Pages

Sunday, January 17, 2016

පෝස්ට් හොරෙක් වීම.....

         අද පෝස්ට් කරන්න හිතන් හිටපු එකත් පැත්තකට දාලා මේක කොටන්න හිතුනේ ගිය පාර පෝස්ට් එකට ඊයෙ දාලා තිබුණු කමෙන්ට් දෙකක් දැක්කට පස්සෙ. ඔන්න පහලින් තියෙනවා ඒ කමෙන්ට් දෙකේ ස්ක්‍රීන් ශොට් දෙකක්.

        ඒ කතාව නිසා සුදීක අයියගෙ හිත් වේදනාවක් ඇති උනා නම් මුලින්ම මං ඒ ගැන සමාව ඉල්ලනවා. මොකද එහෙම දෙයක් කරන්න අදහසක් මගෙ හිතේ තිබුණේ නැති නිසා. ඒ වගේ කතාවක් සුදීක අයියගෙ බ්ලොග් එකේ ලියලා තිබුණා කියලා දන්නවා නම් එක්කො මං ඔය කතාව ලියන්නෙ නෑ. නැත්නම් ඒ ගැනත් සඳහන් කරලම ලියනවා.

       මේ කතාව මං ලිවුවෙ ඇත්තටම එහෙම දෙයක් සිද්ද වෙලා තියෙන නිසාත්, ඒ කතාවට මූලික වෙච්චි කෙනා අල්ලපු ගමේ තාම ඉන්න නිසාත් ඒ සිද්දිය ගැන අපෙ ගම් වල බහුතරයක් දෙනා දන්න නිසා. ඔය කියන කෙනා කතාව ලියන්න දවසකට දෙකකට කලින් බස් එකේදි බිරිඳයි දරුවයි එක්ක ඉන්නවා දැක්කට පස්සෙයි මට ඕක මතක් උනේ. ඒ නිසා ඒ කතාව මං කාගෙන්වත් කොපි කරලා හොරකම් කරලා කියපු දෙයක් නොවෙන බව සහතික කරන්න පුළුවන්.

       මං මේ බ්ලොග් එක පටන් ගත්තු දවසෙ ඉඳන් නම ගම ඇතුව මූනත් දාගෙන ලියන්නෙ. ඒ මේකෙ ලියන දේවල් බොරු කියලා කාටවත් කියන්න බැරි වෙන්න. මං ගැන දන්න උන්, අපෙ ගම් වල උන්, එකට ස්කෝලෙ ගිය උන් මේක කියවනවා. ඒ හින්දා බොරු ලියන්න බෑ.

   සුදීක අයියගෙන් ආපහු සැරයක් සමාව ඉල්ලනවා මේකෙන් හිත රිදුනා නම්....

   ප්‍රසන්න, විචාරක, ඩ්‍රැකී, උඹලටත් මං හින්දා දොස් අහන්න උනා නම් සමවෙයල්ලා...

        මේ තියෙන්නෙ අපෙ ඇනෝ මහත්තයෙක් තුන් සැරයක්ම දාලා තියෙන කමෙන්ට් එක. මේ ගැන නම් කියන්න තියෙන්නෙ "ගඳේ බෑ කියලා..." විතරයි...

16 comments:

  1. FCID එකට කොම්ප්ලේන් එකක් දැමිය යුතුය.

    ReplyDelete
  2. සුදීකයියා... ඔය පෝස්ට් ඔක්කොම මතක තියාගෙන ඉන්න තරං මෙමරි කැපෑසිටි එක භාවිතා කරන්න පුලුවං කමක් නෑ. ඒ හින්ද සොරි වෙන්න ඕන.

    ඇනෝ මොකා උනත්... අතින් වියදං කරගෙන බිල් ගෙවාගෙන ඇවිල්ල මුං ලවුව මගේ පිට කහගන්නවට වැඩිය ලේසි ක්‍රම තියෙනව පිට කහගන්න. හැක්..

    ReplyDelete
  3. සුධීක, ඇත්තටම මට එහෙම මතකයක් ආවෙ නෑ. මට මතක් උනේ අපේ ඉස්කෝලෙ හිටපු ටියුඩර් කියල එකෙක් සැලළිහිනි පැටවු ගන්න ගහකට නැගල ගැරඩියෙක් අල්ලපු විදිහ.
    මෙහෙම වෙන්නෙ ඔය වගේ කතාකරන අයට හැමතැනම හදල තියෙන්නෙ එකම කතාව, ඕව ඇත්තටම වෙච්චි දේවල් නෙමෙය, ඒක හින්ද ඒ කතාව ප්‍රදේශයට අදාලව ලියවෙන්න පුළුවන්.
    තව එකක, කැමාලගෙ ගෙදර ගිහින් රා බීල කැමාට ගහන්න මේක අවස්ථාවක් කරගන්නත් පුළුවන් .

    ReplyDelete
  4. එක සිද්ධියක් මත පදනම් වෙලා එකම කතාවේ පොඩි පොඩි එඩිශන් රට පුරාම තියෙනවා.නිකමට බලන්නකො ඔය මෝඩයින් ඉන්න ගම්මාන ගැන කතා.(උඹලගෙ ගමම ගමුකො.)මිනිස්සු කරන්නෙ අර පොදු කතාව ඒ ලක්ෂන තියෙන කෙනෙක් හමු උනාම ඔහුට ආදේශ කරලා තමුන්ගි කරගන්න එක.අර කම්මලයත් කියල තියෙන්නෙ.
    බ්ලොග් වල හැමතැනම අය ඉන්න නිසා එකම කතාව පොඩි වෙනස්කම් එක්ක ලියවෙන්න චාන්ස් එකක් තියෙනවා.රසිකොලොජි හිටිගමන් ලින්ක් දාන්නෙ පොදු මාතෘකාවක් ලැබුනම ඒ ගැන කකා ලියපු හැටි හරි රසිකොලොජියෙ තිබුන හැටි.ගස්ලබ්බත් ඒ වැඩේ සමහර වෙලාවට කොරනව.වැඩිය ලියල නැති නිසා වැඩිය දාන දෙයක් නෑ.
    මේක හෙන සරල සැහැල්ලු දෙයක්...
    මූණ සෝදලා නම් ඉන්නෙ වරෙන් උම්ම එකක් දෙන්න.. හෙහ් හෙහ් හෙහ්..
    ජයවේවා..!!

    ReplyDelete
  5. "ගඳේ බෑ කියලා..." බොලේ හැබැට යසන්ත ඇවිල්ලා නිකම් ලිපිය විතරක් නොව්යිනේ හොරකම් කරලා තියෙන්න අනුන්ගේ "ගුත් හොරකම් කරලනේ එකනේ මේ ගඳේ බැ කියලා ලියලා තියෙන්නේ යකඩො දැන් අනුන්ගේ ගුත් හොරකම් කරනවද

    ReplyDelete
  6. අර කැමා ස්ක්‍රීන් ෂොට් දාල තියෙන ඇනෝ ට කියන්ඩ තියෙන්නෙ ඉතිං පාංකිරිතා කෑඳැත්තට කියපු දේ තමා...

    ReplyDelete
    Replies
    1. "ජරමර අස්සේ මං
      නටමී රෙංගත රෙංගත දොං"

      Delete
    2. ඩ්‍රැකී ඇනෝ ට කියන්ඩ කහපන් මචං මගේ පිට ...එකවල්ලේ පොල් නේ

      Delete
    3. සිංදු ඇනෝ,
      කොහෙන්ද බං ඒ සිංදුව? ලිංක් එකක් නැද්ද (සුපුරුදු විදිහට?)

      ඇනෝ,
      "අනුං කොරන එක විව්‍ෙචනය කර කර ඉන්නවට වඩා
      තමුං දන්න දේ හරියට කොරපං කියලා කීය හඬා..."

      මට මතකයි එක්තරා ඇනොවෙක් ඔය පිට කැහිල්ල ගැන කියෝ කියෝ කාලයක් තිස්සෙ මහ වෙදන පස්සෙං ගියා...

      Delete
    4. ටැංකිව් සිංදු... උඹ නං දෙයියෙක්...!

      Delete
  7. කලාතුරකින් හෝ මේ වගේ සිදුවීම් තැන් කිහිපයක සිදුවෙන්න පුලුවන් වෙන්න පුලුවන් දේවල් කොහොමත් මේ වගේ තව පෝස්ට් එකක් කොහේ හරි පල වෙලා තියෙනවද කියලා පෙරලා බලන්නත් බැහැනේ. ලොකුම අමාරුව තියෙන්නේ අනෝලාට තමයි. උබට හයිලයිට් කරලා බලන්න තමයි මූ කොමෙන්ට් 3ක්ම දාලා තියෙන්නේ.

    ReplyDelete
  8. අනේ බන් ඕවා මොනාද ?.....කොහොමින් හරි දැන් එකම කතාවේ වර්ෂන් දෙකක් කියෙව්වානේ ...

    එක මඟ යන සොහොයුරන් වෙමු අපි ජීවිතේ
    කැටිවුණු අඳුරේ දෙපයින් යන්නෝ
    සසලවු සුළඟේ රැය දිව යන යාමයේ
    උහුලනු බෑ පාළුයි
    කෝ.... ඕ.... ළඳුන්
    කෝ.... ඕ.... ළඳුන්
    ඉඳහිට එන මගියෙක් විමසයි යම් තැනක්
    දන්නෙමි එය
    ගෙනයමි ඔහු මම කෙටි දුරක්
    ආපසු එන ගමනේ
    සෙබළුන් මොර දිදී විමසයි මගෙ ජාතිය
    රළු බසින්
    රළු බසින්
    පියපත් විදහා යමි මම දැන් නිදහසේ
    මුහුදක් සේ ගැඹුරුයි මට දැන් ජීවිතේ
    පියපත් නැති කවුරුද ඉන්නේ මාවතේ
    කඳුළක් ගෙන දෝතට දෙන්නෙමි හදවතේ
    අළුයම සිහිලැල් පිනි කඳුළින් නෙත් තෙමා
    හිම සුණු අතරේ ඒ මාවත දිස්වේ
    පැහැබර කළ මැන ඒ ලොව දෙතොළින්
    ගීයක් පුදදෙමි ඔබ වෙනුවෙන්

    ගායනය – ප්‍රදීපා ධර්මදාස සහ ලක්ෂ්මන් විජේසේකර
    පද රචනය - කපිල කුමාර කාලිංග
    තනුව හා සංගීතය - සේන වීරසේකර

    ReplyDelete
  9. ඔන්න මම දැන් සුධිකගේ පෝස්ට එකටත් ගිහින් කතාව බලලයි ආවේ.පුංචි පුංචි වෙනස්කම් තිබෙන එක වගේ කතා බොහෝමයක් තිබෙනවා.මගේ පෝස්ට් වල තිබුන පාසලේ රසකතා වලත් එහෙම සමාන ඒවා තිබුනා.අනික මේක නම් මොකක්ද බං.නොලිය ඉන්නවට වඩා ලියන එක වටිනවා.

    ReplyDelete
  10. නිර්නාමිකයන් සමග ගනුදෙනු නැත.

    ReplyDelete
  11. එක වගේ මිනිස්සු දෙතැනක ඉන්න පුළුවන් නම් අපි එක වගේ කතාවක් දෙපැත්තක උනා කියලා හිතමු. සුදීක අයියා මේක ඒ තරම්ම ලොකුවට හිතන එකක් නෑ කියලා හිතනවා.

    ReplyDelete

 
 
Blogger Templates