Pages

Wednesday, August 12, 2015

හොරණෑව Vs සියඹලා


හුළුඅතු කතා සැට් එකත් කලින් පෝස්ට් එකෙන් ඉවරයි. කියන්න නම් තව කතා ගොඩක් තියෙනවා. ඒත් පටන් ගන්නෙ කොහෙන්ද කියලා හිත හිතා ඉද්දි පොඩි කතාවක් මතක් උනා. මේකත් මට කිවුවෙ අපෙ බාප්පම තමයි. මහා ලොකු කතාවක් නම් නෙවෙයි. ඒත් ඒකත් එක්ක තව පොඩි පොඩි කතා දෙක තුනක් එකටම කියලා දාන්න පුළුවන් නිසා හොඳයි.


ඊයෙ අපෙ ගමේ තිබුණු පිංකම් ගෙදරකට බාප්පත් එක්ක ගිය වෙලාවෙ තමයි මේ කතාව අහගත්තෙ. බණ ගෙදරකට අපි දෙන්නටත් එන්න කියලා තිබුණු නිසා හවස පන්සලේ ඉඳන් හාමුදුරුවො වඩම්මගෙන යන පෙරහැරත් එක්කම යමුයි කියලා අපි දෙන්නත් පන්සලට ගියා. පන්සල ඉස්සරහා පාරට වෙලා තව මාමලා දෙන්නෙකුත් සෙට් කරගෙන ඕපා දූප ටිකක් හල හල ඉද්දි ඔන්න එනවා පෙරහැරේ හේවිසි ගහන තුන් දෙනා.

අපෙ අල්ලපු ගමේ ඉන්නවා මේ වටේ ගම් වල පිංකම් වලට හේවිසි ගහන්න එන තුන් දෙනෙක්. දවුලයි, තම්මැට්ටමයි, හොරණෑවයි අරගෙන තුන් දෙනා පන්සලට එනවා. ඔය උඩ තියෙන ෆොටෝ දෙකේ ඉන්නෙ ඒ තුන් දෙනා තමයි. ඔතනින් හොරණෑව පිඹින්න එක්කෙනාට වයසයි. අපි කතා කරන්නෙ සීයෙ කියලා. අනික් දෙන්නට එයාට තරම් වයස නෑ. තම්මැට්ටම් ගහන මාමා ඉස්සර රා තැබෑරුමක් කලා. ඒ ගැනත් පස්සෙ කියන්නම්. ඉතින් අපි ඉන්න තැනින් අර සීයා යද්දිම මං එකපාරටම බාප්පගෙන් ඇහුවා "බාප්පෙ මේ ලඟ පාත සියඹලා ගහක් නැද්ද?" කියලා හයියෙන්ම.

එක පාරටම අර සීයා "ආ.. මන් හිතුවා මූ තමයි ඉන්නෙ.. ඔහෙ හිටු සියඹලා දෙන්න" කියලා හොරණෑවත් උස්සගෙන මට ගහන්න පැන්නා. ඊට පස්සෙ අපි ඉන්න තැනට මං පස්සෙ එලවගෙන ඇවිත් හිනා වෙවී කියනවා "සියඹලා කරලක් නෙවෙයි ලොරියක් ගෙනාවත් මං නම් බය නෑ" කියලා. අපි තුන් දෙනා සීයව බය කරන්න ගත්තා සියඹලා හරි දෙහි හරි ගෙනත් කනවා කියලා. පොරත් ඕවට මං අහු වෙන්නෙ නෑ කිය කිය අපිට විහිළු කර කර ඉද්දි තමයි අර කතාව බාප්පා කිවුවෙ.

ඒක කියන්න කලින් සියඹලා කතාව කියන්නම්කො. අපි ඉන්න තැනක කවුරු හරි කෙනෙක් සියඹලා හරි දෙහි හරි නැත්නම් ඒ වගේ ඇඹුල් ජාති මොනා හරි කනකොට අපෙ කටට නිකන්ම කෙල උනනවානෙ. ඉතින් හොරණෑව පිඹින කෙනා ඉස්සරහා ඉඳන් ලොකු සි‍යඹලා කරලක් කෑවොත් අර කෙනාට වෙන්නෙත් ඔය ටිකම තමයි. කටේ කෙල එකතු උනාම හොරණෑවෙ ඉපියට කෙල පිරිලා පිඹින්න බැරි වෙනවා. ඔය වැඩේ මොකෙක් හරි ආනාඩි කොල්ලෙක් ඉස්සර කාලෙක පන්සලේ වස් පිංකමට හොරණෑ පිඹින්න ආපු කෙනෙකුට කරලා තියෙනවා. මූ ලොකු සියඹලා කරලක් ගෙනත් අරූට පේන්න කෙල පෙර පෙර කාලා. අනේ ඉතින් ඕක දැක්කට පස්සෙ අර පොරගෙ කටේ කෙල පිරිලා හොරණෑවෙ ඉපියා හිර වෙලා. ඊට පස්සෙ ඉපියා සුද්ද කරලා ආයෙ පිඹිද්දි ආපහු අරූ කනවා දැක්කාම ආයෙ කෙල පිරිලා. ඔහොම දෙතුන් සැරයක් උනාට පස්සෙ හොරණෑව පිඹින එක නතර කරලා සෙනග මැද්දෙම අර කොල්ලගෙ අම්මට පිං දීලා.

ඔන්න ඉතින් ඔය අස්සෙ මතක් වෙනවා හේවිසි ගහන එක ගැන අප්පච්චි කියපු කතාවක්. දානෙට හාමුදුරුවො වඩම්මගෙන යද්දි මෙහෙමලු හේවිසි ගහන්නෙ,

තම්මැට්ටම : අරක්කු ජුන්ඩයි බත් ජුන්ඩයි, අරක්කු ජුන්ඩයි බත් ජුන්ඩයි
දවුල : දැන් දෙයි, දැන් දෙයි
හොරණෑව : තාම නෑ...........

ඔය අප්පච්චි කියපු විදිහ. හැබැයි ඉතින් කොල්ලො නම් කියන්නෙ මෙහෙම,

තම්මැට්ටම : රන් තඹ වන් කකුල් පෙනේ, රන් තඹ වන් කකුල් පෙනේ
දවුල : දැන් දුන්නොත් දැන් ගහනවා, දැන් දුන්නොත් දැන් ගහනවා
හොරණෑව : අපිට ඕවා නෑ... අපිට දෙන්නෙ නෑ....

දැන් වත් කියන්න ආපු කතාව කියන්නම්කො...

ඉස්සර බාප්පලා කොල්ලො කාලෙ වෙච්චි සංගදියක් තමයි මේ. හැබැයි ඔන්න මේකට නම් අපෙ උන්දලා සම්බන්ද නෑ. කරපු එකා කවුද කියලා මේ වෙනකම් දන්නෙත් නෑලු. එක පාරක් ගමේ තිබුණු පිරිත් ගෙදරක තමයි මේ දේ වෙලා තියෙන්නෙ. පිරිත් කියද්දි රෑට සැරින් සැරේ හේවිසි සද්ද කරනවනෙ. ඉතින් ඔය වගේ වෙලාවක තුන් දෙනා හේවිසි සද්ද කරලා බෙර දෙකයි, හොරණෑවයි බිත්ති කොටයක් උඩින් තියලා තේ බොන්න හරි කන්න හරි ගිහින්. ඔය වෙලාවෙ ඔතන හිටපු මොකෙක් හරි අසමජ්ජාතියෙක් අර හොරණෑවෙ කට තියන තැන ඉපියගෙයි, රවුම් පෙත්තෙයි නයි මිරිස් කරලක් ගාලා. කොහොම හරි මූ නයි මිරිස් කරලක් පොඩි කරලා හොඳටම අතුල්ලලා අර තුන් දෙනා එන්න කලින්.


ආපහු හේවිසි සද්ද කරන වෙලාවත් ආපු නිසා හොරණෑව පිඹින කෙනා නයි මිරිස් ගාපු බවක් නොදැන පිඹින්න අරන්. ටික වෙලවකින් මේ මනුස්සයා හොරණෑව පැත්තකට දාලා කෑ ගහන්න ගත්තලු පිරිත් සද්දෙටත් වඩා හයියෙන් මිරිස් ගාපු එකාගෙ හත් මුතු පරම්පරාවටම පිං දිදී. කට්ටියට හිතා ගන්න බෑලු මොකද මේ වෙන්නෙ කියලා. හාමුදුරුවොත් පිරිත් නවත්තලා දුවගෙන ආවලු මේ මොකද බලන්න. අනේ ඉතින් ටික වෙලාවක් යද්දි මේ මනුස්සයාගෙ තොල් දෙක ඉදිමිලා පිටට පෙරලිලා ආවලු හරියට අර කාබේරියෙකුගෙ තොල් දෙකක් වගේ. මේ මනුස්සයට කතා කරන්නවත් බැරි වෙලා. කොහොම හරි පිරිත් ගෙදර හිටපු අය ඒ මනුස්සය රෑම ඉස්පිරිතාලෙ අරන් ගිහින්. ඒ යන ටිකට තොල් දෙක පුපුරලා තිබුණලු මිරිස් සැරට. ඕක කරපු එකා ඒ වෙලාවෙ අහු උනා නම් ඉතින් එතන හිටපු උන් නයි මිරිස් උලයි උගෙ අහවල් එකෙත්.

එදායින් පස්සෙ කවුරුවත් හොරණෑව නම් කොහෙන්වත් තියන්නෙ නෑ. කොහෙ ගියත් අතේම තමයි තියන් ඉන්නෙ. අර තැබෑරුමේ කතාවත් ඉස්සරහට කියන්නම්කො....

*** හොරණෑවෙ ඡායාරූපය ගූගල් වෙතින්...


55 comments:

  1. හෙක් හෙක්... විනාසමයි කරන්නෙ නේහ්... බලං ගියාම මාර ආනාදියෝ නොව ඉන්නෙ පව් අප්ප හිහිහැබැයි ඔය කස්ටිය හොදටෙ අවුස්සන්න පුලුවං පොඩ්ඩ ඇත්තං මළ පයිනව

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත... පොඩි දෙයක් ඇති අවුස්ස ගන්න. හැබැයි අර සීයා නම් මරු පොර. මොනා කිවුවත් විහිළුවක් කරලා කට කැඩිච්ච කතාවක් කියනවා මිසක් කේන්ති ගන්නෙ නෑ. අර මිරිස් ගාපු වැඩේ නම් පව් තමයි.

      Delete
  2. අනේ හැබෑට මරු ගමක් කැමායියේ......... කරොත් ඔහොම වැඩක්මයි...... ගමේ නම නම් කියන්නම එපො....... කොටකෙතනට වගේ එස්.ටී.එෆ් එක බස්සයි ගමේ අහින්සකයෙක් ඉන්නව නම් හොයාගෙන එන්ට කියල

    ReplyDelete
    Replies
    1. එස්.ඨි.එෆ්. නෙවෙයි බුද්ධි අංශෙන් ආවත් අපෙ ගමෙන් නම් අහිංසකයෙක් හොයා ගන්න වෙන්නෙ නෑ... ඉන්න උන් ඔක්කොම ආනාඩි තමයි... ඔන්න මං විතරයි ඉන්න එකම අහිංසකයා... :D

      Delete
    2. අනේ පවු මුන දැක්කම දුකේ බෑ අප්පා..........

      Delete
    3. රත්තරං ටිකට ඉන්න කොල්ලා......

      Delete
  3. යකෝ මාර උං ටිකක්නෙ මේ ගමේ ඉඳල තියෙන්නෙ. ගමේ හතර මායිම පනින්නවත් හොඳ නෑ මුං ඉන්නකල්.

    ReplyDelete
    Replies
    1. මේකෙ ඉන්න එකත් හරියට දත් තිස් දෙක මැද්දෙ දිව තියෙනවා වගේ තමයි ඉතින්... ඔන්න ඔහෙ වෙලාවක ඇවිත් යන්න...

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. ඇමරිකන් පයි 4 ෆිල්ම් එකේ, බෑන්ඩ් එකේ ඉන්ස්ටෘමන්ට් වලට පෙපර් ස්ප්‍රේ ගහපු හැටි මතක් වුනා. කෂ්ටිය අඬ අඬා බෑන්ඩ් ගැහුවෙ ඈ...

    ReplyDelete
    Replies
    1. පෂ්ට පිලුම් එක් නේද අප්පා......?

      Delete
  6. /තම්මැට්ටම : රන් තඹ වන් කකුල් පෙනේ, රන් තඹ වන් කකුල් පෙනේ
    දවුල : දැන් දුන්නොත් දැන් ගහනවා, දැන් දුන්නොත් දැන් ගහනවා
    හොරණෑව : අපිට ඕවා නෑ... අපිට දෙන්නෙ නෑ..../

    මේක පට්ට යකෝ...!

    අපේ ඉස්කෝලෙ තිබ්බෙ ඔරියන්ටල් බෑන්ඩ් එකක්. ඒක ප්‍රැක්ටිස් කරනකොට සැරයක් අපේ කොල්ලෙක් අමු අඹයක් අරං ගිහිං උං ඉස්සරහ තියන් කෑව බං... බටනලා නාදය ටිකෙන් ටික වෙනස් වෙච්ච හැටි මැවිලා පේනවා...

    අපේ බාප්පයි තාත්තයි කන්තලේ ගස් කපන කාලේ... එක සැරයක් වාඩියෙ පරිතක් කිව්වලු. ආටානාටිය කියද්දි මහ හයියෙං සද්ද කරන්න ඕනෙ නෙ. ඉතිං කරන වැඩේ බැරල් එකක් තියාගෙන ඒකට 'ඩං.....' ගාලා ගහනවලු. තාත්තයි බාප්පයි මහ පාන්දර නිදාගෙන ඉද්දි මේ සද්දෙට උඩ ගිහං ඇහැරිලා, කුණුහරුපෙකුත් කියාගෙන නැගිටලා ගිහිං, අර බැරල් එක දෙපැත්තෙං උස්සලා පද්දලා පද්දලා වීසි කළාලු.

    ReplyDelete
    Replies
    1. මට තම්මැට්ටං සද්දෙ අැහිලා තියෙන්නෙ “රඹ කඳං වගෙ සුදු කකුල් දෙක//“ කියලා තමා.

      Delete
    2. ඩ්‍රැකී,
      උඹලගෙ තාත්තයි, බාප්පයි එක්ක අපෙ අප්පච්චියි, බාප්පයි දෙන්න සෙට් කලා නම් කොහොම තියෙයිද කියලා කල්පනා කලේ..... අනේ අම්මෙ......

      මධු,
      උඹට ඉතින් ඔහොම ඇහුනෙ නැත්නම් තමයි පුදුම...

      Delete
  7. අර ටෝන් ටිකනම් පට්ට..................... දැන් දුන්නොත් දැන් ගහනවා.................. සුපර්........

    ReplyDelete
    Replies
    1. මේ අංකල් පැත්තකට වෙලා ඉන්නද? එනවා මෙතන ගහන්න..අපි වගේ යං කොල්ලො ඉන්නකොට මැන්ටලේ රිංගනවා

      Delete
    2. කුරුටු,
      කොහොමද ඔය පෙරහැරක පිටිපස්සෙන් යන ගමන් කොල්ලො ටික ඉන්න තැන ඕක කිය කිය යනකොට...?

      මෙන්ඩා,
      යං කොල්ලො කියලද කිව්වෙ...? යං... යං... ඔහොම යං....

      Delete
  8. තම්මැට්ටම : රන් තඹ වන් කකුල් මැද සුද්දිගේ පුක දැක්කද බොල
    දවුල : දැන් දුන්නොත් දැන් ගහනවා, දැන් දුන්නොත් දැන් ගහනවා
    හොරණෑව : අපි ඕවාට නෑ...නෑ... අපිට ඔවා බෑ....බෑ.

    එල ද බ්‍රා කතා ටික

    ReplyDelete
    Replies
    1. මේ තම්මැට්ටං කාරයා මෙහේට එන සුද්දියන්ව දැකලා නෑ මයෙ හිතේ.

      Delete
    2. මෙන්ඩා,
      කොහෙද බං සුද්දියන්ට රන් තඹ වන් කකුල් තියෙන්නෙ...? කැරපොතු සුද මිසක්... නොදකින් විතරක්....

      මධු,
      ඕකා දන්නෙ "තන් මට්ටම්" බොල.....

      Delete
  9. අර තම්මැට්ටං පදේ මං අහල තියෙන්නෙ මෙහෙම
    රඹ කදන් වගෙ සුද්දිගෙ ගල් දෙක - රඹ කදන් වගෙ සුද්දිගෙ ගල් දෙක
    හොරණෑ කාරය අපේ මදුව වාගෙ මැන්ටල් ඩයල් එකක්. උෟ ගහනවලු මෙහෙම
    අපට ඕව බෑ බෑ - අපි ඕවට නෑ නෑ

    ReplyDelete
    Replies
    1. තොගෙ ආච්චිට හාල් ගරපිය කැමරා හොම්බා.........
      ටිකක් කිට්ටුවෙන් යනවා තම්මැට්ටම.

      Delete
    2. දිලා,
      දැන් මැන්ටලේ කාලෙ ඉවර වේගෙනලු යන්නෙ...... පත්තු කරලා නැති වෙලාවට ටික ටික කුඩු හැලෙනවලු....

      මධු,
      තම්මැට්ටම වදින තාලෙට හරියන වචන දාන එක අමාරුයි. ඒක ස්පීඩ් වචින ටෙම්පො එකක්නෙ තියෙන්නෙ.

      Delete
    3. මදාවියෝ ..අනිතිමට ගහන්නේ ....

      රන් කඳ රන් කඳ මොනවා කරන්නද
      දැන් යමු දැන් යමු පාළු කනත්තට ....

      Delete
    4. ඒකනම් සිරාම බෙර පදේ සින්දු....

      Delete
  10. පන්සලේ, මළගෙදර ගහන හේවිසියටත් අර්ථකථන දෙන අමුම අමු මිත්තියා දුරුස්ටිකයො ටිකක් මුං නං. (මේක ලියපු එකා සහ කොමෙන්ට්ස් දාපු හැම එකාම...ඕ යේස් හැම එකාම)

    ReplyDelete
    Replies
    1. එතකොට උඔ දාලා තියෙන්නෙ ධම්ම පදයද?

      Delete
    2. මධු,
      එතකොට උඹ බබා.....? සූප්පුවක් ගහගෙන පැද්දියන් දෙපැත්තට.....

      මෙන්ඩා,
      අන්න කතාව බං..... දැන් දීපංකො උත්තර මධාවියෝ....

      Delete
    3. නිකංම නිකං දම්මපදේ නෙමේ...ධම්මපද ප්‍රදීපය, හුහ්!

      Delete
    4. අඩෝ කැමා,
      ගලවපංකො සූප්පුව පුළුවන්නං... අඬන හැටි පෙන්නන්න.

      Delete
    5. පිටිපස්සෙ ගහපු සූප්පුවද මධුවෝ....?

      Delete
  11. අඩේ... කියවනකොටත් කෙල ආවා බං.. ඇයි බං ඈත ඉඳන් අල්ලන්නෙවත් නැතිව කිචි කවනකොට දඟලන එවුන් ඉන්නෙ.. පට්ට ආතල්.. පව් තමා.. ඒත් ආතල්... හෙහ් හේ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. එහෙම පොරක් අපෙ ගමෙත් ඉන්නවා. අනේ ඌට බස් එකේදි දෙන වදයක්. ඇඟිල්ල දික් කලත් "හුක්" කියනවා. පව් බං එහෙම උන්ට වද දෙන එක නම්. ඒත් ඉතින් අපෙ තියෙන වසල ගතියට පව් පිං පේන්නෙ නෑනෙ.

      Delete
  12. පතිරූප දේස වාසෝච....
    උප නූපන් ආත්මෙක මෙහෙම ගමකනම් ඉපදෙන්න නරකයි මේ වගේ අනාදීන් එක්ක....

    ReplyDelete
    Replies
    1. අම්මප බං... මාත් ඕකමයි ප්‍රාර්තනා කරන්නෙ.... ඇයි යකෝ මං වගේ අහිංසක එකෙක් මේ වගේ ආනාඩි ඉන්න ගමක ඉපදුනේ........

      Delete
    2. ඇ යකෝ උඹ එදා මට කීවනේ මිරිස් ගැවේ උඹ කියල

      Delete
    3. ඕකනෙ බැරි.... මේ අහිංසකයව ඕවට අල්ලන්න එපා බොල....

      Delete
  13. ඔය හොරනෑ සිද්ධිය ඔය විදිහටම තියනවා මාතර ආච්චි චිත්‍රපටියේ. ඒකෙ එක තැනක පින්කම් ගෙදරකදී ඔය විදිහටම හොරනෑව පිඹින්න හදනකොටම පොඩි කොල්ලෙක් සියඹලා කනවා. හොරනෑ කාරයාට කීපවිටක් පිඹින්න බැරුව යනවා. බැරිම තැන අර කොල්ලව බැනලා එලවගන්නවා.

    දවුල:- රඹ කඳන් වහේ සුදු කකුල් දෙක - රඹ කඳන් වහේ සුදු කකුල් දෙක
    උඩැක්කිය:- දැක්ක මචං - දැක්ක මචං
    හොරනෑව:- අපි ඕවට නෑ..............අපිට ඔව්ව බෑ.........

    ReplyDelete
    Replies
    1. රඹ කඳන් වගේ කියා නිවැරදි වියයුතුයි.

      Delete
    2. ඔය හොරණෑ ගහන අය සියඹලා එක්ක පුදුම තරහක් තියෙන්නෙ. ලංකාව පුරාම ඔය සෙල්ලම ගිහින් තියෙනවා නේද? සමහර විට ඔය ෆිල්ම් එකෙන් පුරුදු උනාද දන්නෑ....

      Delete
  14. සියඹලා දැක්කාම කටට කෙළ උනනවා? මට නම් එහෙම දැනිලා නෑ. සියඹලා කනකොට නම් ඔව්.

    උඹලගෙ ගම බ්ලැක්ලිස්ට් කරලා, බ්ලොක් කරලා දාන්න ඕනෙ උඹලත් එක්කම.

    ReplyDelete
    Replies
    1. සියඹලා දැක්කාම නෙවෙයි ඩූඩ් කවුරු හරි කෙල පෙර පෙර කරලක් කනවා දැක්කාම තමයි වැඩේ....
      ඉතුරු කතා ටිකත් කිවුවාම මොනා කියයිද දන් නෑ.... :D

      Delete
    2. අනිවා සිතියමෙනුත් අයින් කරලා දාමු..රටේ ලෝකේ එවුන් දැන ගත්තාම අපිටනේ ලැඡ්ඡාව

      Delete
    3. අම්මප මෙන්ඩෝ... මමත් ඒකනෙ ගමේ නම අහුවාම කියන්නෙ නැත්තේ... මුන් වගේ ආනාඩි එක්ක ඉන්න පුළුවන්ද අප්පා....

      Delete
  15. නුවර පෙරහැර යනකොට ක්වීන්ස් හෝටලේ උද තට්ටුවේ ඉඳන් සුද්දියෝ ටිකක් පෙරහැර බලනවලු , එයාලගේ විදිහට සංවරව ඇඳගෙන
    එතකොට
    තම්මැට්ටම ගහන මැදිවියේ පොර - රන්කඳ වගේ කකුල් කොටන් .. රන්කඳ වගේ කකුල් කොටන් කියලා ගහනවලු
    දවුල ගහන ටිකක් තරුණ පොරවල් - දැන් දුන්නොත් දැන් ගහනවා දැන් දුන්නොත් දැන් ගහනවා කියලා ගහනවලු
    අර හොරනෑව ගහන වයසක කෙට්ටු ඩයල් එක - අපිට ඕවා බෑ...... අපි ඕවට නෑ...... කියල පිඹිනවලු

    ReplyDelete
    Replies
    1. ඔතනින් තමයි එහෙනම් ඔය කතාව ඇවිත් තියෙන්නෙ.....

      Delete
  16. "අන්ඩපාලු ගම " ....නෙදකින් තොපි වගේ එවුන් .අර මිරිස් ගාපු එකා අල්ලලා මිරිස් ගාන්න ඕනෑ උගේ අහවල් එකේ ....

    හේවිසි ගහන හැම වෙලා වේම මතක් වෙන්නේ මේ ගීතය මචෝ ...

    පුරහඳට පේන්නට පන්සලේ
    හේවිසි වැයූ මාමන්ඩියේ
    තක දොමිත සුරල් පද කෝ නුමේ
    නුඹ එක්ක නිද්ද මාමන්ඩියේ.....

    ගොක් රැහැන් වේලුණු මංසලේ
    නුඹ ඉන්නවා වාගේ පෙනේ
    පැන් වඩන මළ දොළ ගොම්මනේ
    හේවිසි නැතිව වැලපෙනු පෙනේ.....

    තුන්යම් දුරේ වෙහෙසුණු නුමේ
    මළගම් නො ආ කවුරුද ගමේ
    හේවිසිය විතරක් නොවැයුණේ
    ඇයි නුඹ නමින් මාමන්ඩියේ.....

    ගී පද - රත්න ශ්‍රී විජේසිංහ
    සංගීතය හා ගායනය - ගුණදාස කපුගේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචං

      Delete
    2. අහවල් එකේ මිරිස් ගාපු කතාවකුත් කියන්නම්කො.... අඩේ මාව නම් ඕවට අල්ලන්න එපා...

      අදම තමයි ඕක ඇහුවෙ. ස්තුතීයී සින්දු. මං සින්දු අහන්නෙ නැති එකෙක් නිසා කොහොමවත් ඕවා ඇහෙන්න විදිහක් නෑ මචෝ...

      Delete
    3. ඇයි සින්දුවෝ මේක ..
      කිරුළ මුතු ලිහී සර සර හඬින් වැගිරෙනා
      සුළු මැදුම් දෙතිත පැටලී ගිගිරි වැලපෙනා
      නටනවා නොවෙයි වැහැරුණු දෙපා වෙව්ලනා
      තන තන තාන තම් දෙනා
      තන තන තාන තම් දෙනා

      දිලිසෙනා සේම කරලිය දිලෙන්නේ නැති
      වන්නමක් සේම සුමිහිරි තානමක් නැති
      සකියණි ගිරෙන් ගිරට පැන යන්නට
      ජීවිතෙන් බැරි
      සකියණි ගිරෙන් ගිරට පැන යන්නට
      ජීවිතෙන් බැරි

      කිරුළ මුතු ලිහී සර සර හඬින් වැගිරෙනා

      රඟ බිමෙන් බහින විට ගෙයි සන්තකව ඇති
      නළල් පට මාල හත් පට සින්න වී ඇති
      සකියණි රිදී කාසි සොලවන්නට
      බෙර පදය මදි
      සකියණි රිදී කාසි සොලවන්නට
      බෙර පදය මදි

      කිරුළ මුතු ලිහී සර සර හඬින් වැගිරෙනා

      https://www.youtube.com/watch?v=Y-j4QB_a3A8

      ගායනය - ජානක වික්‍රමසිංහ
      සංගීතය - එච්.එම්.ජයවර්ධන
      පද - රත්න ශ්‍රී විජේසිංහ

      Delete
    4. මේ ගීත දෙකේ සමානත්වයක් තියෙනවා , පලවෙනි එක තමා දෙකම ලියලා තියෙන්නේ රත්න ශ්‍රී විජේසිංහ , දෙවැනි එක තමයි පලවෙනි ගීතය ගායනය කරන්නේ ගුණදාස කපුගේ දෙවැනි ගීතය ගායනා කරන්නේ ගුණදාස කපුගේගෙ ගෝලයා ජානක වික්‍රමසිංහ

      Delete
    5. ඉවාන්,
      ඉස්සර අප්පච්චි පොලොන්නරුවෙ වැඩ කරද්දි හවසට කට්ටිය එකතු වෙලා පැදුරු පාර්ටිය දානකොට ජානක වික්‍රමසිංහ එනවලු. දැනට අවුරුදු 25 කට විතර කලින්.

      Delete
  17. සින්දු අ‍ැනෝ... උඹ නං දෙය‍‍ියෙක් නෙවෙයි. තනිකර දේවාලයක්....
    ඇහැට කදුළු ආව බං මේක කියවද්දි. කොහොම හරි හොයාගෙන අහන්ට ඕනැ. මට මතක් වුණේ සෝමසිරි ලියනගේ මහත්තයගෙ 'කලකිනි ගනදුර දුරු වී යන්නේ' කියන පොත. මේ වගේ අපි අහල නැති වටින සිංදු කොච්චර ඇද්ද?
    අම්මප උඹ ළගක හිටිය නං දෙනව උම්ම එකක්...

    ReplyDelete

 
 
Blogger Templates