ගිය සතියේ අපෙ බාප්පගෙ
ලොකු කොල්ලගෙ එන්ගේජ්මන්ට් එකේදි කියවුනු පරණ රස කතාවක් ලියලා දාන්න හිතුනා. අපේ
හැට පැනපු (ඇට පැනපු නෙවෙයි) ඉලන්දාරි සෙට් එක (ලොකු තාත්තා, බාප්පලා, මාමලා සෙට් එක) ඉන්න
තැන කොහොමත් රස කතා ලෝකයක්. අනේ අම්මේ ඒ කාලේ උන් ටික එකතු වෙලා කරපු අලුග්ත්තේරු,
පජාති වැඩ ගැන රස කර
කර කියන ඒවා අහනකොට අපි මොක්කුද කියලා ඉරිසියත් හිතෙනවා. කොහොම හරි ඔය සෙට් එක
ඉන්න තැනට මාවත් ඇදලා ඇරගෙන ඒ සෙට් එකේම එකෙක් වගේ මගෙ වයසවත් නෑදෑකමවත් ගැටළුවක්
කරගන්නෙ නැතුව උන් ටික ඕනෙ කුණුහරපයක් මාත් එක්ක කියලා දානවා. ඉතින් එදා සෙට් එකම
එකතු වෙලා ඉන්නකොට ඔතනට අඩු වෙලා ඉන්න අපෙ අප්පච්චි ඒ කාලෙ කරපු වැඩ ගැන කට්ටියම
කතා වෙනකොට තේරුනේ ඒ වැඩ වලින් වැඩි හරියකට මූලිකයා වෙලා තියෙන්නෙ අප්පච්චි කියලා.
Tuesday, July 28, 2015
Monday, July 20, 2015
උත්සාහයේ ප්‍රතිපල ලැබීම......
කලින් පෝස්ට් එකේදි
අපි එකතු වෙලා කරපු උද්ඝෝෂණය ගැන හදිස්සියෙන් ලියපු නිසාත් ඒ ගැන වැඩි විස්තරයක්
කියපු නැති නිසා මේ පෝස්ට් එකෙන් ඒ ගැන කියන්නම්කො….
Thursday, July 16, 2015
පිකටින්.....
මේ දවස් ටිකේ කමෙන්ට්
වලට රිප්ලයි කරන්නවත්, බ්ලොග් පෝස්ට්
කියවන්නවත් අඩුම තරමෙ මගෙ බ්ලොග් එකට ඔළුව දාලා බලන්නවත් බැරි උනා. මං නිතරම ඇවිත්
යන බ්ලොග් වලට ආවෙ නෑ කියල තරහා වෙලා නම් ඔන්න සමාව ඉල්ලුවා...
අපෙ ගමට එන පාර හදලා
දෙන්න කියලා ගමේ කට්ටිය එකතු වෙලා පිකටින් එකක් සංවිධානය කලා. ඉතින් ඒ වැඩ වලට අපි
එහා මෙහා දුවපු නිසා මේ පැත්තෙ එන්න වෙලාවක් ලැබුනේ නෑ. පහුගිය බදාදා (15 වෙනිදා) පිලීකඩ
හංදියෙන් නුවර පාර හරස් කරලා තමයි පිකටින් එක කරේ. ඔන්න ටීවී එකේ ප්‍රවෘත්ති වලට
පෙන්නුවා අපි කරපු පිකටින් එක සහ අන්තිමට එතෙන්ට ආපු වයඹ පළාත් මහ ඇමති දයාසිරි
ජයසේකරට ඇවිත් හිටපු අය හූ කියනවා.
පිලීකඩ හංදියේ ඉඳන්
කටුපිටිය හංදිය දක්වා දිවෙන මේ මාර්ගයෙන් ඉඳුල්ගොඩකන්ද, වල්පලකන්ද, හඳුරුක්කන්ද වත්ත, මොරතැන්න, මොරතැන්න වත්ත, ගෝනාගල, ගෝනාගල්දෙණිය, මුවන්කන්ද, කටුපිටිය හංදිය, ඉඳුල්ගොඩ, වේරවැල්ල, කොස්ගොල්ල කියන ගම්මාන වල ඉන්න හැමෝම ප්‍රයෝජනයට
ගන්නවා.
දැනට අවුරුදු
විස්සකින් මේ පාර අළුත්වැඩියා කරලා නෑ. හදිස්සියකට ලෙඩෙක් අරන් යන්න බෑ. අලි
නාවන්න පුළුවන් වලවල් පාර මැද්දෙ. හැම එකාම හදලා දෙන්නම් කියලා පොරොන්දු දුන්නා
විතරයි. ඉතින් බැරිම තැන තමයි මේ ගම් වල ඉන්න හැමෝම එකතු වෙලා පාරට බැස්සෙ.
ඉතින් මේ වැඩ වලට හිර
උන නිසා මේ පැත්තෙ එන්න බැරි උනා. මේකත් මේ හදිස්සියේ කොටන්නෙ. පිකටින් එකේ විස්තර
වෙනම කියන්නම්කො. තරහා අවසර ඔන්න...
Thursday, July 9, 2015
කාර්ඩ් ක්‍රියාන්විතය....
කලින් පෝස්ට් එකේදි
පොරොන්දු උනා වගේ ඔන්න තෑන්ක්ස් කාර්ඩ් ප්‍රින්ට් කරන්න කන කට්ට ගැන කියන්න යන්නෙ.
මේ අවුරුදු හත අටට මේ අත්දැකීම් මට ඕනෙ තරම් තියෙනවා. මොකද මම ගෝලයෙක් විදිහට වැඩ
කරලා තියෙන නිසා. මේ ක්ෂේත්‍රය ගැන පාඨමාලාවක් හදාරන්නෙ නැතුව ඉගෙන ගන්න පුළුවන්
උනේ මගෙ මිත්‍රයාගෙ ගෝලයෙක් විදිහට හිටපු එකෙන්. ඒ කාලෙ ගැනත් ඉස්සහරට කියන්නම්.
අදටත් මට නිදහස් වෙලාවට (මට වෙඩිමක් සෙට් වෙලා නැති දවසක හරි මගෙ රස්සාවෙ
නිවාඩුවක් තිබුනොත් හරි) මිත්‍රයාගෙ වැඩක් තිබුනොත් උදවුවට යනවා. මිනිහා ගෝලයෙක්
දෙන්නෙක් අරන් ගියත් මම ඉන්න එකෙන් තෑන්ක්ස් කාර්ඩ් එක ගොඩ දාගන්න පුළුවන් නිසා
තාමත් ලැබ් එකට ගිහින් මේ කට්ට කන වෙලාවල් තියෙනවා.
Monday, July 6, 2015
Thanks Card....
මංගල උත්සව මොහොතක ඡායාරූප ශිල්පියෙකුගෙ හද ගැස්ම වැඩි
කරන භයානකම දේ තමයි ස්තුති පත්‍ර හෙවත් තේරෙන සිංහලෙන් කියනවා නම් තෑන්ක්ස් කාර්ඩ්
ටික වෙලාවට කපල් එක අතට ගෙනත් දෙන එක. දවල් කෑම මේසෙ විවෘත කලාට පස්සෙ කපල් එකයි
ඇවිත් ඉන්න උනුයි එකා දෙන්නා "කෝ කාර්ඩ් ටික තාම නැද්ද?" කියලා සැරින් සැරේ
අහනකොට ලැබ් එකට යවපු ගෝලයාට කෝල් කර කර නාහෙන් අඬනවා ඇරෙන්න වෙන මොනා කරන්නද.
බැරිවෙලාවත් මොකක් හරි හේතුවකට වෙඩිමට ඇවිත් ඉන්න පිරිසෙන් කොටසක් ගියාටත් පස්සෙ
කාර්ඩ් ටික ගෙනාවොත් බැනුම් අහන්නත් සිද්ද වෙනවා වගේම මූණ දෙන්න බැරි තරම්
ලැජ්ජාවට පත් වෙන්නත් වෙනවා.
Subscribe to:
Posts (Atom)