මගේ පළවෙනි පෝස්ට් එකේ තිබුණු කමෙන්ට් එකක්
දැක්කට පස්සෙ මේ පෝස්ට් එක ලියන්න හිතුනා. ඒකෙන් කියලා තිබුණා අපි හම්බකරන් කන
උපකරණ වලට වැන්දෙ ගල් යුගේ හිටපු මිනිස්සු කියලා. මට හිතෙන්නෙ නම් මම ඒ
ලිපියෙන් කියපු අදහස ඔහු හරියට තේරුම් අරන් නෑ කියලයි.
කැමරාව පහන් පැලක තියලා මල් පහන් පූජා කරන්න වත් ඒකට වැඳ වැඳ ඉන්න කියලවත් කියලා
නෑ. අනික් දේ තමයි කැමරාව ඒ විදිහට ගෙනියන එක හොඳ නෑ කියලා මිසක් කාටවත් බල කරලා
නෑ ගෙනියන්න ඕනෙ විදිහ ගැන.
මම කියලා තියෙන්නෙ තමන්ට ජීවත් වෙන්න උදවු
කරන දේවල් වලට ගරු කරන්න පරිස්සම් කරන්න තරම් මනුස්සකමක් අපි ලඟ තියෙන්න ඕනෙ කියන
දේ.