හොරණෑව ගැන කියපු කලින් පෝස්ට් එකේදි අර කියපු හේවිසි
ගහන තුන්දෙනාගෙන් තම්මැට්ටම ගහන මාමගෙ රා තැබෑරුම ගැන කියනව කියපු නිසා මේ පාර ඒ
ගැන කියන්නම්කො.
ඔය කියන රා තැබෑරුම මේ පැත්තෙ හරි ප්‍රසිද්ධ පොට් එකක්.
දම්බොක්ක හංදියෙන් හැරිලා යන කුරුණෑගල රඹුක්කන පාරෙ තියෙන කටුපිටිය හංදිය කිට්ටුව
තමයි මේක තියෙන්නෙ. විචාරක මහත්තයා නම් මේ තැන හොඳට දන්නවා ඇති. ඕක ගොඩක් පරණ
තැබෑරුමක් කියලයි කියන්නෙ. මං පොඩි දවස් වල ඔය පාරෙන් අපෙ ගමේ බස් එකක් වැඩ කලා.
ඉතින් ඉස්සර ඔතනින් යනකොට පාර අයිනෙ ගහලා තිබුණු බෝඩ් එක නිසා මට ඔතන හොඳට මතකයි.
තැබෑරුම ඉස්සරහට වෙන්න ලොකුවට "රා බොමු" කියලා අතින් ඇඳපු බෝඩ් එකම තමයි
තාමත් තියෙන්නෙ. ලොකුවට ඇඳපු "රා" අකුර ඇතුලෙ "බොමු" කියන
අකුරු ටික පොඩියට ඇඳලා තියන්නේ.
ඔය තැබෑරුමේ විකුණුවෙ පොල් රා. හැමදාම උදේට ලොරියකින් රා
පුරවපු කෑන් ගොඩක් ගේනවා ඔතෙන්ට. ගමේ උන් නම් කියන්නෙ ඒ ලොරියෙන් ගේන රා වගේ තුන්
හතර ගුණේක රා විකුණනවා කියලයි. ඒ කියන්නෙ තැබෑරුම කරන කෙනා අර ගේන රා වලට එක එක
ඒවා කලවම් කරලා වතුර දාලා තියෙන රා ප්‍රමාණෙ වැඩි කරනවලු. ඉතින් ඔය දාන දේවල්
ගැනත් එක එක කතා තියෙනවා. ගංජා කොල තලලා පොඩි පොට්ටනියක් හදලා අර කලවම් කරපු රා
එකට දානවලු. තව පිස්සු පෙති දානවලු. එඬරු දඬු දානවලු වගේ කතා ගොඩයි.
ඒත් ඉතින් ඕවා කිය කිය ඕකුන්ම ඕකෙන් හැමදාම රා බොනවා.
හැබැයි ඉතින් තියෙන ලොකුම අවුල වෙන්නෙ ඔය තැබෑරුමෙන් රා බීල පුරුදු නැති උන්ටලු.
කතාවට කියන්නෙ නම් ඔය තැබෑරුමෙන් රා බොනවා නම් "පුකේ පොල් මුඩ්ඩක් ගහගෙන
බීපල්ලා" කියලා. පුරුදු නැති එකෙකුට රා වීදුරුවක් බීලා කටුපිටිය හංදියට එන්න
වෙන්නෙ නෑලු වෙල මැද්දෙන් දුවලා ඇල ඉවුරෙන් වාඩි වෙන්න වෙනවලු. බඩ විරේක වෙන්න
කියාපු බෙහෙතක් ඕක.
ඕකට අර තම්මැට්ටම ගහන මාමා සෙට් වෙන්නෙ මෙහෙමයි. ඔය
තැබෑරුමේ ලයිසන් එක හැම අවුරුද්දෙම ටෙන්ඩර් දාලා තමයි දෙන්නෙ. ඉතින් එක පාරක් ඔය
මාමා තමයි ලයිසන් එක අරන් තැබෑරුම කලේ. පොර මේක කරන්න ගත්තු දවස් වල තැබෑරුමේ රා
වල කොලිටි එක හොඳටම අඩු වෙලා. ඒ කියන්නෙ කලින් උන්ටත් වැඩිය රා වලට එක එක ඒවා
කලවම් කරලා වැඩිපුර රා හදනවලු. කොහොම හරි ගමේ ඉන්න කොල්ලො ටික ඕක ගැන හොයලා බලද්දි
දැනගෙන තියෙනවා තැබෑරුම පිටිපස්සෙ තියෙන ලිඳෙන් ගන්න වතුර තමයි රා වලට කලවම්
කරන්නෙ කියලා.
ඊට පස්සෙ කොල්ලො ටික මේ ගැන අර මාමාගෙන් අහලා. මුන්දැ
එහෙම කරන්නෙ නෑම කියනවලු. ඉතින් මුන්දෑ පිලිගන්නෙම නැති නිසා කොල්ලො ටිකත් හොඳ
වැඩක් කරන්නම් කියලා සද්ද නැතුව ඉඳලා. ඊට පස්සෙ මුන් ටික සුදු රෙදි වලට දාන නිල්
පැකට් ගොඩක් අරන් ගිහින් එදා රෑම අර ලිදේ වතුරට දාලා.
අනේ ඉතින් අර මාමා ඔය වගක් දන්නෙ නැතුව උදේ පාන්දරම
ලිඳෙන වතුර ඇදලා රා පුරවලා තියෙන බාජන වලට දාලා. කවුරුවත් දකින හින්දා කළුවරේම
වතුර අදින මුන්දැ නිල් පාට දැකලා නෑ. ඊට පස්සෙ ලොරියෙන් රා ගෙනාවට පස්සෙ අර බාජන
වලට රා දාලා කල්වම් කරලා තව පැහෙන්නත් තියලා.
ඔන්න ඉතින් උදේම සුපුරුදු කස්ටර්මර්ලා ටික රා බොන්න ආවාම
තමයි සෙල්ලම අහු උනේ වීදුරු වලට පුරවන රා සේරම නිල් පාට වෙලා තියෙද්දි. කොහොම හරි
මුන්දෑ ආත බූත වෙලා බලාගෙන ඉද්දි අර කොල්ලො ටික ඇවිල්ලා අහලා අපි නම් නිල් දැම්මෙ
පිටිපස්සෙ ලිඳට ඒත් කොහොමද මේ රා නිල් පාට උනේ කියලා. ඊට පස්සෙ නම් රා වලට වතුර
කලවම් කලේ නෑ කියලයි කියන්නෙ.
කොහොම හරි මුන්දෑ පෝය දවසක හොරෙන් රා විකුණලා අහු වෙලා
ලයිසන් එක කැන්සල් කරගෙන තිබුණා. රා ගැන අප්පච්චි කියපු කතාවකුත් ඔය අස්සෙ මතක්
වෙනවා. ඊලඟ පෝස්ට් එකෙන් හොදේ....
***ඡායාරූප ගූග්ල් වෙතින්...
යකෝ උදේ පාන්දර කටට කෙල උනනවා රා මතක් කරලා ...පොල් රා වලට වඩා කිතුල් රා තමයි හොඳ .
ReplyDeleteකළුවන් කළු රුවයි අප ගම මදින්නා
මණ්ඩි නැතුව රා හැමටම බෙදන්නා
එන එන කැකුළු මල් නෑරම තලන්නා
දෙවියෝ රැක දෙන්න අප ගම මදින්නා
මගෙ සුදු මාමේ මගෙ සුදු මාමේ
නෑ බෑ නොකියා
රා පොඩියක් දී මා සනසන්නේ
රා පොඩියක් දී මා සනසන්නේ
ගහින් ගහට අතුර දිගේ නගින්නා
ළපටි කැකුළු මල් බල බල තලන්නා
මණ්ඩි නැතුව රා හැමටම බෙදන්නා
අනේ වාසනාවන් මේ මදින්නා
මගෙ සුදු මාමේ මගෙ සුදු මාමේ
නෑ බෑ නොකියා
රා පොඩියක් දී මා සනසන්නේ
රා පොඩියක් දී මා සනසන්නේ
ළපටි රා තරුණ අපටයි බෙදන්නේ
පැහුණු රා මහළු අයටයි ඔබින්නේ
විනාකිරට ඉතුරු කොටස තබන්නේ
අවුරුදු අච්චාරුව ඉන් සදන්නේ
කිතුල් මල් තපා තෙල් දිය බාන්නා
රුහුණේ මී කිරට පැණි නිපදවන්නා
රසැති කිතුල් පොල් හකුරුද හදන්නා
ගමට කප්රුකක් මේ රා මදින්නා
මගෙ සුදු මාමේ මගෙ සුදු මාමේ
නෑ බෑ නොකියා
රා පොඩියක් දී මා සනසන්නේ
රා පොඩියක් දී මා සනසන්නේ
රා පොඩියක් දී මා සනසන්නේ
ගායනය, සංගීතය - සී.ටී. ප්‍රනාන්දු
ගී පද - සුසිල් සේනාධීර
මේ ගීතය දැන් කිසිම ගුවන්විදුලි/රූපවාහිණි නාලිකාවකින් ප්‍රචාරය කිරීම තහනම් නේද සින්දුවෝ? හපොයි මේක ඇහුනොත් රටේ ඉන්න ගෑණුත් බොන්න පටන් ගනියි.
Deleteඅනේ අනේ නන්නානේ
සින්දු,
Deleteකිතුල් තමයි හොඳ... තල් රාත් හොඳයි කියලා අහලා නම් තියෙනවා. මෙහෙම සින්දුවක් තියෙනවා කියලා දන්නෙත් අද.
විචාරක,
අම්මප එහෙනම් රා වලට හොඳ ඉල්ලුමක් තියෙයි.
කැහෝ මම උඹට අපේ පින්තුරයක් දැම්මා මුහුණු පොතෙන් ...බලපන්
Deleteමගෙ එකටද දිලාගෙ එකටද....?
Deleteඋඹේ උඹේ ....
Deleteඒක මරු බං. ඊලඟ පෝස්ට් එකට නියමෙට හරියනවා. ඉඳපන් ඒකට දාන්නම්....
Deleteමං එනකොට මුං සා ටික ඔක්කොම බීලා. ෂික්.
Delete(කැමෝ උඹත් ඉතිං රා ගැන දන්නවා සින්දුව දන්නෑ නේද?)
මුන් ටික පෙරේත කමට උඹෙ පංගුවත් බීලා දැන් දුවනවා වෙල දිගේ ඇල ඉවුරට...
Delete(කෝ බං මෙන්ඩා..? මං සින්දු අහන එකෙක් නෙවෙයිනෙ. ඒකනෙ දන්නෙ නැත්තෙ.)
තුන්ලෝකෙ අස්සෙ උගෙ ඔළුව හිරවෙලා.
Deleteකොණ්ඩෙන් අල්ලගෙන හිර කොරන් ඇති මෙලහට එන්න බැරි වෙන්න.
Deleteඅපෝ...බෙබද්දා් ටික
Deleteමෙන්න අමධ්‍යප සංගමේ සභාපති තුමා ඇවිත්... බොන උන් හැංගියල්ලා.......
Delete'රා බී සත පහක
Deleteවෙරි වී පනම් හතරක
දොඩවා රුපියලක
අහෝ ගුටි කති පවුම් සීයක"
රා බීලා පූසෙක්ගෙන් ගේම ඉල්ලපු මීයගෙ කතාව දන්නවා ඇතිනේ...
Deleteඅපි සුරා සුදුවෙන් තොරයි කාමයට පොඩ්ඩක් බරයි.
Deleteමරණව මම තඩි බළලා
Deleteවෙරි වූ මීයෙක් කියලා
බළලාහට මෙය ඇහිලා
'ඈ... මාව මරන්න තෝ?'
'කාපු බීපු වේලාවට
පුංචි විහිළුවක් කෙරුවට'
'විහිළු? හොඳ විහිළු'
'රාළහාමිලා වගේ අය
ගණන්ගන්නෙ ඇයිද සුළු දෙය............
මෙන්ඩා,
Deleteපොඩ්ඩක්...? අනේ වාසනාවන්....
සින්දු,
අන්න කවි සෙට් එක. ඕක අමතක වෙලා තිබුණෙ....
අපේ පැත්තතේ තිබ්බා ලයිසන් නැති රා පොළක්. ඒකෙ නම් රා හැදුවයි කියනවා, යීස්ට් දාලා හරක් කටු දාලා එහෙම...
ReplyDeleteතෙලිජ්ජ බෝතලේකට දාලා, රතු ලූනුයි, කොච්චියි හීනියට කපලා දාලා, ගම්මිරිස් ඇට දෙක තුනක් තලලා දාලා, පාය දෙකක් විතර තියල ගත්තම කොහොමද රස?
//තෙලිජ්ජ බෝතලේකට දාලා, රතු ලූනුයි, කොච්චියි හීනියට කපලා දාලා, ගම්මිරිස් ඇට දෙක තුනක් තලලා දාලා, පාය දෙකක් විතර තියල ගත්තම කොහොමද රස?// SUPIRI
Deleteඩ්රැකී,
Deleteඕකට හොඳ කිතුල් රා බං. ෆ්‍රිජ් එකෙත් ටික වෙලාවක් තියලා ගත්තාම මරු..... අම්මේ එහෙමත් බීමක්...
හරි,
සුපිරි කියන්නෙ හොඳම එක.
අපි ඉස්සර ගිය රැස්ටෝරන්ට් බාර් එකක හිටියා වේටරයෙක් පිනා ෂොට් එකක් ඕනිමයි කට කපලා. බැරිම තැන දුන්නා සිගරට් අළු දාලා.
Deleteඅරූ එතනම පත බෑවෙන්න ඇති. ඒකත් හොඳ වැඩේ පිනට බොනවට.
Deleteමගේ විදුරැවට මගේ සිගරට් අලු වැටිලා එදා බල්ලට මචං කිව්වා
Deleteඑදා නම් බල්ලා බදාගෙන නිදාගන්න ඇත්තෙ මෙන්ඩිස් ගොයියා.....
Deleteදැන්නං තැබෑරුම් වල තියෙන්නෙ බෝතල් කරපු රා තමයි. හැබැයි ඒව කොහොමද හදන්නෙ කියලනං දන්නෙ නෑ.
ReplyDeleteමාත් දැකලා තියෙනවා ඔය කියන බෝතල් රා. තව තියෙනවා කිතුල් රා ටින් කරපුවා. හැබැයි තැබෑරුම් වල නම් නෑ.
Deleteඅනේ බං අර බෝතල් රා නං මට දිරවන් නෑ.. චූ රහයි බං :D
Deleteරුපියල් 60යි බෝතලේ... මනෝරි පොල් රා.. බෝතල් දෙකක් තුනක් දාගත්තම සෑහෙන වෙලාවකට ඇති.
Deleteමේ ඉන්නෙ බෝතල් රා ගහපු උන් ඕනෙ තරම්....
Deleteඅම්ෙමෙොෝ මූනත් ඉදිෙමෙනව ඒවා බිව්වහම
Deleteආ... මේ ඉන්නෙ අත්දැකීම් බහුල මිනිස්සු.... පොල් රා උෂ්ණයි කියලා නේද කියන්නෙ. දැන් සනීපයිද අටං අයියේ...?
Deleteඅටම බීල තියෙන්නෙ මෝහිනී පොල් රා ද දන්නෑ.
Deleteඅනේ මන්දා රා කියලා වෙන මොනවත් බිවුවද කියල.....
Deleteඒ බෝතල් රා නැතිව බීපල්ලා අර රබර් ෂීට් රෝලර් කලාම මිරිකිලා එන ඇසිඩ් වතුර.
Deleteමෙන්න තව එකෙක්. යකෝ මුන් ඔක්කොම බොතල් රා ගහපු උන්නෙ.
Deleteඉදකින් බෝතල් රා...
Deleteමුට්ටිය දැක්කත් වෙරි වෙනවා
යකෝ... එහෙනම් කිතුල් මුලක් උඩින් පනින්නවත් එපා... කොහොමද රා මුට්ටියෙන් එන නැවුම් සුවඳ...?
Delete//කොහොමද රා මුට්ටියෙන් එන නැවුම් සුවඳ//
Delete+++++++++++++++
අදනම් රා බොන එවුන්ට බඩ යනවා ෂුවර් ...ඇයි යකෝ අපි මෙහෙම පිස්සු වට්ටන්නේ ..මුට්ටියට වැටිලා ඉන්න මැස්සෙක් ඇඟිල්ලෙන් අරන් විසිකරලා පොල්කට්ටට පොඩ්ඩක් හලාගෙන .....ඇති ඇති හොඳටම ..දැන්වත් මේකේ කොමෙන්ට් කරන එක නතර කරපල්ලා ..අපිට බඩේ අමාරුව හදන්නේ නැතිව ...හැක්
දැන්ම බඩේ අමාරුව හදා ගන්න එපා. ඉඳපල්ලා ඊලඟ පෝස්ට් එකත් දානකම්. රා එපා වෙයි තොපිට.... බීපු රා ටික කටින් එයි ඒක බැලුවාම.
Deleteඔතනින් අනේක වාරයක් ගිහින් තියනවා. නමුත් ඔතනින් ගනුදෙනු කරලා නැහැ. පොල් වලට එච්චර කැමති නැති නිසා. අපි ගනුදෙනු කරන්නේ ඉඳුල්ගොඩකන්දෙන් එන කිතුල් එක්ක.
ReplyDeleteරා වල ගුණාත්මක භාවය එක වරක් නැතිවුනොත් පාරිභෝගිකයන් ඒ රා පොළ අතාරිනවා. එයින්ම ඒ රා පොළේ අවසානය එළඹෙනවා.
මාත් පොල් වලට ආස නැති නිසා ඕකෙ බඩු ගැන අහලා තියෙන ඒවා තමයි දන්නෙ. ඉඳුල්ගොඩකන්දෙ කිතුල්.....? කටට කෙල උනනවා අප්පා ඒවා මතක් වෙද්දි... දැන් එකෙක්වත් පෙරන්නෙ නෑ. මොරතැන්නෙ නම් දෙන්නෙක් ඉන්නවා.
Deleteඅර රා පොලේ නම් යාවජීව සාමාජිකයො සෙට් එකක් ඉන්න නිසා අවුලක් නැතුව ඇති.
ලයිසන් දීලා ගෘහ කර්මාන්තයක් විදිහට දියුණු කරනවානම් සෞඛ්‍ය සම්පන්න ස්වභාවික පානයක්. ඇමති කෙනෙකුත් යෝජනා කලා ඉස්සර. බොකු දිරාස් ගහන උන් ටික දවසක් හරි ඉඳීවි.
Deleteඔය වැඩේ අනිවා කරන්න ඕනෙ දෙයක්. ඒත් මුන් හදන්නෙ ඕක නැති කරන්න. ගෙදර ගහ මැදගෙන බිවුවත් හිරේ දානවා. ඇයි ඉතින් රා වලින් බදු සල්ලි හම්බෙන්නෙ නෑනෙ. අනික ගංජා. ඒක තහනම් කරලා සිගරට් විකුණනවා.
Deleteසිගරට් තහනම් කරන්න කියන තෝ රා මුට්ටියක මි මැස්සෙක් වෙයන් ලබන ආත්මේ
Deleteබඹර පදමට ඉන්න පුළුවන් වෙයි එහෙනම්.... සිගරට් බොන්න එපා බං දේශීය නිපැයුම් වලට ගරු කරපං. "ගන්න අපේ දේ" කියලා "සූර්ය සිංහ" සළකුණ ගහල එවනවලු ඉස්සරහට.
Delete//ලයිසන් දීලා ගෘහ කර්මාන්තයක් විදිහට දියුණු කරනවානම්
Deleteපිස්සුද බොල N M පෙරේරා මහත්තයා ඕක ක්‍රියාත්මක කොරන්න හදලා අපේ එවුන් රෙදි උස්සන් ගිහිල්ලා තියෙන්නේ පෙරේ "රා"
කියලා වලියට.දැන් ටොප්,බොන්නේම බොහෝම ගුණ දේවල්නේ.
ඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ. ලංකාවෙ දේවල් කවදද අපෙ ලොක්කන්ට වැදගත් උනේ.
Delete"රා" අකුර ඇතුලෙ "බොමු" කියන අකුරු ටික පොඩියට ඇඳලා තියන්නේ.
ReplyDeleteරා බොන තැන් වල බෝඩ් එක ගොඩඩක් වෙලාවට ගහන්නේ මේ විදිහටමනේ...
ඇ අයියේ අර ඇල ඉවුරෙන් වාඩි උනේ කැමරාව කොහේ තියලද අප්පා
නොදෝමකින්.... ශික් අම්මප මුන් නම්..... :D
Delete@ සබරෙ,
Deleteඑහෙම නෙමෙයි අහන්න තිබුනෙ ඇල ඉවුරෙ වාඩිවෙලා නැගිටිනකොට කැමරාව කරේ තිබ්බද කියලයි. :D
දැන් තොපි දෙන්නටම ගෙනත් දෙනවා රා බෝතලේකුයි පොල් මුඩ්ඩකුයි......
Deleteඇල ඉවුරේ වාඩිවෙලා හොදගෙනද නගිට්ටේ...
Deleteගලාගෙන යන වතුරට නිකන්ම හේදෙනවනේ.......
Deleteරා බීල නෑනේ කැමා අයියේ.......
Deleteයකෝ... රා කට්ටක් ගහපු නැති එකෙක් ඉන්නවද මේ ලංකාවෙ... අඳෝමැයි.... මේ පැත්තෙ ආවොත් නම් කිතුල් රා බොන්න පුළුවන්...
Deleteඅනේ අම්මේ රා නෙවී අමෘත්තය දුන්නත් කැමා අයියගේ ගමට නම් එන්නැතෝ..... ඒක ගමක්යැ යස්ස විමානයක් නෙව
Delete//දැන් තොපි දෙන්නටම ගෙනත් දෙනවා රා බෝතලේකුයි පොල් මුඩ්ඩකුයි......//
Deleteඅවුලක් නෑ. අපි රාත් එක්ක අරක්කු බොනවනෙ. :D
මිත්‍ර,
Deleteදැන් වැඩිය බය වෙන්න ඕනෙ නෑ වෙසමුනියා වැඩිය ගමේ නෑ... මේ ගමට ආපු එකෙක් ආයෙ ගම දාලා යන්නෙ නෑ.... හම්මපා......
ප්‍රසා,
එහෙනම් අවුලක් වෙන එකක් නෑ තමයි. ඔය දෙක කලවම් උනාම දෙමළ වෙරි හැදෙනවා කියල කියනවා.
(ආයි අදින්න ඕනි)
Deleteඈ බං කැමෝ... ඇල ඉව්රෙ වාඩිවෙලා සෙල්ෆියක් එහෙම ගහන්න ඇතිනෙ. දාපංකො ඊ ළඟ පෝට් එකේ.
(කාපිය මාව. තව මෙන්ඩයි, ඉවානයායි ආවා නම් වසන්න වෙන් නෑ)
Deleteගහෙන් බාපු ගමන් ගහ මුල ඉඳන් බිවුවට ඕකෙන් නම් බොන්න ගිහින් නෑ කවදාවත්. සෙල්පියක් කියන්නෙ මූණ පේන්න ගහන එකට නේද බොල. එහෙනම් දාන්න පොටෝ නෑ...
එක්තරා මූණක් තමා ඉතිං.
Deleteදත් නැති කටකුත් තියෙනවනෙ නේ...?
Deleteරා ටිකක් බොන්න මමත් එනවා දවසක උඔලාගේ ගමට
Deleteඅනිවා වරෙන්. වල් සතෙක් සෙට් උන ගමන් කියන්නම් තොපි ටිකට. හැබැයි ඉතින් රා බවුසරයක්වත් ඕනෙ වෙයිද දන් නෑ.
Delete//වල් සතෙක් සෙට් උන ගමන් //
Deleteආයි අමුතුවෙන් සෙට්වෙන්න ඕනියැ.
ඒකත් ඇත්ත... වල් මදාවියා ඉන්නවනෙ... ආයෙ අමුතුවෙන් වල් සතෙක් ඕනෙ නෑ.... :D
Deleteරා... සුපිරි පානය.කටුනායක 20 කණුවෙ තියන රා පොට් එකේ බඩු වලට අපි කිව්වෙ 'විකා රා'.මොකද ඒක බීපුවාම ඩයල් අවුට් යනවා.තනිකරම පිස්සු කෙලින්නෙ.
ReplyDeleteකටුනායක ජයලත් හෝල් එකේ ශ්‍රියානි බාර් එකේ තියෙන්නෙ මනෝරි පොල් රා.60 බෝතලේ.අන්න ඒකනම් ටිකක් හොඳයි.
මාතර ඉන්නකොට දෙයියන්දර ගියා චීන්නු එක්ක කිතුල් රා බොන්න.උන් කියන්නෙ ර්.. කියලා.පට්ටම පානෙ.. රා ගේන්නම කීප සැරයක් දෙයියන්දර යන්න උනා ඒ සීන් එකෙන්.
වල් ඌරුමස්,සම්බෝල,මඤ්ඤොක්කා එක්ක රා බීලා අහස්කූරක් යවන්න ඕනෙ.. අන්න සැප..
ජයවේවා..!!
පම්බල තියනව මචෝ පට්ට පොට් දෙක තුනක්..
Deleteහික් හික්
Deleteරා බොන්න කියාපු බයිට් එක තමයි ඔය ටික... වල් ඌරයි, මඤ්ඤොක්කයි.... අපෙ කොල්ලෙක්ගෙ මඤ්ඤොක්ක හේනක් තිබුණා. ඕක වටේ මදු ගහලා තිබුණෙ. දවසකට දෙකකට සැරයක් වල් ඌරෙක් ශුවර්. උගෙම හේනෙ මඤ්ඤොක්කායි, වල් ඌරු මසුයි, උගෙ තාත්තා පෙරන කිතුල් රායි තුනම එකතු උනාම.......
Deleteහොද වෙලාවට කරේ කැමරාවක් එල්ල ගත්තේ......
Deleteනැත්නම් කොහොම කියල වෙන්කරගන්නද....... පවු බයිට් එකට තමා නැත්තම්
කවුද ඩෝ ඌරා...? :D
Deleteඑහෙම උනා නම් ඉතින් එළු මසට වගේ ගනී.. කටු ගොඩ විතරනෙ ඒ දවස් වල... දැන් කියලත් ඉතින් වෙනසක් නෑ...
ගස්,
Delete//කටුනායක ජයලත් හෝල් එකේ ශ්‍රියානි බාර් එකේ තියෙන්නෙ මනෝරි පොල් රා//
යකෝ... ෆෝල්ඩර් එකයි සබ් ෆෝල්ඩර් එකයි ෆයිල් එකයි මුළු පාත් එකම දීලා.
කැමා,
ඇත්තටම බං ඔය මද්ද කඩාගෙන දුවනකොට බෙල්ලෙ ඉතිරිවුණු කෑල්ලෙ නේද කැමරාව එල්ලං ඉන්නෙ.
ගස් බැඳලා තියෙද්දි කඩාගෙන දුවපු ලණු කෑල්ල... අනේ අම්මප උඹලා වගේ යාළුවො නම්.... :D
Deleteඔය දිලා තියෙන්නෙ ලබ්බා
Deleteඋඹත් ඔය පොට් එක හොඳට දන්නවා ඇති. ලඟ පාතනෙ...
Deleteරා කියන්නේ මොනවද?????
ReplyDeleteගෙඩි ජාතියක්ද??
ජ ය වේ වා !!!
මුලෙන් බහින අල ජාතියක් බොල.... :D
Deleteඔව් ඉතින් ගෙඩියක තමයි තියෙන්නෙ. බරි ගෙඩියක හරි ලබු ගෙඩියක හරි කට්ටක්නෙ ගන්නෙ....
ෙමෙොකාද බං ෙමෙේ පතිරන සාලයා
Deleteනිට්ටඹු ගිය ටිට වෙලා තියෙන හරියක්.
Delete*ටිකට
Deleteඅටම්,
Deleteලංකාවෙ එකෙක් නම් නෙවෙයි වගේ....
ප්‍රසා,
අර ඩුබායි ගිහින් ආපු උන්ට සිංහල අමතක වෙනවා වගේද...?
රා කියන්නෙද?
Deleteබුලත් විට එක්ක ඇපල් කාලා බොන ඡාතියක්
නිධාන කතාව විදානයාගෙන් අහගනින්
එහෙම කෑවාම නේද තාප්පෙට රිවස් කරන්න පුළුවන් වෙන්නේ...?
Deleteඔය දන්නෙ..
Deleteඅපි නෑ විදානයෝ
ඔන්න මෙන්ඩයියා නම් මොකුත් කිවුවෙ නෑ......
Deleteදෙකක් දලා හෙට එන්නම් දෙකක් කියන්න.
ReplyDeleteඅම්මේ උඹ නැතුව පාලුවෙන් හිටියෙ.. ඒ මොකෝ දෙකක් දාලා හෙට එන්නෙ දැන්ම කියහං...
Deleteත්‍රෛයිලෝක බීජපත්‍ර අතර සිරවී ඇත.
Deleteදැන් නම් නහයත් හිර වෙලා වගේ.... ශුවර් එකට ඔළුව වටෙන් දාලා ගැටේ ගහලා.....
Deleteදෙකක් දාල ත්‍රෛලෝක විජයපත්තරේක නැගල හඳෙත් ගිහිල්ල එහෙම වරෙන්.
Delete(රා බොන්න එපා)
ඔය කියන්නෙ ඒ ගැන නෙවෙයි ප්‍රසන්න. මෙන්ඩා අද මදාවියාගෙ පෝස්ට් එකේ දාලා තියෙන මේ කමෙන්ට් එකේ සිද්දියක් ගැන.
Deleteත්‍රෛයිලෝක බීජපත්‍ර ඒ කියන්නෙ ගංඡා නේද බං?
Deleteවෙන්න ඇති. මධුවගෙන් අහපන් බලන්න.... හැබැයි ඌ නම් කිවුවෙ උඹ අර ඉරිදට 18 කණුවෙදි ඔළුව හිරකර ගන්න තැනක් ගැන.
Deleteත්‍රෛයිලෝක විජය පත්‍ර බං. ඔය ත්රෛයිභාෂාපරමේස්වර කියලා තියෙන්නෙ.
Deleteඕක අස්සෙ හිර උනාම මෙන්ඩට සිහියක් නෑ ඕවා හිතන්න.....
Deleteසු...... රා......
ReplyDeleteරා කියන්නේ රජවරු පානය කරපු බීමක්.. තෙලිජ්ජ තම්යි ඕකේ හොඳම බාන්ඩේ... පොල් රා ව්ලට වඩා, තල් රා ඇඟට හොඳයි, ඊටත් වඩා කිතුල් රා ඖෂධීය පානයක්.. ඉස්සර අපි ගාල්ලේ යනකොට වාද්දුවෙන් උදේම තෙලිජ්ජ හරි, රා හරි බීලා යන්නේ.. අදත් අළුත්ගම ටවුන් එකේ රා පොට් එකක් තියෙනවා.. කොල්ලෝ කාළේ බිව්වේ ඇළකන්දෙන්.. ඔතනින් රා මුට්ටි තුන හතරක් අරගෙන.. යූ කේ යනවා.. යූ කේ කිව්වේ යුනයිටඩ් කින්ග්ඩම් නෙමෙයි.. උස්වැටකෙයියව.. එතන ඉන්නවා නැන්දා කෙනෙක්.. මයියොක්කයි, ඌරූ මසුයි තියාගෙන...
කාළයක් අපේ ප්‍රධානම පානය සහ ආහාරය උනේ ඕක...
කිතුල් රා සමහර ලෙඩ වලට හොද බෙහෙතක් කියලා කියනවා. පොල් රා උෂ්ණ උනාට කිතුල් රා සීතලයි කියලනෙ කියන්නෙ. දැන් ඉන්න උන් රා වල ගුණ දන්නෙ නැති එකයි වැරැද්ද. වෙලාවක හොඳ කිතුල් රා ටිකක් හොයාගෙන ආරාධනාවක් දෙන්නම්කො සෙට් එකටම. වල් ඌරෙකුත් සෙට් කරගන්න වෙනවා. මේ දවස් වල නම් අපෙ ඉඩමෙත් රංචුවක්ම කරක් ගහනවා.
Deleteසැහෙන කාලේකට පස්සෙ මාතයියන්ඩි ගෙන් දිග කමෙන්ට් එකක්
Deleteකම්මැලි වෙලාද කොහෙද මේ දවස් වල.
Deleteරා බිව්වාම බඩ කලගෙඩියක් වගෙ පිම්බෙන එක නම් නිතර දකින්න තිබිච්ච දෙයක් නේද? මමත් රා වලට ආසයි. නමුත් බිව්වාම අම්බානක ගඳයිනේ බං. ඒක ආයෙ හංගන්න පුලුවං ගඳක් හෙම නෙවෙයි.
ReplyDeleteපොල් රා වල තමයි ඔය බඩ එන අවුල තියෙන්නෙ ඩූඩ්. මාරම ගඳයි. කිතුල් ඒ තරම් අවුලක් නෑ. රා බීපු එකෙක් ගිය පාර ඉතින් ආයෙ උරුලෑවෙක් ගියා වගේ තමයි.
Deleteබෝතලයක් 100 යි දැන් බාපු පොල් රා... කලවං නෑ අරව නෑ මේව නෑ පිරිසිදු පොල් රා
ReplyDeleteමොකද කියන්නෙ දෙන්නද
වල් ඌරැ මස් තියනවද?
Deleteඋඹ තවම ජිවතුන් අතරනේ මෙන්ඩෝ ..ඉතින් මස් කොයින්ද ? හැක් හැක්
Deleteකලින් නම් අර වනචර ඌරා ප්‍රියා වත් හිටියා .දැන් එකත් නැ ....
මහේශ්,
Deleteපොල් වලට කිසිම ආසාවක් නෑ බං. ඔන්න කිතුල් නම් 250 යි කිවුවත් අවුලක් නෑ.
මෙන්ඩා,
කන්ද උඩහින් ඩෝං ගානවා ඇහුන ගමන් කියන්නම්.
සින්දු,
ඕකා සුප් වලට තමයි ගන්න වෙන්නෙ....
ශ්‍රීනාත් සහෝ....... පරණ රා බෝඩ් දැකලා තියෙනවා... දේශීය ව්‍යාපාරනේ... අපි මොකවත් කියන්නැහැ.......
ReplyDeleteමාත් මොකුත් කියන්නෙ නෑ රා ව්‍යාපාරෙට නම්. රටින් ගේන වස බොන්න දෙනවට වඩා ලංකාවෙ ස්වාභාවික දේට ඉඩ දෙන්න ඕනෙ. ගන්න අපේ දේ කියන්නෙ නිකන්යෑ... රාජ්‍ය අනුග්‍රහයෙන් මේවා දියුණු කරන්න ඕනෙ.
Deleteකමෙන්ට් 100 ක් ලැබුණ පළවෙනි පෝස්ට් එක. කියවන, කමෙන්ට් කරන හැමෝටම ගොඩක් ස්තුතියී.... හිට්ස් ගැන නම් කියන්න දන්නෙ නෑ. ඒත් කමෙන්ට් වලට නම් මම මාරම විදිහට මනාපයි. මොකද කමෙන්ට් එකක් කියන්නෙ මට නම් ලොකු කික් එකක්. ඇත්තටම මම පෙරේතයි කමෙන්ට් වලට. ආයෙම පාරක් ස්තුතියී හැමෝටම කියවන්න ලොකු දෙයක් නොලිවුවත් නිතරම පෝස්ට් කියවන්න එනවට.
ReplyDeleteමේ පාර මමනේ කොමෙන්ට් කරන්න පටන් ගත්තේ ....එකයි හැක් හැක්
Deleteජයවේවා මචෝ .....
තෝ විතරක්ද අපිත් පෙරේතයි කමෙන්ට් වලට
Deleteසින්දු,
Deleteඋදේම සින්දුවක් දාලම වැඩ ඇල්ලුවනේ.. ඒ හින්දා තමයි...
මෙන්ඩා,
කමෙන්ට් වලට විතරද.....?
අඩේ අර ෆොටෝ එකේ තියෙනව දැක්කම නම් දැන් රා ටිකක් බොන්න හිතෙනවා.. මරු මැරු..
ReplyDeleteඒක නම් ඇත්ත දිනේශ්. රා දැක්කාම බොන්න හිතෙන්නෙ නැත්නම් ඌ රා ගැන දන්නෙ නැති එකෙක් වෙන්න ඕනෙ.
Deleteරා ගැන රා වගේ රස සිදුවීමි නමි ඔනතරමි තියනවා ලියනවනමි
ReplyDeleteඒක නම් ඇත්ත. ඒවා රා වලට වැඩිය රසයි. සාදරයෙන් පිලිගන්නවා මනෝ.
Deleteරා තිබහයි ...!!!
ReplyDeleteරා තිබහයි ...!!!
රා තිබහයි ...!!!
රා තිබහයි ...!!!
අපෝ පෙරේතයා..... වෙලාවක දෙන්නම්කෝ උගුඩුවාට වගේ බඩ පැලෙන්න බොන්න....
Deleteමේ පෝස්ට් එක මිස් වෙලා තිබිල , මිහිරි කිතුල් රා සුවදක් දැනිල ආවෙ. අනේ කැමෝ වල් pig කෙනෙක් නැති උනත් කමක් නෑ හොද රා ටිකක් ගහමුකො.
ReplyDeleteඅනිවා වෙලාවක සෙට් කරන්නම්. බඩ පැලෙන්න දෙන්නම්කො.....
Deleteඅහ් ඔය තියෙන්නෙ මට කලින් ලියල මලය රා කට්ට ගැන
ReplyDeleteඔය කියන කතා සීරම ඇත්ත..නමුත් ඔයා කිව්වට වඩා වැඩි රස්සයනඉක දෙවල් වගයක් දානව රා වලට.අපි දකිනව නිතරම දාන් ඒව .නීතියෙන් තහනම් වුනත් සුරාබදු පනත යටතෙ අල්ලල්ල්නෙ නැහැ.මොකද එයාල ජරාව කනව....බොන උන්ට පවේ පවු ඉතින්..
අපේ පැත්තෙ ආවොත් ගහෙන් බාලම දෙන එල එල රා බඩු
අහ් ඔය තියෙන්නෙ මට කලින් ලියල මලය රා කට්ට ගැන
ReplyDeleteඔය කියන කතා සීරම ඇත්ත..නමුත් ඔයා කිව්වට වඩා වැඩි රස්සයනඉක දෙවල් වගයක් දානව රා වලට.අපි දකිනව නිතරම දාන් ඒව .නීතියෙන් තහනම් වුනත් සුරාබදු පනත යටතෙ අල්ලල්ල්නෙ නැහැ.මොකද එයාල ජරාව කනව....බොන උන්ට පවේ පවු ඉතින්..
අපේ පැත්තෙ ආවොත් ගහෙන් බාලම දෙන එල එල රා බඩු