව කරන්නෙ මම කියලා.

    ReplyDelete
    Replies
    1. ඉතුරු ටිකත් දාන්නම්කො... එතකොට තේරෙවි පොටෝ අල්ලන එකේ රඟ....

      Delete
  7. ඕක අපේ ෆොටෝග්‍රැපා කොළඹ අවට වෙඩින් වලදි ෆ්‍රී කරල දෙනවා. පිට පලාත්වල ඒවයෙදි ප්‍රින්ට් කරන වැඩේට ක්ලයන්ට් කාව හරි යොදවන්න ඕනෙ. ඒකෙන් ෆොටෝග්‍රැපාගෙ ජාමෙ බේරෙනවනෙ. නැද්ද?

    ReplyDelete
    Replies
    1. කවුරුත් දෙන්නෙ ෆ්‍රී තමයි.... හැබැයි ඉතින් පැකේජ් එකෙන ගාන කවර් වෙනවා. අමතරව ප්‍රින් වෙන ඒවට තමයි වෙනම අය කරන්නෙ.
      පිට පළාත් වල ලැබ් වල ප්‍රින්ට් ගැන සෑහීමකට පත් වෙන්න බැරි වෙන අවදානමෙන් මිදෙන්න තමයි වෙන කෙනෙක් ඕකට යොදවන්නෙ. එතකොට කාර්ඩ් එක ලස්සන නැති උනත් ජාමෙ බේරාගන්න පුළුවන්. ඔය වැඩේ මම නම් කරලා නෑ. බැරිම උනොත් මමම ඔය වැඩේට යනවා ලැබ් එක අවුල් වගේ නම්.

      Delete
  8. මං අහලා තියෙනවා මනමාලිගේ මල්ලි කෙනෙක් හෝ අයියා කෙනෙක් අතේ චිප් එක යවන කථාවක්. වැඩි පරිස්සමට.. මට මතකයි යාලුවෙක්ගෙ වෙඩින් එකකදී මනමාලිගේ ලොකුවට පේන පොටෝ එකක එයාගේ ඇස් පිහාටු අර්ටිෆිසල් ඒවා බාගෙට ගැලවිලා කියලා හොඳට පේන කොටසක් දැකලා ,මනමාලි ඒ වෙලාවේ ඉදන් මුණ පුළුටු කරන් හිටියේ,, හැමෝටම අප්සට් ටික ටික.

    ReplyDelete
    Replies
    1. අම්මෝ මම නම් අපෙ යන එකෙකුට ඇරෙන්න වෙන කාටවත් නම් චිප් එක දෙන්නෙ නෑ. මගෙ යාලුවෙක්ගෙ චිප් එකක් නැති කලා මනමාලියෙකුගෙ මල්ලියෙක්ම.
      ගොඩක් වෙලාවට බියුටි කචල් කරන උන්ගෙ වැරදි (බියුටි කල්චර් කරන අයගෙ නෙවෙයි) පවා අපෙ පිටින් යන්නෙ. හැමෝම හිතන්නෙ ෆොටෝශොප් වලින් හැම දෙයක්ම කරන්න පුළුවන් කියලා. එක පාරක් මනමාලිගෙ තාත්තා බනිනවා මනමාලිගෙ කට ලොකුයි කියලා අපි ඒක කම්පියුටර් එකට දාලා අඩු කරලා නෑ කියලා. ඒ වෙලාවෙ නම් කටට ආපුවා නොකියා සද්ද නැතුව ඉවසගෙන හිටියා කරන්න දෙයක් නැතුවට.

      Delete
    2. හි හි මනමාලිගේ කට ලොකු කතාව ට හිනා ගියා, ඒත් ඔයාලට ඕවා සාමාන්‍ය අත්දැකීම් වෙලා ඇති දැන්

      Delete
    3. ඔව් ඔමා.. දැන් අපිට ඕවා අහලා දැකලම හරියට කම්මලේ බල්ලට හෙන ගහනවා වගේ.... (ඒත් ඌට වලං සෝදන සද්දෙ නම් ඇහෙනවලු... :D)

      Delete
    4. මනමාලයගෙ අම්මට කිවුවනං කඩ පොඩි කරල දෙයි ලස්සනට කියල කියන්න තිබුණෙ.

      Delete
    5. ඒකනම් පස්සෙ වෙන්න ඇති.... :D

      ඒ වෙලාවෙ නම් කියන්න ඕනෙ ඒව ගොඩක් මතක් උනා. ඒත් ඉතින් ඉවසන් ඉන්න වෙනවනේ.

      Delete
  9. "ඔය අස්සෙ ෆොටෝග්‍රැෆි දන්නව කියලා හිතාගෙන ඉන්න එකෙක් ඇවිත් හිටියොත් තමන් මේ ගැන හොඳට දන්නවා කියලා පෙන්නන්න කපල් එක ලඟට ගිහින් කාර්ඩ් එකේ අඩු පාඩු තියෙනවා කියලා පෙන්නන්න හදනවා"

    ඕක තමයි හැම ක්ෂේත්‍රයකම තියෙන නරකම වැඩේ, අයි යකෝ දන්නවනම් කරපියව්කෝ අඩු පාඩු කියන්න විතරක් එන්නේ

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි ඉවාන් ඒ වෙලාවට නම් හිතෙනවා කැමරාව දීලා උඹම ගහගනින් කියන්න. ඒත් ඒ වගේ තැනක ඒක කරන්න බැරි නිසා ඉවසගෙන ඉන්නවා. කරදරයක්ම උනොත් නම් මනමාලයට හිමින් කියනවා උදේ ෆොටෝ ටික අරන් ඉවර වෙනකම් ගෙදර කට්ටිය ඈතකට යවන්න කියලා.
      ඒ උනාට ස්ටුඩියො තියෙන නමක් තියලා තියෙන ෆොටෝග්‍රැෆර්ස්ලා වෙඩින් වලදි ඇවිල්ල තියෙනවා කිසිම වෙලාවක තමන් එහෙමයි කියලා අඟවලාවත් නෑ. හරියට දන්න කෙනා සද්ද නැතුව ඉන්නවා. බාගෙට දන්න උන් තමයි උඩ පනින්නෙ. පිරුණු කළේ හෙලවෙන්නෙ නෑ වගේ තමයි.

      Delete
    2. ඔය වැ‍ඩේ මොන ‍ක්ෂේත්‍රයටත් පොදුයි. හොඳට වැඩ දන්න එකා ප්‍රසිද්ධියෙ වෙන එකෙක්ගෙ අඩුපාඩු පෙන්නල දෙන්න යන්නෙ නෑ. යන්තං අතපත ගාල තියෙන එකා තමයි පොර වෙලා දඟලන්නෙ.

      Delete
    3. මොන වැඩේ කරන්න ගියත් ඔහොම උන් නම් ඕනෙ තරම් ඉන්නවා.

      Delete
  10. 2001 අවුරුද්දේ තිබුන අපේ අක්කාගේ වෙඩිමෙදි තෑන්ක්ස් කාර්ඩ් එකේ ප්‍රින්ට්වෙලා තිබුනේ wediding කියලයි.අපි කවුරුත් ඒක වැඩිය ගනන් ගත්තේ නෑ.ඒ කැමරා ශිල්පියා තමන්ගේ කාර්යය ඕනෑවටත් වඩා හොඳට (එම කාලය හා සාපේක්ශව )කරමින් සිටිය නිසා ඔහු බොහොම හිතවත්ව හිටියා අපි හැමෝත් එක්කම.ඒත් වෙඩිමට ආපු අපේ ගෙවල් ලඟ ඇන්ටි කෙනෙක්ගේ වැඩේමවුනේ වෙඩිමට ආපු හැමෝලඟටම ගිහින් එයාගේ ඉංග්‍රීසි දැණුම පෙන්වන්න ඒක පෙන්න පෙන්න කියවපු එකයි.එදා දවසේ බයිට වුනේ ඒ ඇන්ටයි.

    කොහොමත් හැම තැනකදීම ප්‍රවීනයාට වඩා කැපී පෙනෙන්න හදන්නේ භාගෙට දන්න එවුන් තමයි....

    ReplyDelete
    Replies
    1. මටත් සැරයක් ඔහොම උනා බං. දිනේ දාලා තියෙන තැන nd වෙනුවට වැරදිලා th දාලා කාර්ඩ් එක ඩිසයින් කරපු කෙනා. කාටවත් ඕක මීටර් උනේ නෑ. ඒත් වෙඩින්ග් එකේ හිටපු ඉංග්‍රීසි සර් කෙනෙක් ඕක දැකලා මනමාලයාටයි අනික් අයටයි පෙන්නලා. මනමාලයා අපි ලඟට ඇවිත් අර සර්ට බනිනවා වැඩකට නැති දේවල් හොයනවා කියලා. th දාපු එක වැරදී තමයි. ඒත් ඔය වගේ වෙලාවක ඔහොම හැසිරෙන එකෙන් වෙන්නෙ තමන්ම කොන් වෙන එක.

      Delete
    2. අපොයි..අපේ පියාත් පොටෝග්‍රැපි කෙනෙක් නිසා ගොඩාක් දවස්වලට ඔය ගෝල වැඩේට මාත් යනවා.රටවටේ දන්නැති පලාත්වලට ගියාම ලැබ් හොයන එකේ පටන් මරු කට්ටක් කන්න තියෙන්නෙ ගෝලයාටත්.

      Delete
    3. ඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ. දැන් නම් ටිකක් හොඳයි. ඉස්සර හැම තැනම ලැබ් නෑනෙ. කොහොමද ඒ කාලෙ...?

      Delete
  11. යකෝ තැංකිව් කාඩ් එකක් නැත්තං කොහොමෙයි ඔප්පු කොරන්නෙ මේ වෙඩිමට ගියාමයි කියලා.ඒවා පිලිවෙලට අදාල පාර්ශව වලට බාරදෙන්න ඕනෙ.
    දැං ඉන්න ඈයො අපි ඉස්සර මුද්දර එකතු කොලා වගේ ඔව්වත් එකතු කොරනවා.. හොඳම මාකටිං පාරක් තමයි ඕක.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත තමයි. ඕක නැත්තන්ම් වෙඩිමට ගියෙ නෑ වගේ. එන උන්ටත් කන්න බොන්න දුන්නෙ නැතත් කමක් නෑ ඕක අතට දෙන්න ඕනෙ.

      Delete
  12. අද තමා මම ආපු පළවෙනි දවස. කියන්න පඬි ටෝක් මුකුත් මතක් වෙන්නේ නෑ කියන්න එකම දෙයක් හා අහන්න එකම දෙයක් ඇර.

    කියන්න ඇති දේ: ඔය කාඩ් එක ගහනකොට සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් හෝ ටෙක්ස්ට් ඇතුලත් කරනවානම් අක්ෂර වින්‍යාසය හරිද කියලා කීපවතාවක් පරීක්ෂා කරලා සැකහැර දැනගන්නවා නම් නම්බුව බේරෙනවා.

    අහන්න ඇති දේ: ලංකාවේ වෘතීය ඡායාරූප ශිල්පියෙක් වෙන්න හිතං ඉන්න කෙනෙකුට තියෙන එකම විකල්පය ඔය ජනප්‍රිය ප්‍රවීනයන්ගෙ පෞද්ගලික පන්තියකට ගිහින් ඉගෙන ගන්න එක විතරද? එහෙම නැතුව ජාත්‍යන්තරව පිළිගන්න වෘතීය මට්ටමේ පාඨමාලා නැද්ද?

    ReplyDelete
    Replies
    1. මේ පළවෙනි දවස නෙවෙයි. කලින් මේ බ්ලොග් එකට ඇවිත් තියෙනවා...

      කාර්ඩ් එකේ සාම්පල් ප්‍රින්ට් එකක් ඇරගෙන අකුරු හරිද කියලා හැම වෙලේම බලනවා. ඒත් සමහර වෙලාවට යන කෙනා අළුත් නම් හරි ලැබ් එක ඇතුලෙ වැඩ ගොඩක් වැඩී නම් හදිස්සියට කලාතුවකින් වැරදීම වෙනවා. ඒ උනත් ඒක සමාවට කාරණයක් නම් නෙවෙයි.

      පුද්ගලිකව මම නම් පාඨමාලාවක් හදාරලා නම් නෑ. දැනට අවුරුදු අටක නවයක පලපුරුද්දයි හැකි සෑම විටම කාගෙන් හරි (අළුත් පරණ ඕනෙ කෙනෙකුගෙන්) නොදන්නා දේවල් අහගෙන තමයි ඉගෙන ගත්තෙ. පෞද්ගලික පන්තිම යන එක විතරක් නම් නෙවෙයි ජාත්‍යන්තරව පිලිගත්තු පාඨමාලා ලංකාවෙ තියෙනවා. කැලණිය විශ්ව විද්‍යාලයේ, ඡායාරූප සංගමයේ, වෘත්තීය නිපුනතා විද්‍යාල වල පිලිගත් පාඨමාලා තියෙනවා. දැනට NVQ level 4 දක්වා හදාරන්න පුළුවන්.

      Delete

 
 
Blogger Templates