දැනට මාසෙකට විතර උඩදි දවසක මගෙ ලඟම හිතවතෙකුගෙන්
ලැබුනු අහකදාන්න බැරි ඉල්ලීමක් උඩ ගිය ගමනකදි අත්විඳින්න උනු දෙයක් ගැන කියන්න
වගේම ඒ ගමනෙදි දකින්න ලැබෙන දේවල් වෙනුවෙන් මට තනියම දෙයක් කරන්න බැරි වෙයි කියලා
හිතෙන නිසා ඔයගොල්ලන්ගෙන් ඉල්ලීමක් කරන්නයි මේ පෝස්ට් එක ලියන්නෙ.
කුරුණෑගල රිදීගම පාරෙ කවිසිගමුව ප්‍රදේශයේ තියෙන
කවිසිගමුව ප්‍රාථමික විද්‍යාලයේ වැඩ කරන ගුරුවරයෙක් උනු මගේ හිතවතා මගෙන් ඉල්ලීමක්
කලා ඉස්කෝලෙ ළමයින්ට චෙස් ක්‍රීඩාව කියලා දෙන්න. මට ඒ ඉල්ලීම කරපු විදිහට අහක බලන්
ඉන්න විදිහක් නැති උනු නිසා නිදහස් වෙලාවක ඉස්කෝලෙට ගිහින් විදුහල්පති තුමිය එක්ක
වගේම දෙමව්පියො එක්ක කතා කරද්දි දැනුනා ඒ හැමෝටම මේ දේ කරන්න ලොකු උවමනාවක්
තියෙනවා කියන දේ. විෂය බාහිර ක්‍රියාකාරකම් විදිහට ඉස්කෝලෙ තියෙන්නෙ කරාටේ ක්‍රීඩාව
විතරයි. ඊට අමතරව තමයි චෙස් ක්‍රීඩාව පටන් ගන්න යන්නෙ. ඒ අයගෙ තියෙන උනන්දුව නිසාම
මටත් ඒ පොඩි ළමයි එක්ක මේ දේ කරන්න ඕනෙ කියලා ආපු හැඟීමත් එක්ක ගිය සතියෙ චෙස් ක්‍රීඩාව
උගන්වන්න පටන් ගත්තා.
ළමයි ටික හරි ආසාවෙන් චෙස් බෝර්ඩ් ටිකත් උස්සගෙන එනවා
දකිද්දි පුදුම සතුටක් හිතට එන්නෙ. ඒ වගේම ඒ ළමයින්ගෙ දෙමපියොත් පොතක් අරන් ඇවිත්
කියලා දෙන ඒවා ලියාගෙන ඉගෙන ගන්නවා. ගෙදර ඉද්දි ළමයා එක්ක චෙස් අදින්න ඕනෙ කියලයි
ඒ ගොල්ලො සම්පූර්ණ වෙලාවෙම පන්තියට වෙලා ඉඳගෙන චෙස් ක්‍රීඩාව ඉගෙන ගන්නෙ. ඒ තරම්
උවමනාවක් කැපවීමක් ඒ දෙමව්පියො ලඟ තියෙනවා. විදුහල්පති තුමියත් අළුතෙන් බෝර්ඩ්
එකක් අරගෙන මේ දවස් දෙකේම පතියට වෙලා ඉගෙන ගන්නවා. එතුමිය පුද්ගලිකව චෙස් පන්තියෙ
වගකීම බාර අරගෙන.
මට කියන්න ඕනෙ උනේ මේ තරම් උවමනාවක් තියෙන පිරිසක් ඉන්න
පාසලක් උනාට මේ පාසලේ තියෙන වත්කම් එහෙමත් නැත්නම් පහසුකම් ප්‍රමාණය ගොඩක්
දුර්වලයි. කුරුණෑගල නගරයට ගොඩක් ලඟ උනත් ලොකු සම්පත් ප්‍රමාණයක් තියෙන පාසලක් නම්
නෙවෙයි. පොඩි උදාහරණය කියන්නම් දැන් කාලෙ හැමතැනම දකින්න තියෙන ප්‍රමාණවත් තරමේ
වයිට් බෝර්ඩ් එකක් පාසලට නැහැ. කාර්යාලය තුල පරිගණක යන්ත්‍රයක් තියෙනවා දැක්කෙ
නෑ. මේ වගේ දැන් කාලෙ තියෙන බොහොමයක් පාසල් වල තියෙන ඉගෙනුම් ක්‍රියාවලියට අදාල
පහසුකම් බොහොමයක් පාසලේ දකින්න නෑ.
ඒත් පාසලේ දක්ෂ ළමයි ඉන්නවා. විදුහල්පති තුමිය අද මාත්
එක්ක කියපු දෙයක් තමයි හෙට දවසෙ ප්‍රදර්ශනයක් බලන්න යන්න බස් රථයට ගෙවීම් කරන්න එක
ළමයෙකුගෙන් රු.50 ක් ඕනෙ කියලා
ඉල්ලීමක් කලත් හැම පන්තියකම වගේ ළමයි පස් දෙනෙක්වත් ඒ මුදලවත් දෙන්න බැරුව ඉන්නවා
කියලා. ඉස්කෝලෙ ඉන්න හැම ළමයම මුදල් අඩු පාඩු තියෙන අය නම් නෙවෙයි. ඒත් වැඩි
දෙනෙක් එදිනෙදා කුලී වැඩ කරන දෙමව්පියන්ගෙ ළමයි.
ඉතින් ඒ අයට ගෙවල් වල වියදම් දරනකොට පාසල වෙනුවෙන්
මුදලක් වෙන් කරන්න අමාරුයි කියන දේ විදුහල්පති තුමිය දන්න නිසාම වෙන්න ඇති පාසල
දියුණු කරන්නයි අරකටයි මේකටයි කියලා දෙමව්පියන්ගෙන් මුදල් ඉල්ලන්නෙ නැත්තෙ කියන දේ
නම් මට දැනුනා. ගොඩක් පාසල් වල භෞතික දියුණුවට දෙමව්පියන්ගෙන් මුදල් එකතු කරනවා
කියන දේ අපි දන්නවා. ඒත් මං මෙතනදි නම් දැක්කෙ ඒකෙ අනිත් පැත්ත.
පාසලේ ක්‍රීඩා වගේම විෂය බාහිර ක්‍රියාකාරම් අඩු වෙන්නත්
ඕක හෙතුවක්. ඒ හැමදේකටම ගෙවිමක් කරන්න පාසලට අමාරුයි. මටත් ගෙවීමක් කරනවා. ලබන
ජනවාරි වල ඉඳන් ඒ මුදල ගෙවන්නෙත් පාසල් සංවර්ධන අරමුදලෙන් නිසා දෙමව්පියන්ගෙන්
එකතු කරන්නෙ නෑ කියන දේ තමයි විදුහල්පති තුමිය කිවුවෙ. දැන් අහන්න පුළුවන් ඇයි මං
නිකන් උගන්වන්නෙ නැත්තෙ කියලා නේද? මං කිසිම වෙලාවක මේ දේට මුදලක් ඉල්ලුවෙ නෑ. ඒත් මේ ගැන
මූලික උනු අයගෙ දැඩි ඉල්ලීම මත ඒ දේ ගන්න වෙනවා. මං තීරණය කරන් ඉන්න දේ තමයි ඒ
මුදලත් ඒ ළමයි වෙනුවෙන්ම යොදවනවා කියන දේ. මොකද මේක මං වෘත්තියකට කරන දෙයක් නොවෙන
නිසා.
ඉතින් මං මේ පෝස්ට් එක මේ විදිහට ලියන්න හිතුවෙ මේ
බ්ලොග් එකට නිතර යන එන මං දන්න කියන කැමති ඕනෙම කෙනෙකුගෙන් මේ පාසලේ ඉන්න පොඩි උන්
වෙනුවෙන් කුමන හෝ විදිහකින් උදවුවක් ඉල්ලන්න... පුළුවන්නම් විතරක්....
පාසලේ විස්තර වගේම විදුහල්පති තුමිය හෝ විෂය බාහිර ක්‍රියාකාරකම්
බාර ගුරුතුමා එක්ක සම්බන්ද වෙන්න උවමනා විස්තර අවශ්‍ය නම් මට පුද්ගලිකව මේල් එකක්
එවන්න.
මම එක වුනා. දැන් පෝස්ට් එක කියවන්නම්.
ReplyDeleteකැමා, මේ වගේ වැඩවලට මගෙත් සපෝට් එක එකෙන්ම ලැබෙනවා. ඒක ෂුවර්. පුලුවන්නම් මට මේලක් දාහං.
Deleteමේලක් දාන්නම් කසුන්. ළමයිට ඉගෙන අවශ්‍ය ඕනෙම භෞතික සම්පත් ඕනෙම දෙයක් ඒ අයට උදවුවක් වේවි.
Deleteකට්ටිය එකතු පහදු වෙලා වැඩක් කරනවා නම් මාත් සැට් වෙන්නම්...
ReplyDeleteලොකු දෙයක් බැරි උනත් පුන්චි හෝ දෙයක් කරන්න හැකි වෙයි නේ......
පුංචි දෙයක් උනත් ඒ ළමයින්ට ලොකු දෙයක් වෙයි. බලමු මොනා හරි දෙයක් කරන්න.
Deleteමචං මොන වගේ උපකාරයක්ද මේ දරුවන්ට අවශ්‍ය වෙන්නේ.මගේ ලග තිබුනා ශිෂයාධාර දෙන කුරුණැගල පැත්තේ සංවිධානයක නම්බර් වගයක්.මම ඒ ටික හොයන්නම්.සමහර විට එ හරහාත් අපිට යමක් කරගන්න පුලුවන් වෙයි.
ReplyDeleteමං මේලක් දාන්නම් මනෝ. ළමයින්ට ගොඩක්ම උවමනා වෙන්නෙ බාහිර ක්‍රියකාරකම් වලට උදව් වගේම ඉගෙනුම් උපකරණ වගේ දේවල්.
Deletesurangab9@gmail.com මගේ මේල් එක මචං
Deleteමොනවගේ උපකාරද ඕනේ කියලා ලිස්ට් කොලානම් හරි. ඊට පස්සේ කට්ටිය එකතුවෙලා හරි තනි තනිව හරි වැඩේට බහින්න පුළුවන්.
ReplyDeleteමන් අද මේලක් දාන්නම් බණ්ඩෝ..... ගොඩක්ම අඩුපාඩුවක් විදිහට තියෙන්නෙ බාහිර ක්‍රියාකාරකම් වලට අවශ්‍ය පහසුකම් තමා.
Deleteකවිිගමුව නේහ්..? හූවකුත් නැති තරම් දුර. ඔය පාසල විතරක් නෙවේ අයියා ඒ අවට තියෙන ගොඩක් ප්‍රාථමික සහ කනිෂඨ ඉස්කෝලවල තත්වෙ ඕක තමයි............
ReplyDeleteඔව් මලේ... අපෙ ගමේ උනත් එහෙමයි. ගමේ ඉස්කෝලෙ වෙනුවෙන් නම් මුකුත් ඉල්ලන්න හිතෙන්නෙ නෑ ඉන්න එකෙකුටවත් උවමනාවක් නෑ දියුණු කරන්න. ඒත් මේ ඉස්කෝලෙ ඉන්න අය එහෙම නෙවෙයි කියන දේ ගියාට පස්සෙ තෙරුණා.
Deleteචෙස්...බෝඩ් එකේ ඉත්තෝ තියලා ඇගිල්ලෙන් ගහලා වලට දාන එකනේ...
ReplyDeleteඅපි නොදන්න චෙස්..
උඹයි, මමයි, කැමයි දන්න චෙස්.
Deleteමෙන්ඩා,
Deleteඔව් බං අර ඇඟිල්ලෙන් ගහලා හිලට දාන එක තමා...
කසුන්,
බ්‍රා ගැන...?
බ්‍රා ගැන මෙන්ඩ අැරෙන්න අනික් හැම එකාම දන්නව.
Deleteහරි..හරි දන්නවා..අර දෙපැත්තට බෙදිලා ඇද වෙච්ච බෝලයකට රන්ඩු වෙන එකනේ..
Deleteඅපේ දෙමව්පියෝ කියලා දිලා තියෙන්නෙ කෙනෙකුගේ අතේ තියන දෙයක් එයා දෙනකන් උදුරන්න එපා කියලා..මහා නැහෑදිච්ච සෙල්ලමක්..
නැහැ බං කැමා කියන්නේ ඇඟිල්ලෙන් හිලට දාන සෙල්ලම.ඒකියන්නේ ජිල්බෝල ගැහිල්ල ගැන
Deleteප්‍රසා,
Deleteඒක නම් සහතික ඇත්ත...
මෙන්ඩා,
හරියට නිකන් කඩේ ගන්න බෝල නෑ වගේ නේද බං...? බොරුවට එක බෝලෙකට පොරකනවා...
මනෝ,
බෝලෙ ඇඟිල්ලෙන්ද හිලට දාන්නේ...?
අඩෝ , වීරප්පන් මට මෙලක් දාහන්
ReplyDeleteprageeth99236@gmail.com
ඉවානයා
Deleteඋඔ කැමා එක්ක කතා කරලා..අපි හැමෝවම එකතු කරගෙන යමක් කරමුද?
කරමු කරමු මෙන්ඩො. අපි එකතු වුනොත් ලොකු දෙයක් කරන්න පුලුවන් වේවි.
Deleteඅඩෝ .. මටනම් මේල් දාන්න එපා කෝල් එකක් දීල විස්තර කියපං , අපි ඔය 2.50 යාළුවො නෙමේ.
Deleteඅපි මෙහෙම කරමුද මචං.
Deleteමම පුහුගිය අවුරුදු කිහිපයක්ම මේ වගේ දරුවන්ට පොත් පාර්සල් බෙදලා දුන්නා.පිටු 200 පොත් විස්සක් අනිත් පාසල් උපකරණ ඒ පාර්සලයක ඇතුලත් කලා.මම දන්න හදුනන අයගෙන් මේ ගැන කියලා උදව් ගත්තේ.අවුරුද්ද මුලදිනම් බැංකු වලින් උදව් කරනවා.අපි මේ දැසැම්බර් නිවාඩුව දෙන්න දවස් කිහිපයකට කලින් මේ පාසලෙත් ඒ වගේ දෙයක් කලොත් කොහොමද.අපි ටිකක් මහන්සි වුනොත් මේ වැඩේ අනිවාර්යෙන්ම කරන්න පුලුවන්.තව මාස දෙකක් තියනවා.
ඉවාන්,
Deleteවීරප්පන්...? ඉවරයි...
අනිවා මං එවන්නම්...
මෙන්ඩා,
මං උඹට කෝල් එකක් දෙන්නම් මචෝ.
කසුන්,
ඔව් බං. ඒක ඇත්ත.
කම්මලේ,
අනිවා. හවස වෙලා දෙන්නම්.
මනෝ,
මේ මාස දෙක ඕනවටත් වැඩී. පුළුවන් නම් කට්ටියම එකතු වෙලා යමු ඉස්කෝලෙට.
මනෝ
Deleteඑල..අපි කරමු..
මචංලා අපි මේක ගැන ඉක්මනින් කතා කරගනිමු.
Deleteවැඩේ ඉක්මන් කරමු....
දෙසැම්බර්වලට දා ගමු
Deleteමචං..මම උඔට මේලක් දාන්නම් කොල් එකකුත් දාන්නම්..
ReplyDeleteඅපි සෙට් වෙලා මොනවා හරි කරමු..
අනිවා මචෝ... මන් හවස් වෙලා ගන්නම් කෝල් එකක්.
Deleteඅද එපෝ!!!!!
Deleteඇමරිකාවේ සුද්දියෝ බ්‍රා නැතුව පාරවල් දිගේ දුවනවා.
ලංකාවෙ පාරවල් වල දුවනවා කිවුවෙ නැද්ද...?
Deleteඅපි ලංකාවට බ්‍රා දෙන්නෙ නැත
Deleteඅවශ්‍ය දේවල් හරියටම බලල ලිස්ට් එකක් ගන්න, ඊට පස්සෙ උදවු කරමු.
ReplyDeleteදුශ්කර පාසැල් වල විතරක් නෙමේ නගරබදව තියන පාසැල් වලත් රුපියල් 50 දෙන්න බැරි ළමයි ඉන්නව.
කෝ අපේ ඩබල් ආදිපාද .....???????
Deleteහැමදාම නෑ , හැම තැනම නෑ.
Deleteහෙක්... කොහොමද සිංදුවට ඒ ලෙඩේ හැදුනොත් , නිකම් නොන්ස්ටොප් කැසට් එක වගේ තියෙයි.
නාන්ස්ටොප්වලත් නාන්ස්ටොප්වලත් එකම එකම සින්දුව සින්දුව දෙපාර දෙපාර යනවනම් යනවනම්.
Deleteකම්මලේ,
Deleteඔව් කම්මලේ. මේ ඉස්කෝලෙ කුරුණෑගල ටවුන් එකේ ඉඳන් මහලොකු දුරක නෙවෙයි.
සින්දු,
හවසට හවසට එන්නෙ.... දවල්ට ලෙඩෙ නෑ...
කම්මලේ,
එහෙනම් ඉතින් කමෙන්ට් බලන්න ත්‍රීවීල් එකක් නෙවෙයි ජෙට් එකක්වත් හයර් කරන්න වෙනවා.
කසුන්,
එහෙනම් එහෙනම් දෙපාර දෙපාර නටන්න නටන්න පුළුවන් පුළුවන්..
මචෝ මේල්ලුවක් දාපන් ....අන්තිමට ඉතිරි වෙන්නේ මෙහෙම කරපු දෙයක් විතරයි ...
ReplyDeleteගඟට කපන ඉණි ගඟදිය රැගෙන යති
සැපට වැඩුණු කය පොළොවට දිරා යති
අපට නොවේ බඹුටත් මරු ළඟාවෙති
පිනට දුන්නු දේ පමණක් ඉතුරු වෙති
මලේ සුවඳ නැතිවෙයි පෙති හැලුණාම
ගතේ රුසිරු නැතිවෙයි රැලි වැටුණාම
ගඟේ මහිම නැතිවෙයි දිය සිඳුණාම
දුන්දේ සුවඳ පවතී ලොව හැමදාම
කෑමෙන් හොඳ කෑම සපයාගෙන කෑම
බීමෙන් හොඳ බීම මවුගේ කිරි බීම
දීමෙන් හොඳ දීම දුගියට දන් දීම
යෑමෙන් හොඳ යෑම නිර්වාණෙට යෑම
කන බොන කෑම තනියම වළඳන්න එපා
අසරණ කෙනෙකු ආ විට එළවන්න එපා
අනුවණ කමින් පව් සිදුකරගන්න එපා
නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා
ගී තනු - රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහ
සින්දුව මේදවස්වල සුනිල් එදිරිසිංහගෙ ෆෝල්ඩර් එකක් ඕපන් කරගෙන ඉන්නෙ.
Deleteසින්දු,
Deleteමං මේලක් එවන්නම් මචෝ...
කසුන්,
ඒක තමයි මේ එකදිගටම සුනිල් අයියා එන්නේ.
sumithyapa@gmail.com මොනවද කරන්නේ කියල මටත් කියපන්.. අපි ඉගෙන ගත්තෙත් ඔය වගේ අමාරුවෙන්.. පුළුවන් දෙයක් කරන්නම්..
ReplyDeleteඅනිවා කමියෝ... හවස් වෙලා මේලක් දාන්නම්...
Deleteකමියා
Deleteමනෝගෙ උඩ යෝඡනවා හොදයි
කරන දෙයක් අපිටත් කියහං. මොකක්හරි උදව්වක් දෙන්න බැරියැයි.
ReplyDeleteප්‍රසාට නොකියා ඔහොමද.. අනිවා...
Deleteකැමා...................... අපිත් මේ දවස් වල පාසල් දරුවෝ කීප දෙනෙකුට ම උදව් කරමින් ඉන්නේ... අැත්තට ම මේවා අපේ යුතුකම් බං.... උදව් නැත්තං අපි අද මේ පැත්තෙවත් නැහැනේ..... අන්න ඒ නිසයි අපි ඒවා යුතුකම් විදිහට හිතලා කළ යුත්තේ..... උඹට පිං
ReplyDeleteමට නෙවෙයි බං. මමයි උඹලට පිං දෙන්න ඕනෙ කියපු ගමන් මේ විදිහට උදව් කරන්න එනවට.
Deleteවිස්තර ලියලා පොස්ටුවක් දාන්න. මාවත් ගන්න මේ වැඩේට... සල්ලි එවන්නම් බැංකු විස්තර ලියල එවන්න. මාසෙකට ගානක් එවන්නම්. මට පොඩි එවුන් දෙතුන් දෙනෙක්ට සල්ලි එවන්න පුළුවන් විදියක් කියන්න. ඔයාගේ මේල් එක කිව්වොත් එවන්නම් ලියුමක් වැඩි විස්තර වලට.
ReplyDeleteyashyantha.srinath@gmail.com මේකට මේලක් දාන්න. මං විස්තර කියන්නම්.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteකැමා අයියේ මේකටත් මේලක් දාන්න sihinakaviyak@yahoo.com
ReplyDeleteකෝ කැමරා කට. ඒක නැතුව කොහොමද කැමා කියන්නේ...
මම මේලක් දැම්මා බලන්න
Deleteමං මේලක් දාන්නම් මලේ...
Deleteකට තියන් ඉද්දි මුං එක එක වරත්තු කතා කියනවනේ...
පාසල් සංවර්ධන සමිතියේ ඉන්න අයටත් මොකුත් කරගන්න බැරිද? ඔය ඉස්කෝලේට එහා තියනවා නේද ලොකු ටයිල් ගබඩාවක්? අන්න ඒකට අදාළ කොම්පැනියෙන් අහලා බලන්න.
ReplyDeleteමහ ඇමතිතුමා හම්බවෙන්න කියන්න විදුහල්පති සහ පාසල් සංවර්ධන සමිති නියෝජිතයන්ට.
ස්කෝලෙ ඉන්නෙ සුළු ළමයි ප්‍රමාණයක් විචාරක මහත්තයෝ. නිකන් කාලයක් ගිහින් වැහිලා යන මට්ටමට සැලකුම් ලබනවා වගේ. සංවර්ධන සමිතියෙන් තමයි ගොඩක් දේවල් වල වියදම් දරන්නෙ. බාහිර කටයුතු වලට පවා.
Deleteඑතනම එහා පැත්තෙ තියෙනවා ලොකු ඉස්කෝලෙ. ඒක මහින්දෝදය විද්‍යාලයක් කරලා හොඳ මට්ටමෙන් තියෙනවා. එත් මේකට කුඩම්මගෙ සැලකිලි. දෙමපියන්ගෙන් මුදල් අරන් දියුණු කලා නම් ඕව පේන්නෙ නෑ. ඒත් එතන ඉන්න කොටසකට ඒ දේ කරන්න අමාරුයි. මොකද ඒකට එන්නෙ එතන ඉඳන් නගරෙට ළමයව යවා ගන්න අමාරු අයගෙ ළමයි.
මොනාද ඕනෑ කියපං.
ReplyDeletehelapakade@gmail.com
මේල් කරන්නම් හැලපෙ අයියේ...
Deleteඋඹේ මොබයිල් නම්බර් එක එවපං.
ReplyDeletemadhumadhavi135@gmail.com
මේල් එකක් දාන්නම් මධුවෝ....
Deleteමම මේ දාන කමෙන්ට් එක උඹ වරදවා වටහා ගන්න එපා. ඒ වගේම මේක කියවන අයත් වරදවා වටහා ගන්න එපා.
ReplyDeleteමම අත්දැකපු දෙයක් තමයි ඉස්කෝලෙ තියෙන සම්පත් සහ ළමයින්ගෙ උනන්දුව අතර ඔය අපි හිතන තරම් සම්බන්ධයක් නැති බව. හැම සම්පතක්ම තියෙන ඉගෙන ගන්න කිසිම ඕනෙකමක් නැති උන් ඕනෙ තරම් ඉන්නවා. මෙලෝ පහසු කමක් නැතුව ආසාවෙන් ඉගෙනගන්න දැනුම හොයාගෙන යන උන් ඕනෙ තරම් ඉන්නවා.
නැවත වතාවක්. වරදවා වටහා ගන්න එපා. මේක නිරීක්ෂණයක් පමණයි.
ඩූඩ් කියන කතාව සම්පූර්ණ ඇත්ත. ඉගෙන ගන්න එකා කොහොමත් ඉගෙන ගන්නවා. ආයෙ ඌ ඉන්නෙ පේමන්ට් එකේද, රජ ගෙදරද කියන එක අදාල නෑ. ගුරුවරයෙක් විදිහට ඩූඩට ඒ අත්දැකීම හොඳට තියෙනවා නේද?
Deleteදැන් ලංකාවෙ වෙලා තියෙන්නෙ මේකනෙ. ඉස්සර අපි නම් හොයාඅගෙන හරි කියෙව්වා. කොහෙන් හරි ඉගෙන ගත්ත. ඒත් දැන් ලංකාවෙ ළමයින්ට ඒවා උවමනාවක් ඇති වෙන පරිසරයක් නෑ. ගුරුවරයා කියලා දුන්නෙ නැත්නම් ළමයි මුකුත් දන්නෙ නෑ. සාමාන්‍ය දැනීමක් කියලා දෙයක් අහලාවත් නෑ. ඔතනදි සමහර දේවල් උඩ ගුරුවරයගෙ ඉගැන්නුමත් අඩු වෙනවා.
මේ ඉස්කෝලෙට අඩු ඒ වගේ දේවල් නෙවෙයි ඩූඩ්. බාහිර කටයුතු වලට දක්ෂ ළමයි ඉන්නවා. ඒ අයට ඒ දේවල් වලින් ඉස්සරහට යන්න විදිහක් නෑ. සමහර වෙලාවට තරඟෙකට යන්න ව්දිහක් නැති කමෙන් නොයා ඉන්න දරුවො ඉන්නවා. එක්කො ඒ දේවල් කියලා දෙන්න කෙනෙක් නෑ. නැත්නම් ඒ දේවල් ක්යලා දෙන්න අවශ්‍ය පහසුකම් නෑ.
දිග කමෙන්ට් එකක් දැම්මට ඩූඩ් කියපු දේ වරදවා වටහා ගත්තෙ නෑ ඔන්න.
ඩුඩ් අයියන්ඩි කියන ඒක පිලිගන්න පුලුවන්..මම හිතන්නෙ මෙතනදි කට්ටියම මේ ගැන මේ තරම් උනන්දුවකින් ප්‍රතිචාර දක්වන්නේ මේක කැමාගේ ඉල්ලිමක් නිසා..අපි ඒ පාසලට දෙන යමකින් වටිනාකමක් ලැබෙන්නෙ කැමාට..ඌ අපේ එකා නිසා අපි පුලුවන් විදිහට යමක් කරමු.
Deleteතමන් ඉන්න ගමට යමක් කරන්න හිතුන එකට මම ඌට රෙෂ්පට්..
ඇත්ත මෙන්ඩයියෙ. උඹලා මේ දේ කරන්නෙ මං හින්දා කියන දේ. ඒත් ඩූඩ් අයියා කියන දේ සම්පූර්ණ ඇත්ත. එහෙම උනත් මේ වගේ තැනක වෙන්නෙ මේ පාසල් ටික ටික වැහිලා යන්න වෙන විදිහට රජයෙන් ක්‍රියා කරන එක. අපෙ ගමෙ ඉස්කෝලෙටත් ඕක වෙන්න ගියෙ. පාසල නඩත්තු කරන එක අඩු කරලා ළමයි අඩු උනාට පස්සෙ ඉස්කෝලෙ ළමයි නෑ කියලා වහලා දාලා වඩු පාසලක් පටන් ගන්නවා. ඒ දේ වෙන්න දෙන්නෙ නැතුව යන්තම් ගමේ ඉස්කෝලෙ නම් බේරා ගත්තා. ඒත් මේවා? එහෙම ඉකෝලෙ වැහිලා ගියොත් වෙන්නෙ එදා වේල හම්බකරන මසුස්සයාගෙ දරුවන්ට යන්න තැනක් නැති වෙන එක.
Deleteඋදව්වක් කරමු අපි එකතු වෙලා..
ReplyDeleteඋදව්වක් කරමු අපි එකතු වෙලා..
ReplyDeleteඅනිවා. මොකෝ මේ ඩබොල්...? කම්මලයා හමුනාද ලඟදි..?
Deletelankan.ian@gmail.com
ReplyDeleteඔන්න මං මේලක් දැම්මා...
Deleteඅදහස් ටිකක්. කැමා වගේ අපි සමහර අයට දරුවන්ට අවශ්‍ය ස්කිල් එකක් නොමිලේ කියා දීමට ඇති හැකියාව. උදා චෙෆාකි වැනි දැනීමක් ඇති අයට පෝශ්‍යදායී ආහාර වේලක් සකසා ගැනීමට උගැන්වීම. ඉංග්‍රීසි කථා කිරීමට උගැන්විය හැකි අයකු අපේ වියදමින් ලබා දීම. ඉන්ජො කෙනෙක් දෙන්නෙක් ඉඳහිට ගොස් ගණිතය වැනි දේවල් කියාදීම. අපි ලඟ ඇති වැඩිපුර පොත් ලබාදී පුස්තකාලය වැඩි දියුණු කිරීම, අපි අතර මුදල් ටිකක් එකතුකර පාසැල පින්තාරු කිරීම, එසේ මුදල් ටිකක් එකතුකර ගොඩනැඟිලි පිලිසකර කර දීම, පාසැල් වත්තේ සිටවීමට ගස් සපයා දීම,මුදල් අඩු ලමයින්ට ප්‍රයෝජනයට අධ්‍යාපන චාරිකා අරමුදලක් ආරම්භ කිරීම, ආර්ථික අතින් අඩු මට්ටමේ මව්පියන් අතරින් හැකියාවන් ඇති අයට රැකියා අවස්ථා සොයා දීම, ලමයින්ගේ සෞඛ්‍යමය අඩුපාඩු සොයා දන්නා වෛද්‍ය වරු හරහා ප්‍රතිකාර ලබා දීම.
ReplyDeleteඑල ද බ්‍රා..
Deleteකවිසිගමුව.. මේ ටිකේ ගෙදර ඉන්නෙ.මේලක් දාහංකො.
ReplyDeletegaslabba1@gmail.com
ජයවේවා..!!
මට පුළුවං වෙයි, බැංකු ගිණුමකට පොඩි ගාණක් මාසයක් ගානෙ දාන්න. පොඩ්ඩක් කියහං...
ReplyDelete