Pages

Sunday, August 9, 2015

හොර දෙයියයි හුළුඅත්තයි...............





((( ටිං ටොං ටිං... කැ.එ.ලෝ. ඔබ වෙත ගෙන එන හුළුඅතු කතා කැසට් පට අංක තුන... ගරු දේශකයාණෝ අලවතුරේ මම..... ටිං ටොං ටිං... )))




කවි බණ කැසට් එකක ඉන්ට්‍රො එකක් මතකෙට ආවා එක පාරටම. මේ තමයි හුළුඅතු ගැන කියන අන්තිම කතාව. ඔන්න මේකට නම් මං බැනුම් අහන්නෙ නෑ කාගෙන්වත්. මොකද මේක අසමජ්ජාති වැඩක් නම් නෙවෙයි. මං පොඩි දවස් වල අප්පච්චි එක්ක එකතු වෙලා කරපු ටිකක් විතර කුප්ප වැඩක්. එතකොට මං ඉස්කෝලෙ හත වසරෙ විතර ඇති. අප්පච්චි නැති වෙන්න අවුරුදු දෙකකට විතර කලින් තමයි මේ වැඩේ කලේ. ඒ දවස් වල අපෙ ගම මොන වගේද කියලා මහසෝනගෙ පෝස්ට් එකෙන් කියපු නිසා ආයෙ විස්තර කරන්න ඕනෙ නෑනෙ. ඒ විස්තරේට තව පොඩි දෙයක් එකතු කරන්න තියෙනවා මේ ගැන කියන්න කලින්.


කලින් පෝස්ට් එකේදි කියපු බණ මඩුව කිට්ටුවෙන් පටන් ගන්න පන්සලේ ඉඩම අයිනෙන් උඩහට යන්න පොඩි අඩි පාරක් තිබුණා. ඔය පාර ගෙවල් කිහිපයකට යන්න තිබුණු ශෝට් කට් එකක්. ඒ දවස් වල ගෙවල් තුන හතරයි තිබුණෙ ඔය හරියෙ. වටේ තිබුණු වතු නිසා ටිකක් පාලු ගතියකුත් තිබුණා. දැන්නම් ගෙවල් ගොඩක් තියෙනවා. පාරත් ඩෝසරයක් දාලා කපලා ලොකු කරලා තියෙන්නෙ. ඉතින් ඔය අඩි පාර අයිනෙන් ඒ කඳු ගැටේ මුදුනට වෙන්න පරණ බෝ ගහක් තිබුණා මහ විසාලෙට හැදුන. අර කලින් කියපු බෝ ගහ නෙවෙයි මේ තව එකක්. මේ බෝ ගහ තිබුණෙත් ලොකු ගලක් උඩ. පන්සල් ඉඩම ඇතුලෙ බෝධිය හැදෙන්න කලින් ගමේ අය ඉස්සර ඔය බෝධියට තමයි මල් පහන් පූජා කරලා තියෙන්නෙ. ඉතින් ගමේ අය ඒ දවස් වල විශ්වාස කරලා තියෙනවා ඔතන ගලේ නිධානයක් තියෙන නිසා ඒක ආරක්ෂා කරන්න බහිරවයෙකුයි ලොකු නයෙකුයි ඉන්නවා කියලා. පස්සෙ කාලෙක ඔය බෝ ගහ මැරිලා ගියා.


ඔන්න දැන් කතාවට එනවා. ඒ දවස් වල හිටපු ගමන් ගමට ආවා කොහෙද යන ආතක් පාතක් නැති එකෙක්. ආවෙ කොහෙන්ද කොහෙ ඉදන්ද කියලා කවුරුවත් දන්නෙ නෑ. එතකොට වැඩිය කලබල තිබුණු කාලයකුත් නොවෙන හින්දා ඕක එච්චර අවුලක් උනෙත් නෑ ගමේ අයට. මේ යකා ගමේ අයට කිවුවෙ දේව බලෙන් සාස්තර කියන අංජනම් බලන එකෙක් කියලා. මූ ආපු ගමන්ම ගමේ තියෙන ගෙවල් ගානෙ ඇවිදලා මුගෙ පුරාජේරුව ගැහුවා. කොහොම හරි ඕකට ගමේ උන්දලා ටිකකුත් රැවටිලා දවස් දෙක තුනකින් මූව ඔළුව උඩ තියා ගත්තා. ඔවට ඉක්මනට අහුවෙන උන් කොහෙත් ඉන්නවනේ. ටික දවසකින් මූට වඳින පුදන සෙට් එකක්ම එකතු කරන් අංජනම් බලන්නත් ලෑස්ති උනා. අර මං කලින් කියපු ගෙවල් වලින් එකක තමයි මූ නතර උනේ. ඒ ගෙදර ඔක්කොම ටික මූට වශී වෙලා වගේ හිටියෙ.


කොහොම හරි ගමේ කොටසකට තේරුනා මූ කරන්නෙ බොරුවක් කියලා. ඇයි ඉතින් මුගෙ කයිය විතරයි වැඩ නෑනෙ. අප්පච්චි නම් මේකව දැකපු දවසෙම කිවුවා මූ නම් අමු හොරෙක් කියලා. අපෙ දිහාට පොර එන්න ආපු දවසෙ අප්පච්චි ඌට ගෙදරට එන්න දුන්නෙත් නෑ. ඔය හේතුව නිසා මූ අප්පච්චිට බැනලා තිබුණා උගෙ අනුගාමිකයො සෙට් එකත් එක්ක. අපිට හොඳ වැඩක් කරනවා කියලා පාරම් බබා ඉඳලා තියෙනවා උන් එක්ක. කොහොම හරි පොර නතර වෙලා හිටපු ගෙදර උනුත් අපිට කතා නොකර හිටියෙ උන්ගෙ දෙයියට බැන්නා කියලා.


දැන් මූ ගමට ඇවිත් සතියක් වගේ ඇතුලත තමයි මේ සේරම උනේ. ඉතින් ඔන්න මූ අර මූට රැවටුනු සෙට් එකත් එකතු කරගෙන අර ගෙදර පූජාවක් කරන්න ලෑස්ති උනා. අර මහා බැතිමත්තු ටික ඒ දවස් ටිකේ පන්සල පැත්ත බලන්නෙවත් නෑ. ඒ තරමට අරූට රැවටිලා හිටියේ. උන් ටික දැන් ගම පුරාම කියලා තව කට්ටිය එකතු කරගෙන ඔන්න පූජාවට ලෑස්ති වෙනවා. අර ගෙදර උන් බරටම වැඩ. මල් ජාති, ගොක් අතු, පූජා බඩු තව ඕනෙ කරන ජාති හොයනවා, කෑම ජාති හදනවා, ඔය වගේ වැඩ ගොඩයි. තව ඉතින් අපිව දැක්කාම රවනවා, බිමට කෙල ගහනවා වගේ ඒවත් වෙනවා.


ඔන්න ඉතින් පූජාව තියෙන දවසත් අවා. කට්ටියම එකතු වෙලා අර ගෙදර පූජාවට ලෑස්ති කරනවා. ගම පුරා ආයෙම යනවා කට්ටිය එකතු කරන්න වගේ වැඩ. ඉතින් ඔහොම ගිහින් හවස් වේගෙනත් අවා. අපිට පේනවා එකා දෙන්නා සුදු ඇඳගෙන අර පාර දිගේ උඩහට යනවා. ඉතින් රෑ 7.30 ට විතර අප්පච්චි මාවත් අඬගහගෙන අරහෙ මොකද වෙන්නෙ කියලා බලමු කියලා කැලෑ පාරකින් උඩහට ගියා. ඒ දවස් වල ඒ හරියෙ ගෙවල් වලට කරන්ට් එක අරන් නෑ. ඉතින් ලාම්පු තමයි පාවිච්චි උනේ. අනික ඒ වටේ තිබුණු වතු වල කලෑ වැවිලා නිසා හොඳටම කළුවරයි. අපි දෙන්නා ගේ ලඟටම ගිහින් බලාගෙන හිටියා.


අර ගෙදර ඉස්සරහ පැට්‍රෝල්මැක්ස් ලාම්පුවක් පත්තු කරලා නිසා වෙන්නෙ මොනාද කියලා හොඳට පේනවා. මිදුලෙ ලොකු මල් පැලක් හදලා, ඒ ලඟින්ම තට්ටුවක් ලඟ අර හොර දෙයියා සුදු සරමක් ඇඳගෙන රතු පටියකුත් බැඳගෙන ඔලුවෙ සුම්බරේකුත් බැඳගෙන වාඩි වෙලා මොනාදෝ කියවනවා. ඒ ලඟටම වෙලා අර ගෙදර එකෙක් දුම් කබලකුත් තියාගෙන කොට්ටෝරු වැඩේ කරනවා. ගමේ උන්දැලා ටික වටේට ඉඳගෙන වැඳ්ගෙන ඉන්නවා. ටිකක් වෙලා අරූගෙ යාතිකාව අහගෙන හිටපු අප්පච්චි රහසෙන් කියනවා "යකෝ අරූ මේ තාලෙ වෙනස් කරලා හින්දි සින්දුනෙ කියන්නෙ" කියලා. ඊට පස්සෙ "යමුකො පොඩි වැඩක් කරන්න" කියලා මගෙ අතින් අල්ලගෙන අපි හිටපු වත්තෙ වැට අයිනට ගිහින් කලුවරේ මොනාද අරගෙන ආවා.


මෙන්න බොලේ අප්පච්චි අරන් ඇවිත් තියෙන්නෙ අඩි 7 ක් විතර උසට බැඳපු හුළුඅත්තක්. නිකන්ම හුළුඅත්තක් නෙවෙයි හුළුඅතු රාජයෙක්. එක විතරක් නෙවෙයි ඉස්සර තිබුණු ලොකු කිරිපිටි ටින් එකක අඩියෙ මැද්දෙන් හිලක් විදලා තැනින් තැන ගැට දාපු නූලක් තියෙන භාණ්ඩෙකුත් තියෙනවා. මේ රූපෙ තියෙනවා වගේ තමයි ඒක හදලා තිබුණෙ. සමහරු නම් දන්නවා මේ මොකක්ද කියලා. ඔය නූල බූමිතෙල් වලින් පොඟවලා එක අතකින් ටින් එක අල්ලගෙන අනිත් අතේ ඇඟිලි දෙකකින් තද කරලා නූල දිගේ ඇද්දාම ටින් එකෙන් එන්නෙ මහ භයානක මූසල සද්දයක්. ඒ සද්දෙ ඇහෙනකොට ඔළුව පිටිපස්සෙ කෙස් කෙලින් වෙලා ඇඟ හිරිවැටෙනවා. ඒ තරම් මූසල සද්දයක් තමයි ඈතට ඇහෙන්නෙ. අප්පච්චි මේ දෙක කලින්ම ලෑස්ති කරලා වැට අයිනෙ තියලා.


ඔන්න ඉතින් අපි දෙන්නා ආපහු අර ගේ ලඟින් තමයි බෝ ගහ තියෙන තැනට ගියෙ. ඒ යන ගමන් අරුන් ටික ඉන්න මිදුලට වැලි අහුරු දෙක ගැහුවා. ඒ ටික සර සර ගාලා මිදුලට වැටුන ගමන් අරූගෙ යාතිකාව නතර උනා. අර හිටපු උනුත් බය වෙලා වගේ ඔන්න වට පිට බලලා කට්ටිය තව ටිකක් අරූ ලඟට කිට්ටු උනා. ඊට පස්සෙ ටිකකින් ආයෙත් යාතිකාව පටන් ගත්තා. හැබැයි ඉස්සරවෙලා තරම් සද්දෙ නම් නෑ දැන්. ඔය අස්සෙ අපි දෙන්නා අර දෙකත් අරගෙන බෝ ගහ ලඟට ගියා. එතන ඉඳන් බලද්දි අර ගෙදර මිදුල හොඳට පේනවා. එතන තිබුණු පොඩි ගහක අත්තක් උඩින් මාව වාඩි කරපු අප්පච්චි අර හුළුඅත්තත් අරගෙන අඩි පාර දිගේ පහලට ගියා. ඒ යන්න කලින් මට කිවුවා අප්පච්චි පහලට ගිහින් හුළුඅත්ත පත්තු කලාම අර ටින් එකෙන් සද්ද කරන්න කියලා.


දැන් තමයි සෙල්ලම පටන් ගන්නෙ. අප්පච්චි ගිහින් ටික වෙලාවකින් මං දැක්කා හුළුඅත්ත පත්තු කරනවා. ඔන්න ආවා මගෙ වාරෙ. අර ටින් එක උඩහට අල්ලගෙන ඇද්දා නේද නූලෙන්. අනේ අම්මේ ඒකෙ සද්දෙට අහන උන්ගෙ විතරක් නෙවෙයි මගෙත් ඇඟේ මයිල් කෙලින් උනා. මං ඕක සද්ද කලේ අර ගේ දිහා බලාගෙනමයි. ඒ සද්දෙ ඇහුනා විතරයි අර මිදුලෙ හිටපු උන සේරම ඉද්ද ගැහුවා වගේ නැගිට්ටා. ඕක්කොටෝම කලින් නැගිට්ටුනේ අර හොර දෙයියට. දැන් සේරම බෝ ගහ පැත්ත බලාගෙන. මම තව පාරක් සද්දෙ දැම්මා. මෙන්න යකෝ එක පාරටම අර හුළුඅතු රාජයා ඔළුවට උඩින් අල්ලගෙන ඔලිම්පික් පදක්කම අරන් පිට්ටනිය වටේ දුවන එකෙක් වගෙ අර අඩි පාර දිගෙ උඩහට අප්පච්චි දුවගෙන එනවා. මට ඕක දැක්කාම මතක් උනේ නැට්ට ගිනි ගත්තු හනුමන්තා ලංකාව පුරා දිවුවයි කියන එක.


ඕක දැකලා හිනාවෙලා ගහ පල්ලෙ පෙරලෙන්නෙ නැතුව යන්තම් ගහ බදාගෙන මම තව පාරක් සද්දෙ දැම්මා. අප්පච්චි බෝ ගහ ලගටම ඇවිත් ගහ වටේ ගිහින් ආපහු පහලට දුවනවා. අප්පච්චිගෙ උසයි හුළුඅත්තෙ දිගයි එක්ක අඩි 15 ක් විතර උඩින් තමයි ගින්දර ගුලිය යන්නෙ. අර ගෙදර උන්ට පේනවා ඇත්තෙ ලොකු එලියක් එක්ක කලු පාට රූපයක් කන්ද දිගේ දුවනවා වගේ වෙන්න ඇති. උන් ඔක්කොම එක රොත්තට ගුලි වෙලා අර හොර දෙයියව වට කරගෙන බෝ ගහ පැත්ත බලාගෙන ඉන්නවා. කන්ද පහලට ගියපු අප්පච්චි ආයෙත් උඩහට දුවගෙන එනවා. මං සැරින් සැරේ සද්දෙ දානවා. ආපහු ගහ වටේ කැරෙකෙන අප්පච්චි ආයෙත් පහලට දුවනවා. දැන් නම් අරුන් හොඳටම බය වෙලා වගේ ගෑනු දෙන්නෙක් බිම වැටිලත් එක්ක. අප්පච්චි ආපහු උඩට ඇවිත් බෝ ගහට මුවා වෙලා හුළුඅත්ත නිවලා දැම්මා එක පාරටම. ඊට පස්සෙ අර ටින් එක මගෙන් ඉල්ලගෙන එක දිගටම සද්දෙ දාගෙන ගියා අමුතු විදිහට. එ සද්දෙ නම් අහගෙන ඉන්නම අමාරුයි.


මේ සද්දෙ ඇහෙන්න ගත්තා විතරයි අර හොර දෙයියා එක පාරටම ඉන්න උනුත් පෙරලගෙන අර මල් තට්ටුවත් විසික්කගෙන ගෙට දුවගෙන ගියා. ඒ ගමන්ම මිදුලෙ හිටපු උනුත් ඔළු හැරුනු අතේ දුවන්න ගන්නවා පෙනුනා. අනේ ඉතින් අපි දෙන්නා හිමින් සැරේ ආපහු අර වත්ත දිගේ පහලට බැහැලා ගෙදර ඇවිත් අම්මත් එක්ක කිය කිය පෙරලි පෙරලි හිනා උනා.


පහුවදා ඔන්න ආරංචි වෙනවා අරූ ගෙට පැනලා ඇඳක් අස්සෙ හැංගිලා ඉඳලා අහු වෙලා ඒ ගෙදර උන්ම ඌට ගහලා ගස් බැඳලා දවල් වෙද්දි ඌව පොලිසියට අල්ලලා දුන්න කියලා. කොහොම හරි ඕක ගමේ උන් කතා උනේ අරූගෙ හොර වැඩ වලට බෝ ගහ ලඟ හිටපු බහිරවයා කෝප වෙලා තමයි ලොකු එලියක් එක්ක බිල්ලක් විදිහට අරූව අරන් යන්න ඇවිත් තියෙන්නෙ කියලා. එදා පූජාවට ගියපු කීප දෙනෙකුට නූල් බැඳලත් තිබුණා. මේ වෙනකම් එදා ඔතන හිටපු උන් දන්නෙ නෑ මොකක්ද උනේ කියලා. ඔන්න ඔහොමයි අපි හුළුඅත්තක් අරගෙන හොර දෙයියව මට්ටු කලේ.


ආයෙ නම් කියන්න හුළුඅතු කතා නෑ. සේරම කිවුවා ඕං... අපෙ උන්දැලා ඒ කාලෙ කරපු බාප්පා මාත් එක්ක කියපු නසරානි වැඩ ගැන පස්සෙ කියන්නම්....

50 comments:

  1. ඒක නං සිරාම වැඩේ බං. ඔයවගෙ දේවල් කරන්න ඕනෙ.

    අලුත් තාක්ෂණික උපක්‍රමේකුත් ඉගෙන ගත්තා ගෙදර ගිහිං අත්හදා බලන්න.

    උඹේ කතාව ලැබුණා බං. පට්ට... පැනගෙන පැනගෙන කිය කියා ඇනගෙන ඇනගෙන ගිහිං... උදේම කියවන්න මල් මසුරං කතා දෙකයි.

    ReplyDelete
    Replies
    1. ඕක මරු භාණ්ඩෙ. ටින් එකේ සයිස් එකට සද්දෙ වෙනස්. ඒ කාලෙ තිබුණු කිරි පිටි ටින් තමයි නියම. ඕකට නූල වෙනුවට තල කොලේකුත් ගන්න පුලුවන්. ඒකෙන් එන සද්දෙ ඔයිට හපන්. හදලා බලල කියහංකො......

      අර කතාව කමෙන්ට් එකකින් දාන්න බැරි නිසයි මේල් කලේ.

      Delete
  2. මරුනේ කැමායියට ඉදල තියෙන්නේ අදහන්න වටින අප්පුච්චෙක්නේ......
    හැබෑටම ගම කොහෙද අයියේ

    ReplyDelete
    Replies
    1. හපොයි.. ගම ගැන අහගෙන ගමේ උන්ට ගිහින් කියන්නද...? :D
      පරණ පෝස්ට් එකක ඇති ගම ගැන කියලා.

      Delete
  3. අනේ දෙයියනේ අරූට මොනව හිතෙන්න ඇද්ද අර සද්දෙ ඇහෙන කොට.
    ඕන දෙයක් අවිචාරශීලිව පිළිගන්න එක අපේ මිනිස්සුන්ගෙ හැටියක්. දැක්කනෙ අර ගාල්ල පැත්තෙ බුදුවරයෙකුත් පහළ වුණා පහුගිය දවස්වල

    ReplyDelete
    Replies
    1. ඌව මරන්න ආව කියලා හිතලා වෙන්න ඇති පෙරලගෙන ගෙට දිවුවෙ.
      අපෙ උන්දලා ඉතින් අද සක්විතිට අහු වෙලා හෙට ඌට බැනලා අනිද්දට තව එකෙකුට අහුවෙන එක සාමාන්‍ය දෙයක්නෙ.

      Delete
  4. ආය ඉතිං දෙකාහමාරක් නෑ උඔ නම් තාත්තාගේම පුතා..
    බඩ පැලන්න හිනා වුනා යකෝ.
    එල ද බ්‍රා..
    ඒ කාලෙ කරපු බාප්පා මාත් එක්ක කියපු නසරානි වැඩ ගැන පස්සෙ කියන්නම්..//
    පවුලම නසාරනියෝ නේ යකෝ බලාගෙන ගියාම.

    ReplyDelete
    Replies
    1. ඒ තැනට නම් මම කිලෝමීටර් ගානක් පස්සෙන් ඉන්නෙ මෙන්ඩො.. ඒ වැඩ ගැනයි කට ගැනයි නම් කතා කරලා වැඩක් නෑ. දැන් හිටියනම් මට කලින් උඹලත් එක්ක සෙට් වෙන්නෙ.

      ඕවා ඉතින් ආරෙට එනවනේ... ජාන ගත වෙලා තියෙන්නෙ....

      Delete
  5. හැක්... නියම ගේමක් තමයි දීල තියෙන්නෙ. මොනව උනත් හොර දෙයියට උණ ගැනෙන්න ඇති ඊට පස්සෙ.

    //අපේ උන්දැල ඒ කාලෙ කරපු නසරානි වැඩ// කියමු කියමු අපිත් දැනගන්න එපැයි ඕව.

    ReplyDelete
    Replies
    1. ඌට උණ ගැනෙන්නම ගෙදර උන් දුන්නයි කියලා ආරංචි උනේ....
      ඒවත් කියන්නම්කො... ඊට පස්සෙ මට තමයි වසන්න වෙන්නෙ නැත්තෙ මේකෙ අර මෙන්ඩගෙනුයි, මධාවියගෙනුයි.

      Delete
  6. හැබැයි උන්ට ඔහොම කරලා මදි , ඔක්කොම ඉවරවෙලා දෙන්න තිබ්බේ සබ්බුව බඩ කට පුරාම යන්න

    ReplyDelete
    Replies
    1. ආයෙ ඒක නම් හොඳටම දීලා ඌ රවට්ටගෙන හිටපු ගෙදර උන්ම. ඔකුන් ලැජ්ජ නෑ ගුටි කෑවට. ආයෙ කොහෙ හරි ගිහින් ඔය වැඩේම කරනවා.

      Delete
    2. සූර පප්ප එකේ සාත්තර ගුරුන්නාන්සෙ මතක් උනා...

      Delete
    3. පිස්සු වට්ටන්න එපා ඩ්‍රැකියෝ... මේ ලඟදිත් සූර පප්පා බැලුවා.... මට ඔය කාටූන් පිස්සුව තදටම තියෙනවා........

      Delete
  7. මොකෙක් හරි හොරෙක් ඇවිත් ඔයවගෙ දෙයක් පටංගන්න කල් සැදී පැහැදී බලං ඉන්න ප්‍රේක්ෂකයන්ගෙන් අපේ ගම් වල අඩුපාඩුවක් නෑනේ බං. රෙද්ද පෙන්නන්න විතරයි ඕනෙ. මිම්ම අරං කපලා මහලා ඇඳගන්නවා.

    තාත්ත වගේ නැතිනං ඌ නොට්ටිගෙ පුතා කියන එක උඹ පිළිපදිනවද?

    ReplyDelete
    Replies
    1. ආයෙ ඒ ගැන නම් කියලා වැඩක් නෑ. ගමට එන්න ඕනෙත් නෑ. ගමේ එකෙක්ම තමයි කොහෙන් හරි එක්කගෙන එන්නෙත් ඔහොම උන්. ඊට පස්සෙ පුළුවන් තරම් රැවටිලා කෙලවගන්නවා. උට බැන බැන ආයෙත් මොකෙකුට හරි අහු වෙනවා.

      අප්පච්චිගෙන් දවසක ඕකෙ තේරුම ඇහුවාම කිවුවෙ නොට්ටිගෙ පුතා කියන්නෙ "නොට් උගෙ පුතා" කියන එකලු. ඒකත් හරි වගේ නේද ඩූඩ්...?

      Delete
    2. කවුදෝ ඕක ඒවගෙ වරනගලා තිබ්බා මට මතකයි. කතන්දර හරි රවි හරි මට මතක විදියට...

      Delete
    3. ඇයි ඩූඩ් මෙහෙමත් කියන්නෙ.. පොල් ලෙලි පෙන්නුවාම ඇති,තලලා කඹේ අඹරගෙන ඒක කඩේට දීලා,ආපහු ඒ කඹේම සල්ලි දීල කඩෙන් අරන් ගිලින උන් ඉන්නෙ.
      නොට් උගෙ පුතා කතාව අර ස්වර්ණවාහිනියෙ බණ කියන්න එන සිංහල ඇදුරුතුමා නිතර කිව්වා මතකයි.

      Delete
  8. හුක් හ්ත් හුක් හික්..
    එලකිරි මචෝ....


    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. සාදරෙන් පිලිගන්නවා විදානේ...........

      Delete
  9. දෙයියා පල් වෙලා.

    අර ටින් එක හදලා බලන්න ඕනෙ. ඒත් ලොකු ටින් එකක් හොයාගන්න එක තමයි අමාරු.

    ReplyDelete
    Replies
    1. දැන් ඒ වගේ ටින් හොයාගන්න නම් නෑ තමයි. ට්‍රයි එකක් දැම්මොත් බැරි වෙන එකක් නෑ. පොඩි එකකින් හැදුවාම ලොකු සද්දයක් එන්නෙ නෑ. ඕකක් හදලා රෑ වෙලා සොහොන් පිට්ටනියක් ලඟ ඉදන් සද්ද කරන්න ඕනෙ.... :D

      Delete
  10. හෙහ්, මෙහෙමත් වැඩ කරනවද මම අහන්නේ.. මොනා උනත් පට්ට බං..

    ReplyDelete
    Replies
    1. ඉඳලා හිටලා එහෙම වැඩක් වත් කරන්න එපැයි..... නැද්ද මං අහන්නෙ... :D

      Delete
  11. ඔපරේෂන් හුළු අතු කතා මාලාවේ අන්තිම එක ඔක්කොටම වඩා හොඳයි. ඇත්තටම මේ 21 වැනි සියවසේත් ඉන්නවානේ ඔය හොර කට්ටඩියොයි, පල් වෙච්ච දෙයියලාගෙයි පස්සේ යන මිනිස්සු.

    ReplyDelete
    Replies
    1. ඔය වගේ උන්ට රැවටෙන මිනිස්සු ඉස්සරහටත් ඉඳීවි. තව අවුරුදු දාහක් ගියත් ඕකෙ වෙනසක් නම් වෙන එකක් නෑ.

      Delete
  12. පට්ට ගේමක් දීලා තියෙන්නේ ...හැක් (අපිත් ගමට ආපු ඔය වාගේ තක්කඩියෙක් එක්ක සෙට් වෙලා වැඩ කරලා 50ට 50 බෙදා ගත්තා ....හැක් හැක් )

    අතක සෙළවෙනා ළා දළු කොහොඹ මිටියකී
    කලේ ගින්දරයි එය හිස මතේ දැල්වුණී
    නටා දෙපස යන එන දන පිනා සිතු ලෙසේ
    ඇදේ කොහොඹ කළ කරුවෙක් ඔන්න පෙර ලෙසේ...//

    පරළ වෙවී සිතු සැනෙකින් කවි ගී ගයමින්
    විරල කෙනෙකි ඔහු ඔබ හා මා වැනි අතරින්
    වයන පදට නටන දෙපය වෙව්ලමින් ඇදේ
    බලන කාට වුව විස්මයෙ ලකුණ පිළිසිඳේ...

    මොකක්ද බැලුවම දෙවියන් කෙරේ බැති කමයි
    පරළ වෙන්නෙ ඒ හින්දයි එය ද ගැති කමයි
    හිසේ කොහොඹ කල නැති මුත් පරළ වුණු සිතේ
    මෙසේ නටන වෙනත් අයත් ඇතේ මිහිමතේ...

    පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව සහ සංගීතය : උපේන්ද්‍ර සහ ජස්ටින් පෙරේරා
    ගායනය : ෆ්‍රෙඩී සිල්වා

    ReplyDelete
    Replies
    1. ඒ, සින්දූර්...,

      මේ සින්දුව මම අදමයි දැක්කෙ. එම්පී3 එකක් තියෙනවද?

      විජේ කුමාරතුංගගෙ තියෙනව නේද “ඈත ඉඳන් කණකොකා අඩනවා - අපට ඇහෙන්නේ නෑ“ වගේ කොටසක් තියෙන සිංදුවක්? තියෙනවද ළඟ?

      Delete
    2. සින්දු,
      සාදරෙන් පිලිගන්නවා සින්දු..... යකෝ මුන් වගේ උන් තියාගන්න වටින්නෙ නෑ ගමක... :D

      ඩ්‍රැකී,
      මමත් කලින් අහල නෑ ඔය සින්දුව නම්.

      Delete
    3. සිංදුර්,

      උබ නං දෙයියෙක්... නෑ උබ දේවාලෙයක් එහෙම්පිටිම්ම... උම්ම්මා...

      Delete
    4. සින්දුවා කියන්නෙ ගී ද මෝපසාං වගේ පොරක්...හැක් හැක්

      Delete
    5. ගී ද මෝපසාංගෙ කෙටි කතා සෙට් එකක් තියෙනවා බං කියවලා තියෙනවා නම් රස දන්නවා ඇති...

      Delete
    6. මදාවි,
      ඒක මරු කාඩ් එක බං...

      යෂ්‍යන්ත,
      පීඩීඑෆ් එකක් තියෙනවද?

      Delete
  13. ඒ ලෙවල් ලියන හිංදා පට්ට බුසී මචෝ...රෑ වෙලා කියවලා දාන්නං පලු පැලෙංට ඈ..............

    ReplyDelete
    Replies
    1. හෑ... ඒ ලෙවල් ලියනවා...? මෙන්න මූ ඉලන්දාරියා වෙන්න හදනවා....
      උඹෙ කමෙන්ට් එකක් නැතුව මේක පාළු වෙලා තිබුනේ.. දාහං.. දාහං...

      Delete
    2. උඹේ හැටියෙම්ම හිතාගත්තැකි අප්පච්චිගෙ හැටි...හැක්...හැක්...
      අම්මපා උඹලගෙ තාත්තා තමයි බං නියම දෙයියා.
      අපේ මිනිස්සු තාම ඉන්නෙ ගල් යුගේ. තාමත් මේ මළ විකාර විස්වාස කරගෙන අතේ තියෙන සතේත් ඉවර කරගන්නවා. හිත හයිය නැති කම බං, වෙන මොකක්ද?

      Delete
    3. අප්පච්චිගෙ වග කිවුවොත් ඉතින් ආයෙ...... ටික ටික කියන්නම්කො.... මං ඒ අහලින්වත් තියන්න බෑ බං. පොර ඉතින් දෙයියෙක් වගේ තමයි. ඔය මොනා කලත් ගමේ නම තියන් හිටියා.

      හිත හයිය නැති කම විතරක් නෙවෙයි විචාර බුද්ධියක් නැති කමත් හේතුවක් ඕකට. දෙයක් පිලිගන්න කලින් හොයලා බැලුවා නම් හරිනෙ.

      Delete
    4. යකෝ මාධවී මෙච්චර කුණුහරප ලිය ලිය හිටියට තාම ඒ ලෙවල්ද????? ලැජ්ජයි අෑ........ මං හිතුවා 65 ක් විතර අැති කියලා............

      Delete
    5. ඕකා ඔය කොල්ල වෙන්න හැදුවට වැඩක් නෑ... දීග දෙන්න කිට්ටු වයසෙ ළමයි ඉන්න එකෙක් බොල. හැට (ඇ?) පනින්න ලඟ එකෙක්.

      Delete
  14. බොලා තමයි ඔය නොඉඳුල් කඳු ඉඳුල් කොරලා තියෙන්නෙ.. බොට මතකද සිරස ටීවී එකේ ඉස්සර ගියා 'රාජිනී' කියලා කතාවක්.ඔය වගේ හොරු අල්ලලා ගේම අදින ගෑණු කෙනෙක් ගැන.
    මෙවන් පුතෙක් හදපු නිසා අප්පච්චි සංතෝසෙන් යන්න ඇති බන්... ඒ නිසා දුක තුනී වෙනවා.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අම්මෝ... අපිට වඩා හොඳ වැඩ්ඩො හිටියා මේවගෙ බං... අපි මොක්කුද උන් දුන්න ගේම් වලට...

      Delete
  15. :D ශෝක් වැඩේ... හිනා වෙලා කඳුළුත් එනවා...

    ( අපේ ඔපීසියේ අය බලනවා මම මොකද මේ තනියම හිනා වෙන්නේ කියලා... )

    ReplyDelete
    Replies
    1. ඔපීසියෙ උන් දන්නවා ඇති ටිකක් නට් ලූස් කියලා... :D ඒ හින්දා අවුලක් නෑ නේද...?

      Delete
  16. ෂ්... කෑ ගහන්න එපා තව කට්ටියට ඇහෙයි.. ( ඔව් ඔව් එයාලා නම් දන්නවා... :D )

    ReplyDelete
    Replies
    1. ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑ...... ඔක්කොම දන්නවා....

      Delete
  17. අප්පච්චිගේ නිර්මාණය දෙකනම් පට්ට..............

    ReplyDelete
    Replies
    1. ඒ දෙක දැකපු ගමන් මමත් පුදුම උනා. දවාලෙම ඕවා හදාගෙන ලෑස්ති පිට ඉඳලා තියෙන්නෙ.

      Delete
  18. හිනා කාලා මැරෙනවා යකෝ, අරූට සද්දේ ඇහුණාම සිහිනැතුව යන්නැති
    එක යුගයක් බන්,අපේ හිටියා මාමේක් ගමේ මිනියක් පිච්චුවොත් තකහනියේ රෑ ට කනත්තට යනවා පිච්චුනු සොහොන පිටිපස්සේ ඉදං හූ කියලා පාරේ යන එවුන්ව බය කරන්න.උදේට මවලා කියනවා පුටාර්කාරයෝ හිටගෙන පදින හැටි.
    අඩේ මරු බහන්ඩයක්නේ ටිං එක,හදලම බලන්න වටිනවා
    අර උඩින් කීව තල් කොළ කතාව මොකක්ද,නුල වෙනුවට තල් කොලයක් අදිනවද ටිං එක අස්සෙන්

    ReplyDelete
    Replies
    1. අපේ පරණ සෙට් එකත් ඕකම කරලා තියෙනවා මචෝ. අර බයිසිකල් කාරයො ටික දැන ගත්තා නම් කොහොමද...?

      ටින් එකට දාන නූල වෙනුවට වේලපු තල් කොල්කින් දිගට හීනි තීරුවක් ඉරලා ටින් එකේ අඩියෙන් දාන්න පුළුවන්.

      Delete

 
 
Blogger Templates