Pages

Tuesday, March 22, 2016

18680 යි, 45 යි, 1 යි.....

 
      ඔන්න කැමත් මේ රෙද්ද අස්සෙ ඔළුව දාලා අවුරුද්දකුත් ගෙවුනා එහෙනම්.. කියන්න නම් ගොඩක් දේවල් තිබුනත් මේ දවස් වල නැට්ට ගිනිගත්තු මොකාද එකා වගේ නිවනක් නැතුව එහෙට මෙහෙට දුවන නිසා මේ අකුරු ටික හරි යන්තම් කොටාගන්න ලැබුනු එකත් ලොකු දෙයක් කියලා හිතනවා...

       මේ පාර නම් අර කලින් සැරේ වගේ නම් ගම් එක්ක කියන්න වෙලාව මදි නිසා හැමදාම මාත් එක්ක මේ වෙනකම් හිටපු හැමෝටම ගොඩක් ස්තුතියී කියලා විතරක් කියන්නම්... ගොඩක්ම....

       ඔන්න අවුරුද්දක් ගෙවෙද්දි යන්තම් පෝස්ට් 45 ක් කොටාගෙන, හිට් කවුන්ටරෙත් 18680 කුත් කරකවාගෙන (ඕකෙන් තුනෙන් පංගුවක් මංම රිංගපුවා) හිටියත් මේ දවස් ටිකෙ නිකමටවත් මේක අස්සෙ ඔළුව දාලා බලන්නවත් බැරිවුනා. ඒකට නම් මට සමාව දියල්ලා... ආපහු ලබන සතියෙ ඉඳන් පුරුදු ට්‍රැක් එකට වැටෙන්න ඕනෙ කියලා හිතාගෙන ඉන්නවා.. බලමුකෝ..

        එහෙනම් ආයෙත් සැරයක් මේ ගමන එන්න මට හයියක් වුනු හැමෝටම ගොඩක් ස්තුතියී.....

48 comments:

  1. අනේ ඔයාට සම්මාන මතක් වෙනකොට ද අනේ මතක් වෙන්නේ බලන්නකෝ අනේ ගලත් පිපුරුවනේ . ඔයත් ඒක්ක ඇවිදගෙන යනකොට උනානං ඩොන්ගා ......අනේ සුවිටි පව්

    ReplyDelete
  2. අවුරුද්දට සුභපැතුම්. එක අවුරුද්දට 45 ක් කියන්නේ සෑහෙන ගාණක්.

    ReplyDelete
  3. ඔන්න අවුරුද්දට සුබ පැතුව එහෙනං.
    නැට්ටක් තියෙනව කියල පිළිගත්ත එකත් ලොකු දෙයක්නෙ. හැක්..

    ReplyDelete
  4. සුභ පැතුම් කිවුවා !!!!!
    අනේ උඹේ ට්‍රැක් එක ආයේ කාලයක් යනකම් කෙල්ල ගෙට වෙලා වගේ ඉදියි.

    ReplyDelete
  5. රෙද්ද අස්සේ බැරිනං මොකක් අස්සේ හරි කමක් නෑ මේක වල් වැදෙන්න නොදී මොනවා හරි ලියනු.

    ReplyDelete
    Replies
    1. රෙද්ද අස්සේ බැරිනං මොකක් අස්සේ හරි කමක් නෑ බල්ලයි මැක්කයි දෙන්නම මිසින්ද? මාර කොන්සින් එකක්නේ වෙලාතියෙන්නේ හොයපන් කැමා ඉක්මනට

      Delete
  6. කෝ යකෝ දෙනවා කිව්වා රා මුට්ටිය

    ReplyDelete
    Replies
    1. උඹ බලා හිටහං අර එළුවගෙ මොකක්ද එක වැටෙනකං ව‍ගේ. හැක්..

      Delete
  7. මචං කැමා.............. ඕක ලොකු ඇචීව්මන්ට් එකක්.... හිතට සතුටක් දැනෙන ලොකු දෙයක්.... එදාට සුභ පතන්නැතුව වෙන මක්කක් කියන්නද බං....... කැමරාවත් උස්සං 26 ආවාම අපි දෙන්නා සෙල්ෆියක් ගහමු හරිය/???????

    ReplyDelete
  8. අඩෝ බෑ බෑ. මං බොට සුබ පතන්නෙ නෑ. අපේ නම් කියල ඉස්තූති කරහං. නැහ්නං අපි ආයේ කොමෙන්ට් කරන්නේ නෑ. හැක.

    ReplyDelete
  9. නැට්ට නේද? ගිණි අරන් නේද? හ්ම්ම්... උෂ්ණ කාලෙනෙ මචං.. හෙහ් හෙහ්
    ලියපං ලියපං මචෝ... උඹ හෙන කම්මැලි වෙලා
    ජයවේවා..!!

    ReplyDelete
  10. සුබ පැතුම්...

    ReplyDelete
  11. අවුලක් නෑ අපි වැඩේ කරන් යන්නං බිල ගෙවන වෙලාවට ආවම ඇති … ඕ යේස්

    ReplyDelete
  12. සැක් අපරාධේ තව ජුංඩක් උනන්දු උනානං ළමයට අවුරුද්දෙන්ම අර්ධශතකයක් ගහගන්නට තිබුනා (තිතක්)

    ReplyDelete
  13. ආ මල්ලි කොහොමද ඉතින්.

    ...//දවස් ටිකෙ නිකමටවත් මේක අස්සෙ ඔළුව දාලා බලන්නවත් බැරිවුනා//..

    මටත් එහෙමයි බං.බොඩිම් මාරු කරන්න උනානේ. අවිවේකි දවස් ටිකක් ගෙවෙන්නේ.

    උඹේ අවුරුද්දට සුභ පැතුම්.....!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    මනෝ මන්දිර

    ReplyDelete
  14. අවුරුද්දට අපෙනුත් සුභපැතුම්...

    ReplyDelete
  15. අවුරුද්දකට සුභ පැතුම් මචෝ....
    තව තවත් ලියපං හොදේ.. ඒකයි වෙන් ඕන.. 26 එනව නේහ්...

    අර උමේ පේජ් වීව්ස් කවුන්ට් වෙන එකට බේතක් තියෙයි...
    අර සෙටිංස් මෙනු එකේ තියෙන්නෙ ස්ටේටස් කියල ඔප්ෂන් එකක් ඒක ක්ලික් කරහං
    එතකොට දකුනු පැත්තෙ ඇති නිල්පාටිං හයිලයිට් වෙච්ච ලිංක් එකක්
    Manage tracking your own pageviews කියල එන්න ඒක ක්ලික් කරල
    Don't track my views for this blog.කියන එක ඉස්සරහ තියෙන බොක්ස් එකේ ටික් එක දාහං.. වැඩේ ගොඩ

    එහෙනං අපි ගියා
    ජයවේවා

    ReplyDelete
  16. මක්කා හෝ ලියන එකයි වැදගත්.... සුපැතුම්... හදවතින්...

    ReplyDelete
  17. ඔන්න අපෙනුත් අවුරුද්දට සුබ පැතුම්!!

    ReplyDelete
  18. පෝස්ට් එක දාල කැමා මිසින් ...

    ReplyDelete
  19. අවුරුද්දේ උපන්දිනේට සුභපැතුම් මචන්..
    උඹත් අපේ මිනිස්සු බහුතරයක් කියන බොරුව කියන්න පුරුදු වෙලා.. වෙලාවක් නැහැ කියන්නේ මිනිස්සු ඕනෑකමක් නැතිකමට කියන සමාන වචනයක් බන්.. බොරු නැතුව ඕනෑකම ඇතිකරගනින්.. එතකොට වෙලාව හැදෙයි නිකම්ම..

    ReplyDelete
  20. අවුරුද්දටයි, උඹට ලැබුණ සම්මානෙටයි දෙකටම ජයවේවා!!!

    ReplyDelete
  21. කෝ යකෝ කැම රා...
    (මේ ගමනනං ඇණ ටික ගානට වැදිල වගෙයි.)

    ReplyDelete
  22. තුංමාසෙ දානෙ දුන්නද බං.

    ReplyDelete
  23. කැමා තෝ කෝ බොල? මක්ක හරි ලියාපිය

    ReplyDelete
  24. ඔන්න මගෙනුත් සුභ පැතුම්. උබ කටුපිටියෙද බන්

    ReplyDelete
  25. ආයමත් කම්මැලි වෙන්න එපා ...අලුත් එකක් ලියමු..
    මට බන්නින්න එපා මුට මොකද අපිනේ ලියන්න ඕනේ කියලා. අපි දැන් ගල් වල කොටලා තියන ලිපි හොයාගෙන #ක ඉරාගෙන ඒවා කියවලා අපේ ඉතිහාසය හොයන්න ට්‍රයි කරනවා වගේ දවසක ඔයාලගේ මේ බ්ලොග් පොස්ට් අනාගත පරපුර ප්රෝයෝජන්යට ගනී..එයලා දෙයක් මේවගෙන් ඉගන ගනී...අපි නැතත් ලෝකෙට දෙයක් ඉතුරු කරලා ගියා කියලා ඔයාලට සතුටු වෙන්න පුලුවන්

    ReplyDelete
  26. තෝත් එපා ‍තෝගෙ පොස්‍ටුත් එපා...
    (හිතේ අමාරුවට කියන කවි)

    ReplyDelete
  27. තාමත් රෙද්ද අස්සෙ ඔළුව දාගෙනද ඉන්නෙ. බලාගෙන ඕක අස්සෙ னයි ඇති.

    ReplyDelete
  28. ඇයි ලියන්නැත්තෙ දැං.....

    ReplyDelete
  29. අවුරුදු තුනකුත් හිහිල්ල ඔෟ

    ReplyDelete
  30. මගේ යාලුවෙක් අවුරුද්දක් ගෙවිල මළා.

    ReplyDelete

 
 
Blogger Templates