මේ දවස් ටිකේම වැඩ ගොඩකට හිරවෙලා හිටපු එකෙන් පෝස්ට්
එකක් දාන්නම් කියලා හිතන් හිටපු එක අකමැත්තෙන් උනත් කල්දාන්න උනා. යන්තම් හම්බුනු
ටික වෙලාවෙදි හරි මේ ටික කොටාගත්තෙ නැත්නම් ඒකත් හිතට අඩුවක් නිසා කොහොම හරි මේ
පෝසට් එක අද දාන්න පුළුවන් උනු එක නම් ලොකු දෙයක්.
කියන්න යන්නෙ නම් මහ ලොකු දෙයක් නෙවෙයි. ඒත් මුකුත්ම
ලියාගන්න බැරුව හිටපු, ලියනවා කියන
එක එක මරනවා වගේ උනු මං වගේ කම්මැලියෙකුට නම් ටිකක් ලොකු දෙයක් නිසයි මේ ගැන
කියන්න හිතුනෙ. අනික මට මෙතෙන්ට එන්න උදවුවක් උනු අයව මතක් කරන්න ඕනෙ කියන එක හිතේ
තිබුනු එකත් මේක ලියන්න හේතුවක් උනා.
යන්තම් ඔන්න මගෙ බ්ලොග් එකත් හිට්ස් 10000 ට ඇවිත්. ඇත්තම
කියනවා නම් මෙතනින් තුනෙන් පංගුවක්ම මංම මේක අස්සෙ රිංගපුවා වෙන්න ඇති. ඒ හින්දා
මේක ඒච්චර ලොකු දෙයක් නෙවෙයි කියන එක නම් මං දන්නවා. ඒ උනත් ඉතින් ඔය වගේ රවුම්
ඉලක්කමක් දකිද්දි මොකක්දෝ ගතියක් දැනෙන දේකුත් තියන නිසා මුකුත් කොටන්නෙ නැතුව
ඉන්න හිතෙන්නෙත් නෑනෙ.
ඉස්කෝලෙ යන කාලෙ මොනා හරි දෙයක් ලිවුවා නම් ලියලා
තියෙන්නෙ ඕලෙවල් වල සිංහල පේපර් එකේ රචනාවයි, ලියුමයි විතරයි. ඒ ඇරෙන්න මෙච්චර කාලෙකට
කිසිම දෙයක් ලියලා නැත්තෙ ලියන්න තියෙන කම්මැලිකම නිසාම තමයි. බ්ලොග් කියලා දෙයක්
ලෝකෙ තියෙනවා කියලා දැන ගත්තෙ 2006 දි. ඔය ඇඩ් සෙන්ස් වලින් සල්ලි හොයන්න පුළුවන් කියන දේ
මාර්කට් වෙන්න ගත්තු අළුතම තමයි. ඒ වෙද්දි ඉංග්‍රීසියෙන් බ්ලොග් ලියනවා කියන දේ
දැනගෙන හිටියට සිංහලෙන් බ්ලොග් ලියන එකක් ගැන නම් අහලා තිබුනෙ නෑ.
අහම්බෙන් වගේ මාතලන්ගෙ බ්ලොග් එක කියවපු දවසෙ ඉඳන් තමයි
මං බ්ලොග් කියවන්න පුරුදු උනේ. ඔය බ්ලොග් එකේ තිබුණු ලින්ක් එකකින් තමයි ඩූඩ්ගෙ
බ්ලොග් එකට ගියෙ. ඒ කතා ටික කියෙවුවට පස්සෙ සිංහලෙන් තිබුණු බ්ලොග් හොය හොය
කියවන්න ගත්තා.
බ්ලොග් කියෙවුවට කවදාවත් එකක් ලියන්න නම් අදහසක් තිබුණෙ
නෑ තියෙන කම්මැලිකමට. එහම ඉන්න අතරෙදි ඉන්දිකගෙ බ්ලොග් එකේ තිබුණු ඉන්ද්රනාතයන්ගෙ
ෆොටෝ එකක් ගැන තිබ්බ සටහන දැක්කට පස්සෙ මට දැනුනා මොකක් හරි අඩුවක් වගෙ දෙයක්. ඒ
සටහන එක්ක තිබුණු කමෙන්ට් කියවද්දි දැනුනු දේ තමයි හැමෝම එක කෙලවරක ඉඳන් ඒ දිහා
බලලා අදහස් කියනවා විතරයි කියලා. ඉතින් යුතුකමක් විදිහට ඒ දේ ගැන මැද ඉදන් කතා
කරන්න ඕනෙ කියන දේ නිසා තමයි මේ බ්ලොග් එක පටන් ගත්තෙ.
කම්මැලිකමේ
ඉදන් ලියන්න පටන් අරන් දැන් මාස හතකුත් වෙද්දි පෝස්ට් 30ක් දාලා තියෙනවා.
ඉතින්,
- බ්ලොග් කියවන්න පුරුදුකරපු මාතලන් බ්ලොග් එක ලියන මාතෙට,
- බ්ලොග් කියවන්න ආසාවක් ඇති කරපු මගේ ඩෙනිම ලියන ඩූඩ්,
- බ්ලොග් එකක් ලියන්න ඕනෙ කියන පෙළඹවීම ඇති කරපු සැහැල්ලුව ලියන ඉන්දික,
- මගෙ බ්ලොග් එකේ පල්වෙනි කමෙන්ට් එක දාපු chef-architec බ්ලොග් එක ලියන චෙෆ්,
- පුළුවන් හැම වෙලේම ඇවිත් යන සජ්ජාගේ පඩංගුව ලියන සජ්ජා,
- පටන් ගත්තු දවසේ ඉඳන් බ්ලොග් එක හරියට හදාගන්න හැටි කියලා දෙන, අඩු පාඩු පෙන්නන අටම්පහුර ලියන අටම් අයියා,
- මාවම බයිට් එකට ගන්න, මේකෙ පදිංචි වෙලා ඉන්න, රා බොන්න හොයන කම්මලයා,
- මුල ඉඳන්ම ඇවිත් යන වර්ණ බ්ලොග් එක ලියන දිනේශ්,
- පලවෙනි පෝස්ට් එකේ ඉඳන් මේ වෙනකම් එන යන දේශකයා ලියන දේශක,
- සද්ද නැතුව හිටියට මං දන්න තරමින් අපෙ ඉස්කෝලෙම එකෙක් උනු ගස්ලබ්බ ලියන ලබ්බා,
- අඩු පාඩු පෙන්නලා දීලා දිරිදෙන අපේ ගම්පළාතෙම සගයෙක් වෙච්චි අසමි දකිමි සොයමි ලියන විචාරක ලොකු උන්නැහේ,
- මුල ඉඳන්ම ඇවිත් යන අවන්හල ලියන මහේශ්,
- මැලේසියාවෙ ඉඳන් ඇවිත් යන සුන්දර මැලේසියා ලියන මැලේ රාළ,
- මුල ඉඳන්ම යාවජීව සාමාජිකයෙක් වෙන, මාවම බයිට් එකට ගන්න සෙට් එකේ ඉන්න ඩ්‍රැකීගේ අඩවිය ලියන ඩ්රැකී,
- පළවෙනි පෝස්ට් එකෙ ඉඳන්ම එන රාජ්ගේ නවාතැන ලියන රාජ්,
- සෑහෙන්න දික කමෙට් එකක් අරන් ආපු ක්සැන්ඩරයාගේ කොළම ලියන ඇලෙක්සැන්ඩර්,
- යාවජීව සාමාජිකයෙක් වෙන, තවත් මාවම බයිටට ගන්න, දවසට දහසැරයක් විතර මේක අස්සෙ රිංගන දෙමළ නයන්නේ ප්‍රසන්න හෙවත් ප්‍රසා,
- මුල ඉඳන්ම තාමත් ඇවිත් යන ඇවිද්ද පය ලියන සුදීක,
- මගේ පරම හතුරෙක් උනු, මාවම කන, මේකෙ හිට්ස් වැඩි කරන මධුමාධවී රසසරණිය ලියන මධාවියා,
- මුල ඉඳන්ම ඇවිත් යන රසිකොලොජි ලියන රසික,
- ඉඳලා හිටලා ඇවිත් බොරුවක් කියලා යන කලාහිත ලියන කල්‍යාණ මිත්‍ර,
- ඒ වගෙම තමන්ගේ ෆොටෝ එක ගැන ලියලා තිබුනත් ඒ ගැන කමෙන්ට් එකක් දාපු ඉන්ද්‍රනාත තේනුවර,
- දැන් නම් පේන්නවත් නැති වැව් ඉස්මත්ත ලියන වැවා,
- පළවෙනි පෝස්ට් එකේ ඉඳන්ම එන යන වාසනාවන්ත කාලකන්නියා ලියන මලින්ත,
- ඒ වගේම බිත්තිය ලියන පැතුම් හේරත්,
- පලවෙනි පෝස්ට් එකේ කමෙන්ට් කරපු දිනුක ජයසිංහ ආරච්චිගේ,
- ගණ අදුර ලියන ශාමින්,
- නිතරම එන යන, වෙඩින් ඇල්බම් එක කරන්න මට දෙනවයි කියන පුංචි මල් කැකුළු ලියන තුශානි,
- බ්ලොග්දර්ශකයට මේකත් එල්ලපු අජිත් කුමාර,
- බ්ලොග් ලියන එක අතඇරලා බත් පැකට් ගහනවයි කියන කටුසු හදවත ලියන මීචා හෙවත් කසුට්ටා,
- මුල ඉඳන්ම එන යන මනාගේ පින්තාරුව ලියන මනා,
- තවත් මාවම බයිටට ගන්න, උපාසක බළලා වෙච්චි ඉවාන් පවුලූශා ලියන ලව් පූසා,
- මුල ඉඳන්ම
ඇවිත් යන ඔමාගෙ හීන ලියන ඔමා,
- මගේ අතිජාත පරම හතුරා වෙන, මාවම කන අනිකා උනු, මේකෙ හිට්ස් මෙච්චර වැඩි කරන්න මුල් උනු, මේකෙම පදිංචි වෙලා ඉන්න එලද බ්‍රා මෙන්ඩා හෙවත් මෙන්ඩයියා,
- නිතරම ගොඩවෙලා යන කුරුටු ගෑ ගී පවුර ලියන කුරුටු පැටව් ටික,
- ඒ වගෙම ටිකක්හිතන්න ලියන ඉන්ද්‍රජිත්,
- නෙළුම් යායට පෝස්ට් දාලා දිරිදෙන කොළඹ ගමයා ලියන අජිත් ධර්මා,
- තවත්
පොටෝකාරයෙක් උනු, මධාවියාගෙ ප්‍රධාන
ගෝලයා වෙන සොබා රූ ලියන දිල්ශාන්,
- නිතරම එන යන
හැලප කඩේ ලියන හැලපෙ අයියා,
- ඒ වගේම cyberheart ලියන සයිබර්,
- ඒත් එක්කම හංසි(swan) ලියන හංසි,
- මුළ ඉඳන්ම එන යන බස්සීගේ නවාතැන ලියන බස්සී,
- තවත් පොටෝකාරයෙක් වෙන මලියගෙ සටහන ලියන මලියා,
- ඉඳලා හිටලා කමෙන්ට් එකක් දාන ජෙමාගේ හතර වරං ලියන ජෙමා,
- කළු කොටි පස්සේ එලවන අනික් පොටෝකාරයා උනු මතකයේ රැඳුනු තැන් ලියන ලොකු පුතා,
- ඉඳල ඉඳලා පෝස්ට් එකක් දාපු දුවන පනින ෆොටෝ ගහන ඇනොපිලිස් ලියන මදුරුවා හෙවත් ....(ඒක ඕනෙ නෑ) හෙවත් ඇනෝපිලිස්,
- චක්කරේ ලියන රූපේ,
- වර්ණ කුලකයට සඳැස් ලියන මිත්‍ර වර්ණ(සබරෙ ඇනෝ),
- ඒ වගේම වර්ණකුලකයට කවි ලියන වර්ණේ,
- මුල ඉඳන්ම එන යන විදානෙගේ **දානේ ලියන විදානේ,
- මුල ඉඳන්ම එන යන හරීගේ හීනලන්තය ලියන හරී,
- සිංදු ගොඩක් උස්සගෙන එන සින්දු ඇනෝ ලියන සින්දු ඇනෝ,
- ඒ වගේම සිරිබිරිස්,
- තවත් මාවම බයිටට ගන්න එකෙක් උනු පත්තර මල්ලී,
- මේකෙ හිට්ස් වැඩි කරන, බාගෙට බාගයක් කමෙන්ට් දාන, හැම වෙලේම මේකෙම පදිංචිවෙලා ඉන්න, මගේ පරම හතුරෙක් වෙන මනෝ මන්දිර ලියන මන්දිරයා,
- ඒ වගේම සාරභූමි ලියන දුශාන්,
- රා මුට්ටියත්
උස්සගෙන එන තෙලිදිය වාඩිය ලියන තෙලි දිය,
- මේක අස්සෙම
රිංගගෙන හිට්ස් වැඩි කරන අනික් හතුරා, අහසෙන් එන්න ලියන කසුන්,
- ඒ වගේම x-porter,
- අම්බලන්ගොඩකතා
ලියන අම්බලන්ගොඩයා,
- ඒ වගේම බණ්ඩගේ කතා ලියන බණ්ඩා,
- නිතරම එන යන සමකය වටේ ලියන නලීන්,
- ඒ වගේම වැඩිය කමෙන්ට් නොකලත් නිතරම එන යන ප්‍රා ජේ,
- කම්මලයගෙ යාළුවා උනු සූටික්කා,
- දිලාගේ ලෝකය ලියන දිලිනි,
- pinchpoint ලියන JP,
- අසෙනි වැසි ලියන කට්ටියම,
- gaba's තකතීරු ලිපි ලියන ගබා,
- ඇනෝ කමෙට් දාලා බැනපු, අඩු පාඩු පෙන්නපු, අදහස් දක්වපු ඇනෝවරු හැමෝම,
- මං නම් වශයෙන් කියන්න දන්නෙ නැති ඒත් නිතරම ඇවිත් යන හැමෝම,
මේ වෙලාවෙදි මතක් කරලා ස්තුති කරන්නයි මේ පෝස්ට් එක
ලියන්නෙ. ඔයගොල්ලො හැමෝටම ගොඩක් ස්තුතියී මං වගෙ කම්මැලියෙක් මේ වගෙ ලියන්න ආසාවක්
තියෙන එකෙක් කලාට.
සුබ පැතුම් කැමරා හොටෝ
ReplyDeleteමාතලේ හැදුවා මං ගේ තට්ටු..
කේතලෙන් මල්ලක් ගත්තා කෙට්ටු..
ඒ කෙල්ල දැම්මානේ මට වෙට්ටු..
කවද හරි කරනව නංගිව මට්ටු..
සිරිපාල කපුවා තිබ්බෙ මොට්ටු..
මොට්ටුවට මතුරල ඕංරීන් කට්ටු..
මොට්ටු දී ඈ හට උනානෙ තුට්ටු..
ඇයිද දැන් පෙරලෙන්නෙ පනිට්ටු..
කටගැස්ම වී මා ලෝකෙට පේනවා..
තලුමරා මාවම බයිටට ගන්නවා..
හිස හැරුණු ඒ මේ අත මා දුවනවා...
ඊජිප්තු පිරමීඩෙක මා නිදනවා...
උන් දෙන්න වගුරනවා සතුටු කඳුළු..
ඉතිරිවුනෙ මට මේ බල්ලා නකුටු..
සමගියෙන් ඉන්නේ අපි වී වකුටු..
කවද හරි පෙන්නනව රැම්බො පාට්ටු..
ඒ කාලේ අපි කෑවේ කෝලි කුට්ටු..
කෙලින් තිබු කොණ්ඩය උනානෙ පොකුටු..
තුන්වේල කන්නේ දාලා සීට්ටු.. (දැන් ඉතින්)
හිටගෙන ගිලින්නයි වෙන්නෙ පිට්ටු..
කටගැස්ම වී මා ලෝකෙට පේනවා..
තලුමරා මාවම බයිටට ගන්නවා..
හිස හැරුණු ඒ මේ අත මා දුවනවා...
ඊජිප්තු පිරමීඩෙක මා නිදනවා...//
ගායනය : ලහිරු පෙරේරා (La Signore)
පද රචනය : මනුරංග විජේසේකර
සංගීතය : ලහිරු පෙරේරා(Music Oven Crew)
https://www.youtube.com/watch?t=1&v=0L1ooLjGKJ0
//කටගැස්ම වී මා ලෝකෙට පේනවා..
Deleteතලුමරා මාවම බයිටට ගන්නවා..//
උඹල දෙන්න නිවුන්නු ද ?
//කටගැස්ම වී මා ලෝකෙට පේනවා..
Deleteතලුමරා මාවම බයිටට ගන්නවා..//
උඹල දෙන්න නිවුන්නු ද ?
ඉවාන්,
Deleteතෑන්ක්ස් ඉවාන්... මං හිතුවා උඹ කලින්ම ඒවි කියලා.. සින්දුවගෙන් පාර්ට් ටයිම් ජොබක් ඉල්ලාගෙනද මේ..?
කම්මලේ,
උඹ හිතන් ඉන්නෙ උඹ ඩබොල් ඩබොල් දානවා වගේ හැම එකාම ඩබොල් ඩබොල් කියලද...?
කම්මලේ,
උඹ හිතන් ඉන්නෙ උඹ ඩබොල් ඩබොල් දානවා වගේ හැම එකාම ඩබොල් ඩබොල් කියලද...?
හායි ඩබල් ආදිපාද
Deleteකම්මලය බයිට් එක ඩයට් එකට අරං වගේ දෙපාරට.
Deleteඉවාන්,
Deleteඩබල් නෙවෙයි බං ඩබොල් ඩබොල්.....
ප්‍රසා,
ඕක වැඩිය කන්නෙ බයිට් තමා. එදා බයිට් මේසෙ ලඟ ඉදගෙනමයි හිටියේ...
ඉවානයා තමා බ්ලොග් ලෝකයේ වර්තමාන රොෂාන් මහානාම.
Deleteකම්මලයාගේ හතර වරං නිවුන්නු.
කම්මලයා දෙක දෙක දාලා ගිහින් සද්ද නැතුව ඉන්නවා ඌට නෙවෙයි වගේ... වරෙන් මේවට උත්තර දියන්...
Deleteරොෂාන් මහානාම :O , ඒ මොකෝ බං ඒ මනුස්සයට අපහාස කොරන්නේ
Deleteෂෙක් .. මම අංකල්ල එක්ක පැටලෙන්නෙ නෑ . ඕකුන් බීපුවහම හරි වසයි.
Deleteඉවාන්,
Deleteඅර අහිංසක රොෂාන්ට කවුද යකෝ අපහාස කරන්නේ...? නැද්ද ඉවානයෝ...?
කම්මලේ,
ඇයි අංකල්ලා ටික උඹට මොනාද කොලේ... හපොයි...
කම්මලයා බොන දවසටත් ෂෝට් දෙක දෙක දාන්න ගනිද බං?
Deleteෂෝට් නම් මං දන්නෙ නෑ ෂොට් නම් දෙක දෙක ලඟ නැමුවා මතකයි...
Deleteඋඹට සහ උඹේ බ්ලොගේට යහපතක්ම වේවා.
ReplyDeleteහප්පට සිරි යකෝ මම ලැයිස්තුවේ උඩම හරියේ ඉන්නේ.
මම උඹට බ්ලොග් කියවන්න ආසාවක් ඇති කලා කියලා දැනගත්ත එකම මට මාර සතුටක්.
සැක් ... නියපොත්තෙන් කඩන්න තිබුන දේ පොරවෙන් කපන තැනට ගෙනාවෙ මේ ඩූඩ්ල තමයි.
Deleteඩූඩ්,
Deleteතෑන්ක්ස් ඩූඩ්... ලැයිස්තුවෙ උඩින්ම ඉන්නවා වගෙ මගෙ පලවෙනි පෝස්ට් එකේ කමෙන්ට් කරලත් තියෙනවා. කියවන්න ආසා හිතෙන්නෙ නැද්ද ලියලා තියෙන කතා වලට.
කම්මලේ,
දැන් ඉතින් පොරවෙන් තියා චේන් ශෝ එකකින්වත් කපන්න වෙන්නෙ නෑ...
චේන් ශෝ මොකටද ? නගාට බ්ලොග් එකේ ලින්ක් එක දුන්නනම් හුටස් .... ආ..... ඕනෙ නෑ අපි ගෙදර ඇවිත් රා බීපු දවසට උඹේ බ්ලොගෙත් ඉවරයි , ගෙදරින් කාලත් ඉවරයි.
DeleteThis comment has been removed by the author.
Deleteමං කමෙන්ට් එක කොටන ටිකට ආතරයා ඕක මැකුවද බං...? අනේ උඹේ කියන තැනක් අල්ලලා වදින්නම් මචෝ... ගෙදර නම් එන්න එපා... උඹ හදන්නෙ මගෙ කෑම ටිකට් එක නැති කොරන්නද...? අපෙ පැත්තෙ රා නෑ යකෝ... හයියෝ...
DeleteThis comment has been removed by the author.
Deleteමෙන්න මුගේ එකකුත් ආතරය මකල.
Deleteඇඩ්ඩිං හැටියට බොට ආතරය මකපුවට ගේම දෙන්න පුලුවන්නෙ.
පුළුවන් තමයි... ඒත් ඉතින් කම්මලයා පවුනෙ.. කමෙන්ට් දෙකක් දානකොට අපිත් දෙකටම උත්තර දෙන්න එපැයි.. නැද්ද මං අහන්නෙ...?
Deleteමොකද බං මේ උඹලා හැම එකාම ඉංග්‍රීසියෙන් දාන එකම කමෙන්ට් එක? This comment has been removed by the Arthur?
Deleteආතර් කොනන් ඩොයිල්ගෙ වැඩක්නෙ ඔය ඩූඩයියෙ. පොර මැරිලත් අච්චර අර උදව් කරපු චන්දනයට ඉන්න දෙන්නෙ නැති එක, අපිට මොනවා නොකරයිද?
Deleteකැමෝ,
ගස් කපන එකෙක් ගියාලු අළුත් බණ්ඩි කියතක් ගංට. ඌ දවසට ගස් දහයක් කපන එකෙක්ලු. කඩකාරයා මූට චේන් සෝ එකක් වික්කලු බයිලෙ ගහලා දවසට ගස් විසි පහක් කැපුවෑකි කියලා. පහවුදාට පහුවදා මූ එනවලු මල කටිං අරං, මොන මගුලක්ද ඕයි මේ දුන්නෙ. මේකෙ මුවහත අන්තිමයි. ගස් දෙකයි ඊයෙ උදේ ඉඳං යාංතං කපාගන්න පුලුවං වුණේ කියලා. කඩකාරයා ‘වෙන්න බෑ කෝ බලමු‘ කියලා කියත ඉස්ටාට් කොලාම ගස් කාරයා අහනවලු, ‘ඈ....... මොකක්ද ඒ සද්දෙ?. කියලා.
ඩූඩ්,
Deleteඕකා මේ කම්මලයගෙ පිටිපස්සෙන් එන එකා.
අර පරණ කෑලි හැලෙන හොන්ඩා බයික් එක පිටිපස්සෙන් පෝර කවරයක් අරන් කෑලි අහුලන්න යන එකා වගෙ...
මධාවි,
කඩේ පොරට චේන් ශෝ එකෙන් බෙල්ල කපාගන්න හිතෙන්නෙ ඇති.
ආතර් කියන්නෙ මගෙ හෙවනැල්ල , දැනුත් පිටිපස්සෙන් එයි
Deleteපෝර කවරයක් ගේන්න කියහං....
Deleteකම්මලයා කියන්නා වගේ ඩුඩ් අයියන්ඩිට පිස්සුනේ වැල පත්තර බලාගෙන හිටපු එකාට බ්ලොග් කියවන්න පුරැදු කරේ.
Deleteඉතින් හොඳ නැද්ද බං...? නැත්නම් ඉතින් මාත් ඉදී හුඹහෙන් ඇදපු එකා වගේ...
Deleteඒ කාලේ මම වැල පත්තර බැලුවේ ආර්ථිකවිද්‍යාව පත්තරේ මැද තියාගෙන..
Deleteතවම ඒ කාලේ ආව පත්තර තියනවද බං ?
දැන් නැතුව ඇති බං මේ වීඩියෝ එන නිසා. අපරාදේ නේද මචෝ..? කතාවක් කියවනවා වගේ නෑනෙ බලද්දි... :D
Deleteසුභපැතුම් සුභපැතුම්
ReplyDeleteතවත් කැමරාවෙන් බලන්න එන්නම්කෝ
හොඳ හොඳ ඒවා පෙන්නපන් ඈ....
සැමදා ජයවේ යශ්!
තෑන්ක්ස් වර්ණ...
Deleteහොඳ හොඳ ඒවා පෙන්නමුකෝ... අමුතු සතා බලන්න එනවද..? :D
//තවත් කැමරාවෙන් බලන්න එන්නම්කෝ//
Deleteයකෝ කැමරාවෙන් බලන්නෝ කොහොමෙයි
හිලට ඇහැ තියලා බලහං... මං කිවුවෙ කැමරාවෙ..
Delete@ කැමා
Deleteඅමුතු සතා පොටෝ ගහලා බ්ලොගේට දාපන්කො හැමෝටම බලන්න....
@ ගී පවුර
කැමරාවෙන් බලන්න බැරි නම් කැමාගෙ කැමරාව හරි බලන්න බැරියෑ බං... එහෙමත් නැත්තම් කැමාගෙ අමුතු සතා හරි....
ජයවේ කැමා ගී පවුර
මෙන්ඩව හරි මධාවියා හරි සෙට් උනු වෙලාවක ෆොටෝ එකක් ගහලා දාන්නම්කෝ... උන් දෙන්නම නැති උනොත් මල් වන්දිරයව හරි.
Deleteවර්ණෙමලයෝ..
Deleteකැමාලග ඉන්නවා දැනට වදවීගෙන යන ඉතා දුර්ලභ ගනයේ සත්ත්වයෙක්.සත්තුවත්තට දුන්නට ගන්නේ නැ.හරි භයානක සතෙක්ලු ඒකා.
A special species of Anaconda...
Deleteහා හා දාහන්කො ඇනකොන්ඩෙක් හරි දියබරියෙක් හරි අපිට බලන්න...
Deleteඅමුත් සතෙක් ඕනිම නං කැමාට ලේසියෙංම බැරියැ සෙල්පියක් ගහලා දාංට.
Deleteදැම්මොත් මේකයි මචංලා ඇති වෙන පුරස්නේ.
Deleteපිටරටින් මූව උස්සගෙන යනවා මේ ගැන පර්යේෂණ කරන්න.අනික ඇනකොන්ඩෙක් කිව්වට කූඩලු පැටියෙක් ඉන්නේ..
වර්ණෙ,
Deleteඉඳහං මධාවියා සෙට් වෙනකන්....
මධාවි,
වරෙන් වරෙන් සෙල්ෆි ඕනෙ නෑ මං උඹේ ෆොටෝ එකක් අරන් දෙන්නම්...
මනෝ,
උඹ දැක්කයි...? ඉරිසියාකාරයා...
හිලට ඇහැ තියලා බලහං... //
Deleteඉතිං කොහමද බං මේ කැමරකටාට කසාදයක්වත් කරලා දෙන්නෙ..
වස්සෝ..හිල තියන්නෙ ඇහැ තියලා බලන්න නෙමෙයි..
මීමො... දැන් උඹ කියන්නෙ මොන හිල ගැනද...? ඔය හැම හිලටම එක එක ඒවා ඔබන්න ගිහින් බඹරු ඇන්නොත්...
Deleteඒ වගෙත් බමරු නැති වුනාට වද නම් තියනවා
Deleteවද නෙවෙයි බං පැණි... පැණි..
Deleteඇම්ඩා ඇහුවලු "බඹරු නැත්නම් පැණි කොහෙන්ද ගෑනියේ..?" කියලා...
කැමෝ දැන් මේක ගෙනිහින් මාමජ්ජට පෙන්නල කියහං වැඩිය පාට් දාන්න එපා මේ මගෙ සෙට් එක කියල පෙන්නනපං ( සෙට් එක කිවුවෙ මේ අපිව , නැතුව උඹේ මීච නෙමේ )
ReplyDeleteඋඹ හදන්නෙ ගුටි කාලා ශේප් වෙන්න ඉන්න මාව හදිසි අනතුරු එකේ ඇඩ්මිට් කොරන්නද...?
Delete(සෙට් එක පෙන්නුවොත් මොනා ව්එයිද බං..?)
//(සෙට් එක පෙන්නුවොත් මොනා ව්එයිද බං..?)//
Delete" අනේ අපේ කෙල්ලට වැඩි කරදරයක් නැතිව ඉන්න පුලුවන් වෙයි හාමිණේ ", "මේං මේකට කෙල්ලව දීල දාමු." ඕඃ ඔහොම කියයි.
එහෙනම් ගිහින් පෙන්නන්න ඕනෙ... මං ඉස්පිරිතාලෙ කියලා ආරංචි උනොත් බලන්න වරෙන්...
Deleteමං අහන්නෙ නම් නෑ රත්තරනේ......
Deleteකම්මලයගෙ දෙක කෝ කියලා.....
හෑ............ දෙක නෑ............?
Deleteචැහැ..කම්මලයාගේ දෙක නෑ කියන්නෙ කප් දෙක නැති බ්‍රා එකක් වගේ
Deleteකම්මලයෝ.... ඉන්න තැනකින් වරෝ... මට නම් තවත් බලන් ඉන්න බෑ උඹට මේ වෙන අපහාසේ........
Deleteසුබපැතුම්!!! ආසාවෙන් කියවන බ්ලොග් එකක්
ReplyDeleteතෑන්ක්ස් රොටී... සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට... දිගටම එන්න...
Deleteදැනෙන සතුට හොදට ම තේරෙනවා මචෝ......... සතුටුයි...... ජයවේවා
ReplyDeleteබොක්කේ ම සුභ පැතුම්......
තෑන්ක්ස් කුරුටු...
Deleteමේක මං තනියම ආපු ගමන්ක් නෙවෙයි නිසා තව සතුටුයි.
මුලින්ම සුබ පැතුම් කැමා අයියේ....
ReplyDeleteමාතා අයියා තමා ගොඩක් අයව බ්ලොග් ලෝකෙට එවල තියෙන්නේ.... මාත් දවසක් මාතලන් හරහා තමා මේ ලෝකෙට ආවේ...ඊට පස්සේ ඉතින් අහුවෙන හැම එකම කියෙවුවා... වර්ණ හරහා තමා ලියන්න ගත්තේ
තෑන්ක්ස් මලේ...
Deleteමාතගෙ ගෝලයො ගොඩක් ඉන්නවා මේකේ...
සුබ පැතුම් කැමා.
ReplyDeleteතව දිග කාලයක් බ්ලොග් ලෝකේ රැඳෙන්න ප්‍රාර්ථනා කරනවා.
(හොඳ වෙලාවට මූට මගේ බ්ලොග් කෑල්ල අහුවෙලා නෑ.)
තෑන්ක්ස් ප්‍රසා... එක පාරක් අහු උනා. මට ඒකෙ ඇඩ්රස් එක මිස් උනා. ඉඳහංකෝ අවුරුද්දටම එකක් දාන බ්ලොගෙ ඇඩ්රස් එක දාන්න ඇඩ්රස් නැති වෙන්නම... :D
Deleteප්‍රසා මම උඹේ බිලොග් එකට ගියා.උඹ 2011 බිලොග් ලියන්න පටන්ගත්තට තවම පෝස්ට් හතරයි දාලා තියෙන්නේ.බිලොග් එකේ මොනව හරි ලියපන්කෝ මචං..අපිට ඒකෙත් පැලපදියම් වෙන්න..
Deleteලියයි ලියයි..බලං ඉඳහං අර මොකාගෙද මොකද්ද එක වැටෙනකම් හිටියා වගේ....
Deleteනෑ බං ඒක හුදී පාඨක ජනයාට කොමෙන්ට් දැමීම සඳහා පමණක් මගේ වියදමෙන් පිං තකා පවත්වාගෙන යන එකක් කෙරුව. :D
Deleteයකෝ ඒකෙ පෝස්ට් හතරක් තියෙනව කියල මමවත් දන්නෙ නෑනෙ.
ඒ කෙරුවාවත් නරකම නෑ... අපෙ උන්ට මරාගන්නම වෙනම බ්ලොග් එකක් හැදුව නම් හරි.
Deleteඑහෙම බිලොග් එකක් හැදුවනම් කොමන්ටු තියෙවි බර ගානක්.
Deleteඒ උනාට ප්‍රසාගෙ තියෙන රෙකෝඩ් එක කඩන්න බෑ එකෙකුටවත්. බලහං පෝස්ට් හතරට තියෙන කමෙන්ට් ගාන. ප්‍රසා, මෙන්ඩා, පත්තරේ, ප්‍රා, කම්මලේ වගෙ උන් තමයි බ්ලොග් ලෝකෙ ඇදගෙන යන්නෙ.
Deleteඇයි ඇයි අපි ඔටුවොද? ඕකට තමා කියන්නෙ මිත්තරද්දොරෝහිකම කියලා.
Deleteඔව්.. ඔව්.. මතකද ඩ්‍රැකියා උඹට කාර්ඩ් එක ගැහුවා "බ්ලොග් ඔටුවා" කියලා...
Deleteඔටුවො ලංකාවෙ නෑ නේද? මම හිතන්නෙ මොල්ලි ගොනෙක් වෙන්න ඇති. :D
Deleteකර අඹපු එකෙක් වෙන්ටෑ....
Deleteඈ...ගල් බස්සෝ ඇදගෙන යන්න අපි වස්සෝද?
Deleteඔව් මීමෝ... ඔව්...
Delete(උඹලා නැත්නම් අපි ලියයි මෙච්චර...)
චැක්...එනකොට සුටිටක් පරක්කු වුනා...
ReplyDeleteමගේ බිලොග් එකටත් මුලින්ම ඇවිල්ලා ලින්ක් දාන විදිය මට කියලා දුන්නේ උඹ.
මගේ එක්ක මුල ඉදන්ම හිටියේ කුරුටුයි,ඩ්‍රැකියයි,ඉන්පස්සේ සුරංග,ටික්කා,මලියා,බිලොග් දර්ශකයේ අජිත් ආවා.වර්ණ මලයත් ආවා.ඒ හැරුනම මම වෙන කිසිම කෙනෙක් දැනගෙන හිටියේ නැ.
ඔය අතරේ තමයි මම උඹේ බිලොග් එකට ආවේ..එදා ඉදලා එකදිගටම ආවා..එතනදි මධුවා හදුනගත්තා.ඉන් පස්ස් මදුවගේ බිලොග් එකට නිතර ගියා..එතනින් පස්සේ තමයි බොහෝ දෙනෙක් මාව හදුනාගත්තේ..ඒකට හේතුවුනේ මම උඹලගේ බිලොග් වලට එනකොටම උඹලා මාව මිත්‍රත්වයෙන් පිලිගත්තා..බිලොග් අවකාශයේ මම රැදිලා ඉන්න හේතුවුනේ උඹලාගේ ඒ මිත්‍රත්වය..
අපේ කැමා මලයණ්ඩියාට ජයවේවා.....ආයුවර්ධනය වේවා...ධනය වර්ධනය වේවා...සැපය වර්ධනය වේවා...බලය වර්ධනය වේවා...යසස වර්ධනය වේවා....භාර්යාවෝ ලැබේවා...දරුවෝ ලැබේවා....මුනුපුරොත් ලැබේවා...අපිට උඹෙන් රා ලැබේවා...
අඩෝ උඹ කෙල්ලෝ ටික මොකුත්ම නොකියා බටර්පාර ගාලා සේප් කරගෙන නේද ?
තෑන්ක්ස් මනෝ... උඹලා තමයි මේකෙ හිට්ස් වැඩි කලේ. අනික කමෙන්ට්ස් ගාණ. මන් කමෙන්ට් පෙරේතයෙක් කියලා දන්නවනේ..
Deleteඋඹෙ බ්ලොග් එකට මුලිම ගියාට පස්සෙ මට මග ඇරුනා බ්ලොග් රෝලට දාගන්න බැරි එකෙන්. පස්සෙ තමයි ආයෙ අහු උනේ.
කෙල්ලො ටික තරහ කරගෙන බෑනෙ බං...
///භාර්යාවෝ ලැබේවා.../// උඹ මාත් එක්ක තරහක් එහෙම තියෙනවද මචෝ....?
අතිරික්තය අපිටනේ මල්ලි ඒකනේ භාර්යාවෝ කියලා දැම්මේ....
Deleteවරෙන් වරෙන් මං අන්තඃපුරයක් දාලා උඹව ගන්නම් මුරකාරයා විදිහට....
Delete//අපේ කැමා මලයණ්ඩියාට ජයවේවා.....ආයුවර්ධනය වේවා...ධනය වර්ධනය වේවා...සැපය වර්ධනය වේවා...බලය වර්ධනය වේවා...යසස වර්ධනය වේවා....භාර්යාවෝ ලැබේවා...දරුවෝ ලැබේවා....මුනුපුරොත් ලැබේවා...අපිට උඹෙන් රා ලැබේවා...//
Deleteසාධූ...සාධූ...සාධූ....
මනෝ, බටර් නෙමේ බං .....ඒ පැණි!
මනෝවා හොඳයා මුරකාරයාට. ඔය අංකඃපුරවල මුරකාරයංගෙ කන්ඩිෂන් එක කවුරුත් දන්නවනෙ ඉතිං.
පැණි ගොඩේ ඇලිලා ගොඩ එන්න බැරුව ඉන්නෙ...
Deleteමුරකාර ජොබ් එක මූට දෙන්නෙ ඒකනෙ බය නැතුව.. කිසිම අවුලක් නෑ....
අඩෝව්.... දානව අපහාස නඩුවකත් බල බල ඉන්න..
Deleteතොපිලා දැනගනියව් හස්තකර්මාන්තයෙන් ආරම්භ කරලා ඕනෑම ගැඹුරු ළිදක,කලපුවකව උනත් ශිල්ප දාන්න පුලුවන් එකෙක් බොලව් මම..ඔන්න දැන් පොඩි කතාවක් මතක් වුනා...
වැඩිම ගැහැනු ගානක් එක්ක ඉන්න පුලුවන් පුද්ගලයා තෝරන තරගයක් තිබිනලු.ගැහැනු පන්සියක් ඉන්නවා තරගකරුවන්ට හැකියාව පෙන්වන්න.එක එක රටවලින් එන වුන් උපරිම දහයක් වගේ තමයිලු.ලංකාවේ එකෙක් ආවලු අන්තිමට.පැය ගානක් යනකොට පන්සීයම ඉවරලු.දැන් කුසලානය පිරිනමන්න හොයන කොට මූ ඇත්තේ නැ.ඔන්න හොයාගෙන යනකොට මේ යකා මුල්ලකට වෙලා හස්තකර්මාන්තයේ යෙදෙමින් ඉන්නවලු.(මේ මිනිහා ටිකක් වයසයිලු)
මේ මොකද ලොකු උන්නැහේ මේ.දැන් පන්සියකට වැඩේ දුන්නා නේද.
අනේ මහත්තයෝ පන්සිය මොන කජ්ජක්ද මට පැත්තේ ගම් පහ හයේම උන්ටත් වැඩේ දෙන ඒකේ,මේ අල්ලන්නේ මදි පාඩුව,මහත්තයටත් ඕනනම් ටිකක් නැමෙන්නකෝ..වෙලාවේ හැටියට ඒකත් මදැයි..
වයසක පොරක් කිවුවා නේද...? කවුද..........
Delete(ඕං අපෙ මධාවි ලොක්කා එහෙම අල්ලන්න එපා...)
උඹට ජයවේවා...!!!
ReplyDeleteමට නං හරිම කම්මැලි වැඩක් තමා මේ. ඒ වුනාට උඹ හැමෝටම නමින් මතක් කරලා එක එකාට ඉස්තූති කරපු එක ගොඩක් හොඳයි.
දිගටම මොන මොනව හරි ලියමින් බ්ලොග් අවකාශය පෝසත් කරන්න දායක වෙන්න ලැබේවා...!!!
තෑන්ක්ස් ඩ්රැකී...
Deleteමේකට මේ වෙද්දි ආපු හැමෝගෙම නම් සැට් එක ඔතන තියෙනවා. ඔය සෙට් එක හින්දා තමයි මන් මේ තරම් ලියන්න පුරුදු උනෙ. ඉතින් කොහොමද අමතක කරන්නෙ...
අමතක නොකර රා ටිකක් බොන්න ලැහැස්ති කරපන්
Deleteඒකනම් පුතෝ කොහොමහරි දෙනවා... නැත්නම් මට ඉන්න වෙන්නෙ නෑ උඹලා එක්ක...
Deleteඔන්න අපෙනුත් සුබ පැතුම්...
ReplyDeleteඅවුරුද්දක් වෙද්දී පොස්ට් 100 කඩ ඉමත් පහුකරන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...
තෑන්ක්ස් තුශානි...
Deleteසුපිරි සහෝ , සුභ පැතුම් !! :D
ReplyDeleteතෑන්ක්ස් රාජෙ.. පිලිගන්නවා මේ පැත්තට...
Deleteකොන්ග්‍රැට්ස් කිව්වා... අනිවා ලියනවා වගේම මේවා සමරන්නත් ඕන..
ReplyDeleteඑකෙක්වත් හැලුවේ නෑ කියලා ෂුවර්ද... මෙහෙම එකක් දැක්කමයි ඕයි...
තෑන්ක්ස් මාතේ... ඔන්න මාතෙ හින්දා ආපු ගමනක් මේක...
Deleteඑකෙක්වත් හැලුවෙ නෑ... අනිවා ඔක්කොම ඉන්නවා මුල් එකේ ඉඳන්ම මේකට ආව ගිය...
සුභ පැතුම් මචා ඩෝ!!!
ReplyDeleteදව දස ලක්සෙකට ලියමු...
ජ ය වේ වා !!
විදානේ-
තෑන්ක්ස් විදානේ..... අනිවා දිගටම ලියනවා...
Deleteමොකද බං උඹේ CJ කමට උනේ.
Deleteතාප්පෙට යට වෙලා.....
Deleteඇඔිලිපිටියේදි නැතිවෙලා
Deleteනැතිවෙලාද එහෙම නැත්නම් හැලිලද...?
Deleteජයවේවා මචෝ ....
ReplyDeleteවිනෝද වෙන්න
විනෝද වෙන්න මේ වගේ තැනක් හම්බවෙයිද නෑනේ
හිතේ තියෙන සංතෝසය කාටද ඕනේ
අපෙ හිතේ තියෙන සංතෝසය කාටද ඕනේ
තක්කිට තරිකිට දොමිකිට වදින රබානේ
තක්කිට තරිකිට දොමිකිට වදින රබානේ
ගැහුවලු ඒ වගෙ පදයක් ගමක පුරාණේ
මිණි කිංකිණි සළ සළ නටනව ගෑණු පරාණේ
ගෑණු උන්දෑ නටනකොටත් ඕන කිවුව බෙර පදේ
කපුටු කාක් කාක් කියා කපුට කිවුව අද උදේ
විනෝද වෙන්න
විනෝද වෙන්න මේ වගේ තැනක් හම්බවෙයිද නෑනේ
හිතේ තියෙන සංතෝසය කාටද ඕනේ
අපෙ හිතේ තියෙන සංතෝසය කාටද ඕනේ
සංගීතය සන්තාපය මගහරවන්නේ
සංගීතය සන්තාපය මගහරවන්නේ
පාග පාග සනි පනි ගා රාගෙට එන්නේ
මේ දුකෙන් තමයි ඔයයි මමයි ජීවත් වෙන්නේ
සිංදු අහල නැටුම් බලල ඉන්න පිරිස මත්වෙලා
සිංදු කියල නැටුම් නටල දැන් අපි හෙම්බත් වෙලා
විනෝද වෙන්න
විනෝද වෙන්න මේ වගේ තැනක් හම්බවෙයිද නෑනේ
හිතේ තියෙන සංතෝසය කාටද ඕනේ
අපෙ හිතේ තියෙන සංතෝසය කාටද ඕනේ
විනෝද වෙන්න
විනෝද වෙන්න
ගායනය - ජේ. ඒ. මිල්ටන් පෙරේරා සහ මල්ලිකා කහවිට
පද රචනය - කරුණාරත්න අබේසේකර
සංගීතය - ආර්. මුත්තුසාමි
තෑන්ක්ස් සින්දු... මේකට දැන් සිංදුවක් වැටුනෙ නැත්නම් කෑවෙ නෑ වගේ... ඒක නෙවෙයි අන්න ඉවානයා උඹේ රස්සාවට කෙලින්න හදන්නේ....
Deleteඑහෙම කෙලින්න දෙයක් නෑ, අපි දෙන්නා එකම ගමේ යාලුවන්ය , නැද්ද සිංදුවෝ
Deleteහතර රියන් සහ දෙරියන් එකම ගමේ යහළුවෝය
මේ දෙන්නා කලෙක පටන් බොහොම එකමුතුයි
දවසක්දා මේ දෙන්නා දෙමංසලේ මුණගැහිලා
හවුලෙ වැඩක් අරඹන්නට කතිකා කෙරුවා
අපි දෙන්නා හවුල් වෙලා සම පමණට මුදල් යොදා
හොඳ කිරි එළදෙනක ගනිමු දෙරියන් කිව්වා
ඒ අදහස බොහොම අගෙයි මගෙන් මුදල් අඩක් ලැබෙයි
හතර රියන් එක වරටම සතුට පළ කළා
හවුලෙ ගත්ත මේ එළදෙන අප අතරේ බෙදිය යුතුය
ඒත් කොහොමදැයි බෙදන්නෙ පැනයක් නැගුණා
අපොයි ඒක සුළු දෙයක්නෙ ඔබ මොකටද පසුතැවෙන්නෙ
දෙරියන් වූ බෙදන අයුරු මෙසේ පැවසුවා
වැඩිම වටිනකම තියෙන්නෙ කොයි දේකත් ඉදිරි පැත්තෙ
ඒක නිසා ඉදිරි පැත්ත හතර රියන්ටයි
වටිනකමින් අඩු වුණාට පසුපස මට හොඳටම ඇති
ඔබට හොඳම කොටස දීම මගේ යුතුකමයි
දෙරියන්ගේ කපටි බහට හතර රියන් රැවටුණේය
එදා පටන් කිරි එළදෙන හවුලෙ වැඩෙනවා
එළදෙන බැඳ තබන කඹය කරපට සහ තණ පුනක්කු
හතර රියන්ගෙන් සැපයේ ගිවිසුම එහෙමයි
එළවළු කොරටුවට වෙලට හේනට පැන්නොත් එළදෙන
වගා පාළුවට දඩයත් හතර රියන්ගෙන්
දෙරියන් වියදමක් නැතුව කිරි ටික නොමිළයේ ලබයි
පොහොරට ගොම ටික ලැබුණා පැටවත් ලැබුණා
සින්දුවේ විස්තර ටික නම් සින්දුවාගෙන් තමා අහගන්න් ඕන
දැන් එතකොට උඹලා දෙන්නගෙන් දෙරියන් කියන්නෙ මොකාද...? පේන විදිහට නම් ඉවානයා වෙන්න ඕනෙ..
Deleteදහදාහට සුබ පැතුම්.දහදාහෙ අගට තවත් බිංදුවක් ඉක්මනට එක්වේවා.අනික උඹේ පැමිණීම් කවුන්ට් වෙන එක බ්ලොක් කරපං.එහෙම නැත්නම් නියම ගණන පෙන්නන්නෙ නෑ.
ReplyDeleteතෑන්ක්ස් හැලපෙ අයියේ... ඒ බින්දුවත් කොහොම හරි එකතු කරමු. මං ඒකනම් බ්ලොක් කලා.
Deleteහපොයි මං එන්ඩ ලේට් උනානේ.කොහෙද අර ශනූ බබා මොකක්ද බාල්දියක් පෙරලගෙන,ඉතිං මං දවස පුරා ඒකට දාපු කොමෙන්ටු කියව කියව හිටියා..අහ් මාවත් මතක් කරලනේ..හම්මෝ මට හෙන හැපියෝ!
ReplyDelete10කේ වලට සුබ පැතුම් කිව්ව!
ලේට් වෙලා හරි ආවනේ. ඒ ඇති. තෑන්ක්ස් මලේ... ආයෙ ඉතින් මතක් නොකර කෝමෙයි...
Deleteලක්සේ ලක්සේ.............., ඊළඟට දස ලක්සේ. (මම මැරෙන්න කලින් ඒක ගනින්)
ReplyDeleteලියපන්, මොකා මොනවා කිව්වත් ලියපන්.
ස්තුතියී විචාරක මහත්තයෝ... කොහොම හරි ලියනවා. කියන උන්ට නම් කියන්න දේවල් ඕනෙ තරම් තියෙනවනෙ... ලඟදි මැරෙන්න අදහසක් එහෙම නෑ නේද දෙයියනේ කියලා...?
Deleteහු..හිතාගෙන ඇති දැන්ම මැරෙන්න මේ විචා මැරම් කන්න හදන්න එපා..
Deleteඊලග සැරේ පත්තර මල්ලිලාගේ ගෙදර සෙට් වෙනකන් හිටු..
මේ පාරත් හිල් වෙච්චි කලිසමද බං ඇඳගෙන යන්නෙ එහෙ...?
Deleteඒක ඉට්ටැයිල් එක
Deleteඉට්ටැයිල් එකේ පොටෝ එකක් දාලා තිබුණා ලොකු උන්නැහේ...
Deleteඋත්සවේක ඉස්තූති කතාව වගේමයි!
ReplyDeleteහිටපිය තොට දෙන්නං..........හෙට අනිද්දම.
සභාවෙන් අවසරයි කියන්න බැරි උනානෙ බං...
Deleteඇයි අර දීලා තියෙන්නෙ පොරි හැලෙන්න. මදිද ඒක....?
හා කැමා. කොහොමෙයි? ආෆ්ටර් ලෝං ටයිම්.
ReplyDeleteමමත් සුබ පැතුවා හොඳ ද?
මගෙත් දෙදාහවත් පැනලද බලන්නෝනෙ.
තෑන්ක්ස් කසුනා...
Deleteකොහෙද බං මේ දවස් වල ඉන්නෙ...?
යකෝ කසුනා කඩාපාත් වෙලා තියෙන්නේ.
Deleteදෙදහා පනීද උඹ ඒකේ ඇත්තෙවත් නැති කොට.
අපි දාපු කොමන්ටු වලට රිප්ලයි කරලා තියපං අපි තව ටිකකින් ඒ පැත්තට එනකොට.
නැත්තම් එල්ලුම් ගස් යවනවා කොටදෙනියාවට යවලා...
ඔව් ඔව්... ආයෙ බොට කියන්නෙ නෑ... ඇයි යකෝ අපි මෙච්චර අමාරුවෙන් ගිහින් කමෙන්ට් දානවා. මූ පුකට එලිය වැටෙනකම් නිදියනවද කොහෙද..?
Deleteබොල දෙන්නට මං කියන්නෑ ඉතින්. හිටහං තව ටිකකින් මම කොමෙන්ට් ඔක්කොටම උත්තර දෙන්නම්.
Deleteකියහං බලන්න... අපි බයවෙයි අහස් කූරට...
Deleteඋණුසුම් සුභපැතුම් මිත්‍රයා.. තව මාස හතක් යන්න කලින් ඔතනට තව බින්දුවක් වැටෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.. සියලු වැඩකටයුතු සාර්ථක වේවා..ලේඛන කලාව වැඩි දියුණු වේවා..
ReplyDeleteතෑන්ක්ස් මචෝ....
Deleteඉක්මනටම ඒ පැත්තෙත් මේ විදිහට රවුම් ඉලක්කම් බලන්න පුළුවන් වෙන්න ඕනෙ...
ජයවේවා.......මම හිතන්නේ මෙතන තියනවා මේ දවස්වල ඇක්ටිව් බ්ලොග් ඔක්කොම වගේ.... අපි දිගටම කැමරාවෙන් බලන්න එනවා....... දෙන උපදෙස් වලටත් ස්තුතියි.
ReplyDeleteතෑන්ක්ස් බණ්ඩේ...
Deleteඉක්මනටම අළුත් කතාවක් දාන්න.
හායි ශ්‍රීනා
ReplyDeleteඑක නෙවේ හවූ ආ යු මයි ලව්
අමතකද අනේ ඇට නැති සව්
අත්ගල් පුරේ කඳු පාමුල කොන්න පොනේ
මන් ඔයාගේ පොන්න පියා ඔබට සුබයි පනේ
හලො මචන්....
Delete10000 කියන්නේ ලොකු ගාණක්...... ඕ......... අපේ හදපිරි අවංක සුබ පැතුම් වේවා ආ........ ඊළගට ලස්සේ එකට සුබ පතන්න බලාගෙන ඉන්නේ................
ReplyDeleteතෑන්ක්ස් ආර්යයන්...
Deleteබලමු එතෙන්ටත් යන්න පුළුවන්ද කියලා...
එල ද බ්‍රා
ReplyDeleteමම ටිකක් දවල් වෙලා එන්නම්.
ඔවු තව ටිකක් නිදාගනිං. ඊයෙ ගහපුව තාම වැඩකරනව ඇතිනෙ.
Deleteමෙඩා,
Deleteවරෙන් වරෙන් උඹ එනකම් තමා ඉන්නෙ...
ප්‍රසා,
කොහෙ හරි රිංගුවද දන්නෑ එලි වෙනකම්...
ඊයේ වැඩට ආවේ නෑ බං මුන්ගේ අම්මලට හැන්ඩ් බ්‍රෙක් ගහන්න මුන් ඡාතන්තර බ්‍රා නැති දිනයක් ඊයේ සමරලා..
Deleteයකෝ බ්‍රා නැතිවුනාම මමයි ගෑනියි ළමයි කන්නෙ සුරංගයාගේ සෝදානාගේ බිබික්කමද?
ප්‍රසා
මට ගෙදර ලැප් ඉන්ටර්නෙට් නෑනේ බං
ලංකාවෙ උන් සැමරුවෙ නැද්ද බං ඕක...? ඔපීසි වලට පුරුදු කලොත් කොහොමද...?
Deleteෂා .. ආස හිතෙන පොස්ටුවක් ...මෙහෙම බැහැ කේක් කපල ලොකුවට සමරන්න ඕන :D මේ ආපු ජයග්රාහි ගමන්මගට කැමාට මගෙන් සුබපැතුම් :)
ReplyDeleteතෑන්ක්ස් හංසි...
Deleteකේක්...? ඕවා කන්න හොඳ නෑ.. සීනි... සීනි...
සුබ පැතුම් කැමා....!
ReplyDeleteතෑන්ක්ස් චෙෆ්... ඔන්න උඩින්ම මතක් කොලා ඈ....
Deleteඔන්න මගෙනුත් සුභ පැතුම් කැමා ට.
ReplyDeleteඅනේ මංද ඉතින් ඇත්ත නම දිග වැඩි නිසා මාත් කැමා කියලම කිව්වා. හිකිස්.
ජය වේවා! දිගටම දිගටම ලියන්න :)
අාදරේට කැමර කටා කියන්න
Deleteනිදහස්,
Deleteතෑන්ක්ස් මේ පැත්තෙ ආවට... දැන් ඉතින් ඔය නම රෙජිස්ටර් වෙලා ඉවරයි ඒ හින්දා ඔන්න ඔහෙ අවුලක් නෑ...
මෙන්ඩෝ,
ඇත්තටම වෙන නමක් තිබුනෙම නැද්ද ආදරේට කියන්න. අර පූසා තමඉ ඕක හැදුවෙ.
කැමරා කටා.. ඒකත් හොදයි, එහෙනම් ඒකම කියමු.. :D
Deleteආදරේටද කියන්නේ.....?
Delete//ඉඳලා හිටලා ඇවිත් බොරුවක් කියලා යන කලාහිත ලියන කල්‍යාණ මිත්‍ර,// අනේ අම්මපල්ල මං ඇත්ත යකූ කියන්නේ..
ReplyDeleteදහ දාහට ලස්ස වාරයක් ආවඩා ආයුබෝවේවා!
(අනේ තොට අර එළදෙන පයින් ගහල වත් මං කියන්නේ ඇත්ත බව කියල දෙනවනම්..)
තෑන්ක්ස් කමියෝ.... මං දන්නවා බං උඹ ඒක ඇත්තටම කිවුවෙ කියලා....
Delete