Pages

Tuesday, June 23, 2015

කැමරාවෙන් වෙඩි තියන්න......




ඡායාරූප ශිල්පියා ගැන කියවෙන ලස්සන වචන ටිකක් බුකියෙන් දැක්කට පස්සෙ ඒ ගැන පොඩ්ඩක් ලියලා දාන්න හිතුනා... ඒ වචන ටික සටහන් කලේ කවුද කියලා නම් තිබ්බෙ නෑ. ඒ ටික කියපු කෙනා කවුරු උනත් ඒ කියලා තියෙන කතාවෙන් නම් මග අරින්න බෑ...

Sunday, June 21, 2015

සෙරෙප්පුද... සපත්තුද...?




සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා කියනවා වගේ අඳින ඇඳුමෙන් මිනිහෙක් ගැන මනින්න එපා කියලා කිව්වත් තාම මේ සමාජෙ සලකන්නෙ ඇඳන් ඉන්න ඇඳුම දිහා බලලා කියන එක නම් ඕනම කෙනෙකුට අත්දැකීම් ඇති.

Monday, June 8, 2015

ආදර කුක්කා....




කුක්කා කියපු ගමන් හිතන්න එපා පොශ් නොනලා ඔඩොක්කුවේ තියාන හුරතල් කරන පොලොස් ගැට වගේ සැපට ඉන්න හුරතල් බලු කුක්කෙක් ගැන කියන්න හදනවා කියලා. දැනටමත් එහෙම හිතලා බනින උන් ඉතිරි ටිකත් කියවලාම බැන්නට කමක් නෑ..


ඊයෙ හවස කෝච්චියෙ මුල්ලක් අල්ලගෙන සින්දුවකුත් අහ අහ පොඩි මනෝ පාරක් දාගෙන ඉන්නකොට මං ලඟින් වාඩි වෙලා හිටපු කොලුවා ටිකක් ලොකු ෆෝන් එකක් ඇදලා ගන්නවා දැක්කට පස්සෙ මට ඕක මොකක්ද කියලා බලන්නමයි හිත. මටත් ඉතින් ඔය ඉලෙක්ට්‍රොනික් ගැජට් එකක් දැක්කාම ඕක මොකක්ද කියලා බලනකම් නලියන ගතියක් ඒ කාලෙ ඉදන්ම තියෙන හින්දා හිමීහිට රබර් ඇහැ දාලා බැලුවා මොකක්ද මේ ෆෝන් එක කියලා. බැලින්නම් පොඩි බඩුවක් නෙවෙයි අයිෆෝන් සික්ස් ප්ලස් එකක්. ලේසි නෑ වැඩේ. දැන් බලනවා ඇති මොකක්ද මේ කුක්කගෙයි ෆෝන් එකෙයි තියෙන සම්බන්දෙ කියලා. 

Wednesday, June 3, 2015

මායා බෝංචි







ලැපට වෙච්ච අකරතැබ්බයක් නිසා අකමැත්තෙන් උනත් හිත හදාගෙන මාසයක් විතර බ්ලොගට ගොඩ වෙන්නෙ නැතුව හිටියෙ. යන්තම් වැඩේ ගොඩ දාගෙන ඔන්න ආපහු රිංගුවා......

නිතර යන එන බ්ලොග් වලට ඔලුව දාලා කොමෙන්ට් දාන්න බැරි උන එකට නම් සමාව දෙයි කියලා හිතනවා... තරහා අවසර ඕං....

උඩ තියෙන මාතෘකාව දැකලා අර පොඩි කාලෙ අහලා තියෙන ජැක් කියන කොලුවා බෝංචි වැලක් දිගේ ‍අහසට ගිය කතාව කියන්න හදනවා කියලා නම් හිතන්න එපා. ඒ කතාව ගැන කියද්දි මතක් උනා ඉස්සර ජාතික රූපවාහිනියෙ ගියපු ටයි මාමා හඬ කවපු "ජැක් සහ බෝංචි වැල" කතාව. ඒක බලපු අයට නම් මතක ඇති ඒ කතාව මොන තරම් ආසාවෙන් බැලුවද කියලා. අනේ දැන් ඒ වගේ කතා යන්නෙ නැති එක ගැන නම් දුකයි. ඒ වගේම ගිය අවුරුද්දෙ ආපු "Jack the Giant Slayer" කියන ෆිල්ම් එක. ඒකත් ආසාවෙන් බලන්න පුලුවන් කතාවක්...

මම පඳුරු තැලුවද මන්දා.... ඔන්න කියන්න ආපු කතාවට බහින්නම්කෝ...

 
 
Blogger Templates