කලින් පෝස්ට් එකේදි
මහසෝනෙක් ගැන කියද්දි හුළුඅත්තට රතිඤ්ඤා බැඳපු කතාවක් කියන්න පටන් ගත්තු නිසා මේ
පාර ඒ ගැන කියන්න හිතුවා. ඉස්සර ගමේ හැමෝම ලඟ විදුලි පන්දමක් (තේරෙන සිංහලෙන්
කිවුවොත් ටෝච් එකක් හෙවත් බැටරියක්) නැති නිසා හැමෝම වගේ රෑට ගමන් බිමන් යද්දි
පාවිච්චි කලේ හුළුඅතු තමයි. දැනට අවුරුදු 15 ක විතර ඉඳන් හුළුඅතු පාවිච්චිය නැති උනත්
ඊට කලින් අපෙ ගම් වල රෑට හුළුඅතු අරන් ගමන්
බිමන් යනවා නිතරම දකින්න ලැබුණා.
ඒ දවස් වල කට්ටිය
හුළුඅතු බඳින්න විශේෂඥයෝ වෙලා හිටියෙ. වැඩිපුරම පොල් අතු අග්ගිස් තමයි ඕකට ගත්තෙ. හොඳ ලොකු වේලිච්ච
හනසු වලින් බඳින්නත් පුළුවන්. ඒත් වැඩේ ලේසි නිසාත් හොඳ එලියක් තියෙන නිසාත් පොල්
අතු අග්ගිස් කීපයක් අරන් එකට තියලා කීප පොලකින් ගැට දාලා ගත්තාම හරි. ඕකත් නියම
විදිහට ගැට ගැහුවෙ නැත්නම් එක්කො පත්තු වෙන්නෙ නෑ, නිතරම නිවිලා යනවා, ඉක්මනට ඇවිලිලා ඉවර
වෙනවා වගේ ගැටළු ගොඩයි.
කීපදෙනෙක් එකතු වෙලා
යන ගමනකට නම් හුළුඅතු එලිය ගොඩක් වටිනවා. ඇයි ඉතින් ඕක පත්තු වෙද්දි ලොකු එලියක්
වටේටම විහිදෙනවනේ. ඒ නිසා සතෙක් උනත් මග ඇරලා යනවා. හුළුඅතු එලියෙන් ගමන් ගිය අය
නම් දන්නවා ඇති ඒ එලියට වටේ පිටේ තියෙන දේවල් පේන්නෙ කොහොමද කියලා. නිතර අඩු වැඩි
වෙවී නටන ගින්දරත්, හුළුඅත්ත
නිවෙන්න නොදී ඉහල පහල වනන නිසාත්
වටේ තියෙන දේවල් උස් පාත් වෙවී නටනවා වගේ තමයි පේන්නෙ. ඒක අමුතුම හැඟීමක් ගේනවා
කැලෑ පාරක යනකොට.
ඔන්න ඉතින් කතාවට
බහින්නම්කො. නැත්නම් අදත් මධාවියා කියයි බෙරගැහුවා විතරයි මහ පිරිත කිවුවෙ නෑ
කියලා...
මං පොඩි දවස් වල
අප්පච්චි එක්ක එකතු වෙලා කරපු අසමජ්ජාති වැඩක් මේක. අපෙ ගෙවල් පාරෙ පහලට වෙන්න
තිබුණු ගෙදරක හිටපු මාමා කෙනෙක් තමයි මේකට අහුඋනේ. ඒ දවස් වල මම අර කලින් කියපු අපෙ ගෙවල්
පාරෙ පාළු
හරිය වෙනස් වෙලා තිබුණු නැති කාලෙ. අපෙ ගේ ලඟින් කරන්ට් ලයින් එකත් ඉවර නිසා
පන්සලයි අපෙ ගෙදරයි පහු උනාම පෝය දවසක උනත් කළුවරේ අත ගගා තමයි යන්න වෙන්නෙ ඔය
පාරෙ.
ඉතින් අර කියපු මාමා
හැමදාම හවසට කසිප්පු පොට් එකට ගිහින් කන සාක්කුවට වැටෙන්න ගහන්න පුරුදු වෙලා
හිටියෙ. ටිකක් වෙරි වේගෙන එනකොට සිංහයා මතු වෙන්න ගත්තාම ඔන්න ඉතින් චන්ඩියා. ඊට
පස්සෙ ඉතින් ගෙදර ඉඳන් කසිප්පු පොට් එකට ආවා වගේ තුන් හතර ගුණේක දුරක් ගෙවාගෙන
ගෙදර යන්න ගන්නවා. ඇයි ඉතින් එනකොට පාරෙ කෙලින් ආපු මිනිහා යනකොට සිග් සැග් යනවනෙ
පාර පුරා. මිනිහා එන්නෙත් නිකන් නෙවෙයි. ගෙදර ගෙනියන්න කඩෙන් ගත්තු මොනා හරි
කිහිල්ලෙ ගහගෙන, අහවල් එක පේන
නොපෙනෙන ගානට එක අතකින් සරම උස්සගෙන, සුද්ද සිංහලෙන් ජාතිය අමතන ගමන් පාරෙ මෙහා කෙලවරෙන්
අනිත් කෙලවරට විසි වෙවී තමයි එන්නෙ. මිනිහට ඒ වෙලාවට ගන්න ලස්සන වචන සෙට් එකක්
තිබුණා. "උගෙ අම්මට....." කියල පටන් අරන් තියෙන කුණුහරප සේරම කියාගෙන
මොකෙක්ට හරි බැණ බැණ තමයි එන්නෙ. පංසල හරියෙදි හාමුදුරුවන්ට බනින්න ගන්නවා හේතුවක්
නැතුවම. ඊට පස්සෙ අපෙ ගේ හරියෙදි බණින එක නවත්තලා නතර වෙලා බලලා අප්පච්චි ඉන්නවා
නම් සරම පාත දාලා ටිකක් කතා කරලා එහෙම ගිහින් ආපහු වත්තෙ මායිම පහු උනාම අර බැණගෙන
ආපු එකාට ආයෙ බැණ බැණ යනවා.
මිනිහා වැඩි පුරම
බීගත්තාම ගෙදර යන්නෙ රෑ වෙලා. ඒ දවසට තමයි කරදරේ තියෙන්නෙ අපිට. මේ යකාට හැමදාම රෑ
උනාම ගෙදර යන්න කළුවරයි කියලා පොල් අතු අග්ගිස් ඉල්ලනවා හුළුඅත්තක් බඳින්න. ඒකත්
මූට වෙරි නිසා අපි බැඳලා දෙන්න ඕන. ඉතින් අප්පච්චිත් බැණ බැණ බැඳලා දෙනවා පවුනෙ
කියලා. ඔහොම යද්දි අපෙ එකතු කරලා තිබුණු පොල් අතු අග්ගිස් ටිකත් ඉවර වෙනවා කියලා
අම්මා කුණු කුණු ගන්න ගත්තා ටික දවසකින්. ඒ දවස් වල ගෑස් නැති නිසා ඕවා හරි වටිනවා
කෑම ජාති හදනකොට.
ඉතින් දවසක් අප්පච්චි
වැඩට ගිහින් එද්දි හනුමා රතිඤ්ඤා පෙට්ටියක් ගෙනාවා. ඒවා අද කාලෙ තියෙන පුස්
රතිඤ්ඤා වගේ නෙවෙයි. වැරදිලාවත් අතේ පතු උනොත් ඇඟිල්ලක් දෙකක් ගැලවෙන තරමෙ බඩු.
එදා ටිකක් රෑ වෙද්දි ඔන්න ඇහෙනවා අර මාමා එනවා. ඕක අහුනාම අප්පච්චි ගිහින්
පොල් අතු අග්ගිස් දෙකකුත් ගෙනත් හුළුඅත්තක් බැඳලා තිබ්බා මිදුලෙන්. මටත් දැන් මේක
පුදුමයක් මේ මොකද වෙන්නෙ කියලා. වෙනදට බැණ බැණ හුළුඅතු බඳින කෙනා අද කැමැත්තෙන්ම
බඳිනකොට පුදුම හිතෙනවනෙ.
ඔන්න වෙනදා වගේම අර
මාමා ඇවිත් හුළුඅත්තක් දෙනවද අහද්දි අප්පච්චි බැඳලා තිබුණු හුළුඅත්ත පත්තු කරලම
දුන්නා. ඊට පස්සෙ ඒ මාමා පහලට යනකම් ඉඳලා අප්පච්චි මාවත් අඬගහගෙන පාරට ගිහින්
ටිකක් බලාගෙන ඉන්නකෝ කිවුවා. ඒ වෙද්දි පාර ඩොසර් කරලා තිබුණ නිසා ගල් පඩි තිබුණෙ
නෑ. ඔන්න ඉතින් අපි දෙන්නා බලාගෙන ඉන්නවා. මාමා යනවා හුළුඅත්තත් වන වන පාරෙ
දෙපැත්තට විසි වෙවී. ටික වෙලාවක් යද්දි, හුළුඅත්ත ඔළුවට උඩින් උස්සද්දිම
"ඩෝං" ගාලා පිපුරුවෙ නැතෑ....
ඒකනම් බලන්නම වටිනවා.
මල්වෙඩි සංදර්ශණේක අර ලොකු මල් වෙඩිල්ලක් පුපුරනවා වගේ එක පාරටම මුළු පළාතම එලිය
කරගෙන හුළුඅත්තෙ ඳඹු ටික වටේටම විසිරෙද්දි මාරම ලස්සනයි. ඊට වඩා ලස්සන ඒ වෙලාවෙ අර
මාමාගෙ කටින් එලියට පැන්න වචන සෙට් එක. බලද්දි මිනිහා රතිඤ්ඤ සද්දෙට බය වෙච්ච පාර කාණුවට
විසි වෙලා. කාණුවෙ ඉඳගෙන තමයි දැන් බනින්නෙ. හොදම වැඩේ කියන්නෙ මිනිහා බනින්නෙ
අපිට නෙවෙයි රතිඤ්ඤා හදපු එකාට. අනේ ඉතින් අපි දෙන්නා පාරෙ ඉඳගෙන හිනා වෙනවා
යමරෙට. ඒ අස්සෙ අම්ම පිටිපස්සෙන් ඇවිත් අපිට බනිනවා පවු වැඩ කරනවා කියලා.
පහුවදා හවස ඒ මාමා කඩේ
දිහාට යනගමන් ඇවිත් "උඹලා දෙන්න තමයි දවසකටවත් මිනිස්සු" කියලා අප්පච්චි
එක්ක කිය කිය හිනා වෙනවා. හොඳක් තියෙන්නෙ මිනිහා හොඳට විහිළු අදුනනවා. හැබැයි
ආයෙනම් අපෙන් හුළුඅතු ඉල්ලුවෙ නෑ කවදාවත්ම.
තව හුළුඅතු
කතා දෙකක් තියෙනවා. මේකෙන් කියන්න දිග වැඩි නිසා ඒක ඊලඟ පෝස්ට් එකෙන් කියන්නම්කො…
*** ඡායාරූපය ගූගල් වෙතින්. හුළුඅත්තක ඡායාරූපයක් නම් හොයා ගන්න බැරි උනා....
කියමු කියමු.......... මේ කතා අහන්න අපි ඒක පයින්...................
ReplyDeleteඇයි එක පයින් අහන්නෙ ඔයා කොකෙක් ද?
Delete//කොකෙක්ද?// හි හි.... නිර්මාණශීලි ඇනෝ කෙනෙක්
Deleteඇයි ඇනෝ උඹලෑ අප්පා පාලං කොකෙක්ද
Deleteතව ටිකක් තියෙනවා... හිමින් හිමින් ලියන්නම්කො...
Deleteහෝව්..හෝව් මේ මධුමාධවි රස සරනිය නෙමෙයි..
Deleteඒක නම් ඇත්ත මෙන්ඩෝ... අනේ මන්දා මේකත් ඒ වගේ වෙයිද කියලා...
Deleteඇයි...ඇයි... ඒකට මොකද වෙලා තියෙන්නෙ? වරුවයි ගොඩවෙන්ට බැරිවුණේ...
Deleteඒකට මුකුත් වෙලා නෑ බොල. මුන් ටික ඒකෙ කියන පඩත්තල කතා මේකෙත් කියයි කියලනෙ ඔය මෙන්ඩා කියන්නෙ.
Deleteදාහං අනිත් කතා ටිකත්. පට්ට යකෝ. නිකංම අතීතයට ඇදිලා යනවා මේ කතා කියවනකොට.
ReplyDeleteඔව් ඩ්රැකී... ඒ කාලෙ මතක් වෙද්දි දුකත් හිතෙනවා. දැන් ගම ගොඩක් වෙනස් වෙලා.
Deleteනියමයි. හැබැයි පවුකාර වැඩක්නේ.විහිළු තමයි මොකක් හරි අනතුරක් උනා නම්.
ReplyDeleteඅපෙ අම්මත් ඒ වෙලාවෙ අපි දෙන්නට ඔහොම කියලා තමයි බැන්නෙ. ඒත් ඉතින් අපෙ තියෙන අලුගුත්තේරු කමට ඕවා මතක් වෙන්නෙ නෑනෙ... ඒ මාමා කාණුවට වැටුනට සීරිලාවත් නෑ. කොහොමත් බීපු මිනිස්සුන්ට තුවාල වෙනවා අඩුයිනෙ.
Deleteමොනාද කියන්නෙ ...
Deleteඋලුවස්සෙ ඩීං ගාල ඔලුව හප්ප ගත්තත් මුකුත් වෙන්නෙ නෑ
මේක නම් උඹෙ අත්දැකීමක්ද කොහෙද... බීලා බීලා වද්ද ගත්තා නේද ඔළුව...?
Deleteඋලුවස්සෙ විතරක් නම් මදෑ ඡනෙල් වල
Deleteඋදේට ඔලුවෙ දෙහි රේණු යවන්න අතගානකොට දෙහි ගෙඩි සයිස් බෝල බෝල රිදෙන්න අහුවෙන්නෙ ඇයි කියලා මම මේ කල්පනා කර කර හිටියෙ.. දැං නෙ වැඩේ තෙරුනේ..
Deleteමුන් ඔක්කොම එකයි බලන් යනකොට....
Deleteඒ වෙලාවට ඔය කොහේ කොහේ කොයි කොයි තරං වැදුනත් දැනෙන්නෙම නෑ බොලව්.
Deleteවෙනදට වඩා වෙලා යනවා ඇති නේද ඉවර වෙන්න...?
Deleteහුළුඅත්ත ලඟට ආව මොඩිෆයිඩ් ටෝච් එක තමා, බයිසිකල් ෆ්රේම් එකකින් කපාගත්ත බට කෑල්ලකට, පාන්කඩ තිරයක් දාලා, ලාම්පු තෙල් වක්කරලා හදාගත්ත පන්දම.
ReplyDeleteඋඩරට පැත්තේ බින්න කසාදයක් කරගත්ත පිරිමින්ට කියනවලු, හුළුඅත්තයි තල ඇත්තයි වහලේ ගහලා තියාගනින් කියලා. ඒ කියන්නේ ගෑනිගේ ගෙදරින් කිව්වොත්, උඹව එපා, දැන් පලයන් කියලා, රාත්රියේ නම් හුළුඅත්ත පත්තු කරගන්නවා, එලියට බැහැලා යන්න. වැස්ස වෙලාවක් නම්, ඉහලගන්න තල් අත්ත ඕනේ.
ඔය පන්දම හදිස්සි වෙලාවට ගස්ලබු බටේකිනුත් හදාගන්නව මං දැකලා තියෙනවා.
Deleteතල් අත්තටයි, හුළුඅත්තටයි අමතරව තව හැරමිටියකුත් තියාගන්න කියනවා නේද...? වයසට ගිය කාලෙක බැහැපිය ගෙයින් කිවුවොත් යන්න වෙනවනේ...
ඒ වුනාට ආයෙ බීගත්තාම ඕක මතක් වෙලා කුට්ටම පේන්නම සරම උස්සගෙන බැන බැන ගියේ නෑ කියහං.
ReplyDeleteඅද හුළු අත්ත පත්තුකරපිය මේකෙං කියලා....
Deleteඇත්තටම ඩූඩ් ඔය මනුස්සයා කවදාවත් අපෙ ගේ ලඟින් බැන බැන ගිහින් නෑ. අපෙ ගේ පහු කරන් පහලට ගිහින් තමයි ආපහු බනින්න පටන් ගන්නෙ. එදායි පස්සෙවත් ඕක වෙනස් උනේ නෑ.
Deleteමධාවියා නම් ඕකත් කරයි තමා.... :D අහලා තියෙන විදිහට ඒකත් හුළුඅත්ත වගේළු....
හුළු අත්ත නෙමෙයි බොල.පොල් කොලේ වගේළු.
Deleteමධාවියගෙ නෙවෙයි කසුට්ටෝ... අර මාමගෙ...
Deleteඅඩෝ.... ඉරට්ටකිනුයි පොල්කොලේකිනුයි ඇනගෙන බලපල්ලකො කෝකෙංද සනීප කියලා....
Deleteඇනගංකො හොඳ අලවංගුවකින්.....
Deleteඒ බුවානං මොනව උනත් හොඳ පොරක් වගේ. නැත්තං ඕව කිරිමේල් වැඩ.
ReplyDeleteඉතුරු හුළුඅතු කතා ටිකත් කියල දාන්න.
ඔව් ප්රසන්න ඒ මාමා බීවත් හිත හොඳ මිනිහා. ඒ වෙලාවෙත් බැන්නෙ අපිට නෙවෙයි. හනුමා එකේ රතිඤ්ඤා හදපු උන්ට. පස්සෙ සිහියෙන් ඉන්න වෙලාවට ඕක කිය කිය හිනා වෙනවා.
Deleteඕකට හුළු අත්ත කියන්නෙ ඇයි බං? අළු පාට නිසාද නැත්තං අළු අඩංගු නිසාද?
ReplyDelete(අප්පගෙ හැටියටම ඇති කියලා හිතෙනවා පුතත්)
ඔය හුළු අත්ත කියන කියන වචන දෙකේ මුල් අකුරු මාරු කරලා කියවන්න් ඕන එතකොට තමා නියම තේරුම එන්නේ ,
Deleteඇත්තට ඕකට ඒ නම හැදුනේ කොහොමද දන්නෑ. ඔය ඉවානයා කියලා තියෙන්නෙ ලස්සනට... අනේ අම්මප මුන් නම්... :D
Deleteඅනේ මං අහිංසක එකා බං...
මේ ඉවානයා එක්ක බෑ බං... මහම මහ... වක්රාකාරව දෙයක් කිව්වම ඌ ගලෝනවනේ රෙදි ඔක්කොම.
Deleteඋඹ්ලා ඉතින් උගෙ රෙදි ගලවලානෙ තියෙන්නෙ දැ ඌ දෙනවා රිටන් එක...
Deleteඋඹ නම් හුළු අතු බඳින්න යන්න එපා , කැමරාවක් තියලා බඳියි උඹ
ReplyDeleteමටත් ඕක හොඳට බඳින්න පුළුවන්. ඒ කාලෙ රෑට කොහෙ හරි යනවා නම් මාත් පොඩි එකක් බැඳගෙන වන වන යන්නවා ආසාවට.
Deleteඋඹට නම් බැඳලා දෙනවා අලි ඩොං එකක්වත් තියලා...
//පොඩි එකක් වන වන යන්නවා ආසාවට// ++++++++++++++++++++++
Deleteහපොයි.... ආයෙ වසලා හමරයි මුන් එක්ක...
Deleteකලවා දෙකට ටකරං පතුරැ දෙකක් බැද ගත්තා නම් පෙරහැරටත් ගෙනියන්න තිබුනා.
Deleteටාං.. ටාං.. ගාලා ඝංඨාරෙ වදින්ඩ වෙන්ටෑ.... :D
Deleteඊට හොඳයි අර මිනි ගෙඩියක් එල්ලගෙන පලයං. පොඩි එවුං පස්සෙං එයි ඕසෙට බොම්බයි මොටයි කියලා.
Deleteබලහං හුළුඅත්තක් ගැන කියන්න ගිහින් අහගන්න කුණු කතා....
Deleteබනින්න ඕනනම්, ඇත්තටම ඒ අදාල තැනට බනින්නේ නැතිව, වෙන වෙන තැන්වලට බනින් එකෙන්, ඒ මනුස්සයා ‘හොඳ මනුස්සයෙක්‘ වෙනවද? මේ පාර මම පෝස්ට් එක ලීවේ අපේ මේ හොඳ-නරක විනිශ්චයන්ගෙන් මම මුහුණ දීපු ගැටළුවක් ගැනhttp://syberheartblog.blogspot.com/
ReplyDeleteඉතින් ඒ මනුස්සයා අපිට බැන්නෙ නැති හින්දනෙ මට හොඳ....
Deleteහීීී...... හුළු අතු කතාව ලස්සනයි.
ReplyDeleteතැන්කූ.. තැන්කූ......
Deleteබිව්ව වුණත් ආතල් පොරක් වගේ. නැත්නම් බොලෑ තාත්තට සෙල්ලං වෙන්නෑ වැඩේ. මට මැවිල පෙනුන බං පොර බය වෙලා කාණුවට විසිවෙලා යන හැටි. හැක්
ReplyDeleteපොර හොදට විහිළු දන්න හින්දා තරහා උනේ නෑ... නැත්නම් ආයෙ මූනවත් බලන එකක් නෑ බං...
Deleteඑල ද බ්රා
ReplyDeleteතැන්කූ මෙන්ඩෝ.........
Deleteපොල් අතු අග්ගිස්සක මැදට වෙන්න හනස්සක් තියල, මැදින් වෙලු දාල හදන හුලක් අරන් තමයි ඉස්සර ඕක පත්තු කරන් යන ගමන් අන්නසි වතුවල තියන පොල් අතු වැටට ගින්දර තියල යන එක අනිවාර්යයෙන් කරන දෙයක්.
ReplyDeleteඅපේ දර මැස්සෙ ඕනෙ වෙලාවක හුළු අතු හතරක් පහක් තිබුන.
කැමා රතිඤ්ඤා දාපු හුලු අත්ත පත්තු උනාට පස්සෙ අරූගෙ වෙරි හිදිල ආපහු බොන්න ගියාද දන්නෙ නෑ.
අනේ ඉතින් පහුවදාට වතු අයිති උන් බනිනවා ඇති පලු යන්න උඹලගෙ...
Deleteඉස්සර ගෙවල් වල දර මැස්සෙ හුළුඅතු කිහිපයක් රෙඩි පිට තියෙනවා නෙද හදිස්සියට ගන්න.
අඩේ මන් නෙවෙයි ඕක කලේ. අප්පච්චිගෙ වැඩක්. මං එතකොට පොඩි එකා...
අපිත් ඔයවගේ වැඩක් කලා එකෙකුට. සිගරට් බාගෙ ඉල්ලගෙන එන එකෙකුට දුන්න මැදට ගිණිකූරු බෙහෙත් දාපු සිගරට් එක.
ReplyDeleteගිනිකූරු වෙඩි බෙහෙත් ටිකක් ඊයම් කොල කෑල්ලක තද වෙන්න ඔතලා දාන්න ඕනෙ. අරූ ආයෙනම් කොට ඉල්ලන්න නැතුව ඇති.
Deleteහැම පෝස්ට් එකටම කමෙන්ට් කලේ නැතුවට තරහ වෙන්න එපෝ...
ලෙසටම.... යකෝ ඔය කඳු පළාතෙ පල්ලමකට වත් පෙරලුනා නම් හෙම..? මක්ක උනත් ආතල් වැඩේ.. ආතල් විදිහටම ලියල තියේ..
ReplyDeleteජයවේවා..!!
පොර කොහොමත් බීගත්තාම ඕකෙ හතර ගාතෙන් යන්නෙ ඒ හින්දා අවුලක් නෑ..
Deleteඋඹලා වගේ හොඳට තාම ලියන්න බෑ බං...
නොදකින් අසමජ්ජාතියෝ.....බලපන් ඉතින් බයවුන පාරට වෙරි බැස්සහම ඒ මිනිහා ආපහු ගිහින් බොන්න එපැයි වියදම්කරගන.
ReplyDeleteයකෝ මුන් බොන උන්ට පුදුම ආදරයක්නෙ තියෙන්නෙ......
Delete