පෙරේදා ගෙදර ඉන්න ගමන් නිකමට වගේ අපෙ පරණ ලට්ට ලොට්ට වගේම ආවුද ටික එහම දාලා තියෙන ගබඩාව පැත්තෙ ඔළුව දාලා බැලුවා. අපෙ අළුත් ගේ හදද්දි කඩලා අයින් කරපු පරණ ගෙදරින් ඉතුරු කරපු කොටසක් තමයි ඔය ගබඩාව විදිහට පාවිච්චි කරන්නෙ. පරණ පොත් පත්තර විතරක් නෙවෙයි උවමනා වේවි කියලා හිතෙන හැම දෙයක්ම ඕක ඇතුලෙ තියෙනවා. ඒ විතරක් නෙවෙයි අප්පච්චි ලඟ තිබුණු ආවුද කටල සේරම තියෙන්නෙත් ඕකෙ. ඔතන නැත්තෙ බල මෙවලම් එහෙමත් නැත්නම් පවර් ටූල්ස් විතරයි.
තව ඉතින් මගෙ පරණ සෙල්ලම් බඩු, කොම්පීටර කෑලි, වගේ දේවලුත් එක්ක ගබඩාව එකම හැඩිල්ලක් වෙලා තියෙනවා දැක්කට පස්සෙ ගෙදර ඉන්න දවසෙ ඕක අස් කරලා දාන්න ඕනෙ කියලා හිතලා කෙලවරක ඉඳන් අස් කරන්න ගත්තා.
මේ පාර නම් ඕකෙ මං ඉතුරු කලේ අත්‍යවශ්‍යම දේවල් විතරයි. ඒ කියන්නෙ හදිස්සියකට කඩේකින්වත් හොයාගන්න බැරි දේවල් ඇරෙන්න අනික් සේරම අයින් කලා. ඔය අතරෙ තිබුනා විදුසර පත්තර ගොඩක් මං තරම් උස ගොඩවල් තුනකට අහුරලා තිබුණා. ඉස්සරෝම පළ කරපු විදුසර පත්තරේ ඉඳන් (අප්පච්චි කොල්ලා කාලෙ ගත්තු එකක්) මං සාමාන්‍ය පෙල ලියලා ඉවර වෙනකම් ගත්තුවා. ඔය සේරම මං තුන් හතර සැරේ කියවන්න ඇති. දුකින් උනත් මේ පාර අස් කරද්දි ඔය සේරම අයින් කලා.
පරණ පොත් රාක්කෙ අස් කරද්දි තමයි වටිනම දේවල් ටික තෝරා ගත්තෙ. 1960, 70, 80 දශක වල මුද්‍රණය කරපු පොත් ගොඩක් ඔය රාක්කෙ තිබුණා ඉංගිරිසියෙන් ලියැවුනු පරණ වෛද්‍ය පොත් ගොඩකුත් එක්කම.
ඔතන තිබුණු පොත් දෙකක ෆොටෝ දෙකක් දාන්න හිතුනා.
මේ පොත නම් ගොඩක්ම වැදගත් වෙන්නෙ අපෙ ලොකු උන්නැහේට තමයි. ගිනි අවි බාවිතා කරන්නන් වෙනුවෙන් පලවුනු Shooting Journal සඟරාව.
මේ ඔය පොතේ පිටු දෙකක්. හෙරිංග්ටන් සහ රිචඩ්සන් සමාගම ගැන ලිපියක් තියෙනවා එකෙ. මේකට නම් ඔන්න ලොකු කමෙන්ට් එකක් ඕනෙ ලොක්කෝ....
මේක නම් ඒ කාලෙ හිටපු නසරානියො ටික හොඳට දන්නවා ඇති. අමිත අබේසේකර ලංකාදීපෙට ඇඳපු කාර්ටූන් තියෙන "අමිතගේ විකට විට"...
ඔය පොතේ පිටු දෙකක්. ඉතුරුවත් ඕනෙ නම් කියහල්ලා....
මේ මොකක්ද බොලව්......?
මේ මොකක්ද කියන්න පුළුවන් උන්දැලා නම් වැඩිය නැතුව ඇති. මේකත් තිබුණෙ ගබඩාවෙ ලට්ට ලොට්ට එක්ක තමයි. අප්පච්චි ලඟ තිබුණු ඇන්ටික් කෑල්ලක්.
මේක ඇවිල්ලා කුඩ මිටක ඉතුරු වෙච්චි කොටසක්. බ්‍රිතාන්‍ය මහ රැජිනගේ ෆොටෝ එකක් තමයි ඔය තියෙන්නෙ. මං අහලා තියෙන විදිහට නම් මේකට අද කාලෙදි ලොකු වටිනාකමක් තියෙනවලු...
ඒ අස්සෙ තව දෙයක්. මේක නම් තිබුණෙ ගබඩාවෙ නෙවෙයි දූරියන් ගෙඩියක් ඇතුලේ...
කොහොමද මදුලෙ ලොකු..? මේ වගේ මදුලු පහයි ගෙඩියටම තිබුනෙ. එකක් කෑවාම ආයෙ වේලකට ඇති.
දුරියන්!! ඕක් !!
ReplyDeleteඅඩෝව්... කවුද ඩෝ දූරියන් වලට බනින්නේ... අනං මනං ටෝක්ස් එපා හරිය... මෙච්චර රස කෑමකට බනිනවනේ...
Deleteනහය නැති උන් තමයි දුරියන් කන්නේ.. ඕක් !!
Deleteනහයෙන් නෙවෙයිනෙ කන්නෙ. නහයට පල්ලෙන්නෙ....
Deleteමාර්මයිට් කනවද? මං නම් ආසම නැති කෑම.
මාමයිට් එක්ක දූරියන් කාල බලපල්ල හරි රසයි.
Deleteකැමා ගෙදර දූරියන් තියනවද ?
ගහක් නම් තියෙනවා. තාම පීදිලා නෑ. හැදෙනකොට වරෙන් මල්ලකුත් අරන්.
Deleteමල්ලක් අරං පලයල්ලකො ඔය ඩොටේ... මං නං මයෙ බල්ලවත් අරින් නෑ.
Deleteකවුද යකෝ දූරියන් වලටයි මාමයිට් වලටයි බනින්නෙ ..??
Deleteඋනට මම හරි ආසයි ....
එතකොට මට තනියෙන් ඔක්කොම කන්ඩ පුලුවං නේ ...
ඩ්රැකී,
Deleteබල්ලට දුන්නත් උඹට නම් දෙන්නෙ නෑ...
මුද්දෝ,
අඩේ තනියම කන්න හොඳ නෑ බණ්ඩිය ඌයියා වෙනවා...
අඩේ කව්ද බොලේ දූරියන් වලට බනින්නේ... එහෙව් සස පළතුරක් කන්ට ඉතින් පින් තියෙන්න ඕන..
Deleteඔව් බං... මුන්ට තේරෙන්නෙ නෑ ඕකෙ අගේ...
Deleteකන පලාගන්නෙපා දූරියං වලට ඕක් කියලා.
Deleteකමෝන් ඩූඩ්... මුන්ට මඩු වල්ගෙන් ගහන්න ඕනෙ දූරියං වලට අපහාස කොරනවට..
Deleteඅඩෝ දුර්යන් වලට බනින එඋංන් ගේ අඩු කඩනවා
Deleteකොහෙද බං හිටියෙ..? මුන් උඹ නැති ටිකේ රජ වෙලා.
Deleteඋපේක්ෂා ගුටි කෑමට නියමිතය.. ඇයි යකෝ මෙහෙමත් ඕක් කියනවද දූරියං වලට.
අඩෝ මෙන්ඩා, උඹ මේ දවස්වල දූරියන් ඇටේ දාපු වතුර බොනවා නේද?
Deleteඅඩෝ මෙන්ඩා, උඹ මේ දවස්වල දූරියන් ඇටේ දාපු වතුර බොනවා නේද?
Deleteඅඩෝ මෙන්ඩා, උඹ මේ දවස්වල දූරියන් ඇටේ දාපු වතුර බොනවා නේද?
Deleteයකෝ මෙන්න ඩබොල් මදිවට ත්රිබලකුත් ඇවිත්...
Deleteඋඹ නම් බීලා තියෙනවා වගේ...
ඔය සෙල්ලම් බඩුටික මගුල් ගෙදර ගිය සැට් එකට පෙන්නුවේ නැතෙයි..
ReplyDeleteයකෝ බොලාගේ තාත්තා කොල්ලා කාලේ අරන් තියලා තිබුණු සගරා ටික බොලා බදිනකම්වත් තියාගන්න බැරි උනායැ..
ඕකුන් එකෙක්වත් ආවෙ නෑ වංගු වල යද්දි වමනෙ යනවා කියලා.
Deleteඒ පත්තර දැන් හොඳටම පරණ වෙලා බං. තියාගන්න එකේ තේරුමක් නෑ.
ලෑස්ති වෙයල්ලා ඊලගට කැමරුවාගේ වාරේ..
ReplyDeleteඈන්ටික් බඩු ගොඩාරියක් බොලාලගේ ගෙදර තියෙනවා නේද..පටවමුද නැවකට. බොලාට බාගයයි මට බාගයයි.
එකෙක් එන්න එපා තොපි. මගුලත් කැඩෙන්න වැඩක් ඒක.
Deleteහොඳ ගානක් හොයා ගන්න පුළුවන් වෙයි තමයි.
ඔන්න එහෙනම් වැඩේ හරිනේ....
Deleteඉඳහං සේරම ටික එකතු කරලා පොලිෂ් කරලා ගන්නකම්.
Deleteයකෝ, ඔය පරණ පොත් පත්තර විසිකරන්න එපා. තියාගන්න බැරිනම් ටවුමේ උඹ දන්නා තැනකින් තියපන්. මම ගන්නම්.
ReplyDeleteඒකනේ මටත් එවපන් ටිකක්. බත් එක බදින්න පත්තර කෑල්ලක් නෑ.. සල්ලි දීලා පත්තරේ අරන් කියවන්නෙත් නැතුව බත් එක බදිනවා..
Deleteවිචා,
Deleteපිස්සු හැදෙයි.. ඒවා නම් එකක්වත් විසි කරන්නෙ නෑ. ඔක්කොම අරන් තිබ්බා පරිස්සමට. වෙලාවක දෙන්නම්කො කියවා බලන්ට. අර පරණ යුද්ධ ටැංකියෙන් ආවා නම් මේ පැත්තේ...
සිංහ,
ඇයි බං ගනින්කො ලංකාදීපෙ හරි ඔබ්සර්වර් එක හරි. ගොඩක් උන් බස් එකේ ලොකුවට පේන්න ඔබ්සර්වර් එක අරන් යනවා බත් ඔතන්න.
ඔබ්සර්වර් එකේ බත් ඔතන් ගිහින් මොකටෙයි නිකන් අමාරුවේ වැටෙන්නේ...
Deleteඉරිදා ලංකාදීපයෙන් නම් ගමකට උනත් බත් බදින්න ඇහැකි..
බත් ඔතන්න හොඳම සිළුමිණ :)
Deleteඇයි සිළුමිණ බත් බදින්න හොද???
Deleteකියවන්න හිතෙන්නෙම නැති මගුලක් තමයි ඕක. ඒක හින්දා ගන්නෙත් නෑ..
Sunday Times එකක් මාස දෙකක් බත් බදින්න ගන්න පුළුවන් ඒක තමයි පිටු වැඩිම පත්තරේ. අරන් කිලෝ ගානට වික්කත් ලාබයි.
DeleteSunday Times එකක් මාස දෙකක් බත් බදින්න ගන්න පුළුවන් ඒක තමයි පිටු වැඩිම පත්තරේ. අරන් කිලෝ ගානට වික්කත් ලාබයි.
Deleteඒ උනාට පත්තර දෙකක් ගන්න එපා බං අපරාදෙ.
Deleteසිංහ,
Deleteඇයි බං බස් එකේ පේන්න අරන් යන්න සෝබනේට..
කමී,
ඒ මොකෝ බං..?
සිංහ,
මට නම් ඔය එකක්වත් කියවන්න හිතෙන් නෑ. මෙලෝ රහක් නෑ.
කම්මලේ,
ඕකේ දාන ඇඩ් වල ආදායමෙන් පුළුවන්ලු පත්තරේ නිකන් බෙදන්න කියලා කියනවා. ඒ තරම් ඇඩ් ගොඩක්නෙ තියෙන්නෙ.
කම්මලේ,
ඕකේ දාන ඇඩ් වල ආදායමෙන් පුළුවන්ලු පත්තරේ නිකන් බෙදන්න කියලා කියනවා. ඒ තරම් ඇඩ් ගොඩක්නෙ තියෙන්නෙ.
ප්‍රසා,
එතකොට මාස හතරක් බත් ඔතන්න පුළුවන් ඌට.
ඇයි බං පිටු ගොඩ... සන්ඩේ ටයිම්ස් වල අවුල ඕකේ ඔතාගෙන බත් කනවා දැකලා වටේ පිටේ දකින උන් කඩ්ඩෙන් කෙටුවොත් එහෙම.. කඩ්ඩ අවුලක් නැත්නම් සන්ඩේ ටයිම්ස් එකත් අවුලක් නෑ..
Deleteකම්මල@
Deleteඅපි දෙන්නා ඒ වැඩේට එන්ටර් වෙමු නේද එහෙනං
ප්‍රසා@
#ඒ උනාට පත්තර දෙකක් ගන්න එපා අපරාදේ#
බොලා ඉතින් අද බදින කොලේ හෙටත් ගිනියනවනේ..
කැමා@
සෝබනේට ඉංග්‍රීසි පත්තරක් ගිනිච්ච අපේ එකෙකුට පාරෙදි හම්බ වුන මාමා කාරයෙක් ලියුමක් දීලා මෙහෙම කිව්වලු...
අනේ පුතේ මේ ලිවුමේ තියන ටික මට ඇහෙන්න කියනවද????
කෝ දෙන්න මාමේ කියලා ලියුම ගත්ත මූට ඉහින් කනින් දාඩිය දැම්මලු..
මටත් බස් එකේ දෙනෝ දාහක් ඉස්සරහා ඔය ආනිසංසෙට මූන දෙන්න බෑ ගොයියෝ....
කමියෝ උබ මට ඉස්සෙල්ලා දාලා නෙව..
Deleteකැමා. මට පාරේ තියෙන පත්තර කෑල්ලක් වුනත් අරගෙන කියවනවා හැබැයි වට පිට බලලා...
මොකටද බං එහෙම ගෙනියන්නෙ. මාසෙකට පත්තර හතරක් එනවනෙ. ඒ ටික මාස අටකට ඇතිනෙ.
Deleteයකෝ බොලා විතරද ගෙදර ඉන්නේ.. අනිත් එවුන් කන්නේ පස්ද?
Deleteඅපේ ගෙදර තුන්දෙනෙකුට බත් බදින්න ඕන..
කමි,
Deleteඒක නම් ඇත්ත. කන වෙලාවෙ ඔහොම වුනොත් කෑමත් ඉස්පොල්ලෙ යනවා.
ප්‍රසා,
මූට ඕක තේරෙන්නෙ නෑ බං...
සිංහ,
යකෝ උඹලා ගෙදරම කන්තෝරුවක්ද..?
දූරියන් මේ කාලේ තියෙනවයි මචන්..
ReplyDeleteදැක්කම කටට කෙල උනනවා...
දූරියන් කියනකොට මතක් උනේ අපේ ගෙදරත් අවුරුදු 4ක් විතර වයස දූරියන් ගහක් තිබුනා. දවසක් මායි මලයයි ඔය දූරියන් ගහ කපලා සෙල්ලම් ගෙයක් හැදුවා. අම්මටසිරි තාත්තා ආවට පස්සේ හොදට සුද්ද සිංහලෙන් අහගත්තා. එතකොට තමයි දැනගත්තේ දූරියන් ගහක්යැ කියලා... පොඩ්ඩන් කාලේ වෙච්චි දෙයක්.
මේ කාලෙ ටික ටික තියෙනවා මචෝ. මං හිතන්නෙ මේ අවාරෙ වෙන්න ඕනෙ.
Deleteමාත් ආසම කෑමක් තමයි.
තාත්තට තොපි දෙන්නා මරාගෙන කන්න හිතෙන්නෙ ඇති. ඇයි යකෝ දූරියන් ගහක් හදන්න හරි අමාරුයි බං. අපෙ දිහත් ගහක් තියෙනවා දැන් නම් පීදෙන්න කිට්ටුයි.
ඕනෙ නම් කියහං පැල තියෙනවා විකුනන්න.
අපේ තාත්තා ඊට පස්සෙත් පැල විස්සක් විතර ඉන්දුවා.. අපි දෙන්නගෙන් බේරගත්ත උනාට වල් ඌරු හතිකරයෙන්නම් බේරගන්න බැරි උනා.. ඉතුරු වෙලා තිබ්බේ පැල දෙකයි ඒ දෙකත් එහා ගෙදර මාමා උගුල්ලලා විසිකරලා..
Deleteපරිස්සන් කරන්න ඕවා ගෙවල් අස්සේ ඉන්දන්නයැ..
//දවසක් මායි මලයයි ඔය දූරියන් ගහ කපලා සෙල්ලම් ගෙයක් හැදුවා. අම්මටසිරි තාත්තා ආවට පස්සේ හොදට සුද්ද සිංහලෙන් අහගත්තා. එතකොට තමයි දැනගත්තේ දූරියන් ගහක්යැ කියලා..// අදෝමැයි..!!!
Delete//පරිස්සන් කරන්න ඕවා ගෙවල් අස්සේ ඉන්දන්නයැ.// කියහංකො බොලා ගෙවල් අස්සෙ ඉන්දල තියෙන මල් ගස් ගැනත්.
Deleteකමි. ඔවා ගනන් ගන්න එපා. තේරුනා නම් ඒ ඇති. හැක්.
Deleteප්‍රසා එව්වා පොඩි එවුන්ට කියන්නේ නෑ හැක්.
Deleteගෙවල් අස්සේ පරිස්සම් කොරන්න තව ගොඩක් එව්වා තියෙනවා...
සිංහ,
Deleteගෙවල් අස්සෙ ඉන්න එවුවත් පරිස්සම් කරන්න බැරි කොට... නොවෙද..?
කමී,
අම්මපා....
ප්‍රසා,
ඒවා කියන්නෙ නෑ ඕකා.. පරිස්සම් කරන්න බැරි උනොත් එහෙම...
සිංහ,
ඒවා පරිස්සම් කොරන එකනෙ අමාරුම වැඩේ.. අරවා නම් හොරු ඇවිත් ගලවගෙන යන්නෙ. මේවා නිකන්ම ගැලවිලා හොරු ලඟට යනකම් හොයන්න බෑනෙ.
ඒකනේ ඒකනේ..
Deleteහැක්... උඹ පරන කුණු අස්පස් කරල ලෑස්ති වෙන්නෙ මගුලට වගෙයි.
ReplyDeleteඅපරාදෙ අර ලබ්බෙ තොයිලෙට එන්න බැරි උනානෙ. නැත්තං මම තනියම හරි බොලාගෙ දිහා එනව කැම රා බොන්න.
දූරියන් එහෙම කාල ටූල් එකේ පවර් දැම්මම වැඩි කරගෙන තියාගගන්න එක හොඳයි.
බොලාගේ පවර් එක අද මම ගත්තා බොල.
Deleteප්‍රසා,
Deleteඋඹ ආවා නම් අම්මප ගහක් මැදලා හරි රා දෙනවා. කොහෙද උඹ එන්නෙ නෑනෙ..
පවර් වැඩි වෙන්න දූරියන් හොඳයිලු නේ...?
සිංහ,
මටත් ඕක නම් හිතුනා...
උඹේ එක කියහං. කොහොම හරි එඤ්ඤං. හැක්..
Deleteඋඹලට නොකියා කොහොමද බං... අනිවා කියනවා...
Deleteකැමාගේ බදිනකොට අපි එන්නේ සතියකට විතර කලින්.
Deleteමනෝ.. යන්නෙත් සතියකට පස්සෙද
Deleteමමනම් එන්නේ මගුල දාට විතරයි. ආවා කෑවා බිව්වා ගියා.
උබලට සතියකට විතර කලින් ඇවිල්ලා ගෙවල් පොලිෂ් කරලා. ඉදපල්ලා....
අපි සතියකට විතර කලින් ගිහින් කැමාට විශේෂ පුහුණුවක් දෙනවා මධු සමය ගත කිරිම සම්බන්ධව
Deleteමනෝ,
Deleteවරෙන් වරෙන්... ගෙදර සුද්ද කරගන්නත් තියෙනවා.. වත්ත සුද්ද කරන්න, තින්ත ගාන්න, කෙහෙල් දුම් ගහන්න වගේ වැඩ.
සිංහ,
වරෙන්කො කාලා බීලා යන්න. දෙන්නම් බොට..
මනෝ,
අන්තිමට සැටිපිකේට් එකකුත් දෙනවද...?
ලංකාවේ හිටියොත් අනිවා එනවා උඹලගේ ගම බලල යන්න.. කිතුල් සා සුට්ටක් තිබ්බොත් පංකාදුයි..
Deleteඅම්මපා වරෙන්... ගහේ බඩු ටිකක් ගසන්න වරෙන්...
Deleteකට්ටියම වගේ බඳින නිසා කැමා මඟුලට ලැස්ති වෙනවා වගේ.එහෙම නං දුරියන් ගොඩක් හොඳයි.මමත් ආසම කෑමක්.හැබැයි ඔය පාර අයිනෙ විකුණන්න තියාගෙන ඉන්නෙ ගහෙන් කඩල ඉදෝපුවා මෙලෝ රහක් නෑ.නියම රහ තියෙන්නෙ ඉදිලා බිමට වැටිච්ච ගෙඩිවල.
ReplyDeleteඔය රැජින මාක් කුඩ ඉස්සර අපේ අම්මා ළඟ එහෙම තියෙනවා මට හොඳට මතකයි.
යකෝ මුන් දැන් මාව බන්දන්නද හදන්නෙ. මන් හොඳින් ඉන්නවා දකින්න කැමති නැද්ද උඹලා...?
Deleteපාරවල් අයිනෙ තියෙන්නෙ ගැට කඩලා එත්රල් ගහපුවා. දූරියන් ලොරිය ඇතුලට නැග්ගත් සුවඳක් නෑ. ඒකටත් එක්ක ගහේ ඉදිලා වැටෙන එකක් අහලකවත් ඉන්න බෑ සුවඳ.
ඕකත් ඔය පරණ කුඩේකින් ඉතුරු වෙලා තිබ්බ එකක්.
කැමා කොහෙද බඳින්නෙ. වෙන්ට කැමී ඉස්සරහ පිට අටම මූගෙ සායම යැව්වා.
Deleteකැමාව උඹ දැන්ම බදිනවද.පව් අර අහිංසකි
Deleteඩ්රැකී,
Deleteවෙලාවට ඒකිට ඇහුනේ නෑ... නැත්නම් ඒ මගුලත් ඉවරයි.
මල් වන්දිරයෝ,
දැන්ම බඳින්න...? මං පව් නැද්ද යකුනේ...?
නැ හුනාට ඒ අයිංසක ලමයටත් ඔව්වා තේරෙනවා දැං දැං , බැදගත්ත බෙරේ ගහන්ඩත් එපැය , නැත්තං රට්ටු මක්කියයිද අංකල් කියලයි මා එක්ක කියුවේ
Deleteකොහොම හරි උඹට අංකල් කියලත් කිඋවනෙ ඒ ළමයා... අන්න බනිනවා උඹ එදා බීලා වැඩී කියලා. උඹ හිත හොඳ එකා කියලත් කිවුවා ඒ උනාට.
Deleteඇයි යකෝ මං අහිංසක නැද්ද එතකොට..?
කැමා - අහිංසක?
Deleteඒක හරියට අර නාකි වෙලා නාකි වෙලා සිල් බිඳින්න බැරි උං සිල් ගන්නව වගේ කතාවක්...
හරියට උඹ වගේ උන් නේ..?
Deleteපරණ ලව් ලෙටර් එහෙම පුච්චල, දූරියන් කාල ලේනව ටෙස් කරල කසාදෙට ලැහැත්ති වෙනව වගේ. මතක ඇතිව විචාටත් ගෙඩියක් ගෙනිහින් දියං.
ReplyDeleteහිටිංකො හැම එකාම උඹලගෙ ගෙදර එන්න බෑ දනිස් පණ නෑ කිවුවට මම එනව හන්දියෙ බාර් එකෙන් බාගයක් ගහල 4වීල් එකෙන්.
මුංගෙ ගෙවල් ගාව හන්දියෙ තියෙන්නෙ ඉතිං සුදුව තමයි. බොට කුරුණෑගල ටවුමෙන්වත් බාගෙ ගහල තව එකක් කිහිල්ලෙ ගහගෙන යන්න වෙයි.
Deleteකම්මලේ,
Deleteදූරියන්, රට ඉඳි, වැල් පෙනෙල, ඌරු මස්..... තව..?
විචාට දැන් මොනවා දුන්නත් හරියන්නෙ නෑ කියලා කිවුවා එදා අපි ඉන්න තැන. බොරු නම් අහපන් ඩ්‍රැකියගෙන්.
වරෙන් බං. ඕකුන් ඕනෙ නෑ. හන්දියෙ බාර් එකට උඹ යන්න ඕනෙ නෑ. උඹ ආවාම සුදුවා බාර් එකක්ම උඹ ලඟට එවන්නම්.
ප්‍රසා,
අම්මපා ඒක නම් ඇත්ත. එක්කො ටවුමෙන් හරි නැත්නම් ගැට්ටුවානෙන් හරි තමයි. මෙහෙ ආවොත් ස්පෙශල් සුදුවා...
බොල විචාට දූරියන් කවල නැති ප්‍රසන ඇතිකරන්න එපා කොල්ලනේ..
Deleteහපොයි...
Deleteඇයි මතකද එදා කියුවා , කෝටු කැල්ලකුත් ඕන කියල
Deleteඇයි අයිස් කැටේ...? කෝ මේ ලොකු මහත්තයා... මේවට උත්තර දෙන්න වෙයි..
DeleteThis comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
Deleteඋඹල ආතර් එක්ක සෙල්ලං කරන්න ලෑස්තිවෙන්න එපා. ඕක හෙන වස මිනිහ.
Deleteඅම්මප.
Deleteරැජිණ මාක් කුඩයක්.. මමනම් මිට දැක්ක ගමන් අඳුන ගත්තා.. ඇයි බන් මාතෘකාවත් කියෝලා රැජිනගේ ෆොටෝ එකත් දැක්කම තව මොනවද? හැක හැක..
ReplyDeleteඑහෙම දැම්මෙ නැත්නම් පව්නෙ බං උඹලා. එකෙක්වත් ඕක අඳුනා ගන්නෙ නෑනෙ. ඒ කාලෙ ජනප්‍රිය කුඩයක් වෙන්න ඇති නේද ඕක..?
Deleteදූරියන් නම් ආසම නැති පළතුරක්. රැජිනගේ කුඩ මිට නම් මරු...
ReplyDeleteදුවන්නයි කිවුවෙ.. එනවා මෙතන දූරියන් වලට බනින්න...
Deleteඇයි එතකොට පොත් දෙක..? කවුරුවත් ඒ ගැන කියන්නෙ නෑ... :(
අර උඩ තිබුනු පොත් දෙක මරු නේ.. හැක්.
ReplyDeleteපල යන්න... උඹට දැන් තමයි ඕක මතක් උනේ...
Deleteඅර පොත් දෙක ස්කෑන් කරල දාහං මයෙ දෙයියො. උඹේ අර ලක්මාල් ෆොන්සේනා කාඩ්එක අහක් කරල දෙන්නං...
ReplyDeleteපුලුවන්නං ඒ කාඩ් එක ලැමිනේට් කරල බ්ලොගේ දාහං.
Deleteලක්මාල් ෆොන්සේකා කියන්නෙ අර කෑගල්ලෙ පොරද ..??
Deleteඩ්රැකී,
Deleteඅම්මපා කියහං... එහෙනම් අහක් කොරහං ඊලඟ පාර ඒ ටික දාන්නම්...
ප්‍රසා,
ඌ දනටම ඒක රාමු කරලම දාලා.
මුද්දෝ,
නෑ බං.. අර රාගම ඉන්න එකා...
අඩේ කොලඹ ආපු වෙලාවක පලයං ලේඛනාරක්ශක එකට ඒකෙන් ගන්ඩ පුලුවං ඔය පරණ පොත් පත් සංරක්ෂණය කරන විදිහ ගැන ලියපු පොතක් ...
ReplyDeleteතෑන්ක්ස් මචෝ... ඒකනම් ගොඩක් වටිනවා. අද හෙටම වැඩේ කරන්න ඕනෙ.
Deleteවිදුසර පලවෙනි පත්තරේ මටත් මතකයි, ඔය කුඩ මිටනම් දැකල නැ.
ReplyDeleteකුකුල්ගේ වයස කීයද බොල..
Deleteකුකුල්,
Deleteඒ කියන්නෙ ඒ කාලෙ ඉදන්ම විදුසර පාඨකයෙක් වගේ.. ඒ කාලෙ ඒවගෙ නියම විද්‍යා ප්‍රබන්ධ සෙට් එකක් ගියා නේද..?
සිංහ,
පේන විදිහට නම් අඩුම තරමෙ 50 පනින්න ඕනෙ.
උඹ ගෙදර අස් පස් කරන්නේ මොකද.අපිටත් හොරෙන් කැමිව එක්කගෙන එන්නද සෙට් වෙන්නේ.
ReplyDeleteපරන පොත් ටිකනම් වටිනවා.උඹලගේ තාත්තා සෑහෙන දේවල් එකතු කරලා තියලනේ බං.
දැන්ම ගේන්න බෑ යකෝ... මං මේ නිදහසේ ඉන්න එකහ් නැති කොරන්නද හදන්නෙ..? බැඳපු උන් පුදුම තරහක් තියෙන්නෙ තනිකඩයො එක්ක.. ඉරිසියා නොකර ඉඳහල්ලකො..
Deleteඅන්න දූරියං...................
ReplyDeleteබලහංකො සයිස් එක...
Deleteඒ අර දූරියං මදුලක්ද බං? මං හිතුවෙ ඔපරේෂන් එකක් කරල උඹේ මොකක් හරි අහක් කරල කියලා... හැක්
ReplyDeleteඔව් බං.. මාත් ඔය දැක්කමයි ඔහොම මදුලු.
Deleteමගෙ මොකක්..? හිතුවා මදි මගෙ අහක් කොරන්න..
මූට තියෙයි ඔච්චර ලොකු එකක්
Deleteමංවත් ඔච්චර ලොකු නැති එකේ මට කොයින්ද ඔහොම ඒවා...
Deleteකැමාගෙ ලබ්බ බැහැපු වෙලේ ඔපරේෂන් කරල අහක් කරපු කොටහ ඔයිටත් වඩා ලොකුයි.
Deleteඅපොයි.....
Deleteවෙලාවකට හිතෙනවා පරණ පොත් පත්තර විසික් කරන්න හිතෙන්නෙ නැති එක පිස්සුවක් ද කියලත්.. මට තියන ලෙඩක් තමයි ඔය පරණ බඩු ගොඩවල් අස්කරන්න කියල පටන් ගත්තට එකක්වත් විසික් කරන්න තියන නොහැකියාව.. අන්තිමේ තිබ්බ තැන්වලම නැවතත් ස්ථානගත වෙනවා තිබ්බ විදිහටම..
ReplyDeleteමට නොදී දූරියන් කෑවට කොටියම කාපිය..
ඒකන්ම් සම්පූර්ණ ඇත්ත. කොච්චර විසිකරන්න කියලා හැදුවත් ආයෙම වෙන තැනකින් අහුරනවා. අනේ මන්දා බං.
Deleteකොටියෙක් කාලා වැඩක් නෑ බොල. උන්ගෙ මස් රස නෑ කියන්නෙ. ආයෙම දූරියන් ගෙඩියක් කන්නම්...
කොකාකෝල බීල වැටෙන එකා කොටි මස් කන්ඩ කතාව...
Deleteකවුද..? අම්බලංගොඩයද...? චැඃ.. මුගෙ කයිය නම් ඒ වුනාට...
Deleteරැජිනගේ කුඩ මිට ඊ-බේ එකට දාලා බලහන් නිකමට වගේ කීයක් විතර වෙයිද කියලා.
ReplyDeleteඅඩේ.. මට ඕක තේරෙන්නෙ නෑ බං. පුළුවන් නම් දාහංකො...
Deleteපරන කොම්පියුටර් කැලි විසිකලාද බං
ReplyDeleteනෑ.. නෑ... ඒ ටික තියෙනවා. උඹට ගෙනත් දෙන්නම් වෙලාවක. කලර් අයිසී එක ගියපු පිලිප්ස් මොනිටර් එකක් තියෙනවා උඹට හදාගන්න පුළුවන් නම් කියහං.
Deleteතව තියෙන පොත් මොනවද කියහංකෝ නිකමට දැනගන්න.
ReplyDeleteපොත් ටිකේ නම් ටිකවත් දාන්නම්කො ඊලඟ එකෙන්වත්.
Deleteවිදුසර පත්තර මිටි ටිකක් අපේ ගෙදරත් තියෙනව විසි කරන්න ලෝබ කමේ...
ReplyDeleteඔන්න විකට විට ගැන නම් පොස්ට් එකක් ලියන්න හරිද ...
මාත් ඒ ටික අයින් කලේ ලෝබ කමේම තමයි. ඒත් ඉතින් ඒවා හොඳටම නරක් වෙලා.
Deleteඒ පොත ඊලඟ එකෙන් දාන්නම්කෝ...
//පොතේ පිටු දෙකක්. ඉතුරුවත් ඕනෙ නම් කියහල්ලා
ReplyDeleteදාපං බොලේ දාපං.
අර කුඩේනං රැජින ලංකාවට ආව කාලේ මාර්කට් කරපු එකක් වගේ
මේ බං,උඹ ඉන්න ඉසව්ව කොහෙද?
ඕක ඔහොම අටමගලක් වෙන්න ඕනෙ.
Deleteමං කුරුණෑගල පැත්තෙ මචෝ..
විදුසර පත්තරේ කියපුවම මතක් උනේ මම පළවෙනියටම ගත්ත විජය පත්තරේ තාම තියනව ඒ 1995 දි අනෙක් පත්තර නම් දැන් අයින් කරලා . අපෙත් තියනවා පොඩි ගබඩා කාමරයක් හැබැයි කාලෙන් කාලෙට සුද්ධ වෙලා ඉස්සර තිබ්බ පරණ පොත් ටික දැන් නැහැ.මගේ 2 වසරෙ පොතකුයි පරණ චිත්‍ර පොත් ටිකකුයි නම් බොහොම අමාරුවෙන් පරිස්සම් කරගෙන මතක සටහනක් විදිහට තියන් ඉන්නවා :)
ReplyDeleteවිජය පත්තරේ කියද්දි මතක් උනේ අපෙ දිහා තිබුනා මටත් වඩා වය විජය පත්තර. දැනට අවුරුදු 30 ට උඩදි මුද්‍රණය කරපුවා. ඒවගෙත් මල් මාමගෙ කතාව තියෙනවා. ඒ කාලෙදි ඒක "මකාගේ යලක්" කියලා තිබුනෙ. දැන් වගේ එක මලක් නෙවෙයි නහය උඩ මල් අත්තක්ම තියෙනවා.
Deleteඇයි දිය යටින් ගින්දර (කොමාවක්) රජ්ජුරුවෝ මං මතකද මතකද (ප්‍රශ්නාර්ථයක්)
Deleteඅනිත් මගුල් වලට මොනවකලත් කමක් නෑ.ඒත් අර විදුසර පත්තර ටික විසික් කරපු එකටනම් තෝව නයාම කන්න ඕනේ.උඹේ ආච්චිට @#&$#&#&$&$*
ReplyDeleteඇයි යකෝ...මම කමෙන්ට් කරනකොට මේක අහනවනේ මම රොබෝ කෙනෙද්ද කියලා.යාළුවෙලා හිටපු කෙල්ලෙක්වත් අහලා නෑ මේ වෙනකන්
Deleteඒවා දැන් ප්‍රයෝජනේකට ගන්න බැරි තරම් පරණ වෙලා බං. ඒකයි අකමැත්තෙන් හරි අයින් කලේ.
Deleteඔය අටමගල මටත් අහුවුනා බ්ලොග් කිපෙකදිම. මොකක් හරි හුට්ටප්පයක් වෙලා තියෙනවා. රොබෝලා සෙට් එකක් බ්ලොග් බලනවා කියලා ගූගලයට අහුවෙලාද දන්නෑනෙ.
මාත් මේ ලගකදි ඉදලා තමා දුරියාං කන්ට පටං ගත්තේ කියහන්කෝ ඉස්සර දුරියාං සුවද එද්දිත් වමනෙ යනවා ඒකට දැං (තිත්දෙකයි කැපිටල් ඩී)
ReplyDelete