අල්ලපු ගමේ තැබෑරුම ගැන කලින් පෝස්ට් එකෙන් කිවුවට පස්සෙ
රා ගුඩ්ඩෝ ගොඩක් හොයාගන්න පුළුවන් වෙච්චි එක නම් ලොකු දෙයක්. කොහොම හරි අපෙ
සින්දුවාට වෙච්චි පොරොන්දුව ඉස්ට කොරන්නත් එක්ක අපෙ ගමේ රා පොළක සිද්ද උනු
සිද්දියක් කියන්නම්කෝ. මේකට ගැලපෙන පින්තූරයක් එවුවෙත් සින්දුම තමයි.
මේ කතාව නම් මට කිවුවෙ අපෙ අප්පච්චි. මේක සිද්ද වෙලා
තියෙන්නෙ මං ඉපදෙන්නත් සෑහෙන කාලෙකට කලින්. ඒ කාලේ අප්පච්චිලාගෙ මහ ගෙවල් කිට්ටුව
තිබුණු රා පොළක තමයි මේක වෙලා තියෙන්නෙ. ඒ කාලෙ කිතුල් රා වලට ලොකු ප්‍රසිද්ධියක්
තිබුණු ගමක් තමයි අපෙ ගම. මේ මෑතක් වෙනකම් එහෙම තමයි. දැන් නම් රා පෙරණ කට්ටිය
නැති නිසා අල්ලපු ගමට තමයි කිතුල් රා හොයන්න යන්නෙ.
අප්පච්චිල මහ ගෙට කිට්ටුව ටිකක් පහලට වෙන්න පොඩි ඇල
පාරක් තියෙනවා. ඔතෙන්ට කියන්නෙ මළ ඇල කියලා. ඒ දවස් වල ඔය කියන හරියෙ ගෙවල් තිබිලා
නෑ. පොඩි අඩි පාරක් තමයි ඇලත් එක්ක තිබිලා තියෙන්නෙ. ලොකු ගස් ගොඩක් ඇල දෙපැත්තෙන්
වැවිලා නිසා දවල්ටත් අඳුරු ගතියක් තමයි ඔය හරියෙ තියෙන්නෙ. දැන් නම් උඩහට යන්න
ලොකු පාරක් කපලා, ගෙවල් ගොඩක්
එහෙම හැදිලා නිසා ඒ කාලෙ පාළු පෙනුම ඔය හරියෙ නෑ. ඇලෙත් දැන් ඉස්සර වගේ වතුරත් නෑ.
ඉතින් ඔය කියන දවස් වල හවසට ඔතන රා පොට් එකක් තිබිලා
තියෙනවා. ඒ කිට්ටුවම රා මදින මනුස්සයෙක් තමයි ඔතන හොඳට පැහිච්ච කිතුල් රා
මුට්ටියක් තියාගෙන ඩේලි කස්ටර්මර්ස්ලා සෙට් එකට රා විකුණලා තියෙන්නෙ.
ඔතෙන්ට රා බොන්න ගමේ හුඟක් උන් ඇවිත් තියෙනවා. අපෙ ගමේ
තියෙන තේ වත්තෙ වැඩට ඉන්න දෙමළ අයත් ඔතෙන්ට රා බොන්න එනවලු. ගමේ උන්ට ඔය කවුරුවත්
ඒ කාලෙ ඉඳන් දෙමළද සිංහලද කියලා වෙනසක් තිබිලා නෑ. ඉතින් මේ කතාවට මූලිකයා තමයි
ඔතෙන්ට හැමදාම රා බොන්න එන දෙමළ මනුස්සයෙක්.
ඔය රා විකුණන තැන කඩා වැටුණු ලොකු කොස් ගහක් තිබිලා
තියෙනවා ඒ දවස් වල. ඉතින් කට්ටිය ඔය කියන කොස් කඳ උඩ වාඩි වෙලාලු රා බොන්නෙ. ඔන්න
එක දවසක කට්ටිය රා බොන්න ඇවිත් කොස් කඳ උඩ වාඩි වෙලා ඉන්නවලු.
වෙනදා වෙලාවටම රා මුට්ටියෙ අයිතිකාරයා ඇවිත් හංගලා
තිබුණු තැනින් මුට්ටිය අරගෙන, ටිකක් මුට්ටිය
කැලතෙන්න හොලවලා පොල් කටු වලට දාලා දුන්නලු. ඔය අතරෙ කට්ටිය ගෙනාපු මඤ්ඤොක්කා
බයිට් එක කැන්ද කොළ වලට බෙදනවලු. ඔතන අර දෙමළ මනුස්සයත් ඉඳලා. මූ අර බයිට් එක
දෙන්න කලින්ම කොස් කඳ උඩ ඉඳගෙන අර පොල්කට්ටට දාලා දුන්න රා ටික බොන්න අරන්. දැන්
ඔන්න මේ මනුස්සයයි, රා මුට්ටියෙ
අයිතිකාරයයි අතරෙ මෙහෙම කතාව යනවලු,
මක්කද අයියා
මේ කඳ?
මේක බං මේ පරණ
කොස් කඳක්නෙ.
නේ නේ අයියා
මේ කඳ?
ඇයි යකෝ තොට
පේන්නෙ නැද්ද මේක කොස් කඳක්.
අයි අයියෝ...
නේ නේ මේ කඳ, කඳ..?
යකෝ.. පර
දෙමළො... ඇයි &%$@#@$ තොට දැන්
කිවුවා නේද මේක කොස් කඳක් කියලා.
නේ නේ අයියා
මේ පාන්ඩ කූ කේලි කේලි.
කියලා අරූ උඩු
රැවුල පිහ පිහ මොනාද මන්දා කහ පාට පොඩි කෑලි වාගයක් පෙන්නුවලු. එතකොට අර රා
මුට්ටියෙ අයිතිකාරයා මුට්ටිය හොලවලා බැලුවලු මොනාද මුට්ටියෙ තියෙන්නෙ කියලා. ඒ
බැලුවා විතරයි සුද්ද සිංහලෙන් ජාතිය අමතන ගමන් මුට්ටිය කැලේට විසික්කරලා.
රා බොන්න ආපු උන් තක්බීර් වෙලා බලන් ඉදලා අරූගෙ කේන්තිය
අඩු උනාට පස්සෙ අහලා මුට්ටියෙ මොනාද තිබ්බෙ කියලා. බලනකොට කවුද මන්දා අරූගෙ
තරහාකාරයෙක් මුට්ටිය හංගලා තියෙද්දි මුට්ටියට ජරා කරලා ගිහින්. මුට්ටියෙ තිබ්බ තඩි
කහපාට බෙට්ට රා වලට හොඳට කලවම් වෙලා.
අර දෙමළ මනුස්සයා අහලා තියෙන්නෙ, "මොකක්ද අයියා මේ
ගඳ" කියලා. ඌට "ග" වෙනුවට "ක" කියවෙන නිසයි
"කඳ" වෙලා තියෙන්නෙ. කොහොම හරී උගෙ උඩු රැවුලෙ ගෑවිච්චි ටික පෙන්නලා
"මේ බලන්න ගූ කෑලි කෑලි" කියපු එක තමයි අන්තිමට කියලා තියෙන්නෙ.
ඔය දෙමළ මනුස්සයා නම් මැරුණෙ දැනට අවුරුදු 10කට විතර උඩදි බීලා යන
වෙලාවක ලිඳකට වැටිලා. කොහොම හරි මිනීය ගොඩ ගද්දි ඒ එක්කම "ඇති හිටියා"
කියන ගරු නමෙන් හඳුන්වන කසිප්පු පැකට් ටිකකුත් ගොඩ ගත්තා කියනවා.
රා කතා නම්
දැනට මතක ඔය දෙක තමයි. බාප්පවත් තව කතාවක් කිවුවොත් ලියලා දාන්නම්කෝ....
චීකේයියා ලැජ්ජ නැතිව කියන ලස්සන...අජූතයි!
ReplyDeleteමට උන වැඩක් නෙවෙයිනෙ බොල... ඒ හින්දා රස කර කර කියනවා....
Deleteඅන්න ඒකයි කැමා ගස් අස්සෙ හංගලා තියෙන රා මුට්ටි බොන්න එපා කියලා කියන්නේ. දැක්කනෙ වෙච්ච වැඩේ. ගහෙන් බානකොටම ගන්න එපායැ. අපරාදෙ රා මුට්ටිය. කතාවනම් මරු හොඳේ.
ReplyDeleteවෙලාවට ඒ කාලෙ ඉපදිලා නොහිටියෙ. නැත්නම් අපිත් ඕකට අහු වෙනවනෙ කසුන්.... සාදරයෙන් පිලිගන්නවා....
Deleteකොච්චර තරහ තිබ්බත් මේක නම් මනුස්සයෙක් කරන වැඩක් නෙවෙයි. subhuman
ReplyDeleteදැන් අර මදාවියාගේ පෝස්ට් එකේ තිබ්බා වගේ බයිට් එකට මොනවද ගැලපෙන්නේ කියලා මම කල්පනා කලේ.
ඊයා
Deleteඩූඩ්,
Deleteඔහොම වැඩත් කරන අසම්ජ්ජාති පොරවල් ඉන්නවනේ... බයිට් එකත් රා එකටම දාලා රෙඩි මික්ස් එකක් හදලා දීලා වගේ නේද...?
ඔමා,
චිකේයියා.......
ඇයි බං බොලා වගේ එවුන් අයිතිකාරයාට කලින් මුට්ටිය ගහෙන් බාගන්නවාට සමහරු ජාපාල මුට්ටියට දාලා හොරකම් කරන්න දීලා බලන් ඉන්නවා.දඬුවමේ සැර කොහොමෙයි..? තවත් පොරවල් ඉන්නවා කොල්ලන්ට කෙලින්ම කියනවා..
ReplyDelete'පුතා මගෙ මුට්ටිවලින් එකකට වහ දාල තියෙන්නෙ.. හොරුන්ගෙන් බේරෙන්න බෑ.. අද අහුවෙයි කියලා.. '
එදාට ඔන්න පොරගෙ මුට්ටිවල බඩු පොරටම බා ගන්න ඇහැකි.
ඊට අමතරව දැං අපේ සයිට් එක දෙපැත්තෙ පැල පොල් ගස් වල බ්ලේඩ් සහ ඉදිකටු ගසා ඇති බවද සංතෝසයෙන් දැනුම් දෙමි.
ජයවේවා..!!
බ්ලොග් සයිට් වලින් පෝස්ට් හොරකම් කරන එකට ගහන්න දෙයක් නැද්ද?
Deleteගස්,
Deleteඔය පොල් ගස් වල බ්ලේඩ් ගහන එක නම් එපාම කරපු වෙඩක් නේද? අපෙ ගමේ නාන ලිඳක් ලග පුවක් ගහක ඔහොම බ්ලේඩ් කෑලි ගහලා තිබිලා තියෙනවා. සීයා කෙනෙක් හැමදාම පිට අතුල්ලනවලු ඒ ගහේ. කොහොම් කැපෙන්න ඇතිද කියලා හිතාගන්න පුළුවන් නේද?
විචා,
ඒකට තාම පිලියමක් නෑ නේද?
විචාරක,
Deleteලියන්න තියෙන්නෙ, “මං ලියපු පෝස්ට් වලින් එකක් පට්ට පල් බොරු“ වගේ එකක්... :-)
ඒත් වැඩක් නෑ බං. ඕකුන් ඒකත් දානවා.
Deleteරා පොලවල්වල කතා කවදත් හරිම රසවත්. මම අපේ යාළුවො කට්ටියක් එක්ක ගියා දිගන පැත්තේ මගේ හමුදා ගෝලයෙකුගේ ගෙදර. ඒ පැත්තේ හැම තැනම හොඳ කිතුල් රා තියනවා. කාර් හතරකින් අපි 13 න් දෙනෙක් ගියා. එක කාර් එකයි එදා ආපහු ආවේ. අනික් කාර් තුනේම ඩ්‍රයිවර්ලා අවුට් නිසා පහුවදා ආවේ.
ReplyDeleteඅර දෙමල මනුස්සයට තියෙන්නේ 'රා පෙරා බොන කට්' එක සහිත උඩු රැවුලක්. ඒ වගේ අය රා බොනකොට රා පොල්කට්ටේ තියන අප ද්‍රව්‍ය ඔක්කොම පෙරිලා එන්නේ.
උගුඩුවෝ ටික වගේ රා බොන්න ඇති සෙට් එකම.... :D
Deleteඑහෙම රැවුලක් තියෙන එකේ වටිනාකම කොහොමද...?
ඊයා ඈ ජරාව කථාව කියවුවේ කෝපී එකක් බොනගමන්. ශික් අප්පිරියා හිතුණා අපරාදේ මගේ කෝපී එක..
ReplyDeleteරා ගැන විශාරද ලා එහෙම ඇතිනේ මෙතන. මට කියන්න රා වල ඇල්කොහොල් ප්‍රතිශතය එහෙම.. මං පොඩිකාලේ දැකලා තියෙනවා අපේ සීයල බොනවා, ඒත් ඒක මහ ගඳයි අප්පා. රතුළුණු ගෙඩි පොල් කෑලි එහෙම කපලා දාලා මෙගා බෝතල් වල දාගෙන අපේ මාමා රා ගේන්නේ දාගොන්නෙන් ,, එහෙ ගොඩක් ප්‍රසිද්දයි රා වලට ..
මට මතකයි කඳානේ ස්වදේශී එක පහුකරන් කොළඹ පැත්තට යද්දී ලොකුවට "රා " බොමු කියලා තියෙනවා. හි හි
කලි පෝස්ට් එක බැලුවා නම් මේකෙ ඉන්න විශාරද රා ගුඩ්ඩෝ ටික හොයා ගන්න පුළුවන් වෙයි ඔමාට.
Deleteඅපෝ පොල් රා නම් ගඳයි තමයි. අපි මේ කියන්නෙ කිතුල් රා ගැන. දිව්‍ය අවුසදක වගේ දෙයක්.....
උදේ පාන්දරම ඈ......ක්.......කා........... (මේ මම නෙමේ ඔමාලු ඈ...)
ReplyDeleteගමේ රා බිස්නස් එක වැටෙන්න ඇත්තෙ උඹ ඉපදුනාට පස්සෙ බව මැනවින් ඔප්පු වේ.
ඔමා උදේ පාන්දර ඕක්කා ගාන්නෙ මොකද බොල... වහාම සොයා බැලිය යුතුයි...
Deleteහ්ම් හ්ම්...ඔය සීයලා එච්චර සුවර් නෑ,
Deleteමධු,
Deleteඑ මොකෝ බං එහෙම උනේ රා බිස්නොස් එකට...? මං බොන්න ගිය හින්දැයි..?
දිලා,
හම්මපා... මොකක් හෝ හුට්ටප්පරයක් තියෙනවා....'
මධු,
සීයලා නේද...?
හපොයි ... කූ කේලි කේලි යෙක්කම පිව්ව්ද අප්පා ... ආණ්ඩවනේ
ReplyDeleteආණ්ඩවනේ.... මුරුගා.... නේ.. නේ... මාතියා මං නෙවෙයි.... අපෙ වේලුවා තමයි පිවුවා....
Deleteමුරුගයෙක් තමා බොල ඔය වගේ වැඩක් කරන්නෙ...
Deleteයකෝ රා කියන ජාතියම එපා වුණා. කැමා අඬගහනවා එහෙම නෙමේ අපිට ඕං.
Deleteඩ්රැකී,
Deleteඒකත් ඇත්ත තමයි ඩ්රැකියෝ..... කොහොම තරහක් තියෙන්න ඇතිද....
මධු,
අම්මප අඬ ගහනවා රා බොන්න... ඉඳපල්ලකෝ.....
නොදකින් යකෝ...
ReplyDeleteමේවගෙ පොඩි කතාවක් මතක් වුණා. මුස්ලිම් වෙළෙන්දෙක් දවසක් ගමේ රෙදි බිස්නස් යන ගමන් ගෑනියෙක් විතරක් ඉන්න ගෙදරකට ගොඩ වුණාලු. මුදලාලි පිළේ වාඩිවෙලා රෙදි ගොඩ දිග ඇරගෙන ඉන්න කොට ගෑනි දොරට හේත්තු වෙලා බලා ගෙන ඉන්නවලු. ටිකකින් ගෑනු කෙනාට වාතයක් යන්න ඇවිත්. යනකොටම බරාස් ගාල සද්දෙ එන්න දොර වැහැව්වලු. එතකොට මුදලාලිට වැඩේ මීටර් වෙන එකක් නෑ කියල හිතලා. මුදලාලිය අහනවලු. " අඬ නං හරි ඒත් මේ කඳට මොකද කරනවා? " කියලා.
දිලෝ, මෙන්න මේක බලපංකො පොඩ්ඩක්.
Deleteදිලා,
Deleteසද්දෙට සද්දෙ නම් ශරි නෝනා ඒත් ගඳට මක්කද කොරන්නෙ....?
මධු,
ඔය කතාව වගේම අහලා තියෙනවද "තම්බි අයියා නැත්නම් ඔළුව නෑ" කියපු එක..?
යෂ්‍යන්ත මල්ලි ඒකත් එවහං මයෙ මේල් එකට... :o)
Delete(ඒවගේ රික්වෙස්ට් වලදි අර කාඩ් එක සඳහන් කරන්නෙ නෑ. බටර් තලියකුත් නමට ගාලයි අමතන්නෙ)
ඇයි ඇයි... ඒවා ප්‍රයිවට් එකේ හුවමාරු කරගන්නෙ? අපි ඔටුවොද?
Deleteඩ්රැකී,
Deleteඅම්මේ බටර් පාර... යකෝ අඩිය තියන තියන තැන ලෙස්සනවා... එවන්නම් අදම.... අර කලින් කතාව ඔන්න මදාවියාටත් යැවුවා...
මධු,
ඇයි බොල බොට කලින් එකත් එවුවේ... මේකත් එවන්නම්... ඔටුවා... :D
අපි කලිං ලියල යැව්ව කතා මදාවියගෙ මොල්ලියෙ තැන්පත් වෙලා තියෙන්නෙ. කතා හිග කාලෙයක් ආවහම ප්‍රයෝජනේට ගන්ට...
Deleteකොහොමද මදාවියාට බ්ලොග් ලෝකයේ ඔටුවා වගේ ගරු නම්බු නාමයක් ප්‍රධානය කලොත්...?
Deleteඅන්න මචං කාඩ් එක... දාහං පහක්...!
Deleteහරි හරි හිටපියව්කො. මගේ සොවතන්තර නිරුමාන එකක්වත් දාන්නෑ ආයිනං. මොල්ලිය බහිනකං දානවා තොපේ ඒවම. හිටපියව්. කෝ මේ ඇතුලෙ පෙට්ටිය?
Deleteඩ්රැකී,
Deleteඔන්න දෙන්නටම කතාව මේල් කොලා. මදාවියා හැමෝටම කාඩ් ගහනවනෙ. මේක ඌට අපෙන් තෑග්ගක්...
මධු,
අනේ උඹෙ මොල්ලිය නම් හිඳෙන්නෙ නැති වෙයි මේකෙ උන් දන්න කතා වල හැටියට.
නියමයිනෙ බොල. බයිට් එකත් එක්කම රා හම්බවෙලා තියෙන්නෙ.
ReplyDeleteඅනික් එකෙකුටවත් ගඳ ආවෙ නැත්තෙ උං රා පොට් එකට එනකොටත් කොහෙන්හරි දාගෙනද ඇවිල්ල තිබුණෙ.
උන් ටික බොන්න කලින් බයිට් එක බෙදන්න අරගෙන. අරූ පෙරේතකමට දුන්නු ගමන් බීලා. ඒකයි අනිත් උන් බේරුනේ.
Deleteමචං පට්ට කතා...... . කේලි කේලී............... පට්ටයි අෑ........
ReplyDeleteකේලි.. කේලි.. මෙ පාණ්ඩ...
Deleteකොහොම තියෙන්න ඇද්ද ඌට තේරුණාම බිවුවෙ මොනාද කියලා....
ඕකට ඉතිං අර දෙමල මිනිහ ගාව ගන්න ඕනෙ නෑනෙ , ඉස්කෝලෙ යන කාලෙ හොරෙන් හංගල රා බොද්දි කැමාටම වෙච්චි දෙයක්නෙ.
ReplyDeleteමේ දවස් ටිකේ පේන්න හිටියෙ නෑ නේද..? ඕකනෙ බැරි උඹලට මුකුත් කියන්න. මේ අහිංසක මාවමනෙ අල්ලගන්නෙ....
Deleteපොඩ්ඩක් කාර්ය බහුල උනා. දැනුත් එහෙමයි අමරුවෙන් වෙලාවක් හදාගත්තෙ.
Deleteපවු බං අර දෙමළා.. පුදුමයි ඌ ඊට පස්සෙත් බිවුවා..
ReplyDeleteඌ ලැජ්ජා නෑ. පස්සෙ කාලෙ කසිප්පු බිවුවා නෙවෙයි නෑවා. මිනීයත් එක්කම ලිඳෙන් කසියා පැකට් වගේකුත් ගොඩගත්තෙ ඒකනෙ.
Deleteරා....... හොද වැඩේ .............බොනවට
ReplyDeleteකැමා අයියේ.... ගමේ තවත් රා බොනවද අනේ
දැන් රා පෙරණ උන් නෑ මලේ... අල්ලපු ගමේ තමා... ඒවත් ඉතින් ගහ මුලින්ම ඉවරයි. කලින් ඕඩර් කරන්න ඕනෙ.
Deleteසේකරද / මානවසිංහද කියලා ෂුවර් නෑ. නුවර යන ගමං හැම සැරේකම, පාර අයිනෙ එක තැනක පොඩ්ඩක් කාර් එක නවත්තනවලු, “තෙවරප්පෙරුම මහත්තයා හම්බ වෙලා එන්නං...“ කියලා. (මතක කෙනෙක් ඇත්තං කියන්න කතාව.) පොර අදහස් කරලා තියෙන්නෙ මටුල්ලෙං තුන්පාරක් පෙරපු රා ගැන.
ReplyDeleteදෙවරප්පෙරුමනං කොළපාට ලේබලයෙන් බාර් වල විකිණිමට ඇත.
Deleteඩ්රැකී,
Deleteමාත් ඔහොම කතාවක් අහලා තියෙනවා. හරියටම විස්තරේ නම් දන්නෙ නෑ. රා බොන්න කලින් පෙරන්න නම් ඕනෙ තමයි. නැත්නම් රොඩුයි, පෙනයි එක්ක බොන්න බෑ.
මධු,
Double D....?
රා බොවද රා බොනවද මෙහෙමත් ඟඳ රා
ReplyDeleteලයිසොන් නැති තිප්පොලවල් වල රිංගාලා
රා බොනවද රා බොනවද තෙලිදිය මී රා
තෙලිදිය වාඩිය නෑනේ හැංගිලා පෙරලා
රා මුට්ටිය හංගලා තියන්න නම් එපා ඔන්න... සාදරයෙන් පිලිගන්නවා තෙලිදිය..
Deleteෂාමි කඩවුලේ .....මොක්කුද අප්පා මුට්ටියට කූ තමා දැම්මා ...උඹ ඔන්ද මුනියා වාගේ කූ දැම්මා නේද ?
ReplyDeleteපාවම් අප්පා ...හැක් හැක් (අපේ එවුනුත් ඔය සිනි කරිජ්ජ වලටනම් ඔය වැඩේ කරනවා ....)
"මෛත්‍රිපාල සේනා-නායකලත් බොන රා
සිරිම ට අගමැති වෙන්නට උදව් වුනෙත් රා
වෙරි ගුඩ් රා, වෙරි ගුඩ් රා, වෙරි ගුඩ් රා"
දැන් ඔය පින්තුරේ ඉන්න සෙට් එක නම් කරපන්න්කෝ ....
දාපු එකා අරූට අහු උනා නම් කොහොම වෙයිද අප්පා.... මල් කපන පිහියෙන් කපයි එහෙනම් අරුගෙ.....
Deleteසෙට් එක නම් කොරන්න නම් පුළුවන්. ඊට පස්සෙ වසන්න වෙයිද දන් නෑ....
අර ගහ දිගේ බඩගාන්නේ කැමා අයියා නේද..... හොද ෆොටෝ ටිකක් ගන්න වෙන්ටෑ
Deleteඅනේ මේ අහිංසක මට මුන් පද හදනෝ.....
Deleteබාර් එකෙදී ඔය වැඩේ කරන්ඩ ඕනේ! ඕවා බොනවට හොද වැඩේ ගොන් හැත්තට!
ReplyDeleteඅරු ආතල් එකට කෑල්ලක් හපල බලන්ඩත් ඇති මයේ හිතේ!
පෙරේතකමට බොනවට හොඳ වැඩේ බං.....
Delete