කලින් පෝස්ට් එකේදි
හුළුඅත්තකට රතිඤ්ඤයක් බැඳලා දීලා වෙච්ච සංගදිය කිවුවට පස්සෙ ඉතුරු ටිකත් කියන්නම්
කිවුවනෙ. මේක නම් අපෙ තියෙන අසමජ්ජාති කමට කරපු පඩත්තල වැඩක්. ඉස්සර පෝය
දවසට හරි, සල්පිලක් හරි,
පින්කමක් හරි තියෙන දවසට හරි පන්සලට ගමේ
අය එනකොට හුළුඅතු බැඳගෙන තමයි එන්නෙ. හැමෝම ලඟ ටෝච් නෑනෙ. ඉතින් කට්ටිය මේ හුළුඅතු
බණමඩුවෙන් එලියෙ බිත්තියකට හෙත්තු කරලා තියලා ඇතුලට ගිහින් බණ අහනවා. අපි සෙට් එක
ඉතින් ඔය වෙලාවට කරන්නෙ පොඩ්ඩ ඇත්නම් කේන්ති එන උපාසක අම්මලා ටික නෝට් කරගෙන මේ අය
ඇරගෙන එන හුළුඅතු තියන තැන් බලාගන්න එක. ඊට පස්සෙ ඔන්න ඔපරේශන් එක පටන් ගන්නවා.
කොටි බංකරේකට ගහන්න
යනවා වගේ බණමඩුවෙ කොට බිත්තියට මුවා වෙලා දණ ගාගෙන ගිහින් අර බලාගත්තු හුළුඅතු වලට
අපෙ උන් ටික රතිඤ්ඤා ගැට ගහනවා. ඕක කරන්න ඕනෙ ක්‍රමයක් තියෙනවා. නැත්නම් වැඩේ
සාර්ථක වෙන්නෙ නෑ. පොල් කොල වලට තියලා රතිඤ්ඤෙ තදට ගැට ගහන්න ඕනෙ. නැත්නම් වෙන්නෙ
හුළුඅත්ත පත්තු කරන්න කලින් සත්තු සර්පයෝ ඇති කියලා බිමට ගහලා ගන්න නිසා රතිඤ්ඤෙ
වැටෙන්න පුළුවන්. ඒ වගේම හුළුඅත්තෙ ගැටේකට කිට්ටු වෙන්න බඳින්නත් ඕනෙ. එතකොට තමයි
ඕක පුපුරද්දි ගැටේ ලෙහිලා ගිහින් ඳඹු ටික විසිරිලා හුළුඅත්ත නිවිලා යන්නෙ. හොදම
වැඩේ තමයි රතිඤ්ඤෙ අරන් හුළුඅත්තෙ ගැටයක් අස්සට තදට හිරකරන එක.
ඔන්න ඉතින් බණ අහලා
ඉවර වෙලා කට්ටිය ආපහු යනවා හුළු අතුත් පත්තු කරන්. ගමේ එක ලග ගෙවල් වල ඉන්න අය එකට
තමයි යන්නෙ. ඉතින් අර කාණ්ඩ වලට එකතු වෙලා අපෙ උනුත් ගෙවල් වලට යනවා. අනේ ඉතින්
කට්ටිය එදා අහපු බණ ගැන වර්ණනා කර කර දෙවටක් දිගේ හරි අඩි පාරක හරි යනකොට යනකොට
එකපාරටම... "ඩෝං".....
එක යුද්ධයයි. කෙල්ලො
මර හඬ දෙනවා. කොල්ලො හූ කියනවා. ගෑනු අය බය වෙලා කෑ ගහනවා. සමහරු කාණු පල්ලෙ. සමහරු වැටවල් අස්සෙ. පොඩි උන්
අඬනවා. ඒ අස්සෙ අර සැදැහවත් උපාසක අම්මලා සුද්ද සිංහලෙන් ජාතිය අමතනවා රතිඤ්ඤා
බැඳපු උන්ගෙ හත්මුතු පරම්පරාවටම පින් දිදී. ඒ පින් දෙන එක නතර වෙන්නෙ ඉතින් උන්දලා
නින්දට වැටුනාම තමයි. ඊට පස්සෙ ඉතින් අර පත්තු කරලා නැති හුළුඅතු ටිකත් ආපහු ලෙහලා
බලලා තමයි පත්තු කරන් ආපහු ගෙදර යන්නෙ.
ඔය සෙල්ලම කීප දවසක්
කලාට පස්සෙ උපාසක අම්මලා ටික කලේ ගෙදරින් අරන් එන හුළුඅතු ටික බණ මඩුව ඇතුලට අරන්
ගිහින් ලඟින් තියාගෙන හිටපු එකයි. දැන් හාමුදුරුවොත් දන්නවා මේ සිද්දිය. ඇයි ඉතින්
බණ මඩුව ඇතුලට හුළුඅතුත් අරන් ඇවිත් ඉන්නෙ ඇයි කියලා බලනවානෙ. ඉතින් දැන් උන්දලා
හිතන්න ඒකෙන් වත් අපෙන් බේරෙන්න. අපිත් වැඩේ අතඇරියෙ නෑ. අපි කලේ
අපෙ කෙල්ලො
ටික අල්ලගෙන උන්ව ශේප් කරලා උන්ට රතිඤ්ඤා දුන්නා අර උපාසක අම්මල ලඟින් වාඩි වෙලා උන්දැලා
පරිස්සමට තියන් ඉන්න හුළුඅතු අස්සට දාන්න කියලා.
අපි ලඟින් ගිහින් වාඩි
උනොත් සැකෙන් බැලුවට කෙල්ලො ටික
වාඩි උනාට උන්දලා ඕක සැක කලේ නෑ. ඉතින් අපෙ කෙල්ලො ටිකත් වැඩේ නියමෙට කලා. මොකද
ඉතින් බණ අහගෙන ඉද්දි උපාසක අම්මලාට නින්ද යනවනෙ.
ඔන්න ඉතින් කලින් වගේම
බණ අහලා ගෙවල් වලට යනවා කට්ටිය. යන ගමන් කතා වෙනවා මෙහෙම. "අද නම් පඩත්තල
කොල්ලො ටිකට බැරි උනා අපෙ හුළුඅතු අස්සට රතිඤ්ඤා දාන්න. උන් හිතන් ඇති හැමදාම ඕවා
කරන්න. ඒවා කොහෙද අපි එක්ක" කියලා. අනේ ඉතින් ඕහොම කියලා කට ගන්න බැරි
වෙනවා... "ඩෝං".....
එදත් අර යුද්ධෙම තමයි.
අනේ ඉතින් අර උපාසක අම්මලාගෙ කටින් එලියට පනින සුමිහිරි වචන සැට් එක කළුවරේ ගම
හරහා පාවෙලා යනවා....
ඕකෙන් පස්සෙ උන්දලා ඊලඟ ආරක්ෂිත ක්රියාමාර්ගෙට
බැස්සා. වෙනද වගේ ගෙදර ඉඳන් හුළුඅත්තු බැඳගෙන එන්නෙ නැතුව පොල් අතු අග්ගිස් ඇරගෙන
ඇවිත් බණ මඩුවෙන් එලියෙ තියලා බණ අහන්න ගත්තා. එහෙම කලේ උන්දලා ආපහු යන වෙලාවට
හුළුඅතු බැඳගෙන යන්න. එතකොට රතිඤ්ඤා තියන්න බෑනෙ. අපි සැලෙයි ඕවට. අපි කලේ පොල්
අතු අග්ගිස්සෙ මැද හරියට වෙන්න ලොකු පොල් කොලේක මුලට වෙන්න කොලේ මැද්දෙන් රතිඤ්ඤෙ
තියලා නූලකින් හැටගහපු එක. ටිකක් ලොකු පොල් කොලේක ගැටගැහුවාම ඕක කලුවරේ පේන්නෙ නෑ.
පොල් අතු අග්ගිස්ස ගසා දැම්මට රතිඤ්ඤෙ වැටෙන්නෙත් නෑ.
ඔන්න ඉතින් බණ අහලා
ඉවර වෙලා කට්ටිය අපිට හිනා වෙවී හුළුඅතු බැඳගෙන ගෙවල් වලට යනවා. "අද නම්
අසමජ්ජාති හැත්තට මුකුත් කරගන්න බැරි උනා. ඕකුන්ට හොඳ වැඩේ" කිය කිය. මේ පාර
රතිඤ්ඤෙ තියෙන්නෙ හුළුඅත්ත මැදට වෙන්න නිසා වෙනදට වඩා වැඩි දුරක් අවුලක් නැතුව
යද්දි කට්ටිය අපිට කෝචොක් එකට හිනා වෙවී කලින් දවස් වල රතිඤ්ඤ සද්දෙට බය වෙච්චි
ඒවා කිය කිය සංතෝසෙන් යනවා. අනේ ඉතින් ඔහොම යද්දි ආයෙත් සැරයක්...
"ඩෝං".....
එදා නම් ඉතින් උපාසක
අම්මලා විතරක් නෙවෙයි අනික් ගෑනු ටිකත් රතිඤ්ඤා බැඳපු උන්ගෙ ගෙවල් වල උන්ට පින්
දුන්නා මදි නොකියන්නම. අන්තිමට ඕකෙන් වාසියක් උනේ කඩේ මුදලාලිට තමයි. මිනිහා කඩේ තිබුණු
ටෝච් ටික ඉක්මනට විකුණා ගත්තා ඔය සෙල්ලම නිසා.
දැන් නම් ඉතින්
ආසාවකටවත් හුළුඅත්තක් දකින්න නෑ. තව එක කතාවක් තියෙනවා හුළුඅතු ගැන. ඒක ඊලඟට
කියන්නම්කො.....
*** ඡායාරූපය ගූගල් වෙතින්....
අනේ හැබෑට ඔය නස්කූනි කොල්ලො ටික දැං කොයි කැමා (අයියේ) .......
ReplyDeleteඅපේ අක්ක නම් දවසක් අලුත් අවුරුද්දට කිරිබත් උයද්දි රතිඤ්ඤයක් දැම්මලු ලිපට හිතැගත්තෑකිනේ පස්සෙන් පහු උනේ මක්කයි කියලා.....
දැන් සෙට් එක තැන් තැන් වල විසිරිලා. ඉඳලා හිටලා සෙට් උනොත් තමයි. අයියෙ කියන්න ඕනෙ නෑ මචෝ... ඕන්න ඔහෙ උඹ බං බොලං කියහං. ඒක හිතට දැනෙනවා වැඩී.
Deleteඅක්කට සබ්බුව හම්බෙන්න ඇති නේද අම්මගෙන්...?
හපොයි කියල වැඩක් නැලු....... ඒත් එතකොට මං ඉලදිලා නැලු ...... මට බලන්න උනේ නෑ නෙව උන් කියන එකක් තමයි රස කරකර...
Deleteමට හිතාගත්තෑකි වෙච්චි අලකලංචිය... කිරිබත් මුට්ටිය පෙරලිලා, අක්ක බැනුම් අහලා.....
Deleteඋදේ පාන්දරම ලේ පිරිසිදු වෙන්න ලැබුණා...
ReplyDeleteඋඹල නං බං මහ අසමජ්ජාති සෙට් එකක්. දාහං පහක්.
දාහං පහක් නෙමේ බං දාහං රතිඤ්ඤයක්.
Deleteආයෙත් අහලා ඩ්රැකියෝ... අසමජ්ජාති වැඩක් කලේ නැත්නම් ඉතින් කෑවෙ බීවෙ නෑ වගේ...
Deleteනිදාගෙන ඉන්න වෙලාවක ඇඳ අස්සට රතිඤ්ඤයක් දාන්න ඕනෙ හඳුන්කූරක් ගහලා.
ප්‍රසා,
Deleteඕං
ඩෝං
(කොහොමද මගෙ දෙපද කවිය?)
අනේ
Deleteපනේ
නෑ..
ඕන්නෑ... (කොහොමද මගේ කවිය?)
යකෝ.... මෙන්න මුන් මේකෙ කවි ලියන්නත් පටන් අරන්...
Deleteඅනේ මධුවෝ ඔන්න ඔහෙ මේකෙත් ලියලා දාහං...
අනේ
Deleteපනේ
ත_
වැනේ
කොහොමද මගෙ කයිය?
උඹ විතරයි අඩු වෙලා හිටියෙ......
Deleteඅහ් එහෙනම් ඩිල්ෂානුත්,
Deleteකයිය පද බැඳගෙන
කයි පද කරට අරගෙන
ඈ!
@ ඩූඩ් - මං ඉතිං කොහොමත් 'කයිය පට බඳින්ට' කැමති එකා නෙව... හැක්.
Deleteහපෝයි... මේකනම් හරියන්නෙ නෑ... මුන් ටික මාවත් විකුණයි වගේ... :D
Deleteමේං මගෙ මේල් එක. අර හාවගෙ කතාව එවහං ඈ...
Deletedrackey@gmail.com
යකෝ මුං ටික ගමක තියාගන්න වටින්නෙ නෑනෙ.
ReplyDeleteඔය වෙලාවට උපාසකම්මලගෙ මුවෙන් පිටවෙන ශ්රද්ධාවන්න වචන ටික හාමුදුරුවන්ට ඇහුනනං එහෙම හාමුදුරුවො ඒ වෙලාවෙම සෝවාන් වෙයි.
(ඇත්ත කියහං බොලා කඩේ මුදලාලියගෙන් කොමිස් එකක් ගත්ත නේද?)
ගමේ උන්ගෙන් ඇහුවොත් කියයි මොනා උනත් රත්තරං කොල්ලො ටික කියලා.... :D
Deleteඋන්දැලාගෙ වචන සෙට් එකේ ආයෙ ඉතින් බීපු එකෙක්වත් නොකියන කතා තියෙන්නෙ. හාමුදුරුවන්ට පපුවෙ අමාරුව හැදෙනවා ඒව ඇහුවොත්.
ඒ කුණු මුදලාලිට අපි දෙන්න වෙයි කොමිස් එකක්. හැබැයි අපෙ එකෙක් හිටියා එකම පොල් ගෙඩිය දහ සැරයක් විතර ඔය මුදලාලියටම ගිහින් දෙන.
//අපේ කෙල්ලො// !? හුහ් පන්සල් ගිහිං කොරන වැඩ නේද ඔය?
ReplyDeleteමෙහෙමත් නසරානි ටිකක්නං... යකෝ උපාසක අම්මලගෙ හුළු අත්තක්වත් ඉතුරු කරලා නෑනෙ මේ යක්කු.
අපි ඉතින් පන්සල් යන්නෙ බණ **ලන්න මිසක් බණ අහන්නයැ මධුවෝ.... පන්සල් ගිහින් පුළුවන් තරමක් පවු පුරවන් තමයි එන්නෙ....
Delete(යකෝ ඉවානයා දකී)
උපාසක අම්මලත් ඕකම කියලා බැන්නා බං....
මදාවි,
Deleteඋපාසකම්මලගෙ අත්ත - හුළු ද?
මං ගියපාර එකෙත් ඇහුවා බං. කොහෙද මූ හරි උත්තරයක් දෙන එකක්යැ.
Deleteඋත්තර දෙන්න පුළුවන්ද බං ඔවට... දැක්කනෙ වන වන යන එකක් කියලා අහගත්තු ඒවා මදෑ....
Deleteහුළු අතු කියන එක මට පේන්නෙම වෙන විදියකට... සම හරක් විට හැදියාව නිසා වෙන්න ඇති...
ReplyDeleteඅම්මෝ.... මෙන්න මාතා ඇවිත්. දෙය්යෝ දැක්ක වගේ...
Deleteඔය වචනෙ ඉවානයත් ඔහොමම දැක්කා.. කැත හිත තමයි... :D
අපේ පන්ති වල හිටියා හුළුගල්ල කියලා කොලෙක්.ඌට කියපු නම හිතාගන්න ඇහැකි නෙ?
Deleteයකෝ අපෙ පන්ති වලත් හිටියා එකෙක්. අනේ ඌට ඒ කාලේ කියපුවා...
Deleteනොදකින් විතරක් නස්පුක් කොල්ලෝ... හොර වැඩක්, අසමජ්ජාති වැඩක් කරන්න නම් අප්‍රතිහත ධෛර්ය තියෙයි ඉහටත් උඩින්. නැද්ද?
ReplyDeleteඑහෙම කිව්වට ඉතින්, හෙහ්... ඒ කාලේ... හෙහ් හෙහ්...
ඔය කාලෙට හොඳ නරක බලනවායැ... මොන ගේමක් හරි දීලා ඕක කරනවා මයි. උපාසක අම්මලා ටික අපෙන් ගේම ඉල්ලුව නිසා තමයි වැඩේ අත ඇරියෙ නැත්තෙ...
Deleteහපොයි හපොයි... වැඩේ අතඇරලා නෑ නේද ... හි.. හි...
ReplyDeleteඅපි සැලෙයි ඕවට... උන්දැලා හිතන්න ඇති අපි වැඩේ අත අරීවි කියලා....
Deleteයකෝ, තොපි ටික හමුදාවට ගත්තනම් LTTE එකේ 'වන් ෆෝ බේස්' එකට ගහන්න තිබුනා දවස් දෙක තුනකින්.
ReplyDeleteහිහ් හිහ් 'ඔපරේෂන් හුළු අතු' නියම කතා සැට් එක.
ඒකනෙ කියන්නේ... අපෙ හැකියාවන්ගෙන් වැඩක් ගත්තෙ නැති එකයි වැරැද්ද.... තව එක කතවයි තියෙන්නෙ. ඒ තමයි හොඳම එක...
Deleteඅඩෝ මේ ලිපි ටික එල ද බ්‍රා
ReplyDeleteමම මේ ටික පොඩි මෙන්ඩටයි සදුටයි කියනවා.
උඹ හොඳයි කියනවා නම් ඉතින් ආයෙ අහන්න දෙයක් නෑ මෙන්ඩෝ...
Deleteඕව කොල්ලට කියන්න එපා බොල. උෟ උඹේ කොහෙ හරි රතිඤ්ඤයක් ගැටගහයි
Deleteකොහොමද අර වැල්ලෙ පිපුනයි කියපු එකේ ගැට ගැහුවොත්....?
Deleteමෙන්ඩගෙ බිජ්ජෙ රතිඤ්ඤ වැලක් ගැටගහලා, පත්තු කරලා, අතඅරින්න තියෙන්නෙ, පැක්ටරියෙදි.
Deleteෆැක්ට්‍රියෙ කෙල්ලො ටික තෝව මරන් කාවි ඩ්රැකියෝ......
Deleteපොඩ් මෙන්ඩා ලොකු මෙන්ඩාගෙ ලොකු කලිසමක පොඩි රතිඤ්ඤයක් සෙට් කරලා තිබ්බා කියලා ලොකුවට ගණනං ගන්න එපා පොඩි ලමයි....
Deleteබලහං මේ අහිංසක මෙන්ඩට මුන් කියන පඩත්තල කතා.....
Deleteතොපෙ අම්මලට හැම නියං කාලෙම වතුර ලැබෙන්න ඕනේ කියලා සුභ පැතුවද උපාසකම්මලා ටික?
ReplyDeleteඔව් ඩූඩ්... ඒ සමහර කතා අපි අහලාවත් නැති ඒවා... අනේ අම්මෝ අර සිල් රෙදි පොරවන් ඉන්න උන්දැලද කියලා හිතෙනවා...
Delete@ඩූඩ් - මරු වචන සෙට් එක කවුරු හරි අසමජ්ජාතියෙකුට බනින්න.
Delete@කැමා - සිල් රෙදි පොරවං ඉන්න අතිබහුතරයක් ඔහොම තමා. ටිකක් කුප්පල ගත්තාම තමා නියම සීලෙ පේන්නෙ
ඇත්ත දිලෝ... වැඩි හරියක් ලෝකෙට පෙන්න තමයි සිල් රෙදි පොරවන් ඉන්නෙ...
Delete@ඩිල්ෂාන්: ඩිල්ෂාන් ඔන්න ආයෙම බලාපං එකම එක නරක වචනය තියෙනවද කියලා. හොහ් හොහ්. Disclaimer. :D
Deleteමෙන්න මා දුටු උපාසකම්මා.
Deleteඒක මරු මධුවො. කවි ටික ප්‍රින්ට් කරලා අපෙ බණ මඩුවෙ අලවන්න ඕනෙ බණ දවසට. මේ පාර පෝයට දෙන්නම් වැඩේ.
Deleteඅඩෝ හුළු අතු රතිඤ්ඤයා
ReplyDeleteආ... මෙන්න අර කැබ් එකේ ගියපු මහත්තයා............
Deleteඅඩෝ...අළු... (නෑ එක්කො ඕන්නෑ)
Deleteකියහං කියහං ආයෙ ඕක හංගන්න ඕනෙ නෑ....
Deleteඅප්පා කැමා ෆොටෝවක් ගන්න කැමරාව මෑනුවත් දුවන්ඩ ඕනෙ. උඹ නිකං දෙකට ගනින්න බෑ වගේ හිටියට හපුයියෙක්නෙ.
ReplyDeleteඒකෙන් මේකෙන් ෆොටෝ ගැහිල්ලටත් කෙලවෙයි වගේ......
Deleteඅනේ බං මං අහිංසකය... ඕවා මේ අසමජ්ජති කොල්ලො මාව අල්ලන්ට කොරන වැඩ...
උඹ පොඩිකාලේ ඉඳලම හුළු අත්තට කැමතියි නේද?
ReplyDeleteආයෙත් අහලා......
Delete